Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හඳුන්නෙත්තිගේ රෙද්ද ගලවන්න පෝලිමක්....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"හඳුන්නෙත්තිගේ රෙදි ගැලවූ හෙලිදරව්ව" යන ශීර්ෂ පාඨය සහිතව Video කැබැල්ලක් මේ දින වල සමාජ මාධ්‍ය අවකාශයේ සැරිසරමින් තිබේ.

ජරාව කන කපුටන්ට මලකුණක් බඳු මෙම Video කැබැල්ල, ප්‍රංශයේ වෙසෙන සජිත්වාදීන්, රනිල්වාදීන් මෙන්ම නාමල්වාදීන් මේ වන විට තළු මර මර බෙදාහරිමින් සිටී.

මලකුණක් බඳු යූටියුබ් කාරයා...

මලකුණක් බඳු මේ Video කැබැල්ලේ අන්තර්ගතව ඇත්තේ පසුගිය අගෝස්තු 27 වැනිදා සිරස රූපවාහිනියේ පැවැති 'සටන' ට සහභාගි වී සිටි ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති විසින් කළ ප්‍රකාශයක් ගැන විවේචනයකි.

මෙම Video කැබැල්ල ආරම්භ වන්නේ, එය සැකසූ පුද්ගලයාගේ පූර්විකාවකිනි. එය මෙසේය.

" උන් කරන දේවල් වල ප්‍රතිඵල මොනවාද? උන් කියන දේවල් වල ප්‍රතිඵල මොනවාද? කියන දේ මත තමයි, සත්‍ය මිත්‍රයෙක්ද, සත්‍ය එදිරිවාදියෙක් ද කියන එක හඳුනගත හැක්කේ. සමහර එදිරිවාදකම් තියෙනවා ඒවා එන්නේ මිතුරු ලීලාවෙන්. "

මේ පූර්විකාවෙන් පසු හඳුන්නෙත්ති සටනෙදි කරපු ප්‍රකාශයේ කොටසක් ද දර්ශනය වෙන්නට සලස්වයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ජනාධිපති වූ පසු, දැනට පවතින ආණ්ඩුව විසුරුවා හරින බවත්, එම ආණ්ඩුව එක දවසක්වත් ඉදිරියට පවත්වාගෙන නොයන බවත් එතැනදි හඳුන්නෙත්ති පවසයි.

නැවත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් වන තුරු, ජාතික ජන බලවේගය සැලසුම් කර ඇති පරිදි අමාත්‍යංශ 25 වෙනුවෙන් ලේකම්වරු 25 පත්කොට ඒ මගින් ආණ්ඩුව පවත්වාගෙන යන බව හඳුන්නෙත්ති කියයි.

මේ මොහොතේ සටන වැඩසටහනට සජිත් පාර්ශ්වය වෙනුවෙන් පැමිණ සිටි අජිත් පී පෙරේරා, අපහාසයට මෙන් සිනාසෙමින්, NPP එකට කවුරු හරි ලොකු ලණුවක් දී ඇතැයි කියමින් හඳුන්නෙත්තිට කෝචොක් කරයි.

එතැනින් පසු සටන වැඩසටහනේ කොටස ප්‍රදර්ශනය කිරීම අවසන් කරන youtuber, සජිත්ගේ ගෝලයා විසින් හඳුන්නෙත්තිට දැමූ කින්ඩි ප්‍රකාශයම නැවත වමාරමින් ඔහුගේ මතය කියන්න පටන් ගනී.

ඒ අනුව ඔහු කියන්නෙ , හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ඒ වෙලාවේ නිකන් කටට ආ කතාවක් බවයි. එය මූලධර්ම පිලිබඳව කිසිදු අවබෝධක් නැතුව කරන ප්‍රකාශයක් බවත්, අමාත්‍යංශ ලේකම්වරුන්ට බලතලදී ක්‍රියාත්මක කරනවා යැයි කීම හෙන ආකර්ශනීය එකක් බවත් ඔහු තවදුරටත් කියයි.

මේ වගේ කතා TV program වල නොකියා හඳුන්නෙත්තිගේ ගම් පැත්තේ ගිහින් පොකට් Meeting වලට ගොස් කියන ලෙසත් අදාල Youtuber විසින් යෝජනා කරයි. එතැනින් නොනවතින ඔහු හඳුන්නෙත්ති ගමේ Meeting එකේදී එය කියූ පසු ඒ Meeting එකට එන මිනිස්සු අත්පුඩි ගසා හුරේ දාන අයුරුත් රඟදක්වා පෙන්වයි.

පාර්ලිමේන්තුව විසුරුවලා, ලේකම්වරු 25 පත්කරලා, නැවත මැතිවරණය පවත්න තුරු කාලය තුළ , මොකා හරි එකා ජනාධිපති මැරුණොත්, ඊට පසුව මොන ලේකම් ද ජනාධිපති වෙන්නෙ කියා Youtuber ප්‍රශ්න කරයි.

මේ ටික ලිව්වේ මේ ලිපිය කියවන පාඨකයාට අර Video කෑල්ලෙ තියෙන සම්පූර්ණ චිත්‍රය පිලිබඳව අදහසක් ඇති කර ගන්නය.

මෙම සටහන ලියන මම, සජිත්ගේ ගෝලයා වෙච්චි අජිත් පී පෙරේරා හෝ තවත් කවුරු හරි වගේ හෝ නීති විභාගය සමත් වූ, ව්‍යවස්ථාව පිලිබඳව නීති විශාරදයෙක්වූ කෙනෙකු නොවෙමි.

එහෙත් මේ Video කෑල්ල නරඹා තිබුණු මගේ සමකාලීන මාධ්‍ය සගයෙකු වුණු දැනට ඇමරිකාවේ වෙසෙන පෝද්දල ජයන්ත, මේ ගැන ඔහුගේ මුහුණු පොතේ ලියා තිබුණු සටහනක් මම කියෙව්වෙමි.

පෝද්දලගේ සටහනේ ශීර්ෂ පාඨය යොදා තිබුණේ " හඳුන්නෙත්තිගේ ප්‍රකාශය නිවැරදියි.." යන්නය.

පෝද්දල අවධාරණය කර තිබුණේ මේ Video කැබැල්ල, ජාතික ජන බලවේගයේ අනුර ගේ පැහැදිලි ජයග්‍රහණය හමුවේ වියරු වැටී සිටින්නන්ට තළු මැරීමට සහ මඩ ගැසීමට හොඳ මාතෘකාවක් සපයාදී තිබෙන බවය.

පෝද්දල තමන්ගේ සටහනට ඇතුලේ , හඳුන්නෙත්ති 'සටන' වැඩසටහනේදී කරපු ප්‍රකාශය පිලිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ගෙන් කළ විමසීමකදි එම නිලධාරියා විසින් ඔහුට කළ පැහැදිලි කිරීමත් ඇතුලත් කර තිබිණි.

හඳුන්නෙත්ති කටට ආවාට කීවා නොවේ..

පෝද්දල ලියා තිබූ අයුරින්ම එම පැහැදිලි කිරීම පහත පරිදිය.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 අනුව නව ජනාධිපතිවරයකු පත්වූ පසු නිශ්චිත කාලය සම්පූර්ණ වී තිබේ නම් , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ සිටින අගමැතිවරයා , ඉවත් කරන්න පුළුවන්. එවිට අමාත්‍ය මණ්ඩලය ඉබේම විසිරෙනවා. ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඔහු කැමති අගමැතිවරයකු පත්කරන්න පුළුවන්."

"අනතුරුව 47 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යාංශ ගැසට් කරන්න පුළුවන්. ඊට පසු ඔහු කැමති නම් ඉන්න පාර්ලිමේන්තුවෙන් ඇමතිවරු පත් කරන්න පුළුවන්. නැත්නම් ඉහත ගැසට් කළ අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඊළග පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීම තෙක් භාරකාර ආණ්ඩුව වෙන්නෙ නව අගමැතිවරයා ප්රමුඛ එම ලේකම්වරු. ඊට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්"

ඉහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු විසින් හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ගැන විමසූවිට ලබා දී තිබූ පිලිතුරුය.

ඒ අනුව නම් හඳුන්නෙත්ති කියා ඇත්තේ ඒවෙලේ කටට ආපු එකක් නොවන බව පැහැදිලිය. Youtuber කියන විදිහට මූලධර්ම පිලිබඳ හඳුන්නෙත්තිගේ අවබෝධයේ අඩුවකුත් ඇතැයි සිතිය නොහැක.

සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින අජිත් පී පෙරේරා මෙන්ම මෙම Youtuber මහතාද අවධාරණය කළ පරිදි ,හඳුන්නෙත්ති හෝ NPP එක හෝ කාගේවත් ලොකු ලණුවක් කා ඇති බවකුත් අදාල පැහැදිලි කිරීමට අනුව පෙනෙන්නට නැත.

කපුටන් හාරා අවුස්සා කන මලකුණක්

කෙසේ වෙතත් කපුටන් හාරා අවුස්සා කන මලකුණක් බඳු මේ Video කැබැල්ල, ජාතික ජන බලවේගයට එරෙහිව කඳවුරු බැඳ සිටින ජාවාරම්කාර ,දූෂිත ප්‍රභූ පංතියේ නියෝජිතයන්ට නම් මසුරන් වටින ත්‍යාගයක් වී ඇත.

ලංකාවේ පවතින සියලු ප්‍රධාන පක්ෂ තුළ විශාල අර්බුද මතුවී ඒවා කැඩි කැඩී විනාශ වෙමින් පවතින විට, කිසිදු අර්බුදයක් නොපෙනෙන එකම බලවේගය ලෙස පවතින ජාතික ජන බලවේගය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට කිසිවෙකුට මෙතෙක් හැකි වී නැත.

විටෙක අනුර සහ හරිනි අතර අර්බුදයක් ඇති කිරීමට ජනමාධ්‍ය ලෙස පෙනී සිටින ජඩ මාධ්‍ය උත්සාහ ගත් අයුරු දැක ගත හැකි විය. එය අසාර්ථක වූ විට, ලාල්කාන්තගේ ප්‍රකාශ මෙන්ම හඳුන්නෙත්තිගේ ප්‍රකාශ අල්ලා ගෙන ඒවා NPP ය තුළ ගැටුමක් ඇති බවට හුවා දැක්වීමට බොහෝ අය වෙර දරන අයුරු දක්නට හැකි විය.

සත්‍ය මිත්‍රයෙක්ද, සත්‍ය එදිරිවාදියෙක්ද, යන්න හඳුනා ගැනීම ගැන සහ මිතුරු ලීලාවෙන් එන එදිරිවාදිකම් ගැන සඳහන් කරමින් මේ Youtuber මහතා තම පූර්විකාවෙන් ද ඉඟි ලබා දෙන්නේ, NPP ය තුළ ගැටුමක් පවතින බව ප්‍රකාශ කිරීමටය.

මිතුරු වෙසින් ආ සතුරා...

මෙය තවත් බරපතල වී ඇත්තේ මේ Youtuber මහතා, ප්‍රංශයට පැමිණි NPP නායකයන් සියල්ලන් සමඟම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති තද බල NPP හිතවාදියෙකු ලෙස බොහෝ අය හිතන නිසාය.

සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ හුවමාරුවන මෙම Video කැබැල්ලේ ලොකු අකුරෙන් ලියා ඇත්තේ, " සුනිල්ට ට්‍රැක්ද?" යනුවෙන්ය.

මේ Video කැබැල්ල දුටු විට නම්, හඳුන්නෙත්තිට කොහොම වෙතත්, ප්‍රංශයට පැමිණි NPP නායකයන් හැමෝම පාහේ ට්‍රැක් පන්නා ගත්තා දැයි බොහෝ අයට හිතෙන්නට පුලුවන් ය.

ජනමාධ්‍යවේදියාගේ වාර්තාකරණය සිදුවිය යුත්තේ එය පරිශීලනය කරන ජනතාවගේ බුද්ධියට නිගාවක් ඇති නොකරන පරිදි ය. නිගාවක් ඇති වන පරිදි එය සිදු වුවහොත්, එවැනි ජනමාධ්‍යවේදීන් ලබන එකම ප්‍රතිපෝෂණය ජනතා පිළිකුල පමණය.

-සුනිල් ගාමිණී ජයලත්ගේ

[QUOTE="SLK_sri, post: 30097362, member: 569192"] "හඳුන්නෙත්තිගේ රෙදි ගැලවූ හෙලිදරව්ව" යන ශීර්ෂ පාඨය සහිතව Video කැබැල්ලක් මේ දින වල සමාජ මාධ්‍ය අවකාශයේ සැරිසරමින් තිබේ. ජරාව කන කපුටන්ට මලකුණක් බඳු මෙම Video කැබැල්ල, ප්‍රංශයේ වෙසෙන සජිත්වාදීන්, රනිල්වාදීන් මෙන්ම නාමල්වාදීන් මේ වන විට තළු මර මර බෙදාහරිමින් සිටී. [HEADING=3]මලකුණක් බඳු යූටියුබ් කාරයා...[/HEADING] මලකුණක් බඳු මේ Video කැබැල්ලේ අන්තර්ගතව ඇත්තේ පසුගිය අගෝස්තු 27 වැනිදා සිරස රූපවාහිනියේ පැවැති 'සටන' ට සහභාගි වී සිටි ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති විසින් කළ ප්‍රකාශයක් ගැන විවේචනයකි. මෙම Video කැබැල්ල ආරම්භ වන්නේ, එය සැකසූ පුද්ගලයාගේ පූර්විකාවකිනි. එය මෙසේය. " උන් කරන දේවල් වල ප්‍රතිඵල මොනවාද? උන් කියන දේවල් වල ප්‍රතිඵල මොනවාද? කියන දේ මත තමයි, සත්‍ය මිත්‍රයෙක්ද, සත්‍ය එදිරිවාදියෙක් ද කියන එක හඳුනගත හැක්කේ. සමහර එදිරිවාදකම් තියෙනවා ඒවා එන්නේ මිතුරු ලීලාවෙන්. " මේ පූර්විකාවෙන් පසු හඳුන්නෙත්ති සටනෙදි කරපු ප්‍රකාශයේ කොටසක් ද දර්ශනය වෙන්නට සලස්වයි. ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ජනාධිපති වූ පසු, දැනට පවතින ආණ්ඩුව විසුරුවා හරින බවත්, එම ආණ්ඩුව එක දවසක්වත් ඉදිරියට පවත්වාගෙන නොයන බවත් එතැනදි හඳුන්නෙත්ති පවසයි. නැවත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් වන තුරු, ජාතික ජන බලවේගය සැලසුම් කර ඇති පරිදි අමාත්‍යංශ 25 වෙනුවෙන් ලේකම්වරු 25 පත්කොට ඒ මගින් ආණ්ඩුව පවත්වාගෙන යන බව හඳුන්නෙත්ති කියයි. මේ මොහොතේ සටන වැඩසටහනට සජිත් පාර්ශ්වය වෙනුවෙන් පැමිණ සිටි අජිත් පී පෙරේරා, අපහාසයට මෙන් සිනාසෙමින්, NPP එකට කවුරු හරි ලොකු ලණුවක් දී ඇතැයි කියමින් හඳුන්නෙත්තිට කෝචොක් කරයි. එතැනින් පසු සටන වැඩසටහනේ කොටස ප්‍රදර්ශනය කිරීම අවසන් කරන youtuber, සජිත්ගේ ගෝලයා විසින් හඳුන්නෙත්තිට දැමූ කින්ඩි ප්‍රකාශයම නැවත වමාරමින් ඔහුගේ මතය කියන්න පටන් ගනී. ඒ අනුව ඔහු කියන්නෙ , හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ඒ වෙලාවේ නිකන් කටට ආ කතාවක් බවයි. එය මූලධර්ම පිලිබඳව කිසිදු අවබෝධක් නැතුව කරන ප්‍රකාශයක් බවත්, අමාත්‍යංශ ලේකම්වරුන්ට බලතලදී ක්‍රියාත්මක කරනවා යැයි කීම හෙන ආකර්ශනීය එකක් බවත් ඔහු තවදුරටත් කියයි. මේ වගේ කතා TV program වල නොකියා හඳුන්නෙත්තිගේ ගම් පැත්තේ ගිහින් පොකට් Meeting වලට ගොස් කියන ලෙසත් අදාල Youtuber විසින් යෝජනා කරයි. එතැනින් නොනවතින ඔහු හඳුන්නෙත්ති ගමේ Meeting එකේදී එය කියූ පසු ඒ Meeting එකට එන මිනිස්සු අත්පුඩි ගසා හුරේ දාන අයුරුත් රඟදක්වා පෙන්වයි. පාර්ලිමේන්තුව විසුරුවලා, ලේකම්වරු 25 පත්කරලා, නැවත මැතිවරණය පවත්න තුරු කාලය තුළ , මොකා හරි එකා ජනාධිපති මැරුණොත්, ඊට පසුව මොන ලේකම් ද ජනාධිපති වෙන්නෙ කියා Youtuber ප්‍රශ්න කරයි. මේ ටික ලිව්වේ මේ ලිපිය කියවන පාඨකයාට අර Video කෑල්ලෙ තියෙන සම්පූර්ණ චිත්‍රය පිලිබඳව අදහසක් ඇති කර ගන්නය. මෙම සටහන ලියන මම, සජිත්ගේ ගෝලයා වෙච්චි අජිත් පී පෙරේරා හෝ තවත් කවුරු හරි වගේ හෝ නීති විභාගය සමත් වූ, ව්‍යවස්ථාව පිලිබඳව නීති විශාරදයෙක්වූ කෙනෙකු නොවෙමි. එහෙත් මේ Video කෑල්ල නරඹා තිබුණු මගේ සමකාලීන මාධ්‍ය සගයෙකු වුණු දැනට ඇමරිකාවේ වෙසෙන පෝද්දල ජයන්ත, මේ ගැන ඔහුගේ මුහුණු පොතේ ලියා තිබුණු සටහනක් මම කියෙව්වෙමි. පෝද්දලගේ සටහනේ ශීර්ෂ පාඨය යොදා තිබුණේ " හඳුන්නෙත්තිගේ ප්‍රකාශය නිවැරදියි.." යන්නය. පෝද්දල අවධාරණය කර තිබුණේ මේ Video කැබැල්ල, ජාතික ජන බලවේගයේ අනුර ගේ පැහැදිලි ජයග්‍රහණය හමුවේ වියරු වැටී සිටින්නන්ට තළු මැරීමට සහ මඩ ගැසීමට හොඳ මාතෘකාවක් සපයාදී තිබෙන බවය. පෝද්දල තමන්ගේ සටහනට ඇතුලේ , හඳුන්නෙත්ති 'සටන' වැඩසටහනේදී කරපු ප්‍රකාශය පිලිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ගෙන් කළ විමසීමකදි එම නිලධාරියා විසින් ඔහුට කළ පැහැදිලි කිරීමත් ඇතුලත් කර තිබිණි. [HEADING=3]හඳුන්නෙත්ති කටට ආවාට කීවා නොවේ..[/HEADING] පෝද්දල ලියා තිබූ අයුරින්ම එම පැහැදිලි කිරීම පහත පරිදිය. "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 අනුව නව ජනාධිපතිවරයකු පත්වූ පසු නිශ්චිත කාලය සම්පූර්ණ වී තිබේ නම් , පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහ සිටින අගමැතිවරයා , ඉවත් කරන්න පුළුවන්. එවිට අමාත්‍ය මණ්ඩලය ඉබේම විසිරෙනවා. ඉන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඔහු කැමති අගමැතිවරයකු පත්කරන්න පුළුවන්." "අනතුරුව 47 ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යාංශ ගැසට් කරන්න පුළුවන්. ඊට පසු ඔහු කැමති නම් ඉන්න පාර්ලිමේන්තුවෙන් ඇමතිවරු පත් කරන්න පුළුවන්. නැත්නම් ඉහත ගැසට් කළ අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඊළග පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීම තෙක් භාරකාර ආණ්ඩුව වෙන්නෙ නව අගමැතිවරයා ප්රමුඛ එම ලේකම්වරු. ඊට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්" ඉහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු විසින් හඳුන්නෙත්තිගේ ප්‍රකාශය ගැන විමසූවිට ලබා දී තිබූ පිලිතුරුය. ඒ අනුව නම් හඳුන්නෙත්ති කියා ඇත්තේ ඒවෙලේ කටට ආපු එකක් නොවන බව පැහැදිලිය. Youtuber කියන විදිහට මූලධර්ම පිලිබඳ හඳුන්නෙත්තිගේ අවබෝධයේ අඩුවකුත් ඇතැයි සිතිය නොහැක. සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින අජිත් පී පෙරේරා මෙන්ම මෙම Youtuber මහතාද අවධාරණය කළ පරිදි ,හඳුන්නෙත්ති හෝ NPP එක හෝ කාගේවත් ලොකු ලණුවක් කා ඇති බවකුත් අදාල පැහැදිලි කිරීමට අනුව පෙනෙන්නට නැත. [HEADING=3]කපුටන් හාරා අවුස්සා කන මලකුණක්[/HEADING] කෙසේ වෙතත් කපුටන් හාරා අවුස්සා කන මලකුණක් බඳු මේ Video කැබැල්ල, ජාතික ජන බලවේගයට එරෙහිව කඳවුරු බැඳ සිටින ජාවාරම්කාර ,දූෂිත ප්‍රභූ පංතියේ නියෝජිතයන්ට නම් මසුරන් වටින ත්‍යාගයක් වී ඇත. ලංකාවේ පවතින සියලු ප්‍රධාන පක්ෂ තුළ විශාල අර්බුද මතුවී ඒවා කැඩි කැඩී විනාශ වෙමින් පවතින විට, කිසිදු අර්බුදයක් නොපෙනෙන එකම බලවේගය ලෙස පවතින ජාතික ජන බලවේගය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට කිසිවෙකුට මෙතෙක් හැකි වී නැත. විටෙක අනුර සහ හරිනි අතර අර්බුදයක් ඇති කිරීමට ජනමාධ්‍ය ලෙස පෙනී සිටින ජඩ මාධ්‍ය උත්සාහ ගත් අයුරු දැක ගත හැකි විය. එය අසාර්ථක වූ විට, ලාල්කාන්තගේ ප්‍රකාශ මෙන්ම හඳුන්නෙත්තිගේ ප්‍රකාශ අල්ලා ගෙන ඒවා NPP ය තුළ ගැටුමක් ඇති බවට හුවා දැක්වීමට බොහෝ අය වෙර දරන අයුරු දක්නට හැකි විය. සත්‍ය මිත්‍රයෙක්ද, සත්‍ය එදිරිවාදියෙක්ද, යන්න හඳුනා ගැනීම ගැන සහ මිතුරු ලීලාවෙන් එන එදිරිවාදිකම් ගැන සඳහන් කරමින් මේ Youtuber මහතා තම පූර්විකාවෙන් ද ඉඟි ලබා දෙන්නේ, NPP ය තුළ ගැටුමක් පවතින බව ප්‍රකාශ කිරීමටය. [HEADING=3]මිතුරු වෙසින් ආ සතුරා...[/HEADING] මෙය තවත් බරපතල වී ඇත්තේ මේ Youtuber මහතා, ප්‍රංශයට පැමිණි NPP නායකයන් සියල්ලන් සමඟම සම්මුඛ සාකච්ඡා පවත්වා ඇති තද බල NPP හිතවාදියෙකු ලෙස බොහෝ අය හිතන නිසාය. සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ හුවමාරුවන මෙම Video කැබැල්ලේ ලොකු අකුරෙන් ලියා ඇත්තේ, " සුනිල්ට ට්‍රැක්ද?" යනුවෙන්ය. මේ Video කැබැල්ල දුටු විට නම්, හඳුන්නෙත්තිට කොහොම වෙතත්, ප්‍රංශයට පැමිණි NPP නායකයන් හැමෝම පාහේ ට්‍රැක් පන්නා ගත්තා දැයි බොහෝ අයට හිතෙන්නට පුලුවන් ය. ජනමාධ්‍යවේදියාගේ වාර්තාකරණය සිදුවිය යුත්තේ එය පරිශීලනය කරන ජනතාවගේ බුද්ධියට නිගාවක් ඇති නොකරන පරිදි ය. නිගාවක් ඇති වන පරිදි එය සිදු වුවහොත්, එවැනි ජනමාධ්‍යවේදීන් ලබන එකම ප්‍රතිපෝෂණය ජනතා පිළිකුල පමණය. [HEADING=3]-සුනිල් ගාමිණී ජයලත්ගේ[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom