Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමුදා නීතිය සහ හමුදාවන්ගේ වගකීම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]166131[/ATTACH]හමුදාව ගැන බොහෝ වෛරී ප්‍රකාශයන් සමාජගත වන ආකාරයක් දුටුව නිසා හමුදාවේ නීත්‍යානුකූල වගකීම සහ ඒ සඳහා හමුදාව විෂයෙහි පවත්නා නෛතික තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පුරවැසියන් තුල ඇතිකරනු වස් යමක් ලිවිය යුතුම යැයි සිතුනා.

එය හමුදාව සහ සිවිල් සමාජය අතර ගැටුම් අවම කිරීමටත්, හමුදාව සිදුකරන රාජකාරිමය සේවය සබැඳිව අවබෝධයක් පුරවැසියන් තුල ඇතිකිරීම පිණිස සහයක් වේවි.

හමුදාව ස්ථාපිත කරනු ලබන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලවය.ඒ අනුව රටේ හමුදාවන් තුන වෙත පවතින මුඛ්‍ය වගකීම වන්නේ රටේ ස්වෛරීත්වය,යහ පැවැත්ම, රාජ්‍ය ආරක්ෂාව,පුරවැසි ආරක්ෂාව, දේපල ආරක්ෂාව,සහ විටින් විට ආරක්ෂක හමුදා වෙත භාර දෙනු ලබන කටයුතු පවත්වාගෙන යාම.

එහිදී රටට අයත් භූමිය යුධ හමුදාවටත්, රටට අයත් දේශීය ජල තීරය නාවික හමුදාවටත්, රටට අයත් ගුවන් අවකාශය ගුවන් හමුදාවටත් භාර දී තිබෙනවා.ඒ අනුව වෙන් වෙනව සහ ඒකාබද්ධව ත්‍රිවිධ හමුදාවන් විසින් රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කටයුතු කරනවා.

මේ හමුදාවන් තුන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නෛතික බලධාරීත්වයක් ලබාදීම සිදුකිරීම සඳහා වෙන් වෙන්වූ පනත් තුනක් මගින් හමුදාවන් ස්ථාපිත කර තිබෙනවා.

* 1949 අංක 17 දරණ යුධ හමුදා පනත

* 1950 අංක 34 දරණ නාවික හමුදා පනත

* 1949 අංක 41 දරණ ගුවන් හමුදා පනත

යටතේ හමුදාවන් පවත්වාගෙන යාම,අධිකාරය, හමුදා සාමාජිකත්වය, නිලධාරීන් සහ සෙසු නිල,වැටුප හා දීමනා,විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික, පුහුණුව,ලඝු අධිකරණ සහ යුධ අධිකරණ,සිවිල් නීතියේ අදාලත්වය,සාක්ෂි නීතියේ අදාලත්වය, හමුදාමය වැරදි,දණ්ඩන නියමයන්, සිරගත කිරීම සහ රඳවා තබාගැනීම, සම්බන්ධයෙන් වන නීතිමය ප්රතිපාදනයන් මේ පනත් තුල විස්තරවෙලා තියනවා.

යුධ හමුදා පනත සහ ගුවන් හමුදා පනත තුල බොහෝ සමාන තත්වයක් දැකිය හැකි අතර නාවික හමුදා පනත තුල ඔවුන්ගේ මූලික වගකීම පවතින්නේ මුහුදේ නෞකා ආශ්‍රිතව බැවින් වෙනස් අනන්‍ය ප්‍රතිපාදන ඇතුලත් වෙනවා.

ඊට අමතරව එක් එක් හමුදාවන් සඳහා අමාත්‍යවරයා ගැසට් නිවේදන මගින් රෙගුලාසින් පමවා තිබෙනවා.

ඒ අනුව හමුදා සාමාජිකත්වයට ඇතුලත් වන සෑම පුද්ගලයකුම නීති පද්ධති දෙකකට යටත් වෙනවා.

ඒ රටේ සාමාන්‍ය පුරවැසියකු වශයෙන් රටේ පවත්නා නීතියටත්, හමුදා සාමාජිකයකු වශයෙන් අදාල හමුදා පනත තුල විස්තීර්ණ නීතියටත්,වශයෙන්.

ඊට අමතරව පිළිගත් රාජ්‍යයක හමුදාවක් ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නිතියටත්, අන්තර්ජාතික මානුෂවාදී නීතියටත්, යටත් වෙනවා. රෝම ප්රඥප්තිය, හේග් නීති, අතිරේක ප්රටකෝල, එක්සත් ජාතීන්ගේ සංවිධානය විටින් විට සම්මත කර ගන්නා සම්මුතින් (උදා-ආයුධ භාවිතය,පරිසර) වගේ නීතිමය තත්වයන්ට වගේම ජාත්‍යන්තර යුධ අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න ගත වන්නට හමුදා සාමජිකයකුට සිදුවිය හැකියි.

හමුදා සාමාජිකයකු ලෙස කැඩෙට් නිලධාරීන් විදිහට බඳවා ගෙන පුහුණුව අවසානයේ අධිකාරීලත් නිලධාරීන් ලෙස අධිකාරයට පත්වීම් ලැබ විසිර යනවා.මේ අධිකාරය ලබා දෙන්නේ රටේ සේනාධිනායකයා විසින්,එය සේනාධිනායකයාගේ කැමත්ත තිබෙනතාක් දරා සිටිය යුතු බවයි නීතිමය පනත් තුල සඳහන්ව ඇත්තේ.ඔවුන්ගේ පත්වීම, උසස්වීම් සහ අධිකාරයෙන් ඉවත් කිරීම් වගේම විශ්‍රාම යාම රජයේ ගැසට් පත්‍රයක පල කලයුතුයි.

සෙසු නිලයන් සදහා පත්කිරීම්, උසස් කිරීම්, සේවයේ නිල ලබාදීම සහ සේවයෙන් ඉවත් කිරීම එක් එක් හමුදාවේ හමුදාධිපතිවරුන් වෙත ලබාදී ඇති බලතල ප්‍රකාර සිදු වෙනවා.

හමුදා නීතිය ප්‍රකාර එක් එක හමුදා පනත් තුල විස්තීර්ණ හමුදාමය වැරදි සිදු කරන වගේම එහි විස්තර නොවන වෙනත් ඕනෑම අපරාධමය වරදක් විස්තර වන පනතක තියන වගන්තියක් කඩ කිරීමකට එරෙහිව හමුදා නිලධාරියකු හෝ සෙසු නිලයකුට එරෙහිව චෝදනාවක් ගොනු කරන්න පුළුවන්.එහිදී අවශ්‍ය නම් අත්තඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමටත්, අදාල හමුදාවේ පොලිස් අංශයන්ට හැකියාව තිබෙනවා.

ඉහතකී ආකාරයේ වරදක් කරන හමුදා සාමාජිකයකුගේ නිලය අනුව චෝදනා විභාග කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා.මේවා අධිකරණ වගේ.

* ලඝු අධිකරණ

* යුධාධිකරණ

ලෙස මූලිකව බෙදී යන අතර ලඝු අධිකරණ ප්‍රධාන කොටස් 3ක් තිබෙනවා.එනම්

* හමුදාධිපතිවරයාගේ ලඝු අධිකරණය

* අණ දෙන නිලධාරීගේ ලඝු අධිකරණය

* උප අණ දෙන නිලධාරීගේ ලඝු අධිකරණය

මෙවැනි ලඝු අධිකරණයකින් වරදකරු කරන්නට හැකියාව පවතින්නේ යුධහමුදාවේ මේජර්,නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සහ ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් දක්වා නිලයක සාමජිකයකු පමණයි.එහිදී වැටුපට සහ සේවයට බලපාන දඬුවම්, රඳවා තබා ගැනීම, අඩස්සියේ තැබීම, නිල පහත හෙලීම, අවවාද කිරීම් දක්වා දඬුවම් ලබා දෙන්න පුලුවන්.

ඉන් ඉහල නිලධාරීන් කරන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක් වන්නේ, යුධාධිකරණ මගින්.ඊට අමතරව වරදේ බරපතල බව,හමුදාධිපතිවරයාගේ තීරණය සහ යුධාධිකරණ මගින්ම විභාග කල යුතු වැරදි සම්බන්ධයෙන් යුධාධිකරණ කැඳවෙනවා.එවන් යුධාධිකරණ තුනක් ගැන පනත් තුල ප්‍රතිපාදන ඇතුලත්,

* මහා යුධාධිකරණ

* දිස්ත්‍රික් යුධාධිකරණ

* ක්ෂේත්‍ර මහා යුධාධිකරණ

වශයෙන් වන මේ අධිකරණය වෙතින් ලබා දිය හැකි දඬුවම් වෙනම විස්තර කර තිබෙනවා.

ඒ අනුව මරණීය දණ්ඩනයේ සිට සිර දඬුවම්, සේවයෙන් පහ කිරීම සහ අවවාද කිරීම් දක්වා මේ දඬුවම් විහිදී යනවා.

චාරිත්‍රානුකූල ජාත්‍යන්තර නීතිය සහ මානුෂවාදී නීතියහි ප්‍රතිපාදන ප්‍රකාර යුධ අපරාධ සිදු කිරීම වැනි කාරණා වලදී ජාත්‍යන්තර යුධ අධිකරණය වෙත පවා යන්නට වෙනවා.

හමුදා සාමාජිකයකු යම් රාජකාරියකට යොදවන්නේ නීත්‍යානුකූල අණක් හෝ නියෝගයක් මතය.ඔවුන් ඒ අණ හෝ නියෝගයට පරිභාහිරව කටයුතු කල හොත් එහි වගකීම පුද්ගලිකව දරාගත යුතු වෙනවා.නීත්‍යානුකූල නොවන අණක් දෙන අණ දෙන නිලධාරීයකුගේ වගකීම හමුදාධිපතිවරයකු දක්වාම වුවද විහිදී යා හැකිය.

හමුදාව හදිසි නීතිය යටතේ හෝ සාමය පවත්නා අවස්ථාවකදී සංග්‍රාමික හෝ වේවා වෙනත් ඕනෑම අවස්ථාවකදී හෝ වේවා මෙහෙයුමක් සඳහා යෙදවීමේදී ඔවුන්ට නීත්‍යානුකූලව කරන්න පුලුවන් මොනවද? බැරි මොනවද? කියන දේ සබැඳිව උපදෙස් ලබා දෙන අතර, මැදිහත්වීමේ රීතීන් (Rules of Engagement) ලබා දෙනවා.

එහි සෙබලාට අවශ්‍ය අවම බලයේ සිට උපරිමය වන මාරාන්තික බලය භාවිතා කල හැකි සීමාව දක්වා අවස්ථා ගැන වගේම, ඒ සඳහා අවසර ලැබෙන්නේ කොහොමද? කියන දේත් අඩංගු වෙනවා.

කැරලි මර්ධනයේදි මැදිහත්වීම, යුධමය තත්වයකදී මැදිහත්වීම, ගුවන් බලය යෙදවීම, මුහුදු මංකොල්ලකරුවනට එරෙහිවීම වගේ සිදුකරන මෙහෙයුම අනුව මේ මැදිහත්වීමේ රීතීන් ලබා දෙනවා.

හමුදා සාමාජිකයකු කටයුතු කරන්නේ ඒ අනුවයි.

හමුදාවරටේ බහුතරයක් පත් කර එවූ පාලකයා රකින්නේ රාජකාරිමය බැඳීම නිසා මිසක පුද්ගලිකව ඔහු රකින්න හමුදාවකට බැඳීමක් නෑ.

සාමකාමී විදිහට අරගලය කරන කිසිවකු මර්දනයට හමුදාමය බලය යොදවන්නේ නෑ.

නමුත් රාජ්‍ය ආරක්ෂාව,පොදු දේපල විෂයෙහි අරගලකරුවන් හානි කරන්නේ නම්,

ඒ වෙනුවෙන් අවශ්‍ය සමානුපාතික අවම බලයේ සිට මාරාන්තික බලය දක්වා වූ අවශ්‍ය බලය භාවිතා කිරීමට හමුදාව වෙත හදිසි නීති රෙගුලාසි ප්‍රකාර බලය තිබෙනවා.එය හදිසි නීතිය පණවන ක්‍රමයට අදාල වගන්තිය අනුව බලය ලබාදීම මත තීරණය වන්නක්.

පුරවැසියන් හරි මිනිස්සු තම පාලකයන් විදිහට පත් කර එවන්නේ නැතිකොට, හමුදාව ව්‍යවස්ථාපිතව හමුදාව ඔවුන්ට සැලියුට් කල යුතුයි. ඒක හමුදාව වරද නෙවේ.ඔවුන් පත් කර එවන පුරවැසියන්ගේ වරදයි.

රටක හමුදාවක වගකීම පුද්ගලානුබද්ධ නෑ..ඒක සේවාවක්.ඒ සඳහා නීත්‍යානුකූලව ඔවුන් නැඳී සිටිනවා.

ගංවතුර, නායයාම් වගේ ස්වභාවික ආපදාවකදී, කෝවිඩ් 19 වසංගතයේදී, සහරාන් ගහපු වෙලාවෙ වගේම ඊලාම් යුද්ධයේදී හමුදාවන් අවස්ථානුකූලව මැදිහත් වන්නේ ඔවුන් සතුව පවත්නා රාජකාරිමය වගකීම් අනුවයි.

පුරවැසියන් විදිහට අපි ඒ ගැන තේරුම් ගැනීම වැදගත්.එහෙම නැතිව පොට පටලා ගෙන "අටපාස් ආමි කාරයෝ" කියාගෙන හමුදාවන් සමඟින් ගැටුම් ඇතිකර ගැනීම, දෙපාර්ශවයම අපහසුතා වලට පත් වීමට පාර කැපීමක්.

මේ ටික ලිව්වේ හමුදාවේ රාජකාරිය ගැන පුරවැසියන් තුල යම් දැනුමක් ඇතිකරන්න මිසක, දේශපාලනික අරමුණක් වෙනුවෙන් නොවන බව කියා සටහන අවසන් කරන්නම්.

සංවාදයට වගේම විවේචනයටත් විවරයි.

[QUOTE="SHEHAN_GIWANTHA, post: 27560418, member: 496236"] [ATTACH type="full" alt="F38CC1FD-FC11-4E57-B1DC-0A4E9B35E0E7.jpeg"]166131[/ATTACH]හමුදාව ගැන බොහෝ වෛරී ප්‍රකාශයන් සමාජගත වන ආකාරයක් දුටුව නිසා හමුදාවේ නීත්‍යානුකූල වගකීම සහ ඒ සඳහා හමුදාව විෂයෙහි පවත්නා නෛතික තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පුරවැසියන් තුල ඇතිකරනු වස් යමක් ලිවිය යුතුම යැයි සිතුනා. එය හමුදාව සහ සිවිල් සමාජය අතර ගැටුම් අවම කිරීමටත්, හමුදාව සිදුකරන රාජකාරිමය සේවය සබැඳිව අවබෝධයක් පුරවැසියන් තුල ඇතිකිරීම පිණිස සහයක් වේවි. හමුදාව ස්ථාපිත කරනු ලබන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලවය.ඒ අනුව රටේ හමුදාවන් තුන වෙත පවතින මුඛ්‍ය වගකීම වන්නේ රටේ ස්වෛරීත්වය,යහ පැවැත්ම, රාජ්‍ය ආරක්ෂාව,පුරවැසි ආරක්ෂාව, දේපල ආරක්ෂාව,සහ විටින් විට ආරක්ෂක හමුදා වෙත භාර දෙනු ලබන කටයුතු පවත්වාගෙන යාම. එහිදී රටට අයත් භූමිය යුධ හමුදාවටත්, රටට අයත් දේශීය ජල තීරය නාවික හමුදාවටත්, රටට අයත් ගුවන් අවකාශය ගුවන් හමුදාවටත් භාර දී තිබෙනවා.ඒ අනුව වෙන් වෙනව සහ ඒකාබද්ධව ත්‍රිවිධ හමුදාවන් විසින් රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කටයුතු කරනවා. මේ හමුදාවන් තුන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නෛතික බලධාරීත්වයක් ලබාදීම සිදුකිරීම සඳහා වෙන් වෙන්වූ පනත් තුනක් මගින් හමුදාවන් ස්ථාපිත කර තිබෙනවා. * 1949 අංක 17 දරණ යුධ හමුදා පනත * 1950 අංක 34 දරණ නාවික හමුදා පනත * 1949 අංක 41 දරණ ගුවන් හමුදා පනත යටතේ හමුදාවන් පවත්වාගෙන යාම,අධිකාරය, හමුදා සාමාජිකත්වය, නිලධාරීන් සහ සෙසු නිල,වැටුප හා දීමනා,විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික, පුහුණුව,ලඝු අධිකරණ සහ යුධ අධිකරණ,සිවිල් නීතියේ අදාලත්වය,සාක්ෂි නීතියේ අදාලත්වය, හමුදාමය වැරදි,දණ්ඩන නියමයන්, සිරගත කිරීම සහ රඳවා තබාගැනීම, සම්බන්ධයෙන් වන නීතිමය ප්රතිපාදනයන් මේ පනත් තුල විස්තරවෙලා තියනවා. යුධ හමුදා පනත සහ ගුවන් හමුදා පනත තුල බොහෝ සමාන තත්වයක් දැකිය හැකි අතර නාවික හමුදා පනත තුල ඔවුන්ගේ මූලික වගකීම පවතින්නේ මුහුදේ නෞකා ආශ්‍රිතව බැවින් වෙනස් අනන්‍ය ප්‍රතිපාදන ඇතුලත් වෙනවා. ඊට අමතරව එක් එක් හමුදාවන් සඳහා අමාත්‍යවරයා ගැසට් නිවේදන මගින් රෙගුලාසින් පමවා තිබෙනවා. ඒ අනුව හමුදා සාමාජිකත්වයට ඇතුලත් වන සෑම පුද්ගලයකුම නීති පද්ධති දෙකකට යටත් වෙනවා. ඒ රටේ සාමාන්‍ය පුරවැසියකු වශයෙන් රටේ පවත්නා නීතියටත්, හමුදා සාමාජිකයකු වශයෙන් අදාල හමුදා පනත තුල විස්තීර්ණ නීතියටත්,වශයෙන්. ඊට අමතරව පිළිගත් රාජ්‍යයක හමුදාවක් ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නිතියටත්, අන්තර්ජාතික මානුෂවාදී නීතියටත්, යටත් වෙනවා. රෝම ප්රඥප්තිය, හේග් නීති, අතිරේක ප්රටකෝල, එක්සත් ජාතීන්ගේ සංවිධානය විටින් විට සම්මත කර ගන්නා සම්මුතින් (උදා-ආයුධ භාවිතය,පරිසර) වගේ නීතිමය තත්වයන්ට වගේම ජාත්‍යන්තර යුධ අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න ගත වන්නට හමුදා සාමජිකයකුට සිදුවිය හැකියි. හමුදා සාමාජිකයකු ලෙස කැඩෙට් නිලධාරීන් විදිහට බඳවා ගෙන පුහුණුව අවසානයේ අධිකාරීලත් නිලධාරීන් ලෙස අධිකාරයට පත්වීම් ලැබ විසිර යනවා.මේ අධිකාරය ලබා දෙන්නේ රටේ සේනාධිනායකයා විසින්,එය සේනාධිනායකයාගේ කැමත්ත තිබෙනතාක් දරා සිටිය යුතු බවයි නීතිමය පනත් තුල සඳහන්ව ඇත්තේ.ඔවුන්ගේ පත්වීම, උසස්වීම් සහ අධිකාරයෙන් ඉවත් කිරීම් වගේම විශ්‍රාම යාම රජයේ ගැසට් පත්‍රයක පල කලයුතුයි. සෙසු නිලයන් සදහා පත්කිරීම්, උසස් කිරීම්, සේවයේ නිල ලබාදීම සහ සේවයෙන් ඉවත් කිරීම එක් එක් හමුදාවේ හමුදාධිපතිවරුන් වෙත ලබාදී ඇති බලතල ප්‍රකාර සිදු වෙනවා. හමුදා නීතිය ප්‍රකාර එක් එක හමුදා පනත් තුල විස්තීර්ණ හමුදාමය වැරදි සිදු කරන වගේම එහි විස්තර නොවන වෙනත් ඕනෑම අපරාධමය වරදක් විස්තර වන පනතක තියන වගන්තියක් කඩ කිරීමකට එරෙහිව හමුදා නිලධාරියකු හෝ සෙසු නිලයකුට එරෙහිව චෝදනාවක් ගොනු කරන්න පුළුවන්.එහිදී අවශ්‍ය නම් අත්තඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමටත්, අදාල හමුදාවේ පොලිස් අංශයන්ට හැකියාව තිබෙනවා. ඉහතකී ආකාරයේ වරදක් කරන හමුදා සාමාජිකයකුගේ නිලය අනුව චෝදනා විභාග කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා.මේවා අධිකරණ වගේ. * ලඝු අධිකරණ * යුධාධිකරණ ලෙස මූලිකව බෙදී යන අතර ලඝු අධිකරණ ප්‍රධාන කොටස් 3ක් තිබෙනවා.එනම් * හමුදාධිපතිවරයාගේ ලඝු අධිකරණය * අණ දෙන නිලධාරීගේ ලඝු අධිකරණය * උප අණ දෙන නිලධාරීගේ ලඝු අධිකරණය මෙවැනි ලඝු අධිකරණයකින් වරදකරු කරන්නට හැකියාව පවතින්නේ යුධහමුදාවේ මේජර්,නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සහ ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් දක්වා නිලයක සාමජිකයකු පමණයි.එහිදී වැටුපට සහ සේවයට බලපාන දඬුවම්, රඳවා තබා ගැනීම, අඩස්සියේ තැබීම, නිල පහත හෙලීම, අවවාද කිරීම් දක්වා දඬුවම් ලබා දෙන්න පුලුවන්. ඉන් ඉහල නිලධාරීන් කරන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක් වන්නේ, යුධාධිකරණ මගින්.ඊට අමතරව වරදේ බරපතල බව,හමුදාධිපතිවරයාගේ තීරණය සහ යුධාධිකරණ මගින්ම විභාග කල යුතු වැරදි සම්බන්ධයෙන් යුධාධිකරණ කැඳවෙනවා.එවන් යුධාධිකරණ තුනක් ගැන පනත් තුල ප්‍රතිපාදන ඇතුලත්, * මහා යුධාධිකරණ * දිස්ත්‍රික් යුධාධිකරණ * ක්ෂේත්‍ර මහා යුධාධිකරණ වශයෙන් වන මේ අධිකරණය වෙතින් ලබා දිය හැකි දඬුවම් වෙනම විස්තර කර තිබෙනවා. ඒ අනුව මරණීය දණ්ඩනයේ සිට සිර දඬුවම්, සේවයෙන් පහ කිරීම සහ අවවාද කිරීම් දක්වා මේ දඬුවම් විහිදී යනවා. චාරිත්‍රානුකූල ජාත්‍යන්තර නීතිය සහ මානුෂවාදී නීතියහි ප්‍රතිපාදන ප්‍රකාර යුධ අපරාධ සිදු කිරීම වැනි කාරණා වලදී ජාත්‍යන්තර යුධ අධිකරණය වෙත පවා යන්නට වෙනවා. හමුදා සාමාජිකයකු යම් රාජකාරියකට යොදවන්නේ නීත්‍යානුකූල අණක් හෝ නියෝගයක් මතය.ඔවුන් ඒ අණ හෝ නියෝගයට පරිභාහිරව කටයුතු කල හොත් එහි වගකීම පුද්ගලිකව දරාගත යුතු වෙනවා.නීත්‍යානුකූල නොවන අණක් දෙන අණ දෙන නිලධාරීයකුගේ වගකීම හමුදාධිපතිවරයකු දක්වාම වුවද විහිදී යා හැකිය. හමුදාව හදිසි නීතිය යටතේ හෝ සාමය පවත්නා අවස්ථාවකදී සංග්‍රාමික හෝ වේවා වෙනත් ඕනෑම අවස්ථාවකදී හෝ වේවා මෙහෙයුමක් සඳහා යෙදවීමේදී ඔවුන්ට නීත්‍යානුකූලව කරන්න පුලුවන් මොනවද? බැරි මොනවද? කියන දේ සබැඳිව උපදෙස් ලබා දෙන අතර, මැදිහත්වීමේ රීතීන් (Rules of Engagement) ලබා දෙනවා. එහි සෙබලාට අවශ්‍ය අවම බලයේ සිට උපරිමය වන මාරාන්තික බලය භාවිතා කල හැකි සීමාව දක්වා අවස්ථා ගැන වගේම, ඒ සඳහා අවසර ලැබෙන්නේ කොහොමද? කියන දේත් අඩංගු වෙනවා. කැරලි මර්ධනයේදි මැදිහත්වීම, යුධමය තත්වයකදී මැදිහත්වීම, ගුවන් බලය යෙදවීම, මුහුදු මංකොල්ලකරුවනට එරෙහිවීම වගේ සිදුකරන මෙහෙයුම අනුව මේ මැදිහත්වීමේ රීතීන් ලබා දෙනවා. හමුදා සාමාජිකයකු කටයුතු කරන්නේ ඒ අනුවයි. හමුදාවරටේ බහුතරයක් පත් කර එවූ පාලකයා රකින්නේ රාජකාරිමය බැඳීම නිසා මිසක පුද්ගලිකව ඔහු රකින්න හමුදාවකට බැඳීමක් නෑ. සාමකාමී විදිහට අරගලය කරන කිසිවකු මර්දනයට හමුදාමය බලය යොදවන්නේ නෑ. නමුත් රාජ්‍ය ආරක්ෂාව,පොදු දේපල විෂයෙහි අරගලකරුවන් හානි කරන්නේ නම්, ඒ වෙනුවෙන් අවශ්‍ය සමානුපාතික අවම බලයේ සිට මාරාන්තික බලය දක්වා වූ අවශ්‍ය බලය භාවිතා කිරීමට හමුදාව වෙත හදිසි නීති රෙගුලාසි ප්‍රකාර බලය තිබෙනවා.එය හදිසි නීතිය පණවන ක්‍රමයට අදාල වගන්තිය අනුව බලය ලබාදීම මත තීරණය වන්නක්. පුරවැසියන් හරි මිනිස්සු තම පාලකයන් විදිහට පත් කර එවන්නේ නැතිකොට, හමුදාව ව්‍යවස්ථාපිතව හමුදාව ඔවුන්ට සැලියුට් කල යුතුයි. ඒක හමුදාව වරද නෙවේ.ඔවුන් පත් කර එවන පුරවැසියන්ගේ වරදයි. රටක හමුදාවක වගකීම පුද්ගලානුබද්ධ නෑ..ඒක සේවාවක්.ඒ සඳහා නීත්‍යානුකූලව ඔවුන් නැඳී සිටිනවා. ගංවතුර, නායයාම් වගේ ස්වභාවික ආපදාවකදී, කෝවිඩ් 19 වසංගතයේදී, සහරාන් ගහපු වෙලාවෙ වගේම ඊලාම් යුද්ධයේදී හමුදාවන් අවස්ථානුකූලව මැදිහත් වන්නේ ඔවුන් සතුව පවත්නා රාජකාරිමය වගකීම් අනුවයි. පුරවැසියන් විදිහට අපි ඒ ගැන තේරුම් ගැනීම වැදගත්.එහෙම නැතිව පොට පටලා ගෙන "අටපාස් ආමි කාරයෝ" කියාගෙන හමුදාවන් සමඟින් ගැටුම් ඇතිකර ගැනීම, දෙපාර්ශවයම අපහසුතා වලට පත් වීමට පාර කැපීමක්. මේ ටික ලිව්වේ හමුදාවේ රාජකාරිය ගැන පුරවැසියන් තුල යම් දැනුමක් ඇතිකරන්න මිසක, දේශපාලනික අරමුණක් වෙනුවෙන් නොවන බව කියා සටහන අවසන් කරන්නම්. සංවාදයට වගේම විවේචනයටත් විවරයි. [IMG]https://i.redd.it/93kf2r5sc4z51.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom