Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගායනය, වාදනය, සංගීතය කලාවක් ලෙස මෙරට පැවති බවට සාධක ලාංකේය ඉතිහාසයේ මූලාරම්භය තෙක් දිව ගියත් සංගීත ශිල්පීන් අපට නාමිකව හමුවන්නේ මහනුවර යුගයේදී ය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ගණිතාලංකාරත් රාජාධිරාජසිංහ සමයේ එසේ ආ අලගනායිදු හා ඔහුගේ ගුරු නාරසිංහත් නාමිකව හඳුනාගත හැකිය. ඉක්බිති ව නුර්ති යුගයේ ජෝන් ද සිල්වා සූරීන් ඉන්දියානු අනුකරණවාදයෙන් මිදෙනු වස් විශ්වනාත් ලෞජි නමැති ඉන්දියානු සංගීතඥයා ගෙන්වා කර්ණරසායන නව ගී තනු තැනීමට අනුබල දුන්නේ ය.

1906 ග්රැමෆෝන් ගී යුගයේ ඇරඹුමත් සමඟ 1917 දක්වා නුර්ති ගී තැටිගත වීමත් 1917 සිට නුර්තියෙන් මිදුණු ප්‍රථම වෘත්තීය ග්රැමෆෝන් ගායන ශිල්පි ශිල්පිනින්ගේ ඇරඹුම සනිටුහන් වීමත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ (ග්රැමෆෝන් ගී යුගය ග්‍රන්ථය) පෙන්වා දෙති. 1908 ග්රැමෆෝන් තැටියකට ගී ගැයූ ප්‍රථම ගායිකාව ලෙස වාර්තා වනුයේ ග්‍රේස් මාග්‍රට් ද සිල්වා ය. 1917 සිට 1939 අතර ගෙවුණු කාලයේ ග්රැමෆෝන් යුගයේ දක්ෂ ගායක ගායිකාවන් රාශියක් පහළ වුවත් ඔවුන් ඉන්දියානු අනුකරණවාදයෙහි ගිලී සිටි හෙයින් ලාංකේය සුභාවිත ගීයෙහි ඇරඹුම සනිටුහන් නොවුණි.

එහි සමාරම්භකයා වනුයේ 1939 සිට එය වර්ධනය කළ “කලාත්මක ගී” ගැයූ, ලංකාවේ ප්‍රථම ස්වතන්ත්‍ර ගී ගායකයා ද පළමු වාග්ගේයකාරයාද වූ ආනන්ද සමරකෝන් සූරීන් ය. (බලන්න - සුනිල් ආරියරත්නගේ “ආනන්ද සමරකෝන් අධ්‍යයනය) රබීන්ද්‍රනාත් ඨාකූරයන්ගේ සංගීත (වංග) ශෛලියෙන් වඩාත් සුපෝෂණය වූ සමරකෝන් අල්ප වශයෙන් හෝ භාරතීය රාගධාරී සංගීතයේ ද ඇසුර ලැබුවේ ය. (උදා:- කරුණා නදියේ - යමන් කල්‍යාණ රාගය / පුදමු මේ කුසුම් - දේශ් රාගය) ඔහු ග්‍රැමෆෝනයෙන් පුරෝගාමී ලෙස මෙරට සුභාවිත ගීතය වර්ධනය කරද්දී 1925 සිට ඇරඹුණු ගුවන් විදුලියට ගීතය සංක්‍රමණය විය. 1948 දී මෙරට ප්‍රථම ගුවන් විදුලි ගීතය ලෙස “ඕළු පිපීලා” ගයමින් සුනිල් සාන්තයන් ඊට උර දුන්නේ ය.

මෙරට සුභාවිත ගීතය ඉහළ නැංවූ දෙවැන්නා ලෙස ඔහු එක් අතකින් හෙළ හවුලේ ඇසුර ලැබූ අතර (උදා:- දුඳනොද බිඳ / ලංකා ලංකා) අනෙක් අතින් අපරදිග සංගීත ආර (උදා:- කුරුලු ආදරේ) පළමුවරට සුභාවිත ගීතයට මුහු කළේ ය. රාගධාරී සංගීතයේ ඇසුර සුනිල් ලැබුවේ අල්ප (උදා:- මේ හෝපලු වනයේ - පහඩි රාගය) වශයෙනි. 1962 ආනන්ද සමරකෝනුන්ගේ අකල් මරණයත් මතභේදයක් හේතුකොට 1952 ගුවන් විදුලියෙන් එළියට බට සුනිලුන් කලකිරීමෙන් ගීත ක්ෂේත්රයෙන් ඈත්ව සිටීමට වෙර දැරීමත් නිසා එවකට නැඟ එමින් සිටි අමරදේවයන්ට සුභාවිත ගීතයේ අනාගතය පැවරිණ.

1947 කථානාද සිනමාව ප්‍රාරබ්ධ වූයෙන් සුභාවිත ගීතයට ප්රාබල්ය බලපෑමක් මෙමඟින් එල්ල විය. චිත්‍රපට ගීතයෙන් පෙරට ආ මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, හරුන් ලන්ත්‍රා, සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජයබණ්ඩාර, එච්.ආර්. ජෝතිපාල, ජී.එස්.බී.රාණි, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක යනාදීහු අති දක්ෂයන් වුවත් ඉන්දියානු අනුකරණ තනුවල ග්‍රහණයට හසු වූහ. එහෙත් වරින්වර ස්වතන්ත්‍ර විශිෂ්ට ගණයේ ගීත ගයමින් ඔවුහු සුභාවිත ගීතය පෝෂණය කළහ.

අනුකරණවාදයෙන් සපුරා විනිර්මුක්ත වෙමින් සුභාවිත ගීතය සුපෝෂණය කිරීමේ වගකීම මුළුමනින්ම අමරදේවයන්ට පැවරිණ.

භාරතීය සංගීතය මහා සම්ප්රදාය කොට ගෙන දේශීය ජන සංගීතය චූල සම්ප්රදාය කොට අමරණීය ගීත බිහි කරමින් ඔහු ගෙන ගියේ හුදෙකලා අරගලයකි. අමරදේව මඟ ගත් අනුප්‍රාප්තික ගායකයන් දෙදෙනෙක් 50 දශකයේ අග පහළ වූහ. ඒ නාරද දිසාසේකර හා දයාරත්න රණතුංග ය. සුභාවිත ගීතයේ පෝෂණයට ඔවුන් ද විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මුත් එය අඛණ්ඩ ධාවනයකට වඩා කඩින්කඩ දිස්වූවකි. යුව රජ කිරුළ ඔවුන්ට අහිමිවූයේ මේ නිසා යැයි මට සිතේ.

60 දශකයේ මුල සිටම නන්දා මාලිනියද අමරදේව මඟ ගත්තී ය. සුභාවිත ගීතය රැක ගනු වස් අමරදේවයන් කළ හුදෙකලා සටනේදී 60 දශකයේ මැද භාගය වන විට ඔහුට එල්ලවුණු අභියෝග මේය.

i විශිෂ්ට ගායන ශිල්පි ශිල්පිනින්ගේ ප්‍රතිභාව හේතු කොට ඉන්දියානු අනුකරණ ගීතය හිස එස වීම.

ii 60 දශකයේ මුල සිට අපරදිග සංගීත ආරට වැඩියෙන් නැඹුරු වූ නෙවිල් ප්‍රනාන්දු, නොයෙල් රණසිංහ ආදී තරුණයන් හරහා කණ්ඩායම් සංගීතයේ නැඟීම. (මේ තරුණයන්ට 50 දශකයේ නැඟී ආ සී.ටී. ප්‍රනාන්දුගේ ගායන, සංගීත ආරද බලපෑ බැව් පෙනේ.)

iii වොලී බැස්ටියන්, එම්.එස්. ප්‍රනාන්දු ආදීන් හරහා බයිලා ගීත ශෛලිය ප්‍රකට වීම.

iv 1956 සමාජ පෙරළියෙන් මතු වූ නව තරුණ පරපුර අතර රස වින්දන ශක්තියෙන් තියුණු පිරිස 60 දශකයේ මැද අමරදේවයන්ගේ ගීත වටා රොක්වුවත් මේ වන විට ඔහු මැදිවිය ඉක්මවා සිටියේ ය. එහෙයින් සුභාවිත ගීතය තරුණ පෙළට ගෙන යා හැකි තාරුණ්‍යයේ ගායකයන්ගේ අවශ්‍යතාව ප්රබලව, කාලීනව ඉස්මතු විය.

මේ රික්තය පිරවූයේ කවුරුන් ද? පිළිතුර සනත් හා වික්ටර් ය. ලාංකේය සුභාවිත ගීතයේ රජු අමරදේවයන් බවට පත් වෙද්දී සනත්, වික්ටර් දෙපළ යුව රජවරු වූහ. මේ පින්වන්ත කලාකරුවන් දෙදෙනාම ජන්ම ලාභය ලැබුවේ 1942 වසරේ පෙබරවාරි මාසයේ වීම අහඹුවක් සේම පුදුමයකි. 15 වැනිදා සනත් ද 18 වැනිදා වික්ටර් ද උපන් හෙයින් දින තුනකින් සනත් වැඩිමහල් ය. මේ මහා කලාකරුවන් දෙදෙනාම පසුගියදා 70 වැනි වියට සැපත් වූහ. එදා මෙන්ම අදත් ඔවුහු ඡාත්‍ර ජනයා කන්කලු සුභාවිත ගීතයෙන් රංජනය කරති.

සනත් යන්නෙහි අරුත් දෙකක් තිබේ. සනාථ, සර්වකාලීන යනු එක් අරුතකි. අනෙක මහ බ්‍රහ්මයාට යෙදෙන පර්යාය නාමයකි. (උදා:- කේවට්ට සූත්‍රය) නන්ද යන්නෙන් සතුට ද සිරි යන්නෙන් වාසනාව, සිරියාව යන අරුත් නංවයි. වික්ටර් යනු ජයග්රාහකයාය (ඉංගිරිසියෙහි Victory යන්න හා බැඳේ) රත්නායක යනු රත්නයක් බඳු නායකයාය. මේ දෙදෙනාම තම නාමකරණයට එළියක් දුන්හ.

හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි කොලොන්නාව ගොතටුව ග්‍රාමයේ දී උපත ලබා ගොතටුව මැදි විදුහල, දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහල, ස්ටැෆර්ඩ් විදුහල ආදියෙන් අකුරු කළේය. රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර්

කඩුගන්නාවේ උපත ලබා කඩුගන්නාව විද්‍යාලයෙන් ශාස්ත්‍ර හදාළේ ය. හේමතිලක දයාරත්නයන්ගෙන් සංගීතයේ අත්පොත තැබූ සහජ ප්‍රතිභාවෙන් හෙබි සනත් 1955 දී නන්දා ජයමාන්නගේ මඟ පෙන්වීමෙන් ගුවන්විදුලියේ ළමා ගායකයකු ලෙස දොරට වැඩියේ ය.

“මාලා ගන්ධ විලේපන ධාරා” (පද - සූරියලතා කුරුප්පුආරච්චි/ සං- හේමතිලක දයාරත්න) එහිදී ඔහු ගැයූ ප්‍රථම ගීතය වේ. සංගීතය, වාදනය අරභයා සහජයෙන් ලැබුණු ප්‍රතිභාවෙන් යුත් වික්ටර් එය ශාස්ත්‍රයක් ලෙස උගත්තේ මහනුවර සිරිල් පෙරේරා ගුරුතුමාගෙනි. එහෙත් ඒ ශිල්පය නිසි මඟට යොමු කළේ ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ. චන්ද්‍රසේනයන් ය.

වික්ටර් ගුවන් විදුලියෙන් ප්‍රථමවරට ගීතයක් ගැයුවේ 1963 වසරේදී ය. “දෙවඟන පරදන කොමළ කතා” නම් වූ ඒ ගීතය පියසේන කොස්තා විසින් විරචිත “මනිචෝර” ගුවන් විදුලි ගීත නාටකයට ඇතුළත් වූවකි. සංගීතවත් කළේ ආර්.ඒ. චන්ද්‍රසේනයන් ය. වාද්‍ය විශාරද ඩී.ආර්. පීරිස්ගේ පළමු ශිෂ්‍යයා ලෙස තබ්ලා වාදනය හැදෑරූ සනත් එකල අමරදේවයන්ගේ ගුවන් විදුලි වැඩසටහන්වල තබ්ලා වැයුවේ ය. සංගීත විද්‍යාලයේ මඳ කලක් සංගීතය ප්‍රගුණ කළ ඔහු 1959 දී එය වැඩිදුර හැදෑරීමට ඉන්දියාවේ ලක්නව් හී භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයට ඇතුළත් විය.

ආචාර්ය ජී.එන්. නාටු, උස්තාද් මොක් ශුද් අලි, පණ්ඩිත් හරිශංකර් මිශ්රා, උස්තාද් රහිමුඩීන්ඛාන් ඩාගර්, උස්තාද් අහමඩ් ජාන් තිරක්වා යනාදී විශිෂ්ට භාරතීය ගාන්ධර්වයන් එහිදී සනත්ගේ ආචාර්යවරු වූහ. 1965 දී ගායනය හා තබ්ලා වාදනය පිළිබඳ විශාරද උපාධි යුගලම ඔහු ඉහළින් සමත් වූයේ ලංකාවේ එවකට ළාබාලතම සංගීත විශාරදවරයා වශයෙනි. 1966 දී සනත් ලංකාවට සැපත් වූයේ ය.

60 දශකයේ මුල් භාගයේ පටන් වික්ටර් චිත්‍රපට රැසක වයලීන් වාදන ශිල්පියකු ලෙස දායක වූයේ ය. ඒ ප්‍රවීණ සංගීතවේදී ආර්. මුත්තුසාමිගේ වාදක මණ්ඩලය හරහා ය. වික්ටර් සේම පසුකලක ප්‍රවීණයන් බවට පත් වූ ප්‍රේමසිරි කේමදාස (බටනලා), ධර්මදාස වල්පොල (බටනලා), එම්.කේ. රොක්සාමි (වයලින්), මොහොමඩ් සාලි (සර්පිනා), සරත් දසනායක (සිතාරය), ටී.එෆ්. ලතීෆ් (ක්ලැරිනට්) වැනි සංගීතවේදීහු එදා මුත්තුසාමි මාස්ටර්ගේ වාදන වෘන්දයේ සිටියහ. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙස තේරී සිටි වික්ටර්, රජයේ සංගීතායතනයෙන් සංගීතය ශාස්ත්‍රයක් ලෙස ප්‍රගුණ කළේ ය. කේ.ඒ. දයාරත්න සිල්වා, එස්.ඩී.එස්. ජයසේකර, ගුණසේන ද සිල්වා, ගුණපාල පෙරේරා, ධර්මසිරි පෙරේරා, ප්‍රේමවංශ හපුවලාන වැනි සංගීත විශාරදවරුන් එහිදී ඔහුගේ ගුරුවරු වූහ. සනත් – වික්ටර් ගායන හා සංගීත ශිල්පීන් ලෙස කලා ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වූයේ එකම කාලවකවානුවක ය.

සනත් “නවදැලි හේන” ගීත නාටකයට “නයන භෘංගී” නමැති ගීතය ගැයීමෙන් පසුව තමාම සංගීතවත් කොට ගැයූ සරල ගී ත්‍රිත්වයෙන් (ඇවිළුණු ගිනිදැල්, පද – විමලධර්ම ජයවීර, මහද පෙම්විලේ - පද – බණ්ඩාර විජේතුංග, මිහිරාවී – පද - ප්‍රේමකීර්ති ද අල්විස් - මල්කාන්ති සමඟ) ඉහළම ජනාදරය දිනා ගත්තේ ය. එසේම ඔහු සරල, ශාස්ත්‍රීය හා තබ්ලා වාදනය පිළිබඳ ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණි ලබා සිටියේ ය.

සරල ගී වැඩසටහන් සඳහා වික්ටර් ගැයූ ගීත අතරින් පළමුව වඩාත් ප්‍රකට වූයේ මීගොඩ විල්සන් ලියූ මර්වින් පෙරේරා සංගීතවත් කළ “පාවේ වලා” හා “සෝක සැනසුම්” යන ගීත ද්වයයි. තමාම සංගීතවත් කොට ගැයූ “සිහිල් සුළං රැල්ලේ” (පද - සේන වීරසේකර) ගීතය ඔස්සේ ඔහු ජනපි‍්‍රයත්වයේ මුදුනට පැමිණියේ ය. සනත් අම්පාර උහන මහා විද්‍යාලයේ සංගීත උපදේශකවරයකු වෙද්දී වික්ටර් බණ්ඩාරවෙල ඇත්තලපිටියේ පාසල, කුලියාපිටියේ නක්කාවත්ත මැදි විදුහල, නාවල දියවන්නා විද්‍යාලය ආදියෙහි සංගීත ආචාර්යවරයා විය. සනත් මල්කාන්තිය සමඟ ද වික්ටර් චිත්රාවන් සමඟ ද විවාහ වීමෙන් පසුව ඔවුහු වෘත්තිය ජීවිතයේ පහසුව සඳහා කොළඹට සේන්දු වූහ. .

සිනමා සංගීතය ස්වතන්ත්රභාවයට නැඹුරු කළ මහා සංගීතවේදීන් දෙපළ තම අවධානය එකල මේ ගායක යුගල වෙත යොමු කළහ. ඒ අනුව අමරදේවයන්ගේ හඳුන්වා දීමෙන් “සැඩොල් කඳුළු” (1967) චිත්‍රපටයේ “තෙරක් නැති ආශා” ගීතය ගයමින් සනත් ද ප්‍රේමසිරි කේමදාසයන්ගේ හඳුන්වාදීමෙන් “හන්තානේ කතාව“ (1969) චිත්‍රපටයේ “සරා සොඳුරු” ගීතය (නන්දා මාලිනි සමඟ) ගැයීමෙන් වික්ටර් ද චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසුණාහ. “කටු කොහොලින් පිරුණු” (පද - සුනිල් ආරියරත්න) (සංගීතය - කේමදාස) සනත් – වික්ටර් යුගල එක්ව ගැයූ ප්‍රථම සරල ගීතය විය.

සුභාවිත ගීතයෙන් බැහැරට යමින් අනුකරණ ගීතය වෙත නැඹුරු වූ රසික ප්‍රජාව යළිත් අමරදේවයන් ප්රමුඛ සුභාවිත ගීතය වෙත ඇද බැඳ තබා ගැනීමට ඔවුහු සමත් වූහ. අනෙක් අතට මේ දෙදෙනාගේ තනු නිර්මාණයෙන් විදග්ධ ගීතය හා පොදු ජන ගීතය අතර ශක්තිමත් පාලමක් ඉදිවිය. සනත් – වික්ටර්ගේ මඟ ගත් ප්රමුඛ අනුප්රාප්තිකයන් තිදෙනා වූ මිල්ටන් මල්ලවආරච්චි, ගුණදාස කපුගේ හා සුනිල් එදිරිසිංහට ඔවුන්ගෙන් ලැබුණු අඩිතාලම සුළුපටු නැත.

ඒ කෙසේද යත් වික්ටර් මුල්වරට සංගීත අධ්‍යක්ෂණය කළ “මාතර ආච්චි” (1973) චිත්‍රපටයෙන් මිල්ටන් මල්ලවආරච්චි චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස (“රන්දේදුනු රන්පාටින්”) දොරට වැඩියේ ය. සුනිල් එදිරිසිංහ “සඳකඩ පහණ” ගීතය ගයමින් ගායන ලොවට පිවිසියේ ද ඒ චිත්‍රපටයෙනි. ගුණදාස කපුගේ ගායකයකු ලෙස දොරට වැඩි ප්‍රථම ගීතය වූ “දෑස නිලුපුල් තෙමා” හී සංගීත අධ්යක්ෂවරයා සනත්ය. ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ සිනමා ලොවට පිවිසුණේ මාතර ආච්චි චිත්‍රපටයේ සමූහ ගායනයෙනි. වික්ටර් සේම සනත් ද ඔහුගේ සංගීතාචාර්යවරු වූහ.

මේ අනුව තමන්ගේ කාර්ය ඉහළින් ම සිදු කරමින් නව ගායන පරපුරකට, ගීත රචක පරපුරකට හා සංගීත පරපුරකට මඟ පෙන්වූ කලාකරුවන් දෙපළක් ලෙස සනත් – වික්ටර් ගරු බුහුමනට පාත්‍ර වේ. නිර්මාණ ජීවිතයේ ඔවුන් සිදු කළ අත්හදා බැලීම් කෙතරම්ද? සනත් රාගධාරී සංගීතයේ ඇසුර බහුලව ලැබූ ශිල්පියෙකි. එක් රාගයක් ඇසුරු වූ ගීත ද (උදා:- මා හද අසපුව - ජෝගියා රාගය, සහසක් පැතුමන් – කීර්වානි රාගය) රාග කිහිපයක් ඇසුරු වූ ගීත ද (උදා:- දිනෙන් දින ඔබ) ඔහුගේ නිර්මාණ භාවිතාවේදී හමුවේ. “රත්ති අරන්”, “කොහෝ කොහෝ” වැනි ගැමි නාද රටා අනුව තැනූ ගීත ද විරලව හෝ කර්ණාටක සංගීතයෙහි (උදා:- වීණා) හා අපරදිග සංගීතයෙහි ඇසුර (උදා:- ඔබේ ඇස්බැම) ලැබූ ගීත ද මේ අතර දක්නා ලැබේ.

වික්ටර් ද තම නිර්මාණ භාවිතයේදී රාගධාරී සංගීතයේ ඇසුර ලැබූ අවස්ථා බොහෝ තිබේ. (උදා:- හෝපලු වනපෙත – භාගේශ්‍රී රාගය, ෆේරඩී ගැයූ කුණ්ඩුමනී – භූපාලි රාගය) විටෙක අපරදිග සංගීතයේ ඇසුරෙන් ද (උදා:- අඳුර බිඳින්නට – මාතර ආච්චි), ජන ගී ආරෙන්ද (උදා:- බඹරිඳු බඹරිඳු - සරුංගලේ) කර්ණාටක සංගීත ආභාසයෙන් ද (ඉසුරු දෙවිඳු - සරුංගලේ) ඔහු තනු තැනුවේය. ශිල්පීය හා තාක්ෂණික අත්හදා බැලීම් වික්ටර්ගේ ගායන ජීවිතයේ කැපී පෙනේ.

ගායන ශිල්පියා වාදක මණ්ඩලය සමඟම ගීතය ගයමින් පටිගත කිරීම එදා පැවති සිරිතකි. මෙය පළමුවරට වෙනස් කළේ වික්ටර්ය. ආර්.ඒ. චන්ද්‍රසේනගේ සංගීතයට ඔහු ගැයූ “ළිඳෙන් වතුර බීලා” ගීතය මෙහි මුල් පියවර වේ. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගු මෙය සාර්ථක ලෙස අත්හදා බැලුවේය. උඩු සිතේ හා යටි සිතේ සංවාදයක් රැගත් වික්ටර් ගැයූ “මාලනියේ” (පද - සුනිල් ආරියරත්න) ගීතය ද මෙබඳුම අනර්ඝ තාක්ෂණික අත්හදා බැලීමකි. සනත් ඉඳහිට ගීත රචනයෙහි ද (උදා:- විජය ගැයූ “සීතලේ නිසංසලේ”) නියැළුණු අතර විරලව හෝ වාග්ගේයකාරයකු ලෙස ද කැපී පෙනේ.

“බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි” ගීතයේ රචකයා ද සංගීත නිර්මාපකයා ද ගායකයා ද ඔහු වේ. මහවැස්සක පෙර, මේ ගුරු පාරේ, කඳුළු කතාවේ (අමරදේව), මුව දඩයම, කැලේ පීදී (නන්දා), උත්තම මුනි දළඳා (ධර්මදාස වල්පොල), මං නැතිදා (අබේවර්ධන බාලසූරිය), පායා සීත රැයේ (විජය කුමාරතුංග) යනාදිය සනත් අවශේෂ ශිල්පීන් වෙනුවෙන් නිර්මාණය කළ ගීතාවලියෙන් කැපී පෙනේ.

“කුමරියක පා”, බඹර පැටික්කි (අමරදේව), මට මවු පදවිය (නන්දා), වෙරළු ගෙඩිය, පිනිබර යාමේ (සුනිල් එදිරිසිංහ), රාජ කිරුළු (ජෝතිපාල), අපි ආයෙත් හමු නොවුණා (සෝමතිලක ජයමහ) යනාදිය වික්ටර් අන්‍යයන්ට දායාද කළ නිර්මාණ අතර වේ. 1973 දී ලංකාවේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය ලෙස “ස” හඳුන්වා දෙමින් වික්ටර් සුභාවිත ගීතය ප්‍රචලිත කරනු වස් යෝධ පියවරක් තැබුවේ ය. වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය ලෙස අදත් “ස” පෙරමුණේ තිබේ. එදා තරුණියෝ වික්ටර්ගේ කොණ්ඩය කපා ගෙන යෑමට පොරකෑහ. අද ව්‍යාජ සුපිරි තරුවලට පොර කන ජනතාවට වඩා එදා රසික ජනයාගේ රසඥතාව ඉහළ මට්ටමක තිබූ බවට මෙය හොඳ සාක්ෂියකි.

1974 සනත් “ස්වර්ණ කුණ්ඩල” ඒක පුද්ගල ප්‍රසංගය හරහා ද සහෘදයා පිනවාලූයේ ය. 70 දශකයේ නැඟී එන තාරුණ්‍යයේ හඬ බවට සනත් පත්වූ අයුරු ඔප්පු කිරීමට සාධක දෙකක් තිබේ.

යොවුන් චිත්‍රපට රැල්ලට මුල පිරූ සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව“ හී විජය කුමාරතුංගගේ හඬ බවට පත් වූයේ (අනන්ත වූ දෙරණ) සනත් ය. එසේම සිනමාවේ ප්‍රබල යොවුන් කැරැල්ල වූ ධර්මසේන පතිරාජගේ “අහස් ගව්ව“ චිත්‍රපටයේ “ඉරා අඳුරු පට” නමැති තාරුණ්‍යයේ ගීතය ගැයුවේ ඔහු ය.

සනත්ට තිබෙන්නේ උත්තර භාරතීය රාගධාරී කටහඬකි. වික්ටර්ට ඇත්තේ දේශීයත්වය ඉස්මතු කරන්නා වූ කටහඬකි. ග්රන්ථ කර්තෘවරයකු ලෙස ද (උදා:- සංගීතාංගි, අමරණීය භාරතීය සංගීතවේදියෝ) සනත්ට භූමිකාවක් තිබේ. ලංකාවේ ගායනයට සංගීත් නිපුන් උපාධිය ලැබූ පළමුවැන්නාත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු සංගීත පීඨාධිපතිවරයාත් එහි සංගීතය පිළිබඳ පළමු මහාචාර්යවරයාත් ඔහු වේ.

වික්ටර්ගේ මහා කලා මෙහෙවර අගයනු වස් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඔහුට සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමීම අගතීන්ගෙන් තොර නිවැරදි, උපාධියට වටිනාකමක් දුන් ඇගැයුමක් මැ විය.

වික්ටර් 1968 හොඳම ගායකයා ලෙස (ආදරවන්තයෝ : “ඈත හිමාලේ”) සරසවිය සම්මානය දිනූ අතර සනත් 1987 හොඳම ගායකයා ලෙස (මංගල තෑග්ග - “වාසනා වේවා”) සරසවිය සම්මානයට පාත්‍ර විය. සනත් “මංගල තෑග්ග“ හි රඟපාමින් “වාසනා වේවා” ගීතය ගැයූ අතර වික්ටර් “පොඩි මල්ලි” චිත්‍රපටයේ රඟපාමින් “කොහේ සිට ඔබ” ගීතය ගැයූ බව අපට අමතක නොවේ. සනත් තම එකම දියණිය අනුරාධා ද වික්ටර් තම දූ දරුවන්ගෙන් ජයන්ත හා ලෙලුම් ද කලා ලොවට තිළිණ කළේ ය. මාතර ආච්චි, රජගෙදර පරෙවියෝ, හාරත හතර, හුලවාලි, ශ්‍රී මදාරා, අනුපමා, සරුංගලේ, පොඩි මල්ලී, සිරිබෝ අයියා, තවලම, සයුරු තෙර, වජිරා, අතුරු මිතුරු, අඹු සැමියෝ, ඉරැස්මා යන චිත්‍රපට වික්ටර්ගේ සංගීතයෙන් ඔප වැටුණු අතර අජාසත්ත, තුත්තිරිමල්, රන්මලීගේ වාසනාව, මිහිඳුම් සළු, කිවුලේගෙදර මොහොට්ටාල යන චිත්‍රපට සනත්ගේ සංගීතයෙන් හැඩ ගැන්විණ.

ලස්සන නම් නෑ, අමුතු අමුතු අරුණලු (විස්මය), සීත රෑ යාමේ (දුලීකා), මේ නිහඬ නිල් (පෙම්බර මධූ), දේදුන්නෙන් එන, සඳ පෙම් යහනින් (වසන්තේ දවසක්), මට සමාවුව මැනේ (සළඹක් හඬයි), පතිනියයි ඈ (ඉන්ද්රකීලය) සනත් ගැයූ චිත්‍රපට ගීතාවලියෙන් ද රුං රුං රුං (මීමැස්සෝ), අඩවන් දෑසින් (වෙස්ගත්තෝ), පෙම් රස වෑහෙන (සදහටම ඔබ මගේ), මියුරු කල්පනා (දිනුම් කණුව), මල් වයසේ (කස්තුරි සුවඳ), නීල බිඟු කැල, හිනැහෙන්න රොමියෝ (රජගෙදර පරෙවියෝ), කොහේද කොහේද (මඩොල් දූව), ගහ කොළ මල් (ශ්‍රී මදාරා), පෙම්බර මධූ (පෙම්බර මධූ), ගැහැනු ළමයිනේ (ගැහැනු ළමයි) වික්ටර් ගැයූ චිත්‍රපට ගී ගඟුලෙන් බිඳකි.

සුභාවිත ගීතය යළි නංවනු කැමැති නව පරපුර සනත් – වික්ටර් දෙදෙනා සමතික්‍රමණය කළ යුතුමය. ගාමිණි - ජෝ යන මහා කලාකරුවන් යුගල කලකදී මිතුරුකමෙන් දුරස් කළාක් මෙන් ඇතැම් අවස්ථාවාදීන් සනත් – වික්ටර් දෙදෙනා ද මඳ කලක් දුරස් කොට තැබූ බව මා මතකයට නැඟේ. ගාමිණි - ජෝ යුගල යළි පි‍්‍රය මිතුරන් කළ සේම සනත් – වික්ටර් යුගල ද නැවත ළබැදි මිතුරන් කිරීමට ප්රමුඛ වූයේ මා පියාණන් (ඒ.ඩී. රන්ජිත් කුමාර) බව මෙහිදී සඳහන් කළ යුතුය. එවකට ඔහු සරසවිය පුවත්පතේ ප්‍රධාන සකසුවාණන් ය. 1989 ජුනි 8 වැනිදා සරසවිය පුවත්පතෙහි පළ වූ අනුර බණ්ඩාර රාජගුරු ලියූ ඒ ලිපියෙහි වික්ටර් මෙසේ කීවේ ය.

“අප වෙන්ව සිටි කාලයේ මට විශාල තනිකමක් දැනුණා. සමකාලීන වශයෙන් අප දෙදෙනා සංගීත ක්ෂේත්රයේ මේ තාක් දුර ගමනක් පැමිණ සිටිනවා. අප දෙදෙනාගේ ජනපි‍්‍රයතාව අඛණ්ඩව රැඳී තිබීමේ සතුට සනත් අයියාත් මමත් නිහතමානීව බෙදා ගන්නවා.” මේ ඊට සනත් පැවසූ දේය. “වික්ටර් අබිබවා ගොස් මට සොයා ගැනීමට ස්ථානයක් නැතුවා සේම මා අබිබවා ගොස් වික්ටර්ට සොයා ගැනීමට තැනකුත් නැති බව අප දෙදෙනා විසින් ම දැන ගැනීම අපේ මිත්‍රත්වයේ පදනමයි. එදා අප වෙන් කළ බලවේග අද දූවිලි බවට පත් වෙලා.”

සනත් – වික්ටර්, වික්ටර් - සනත් ඔබ දෙපළට චිරං ජයතු.

නුවන් නයනජිත් කුමාර

[QUOTE="sanjeeme, post: 19918659, member: 86590"] [SIZE=4]ගායනය, වාදනය, සංගීතය කලාවක් ලෙස මෙරට පැවති බවට සාධක ලාංකේය ඉතිහාසයේ මූලාරම්භය තෙක් දිව ගියත් සංගීත ශිල්පීන් අපට නාමිකව හමුවන්නේ මහනුවර යුගයේදී ය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ගණිතාලංකාරත් රාජාධිරාජසිංහ සමයේ එසේ ආ අලගනායිදු හා ඔහුගේ ගුරු නාරසිංහත් නාමිකව හඳුනාගත හැකිය. ඉක්බිති ව නුර්ති යුගයේ ජෝන් ද සිල්වා සූරීන් ඉන්දියානු අනුකරණවාදයෙන් මිදෙනු වස් විශ්වනාත් ලෞජි නමැති ඉන්දියානු සංගීතඥයා ගෙන්වා කර්ණරසායන නව ගී තනු තැනීමට අනුබල දුන්නේ ය. 1906 ග්රැමෆෝන් ගී යුගයේ ඇරඹුමත් සමඟ 1917 දක්වා නුර්ති ගී තැටිගත වීමත් 1917 සිට නුර්තියෙන් මිදුණු ප්‍රථම වෘත්තීය ග්රැමෆෝන් ගායන ශිල්පි ශිල්පිනින්ගේ ඇරඹුම සනිටුහන් වීමත් මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ (ග්රැමෆෝන් ගී යුගය ග්‍රන්ථය) පෙන්වා දෙති. 1908 ග්රැමෆෝන් තැටියකට ගී ගැයූ ප්‍රථම ගායිකාව ලෙස වාර්තා වනුයේ ග්‍රේස් මාග්‍රට් ද සිල්වා ය. 1917 සිට 1939 අතර ගෙවුණු කාලයේ ග්රැමෆෝන් යුගයේ දක්ෂ ගායක ගායිකාවන් රාශියක් පහළ වුවත් ඔවුන් ඉන්දියානු අනුකරණවාදයෙහි ගිලී සිටි හෙයින් ලාංකේය සුභාවිත ගීයෙහි ඇරඹුම සනිටුහන් නොවුණි. එහි සමාරම්භකයා වනුයේ 1939 සිට එය වර්ධනය කළ “කලාත්මක ගී” ගැයූ, ලංකාවේ ප්‍රථම ස්වතන්ත්‍ර ගී ගායකයා ද පළමු වාග්ගේයකාරයාද වූ ආනන්ද සමරකෝන් සූරීන් ය. (බලන්න - සුනිල් ආරියරත්නගේ “ආනන්ද සමරකෝන් අධ්‍යයනය) රබීන්ද්‍රනාත් ඨාකූරයන්ගේ සංගීත (වංග) ශෛලියෙන් වඩාත් සුපෝෂණය වූ සමරකෝන් අල්ප වශයෙන් හෝ භාරතීය රාගධාරී සංගීතයේ ද ඇසුර ලැබුවේ ය. (උදා:- කරුණා නදියේ - යමන් කල්‍යාණ රාගය / පුදමු මේ කුසුම් - දේශ් රාගය) ඔහු ග්‍රැමෆෝනයෙන් පුරෝගාමී ලෙස මෙරට සුභාවිත ගීතය වර්ධනය කරද්දී 1925 සිට ඇරඹුණු ගුවන් විදුලියට ගීතය සංක්‍රමණය විය. 1948 දී මෙරට ප්‍රථම ගුවන් විදුලි ගීතය ලෙස “ඕළු පිපීලා” ගයමින් සුනිල් සාන්තයන් ඊට උර දුන්නේ ය. මෙරට සුභාවිත ගීතය ඉහළ නැංවූ දෙවැන්නා ලෙස ඔහු එක් අතකින් හෙළ හවුලේ ඇසුර ලැබූ අතර (උදා:- දුඳනොද බිඳ / ලංකා ලංකා) අනෙක් අතින් අපරදිග සංගීත ආර (උදා:- කුරුලු ආදරේ) පළමුවරට සුභාවිත ගීතයට මුහු කළේ ය. රාගධාරී සංගීතයේ ඇසුර සුනිල් ලැබුවේ අල්ප (උදා:- මේ හෝපලු වනයේ - පහඩි රාගය) වශයෙනි. 1962 ආනන්ද සමරකෝනුන්ගේ අකල් මරණයත් මතභේදයක් හේතුකොට 1952 ගුවන් විදුලියෙන් එළියට බට සුනිලුන් කලකිරීමෙන් ගීත ක්ෂේත්රයෙන් ඈත්ව සිටීමට වෙර දැරීමත් නිසා එවකට නැඟ එමින් සිටි අමරදේවයන්ට සුභාවිත ගීතයේ අනාගතය පැවරිණ. [IMG]http://www.silumina.lk/punkalasa/20120219/sanath-victor.jpg[/IMG]1947 කථානාද සිනමාව ප්‍රාරබ්ධ වූයෙන් සුභාවිත ගීතයට ප්රාබල්ය බලපෑමක් මෙමඟින් එල්ල විය. චිත්‍රපට ගීතයෙන් පෙරට ආ මොහිදින් බෙග්, ධර්මදාස වල්පොල, ලතා වල්පොල, හරුන් ලන්ත්‍රා, සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජයබණ්ඩාර, එච්.ආර්. ජෝතිපාල, ජී.එස්.බී.රාණි, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක යනාදීහු අති දක්ෂයන් වුවත් ඉන්දියානු අනුකරණ තනුවල ග්‍රහණයට හසු වූහ. එහෙත් වරින්වර ස්වතන්ත්‍ර විශිෂ්ට ගණයේ ගීත ගයමින් ඔවුහු සුභාවිත ගීතය පෝෂණය කළහ. අනුකරණවාදයෙන් සපුරා විනිර්මුක්ත වෙමින් සුභාවිත ගීතය සුපෝෂණය කිරීමේ වගකීම මුළුමනින්ම අමරදේවයන්ට පැවරිණ. භාරතීය සංගීතය මහා සම්ප්රදාය කොට ගෙන දේශීය ජන සංගීතය චූල සම්ප්රදාය කොට අමරණීය ගීත බිහි කරමින් ඔහු ගෙන ගියේ හුදෙකලා අරගලයකි. අමරදේව මඟ ගත් අනුප්‍රාප්තික ගායකයන් දෙදෙනෙක් 50 දශකයේ අග පහළ වූහ. ඒ නාරද දිසාසේකර හා දයාරත්න රණතුංග ය. සුභාවිත ගීතයේ පෝෂණයට ඔවුන් ද විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මුත් එය අඛණ්ඩ ධාවනයකට වඩා කඩින්කඩ දිස්වූවකි. යුව රජ කිරුළ ඔවුන්ට අහිමිවූයේ මේ නිසා යැයි මට සිතේ. 60 දශකයේ මුල සිටම නන්දා මාලිනියද අමරදේව මඟ ගත්තී ය. සුභාවිත ගීතය රැක ගනු වස් අමරදේවයන් කළ හුදෙකලා සටනේදී 60 දශකයේ මැද භාගය වන විට ඔහුට එල්ලවුණු අභියෝග මේය. [FONT=Verdana] i[/FONT] විශිෂ්ට ගායන ශිල්පි ශිල්පිනින්ගේ ප්‍රතිභාව හේතු කොට ඉන්දියානු අනුකරණ ගීතය හිස එස වීම. [FONT=Verdana] [/FONT] [FONT=Verdana]ii[/FONT] 60 දශකයේ මුල සිට අපරදිග සංගීත ආරට වැඩියෙන් නැඹුරු වූ නෙවිල් ප්‍රනාන්දු, නොයෙල් රණසිංහ ආදී තරුණයන් හරහා කණ්ඩායම් සංගීතයේ නැඟීම. (මේ තරුණයන්ට 50 දශකයේ නැඟී ආ සී.ටී. ප්‍රනාන්දුගේ ගායන, සංගීත ආරද බලපෑ බැව් පෙනේ.) [FONT=Verdana] [/FONT] [FONT=Verdana]iii[/FONT] වොලී බැස්ටියන්, එම්.එස්. ප්‍රනාන්දු ආදීන් හරහා බයිලා ගීත ශෛලිය ප්‍රකට වීම. [FONT=Verdana] [/FONT] [FONT=Verdana]iv[/FONT] 1956 සමාජ පෙරළියෙන් මතු වූ නව තරුණ පරපුර අතර රස වින්දන ශක්තියෙන් තියුණු පිරිස 60 දශකයේ මැද අමරදේවයන්ගේ ගීත වටා රොක්වුවත් මේ වන විට ඔහු මැදිවිය ඉක්මවා සිටියේ ය. එහෙයින් සුභාවිත ගීතය තරුණ පෙළට ගෙන යා හැකි තාරුණ්‍යයේ ගායකයන්ගේ අවශ්‍යතාව ප්රබලව, කාලීනව ඉස්මතු විය. මේ රික්තය පිරවූයේ කවුරුන් ද? පිළිතුර සනත් හා වික්ටර් ය. ලාංකේය සුභාවිත ගීතයේ රජු අමරදේවයන් බවට පත් වෙද්දී සනත්, වික්ටර් දෙපළ යුව රජවරු වූහ. මේ පින්වන්ත කලාකරුවන් දෙදෙනාම ජන්ම ලාභය ලැබුවේ 1942 වසරේ පෙබරවාරි මාසයේ වීම අහඹුවක් සේම පුදුමයකි. 15 වැනිදා සනත් ද 18 වැනිදා වික්ටර් ද උපන් හෙයින් දින තුනකින් සනත් වැඩිමහල් ය. මේ මහා කලාකරුවන් දෙදෙනාම පසුගියදා 70 වැනි වියට සැපත් වූහ. එදා මෙන්ම අදත් ඔවුහු ඡාත්‍ර ජනයා කන්කලු සුභාවිත ගීතයෙන් රංජනය කරති. සනත් යන්නෙහි අරුත් දෙකක් තිබේ. සනාථ, සර්වකාලීන යනු එක් අරුතකි. අනෙක මහ බ්‍රහ්මයාට යෙදෙන පර්යාය නාමයකි. (උදා:- කේවට්ට සූත්‍රය) නන්ද යන්නෙන් සතුට ද සිරි යන්නෙන් වාසනාව, සිරියාව යන අරුත් නංවයි. වික්ටර් යනු ජයග්රාහකයාය (ඉංගිරිසියෙහි [FONT=Verdana]Victory[/FONT] යන්න හා බැඳේ) රත්නායක යනු රත්නයක් බඳු නායකයාය. මේ දෙදෙනාම තම නාමකරණයට එළියක් දුන්හ. හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි කොලොන්නාව ගොතටුව ග්‍රාමයේ දී උපත ලබා ගොතටුව මැදි විදුහල, දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහල, ස්ටැෆර්ඩ් විදුහල ආදියෙන් අකුරු කළේය. රත්නායක ආරච්චිලාගේ දොන් වික්ටර් කඩුගන්නාවේ උපත ලබා කඩුගන්නාව විද්‍යාලයෙන් ශාස්ත්‍ර හදාළේ ය. හේමතිලක දයාරත්නයන්ගෙන් සංගීතයේ අත්පොත තැබූ සහජ ප්‍රතිභාවෙන් හෙබි සනත් 1955 දී නන්දා ජයමාන්නගේ මඟ පෙන්වීමෙන් ගුවන්විදුලියේ ළමා ගායකයකු ලෙස දොරට වැඩියේ ය. “මාලා ගන්ධ විලේපන ධාරා” (පද - සූරියලතා කුරුප්පුආරච්චි/ සං- හේමතිලක දයාරත්න) එහිදී ඔහු ගැයූ ප්‍රථම ගීතය වේ. සංගීතය, වාදනය අරභයා සහජයෙන් ලැබුණු ප්‍රතිභාවෙන් යුත් වික්ටර් එය ශාස්ත්‍රයක් ලෙස උගත්තේ මහනුවර සිරිල් පෙරේරා ගුරුතුමාගෙනි. එහෙත් ඒ ශිල්පය නිසි මඟට යොමු කළේ ප්‍රවීණ සංගීතවේදී ආර්.ඒ. චන්ද්‍රසේනයන් ය. වික්ටර් ගුවන් විදුලියෙන් ප්‍රථමවරට ගීතයක් ගැයුවේ 1963 වසරේදී ය. “දෙවඟන පරදන කොමළ කතා” නම් වූ ඒ ගීතය පියසේන කොස්තා විසින් විරචිත “මනිචෝර” ගුවන් විදුලි ගීත නාටකයට ඇතුළත් වූවකි. සංගීතවත් කළේ ආර්.ඒ. චන්ද්‍රසේනයන් ය. වාද්‍ය විශාරද ඩී.ආර්. පීරිස්ගේ පළමු ශිෂ්‍යයා ලෙස තබ්ලා වාදනය හැදෑරූ සනත් එකල අමරදේවයන්ගේ ගුවන් විදුලි වැඩසටහන්වල තබ්ලා වැයුවේ ය. සංගීත විද්‍යාලයේ මඳ කලක් සංගීතය ප්‍රගුණ කළ ඔහු 1959 දී එය වැඩිදුර හැදෑරීමට ඉන්දියාවේ ලක්නව් හී භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයට ඇතුළත් විය. ආචාර්ය ජී.එන්. නාටු, උස්තාද් මොක් ශුද් අලි, පණ්ඩිත් හරිශංකර් මිශ්රා, උස්තාද් රහිමුඩීන්ඛාන් ඩාගර්, උස්තාද් අහමඩ් ජාන් තිරක්වා යනාදී විශිෂ්ට භාරතීය ගාන්ධර්වයන් එහිදී සනත්ගේ ආචාර්යවරු වූහ. 1965 දී ගායනය හා තබ්ලා වාදනය පිළිබඳ විශාරද උපාධි යුගලම ඔහු ඉහළින් සමත් වූයේ ලංකාවේ එවකට ළාබාලතම සංගීත විශාරදවරයා වශයෙනි. 1966 දී සනත් ලංකාවට සැපත් වූයේ ය. 60 දශකයේ මුල් භාගයේ පටන් වික්ටර් චිත්‍රපට රැසක වයලීන් වාදන ශිල්පියකු ලෙස දායක වූයේ ය. ඒ ප්‍රවීණ සංගීතවේදී ආර්. මුත්තුසාමිගේ වාදක මණ්ඩලය හරහා ය. වික්ටර් සේම පසුකලක ප්‍රවීණයන් බවට පත් වූ ප්‍රේමසිරි කේමදාස (බටනලා), ධර්මදාස වල්පොල (බටනලා), එම්.කේ. රොක්සාමි (වයලින්), මොහොමඩ් සාලි (සර්පිනා), සරත් දසනායක (සිතාරය), ටී.එෆ්. ලතීෆ් (ක්ලැරිනට්) වැනි සංගීතවේදීහු එදා මුත්තුසාමි මාස්ටර්ගේ වාදන වෘන්දයේ සිටියහ. ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙස තේරී සිටි වික්ටර්, රජයේ සංගීතායතනයෙන් සංගීතය ශාස්ත්‍රයක් ලෙස ප්‍රගුණ කළේ ය. කේ.ඒ. දයාරත්න සිල්වා, එස්.ඩී.එස්. ජයසේකර, ගුණසේන ද සිල්වා, ගුණපාල පෙරේරා, ධර්මසිරි පෙරේරා, ප්‍රේමවංශ හපුවලාන වැනි සංගීත විශාරදවරුන් එහිදී ඔහුගේ ගුරුවරු වූහ. සනත් – වික්ටර් ගායන හා සංගීත ශිල්පීන් ලෙස කලා ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වූයේ එකම කාලවකවානුවක ය. සනත් “නවදැලි හේන” ගීත නාටකයට “නයන භෘංගී” නමැති ගීතය ගැයීමෙන් පසුව තමාම සංගීතවත් කොට ගැයූ සරල ගී ත්‍රිත්වයෙන් (ඇවිළුණු ගිනිදැල්, පද – විමලධර්ම ජයවීර, මහද පෙම්විලේ - පද – බණ්ඩාර විජේතුංග, මිහිරාවී – පද - ප්‍රේමකීර්ති ද අල්විස් - මල්කාන්ති සමඟ) ඉහළම ජනාදරය දිනා ගත්තේ ය. එසේම ඔහු සරල, ශාස්ත්‍රීය හා තබ්ලා වාදනය පිළිබඳ ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණි ලබා සිටියේ ය. සරල ගී වැඩසටහන් සඳහා වික්ටර් ගැයූ ගීත අතරින් පළමුව වඩාත් ප්‍රකට වූයේ මීගොඩ විල්සන් ලියූ මර්වින් පෙරේරා සංගීතවත් කළ “පාවේ වලා” හා “සෝක සැනසුම්” යන ගීත ද්වයයි. තමාම සංගීතවත් කොට ගැයූ “සිහිල් සුළං රැල්ලේ” (පද - සේන වීරසේකර) ගීතය ඔස්සේ ඔහු ජනපි‍්‍රයත්වයේ මුදුනට පැමිණියේ ය. සනත් අම්පාර උහන මහා විද්‍යාලයේ සංගීත උපදේශකවරයකු වෙද්දී වික්ටර් බණ්ඩාරවෙල ඇත්තලපිටියේ පාසල, කුලියාපිටියේ නක්කාවත්ත මැදි විදුහල, නාවල දියවන්නා විද්‍යාලය ආදියෙහි සංගීත ආචාර්යවරයා විය. සනත් මල්කාන්තිය සමඟ ද වික්ටර් චිත්රාවන් සමඟ ද විවාහ වීමෙන් පසුව ඔවුහු වෘත්තිය ජීවිතයේ පහසුව සඳහා කොළඹට සේන්දු වූහ. . සිනමා සංගීතය ස්වතන්ත්රභාවයට නැඹුරු කළ මහා සංගීතවේදීන් දෙපළ තම අවධානය එකල මේ ගායක යුගල වෙත යොමු කළහ. ඒ අනුව අමරදේවයන්ගේ හඳුන්වා දීමෙන් “සැඩොල් කඳුළු” (1967) චිත්‍රපටයේ “තෙරක් නැති ආශා” ගීතය ගයමින් සනත් ද ප්‍රේමසිරි කේමදාසයන්ගේ හඳුන්වාදීමෙන් “හන්තානේ කතාව“ (1969) චිත්‍රපටයේ “සරා සොඳුරු” ගීතය (නන්දා මාලිනි සමඟ) ගැයීමෙන් වික්ටර් ද චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසුණාහ. “කටු කොහොලින් පිරුණු” (පද - සුනිල් ආරියරත්න) (සංගීතය - කේමදාස) සනත් – වික්ටර් යුගල එක්ව ගැයූ ප්‍රථම සරල ගීතය විය. සුභාවිත ගීතයෙන් බැහැරට යමින් අනුකරණ ගීතය වෙත නැඹුරු වූ රසික ප්‍රජාව යළිත් අමරදේවයන් ප්රමුඛ සුභාවිත ගීතය වෙත ඇද බැඳ තබා ගැනීමට ඔවුහු සමත් වූහ. අනෙක් අතට මේ දෙදෙනාගේ තනු නිර්මාණයෙන් විදග්ධ ගීතය හා පොදු ජන ගීතය අතර ශක්තිමත් පාලමක් ඉදිවිය. සනත් – වික්ටර්ගේ මඟ ගත් ප්රමුඛ අනුප්රාප්තිකයන් තිදෙනා වූ මිල්ටන් මල්ලවආරච්චි, ගුණදාස කපුගේ හා සුනිල් එදිරිසිංහට ඔවුන්ගෙන් ලැබුණු අඩිතාලම සුළුපටු නැත. ඒ කෙසේද යත් වික්ටර් මුල්වරට සංගීත අධ්‍යක්ෂණය කළ “මාතර ආච්චි” (1973) චිත්‍රපටයෙන් මිල්ටන් මල්ලවආරච්චි චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස (“රන්දේදුනු රන්පාටින්”) දොරට වැඩියේ ය. සුනිල් එදිරිසිංහ “සඳකඩ පහණ” ගීතය ගයමින් ගායන ලොවට පිවිසියේ ද ඒ චිත්‍රපටයෙනි. ගුණදාස කපුගේ ගායකයකු ලෙස දොරට වැඩි ප්‍රථම ගීතය වූ “දෑස නිලුපුල් තෙමා” හී සංගීත අධ්යක්ෂවරයා සනත්ය. ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ සිනමා ලොවට පිවිසුණේ මාතර ආච්චි චිත්‍රපටයේ සමූහ ගායනයෙනි. වික්ටර් සේම සනත් ද ඔහුගේ සංගීතාචාර්යවරු වූහ. මේ අනුව තමන්ගේ කාර්ය ඉහළින් ම සිදු කරමින් නව ගායන පරපුරකට, ගීත රචක පරපුරකට හා සංගීත පරපුරකට මඟ පෙන්වූ කලාකරුවන් දෙපළක් ලෙස සනත් – වික්ටර් ගරු බුහුමනට පාත්‍ර වේ. නිර්මාණ ජීවිතයේ ඔවුන් සිදු කළ අත්හදා බැලීම් කෙතරම්ද? සනත් රාගධාරී සංගීතයේ ඇසුර බහුලව ලැබූ ශිල්පියෙකි. එක් රාගයක් ඇසුරු වූ ගීත ද (උදා:- මා හද අසපුව - ජෝගියා රාගය, සහසක් පැතුමන් – කීර්වානි රාගය) රාග කිහිපයක් ඇසුරු වූ ගීත ද (උදා:- දිනෙන් දින ඔබ) ඔහුගේ නිර්මාණ භාවිතාවේදී හමුවේ. “රත්ති අරන්”, “කොහෝ කොහෝ” වැනි ගැමි නාද රටා අනුව තැනූ ගීත ද විරලව හෝ කර්ණාටක සංගීතයෙහි (උදා:- වීණා) හා අපරදිග සංගීතයෙහි ඇසුර (උදා:- ඔබේ ඇස්බැම) ලැබූ ගීත ද මේ අතර දක්නා ලැබේ. වික්ටර් ද තම නිර්මාණ භාවිතයේදී රාගධාරී සංගීතයේ ඇසුර ලැබූ අවස්ථා බොහෝ තිබේ. (උදා:- හෝපලු වනපෙත – භාගේශ්‍රී රාගය, ෆේරඩී ගැයූ කුණ්ඩුමනී – භූපාලි රාගය) විටෙක අපරදිග සංගීතයේ ඇසුරෙන් ද (උදා:- අඳුර බිඳින්නට – මාතර ආච්චි), ජන ගී ආරෙන්ද (උදා:- බඹරිඳු බඹරිඳු - සරුංගලේ) කර්ණාටක සංගීත ආභාසයෙන් ද (ඉසුරු දෙවිඳු - සරුංගලේ) ඔහු තනු තැනුවේය. ශිල්පීය හා තාක්ෂණික අත්හදා බැලීම් වික්ටර්ගේ ගායන ජීවිතයේ කැපී පෙනේ. ගායන ශිල්පියා වාදක මණ්ඩලය සමඟම ගීතය ගයමින් පටිගත කිරීම එදා පැවති සිරිතකි. මෙය පළමුවරට වෙනස් කළේ වික්ටර්ය. ආර්.ඒ. චන්ද්‍රසේනගේ සංගීතයට ඔහු ගැයූ “ළිඳෙන් වතුර බීලා” ගීතය මෙහි මුල් පියවර වේ. ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගු මෙය සාර්ථක ලෙස අත්හදා බැලුවේය. උඩු සිතේ හා යටි සිතේ සංවාදයක් රැගත් වික්ටර් ගැයූ “මාලනියේ” (පද - සුනිල් ආරියරත්න) ගීතය ද මෙබඳුම අනර්ඝ තාක්ෂණික අත්හදා බැලීමකි. සනත් ඉඳහිට ගීත රචනයෙහි ද (උදා:- විජය ගැයූ “සීතලේ නිසංසලේ”) නියැළුණු අතර විරලව හෝ වාග්ගේයකාරයකු ලෙස ද කැපී පෙනේ. “බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි” ගීතයේ රචකයා ද සංගීත නිර්මාපකයා ද ගායකයා ද ඔහු වේ. මහවැස්සක පෙර, මේ ගුරු පාරේ, කඳුළු කතාවේ (අමරදේව), මුව දඩයම, කැලේ පීදී (නන්දා), උත්තම මුනි දළඳා (ධර්මදාස වල්පොල), මං නැතිදා (අබේවර්ධන බාලසූරිය), පායා සීත රැයේ (විජය කුමාරතුංග) යනාදිය සනත් අවශේෂ ශිල්පීන් වෙනුවෙන් නිර්මාණය කළ ගීතාවලියෙන් කැපී පෙනේ. “කුමරියක පා”, බඹර පැටික්කි (අමරදේව), මට මවු පදවිය (නන්දා), වෙරළු ගෙඩිය, පිනිබර යාමේ (සුනිල් එදිරිසිංහ), රාජ කිරුළු (ජෝතිපාල), අපි ආයෙත් හමු නොවුණා (සෝමතිලක ජයමහ) යනාදිය වික්ටර් අන්‍යයන්ට දායාද කළ නිර්මාණ අතර වේ. 1973 දී ලංකාවේ ප්‍රථම ඒක පුද්ගල ප්‍රසංගය ලෙස “ස” හඳුන්වා දෙමින් වික්ටර් සුභාවිත ගීතය ප්‍රචලිත කරනු වස් යෝධ පියවරක් තැබුවේ ය. වඩාත් සම්භාවනාවට පාත්‍ර වූ ඒක පුද්ගල ගී ප්‍රසංගය ලෙස අදත් “ස” පෙරමුණේ තිබේ. එදා තරුණියෝ වික්ටර්ගේ කොණ්ඩය කපා ගෙන යෑමට පොරකෑහ. අද ව්‍යාජ සුපිරි තරුවලට පොර කන ජනතාවට වඩා එදා රසික ජනයාගේ රසඥතාව ඉහළ මට්ටමක තිබූ බවට මෙය හොඳ සාක්ෂියකි. 1974 සනත් “ස්වර්ණ කුණ්ඩල” ඒක පුද්ගල ප්‍රසංගය හරහා ද සහෘදයා පිනවාලූයේ ය. 70 දශකයේ නැඟී එන තාරුණ්‍යයේ හඬ බවට සනත් පත්වූ අයුරු ඔප්පු කිරීමට සාධක දෙකක් තිබේ. යොවුන් චිත්‍රපට රැල්ලට මුල පිරූ සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව“ හී විජය කුමාරතුංගගේ හඬ බවට පත් වූයේ (අනන්ත වූ දෙරණ) සනත් ය. එසේම සිනමාවේ ප්‍රබල යොවුන් කැරැල්ල වූ ධර්මසේන පතිරාජගේ “අහස් ගව්ව“ චිත්‍රපටයේ “ඉරා අඳුරු පට” නමැති තාරුණ්‍යයේ ගීතය ගැයුවේ ඔහු ය. සනත්ට තිබෙන්නේ උත්තර භාරතීය රාගධාරී කටහඬකි. වික්ටර්ට ඇත්තේ දේශීයත්වය ඉස්මතු කරන්නා වූ කටහඬකි. ග්රන්ථ කර්තෘවරයකු ලෙස ද (උදා:- සංගීතාංගි, අමරණීය භාරතීය සංගීතවේදියෝ) සනත්ට භූමිකාවක් තිබේ. ලංකාවේ ගායනයට සංගීත් නිපුන් උපාධිය ලැබූ පළමුවැන්නාත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු සංගීත පීඨාධිපතිවරයාත් එහි සංගීතය පිළිබඳ පළමු මහාචාර්යවරයාත් ඔහු වේ. වික්ටර්ගේ මහා කලා මෙහෙවර අගයනු වස් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඔහුට සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමීම අගතීන්ගෙන් තොර නිවැරදි, උපාධියට වටිනාකමක් දුන් ඇගැයුමක් මැ විය. වික්ටර් 1968 හොඳම ගායකයා ලෙස (ආදරවන්තයෝ : “ඈත හිමාලේ”) සරසවිය සම්මානය දිනූ අතර සනත් 1987 හොඳම ගායකයා ලෙස (මංගල තෑග්ග - “වාසනා වේවා”) සරසවිය සම්මානයට පාත්‍ර විය. සනත් “මංගල තෑග්ග“ හි රඟපාමින් “වාසනා වේවා” ගීතය ගැයූ අතර වික්ටර් “පොඩි මල්ලි” චිත්‍රපටයේ රඟපාමින් “කොහේ සිට ඔබ” ගීතය ගැයූ බව අපට අමතක නොවේ. සනත් තම එකම දියණිය අනුරාධා ද වික්ටර් තම දූ දරුවන්ගෙන් ජයන්ත හා ලෙලුම් ද කලා ලොවට තිළිණ කළේ ය. මාතර ආච්චි, රජගෙදර පරෙවියෝ, හාරත හතර, හුලවාලි, ශ්‍රී මදාරා, අනුපමා, සරුංගලේ, පොඩි මල්ලී, සිරිබෝ අයියා, තවලම, සයුරු තෙර, වජිරා, අතුරු මිතුරු, අඹු සැමියෝ, ඉරැස්මා යන චිත්‍රපට වික්ටර්ගේ සංගීතයෙන් ඔප වැටුණු අතර අජාසත්ත, තුත්තිරිමල්, රන්මලීගේ වාසනාව, මිහිඳුම් සළු, කිවුලේගෙදර මොහොට්ටාල යන චිත්‍රපට සනත්ගේ සංගීතයෙන් හැඩ ගැන්විණ. ලස්සන නම් නෑ, අමුතු අමුතු අරුණලු (විස්මය), සීත රෑ යාමේ (දුලීකා), මේ නිහඬ නිල් (පෙම්බර මධූ), දේදුන්නෙන් එන, සඳ පෙම් යහනින් (වසන්තේ දවසක්), මට සමාවුව මැනේ (සළඹක් හඬයි), පතිනියයි ඈ (ඉන්ද්රකීලය) සනත් ගැයූ චිත්‍රපට ගීතාවලියෙන් ද රුං රුං රුං (මීමැස්සෝ), අඩවන් දෑසින් (වෙස්ගත්තෝ), පෙම් රස වෑහෙන (සදහටම ඔබ මගේ), මියුරු කල්පනා (දිනුම් කණුව), මල් වයසේ (කස්තුරි සුවඳ), නීල බිඟු කැල, හිනැහෙන්න රොමියෝ (රජගෙදර පරෙවියෝ), කොහේද කොහේද (මඩොල් දූව), ගහ කොළ මල් (ශ්‍රී මදාරා), පෙම්බර මධූ (පෙම්බර මධූ), ගැහැනු ළමයිනේ (ගැහැනු ළමයි) වික්ටර් ගැයූ චිත්‍රපට ගී ගඟුලෙන් බිඳකි. සුභාවිත ගීතය යළි නංවනු කැමැති නව පරපුර සනත් – වික්ටර් දෙදෙනා සමතික්‍රමණය කළ යුතුමය. ගාමිණි - ජෝ යන මහා කලාකරුවන් යුගල කලකදී මිතුරුකමෙන් දුරස් කළාක් මෙන් ඇතැම් අවස්ථාවාදීන් සනත් – වික්ටර් දෙදෙනා ද මඳ කලක් දුරස් කොට තැබූ බව මා මතකයට නැඟේ. ගාමිණි - ජෝ යුගල යළි පි‍්‍රය මිතුරන් කළ සේම සනත් – වික්ටර් යුගල ද නැවත ළබැදි මිතුරන් කිරීමට ප්රමුඛ වූයේ මා පියාණන් (ඒ.ඩී. රන්ජිත් කුමාර) බව මෙහිදී සඳහන් කළ යුතුය. එවකට ඔහු සරසවිය පුවත්පතේ ප්‍රධාන සකසුවාණන් ය. 1989 ජුනි 8 වැනිදා සරසවිය පුවත්පතෙහි පළ වූ අනුර බණ්ඩාර රාජගුරු ලියූ ඒ ලිපියෙහි වික්ටර් මෙසේ කීවේ ය. “අප වෙන්ව සිටි කාලයේ මට විශාල තනිකමක් දැනුණා. සමකාලීන වශයෙන් අප දෙදෙනා සංගීත ක්ෂේත්රයේ මේ තාක් දුර ගමනක් පැමිණ සිටිනවා. අප දෙදෙනාගේ ජනපි‍්‍රයතාව අඛණ්ඩව රැඳී තිබීමේ සතුට සනත් අයියාත් මමත් නිහතමානීව බෙදා ගන්නවා.” මේ ඊට සනත් පැවසූ දේය. “වික්ටර් අබිබවා ගොස් මට සොයා ගැනීමට ස්ථානයක් නැතුවා සේම මා අබිබවා ගොස් වික්ටර්ට සොයා ගැනීමට තැනකුත් නැති බව අප දෙදෙනා විසින් ම දැන ගැනීම අපේ මිත්‍රත්වයේ පදනමයි. එදා අප වෙන් කළ බලවේග අද දූවිලි බවට පත් වෙලා.” සනත් – වික්ටර්, වික්ටර් - සනත් ඔබ දෙපළට චිරං ජයතු.[/SIZE] [SIZE=2]නුවන් නයනජිත් කුමාර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom