Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හනිමූන් යන්ඩ පණ මදිය.... මට බැරිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හනිමූන් යන්ඩ පණ මදිය.... මට බැරිය.

අවුරුද්දක් තිස්සේ ප්ලෑනින්ය, හතර අත ණය ගොඩය....

කොහොමෙන් හරි මඟුල් දවස ආවේය..

පාන්දර 12.30 ට අන්දවන්න එන්නීය.. පෙරදා නින්දක් තිබුනේ නැත්තේ හිත මොකක්ද වී නිසාය.. නිදි මතද නැත... ඇය ආවාය... ආපු වෙලේ සිට මූණ පුරා උලනවාය... තට්ටු හත අටක්ම ඉලුවාය.. කැඩපතින් මූණ දුටුවිට මනමාලියම තුෂ්නිම්භූත විය.. "මේ මොකාද??" ආයෙමත් උලනවාය.... පාට පාට ගාන්නීය... ඇස් පාට කොරනකම් උඩ බලන්, එහෙ බලන් , මෙහෙ බලන් ඉඳ බෙල්ලද උලුක්කුය..

තැල්ල තියන නැකතට මව් පැමිණ දෝණි සොයා ගත නොහැකිව අන්ද මන්දය.... හතර පහ වෙනකොට මූණ අලුත් කොර කොණ්ඩය දමා අවසන්ය.. මූණේ බර ග්රෑම් 920 කින් පමණ වැඩි වෙලාය.. කොණ්ඩය, කොණ්ඩ කටු, හෙයා(ර්) ස්ප්රෙ , හවරි, තැලි, ඉර හඳ සමඟ දැන් ග්රෑම් 1200 ක් පමණ වැඩි වෙලාය... උදේ හයහමාර පමණ වන විට කිලෝ එකහමාරක් දෙකක් පමණ බර සාරියද, තව කිලෝවක් පමණ බර ආභරණද පැළඳ අවසන්ය...

බෙල්ලට දෙවියන්ගේ පිහිටය...

එයින් ගැළවී හුස්මක් ගන්ඩත් කලියෙන් ෆොටෝ ග්රැෆ(ර්) තව දෙන්නෙක් සමඟ කඩා පාත් විය... "මෙයා මාර වෙලාවක්නෙ ගත්තෙ... අපට වෙලාවත් මදි වෙනවා... උන්ගේ දෝස් මුරේය"

එහෙට හැරෙන්න, මෙහෙට හැරෙන්න, අංශක හැටට ඔළුව හරවන්න, එකසිය අසූවට කකුල් ඈත් කරන්න, තුන්සිය හැටට අත වනන්න, දිග අරින්න , නැවෙන්න, දුවන්න, පනින්න, ඊසානෙට ඔළුව දාලා කඳ උතුරට හරවන්න, මනමාළයාව කොනිත්තල දුවන්න, මන මාළයට පයින් ගහල දුවන්න, උඩ පැනල හූවක් තියල කැරකිල බල්ටියනක් ගහල එන්න... කෙළවරක් නැති නියෝගය....

අඟල් හතර පහේ අඩි උස දාගත් කකුල් වලට බුදුසරණය.. කොන්දට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටය....

පෝරුවේ චාරිත්තර දැන් ඉතින් ස්ටයිල් එකට නිසා පැය භාගෙන් බේරෙගන්නට හැකිවිය... හරියටම කොළා නම් පැයක් හමාරක් යනවාය... හද්දා පිපාසෙන් බොන්ඩ ගත්ත පෑණි බීම වීදුරු වල ලුණුය.. නොදකින්ය... ඒ රැග්ය.. හද්දා බඩගිනි වුවත් කන්නට බැරිය.. නියපොතු අලවාපු නිසා අතින් මෙලෝ හත්තිලව්වක් අල්ලන්නට නුහුරුය.. හැඳි ගෑරැප්පු නම් කරුමයක්ය... කන්නෙත් ජායාරූප සිල්පියාට ඕනෑ විදියටය... කට ළඟට හැන්ද අරන් විනාඩියක් ඒ දෙස බලන් සිටිය යුතුය... ඒ අස්සේ කපල් ඩාන්ස්ය... සෙකන්ඩ් වෙන්නත් බැරිය... උලව් නැටුම් නටන්නත් බැරිය..හත්මුතු පරම්පරා දෙකකටම වැඳලා වැඳලා වැඳලා කොන්දෙ පොට ගොහින්ය... දැන් කොන්ද නිකමුත් නැවෙනවාය... යන නැකත ආවත් මුන් යන්ඩ දෙන්නේම නැත, දෙපැත්තෙන් තරඟෙට පම්පෝරි කතන්දරය.. ඒ මදිවාට සෝ සුසුම් හඬා වැලපිලිය... අඩන්නත් පණ නැත.. ඇඬෙන්නේ ඇඟේ රුදාවටය..." නැකත කිට්ටූයි..."

කාටදෝ පිංසිද්ධ වෙන්ඩ

බොහොම අමාරුවෙන් පැන ගත්තෝය..

කාමරේට ආ වෙලේ සිට ඇඳුම් ගලවනවාය,ගලවනවාය ඉවරයක් නැතිය.. කොණ්ඩ කටු ගලවන්ඩ විනාඩි ගණනින්ය... මේකප් තට්ටු පිහදාන්ඩ තව වරුවක්ය... දැනටම හොඳ පණ ගොහින්ය.... කකුළ් ඉදිමිලාය....කොන්දක් අැතුවා නැතුවා සේය...බෙල්ලේ පොට ගොස්ය, නාන මල යටම නින්ද යන්නේ මහන්සියටය.... පොටෝ වලට මනමාළි උස්සලාම මනමාලයාගේ ෂොක්ඇබ්සෝබර් බැස ගොස්ය... ඒ මදිවාට හද්දා බඩගින්කය.. ලස්ස ගණන් වියදම් කොරත් හරියකට බඩට ටිකක් වැටුනේ නැති කරුම දවසක්ය... දැන් මොන පළමු රැයද, පෙරේතයන් පොළේ ගැසුවා සේ වැටුනු වැටුනු තැන් වල උන් නිදිය....

- බුකියෙන් ඉස්සුවේ -

[QUOTE="slx, post: 23398195, member: 511494"] [b]හනිමූන් යන්ඩ පණ මදිය.... මට බැරිය.[/b] [SIZE="4"]අවුරුද්දක් තිස්සේ ප්ලෑනින්ය, හතර අත ණය ගොඩය.... කොහොමෙන් හරි මඟුල් දවස ආවේය.. පාන්දර 12.30 ට අන්දවන්න එන්නීය.. පෙරදා නින්දක් තිබුනේ නැත්තේ හිත මොකක්ද වී නිසාය.. නිදි මතද නැත... ඇය ආවාය... ආපු වෙලේ සිට මූණ පුරා උලනවාය... තට්ටු හත අටක්ම ඉලුවාය.. කැඩපතින් මූණ දුටුවිට මනමාලියම තුෂ්නිම්භූත විය.. "මේ මොකාද??" ආයෙමත් උලනවාය.... පාට පාට ගාන්නීය... ඇස් පාට කොරනකම් උඩ බලන්, එහෙ බලන් , මෙහෙ බලන් ඉඳ බෙල්ලද උලුක්කුය.. තැල්ල තියන නැකතට මව් පැමිණ දෝණි සොයා ගත නොහැකිව අන්ද මන්දය.... හතර පහ වෙනකොට මූණ අලුත් කොර කොණ්ඩය දමා අවසන්ය.. මූණේ බර ග්රෑම් 920 කින් පමණ වැඩි වෙලාය.. කොණ්ඩය, කොණ්ඩ කටු, හෙයා(ර්) ස්ප්රෙ , හවරි, තැලි, ඉර හඳ සමඟ දැන් ග්රෑම් 1200 ක් පමණ වැඩි වෙලාය... උදේ හයහමාර පමණ වන විට කිලෝ එකහමාරක් දෙකක් පමණ බර සාරියද, තව කිලෝවක් පමණ බර ආභරණද පැළඳ අවසන්ය... බෙල්ලට දෙවියන්ගේ පිහිටය... එයින් ගැළවී හුස්මක් ගන්ඩත් කලියෙන් ෆොටෝ ග්රැෆ(ර්) තව දෙන්නෙක් සමඟ කඩා පාත් විය... "මෙයා මාර වෙලාවක්නෙ ගත්තෙ... අපට වෙලාවත් මදි වෙනවා... උන්ගේ දෝස් මුරේය" එහෙට හැරෙන්න, මෙහෙට හැරෙන්න, අංශක හැටට ඔළුව හරවන්න, එකසිය අසූවට කකුල් ඈත් කරන්න, තුන්සිය හැටට අත වනන්න, දිග අරින්න , නැවෙන්න, දුවන්න, පනින්න, ඊසානෙට ඔළුව දාලා කඳ උතුරට හරවන්න, මනමාළයාව කොනිත්තල දුවන්න, මන මාළයට පයින් ගහල දුවන්න, උඩ පැනල හූවක් තියල කැරකිල බල්ටියනක් ගහල එන්න... කෙළවරක් නැති නියෝගය.... අඟල් හතර පහේ අඩි උස දාගත් කකුල් වලට බුදුසරණය.. කොන්දට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටය.... පෝරුවේ චාරිත්තර දැන් ඉතින් ස්ටයිල් එකට නිසා පැය භාගෙන් බේරෙගන්නට හැකිවිය... හරියටම කොළා නම් පැයක් හමාරක් යනවාය... හද්දා පිපාසෙන් බොන්ඩ ගත්ත පෑණි බීම වීදුරු වල ලුණුය.. නොදකින්ය... ඒ රැග්ය.. හද්දා බඩගිනි වුවත් කන්නට බැරිය.. නියපොතු අලවාපු නිසා අතින් මෙලෝ හත්තිලව්වක් අල්ලන්නට නුහුරුය.. හැඳි ගෑරැප්පු නම් කරුමයක්ය... කන්නෙත් ජායාරූප සිල්පියාට ඕනෑ විදියටය... කට ළඟට හැන්ද අරන් විනාඩියක් ඒ දෙස බලන් සිටිය යුතුය... ඒ අස්සේ කපල් ඩාන්ස්ය... සෙකන්ඩ් වෙන්නත් බැරිය... උලව් නැටුම් නටන්නත් බැරිය..හත්මුතු පරම්පරා දෙකකටම වැඳලා වැඳලා වැඳලා කොන්දෙ පොට ගොහින්ය... දැන් කොන්ද නිකමුත් නැවෙනවාය... යන නැකත ආවත් මුන් යන්ඩ දෙන්නේම නැත, දෙපැත්තෙන් තරඟෙට පම්පෝරි කතන්දරය.. ඒ මදිවාට සෝ සුසුම් හඬා වැලපිලිය... අඩන්නත් පණ නැත.. ඇඬෙන්නේ ඇඟේ රුදාවටය..." නැකත කිට්ටූයි..." කාටදෝ පිංසිද්ධ වෙන්ඩ බොහොම අමාරුවෙන් පැන ගත්තෝය.. කාමරේට ආ වෙලේ සිට ඇඳුම් ගලවනවාය,ගලවනවාය ඉවරයක් නැතිය.. කොණ්ඩ කටු ගලවන්ඩ විනාඩි ගණනින්ය... මේකප් තට්ටු පිහදාන්ඩ තව වරුවක්ය... දැනටම හොඳ පණ ගොහින්ය.... කකුළ් ඉදිමිලාය....කොන්දක් අැතුවා නැතුවා සේය...බෙල්ලේ පොට ගොස්ය, නාන මල යටම නින්ද යන්නේ මහන්සියටය.... පොටෝ වලට මනමාළි උස්සලාම මනමාලයාගේ ෂොක්ඇබ්සෝබර් බැස ගොස්ය... ඒ මදිවාට හද්දා බඩගින්කය.. ලස්ස ගණන් වියදම් කොරත් හරියකට බඩට ටිකක් වැටුනේ නැති කරුම දවසක්ය... දැන් මොන පළමු රැයද, පෙරේතයන් පොළේ ගැසුවා සේ වැටුනු වැටුනු තැන් වල උන් නිදිය....[/SIZE] :yes::yes::yes: - බුකියෙන් ඉස්සුවේ - [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom