Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හම්බන්තොට වරාය සහ දේශපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බන්තොට වරාය සහ දේශපාලනය

සුදු සුදු ලෙසත්, අළු අළු ලෙසත්, කළු කළු ලෙසත්....

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දකුණු අධිවේග මාර්ගය සාදා නිම කළේය. ඒ පිළිබඳව බොහෝ වාද විවාද ඇතිවිය. වසර කිහිපයකට පසු මහා කඳු පවා නාය ගිය අධික වර්ෂාපතනයක් ඇතිවිය. අධිවේග මාර්ගයේ ස්ථාන කිහිපයක කාපට් තට්ටුව ගැලවී ගොස් තිබුණි. මහින්ද විරෝධියෝ ආසියාවේ ආශ්චර්යය යැයි සරදම් පාමින් එම ගැලවී ගිය කාපට් තට්ටුවල පින්තුර දැමීය.

අධිවේගී මාර්ගය සැදීමේදී එයට අසාධාරණ ලෙස ඉතා අධික මුදලක් වැය කිරීම අපි දැඩිව විවේචනය කළෙමු. එහි තිබු වරද මා දකින තරමින් එයයි. එහි තාක්ෂණයේ විශාල ගැටළු සහිත ක්‍රමවේදයක් තිබුණේ නැත. යුරෝපයේ සහ ඇමරිකාවේ පවා මිනිසුන් අතින් වූ නිමැවුම් ස්වභාව ධර්මයාට අවනත වී සුන්බුන් වන අයුරු අපි අනන්තවත් දකිමු.

තමා සුදු යැයි සම්මත කරගත් චරිතය තාර නෑවත් පෙනෙන්නේ සුදටය. කළු චරිතය කිරෙහි ගිලී සිටියත් කළුමය.

මේ මිනිසුන් සුදු සහ කළු ලෙස බෙදීම දේශපාලනයෙන් පටන්ගෙන ලංකික ජන විඥාණයේ සෑම අස්සකට මුල්ලකටම ඇදී ගිය මනෝ භාශිකයකි. ලංකාවේ අප දකින සමාජීය සහ ආර්ථික වශයෙන් පිරිහීමේ ප්‍රධාන මූලය මෙය යැයි මට සිතේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය පිළිබඳව මම දැඩි විවේචනාත්මක ලිපි කිහිපයක්ම ඵල කලෙමි. මා දකින ආකාරයෙන් එහි සිදුවූ විශාලම වරද නම් ජාත්‍යන්තර වරායක් ගොඩනැගීමේදී අනුගමනය කල යුතු ව්‍යාපාරික ක්රමෝපායන් කිසිවක් කෙරේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොකිරීමයි. මෙබඳු වරායක් ගොඩනැගීමේදී යෝජනාව අනුමත වූ වහාම අළෙවි ව්‍යාපෘතිය (marketing campaign) ඇරඹිය යුතුය. මේ සඳහා නාවුක අළෙවි කළමනාකරණය පිලිබඳ හසළ දැනුමක් සහිත අළෙවි ප්‍රවර්ධන කණ්ඩායමක් යෙදවිය යුතුය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මේ කිසිත් සිදු වුයේ නැත. ප්‍රතිඵලය වුයේ හම්බන්තොට වරාය අධිවේගී මාර්ගයට පිටතින් ඉදිකළ බුලත් විට කඩයක් වීමයි (අධිවේගී මාර්ගයේ වාහන දහස් ගණනක් දිනකට ගමන් කලත් බුලත් විට කඩයට වෙළදාමක් ලැබෙන්නේ නැත).

ඉන් පසු මෙම වරාය විවෘත කිරීම තම පදවි ප්රාප්ති සැමරුම් උළෙල හා සමගාමිව සිදු කල යුතු බැවින් (මා දන්නා තරමට) බොහෝ භෞතික කරුණු අමතක කර ජැටියට ජලය ඇතුළු කළේය. මෙහි ප්‍රතිඵලය වුයේ ජලය නොමැතිව පහසුවෙන් ඉවත් කල හැකිව තිබු වරාය මුව විටෙ වූ ගල්පරය සඳහා ඩොලර් මිලියන 42ක් මහජන මුදලින් වැය වීමයි. මෙය එම රජය අතින් සිදු වූ බරපතල වරදකි.

මේ කරුණු හැරුණු විට හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මා දකින්නේ කල්ගත වී හෝ සිදු කෙරුණ හොඳ ආයෝජනයක් ලෙසටයි. ඉහත කරුණු දෙක නිසා ඇද වැටුණු මේ ව්‍යාපෘතිය කෙලින් කරලීමට බහුවිද ක්‍රමවේදයන් තිබෙන බව මගේ මතයයි. වරාය චීනය සතු කිරීම එහි කළු පැහැම කෙළවරයි. ඒ වෙතට යාමට පෙර ගත යුතු ක්‍රියා මාර්ග රාශියක් තිබුණි. මහින්ද රාජපක්ෂ රජයෙන් මේ සඳහා කිසිඳු උත්සහයක් ගත බව මට නොපෙනුණි. ඔවුන්ට අවශ්‍ය වුයේ පෙර කොළඹට පැමිණි වාහන රැගත් නෞකා බලහත්කාරයෙන් හම්බන්තොට වරායට පිටත් කිරීමටයි. ඉන්පසු මේ නෞකා වලින් ගොඩබාන වාහන රූගත කර විශාල ප්‍රවෘතියක් බවට පත් කිරීමටයි. කිහිපවරක්ම වරායට පැමිණෙන නැව් නැටුම් ගැයුම් වැයුම් සමගින් පිළිගත්තේද සංදර්ශනයක් සඳහාම පමණකි.

"ඔය යුද්දේ දිනුවේ රාජපක්ෂයෑ, හමුදාවේ සොල්දාදුවොනේ" මේ රාජපක්ෂ විරෝධී කඳවුරේ සංකල්පයයි.

පශ්චාත් යුධ සමයේ සිදුවූ වැරදි වෙනුවෙන් තිස් වසරක් තිබු යුධය නිමා කිරීමට මහින්ද රාජපක්ෂ චරිතය විසින් සිදු කල අසමසම කර්තව්‍ය මකා දමනවා නම් එය නැවතත් ජාතියක් වශයෙන් අප සිදු කරගන්නා විශාල වරදකි. මන්ද එබඳු ලඝු කිරීමකින් සිදුවන්නේ අප නැවතත් රටක් ලෙස පරාදීන චින්තනයකට අනුගත වීමයි. එය අනාගතයේදී නිර්භීත නායකයෙක් බිහි වීමට ඇති මං ඇහිරීමක් වනු ඇත. සිංහයන් දහසක හමුදාවකට එක් බූරුවෙක් නායකත්වය දුන හොත් සටන කෙලවර වන්නේ සිංහයන් සමග බූරුවාගේද දිවි කෙලවර වීමෙනි. එහෙත් එක් සිංහයෙක් නායකත්වය දෙන බූරු හමුදාවකට සටනක් අපහසුවෙන් හෝ ජයගත හැකි වනු ඇත.

"මොනවා නැතත් යුද්දේ දිනෙව්ව නායකයා බලයේ ඉන්න ඕනේ" මේ රාජපක්ෂවාදී කඳවුරේ තර්කයයි.

තම නායකයාට ඇති ලැදියාව නිසාම ඔහුගේ සාර්ථකත්වය පිළිබිඹු කල යුද්ධය අවසන් වූ පසුත් ඒ තුලම ජීවත්වීම මානසික විශාධියකි. ලංඩනයේ හෝ මදුරාසියේ කොටි කොඩිය වනමින් තරුණයෙක් කෑගසන විට "මගේ අම්මෝ යුද්ධය ආයෙත් එනවෝ. මහින්ද රාජපක්ෂ නැතිව බැරියෝ" කියමින් වතපොතේ විලාප දෙන්නේ මේ මානසික අසංතුලිත තත්වයෙන් පෙලෙන්නවුන්ය. ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නම් අප මේ මානසික ව්‍යාධියෙන් මිදිය යුතුය.

රනිල් වික්‍රමසිංහ රජයට තම ව්‍යාපාරික හැකියාව පිළිබඳව අංශු මාත්‍රයක විශ්වාසයක් නැති සේයකි. ඔවුන් රටේ සියලුම ව්‍යාපෘති කළමනාකරණ මට්ටමින් හෝ වෙනත් රටකට ලබා දීමට උත්සුක වෙයි. හම්බන්තොට වරාය චීනයට පවරා ගැනීම මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම තිබු චීන සැලැස්මයි (මේ පිළිබඳව මම පෙර ලිපි කිහිපයකම සඳහන් කලෙමි). නොඑසේ නම් ඔවුනට මෙම ව්‍යාපෘති ක්‍රියාන්විතයේ ඇති අඩුපාඩු මගහරවා ගැනීම සඳහා ලංකා රජයට උපදෙස් දීමට හෝ බල කිරීමට අවස්තාව තිබුණි. එහෙත් ඔවුන් එය සිදු කලේ නැත. මා බොහෝ අප්‍රිකානු රටවල දැක ඇති පරිදි ඔවුන් එය කිසි විටෙක කරන්නේද නැත. ඔරුව මොන පිට පෙරළුණත් ඔවුන් ජයග්‍රහණය කර ඇත.

තරුණ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන එන විට මම තරුණ වියට පා තබමින් සිටියෙමි. එම ධවල පත්‍රිකාවට එරෙහිව නැගී සිටි බොහෝ දෙනෙකුට එහි වුයේ කුමක්දැයි යන්න පිළිබඳව දැනුමක් ඇතැයි මම නොසිතමි. ඒ පිළිබඳව පැහැදිලි තත්ව විශ්ලේෂණයක් ලබා දීමට එදා රනිල් වික්‍රමසිංහට වුවමනාවක් තිබුනේ නැත. ඔහු සිතුවේ ඔහුට ඔහු නිවැරදියි සිතන ඕනෑම දෙයක් කල හැකි බවයි.

අද වියපත් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ආකාරය එදාට වඩා අංශු මාත්රයකින්වත් වෙනස් වී නැත. එට්කාව මෙන්ම හම්බන්තොට ඉඩම් චීනයට පවරාදීම පිළිබඳවත් රටේ විශාල කලබගෑනියක් සිදුවෙමින් පවතී. රනිල් වික්‍රමසිංහට ඒ පිළිබඳව වගක් නැත. තමා කරන දේ නිවැරදිය යන උඩඟු මතයෙන් පහලට බැස ජනතාවට කරුණු පැහැදිලි කිරීමට ඔහුට කිසිඳු වුවමනාවක් නැත. මැදිවිය පසුකල මම එදා මෙන්ම අදත් මේ විගඩම දෙස බලා සිටිමි. වෙනස නම් එදා රූප රාමුව තුලම සිට එය නැරඹු මා අද සැතපුම් දහස් ගණනක් එපිට සිට එය සිදු කිරීමයි.

ලංකාවේ ඇගළුම් කර්මාන්ත ක්ෂේත්රයේ පුරෝගාමී වු, කලකට පෙර අග්‍රගණ්‍ය ව්‍යාපාරික ආයතනයක් මේවන විට අප්‍රිකානු රටවල් දෙකක දැවැන්ත ප්‍රමාණයේ කර්මාන්ත කලාප කිහිපයක් බිහිකර ඇත. ඒ සඳහා මෙම ආයතනයට විශාල ප්‍රමාණයේ බිම් ප්‍රමාණයක් එම රටවල් මගින් කල් බදු ක්‍රමයට ලබා දී ඇත. මෙම කර්මාන්ත කළාප මගින් මෙම ලංකිකයා (ආයතනයේ හිමිකරු) එම රටවල බිහි කර ඇති රැකියා සහ අනෙකුත් උප-ව්‍යාපාරික අවස්ථා දුටුවහොත් ඔබ හූල්ලනු ඇත.

දැනට ලංකාවේ ඇති ඉහළම තලයේ ඇගළුම් කර්මාන්තයටම අදාළ ආයතනයක් ඉන්දියාවේ විශාකපට්නම්හි හෙක්ටෙයාර 3000 ක පමණ වපසරියකින් යුත් කර්මාන්ත කලාපයක් බිහි කර ඇති බව ඔබ නොදන්නවා විය හැක. මම ඔවුන්ගේ අකුණු ආරක්ෂණ උපදේශක වරයා ලෙස මීට වසර හත අටකට පෙර කිහිප වරක් එහි ගොස් ඇත්තෙමි. ආන්ද්‍රා ප්‍රදේශ රජය මෙම ආයතනයට කල් බදු ක්‍රමයට මෙම ඉඩම් දුන්නා පමණක් නොව විශාකාපට්නම් නගරයේ සිට කර්මාන්ත පුරය දක්වා වූ මහාමාර්ගය, ජල සැපයුම, අප-ජලය බැහැර කරන පද්ධති ආදී සියලුම පහසුකම් සපයා ඇත. ඒ වෙනුවෙන් මෙම ප්‍රදේශයට ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක්ද, දහස් සංඛ්‍යාත උප-ව්‍යාපාර අවස්ථාද මෙම ආයතනය විසින් ලබා දී ඇත.

ලාංකිකයන් වෙනත් රටවල කර්මාන්ත කළාප බිහි කරන විට ඒ රටවල ජනතාව ඔවුන් සිප වැළඳ ගනිද්දී, වෙනත් රටකින් ලංකාවේ ආයෝජනය කරන්න පැමිණෙන ආරංචියටම පළාත් වාසිහු ගල් මුල් ප්රහාරයන් එල්ල කිරීම අරඹති. මෙහි වරද මා දකින්නේ ජනතාවගේ නොව දේශපාලකයගේය.

මෙම කර්මාන්ත කළාපය සඳහා ඉඩම් දෙනු ලබන පදනම කුමක්ද, ඒ සඳහා ලබාදෙන යටිතල පහසුකම් මොනවාද, ව්‍යාපෘතියට කොපමණ චීන ජාතිකයන් පිරිසක් පැමිණෙනවාද, ලාංකිකයන්ට කොපමණ රක්ෂා සහ ව්‍යාපාරික අවස්ථාවන් ලැබෙනවාද, ආදී කරුණු රාශියක් රනිල් වික්‍රමසිංහ රජය පසින් පැහැදිලි කලයුතු වෙයි. එමෙන්ම විරුද්ධ පක්ෂය ජනතාව කුපිත කරවන්නේ නැතුව නිවැරදි සහ නිර්දය ලෙස රජය ප්‍රශ්න කල යුතු වෙයි. මෙය අද සිදු වනවාදැයි ඔබම සිතන්න.

පසුගිය කාලයේ මා බෙහෙවින් ඇලුම් කල කථිකයන් සිටින පක්ෂයක් නම් ජනතා විමුක්ති පෙරමුණයි. දීර්ඝ කාලීනව පැවතුන සියලු පක්ෂවලට තම අතීත කතාවේ කළු පැහැති පල්ලම් ඇත. ජවිපෙටද එසේමය. එහෙත් වර්තමානයේ අනෙක් සියලුම ප්‍රධාන පක්ෂ මඩ ගැසීම සහ මඩ සෝදා ගැනීම තම පරම ක්‍රියාන්විතය ලෙස සලකමින් පිළුණු වූ සහ ඇල් මැරුණු දේශණා පවත්වද්දී ජනතා විමුක්ති පෙරමුණ පමණක් යම් පමණකට හෝ හෙට දිනය වෙනුවෙන් කලයුතු දෙය පිළිබඳව යම් කතිකාවතක් ගොඩ නගමින් සිටියි. එහෙත් ඔවුන්ද තම ජනප්‍රිය "නැහැ-බැහැ-එපා" සංකල්පයෙන් ඔබ්බට පිය නැගිය යුතුව ඇත.

නවසිය අනුව දශකයේ දෙවන භාගය මා වැඩිපුරම ගතකලේ ස්වීඩනයේය. එවකට ස්වීඩන රජයේ අමාත්‍යවරියක වු මෝනා සලීන් ඊළඟ අගමැති ලෙස බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන සිටියේය. එහෙත් අවාසනාවකට ඇයට එරෙහිව, එවකට ස්වීඩනයේ ප්‍රමිතියෙන්, ඉතා බරපතළ වූ චෝදනාවක් නැගුණි. එනම් තම සේවා කටයුතු සඳහා ලබාදී තිබූ ණයවරපතින් ඇය තම පෞද්ගලික කටයුතු සඳහා ක්‍රෝනර් 50,000 ක් (ඩොලර් 6500 පමණ) වියදම් කර ඇති බවයි. එම චෝදනාව පිළිගත් මෝනා සලීන් එම මුදල දඩ මුදලකුත් සමග ගෙවා දැමුවත්, එම සිද්ධිය ඇයට අගමැතිධුරය අහිමි කිරීමට ප්‍රධාන හේතුවක් විය.

මෙම කතාව මා මෙහිදී ඉදිරිපත් කලේ වෙනත් විශේෂ යමක් අවධාරණය කිරීමටය. මෙම සිද්ධිය ඇතිවූ සමයේ මෝනා සලීන් ගේ විරුද්ධවාදීහු ඇයව උපහාසයට ලක් කරමින් ප්‍රවෘති පත්‍ර වල නොයෙකුත් ලිපි සහ කාටුන් පළ කලෝය. එම කාටූන් වල බොහෝ විට තිබුණේ ඇය විශාල බඩු මල්ලක් ඔසවාගෙන ණයවර පත පෙන්වමින් ගෙදර යන ආකාරයයි. ලිපි වලින් විග්රහ කෙරුණේ මෝනා සලීන් ගේ ක්‍රියා කලාපය ස්වීඩන් ජාතිකයන්ගේ ජන විඥානය දුෂණය කිරීමට ඉවහල් විය හැකි ආකාරය පිළිබඳවයි. කිසිම ආකාරයකින් ඇයගේ පෞද්ගලික ජීවිතය, ලිංගික ප්රවණතා, ශරීර අංගෝපාංග පිළිබඳව ජනමාධ්‍ය තුල හෝ එදිනෙදා කතා බහේදී සඳහන් වුයේ නැත.

එහෙත් ලංකාවේ......

source http://chandimagomes.blogspot.com/2017/01/blog-post_10.html

[QUOTE="rangana26, post: 21124410, member: 461943"] [b]හම්බන්තොට වරාය සහ දේශපාලනය[/b] [SIZE="5"][SIZE="4"]සුදු සුදු ලෙසත්, අළු අළු ලෙසත්, කළු කළු ලෙසත්.... මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දකුණු අධිවේග මාර්ගය සාදා නිම කළේය. ඒ පිළිබඳව බොහෝ වාද විවාද ඇතිවිය. වසර කිහිපයකට පසු මහා කඳු පවා නාය ගිය අධික වර්ෂාපතනයක් ඇතිවිය. අධිවේග මාර්ගයේ ස්ථාන කිහිපයක කාපට් තට්ටුව ගැලවී ගොස් තිබුණි. මහින්ද විරෝධියෝ ආසියාවේ ආශ්චර්යය යැයි සරදම් පාමින් එම ගැලවී ගිය කාපට් තට්ටුවල පින්තුර දැමීය. අධිවේගී මාර්ගය සැදීමේදී එයට අසාධාරණ ලෙස ඉතා අධික මුදලක් වැය කිරීම අපි දැඩිව විවේචනය කළෙමු. එහි තිබු වරද මා දකින තරමින් එයයි. එහි තාක්ෂණයේ විශාල ගැටළු සහිත ක්‍රමවේදයක් තිබුණේ නැත. යුරෝපයේ සහ ඇමරිකාවේ පවා මිනිසුන් අතින් වූ නිමැවුම් ස්වභාව ධර්මයාට අවනත වී සුන්බුන් වන අයුරු අපි අනන්තවත් දකිමු. තමා සුදු යැයි සම්මත කරගත් චරිතය තාර නෑවත් පෙනෙන්නේ සුදටය. කළු චරිතය කිරෙහි ගිලී සිටියත් කළුමය. මේ මිනිසුන් සුදු සහ කළු ලෙස බෙදීම දේශපාලනයෙන් පටන්ගෙන ලංකික ජන විඥාණයේ සෑම අස්සකට මුල්ලකටම ඇදී ගිය මනෝ භාශිකයකි. ලංකාවේ අප දකින සමාජීය සහ ආර්ථික වශයෙන් පිරිහීමේ ප්‍රධාන මූලය මෙය යැයි මට සිතේ. හම්බන්තොට වරාය ව්‍යාපෘතිය පිළිබඳව මම දැඩි විවේචනාත්මක ලිපි කිහිපයක්ම ඵල කලෙමි. මා දකින ආකාරයෙන් එහි සිදුවූ විශාලම වරද නම් ජාත්‍යන්තර වරායක් ගොඩනැගීමේදී අනුගමනය කල යුතු ව්‍යාපාරික ක්රමෝපායන් කිසිවක් කෙරේ වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොකිරීමයි. මෙබඳු වරායක් ගොඩනැගීමේදී යෝජනාව අනුමත වූ වහාම අළෙවි ව්‍යාපෘතිය (marketing campaign) ඇරඹිය යුතුය. මේ සඳහා නාවුක අළෙවි කළමනාකරණය පිලිබඳ හසළ දැනුමක් සහිත අළෙවි ප්‍රවර්ධන කණ්ඩායමක් යෙදවිය යුතුය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මේ කිසිත් සිදු වුයේ නැත. ප්‍රතිඵලය වුයේ හම්බන්තොට වරාය අධිවේගී මාර්ගයට පිටතින් ඉදිකළ බුලත් විට කඩයක් වීමයි (අධිවේගී මාර්ගයේ වාහන දහස් ගණනක් දිනකට ගමන් කලත් බුලත් විට කඩයට වෙළදාමක් ලැබෙන්නේ නැත). ඉන් පසු මෙම වරාය විවෘත කිරීම තම පදවි ප්රාප්ති සැමරුම් උළෙල හා සමගාමිව සිදු කල යුතු බැවින් (මා දන්නා තරමට) බොහෝ භෞතික කරුණු අමතක කර ජැටියට ජලය ඇතුළු කළේය. මෙහි ප්‍රතිඵලය වුයේ ජලය නොමැතිව පහසුවෙන් ඉවත් කල හැකිව තිබු වරාය මුව විටෙ වූ ගල්පරය සඳහා ඩොලර් මිලියන 42ක් මහජන මුදලින් වැය වීමයි. මෙය එම රජය අතින් සිදු වූ බරපතල වරදකි. මේ කරුණු හැරුණු විට හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මා දකින්නේ කල්ගත වී හෝ සිදු කෙරුණ හොඳ ආයෝජනයක් ලෙසටයි. ඉහත කරුණු දෙක නිසා ඇද වැටුණු මේ ව්‍යාපෘතිය කෙලින් කරලීමට බහුවිද ක්‍රමවේදයන් තිබෙන බව මගේ මතයයි. වරාය චීනය සතු කිරීම එහි කළු පැහැම කෙළවරයි. ඒ වෙතට යාමට පෙර ගත යුතු ක්‍රියා මාර්ග රාශියක් තිබුණි. මහින්ද රාජපක්ෂ රජයෙන් මේ සඳහා කිසිඳු උත්සහයක් ගත බව මට නොපෙනුණි. ඔවුන්ට අවශ්‍ය වුයේ පෙර කොළඹට පැමිණි වාහන රැගත් නෞකා බලහත්කාරයෙන් හම්බන්තොට වරායට පිටත් කිරීමටයි. ඉන්පසු මේ නෞකා වලින් ගොඩබාන වාහන රූගත කර විශාල ප්‍රවෘතියක් බවට පත් කිරීමටයි. කිහිපවරක්ම වරායට පැමිණෙන නැව් නැටුම් ගැයුම් වැයුම් සමගින් පිළිගත්තේද සංදර්ශනයක් සඳහාම පමණකි. "ඔය යුද්දේ දිනුවේ රාජපක්ෂයෑ, හමුදාවේ සොල්දාදුවොනේ" මේ රාජපක්ෂ විරෝධී කඳවුරේ සංකල්පයයි. පශ්චාත් යුධ සමයේ සිදුවූ වැරදි වෙනුවෙන් තිස් වසරක් තිබු යුධය නිමා කිරීමට මහින්ද රාජපක්ෂ චරිතය විසින් සිදු කල අසමසම කර්තව්‍ය මකා දමනවා නම් එය නැවතත් ජාතියක් වශයෙන් අප සිදු කරගන්නා විශාල වරදකි. මන්ද එබඳු ලඝු කිරීමකින් සිදුවන්නේ අප නැවතත් රටක් ලෙස පරාදීන චින්තනයකට අනුගත වීමයි. එය අනාගතයේදී නිර්භීත නායකයෙක් බිහි වීමට ඇති මං ඇහිරීමක් වනු ඇත. සිංහයන් දහසක හමුදාවකට එක් බූරුවෙක් නායකත්වය දුන හොත් සටන කෙලවර වන්නේ සිංහයන් සමග බූරුවාගේද දිවි කෙලවර වීමෙනි. එහෙත් එක් සිංහයෙක් නායකත්වය දෙන බූරු හමුදාවකට සටනක් අපහසුවෙන් හෝ ජයගත හැකි වනු ඇත. "මොනවා නැතත් යුද්දේ දිනෙව්ව නායකයා බලයේ ඉන්න ඕනේ" මේ රාජපක්ෂවාදී කඳවුරේ තර්කයයි. තම නායකයාට ඇති ලැදියාව නිසාම ඔහුගේ සාර්ථකත්වය පිළිබිඹු කල යුද්ධය අවසන් වූ පසුත් ඒ තුලම ජීවත්වීම මානසික විශාධියකි. ලංඩනයේ හෝ මදුරාසියේ කොටි කොඩිය වනමින් තරුණයෙක් කෑගසන විට "මගේ අම්මෝ යුද්ධය ආයෙත් එනවෝ. මහින්ද රාජපක්ෂ නැතිව බැරියෝ" කියමින් වතපොතේ විලාප දෙන්නේ මේ මානසික අසංතුලිත තත්වයෙන් පෙලෙන්නවුන්ය. ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නම් අප මේ මානසික ව්‍යාධියෙන් මිදිය යුතුය. රනිල් වික්‍රමසිංහ රජයට තම ව්‍යාපාරික හැකියාව පිළිබඳව අංශු මාත්‍රයක විශ්වාසයක් නැති සේයකි. ඔවුන් රටේ සියලුම ව්‍යාපෘති කළමනාකරණ මට්ටමින් හෝ වෙනත් රටකට ලබා දීමට උත්සුක වෙයි. හම්බන්තොට වරාය චීනයට පවරා ගැනීම මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම තිබු චීන සැලැස්මයි (මේ පිළිබඳව මම පෙර ලිපි කිහිපයකම සඳහන් කලෙමි). නොඑසේ නම් ඔවුනට මෙම ව්‍යාපෘති ක්‍රියාන්විතයේ ඇති අඩුපාඩු මගහරවා ගැනීම සඳහා ලංකා රජයට උපදෙස් දීමට හෝ බල කිරීමට අවස්තාව තිබුණි. එහෙත් ඔවුන් එය සිදු කලේ නැත. මා බොහෝ අප්‍රිකානු රටවල දැක ඇති පරිදි ඔවුන් එය කිසි විටෙක කරන්නේද නැත. ඔරුව මොන පිට පෙරළුණත් ඔවුන් ජයග්‍රහණය කර ඇත. තරුණ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙන එන විට මම තරුණ වියට පා තබමින් සිටියෙමි. එම ධවල පත්‍රිකාවට එරෙහිව නැගී සිටි බොහෝ දෙනෙකුට එහි වුයේ කුමක්දැයි යන්න පිළිබඳව දැනුමක් ඇතැයි මම නොසිතමි. ඒ පිළිබඳව පැහැදිලි තත්ව විශ්ලේෂණයක් ලබා දීමට එදා රනිල් වික්‍රමසිංහට වුවමනාවක් තිබුනේ නැත. ඔහු සිතුවේ ඔහුට ඔහු නිවැරදියි සිතන ඕනෑම දෙයක් කල හැකි බවයි. අද වියපත් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන ආකාරය එදාට වඩා අංශු මාත්රයකින්වත් වෙනස් වී නැත. එට්කාව මෙන්ම හම්බන්තොට ඉඩම් චීනයට පවරාදීම පිළිබඳවත් රටේ විශාල කලබගෑනියක් සිදුවෙමින් පවතී. රනිල් වික්‍රමසිංහට ඒ පිළිබඳව වගක් නැත. තමා කරන දේ නිවැරදිය යන උඩඟු මතයෙන් පහලට බැස ජනතාවට කරුණු පැහැදිලි කිරීමට ඔහුට කිසිඳු වුවමනාවක් නැත. මැදිවිය පසුකල මම එදා මෙන්ම අදත් මේ විගඩම දෙස බලා සිටිමි. වෙනස නම් එදා රූප රාමුව තුලම සිට එය නැරඹු මා අද සැතපුම් දහස් ගණනක් එපිට සිට එය සිදු කිරීමයි. ලංකාවේ ඇගළුම් කර්මාන්ත ක්ෂේත්රයේ පුරෝගාමී වු, කලකට පෙර අග්‍රගණ්‍ය ව්‍යාපාරික ආයතනයක් මේවන විට අප්‍රිකානු රටවල් දෙකක දැවැන්ත ප්‍රමාණයේ කර්මාන්ත කලාප කිහිපයක් බිහිකර ඇත. ඒ සඳහා මෙම ආයතනයට විශාල ප්‍රමාණයේ බිම් ප්‍රමාණයක් එම රටවල් මගින් කල් බදු ක්‍රමයට ලබා දී ඇත. මෙම කර්මාන්ත කළාප මගින් මෙම ලංකිකයා (ආයතනයේ හිමිකරු) එම රටවල බිහි කර ඇති රැකියා සහ අනෙකුත් උප-ව්‍යාපාරික අවස්ථා දුටුවහොත් ඔබ හූල්ලනු ඇත. දැනට ලංකාවේ ඇති ඉහළම තලයේ ඇගළුම් කර්මාන්තයටම අදාළ ආයතනයක් ඉන්දියාවේ විශාකපට්නම්හි හෙක්ටෙයාර 3000 ක පමණ වපසරියකින් යුත් කර්මාන්ත කලාපයක් බිහි කර ඇති බව ඔබ නොදන්නවා විය හැක. මම ඔවුන්ගේ අකුණු ආරක්ෂණ උපදේශක වරයා ලෙස මීට වසර හත අටකට පෙර කිහිප වරක් එහි ගොස් ඇත්තෙමි. ආන්ද්‍රා ප්‍රදේශ රජය මෙම ආයතනයට කල් බදු ක්‍රමයට මෙම ඉඩම් දුන්නා පමණක් නොව විශාකාපට්නම් නගරයේ සිට කර්මාන්ත පුරය දක්වා වූ මහාමාර්ගය, ජල සැපයුම, අප-ජලය බැහැර කරන පද්ධති ආදී සියලුම පහසුකම් සපයා ඇත. ඒ වෙනුවෙන් මෙම ප්‍රදේශයට ඍජු හා වක්‍ර රැකියා ලක්ෂ ගණනක්ද, දහස් සංඛ්‍යාත උප-ව්‍යාපාර අවස්ථාද මෙම ආයතනය විසින් ලබා දී ඇත. ලාංකිකයන් වෙනත් රටවල කර්මාන්ත කළාප බිහි කරන විට ඒ රටවල ජනතාව ඔවුන් සිප වැළඳ ගනිද්දී, වෙනත් රටකින් ලංකාවේ ආයෝජනය කරන්න පැමිණෙන ආරංචියටම පළාත් වාසිහු ගල් මුල් ප්රහාරයන් එල්ල කිරීම අරඹති. මෙහි වරද මා දකින්නේ ජනතාවගේ නොව දේශපාලකයගේය. මෙම කර්මාන්ත කළාපය සඳහා ඉඩම් දෙනු ලබන පදනම කුමක්ද, ඒ සඳහා ලබාදෙන යටිතල පහසුකම් මොනවාද, ව්‍යාපෘතියට කොපමණ චීන ජාතිකයන් පිරිසක් පැමිණෙනවාද, ලාංකිකයන්ට කොපමණ රක්ෂා සහ ව්‍යාපාරික අවස්ථාවන් ලැබෙනවාද, ආදී කරුණු රාශියක් රනිල් වික්‍රමසිංහ රජය පසින් පැහැදිලි කලයුතු වෙයි. එමෙන්ම විරුද්ධ පක්ෂය ජනතාව කුපිත කරවන්නේ නැතුව නිවැරදි සහ නිර්දය ලෙස රජය ප්‍රශ්න කල යුතු වෙයි. මෙය අද සිදු වනවාදැයි ඔබම සිතන්න. පසුගිය කාලයේ මා බෙහෙවින් ඇලුම් කල කථිකයන් සිටින පක්ෂයක් නම් ජනතා විමුක්ති පෙරමුණයි. දීර්ඝ කාලීනව පැවතුන සියලු පක්ෂවලට තම අතීත කතාවේ කළු පැහැති පල්ලම් ඇත. ජවිපෙටද එසේමය. එහෙත් වර්තමානයේ අනෙක් සියලුම ප්‍රධාන පක්ෂ මඩ ගැසීම සහ මඩ සෝදා ගැනීම තම පරම ක්‍රියාන්විතය ලෙස සලකමින් පිළුණු වූ සහ ඇල් මැරුණු දේශණා පවත්වද්දී ජනතා විමුක්ති පෙරමුණ පමණක් යම් පමණකට හෝ හෙට දිනය වෙනුවෙන් කලයුතු දෙය පිළිබඳව යම් කතිකාවතක් ගොඩ නගමින් සිටියි. එහෙත් ඔවුන්ද තම ජනප්‍රිය "නැහැ-බැහැ-එපා" සංකල්පයෙන් ඔබ්බට පිය නැගිය යුතුව ඇත. නවසිය අනුව දශකයේ දෙවන භාගය මා වැඩිපුරම ගතකලේ ස්වීඩනයේය. එවකට ස්වීඩන රජයේ අමාත්‍යවරියක වු මෝනා සලීන් ඊළඟ අගමැති ලෙස බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන සිටියේය. එහෙත් අවාසනාවකට ඇයට එරෙහිව, එවකට ස්වීඩනයේ ප්‍රමිතියෙන්, ඉතා බරපතළ වූ චෝදනාවක් නැගුණි. එනම් තම සේවා කටයුතු සඳහා ලබාදී තිබූ ණයවරපතින් ඇය තම පෞද්ගලික කටයුතු සඳහා ක්‍රෝනර් 50,000 ක් (ඩොලර් 6500 පමණ) වියදම් කර ඇති බවයි. එම චෝදනාව පිළිගත් මෝනා සලීන් එම මුදල දඩ මුදලකුත් සමග ගෙවා දැමුවත්, එම සිද්ධිය ඇයට අගමැතිධුරය අහිමි කිරීමට ප්‍රධාන හේතුවක් විය. මෙම කතාව මා මෙහිදී ඉදිරිපත් කලේ වෙනත් විශේෂ යමක් අවධාරණය කිරීමටය. මෙම සිද්ධිය ඇතිවූ සමයේ මෝනා සලීන් ගේ විරුද්ධවාදීහු ඇයව උපහාසයට ලක් කරමින් ප්‍රවෘති පත්‍ර වල නොයෙකුත් ලිපි සහ කාටුන් පළ කලෝය. එම කාටූන් වල බොහෝ විට තිබුණේ ඇය විශාල බඩු මල්ලක් ඔසවාගෙන ණයවර පත පෙන්වමින් ගෙදර යන ආකාරයයි. ලිපි වලින් විග්රහ කෙරුණේ මෝනා සලීන් ගේ ක්‍රියා කලාපය ස්වීඩන් ජාතිකයන්ගේ ජන විඥානය දුෂණය කිරීමට ඉවහල් විය හැකි ආකාරය පිළිබඳවයි. කිසිම ආකාරයකින් ඇයගේ පෞද්ගලික ජීවිතය, ලිංගික ප්රවණතා, ශරීර අංගෝපාංග පිළිබඳව ජනමාධ්‍ය තුල හෝ එදිනෙදා කතා බහේදී සඳහන් වුයේ නැත. එහෙත් ලංකාවේ...... source [URL="http://chandimagomes.blogspot.com/2017/01/blog-post_10.html"]http://chandimagomes.blogspot.com/2017/01/blog-post_10.html[/URL] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom