Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි

හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි

විව්ධ විරෝධතා සහ වර්ජන මධ්‍යයේ හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම අද අත්සන් කරන ලදී. මෙය හුදෙක් වරායක් බදු දීමක්ද අතිශයින් අවාසි සහගත ව්‍යාපාර ගණුදෙනුවකින් ගැලවී දකුණේ සහ නැගෙනහිර පළාතේ විශාල සංවර්ධනයක් ඇති කිරීමේ මඟක් ද යන්න උපායමාර්ගික ඥාණයක් නැති අයට වටහා ගැනීමට අපහසු වී ඇත.

හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ වන්නේ 2008 වසරේදීය. 2010 වරාය විවෘත කරන විටත් 2015 දක්වාත් වරාය අශ්‍රිතව බිහිවීමට සැලසුම් කල කර්මාන්ත ශාලා සහ බිහිකිරීමට සැලසුම් කල රැකියා දේශපාලන වාසි තකා ඉදිරිපත් කරන තර්ක වලට පමණක් සීමා වී තිබිණි. එහෙත් ඒ සඳහා ලබාගත් ඩොලර් බිලියන 1.2 පමණ වන විදේශ මුදල් ණය වල වාරික සහ පොලී ගෙවීම නම් කලයුතුව තිබිණි.

දකුණු මුහුදේ කොතරම් නැව් යාත්‍රා කලත් එම ප්‍රමාණයෙන් 1% වත් හම්බන්තොට වරායට අද්දවා ගැනීමට රටට හැකියාවක් නැත. මා දන්න තරමින් පසුගිය වසර 5 තුල නැව් 200 පමණ මෙහි පැමිණ ඇත. එයිනුත් සමහරක් කොළඹ වරායට එන වාහන නැව් එයට යවා ගැනීමෙන් කල දෙයකි. ක්‍රා ඇල ආරම්භ කල විට හම්බන්තොට වරායට විශාල ඉල්ලුමක් ඇතිවන බව කියන අය අද යන නැව් ප්‍රමාණයෙන් 1% ගෙන්වා ගැනීමට නොහැකි වරායක් එවිට නැව් ගෙන්වා ගන්නේ කෙසේදැයි කියන්නේ නැත.

දකුණු පළාතේ සහ නැගෙනහිර පළාතේ කර්මාන්ත ශාලා ඇතිවීම අඩු වශයෙන් සිදුවන්නේ එම ප්‍රදේශ වල සිට කොළඹ වරාය හරහා අපනයනය කිරීමෙදී වැඩි වන පිරිවැය නිසාය. වරායක් තිබූ පමණින් අපනයනයන් හම්බන්තොටට නොයයි. එයට වෙලඳ නැව් පැමිණීමක් සිදුවෙන තෙක් එම පළාත්වල රැකියා ඇතිවීම කල් යනු ඇත. එය කුකුලාද බිත්තරේද පලමුවෙන් පැමිණෙන්නේ කියා බලා සිටීමකි.

ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ අදාල ඉඩම් ප්‍රමාණය චීනයේ වරායන් අයත් සමාගමකට බදුදී එහි වරායක් BOT ක්‍රමයට සාදවා ගැනීමය. එසේ වූවානම් වරාය සෑදීමට වියදම් වන්නේ රට ණය වශයෙන් ලබා ගන්නා මුදල් නොවේ. එසේම යන වියදම අනුව අවුරුදු 35-50 ක කාලයකින් වරාය නැවත රටට ලැබෙන ලෙස සැලසුම් කිරීමට ඉඩ තිබිණි. ඉදිකිරීම් වලදී ලබා ගත හැකි විශාල විදේශ මුදල් කොමිස් කුට්ටි නිසා එය එසේ සිදුවූයේ නැත. එසේම එම කාලයේ නැව් ගෙන්වා ගන්නේ වරාය ක්‍රියාත්මක කරන අය (port operator) නිසා අද වන විට නැව් විශාල ප්‍රමාණයක් පැමිණෙන වරායක් වී තිබීමට ඉඩ තිබිණි. එම නිසාම දකුණු නැගෙනහිර ප්‍රදේශයේ විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් අද වන විට ඉදිවී රැකියා විශාල ප්‍රමාණයක් සහ වක්‍ර රැකියා තවත් විශාල ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නට ඉඩ තිබිණි. ණය අරගෙන අපි හැදූ නිසා නැව් ගෙන්නවා ගැනීමත් අපටම කිරීමට සිදුවිය. රැකියා ඇතිවීමක් සිදුවූවානම් දේශපාලන ගැත්තන් වරායේ වැඩ නැතිව රැකියා වලට ගැනීමක් පමණි.

අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණය . අදත් පාඩු ලබන් මුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් බිලියන 1.2 ක ණයක් ගෙවීමය අවුරුදු 30,000 ක් පමණ යයි. ඒත් පොලී ගෙවීමට අවශ්‍ය නැත්නම් පමණි.

මේ නූල් බෝලය ලෙහීමට රජයේ විසඳුම නම් වරාය චීන සමාගමකට බදු දීමත් ඒසමඟම ඒ අවට අක්කර 15,000 ක් අයෝජන කලාපයක් සඳහා චීනයට බදු දීමත්ය.

බදු කාලය

වරාය බදු දුන් කාලය එයට විරුද්ධ වන්නන්ගේ ප්‍රධානම සටන් පාඨයයි. පසුගිය රජය කාලයේ හම්බන්තොට වරාය හෙක්ටයාර් එකකට ඇමෙරිකානු ඩොලර් 35,000 කට චීන සමාගමකට පාලනය දීමට සැලසුමක් තිබිණි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4 කට දීර්ඝ කාලීන බද්දකට දීමට වඩා හොඳයැයි බයි තර්ක ඉදිරිපත් වෙයි. හම්බන්තොට වරායට අයත් භූමිය ආසන්න වශයෙන් හෙක්ටයාර් 500 කි. ඒ අනුව වසරකට ආදායම ඩොලර් මිලියන 17.5 කි. හම්බන්තොට වෙනුවෙන් ලබා ගෙන ඇති ණය මුදල ඩොලර් මිලියන 1.2 ලෙසද එහි පොලිය 4% ලෙසද සිතුවොත් වසරක පොලිය ඩොලර් මිලියන 48 කි. එවිට කුලිය ලෙස ලැබෙන ඩොලර් මිල්යන 17.5 ක් ඩොලර් මිලියන 48 පොලියක් ගෙවීමට හැකිද? පොලියට අමතරව ගෙවිය යුතු ණය මුදල ගෙවන්නේ කෙසේද? එම ඉඩ ප්‍රමාණයම බද්දට දී ඩොලර් බිලියන 1.4 ක් ලබා ගැනීම වඩා නරක් වන්නේ කෙසේද? වසරකට ඩොලර් මිලියන 17.5 ලබාගෙන ඩොලර් බිලියන 1.2 ක ණය එසේම තිබියදී පොලිය වශයෙන් ඩොලර් මිලියන 48 ක් ගෙවනවාට වඩා ඩොලර් බිලියන 1.4 ක් ලබාගෙන ණය සහ පොලිය යන්න දෙකම නැති කරගැනීම වඩා හොඳය. එවන් විශාල මුදලක් ගෙවීමට නම් ඒ සඳහා ගැලපෙන කාලයකට බදු දිය යුතුය. උදාහරණයකට වසර 35 කට බදු දුන්නනම් ලැබෙන මුදල ඩොලර් මිලියන 200-300 අතර වන්නට පුළුවන. එවිට ඉතිරි මුදල් සඳහා ණය සහ පොලී ගෙවන්නේ කෙසේද?

බදු දුන් රට

අද ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ විශාලතම ධාරිතාවක් පාවිච්චි කරන්නේ චීනයයි. චීනයේ සිට සහ චීනය වෙත බටහිර, යුරෝපීය, සහ අප්‍රිකානු රටවල සිට කෙරෙන නැව් ගමනාගමනය සිදුවන්නේ ලංකාවේ දකුණු මුදුදේය. එම නිසා එම නැව් යම් ප්‍රමාණයක් සඳහා හම්බන්තොට වරාය යොදාගත හැක්කේ චීනයටයි. එමනිසා චීන සමාගමකට එය බදු දීම නිවැරදිය.

අක්කර 15,000 ආයෝජන කලාපය

මේ සඳහා ඉඩම් දීමට ඇති රජයේ සැලැස්මටත් රටේ දියුණුවට පෙර තමාගේ දියුණුව පතන අය විරුද්ධය. 1977 සිට අයෝජන කලාප කිහිපයක්ම අපි ඇතිකර ඇත. අයෝජන කලාපයක් ඇතිකිරීම යනු විශාල වියදම් අධික දෙයකි. ඒසඳහා බිම් සකස් කිරීම, මහා මාර්ග, ජල බැස යාම, මලපවාහන කටයුතු, විදුලිය සැපයීම ආදිය එම වියදම්ය. එසේ බිලියන ගණනක් වියදම් කල පසුවත් එහි අයෝජනය සඳහා ගෙන්වා ගැනීමට විශාල වෙහෙසක් සහ කාලයක් දැරීමට සිදුවේ. මෙය රජයේ නිලධාරීන්ට සහ ප්‍රාදේශීය දේශපාලකයින්ට නම් හොඳ පල්ලමකි. විදේශ වල අයෝජන ප්‍රවර්ධන සඳහා සවාරි යාමට අමතරව විවිධ අනුමැතීන් සඳහා ආයෝජකයන්ගෙන් කප්පම් ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසේ. එවන් දේවල් සමඟ ලොව පුරා බිහිවී ඇති ආයෝජන කලාප සමඟ තරඟ කිරීමට හම්බන්තොට කලාපයට සිදුවේ. අද ලෝකයේ නිෂ්පාදන කර්මාන්තශාලා අතින් ඉදිරියෙන්ම සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. එවන් විශාල නිශ්පාදන කරන රටකට අයෝජන කලාපය ඇති කර එහි ආයෝජන ඇති කිරීමට භාරදීම හැම අතින්ම වාසි සහගත දෙයකි.

වරාය චීන සමාගමකට ඔවුන්ගේ වියදමින් ඉදිකිරීමට භාර නොදී ඉදිකිරීම් කොන්ත්‍රාත් හරහා ගසා කාමට ගොස් අසාර්ථක වරායක් ඇතිකිරීම වැනි දේකට නොගොස් නිදහස් වෙලඳ කලාපය ඇතිකිරීම සහ ඒවාට අයෝජන ගෙන ඒමේ අයිතිය ඔවුන්ටම දීමෙන් රජය කර ඇත්තේ ශීඝ්‍ර ලෙස රැකියා ඇතිකිරීමට හොඳ පියවරයි.

මේවාට විරුද්ධව තර්ක ඉදිරිපත් කරන වැඩ වර්ජන සංවිධානය කරන අයට නැගෙනහිර සහ දකුණේ රැකියා ඇතිකිරීමට හෝ රටට යහපතක් වන පරිදි විශාල වශයෙන් නැව් එන වරායක් ඇතිවීම අවශ්‍ය නොවේ. වරාය සහ අයෝජන කලාපය නිසා ඇතිවන්නේ ඍජු රැකියා මෙන් කිහිප ගුණයක වක්‍ර රැකියා ප්‍රමාණයක් ආහාර, නවාතැන්, ප්‍රවාහන, ද්‍රව්‍ය සැපයීම් ආදිය නිසා ඇතිවීම එම පළාත්වල කෘෂි භෝග ආදියට වැඩි මිලක් ලැබීම වැනි දේවල් ගැන ඔවුන්ට ඕනෑකමක් නැත. එවන් පුද්ගලයන්ගේ 'දේශප්‍රේමී' සටන් පාඨ වලට නම් සැමදා ඉල්ලුමක් තිබිය හැක.

අද අත්සන් කල ගිවිසුමෙන් සිදුවන්නේ හුදෙක් මුදල් ගරා ගැනීමට ණය ලබාගෙන පිහිණුම් තටාකයක් ඉදිකර රට හිරකර තිබූ උගුලකින් එය ගලවාගෙන ඒමඟින් විශාල ලෙස රැකියා ඇතිකර දකුණ සංවර්ධනය සඳහා අවාසියක් වාසියකට හරවා ගැනීමකි.

source http://lankanian.blogspot.com/2017/07/blog-post_30.html

[QUOTE="rangana26, post: 22025316, member: 461943"] [b]හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි[/b] [SIZE="5"]හම්බන්තොට උගුලෙන් රට ගැලවෙයි විව්ධ විරෝධතා සහ වර්ජන මධ්‍යයේ හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම අද අත්සන් කරන ලදී. මෙය හුදෙක් වරායක් බදු දීමක්ද අතිශයින් අවාසි සහගත ව්‍යාපාර ගණුදෙනුවකින් ගැලවී දකුණේ සහ නැගෙනහිර පළාතේ විශාල සංවර්ධනයක් ඇති කිරීමේ මඟක් ද යන්න උපායමාර්ගික ඥාණයක් නැති අයට වටහා ගැනීමට අපහසු වී ඇත. හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ වන්නේ 2008 වසරේදීය. 2010 වරාය විවෘත කරන විටත් 2015 දක්වාත් වරාය අශ්‍රිතව බිහිවීමට සැලසුම් කල කර්මාන්ත ශාලා සහ බිහිකිරීමට සැලසුම් කල රැකියා දේශපාලන වාසි තකා ඉදිරිපත් කරන තර්ක වලට පමණක් සීමා වී තිබිණි. එහෙත් ඒ සඳහා ලබාගත් ඩොලර් බිලියන 1.2 පමණ වන විදේශ මුදල් ණය වල වාරික සහ පොලී ගෙවීම නම් කලයුතුව තිබිණි. දකුණු මුහුදේ කොතරම් නැව් යාත්‍රා කලත් එම ප්‍රමාණයෙන් 1% වත් හම්බන්තොට වරායට අද්දවා ගැනීමට රටට හැකියාවක් නැත. මා දන්න තරමින් පසුගිය වසර 5 තුල නැව් 200 පමණ මෙහි පැමිණ ඇත. එයිනුත් සමහරක් කොළඹ වරායට එන වාහන නැව් එයට යවා ගැනීමෙන් කල දෙයකි. ක්‍රා ඇල ආරම්භ කල විට හම්බන්තොට වරායට විශාල ඉල්ලුමක් ඇතිවන බව කියන අය අද යන නැව් ප්‍රමාණයෙන් 1% ගෙන්වා ගැනීමට නොහැකි වරායක් එවිට නැව් ගෙන්වා ගන්නේ කෙසේදැයි කියන්නේ නැත. දකුණු පළාතේ සහ නැගෙනහිර පළාතේ කර්මාන්ත ශාලා ඇතිවීම අඩු වශයෙන් සිදුවන්නේ එම ප්‍රදේශ වල සිට කොළඹ වරාය හරහා අපනයනය කිරීමෙදී වැඩි වන පිරිවැය නිසාය. වරායක් තිබූ පමණින් අපනයනයන් හම්බන්තොටට නොයයි. එයට වෙලඳ නැව් පැමිණීමක් සිදුවෙන තෙක් එම පළාත්වල රැකියා ඇතිවීම කල් යනු ඇත. එය කුකුලාද බිත්තරේද පලමුවෙන් පැමිණෙන්නේ කියා බලා සිටීමකි. ඇත්ත වශයෙන්ම සිදුවිය යුතුව තිබුණේ අදාල ඉඩම් ප්‍රමාණය චීනයේ වරායන් අයත් සමාගමකට බදුදී එහි වරායක් BOT ක්‍රමයට සාදවා ගැනීමය. එසේ වූවානම් වරාය සෑදීමට වියදම් වන්නේ රට ණය වශයෙන් ලබා ගන්නා මුදල් නොවේ. එසේම යන වියදම අනුව අවුරුදු 35-50 ක කාලයකින් වරාය නැවත රටට ලැබෙන ලෙස සැලසුම් කිරීමට ඉඩ තිබිණි. ඉදිකිරීම් වලදී ලබා ගත හැකි විශාල විදේශ මුදල් කොමිස් කුට්ටි නිසා එය එසේ සිදුවූයේ නැත. එසේම එම කාලයේ නැව් ගෙන්වා ගන්නේ වරාය ක්‍රියාත්මක කරන අය (port operator) නිසා අද වන විට නැව් විශාල ප්‍රමාණයක් පැමිණෙන වරායක් වී තිබීමට ඉඩ තිබිණි. එම නිසාම දකුණු නැගෙනහිර ප්‍රදේශයේ විශාල කර්මාන්තශාලා ප්‍රමාණයක් අද වන විට ඉදිවී රැකියා විශාල ප්‍රමාණයක් සහ වක්‍ර රැකියා තවත් විශාල ප්‍රමාණයක් ඇතිවී තිබෙන්නට ඉඩ තිබිණි. ණය අරගෙන අපි හැදූ නිසා නැව් ගෙන්නවා ගැනීමත් අපටම කිරීමට සිදුවිය. රැකියා ඇතිවීමක් සිදුවූවානම් දේශපාලන ගැත්තන් වරායේ වැඩ නැතිව රැකියා වලට ගැනීමක් පමණි. අද වරායේ වසරක ආදායම රු.බිලියන 5 ක් පමණය . අදත් පාඩු ලබන් මුත් එම මුළු ආදායමම ලාභය ලෙස ගත්තත් ඇ.ඩොලර් බිලියන 1.2 ක ණයක් ගෙවීමය අවුරුදු 30,000 ක් පමණ යයි. ඒත් පොලී ගෙවීමට අවශ්‍ය නැත්නම් පමණි. මේ නූල් බෝලය ලෙහීමට රජයේ විසඳුම නම් වරාය චීන සමාගමකට බදු දීමත් ඒසමඟම ඒ අවට අක්කර 15,000 ක් අයෝජන කලාපයක් සඳහා චීනයට බදු දීමත්ය. [COLOR="Red"]බදු කාලය [/COLOR] වරාය බදු දුන් කාලය එයට විරුද්ධ වන්නන්ගේ ප්‍රධානම සටන් පාඨයයි. පසුගිය රජය කාලයේ හම්බන්තොට වරාය හෙක්ටයාර් එකකට ඇමෙරිකානු ඩොලර් 35,000 කට චීන සමාගමකට පාලනය දීමට සැලසුමක් තිබිණි. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4 කට දීර්ඝ කාලීන බද්දකට දීමට වඩා හොඳයැයි බයි තර්ක ඉදිරිපත් වෙයි. හම්බන්තොට වරායට අයත් භූමිය ආසන්න වශයෙන් හෙක්ටයාර් 500 කි. ඒ අනුව වසරකට ආදායම ඩොලර් මිලියන 17.5 කි. හම්බන්තොට වෙනුවෙන් ලබා ගෙන ඇති ණය මුදල ඩොලර් මිලියන 1.2 ලෙසද එහි පොලිය 4% ලෙසද සිතුවොත් වසරක පොලිය ඩොලර් මිලියන 48 කි. එවිට කුලිය ලෙස ලැබෙන ඩොලර් මිල්යන 17.5 ක් ඩොලර් මිලියන 48 පොලියක් ගෙවීමට හැකිද? පොලියට අමතරව ගෙවිය යුතු ණය මුදල ගෙවන්නේ කෙසේද? එම ඉඩ ප්‍රමාණයම බද්දට දී ඩොලර් බිලියන 1.4 ක් ලබා ගැනීම වඩා නරක් වන්නේ කෙසේද? වසරකට ඩොලර් මිලියන 17.5 ලබාගෙන ඩොලර් බිලියන 1.2 ක ණය එසේම තිබියදී පොලිය වශයෙන් ඩොලර් මිලියන 48 ක් ගෙවනවාට වඩා ඩොලර් බිලියන 1.4 ක් ලබාගෙන ණය සහ පොලිය යන්න දෙකම නැති කරගැනීම වඩා හොඳය. එවන් විශාල මුදලක් ගෙවීමට නම් ඒ සඳහා ගැලපෙන කාලයකට බදු දිය යුතුය. උදාහරණයකට වසර 35 කට බදු දුන්නනම් ලැබෙන මුදල ඩොලර් මිලියන 200-300 අතර වන්නට පුළුවන. එවිට ඉතිරි මුදල් සඳහා ණය සහ පොලී ගෙවන්නේ කෙසේද? [COLOR="red"]බදු දුන් රට[/COLOR] අද ජාත්‍යන්තර නැව් ගමනාගමනයේ විශාලතම ධාරිතාවක් පාවිච්චි කරන්නේ චීනයයි. චීනයේ සිට සහ චීනය වෙත බටහිර, යුරෝපීය, සහ අප්‍රිකානු රටවල සිට කෙරෙන නැව් ගමනාගමනය සිදුවන්නේ ලංකාවේ දකුණු මුදුදේය. එම නිසා එම නැව් යම් ප්‍රමාණයක් සඳහා හම්බන්තොට වරාය යොදාගත හැක්කේ චීනයටයි. එමනිසා චීන සමාගමකට එය බදු දීම නිවැරදිය. [COLOR="red"]අක්කර 15,000 ආයෝජන කලාපය[/COLOR] මේ සඳහා ඉඩම් දීමට ඇති රජයේ සැලැස්මටත් රටේ දියුණුවට පෙර තමාගේ දියුණුව පතන අය විරුද්ධය. 1977 සිට අයෝජන කලාප කිහිපයක්ම අපි ඇතිකර ඇත. අයෝජන කලාපයක් ඇතිකිරීම යනු විශාල වියදම් අධික දෙයකි. ඒසඳහා බිම් සකස් කිරීම, මහා මාර්ග, ජල බැස යාම, මලපවාහන කටයුතු, විදුලිය සැපයීම ආදිය එම වියදම්ය. එසේ බිලියන ගණනක් වියදම් කල පසුවත් එහි අයෝජනය සඳහා ගෙන්වා ගැනීමට විශාල වෙහෙසක් සහ කාලයක් දැරීමට සිදුවේ. මෙය රජයේ නිලධාරීන්ට සහ ප්‍රාදේශීය දේශපාලකයින්ට නම් හොඳ පල්ලමකි. විදේශ වල අයෝජන ප්‍රවර්ධන සඳහා සවාරි යාමට අමතරව විවිධ අනුමැතීන් සඳහා ආයෝජකයන්ගෙන් කප්පම් ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසේ. එවන් දේවල් සමඟ ලොව පුරා බිහිවී ඇති ආයෝජන කලාප සමඟ තරඟ කිරීමට හම්බන්තොට කලාපයට සිදුවේ. අද ලෝකයේ නිෂ්පාදන කර්මාන්තශාලා අතින් ඉදිරියෙන්ම සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. එවන් විශාල නිශ්පාදන කරන රටකට අයෝජන කලාපය ඇති කර එහි ආයෝජන ඇති කිරීමට භාරදීම හැම අතින්ම වාසි සහගත දෙයකි. වරාය චීන සමාගමකට ඔවුන්ගේ වියදමින් ඉදිකිරීමට භාර නොදී ඉදිකිරීම් කොන්ත්‍රාත් හරහා ගසා කාමට ගොස් අසාර්ථක වරායක් ඇතිකිරීම වැනි දේකට නොගොස් නිදහස් වෙලඳ කලාපය ඇතිකිරීම සහ ඒවාට අයෝජන ගෙන ඒමේ අයිතිය ඔවුන්ටම දීමෙන් රජය කර ඇත්තේ ශීඝ්‍ර ලෙස රැකියා ඇතිකිරීමට හොඳ පියවරයි. මේවාට විරුද්ධව තර්ක ඉදිරිපත් කරන වැඩ වර්ජන සංවිධානය කරන අයට නැගෙනහිර සහ දකුණේ රැකියා ඇතිකිරීමට හෝ රටට යහපතක් වන පරිදි විශාල වශයෙන් නැව් එන වරායක් ඇතිවීම අවශ්‍ය නොවේ. වරාය සහ අයෝජන කලාපය නිසා ඇතිවන්නේ ඍජු රැකියා මෙන් කිහිප ගුණයක වක්‍ර රැකියා ප්‍රමාණයක් ආහාර, නවාතැන්, ප්‍රවාහන, ද්‍රව්‍ය සැපයීම් ආදිය නිසා ඇතිවීම එම පළාත්වල කෘෂි භෝග ආදියට වැඩි මිලක් ලැබීම වැනි දේවල් ගැන ඔවුන්ට ඕනෑකමක් නැත. එවන් පුද්ගලයන්ගේ 'දේශප්‍රේමී' සටන් පාඨ වලට නම් සැමදා ඉල්ලුමක් තිබිය හැක. අද අත්සන් කල ගිවිසුමෙන් සිදුවන්නේ හුදෙක් මුදල් ගරා ගැනීමට ණය ලබාගෙන පිහිණුම් තටාකයක් ඉදිකර රට හිරකර තිබූ උගුලකින් එය ගලවාගෙන ඒමඟින් විශාල ලෙස රැකියා ඇතිකර දකුණ සංවර්ධනය සඳහා අවාසියක් වාසියකට හරවා ගැනීමකි. source [URL="http://lankanian.blogspot.com/2017/07/blog-post_30.html"]http://lankanian.blogspot.com/2017/07/blog-post_30.html[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom