හලාල් අර්බුදයට පැලැස්තරයක්

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හලාල් අර්බුදයට පැලැස්තරයක්

    Mirror - 'හලාල්' භාණ්ඩ මුස්ලිම්වරුන්ට පමණක් විකිණීමට කටයුතු කරන්නැයි සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව, හලාල් සහතිකය ලබාගෙන ඇති සියලු ආයතනවලින් ඉල්ලීමක් කර සිටියි.

    ඔවුන් මෙම ඉල්ලීම සිදුකළේ හලාල් සහතිකය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවට විසඳුමක් ලෙසය. ඒ අනුව ඉස්ලාම් නොවන ආගමිකයන්ට 'හලාල්' භාණ්ඩ විකිණීමෙන් වළකින ලෙස ඔවුන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියි.

    කොලඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ, හලාල් සහතිකය නිකුත් කරන ආයතනයේ ලේකම් මුර්ෂිඞ් මුලාසර් පැවසිය.

    තවද, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයින් පිරිසක් අද පස්වරු 4.00 ට 'හලාල් අර්බුදය සොයා බැලීමේ ආණ්ඩුවේ කමිටු නියෝජිතයින් හමුවීමට නියමිතය. හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා එම කමිටුවේ සභාපතිවේ.

    මේ අතර අද පස්වරු 1.00ට පමණ බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් පාර්ලිමේන්තුවේදී අගමැති ප්‍රමුඛ එම කමිටුව සමග සාකච්ජා පැවැත්විය.

    'හලාල්' භාණ්ඩ තහනම් කිරීමට තම සංවිධානය කිසිදු බලපෑම් නොකළ බව සඳහන් කර ඇති බොදු බල සේනා නියෝජිතයින්, තම විරෝධය පල කලේ සිංහල බෞද්ධයින්ට 'හලාල්' භාණ්ඩ බලහත්කාරයෙන් විකිණීම සඳහා පමණක් බව පැහැදිලි කර ඇත.

    තම සංවිධානය ගොඩනැගුවේ බෞද්ධයින් මුහුණදී ඇති දුක් ගැහැට සම්බන්ධයෙන් හඬ නැගීම සඳහා බව එම සංවිධානය පැහැදිලි කර ඇත.

    මෙම සාකච්ජාව සඳහා රත්නසිරි වික්‍රමනායක, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, ඩිවු ගුණසේකර, වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේම ජයන්ත, රවුෆ් හකීම්, අතාවුල්ලාහ්, විමල් විරවංශ හා චම්පික රණවක යන අමාත්‍යවරුන් ද සහභාගිවී ඇත.