Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විරහව ඉදිරියේ යශෝධරාවක් වෙන්න

ගීතය ජීවිතාබෝධය ලබාදෙන භාවනාවක් බදුය. එනමුදු මිනිස් සිත් සතන් නිවා සනහාලන ගී පද අපේ දෙසවන් අභියස අද නැත. දෙසවන් පුරා ඇසෙන්නේ මස්තිෂ්කයත් දෙදරවන ගීත ආකෘතියේ ගෝරනාඩුය. ඒ නිසාම ගුණදම් වගාවෙන් ජීවිතය අරුත් ගන්වන්නට මේ ගීතය මෙසේ මේ හූයට බදිමි.

මහාපොලව සේ ජීවිතයේ දුක් කම්කටොලු උහුලා දරා ගන්නට සොබා දහම ලියකට දුන් ශක්තිය විස්මිතය. ඒ සමගම අගේ නෙතග කදුළු උල්පතක්ද රන්දා තිබේ. ඒ කදුලින් දුක දියකර හැර දිරියෙන් අනාගතය වෙත පිය නගන්නටයි.

හිටි හැටියේ හමන වාසුලි ඔබේ ජීවිතය කළබවාලන බව සැබෑවකි. එවන් විටක දෙනෙතින් උතුරා යන කදුළැලි පිට අත්ලෙන් පිසදා හෙටක් ගැන සිතන්නට ඔබට හැකිද? සැබවින්ම රත් පැහැ ගැන්වුණු දෙනෙතින් හද-මඩල පුරා වෛරයේ ගිණි පිබින ලියකට එවන් වූ සංගමයක් ඇත්තේ නැත. නැගෙන කෝපය - වෛරය අනුන් නසා තමන් ද නැසෙනු පිණිසයි.

මේ බැදෙන තරමටම බිදෙන සබදතා ඇති යුගයකි. ඒ නිසාම විරහව ප්‍රේමවන්තයන්ට මෙන්ම විවාහකයන්ට ද දුලබ නැත. මේ ප්රවනතාව වෙනමම පසිදලිය යුතු සමාජ ප්‍රශ්නයක් බව සැබෑවකි. එහෙත් වීරත්වය, මිනීමැරුමකට හෝ සිය දිවි නසා ගැනීමකට හෝ ජීවිතය අතරමග නවතා ලීමට කාරණයක් නොවේ.

සැබවින්ම හදවත අවුලුවාලන විරහව දනවන්නේ ඔබ පෙම් කල අයගෙන් ඔබට සිදුවූ අහස පොලව නුහුලන අපරාධයක් බවයි. ඔබේ පෙම්වතා සහකරුවා ලෝසත නිවනට එතෙර කරවන්නට සත්‍ය සොයා අභිනිෂ්ක්‍රමණය නොකළ බව සැබෑවකි.

එහෙත් අලුත උපන් කිරිකැටි බිලිදු පුතු තුරුලේ හොවාගෙන පෙම්බර හිමිගේ දුෂ්කරක්‍රියාව නිසා පෘතග්ජන යශෝධරාව ඉහිලු විරහ වේදනාව සුළුපටු නැත. යශෝධරාව මෙලෙස අත්දැක්කේ සසරේ බෝසතුන්වහන්සේ වෙනුවෙන් කිසිදු ආත්මයක විදි විරහවක් නොවේ. ලේන කුලයේ සිට ආත්ම ගණනාවක් ස්වාමි තනතුරෙහිම වසමින් තමා දිවි හිමියෙන් රැක සෙවන සැලසු අකලංක ප්‍රේමයට සිහිනෙන්වත් කිළුටක් නොකළ හිමිගේ වියෝ දුකයි.

[YOUTUBE]ldDB62XiHTw[/YOUTUBE]

http://youtu.be/ldDB62XiHTw

"ළා දළු බෝපත්" ගීතයට වස්තු බීජය වන්නේ යශෝධරාව විරහව දරාගත් අපූරුවයි. ඒ අනුව විරහවෙන් දැවෙන කාන්තාවට මෛත්‍රිය වඩන්නට මෙම ගීතය කමටහනක් කරගත හැකියි. තම විරහ වැලපුමෙන් අග්‍ර වූ ලොවුතුරු සුවය සොයා ගිය හිමි සදට වරදක් වෙතැයි යශෝදරාව සිතුවාය. ඒ නිසා ඇය හැඩුවේ රහසිනි. හඩක් නොනැගෙන අයුරිනි. රජමැදුරේ අතවැසි ලියකට වුවද නෑසෙන පරිද්දෙනි.

මේ අභිනික්මන තමාව වියෝ දුකෙහි හෙලා ගිය ගමනක් යැයි සිද්ධාර්තයන්ට රජගෙදරින් ද්වේශයක් නැගේයැයි ඕ බියවුවාය. සැබවින්ම වාවනු බැරි විරහ දුකක් දැනුනත් උතුම් ප්‍රේමයක් වෙනුවෙන් යශෝධරාව පරිත්‍යාගශීලීය.

සිදුහතුන් බුදු බව ලබා රජ මැදුරට වැඩිය ද ඇය යහනෙන් බැස උමතු විලාසයෙන් පෙරට දිව නාවාය. පිය මහා රජු ඇතුළු රාජකීයන් බුදුහිමි පා මුල වැද පෙරලී දුක් ගනිද්දී ඕ නෑසුකන්ව ඇතුළු යහන් ගැබෙහිම රැදී උන්නාය.

මෙය මුළු ලොවක් තැතිගන්වන්නාවූ ස්ත්‍රියක් සතු වූ මහා බල පරාක්‍රමයකි. ඒ බල පරාක්‍රමය ඇයට උරුම වුයේ ලෙහෙනියක, බැළලියක, වැදිරියක, ලිහිනියක, කිහිභියකව සිටියදීත් ලොම් අගක පලුද්දක් පමණවත් කැළලක් නොකළ ප්‍රේමයෙනි.

බුදු බව ලැබුවත් නොසලකා හැරිය නොහැකි වූ මේ ප්‍රේමය ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සංවේදී වූ සේක. යශෝදරාවට අවශ්‍ය වුයේ ජනකාය මැද නොව තනිව උතුම් පෙම් කදුළු වගුරවන්නටයි. බුදුහු මේ හැගුම් දුටහ. එය දන දැනම ඇය වෙත වැඩියහ. යශෝධරාව දුක් ගිනි නිවී පහන් වන තුරුම මුනි දෙපය වැද කදුළු වැගුරුවාය. "පිපී නිවන් මල් සාදු කාර දී නිවී පහන් විය උදෑසනක් සේ" ඒ කම්පිත සිතුවම ගී පද අතරට එක් වන්නේ මෙලෙසිනි.

පෙම් කල හදකට විරහව ගින්දරකි. එහෙත් වෛරයෙන් ඔබේ ජීවිතයත් ආත්මයත් ගිනිබත් කර ගත යුතු නොවේ. විරහව ඉදිරියේ යශෝධරාවක් විය හැකි නම් ඔබද උතුම් ස්ත්‍රී රත්නයකි.

[QUOTE="BonziBUDDY, post: 15422388, member: 317761"] [b]විරහව ඉදිරියේ යශෝධරාවක් වෙන්න[/b] [SIZE=3][B][SIZE=4]ගීතය ජීවිතාබෝධය ලබාදෙන භාවනාවක් බදුය. එනමුදු මිනිස් සිත් සතන් නිවා සනහාලන ගී පද අපේ දෙසවන් අභියස අද නැත. දෙසවන් පුරා ඇසෙන්නේ මස්තිෂ්කයත් දෙදරවන ගීත ආකෘතියේ ගෝරනාඩුය. ඒ නිසාම ගුණදම් වගාවෙන් ජීවිතය අරුත් ගන්වන්නට මේ ගීතය මෙසේ මේ හූයට බදිමි. [/SIZE][/B] [B]මහාපොලව සේ ජීවිතයේ දුක් කම්කටොලු උහුලා දරා ගන්නට සොබා දහම ලියකට දුන් ශක්තිය විස්මිතය. ඒ සමගම අගේ නෙතග කදුළු උල්පතක්ද රන්දා තිබේ. ඒ කදුලින් දුක දියකර හැර දිරියෙන් අනාගතය වෙත පිය නගන්නටයි.[/B] [/SIZE][CENTER][SIZE=3][IMG]http://sinhala-lyrics.com/slyrics/files/La_Dalu_Bopath_Karunarathna_Divulgane.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=3] හිටි හැටියේ හමන වාසුලි ඔබේ ජීවිතය කළබවාලන බව සැබෑවකි. එවන් විටක දෙනෙතින් උතුරා යන කදුළැලි පිට අත්ලෙන් පිසදා හෙටක් ගැන සිතන්නට ඔබට හැකිද? සැබවින්ම රත් පැහැ ගැන්වුණු දෙනෙතින් හද-මඩල පුරා වෛරයේ ගිණි පිබින ලියකට එවන් වූ සංගමයක් ඇත්තේ නැත. නැගෙන කෝපය - වෛරය අනුන් නසා තමන් ද නැසෙනු පිණිසයි. මේ බැදෙන තරමටම බිදෙන සබදතා ඇති යුගයකි. ඒ නිසාම විරහව ප්‍රේමවන්තයන්ට මෙන්ම විවාහකයන්ට ද දුලබ නැත. මේ ප්රවනතාව වෙනමම පසිදලිය යුතු සමාජ ප්‍රශ්නයක් බව සැබෑවකි. එහෙත් වීරත්වය, මිනීමැරුමකට හෝ සිය දිවි නසා ගැනීමකට හෝ ජීවිතය අතරමග නවතා ලීමට කාරණයක් නොවේ. සැබවින්ම හදවත අවුලුවාලන විරහව දනවන්නේ ඔබ පෙම් කල අයගෙන් ඔබට සිදුවූ අහස පොලව නුහුලන අපරාධයක් බවයි. ඔබේ පෙම්වතා සහකරුවා ලෝසත නිවනට එතෙර කරවන්නට සත්‍ය සොයා අභිනිෂ්ක්‍රමණය නොකළ බව සැබෑවකි. එහෙත් අලුත උපන් කිරිකැටි බිලිදු පුතු තුරුලේ හොවාගෙන පෙම්බර හිමිගේ දුෂ්කරක්‍රියාව නිසා පෘතග්ජන යශෝධරාව ඉහිලු විරහ වේදනාව සුළුපටු නැත. යශෝධරාව මෙලෙස අත්දැක්කේ සසරේ බෝසතුන්වහන්සේ වෙනුවෙන් කිසිදු ආත්මයක විදි විරහවක් නොවේ. ලේන කුලයේ සිට ආත්ම ගණනාවක් ස්වාමි තනතුරෙහිම වසමින් තමා දිවි හිමියෙන් රැක සෙවන සැලසු අකලංක ප්‍රේමයට සිහිනෙන්වත් කිළුටක් නොකළ හිමිගේ වියෝ දුකයි. [/SIZE][CENTER][YOUTUBE]ldDB62XiHTw[/YOUTUBE] [CENTER][URL]http://youtu.be/ldDB62XiHTw[/URL][/CENTER] [/CENTER] [SIZE=3] [B]"ළා දළු බෝපත්"[/B] ගීතයට වස්තු බීජය වන්නේ යශෝධරාව විරහව දරාගත් අපූරුවයි. ඒ අනුව විරහවෙන් දැවෙන කාන්තාවට මෛත්‍රිය වඩන්නට මෙම ගීතය කමටහනක් කරගත හැකියි. තම විරහ වැලපුමෙන් අග්‍ර වූ ලොවුතුරු සුවය සොයා ගිය හිමි සදට වරදක් වෙතැයි යශෝදරාව සිතුවාය. ඒ නිසා ඇය හැඩුවේ රහසිනි. හඩක් නොනැගෙන අයුරිනි. රජමැදුරේ අතවැසි ලියකට වුවද නෑසෙන පරිද්දෙනි. මේ අභිනික්මන තමාව වියෝ දුකෙහි හෙලා ගිය ගමනක් යැයි සිද්ධාර්තයන්ට රජගෙදරින් ද්වේශයක් නැගේයැයි ඕ බියවුවාය. සැබවින්ම වාවනු බැරි විරහ දුකක් දැනුනත් උතුම් ප්‍රේමයක් වෙනුවෙන් යශෝධරාව පරිත්‍යාගශීලීය. සිදුහතුන් බුදු බව ලබා රජ මැදුරට වැඩිය ද ඇය යහනෙන් බැස උමතු විලාසයෙන් පෙරට දිව නාවාය. පිය මහා රජු ඇතුළු රාජකීයන් බුදුහිමි පා මුල වැද පෙරලී දුක් ගනිද්දී ඕ නෑසුකන්ව ඇතුළු යහන් ගැබෙහිම රැදී උන්නාය. මෙය මුළු ලොවක් තැතිගන්වන්නාවූ ස්ත්‍රියක් සතු වූ මහා බල පරාක්‍රමයකි. ඒ බල පරාක්‍රමය ඇයට උරුම වුයේ ලෙහෙනියක, බැළලියක, වැදිරියක, ලිහිනියක, කිහිභියකව සිටියදීත් ලොම් අගක පලුද්දක් පමණවත් කැළලක් නොකළ ප්‍රේමයෙනි. බුදු බව ලැබුවත් නොසලකා හැරිය නොහැකි වූ මේ ප්‍රේමය ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සංවේදී වූ සේක. යශෝදරාවට අවශ්‍ය වුයේ ජනකාය මැද නොව තනිව උතුම් පෙම් කදුළු වගුරවන්නටයි. බුදුහු මේ හැගුම් දුටහ. එය දන දැනම ඇය වෙත වැඩියහ. යශෝධරාව දුක් ගිනි නිවී පහන් වන තුරුම මුනි දෙපය වැද කදුළු වැගුරුවාය. "පිපී නිවන් මල් සාදු කාර දී නිවී පහන් විය උදෑසනක් සේ" ඒ කම්පිත සිතුවම ගී පද අතරට එක් වන්නේ මෙලෙසිනි. පෙම් කල හදකට විරහව ගින්දරකි. එහෙත් වෛරයෙන් ඔබේ ජීවිතයත් ආත්මයත් ගිනිබත් කර ගත යුතු නොවේ. විරහව ඉදිරියේ යශෝධරාවක් විය හැකි නම් ඔබද උතුම් ස්ත්‍රී රත්නයකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom