Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හර්කියුලීස්ගේ වැඩ දොළස Part 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හර්කියුලීස්ගේ වැඩ දොළස Part 1

මහා දෙවිවරු පෘථිවියට ආපු කාලයේ ග්‍රීසියේ හෙරැක්ලීස් නම් වීරයෙකු හිටියා (රෝමකයින් මොහුව දන්නේ "හර්කියුලීස්" යන නමින්). ග්‍රීක මහා දෙවි සූස්, ඇල්ක්මිනි නම් මනුෂ්‍ය කාන්තාව හා සහවාසයෙන් ඉපදෙන හෙරැක්ලීස් අර්ධ දෙවියෙක්. සිය පුරුෂයාගේ කාම මිථ්‍යාචාරයේ ප්‍රතිඵලය වූ හෙරැක්ලීස් කෙරෙහි දෙවියන්ගේ රැජිණ වූත්, සූස්ගේ භාර්යාව වූත් හීරා දෙවඟනට තිබුණේ තදබල වෛරයක්. ඈ විසින් වරක් හෙරැක්ලීස්ව තාවකාලික උමතු තත්ත්වයකට පත්කරවන අතර, හෙරැක්ලීස් අවසිහියෙන් සිය බිරිඳවත්, දරුවන් දෙදෙනාවත් මරා දමනවා. තමන් කළ අපරාධය වැටහීමෙන් පසු දරුණු සිත්වේදනාවට පත්වෙන හෙරැක්ලීස් ඩෙල්ෆිහි අනාගතවක්තෘවරිය හමුවන්නට යන්නේ සිය වරද සමාකරගන්නේ කෙසේද යන්න දැනගැනීමේ අරමුණෙන්.

'ඩෙල්ෆියේ වක්තෘවරිය' - ජෝන් කොලියර්ගේ සිතුවමකි (1891)ඇගේ උපදෙස් පරිදි මයිසීනියාවේ හා ටිරින්ස්හි රජ යුරිස්තියස්ගේ සේවය සඳහා හෙරැක්ලීස් පිටත්ව යනවා. හෙරැක්ලීස් යුරිස්තියස්ට වසර 12ක කාලයක් සේවය කළ යුතු බවත්, ඔහු විසින් පවරන ඕනෑම කටයුත්තක් සිදුකළ යුතු බවත්, එම කාලය අවසානයේ හෙරැක්ලීස්ට අමරණීයභාවය ලැබෙනු ඇති බවත් ඩෙල්ෆිහි වක්තෘවරිය ප්‍රකාශ කරනවා. හෙරැක්ලීස් මෙයට අකමැති වුණත්, ඩෙල්ෆිහි වක්තෘගේ වචනය සිය පියා වූ සූස්ගේ වචනය නිසා ඊට පිටින් යාමට නිර්භීත නොවන නිසා යුරිස්තියස්ගේ සේවයට යනවා.

එම සේවා කාලය තුළ යුරිස්තියස් විසින් හෙරැක්ලීස්ට ඉතාමත්ම අපහසු කාර්යයන් දහයක් කරන ලෙස අණවනවා. එයින් වැඩ දෙකක්ම කළ බවට පිළිගැනීම යුරිස්තියස් ප්‍රතික්ෂේප කළ නිසා, වැඩ දහය, දොළහක් බවට පත්වෙනවා. "හර්කියුලීස්ගේ වැඩ දොළහ" ලෙස පසුව ප්‍රසිද්ධ වූයේ මේ කාර්යයන් දොළස යි. මේ ලිපිය කොටස් දෙකකට පළවෙන ලිපියක්. වැඩ දොළසෙන් පළමු පහ මෙහි අඩංගු වෙනවා.

නීමියානු සිංහයා මරාදැමීම

'හර්කියුලිස් නීමියානු සිංහයා හා සටන්වදීයි' - පීටර් පෝල් රුබන්ස්ගේ සිතුවමකි (1615). (Wikimedia - Alonso de Mendoza)නීමියා දිස්ත්‍රික්කයේ වාසය කළ සිංහ වෙස්ගත් රකුසෙකු මරා දැමීම හෙරැක්ලීස්ට රජුගෙන් නියම වුණු පළමු කාර්යය වුණා. ප්‍රදේශයේ තරුණියන් පැහැරගෙන, ඈව බේරාගැනීමට එන නිර්භීත තරුණයින්ව ගොදුරු කරගැනීම සිංහයාගේ සිරිත වුණා. (ගුහාව අසලට එන තරුණයින්ට තරුණිය ගුහාව තුළ තුවාල ලබා සිටින අයුරු පෙනෙනවා. නමුත් ඇය බේරාගැනීමට ඔවුන් එතුළට ගිය පසු තරුණිය සේ වෙස්වලා සිටි සිංහයා ඔවුන්ව මරා දමනවා.)

හෙරැක්ලීස් සිංහයාගේ ගුහාවට ගොස් ඌට ඊතළවලින් විද්දත්, ඒ කිසිවකට සිංහයාගේ සම සිදුරු කළ නොහැකි වුණා. එනිසා හෙරැක්ලීස් සිංහයා හා සටන් වැද, ගෙල සිරකර සිංහයා මරාදමනවා. ඇතීනා දෙවඟනගේ අනුග්‍රහයෙන් සිංහයා සම ගසන හෙරැක්ලීස්, ඉන් අනතුරුව ඒ සම පොරවාගෙන නැවතත් යුරිස්තියස් රජු වෙත යනවා. පසු කලෙක හෙරැක්ලීස්ගේ සන්නාහය වුණේ මේ සිංහ හමයි.

සිංහ සම පොරවාගත් හෙරැක්ලීස්ගේ දර්ශනයෙන් බියට පත්වන රජු, මින්පසු ඔහුට නගරය තුළට එම තහනම් කරනවා. රජු ඔහු හා ඉන්පසු ගනුදෙනු කරන්නේ පණිවුඩකරුවෙකු මාර්ගයෙන්.

මේ සියල්ල අවසානයේ හීරා දෙවඟන නීමියානු සිංහයා අමරණීය කිරීමේ අරමුණින් උගේ රුව සිංහ රාශිය ලෙස අහසේ සටහන් කළාලු.

ලර්නියානු දිය රකුසා මරාදැමීම

'ලර්නියානු දිය රකුසා හා සටන' - ගුස්ටාව් මොරෝගේ සිතුවමකි (1876). ලර්නියානු දිය රකුසා (හයිඩ්‍රා) හිස් කීපයක් සහිත, සර්පයෙකු වැනි මුහුදු සත්ත්වයෙක්. උගේ එක් හිසක් කපා දැමුණොත්, එතැනින් තවත් හිස් දෙකක් සෑදෙනවා. හෙරැක්ලීස්, ඌ හා සටනේ දී උගේ හිස් එකින් එක කපා දමමින්, ඒවා තිබුණු තැන ගිනිහුළකින් පුච්චා දමන්නේ නැවත හිස් වැඩීම නවතා දැමීමට යි. අවසානයේ හිස් සියල්ල අහිමි වන රකුසා පරාජයට පත්වෙනවා. උගේ ඉතා විෂ සහිත ලෙයින් ස්වල්පයක් අනාගත භාවිතය සඳහා එකතු කරගන්නා හෙරැක්ලීස්, උගේ එකම අමරණීය හිස වළලා දමනවා.

මේ දිය රකුසා නිර්මාණය කර තිබුණේ හීරා දෙවඟන විසින් හෙරැක්ලීස් පැරදවීමේ අරමුණෙන්ම යි. ඈ ඌ සිහිවීමට උගේ රුව හයිඩ්‍රා රාශිය ලෙස අහසේ අඳිනවා.

සේරිනයානු මුවදෙන අල්ලාගැනීම

සේරිනයානු මුවදෙන අල්ලාගත් හෙරැක්ලීස් සහ ආටිමිස් දෙවඟන - ක්‍රි. පූ. 510 දී පමණ මැටි බඳුනක් මත කළ පින්තාරුවක් (Perseus Digital Library)හෙරැක්ලීස්ව රකුසන් හා සටනට යැවීමෙන් ඔහු පරාජය කළ නොහැකි බව මේ වන විට යුරිස්තියස් තේරුම්ගෙන තිබුණා. ඉතින් ඔහු අනිවාර්යයෙන්ම පරාජය වේයැ යි සිතිය හැකි කාර්යයක් මෙවර ඔහුට පැවරුණා. ඒ, සේරිනයානු මුවදෙන අල්ලාගැනීම යි.

සේරිනයානු මුවදෙන රන් අං සහිත, ලෝකඩ කුර සහිත, ඊතලයකට වඩා වේගයෙන් දිවිය හැකි සත්ත්වයෙක්. ඈ දඩයමේ දෙවඟන වූ ආටිමිස්ගේ පූජනීය සත්ත්වයෙක්. හෙරැක්ලීස් මුවදෙන අල්ලාගත් විට ආටිමිස් ඔහුව මරා දමනු ඇතැයි යුරිස්තියස් බලාපොරොත්තු වුණා.

හෙරැක්ලීස් සේරිනයානු මුවදෙන පිටුපස සම්පූර්ණ වසරක්ම හඹා ගියා. අවසානයේ මුවදෙන ආටිමිස්ගේ දෙවොලට වැදුණා. එහිදී ආටිමිස් හෙරැක්ලීස්ට දර්ශනය වී, සිය මුවදෙනට පීඩා කිරීම සම්බන්ධව ඔහුට දඬුවම් කිරීමට සැරසුනාලු. ඇයට බැගෑපත්ව සත්‍යය හෙළිකරන ඔහු, ආපසු ගෙනඑන පොරොන්දුව පිට මුවදෙන ඉල්ලාගෙන යුරිස්තියස් වෙත යනවා.

ආටිමිස් විසින් හෙරැක්ලීස්ව මරා නොදැමීම ගැන යුරිස්තියස් කෝපයටත් භීතියටත් පත්වෙනවා. අවසන් උත්සහයක් ලෙස, එම මුවදෙන තමාට ලබාදිය යුතු බව ඔහු හෙරැක්ලීස්ට පවසනවා. නමුත් හෙරැක්ලීස් ආටිමිස්ට පොරොන්දු වුණේ මුවදෙන නැවත ඇයට ලබාදෙන බව යි. එනිසා මුවදෙන අවැසි නම් රජුම පැමිණ තමාගෙන් ඌව ලබාගත යුතු බව හෙරැක්ලීස් පවසනවා. එයට එකඟ වූ රජු පැමිණෙද්දීම මුවදෙන අත්හැර, ඇයට ආටිමිස් වෙත යන්නට සලස්වන හෙරැක්ලීස් රජුට පවසන්නේ ඔහු වේගවත් මඳ වූ නිසා මුවදෙන පලාගිය බව යි.

එරිමැන්තියානු වල් ඌරා අල්ලාගැනීම

හෙරැක්ලීස් එරිමැන්තියානු වල් ඌරා අල්ලගෙන එද්දී බියට පත්වන යුරිස්තියස් බුජමක් තුළ සැඟවෙයි (Pinterest)එරිමැන්තියානු වල් ඌරා බටහිර ආකේඩියානු ප්‍රදේශයන්හි වාසය කළ භයානක, විශාල සත්ත්වයෙක්. යුරිස්තියස් හෙරැක්ලීස්ට නියම කරන්නේ මේ භයානක ඌරා පණපිටින් තමා වෙත ගෙන එන ලෙස යි.

වල් ඌරා විසූ එරිමැන්තොස් කන්දට යන හෙරැක්ලීස්, තදින් හිම වැටෙන තෙක් හිඳ, වල් ඌරාව ගැඹුරු හිම ගොඩක් වෙත එළවාගෙන යනවා. එහි එරුණු වල් ඌරාව දැළක හිරකර අල්ලගන්නා හෙරැක්ලීස් ඉන්පසු ඌ යුරිස්තියස් රජු වෙත ගෙන යනවා. වල් ඌරාගේ දර්ශනයෙන් බියපත් වුණු රජු වළලා තිබූ විශාල බුජමකට පැන සැඟවී, වල් ඌරාව වෙනතකට ගෙනයන ලෙස හෙරැක්ලීස්ට අණ කළ බව කියැවෙනවා.

ඕගියානු ඉස්තාල

ක්‍රි. පූ. 530 - 500 අතර සිතුවමක් (Perseus Digital Library)යුරිස්තියස් පස්වැනි අණ ලෙස ඕගියානු ඉස්තාලයන් එක් දිනක් තුළ පිරිසිදු කිරීම හෙරැක්ලීස්ට නියම කළේ ඔහුට නින්දා කිරීමේ අරමුණෙන්. එසේම මේ ඉස්තාලයන් පිරිසිදු කිරීමත් කළ නොහැකි කාර්යයක්.

ඕගියස් රජුගේ ඉස්තාලයන්වල වාසය කළේ ඉතාම නීරෝගී, අමරණීය ගොනුන් දහසක්. මොවුන් විශාල ප්‍රමාණයන්ගෙන් ගොම බැහැර කළා පමණක් නොවෙයි, ඉස්තාලයන් වසර තිහකින් පිරිසිදු කර තිබුණේ ද නැහැ.

යුරිස්තියස්ගේ අණ පිළිගෙන ඕගියස් රජු වෙත යන හෙරැක්ලීස්, තමා ඉස්තාලයන් දිනක් තුළ පිරිසිදු කරන්නේ නම් රජුගේ පට්ටියෙන් දහයෙන් පංගුවක් ගොනුන්ව තමාට තෑගි කරන ලෙස ඉල්ලා සිටිනවා. රජු මෙයට එකඟ වූ පසු පීනියස් සහ ඇල්ෆියස් නම් ගංගාවන් දෙකේ ජල පහර ඉස්තාලය වෙත හරවන හෙරැක්ලීස්, වසර 30ක් තිස්සේ එකතු වී තිබූ සියලු අපද්‍රව්‍ය සෝදා හරිනවා.

කෙසේ නමුත් කටයුත්ත සම්පූර්ණ වීමෙන් අනතුරුව ඕගියස් රජු තම පොරොන්දුව ඉටු කරන්නේ නැහැ. හෙරැක්ලීස් එයට පළිය ගන්නේ තම වැඩ 12 අවසන් වූ පසු එම රාජ්‍යය ආක්‍රමණය කර, රජු මරා, තමාට සහාය වූ ඕගියස්ගේ පුත්‍රයාට එහි රජකම පවරා දීමෙන්.

ගංගාවන් විසින් අපද්‍රව්‍ය සෝදා හැරුණු නිසාත්, හෙරැක්ලීස් ඕගියස්ගෙන් ගෙවීමක් බලාපොරොත්තු වූ නිසාත්, මේ කාර්යය ඔහු විසින් කළ බවට පිළිගැනීම යුරිස්තියස් විසින් ප්‍රතික්ෂේප කරනවා. එනිසා හෙරැක්ලීස් විසින් කළ යුතු තවත් වැඩ 6ක් ඉතිරි බව යුරිස්තියස් ඔහුට පවසනවා.

[QUOTE="Idias, post: 23456056, member: 556682"] [b]හර්කියුලීස්ගේ වැඩ දොළස Part 1[/b] [SIZE=4]මහා දෙවිවරු පෘථිවියට ආපු කාලයේ ග්‍රීසියේ හෙරැක්ලීස් නම් වීරයෙකු හිටියා (රෝමකයින් මොහුව දන්නේ "හර්කියුලීස්" යන නමින්). ග්‍රීක මහා දෙවි සූස්, ඇල්ක්මිනි නම් මනුෂ්‍ය කාන්තාව හා සහවාසයෙන් ඉපදෙන හෙරැක්ලීස් අර්ධ දෙවියෙක්. සිය පුරුෂයාගේ කාම මිථ්‍යාචාරයේ ප්‍රතිඵලය වූ හෙරැක්ලීස් කෙරෙහි දෙවියන්ගේ රැජිණ වූත්, සූස්ගේ භාර්යාව වූත් හීරා දෙවඟනට තිබුණේ තදබල වෛරයක්. ඈ විසින් වරක් හෙරැක්ලීස්ව තාවකාලික උමතු තත්ත්වයකට පත්කරවන අතර, හෙරැක්ලීස් අවසිහියෙන් සිය බිරිඳවත්, දරුවන් දෙදෙනාවත් මරා දමනවා. තමන් කළ අපරාධය වැටහීමෙන් පසු දරුණු සිත්වේදනාවට පත්වෙන හෙරැක්ලීස් ඩෙල්ෆිහි අනාගතවක්තෘවරිය හමුවන්නට යන්නේ සිය වරද සමාකරගන්නේ කෙසේද යන්න දැනගැනීමේ අරමුණෙන්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/CSHOtOhLQMJH0zt5_Priestess_of_Delphi.jpeg?w=750[/IMG][/SIZE] [SIZE=4]'ඩෙල්ෆියේ වක්තෘවරිය' - ජෝන් කොලියර්ගේ සිතුවමකි (1891)[/SIZE][SIZE=4]ඇගේ උපදෙස් පරිදි මයිසීනියාවේ හා ටිරින්ස්හි රජ යුරිස්තියස්ගේ සේවය සඳහා හෙරැක්ලීස් පිටත්ව යනවා. හෙරැක්ලීස් යුරිස්තියස්ට වසර 12ක කාලයක් සේවය කළ යුතු බවත්, ඔහු විසින් පවරන ඕනෑම කටයුත්තක් සිදුකළ යුතු බවත්, එම කාලය අවසානයේ හෙරැක්ලීස්ට අමරණීයභාවය ලැබෙනු ඇති බවත් ඩෙල්ෆිහි වක්තෘවරිය ප්‍රකාශ කරනවා. හෙරැක්ලීස් මෙයට අකමැති වුණත්, ඩෙල්ෆිහි වක්තෘගේ වචනය සිය පියා වූ සූස්ගේ වචනය නිසා ඊට පිටින් යාමට නිර්භීත නොවන නිසා යුරිස්තියස්ගේ සේවයට යනවා.[/SIZE] [SIZE=4]එම සේවා කාලය තුළ යුරිස්තියස් විසින් හෙරැක්ලීස්ට ඉතාමත්ම අපහසු කාර්යයන් දහයක් කරන ලෙස අණවනවා. එයින් වැඩ දෙකක්ම කළ බවට පිළිගැනීම යුරිස්තියස් ප්‍රතික්ෂේප කළ නිසා, වැඩ දහය, දොළහක් බවට පත්වෙනවා. "හර්කියුලීස්ගේ වැඩ දොළහ" ලෙස පසුව ප්‍රසිද්ධ වූයේ මේ කාර්යයන් දොළස යි. මේ ලිපිය කොටස් දෙකකට පළවෙන ලිපියක්. වැඩ දොළසෙන් පළමු පහ මෙහි අඩංගු වෙනවා.[/SIZE] [LIST=1] [*][SIZE=4][B]නීමියානු සිංහයා මරාදැමීම [/B][/SIZE] [/LIST] [SIZE=4][IMG]https://assets.roar.media/assets/TwhTfr9yLwxakqiF_Pieter_paul_rubens%2C_ercole_e_i_leone_nemeo%2C_02.JPG?w=750[/IMG][/SIZE] [SIZE=4]'හර්කියුලිස් නීමියානු සිංහයා හා සටන්වදීයි' - පීටර් පෝල් රුබන්ස්ගේ සිතුවමකි (1615). (Wikimedia - Alonso de Mendoza)[/SIZE][SIZE=4]නීමියා දිස්ත්‍රික්කයේ වාසය කළ සිංහ වෙස්ගත් රකුසෙකු මරා දැමීම හෙරැක්ලීස්ට රජුගෙන් නියම වුණු පළමු කාර්යය වුණා. ප්‍රදේශයේ තරුණියන් පැහැරගෙන, ඈව බේරාගැනීමට එන නිර්භීත තරුණයින්ව ගොදුරු කරගැනීම සිංහයාගේ සිරිත වුණා. (ගුහාව අසලට එන තරුණයින්ට තරුණිය ගුහාව තුළ තුවාල ලබා සිටින අයුරු පෙනෙනවා. නමුත් ඇය බේරාගැනීමට ඔවුන් එතුළට ගිය පසු තරුණිය සේ වෙස්වලා සිටි සිංහයා ඔවුන්ව මරා දමනවා.)[/SIZE] [SIZE=4]හෙරැක්ලීස් සිංහයාගේ ගුහාවට ගොස් ඌට ඊතළවලින් විද්දත්, ඒ කිසිවකට සිංහයාගේ සම සිදුරු කළ නොහැකි වුණා. එනිසා හෙරැක්ලීස් සිංහයා හා සටන් වැද, ගෙල සිරකර සිංහයා මරාදමනවා. ඇතීනා දෙවඟනගේ අනුග්‍රහයෙන් සිංහයා සම ගසන හෙරැක්ලීස්, ඉන් අනතුරුව ඒ සම පොරවාගෙන නැවතත් යුරිස්තියස් රජු වෙත යනවා. පසු කලෙක හෙරැක්ලීස්ගේ සන්නාහය වුණේ මේ සිංහ හමයි. [/SIZE] [SIZE=4]සිංහ සම පොරවාගත් හෙරැක්ලීස්ගේ දර්ශනයෙන් බියට පත්වන රජු, මින්පසු ඔහුට නගරය තුළට එම තහනම් කරනවා. රජු ඔහු හා ඉන්පසු ගනුදෙනු කරන්නේ පණිවුඩකරුවෙකු මාර්ගයෙන්.[/SIZE] [SIZE=4]මේ සියල්ල අවසානයේ හීරා දෙවඟන නීමියානු සිංහයා අමරණීය කිරීමේ අරමුණින් උගේ රුව සිංහ රාශිය ලෙස අහසේ සටහන් කළාලු.[/SIZE] [LIST=1] [*][SIZE=4][B]ලර්නියානු දිය රකුසා මරාදැමීම [/B][/SIZE] [/LIST] [SIZE=4][IMG]https://assets.roar.media/assets/Fun2SIZJlEfCfRLq_Lernaean-Hydra.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]'ලර්නියානු දිය රකුසා හා සටන' - ගුස්ටාව් මොරෝගේ සිතුවමකි (1876). [/SIZE][SIZE=4]ලර්නියානු දිය රකුසා (හයිඩ්‍රා) හිස් කීපයක් සහිත, සර්පයෙකු වැනි මුහුදු සත්ත්වයෙක්. උගේ එක් හිසක් කපා දැමුණොත්, එතැනින් තවත් හිස් දෙකක් සෑදෙනවා. හෙරැක්ලීස්, ඌ හා සටනේ දී උගේ හිස් එකින් එක කපා දමමින්, ඒවා තිබුණු තැන ගිනිහුළකින් පුච්චා දමන්නේ නැවත හිස් වැඩීම නවතා දැමීමට යි. අවසානයේ හිස් සියල්ල අහිමි වන රකුසා පරාජයට පත්වෙනවා. උගේ ඉතා විෂ සහිත ලෙයින් ස්වල්පයක් අනාගත භාවිතය සඳහා එකතු කරගන්නා හෙරැක්ලීස්, උගේ එකම අමරණීය හිස වළලා දමනවා.[/SIZE] [SIZE=4]මේ දිය රකුසා නිර්මාණය කර තිබුණේ හීරා දෙවඟන විසින් හෙරැක්ලීස් පැරදවීමේ අරමුණෙන්ම යි. ඈ ඌ සිහිවීමට උගේ රුව හයිඩ්‍රා රාශිය ලෙස අහසේ අඳිනවා.[/SIZE] [LIST=1] [*][SIZE=4][B]සේරිනයානු මුවදෙන අල්ලාගැනීම[/B][/SIZE] [/LIST] [SIZE=4][IMG]https://assets.roar.media/assets/mUaZTCzsnlHrwQEm_1991.10.0174.png?w=750[/IMG][/SIZE] [SIZE=4]සේරිනයානු මුවදෙන අල්ලාගත් හෙරැක්ලීස් සහ ආටිමිස් දෙවඟන - ක්‍රි. පූ. 510 දී පමණ මැටි බඳුනක් මත කළ පින්තාරුවක් (Perseus Digital Library)[/SIZE][SIZE=4]හෙරැක්ලීස්ව රකුසන් හා සටනට යැවීමෙන් ඔහු පරාජය කළ නොහැකි බව මේ වන විට යුරිස්තියස් තේරුම්ගෙන තිබුණා. ඉතින් ඔහු අනිවාර්යයෙන්ම පරාජය වේයැ යි සිතිය හැකි කාර්යයක් මෙවර ඔහුට පැවරුණා. ඒ, සේරිනයානු මුවදෙන අල්ලාගැනීම යි.[/SIZE] [SIZE=4]සේරිනයානු මුවදෙන රන් අං සහිත, ලෝකඩ කුර සහිත, ඊතලයකට වඩා වේගයෙන් දිවිය හැකි සත්ත්වයෙක්. ඈ දඩයමේ දෙවඟන වූ ආටිමිස්ගේ පූජනීය සත්ත්වයෙක්. හෙරැක්ලීස් මුවදෙන අල්ලාගත් විට ආටිමිස් ඔහුව මරා දමනු ඇතැයි යුරිස්තියස් බලාපොරොත්තු වුණා.[/SIZE] [SIZE=4]හෙරැක්ලීස් සේරිනයානු මුවදෙන පිටුපස සම්පූර්ණ වසරක්ම හඹා ගියා. අවසානයේ මුවදෙන ආටිමිස්ගේ දෙවොලට වැදුණා. එහිදී ආටිමිස් හෙරැක්ලීස්ට දර්ශනය වී, සිය මුවදෙනට පීඩා කිරීම සම්බන්ධව ඔහුට දඬුවම් කිරීමට සැරසුනාලු. ඇයට බැගෑපත්ව සත්‍යය හෙළිකරන ඔහු, ආපසු ගෙනඑන පොරොන්දුව පිට මුවදෙන ඉල්ලාගෙන යුරිස්තියස් වෙත යනවා.[/SIZE] [SIZE=4]ආටිමිස් විසින් හෙරැක්ලීස්ව මරා නොදැමීම ගැන යුරිස්තියස් කෝපයටත් භීතියටත් පත්වෙනවා. අවසන් උත්සහයක් ලෙස, එම මුවදෙන තමාට ලබාදිය යුතු බව ඔහු හෙරැක්ලීස්ට පවසනවා. නමුත් හෙරැක්ලීස් ආටිමිස්ට පොරොන්දු වුණේ මුවදෙන නැවත ඇයට ලබාදෙන බව යි. එනිසා මුවදෙන අවැසි නම් රජුම පැමිණ තමාගෙන් ඌව ලබාගත යුතු බව හෙරැක්ලීස් පවසනවා. එයට එකඟ වූ රජු පැමිණෙද්දීම මුවදෙන අත්හැර, ඇයට ආටිමිස් වෙත යන්නට සලස්වන හෙරැක්ලීස් රජුට පවසන්නේ ඔහු වේගවත් මඳ වූ නිසා මුවදෙන පලාගිය බව යි.[/SIZE] [LIST=1] [*][SIZE=4][B]එරිමැන්තියානු වල් ඌරා අල්ලාගැනීම[/B][/SIZE] [/LIST] [SIZE=4][IMG]https://assets.roar.media/assets/LbhKsgQHwTMNcHLG_Erymanthian-Boar.png?w=750[/IMG][/SIZE] [SIZE=4]හෙරැක්ලීස් එරිමැන්තියානු වල් ඌරා අල්ලගෙන එද්දී බියට පත්වන යුරිස්තියස් බුජමක් තුළ සැඟවෙයි (Pinterest)[/SIZE][SIZE=4]එරිමැන්තියානු වල් ඌරා බටහිර ආකේඩියානු ප්‍රදේශයන්හි වාසය කළ භයානක, විශාල සත්ත්වයෙක්. යුරිස්තියස් හෙරැක්ලීස්ට නියම කරන්නේ මේ භයානක ඌරා පණපිටින් තමා වෙත ගෙන එන ලෙස යි.[/SIZE] [SIZE=4]වල් ඌරා විසූ එරිමැන්තොස් කන්දට යන හෙරැක්ලීස්, තදින් හිම වැටෙන තෙක් හිඳ, වල් ඌරාව ගැඹුරු හිම ගොඩක් වෙත එළවාගෙන යනවා. එහි එරුණු වල් ඌරාව දැළක හිරකර අල්ලගන්නා හෙරැක්ලීස් ඉන්පසු ඌ යුරිස්තියස් රජු වෙත ගෙන යනවා. වල් ඌරාගේ දර්ශනයෙන් බියපත් වුණු රජු වළලා තිබූ විශාල බුජමකට පැන සැඟවී, වල් ඌරාව වෙනතකට ගෙනයන ලෙස හෙරැක්ලීස්ට අණ කළ බව කියැවෙනවා.[/SIZE] [LIST=1] [*][SIZE=4][B]ඕගියානු ඉස්තාල[/B][/SIZE] [/LIST] [SIZE=4][IMG]https://assets.roar.media/assets/276x2TiQnrfwDTPT_1992.11.0019.png?w=750[/IMG][/SIZE] [SIZE=4]ක්‍රි. පූ. 530 - 500 අතර සිතුවමක් (Perseus Digital Library)[/SIZE][SIZE=4]යුරිස්තියස් පස්වැනි අණ ලෙස ඕගියානු ඉස්තාලයන් එක් දිනක් තුළ පිරිසිදු කිරීම හෙරැක්ලීස්ට නියම කළේ ඔහුට නින්දා කිරීමේ අරමුණෙන්. එසේම මේ ඉස්තාලයන් පිරිසිදු කිරීමත් කළ නොහැකි කාර්යයක්.[/SIZE] [SIZE=4]ඕගියස් රජුගේ ඉස්තාලයන්වල වාසය කළේ ඉතාම නීරෝගී, අමරණීය ගොනුන් දහසක්. මොවුන් විශාල ප්‍රමාණයන්ගෙන් ගොම බැහැර කළා පමණක් නොවෙයි, ඉස්තාලයන් වසර තිහකින් පිරිසිදු කර තිබුණේ ද නැහැ.[/SIZE] [SIZE=4]යුරිස්තියස්ගේ අණ පිළිගෙන ඕගියස් රජු වෙත යන හෙරැක්ලීස්, තමා ඉස්තාලයන් දිනක් තුළ පිරිසිදු කරන්නේ නම් රජුගේ පට්ටියෙන් දහයෙන් පංගුවක් ගොනුන්ව තමාට තෑගි කරන ලෙස ඉල්ලා සිටිනවා. රජු මෙයට එකඟ වූ පසු පීනියස් සහ ඇල්ෆියස් නම් ගංගාවන් දෙකේ ජල පහර ඉස්තාලය වෙත හරවන හෙරැක්ලීස්, වසර 30ක් තිස්සේ එකතු වී තිබූ සියලු අපද්‍රව්‍ය සෝදා හරිනවා.[/SIZE] [SIZE=4]කෙසේ නමුත් කටයුත්ත සම්පූර්ණ වීමෙන් අනතුරුව ඕගියස් රජු තම පොරොන්දුව ඉටු කරන්නේ නැහැ. හෙරැක්ලීස් එයට පළිය ගන්නේ තම වැඩ 12 අවසන් වූ පසු එම රාජ්‍යය ආක්‍රමණය කර, රජු මරා, තමාට සහාය වූ ඕගියස්ගේ පුත්‍රයාට එහි රජකම පවරා දීමෙන්.[/SIZE] [SIZE=4]ගංගාවන් විසින් අපද්‍රව්‍ය සෝදා හැරුණු නිසාත්, හෙරැක්ලීස් ඕගියස්ගෙන් ගෙවීමක් බලාපොරොත්තු වූ නිසාත්, මේ කාර්යය ඔහු විසින් කළ බවට පිළිගැනීම යුරිස්තියස් විසින් ප්‍රතික්ෂේප කරනවා. එනිසා හෙරැක්ලීස් විසින් කළ යුතු තවත් වැඩ 6ක් ඉතිරි බව යුරිස්තියස් ඔහුට පවසනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom