Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හාමුදුරුවනේ_තරහා_අවසර…!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාමුදුරුවනේ_තරහා_අවසර…!

හාමුදුරුවනේ තරහා අවසර…!

අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි වූ නිසා පන්සලෙන් ඈත්ව ජීවත්වන්නට තීරණය කළෙමි. සිතට සැනසිල්ලක් නොගෙනෙන පන්සලකින් ඇති පලය කුමක්ද…?

වරක් මගේ මිතුරෙක් හාමුදුරුවන්ගේ මේ කිපෙන සුළු බව අරබයා අපූරු ප්‍රකාශයක් කළේය. ‘‘අපේ හාමුදුරුවන්ට පොඩි දේකට වුනත් තරහා ගියාට, එතුමා හරිම සිල්වත්.’’ මා අදහන අන්දමට බුදු දහමෙහි ඇති මූලික ගුණාංගය වන්නේ මෛත්‍රිය හා කරුණාවයි. මෛත්‍රිය හා කරුණාව පෙන්වන්නට නොහැකිවන තැන ඇති බුද්ධාගම, මා අදහන බුදු දහමට පටහැනි වූවකි. ඉදින් වහා කිපෙන සුළු වූ අයෙක් සිල්වත් වන්නේ කෙසේද…? මේ පැනය මගේ මිතුරාගෙන් අසන්නට සිතුනත්, එයින් ඔහු සිත් තැවුලට පත්වනු ඇතැයි සිතා මුවින් නොබැන සිටියෙමි. සැරපරුෂ, තද ගති පැවතුම් සහිත වීම ලංකාවේ බොහෝ පන්සල්වල ලොකු හාමුදුරුවන් නමැති අයිකනයේ පොදු ලකුණකි. එසේ සැර පරුෂ, ලිහිලක් නොපෙන්වන ගුණාංග නොමැති නම් පන්සලක පාලනය සහ සංවර බව තබා ගන්නට නොහැකි වේ යැයි පොදු මතයක් අප අතර පවතී. එනිසා දුසිල්වත් බව සඳහා කැපෙන ලකුණු ගණන මේ සැර පරුෂ හෝ කිපෙන සුළු බව සඳහා නොදැනෙන තරම් කුඩා ඉලක්කමක් බවට අද අපේ බුද්ධාගමෙහි පත්ව තිබේ. අනෙක් වචනවලින් කියනවා නම් මෛත්‍රිය හා කරුණාව සඳහා ලැබෙන්නේ සිල්වත්කමෙන් අඩු ලකුණු ගණනෙකි. කුඩා කාලයෙහි පව්කාර කොල්ලන් වූ අප, පන්සලේ වෙරළු ගසට ගල් ගැහුවේ වෙරළු කෑමට ඇති උවමනාවට නොව, එහි විසූ වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ එයින් කෝප වී, කුණුහරුපයෙන් බැණ වදිනු අසා ප්‍රීති වීමටය.

ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ අද අපේ රටේ පවතින බුද්ධාගම මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන එනු ලැබූ බුද්ධාගම කියාය. යුද්ධය නිසා මිය ගිය මිනිසුන් සංඛ්‍යාව දැක කලකිරී බුදුදහම වැළඳගත් අශෝක අධිරාජයා ඉන් නොනැවතී සිය දෙදරුවන් ද ශාසනයට කැප කළේය. ඔහු පුත් මිහිදු මහ රහතන්වහන්සේ ලංකාවට රැගෙන ආවේ මේ බුද්ධාගමයි. එහෙත් වැඩි කලක් ගත නොවි මෙරට එකල සිටි බුද්ධ පුත්‍රයින් විසින් රජවරුන් යුද්ධය සඳහා මෙහෙයවමින් ඒ බුද්ධාගම කෙළසණු ලැබීය. එදා පටන් නොයෙක් ආකාරයෙන් වෙනස්කම්වලට බඳුන්ව පැමිණි අපේ සිංහල බුද්ධාගම ඉතා අසරණ තත්ත්වයට පත්වන්නේ, රට යුරෝපීයයන්ගේ යටත් විජිතයක් බවට පත්ව තිබූ සමයේය.

යුරෝපීයයන් ගෙන ආ ආගම් ප්‍රචාරය සමඟ තරග කරන්නට හැකි ආකාරයේ බුද්ධාගමක් උදෙසා අවශ්‍ය පණපෙවීමේ හැකියාව හා ශක්තිය අපේ ශ්‍රී ලාංකිකයනට තිබුණේ නැත. මේ අවශ්‍ය ප්‍රාණය පොම්ප කරනු ලැබුවේ අමෙරිකාවේ සිට පැමිණි හෙන්රි ඕල්කට් නමැති සුද්දා විසිනි. ඕල්කට්තුමා සුද්දන් ආගම් ප්‍රචාරය කළ ශෛලීයෙන් බුද්ධාගම ප්‍රචාරය කරන්නට ඇවැසි මෙවලම් නිෂ්පාදනය කළේය. බෞද්ධ ප්රචාරක වැඩ සටහන්, බෞද්ධ පාසල්, බොදු බැති ගී (කැරොල්) ආදිය හඳුන්වාදුන්නේ අපේ බුද්ධාගමට මිෂනාරි පන්නයේ ජීවයක් ලබා දෙමිනි.

අනගාරික ධර්මපාලතුමා ගොඩවූයේ මේ හෙන්රි ඕල්කට් නමැති සුද්දා ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගත් ගොන් කරත්තයටමය. අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමාට එහා යමින් වඩාත් සැර පරුෂ හා ග්‍රාම්‍ය ලෙස සිය ප්‍රචාර ව්‍යාපාරය දියත් කරනු ලැබුවේ සුද්දා පෙන්නූ සංවරය මෙයට අවශ්‍ය නොවන බව කියාපාන අයුරිනි. ඔහු මිනිසුන් ඇමතුවේ ඉතා ගොරහැඩි, රළු පරළු බසකිනි. ඔහුගේ ධර්ම ප්‍රචාරය වඩාත් නෑකම් කීවේ සුද්දන්ගේ උපායශීලී ප්රචාරක ක්‍රමවලට වඩා, පෘතුගීසින් බලහත්කාරයෙන් කතෝලික ආගම පැටවීමට යොදා ගත් තර්ජනාත්මක ස්වරූපයටය. අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත්වන සිංහල බෞද්ධයාගේ පරමාදර්ශී චරිතයක් වන්නේ මෙලෙස රළු බසෙකින් බැන වදිමින් ධර්ම ප්‍රචාරයෙහි නියැලූණු ධර්මපාලතුමාය. පෘතගුගීසි නලින් ද සිල්වා මහාචාර්යතුමාට, එතුමා තමන්ගේ කෙනෙක් ලෙස දැනෙන්නේ ද සමහරවිට මේ නෑකම නිසා විය හැකිය.

අපේ සමාජය තමන්ට අවශ්‍ය පරිදි බුද්ධාගම වෙනස් කර ගනිමින් එයට නව අර්ථකථනයන් දෙමින් සිටින්නීය. සමහර විටෙක එතැනින් නොනැවතී බුද්ධ චරිතය ද තමන්ට අභිමත පරිදි වෙනස් කරන්නට කැසකවන්නීය. පසුගිය දිනෙක මහා සංචාරය නමැති රූපවාහිනී වැඩසටහන මෙහෙවමින් අද දවසේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මහදැනමුත්තා වූ ජැක්සන් ඇන්තනී පවසා සිටියේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කළේ බෞද්ධාගමික වූ නාගගෝත්රිකයින් හට වූ ඇල්ම නිසා මිථ්‍යාදෘෂ්ටික යක්ෂ ගෝත්‍රිකයින් මලය දේශයට පලවා හැරීමට ය, කියා ය. රහත්ඵල ලැබූ අපේ බුදු රජාණන්වහන්සේටත් එසේ කළ හැකි විණි නම්, ඇයි යකඩෝ අපිට දෙමළුන් තමිල්නාඩුවටම එළවන්න බැරි…?

[QUOTE="siripala, post: 16569902, member: 6738"] [b]හාමුදුරුවනේ_තරහා_අවසර…![/b] [SIZE="6"]හාමුදුරුවනේ තරහා අවසර…![/SIZE] [SIZE="4"]අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි වූ නිසා පන්සලෙන් ඈත්ව ජීවත්වන්නට තීරණය කළෙමි. සිතට සැනසිල්ලක් නොගෙනෙන පන්සලකින් ඇති පලය කුමක්ද…? වරක් මගේ මිතුරෙක් හාමුදුරුවන්ගේ මේ කිපෙන සුළු බව අරබයා අපූරු ප්‍රකාශයක් කළේය. ‘‘අපේ හාමුදුරුවන්ට පොඩි දේකට වුනත් තරහා ගියාට, එතුමා හරිම සිල්වත්.’’ මා අදහන අන්දමට බුදු දහමෙහි ඇති මූලික ගුණාංගය වන්නේ මෛත්‍රිය හා කරුණාවයි. මෛත්‍රිය හා කරුණාව පෙන්වන්නට නොහැකිවන තැන ඇති බුද්ධාගම, මා අදහන බුදු දහමට පටහැනි වූවකි. ඉදින් වහා කිපෙන සුළු වූ අයෙක් සිල්වත් වන්නේ කෙසේද…? මේ පැනය මගේ මිතුරාගෙන් අසන්නට සිතුනත්, එයින් ඔහු සිත් තැවුලට පත්වනු ඇතැයි සිතා මුවින් නොබැන සිටියෙමි. සැරපරුෂ, තද ගති පැවතුම් සහිත වීම ලංකාවේ බොහෝ පන්සල්වල ලොකු හාමුදුරුවන් නමැති අයිකනයේ පොදු ලකුණකි. එසේ සැර පරුෂ, ලිහිලක් නොපෙන්වන ගුණාංග නොමැති නම් පන්සලක පාලනය සහ සංවර බව තබා ගන්නට නොහැකි වේ යැයි පොදු මතයක් අප අතර පවතී. එනිසා දුසිල්වත් බව සඳහා කැපෙන ලකුණු ගණන මේ සැර පරුෂ හෝ කිපෙන සුළු බව සඳහා නොදැනෙන තරම් කුඩා ඉලක්කමක් බවට අද අපේ බුද්ධාගමෙහි පත්ව තිබේ. අනෙක් වචනවලින් කියනවා නම් මෛත්‍රිය හා කරුණාව සඳහා ලැබෙන්නේ සිල්වත්කමෙන් අඩු ලකුණු ගණනෙකි. කුඩා කාලයෙහි පව්කාර කොල්ලන් වූ අප, පන්සලේ වෙරළු ගසට ගල් ගැහුවේ වෙරළු කෑමට ඇති උවමනාවට නොව, එහි විසූ වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ එයින් කෝප වී, කුණුහරුපයෙන් බැණ වදිනු අසා ප්‍රීති වීමටය. ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ අද අපේ රටේ පවතින බුද්ධාගම මිහිඳු මහරහතන් වහන්සේ විසින් ගෙන එනු ලැබූ බුද්ධාගම කියාය. යුද්ධය නිසා මිය ගිය මිනිසුන් සංඛ්‍යාව දැක කලකිරී බුදුදහම වැළඳගත් අශෝක අධිරාජයා ඉන් නොනැවතී සිය දෙදරුවන් ද ශාසනයට කැප කළේය. ඔහු පුත් මිහිදු මහ රහතන්වහන්සේ ලංකාවට රැගෙන ආවේ මේ බුද්ධාගමයි. එහෙත් වැඩි කලක් ගත නොවි මෙරට එකල සිටි බුද්ධ පුත්‍රයින් විසින් රජවරුන් යුද්ධය සඳහා මෙහෙයවමින් ඒ බුද්ධාගම කෙළසණු ලැබීය. එදා පටන් නොයෙක් ආකාරයෙන් වෙනස්කම්වලට බඳුන්ව පැමිණි අපේ සිංහල බුද්ධාගම ඉතා අසරණ තත්ත්වයට පත්වන්නේ, රට යුරෝපීයයන්ගේ යටත් විජිතයක් බවට පත්ව තිබූ සමයේය. යුරෝපීයයන් ගෙන ආ ආගම් ප්‍රචාරය සමඟ තරග කරන්නට හැකි ආකාරයේ බුද්ධාගමක් උදෙසා අවශ්‍ය පණපෙවීමේ හැකියාව හා ශක්තිය අපේ ශ්‍රී ලාංකිකයනට තිබුණේ නැත. මේ අවශ්‍ය ප්‍රාණය පොම්ප කරනු ලැබුවේ අමෙරිකාවේ සිට පැමිණි හෙන්රි ඕල්කට් නමැති සුද්දා විසිනි. ඕල්කට්තුමා සුද්දන් ආගම් ප්‍රචාරය කළ ශෛලීයෙන් බුද්ධාගම ප්‍රචාරය කරන්නට ඇවැසි මෙවලම් නිෂ්පාදනය කළේය. බෞද්ධ ප්රචාරක වැඩ සටහන්, බෞද්ධ පාසල්, බොදු බැති ගී (කැරොල්) ආදිය හඳුන්වාදුන්නේ අපේ බුද්ධාගමට මිෂනාරි පන්නයේ ජීවයක් ලබා දෙමිනි. අනගාරික ධර්මපාලතුමා ගොඩවූයේ මේ හෙන්රි ඕල්කට් නමැති සුද්දා ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගත් ගොන් කරත්තයටමය. අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමාට එහා යමින් වඩාත් සැර පරුෂ හා ග්‍රාම්‍ය ලෙස සිය ප්‍රචාර ව්‍යාපාරය දියත් කරනු ලැබුවේ සුද්දා පෙන්නූ සංවරය මෙයට අවශ්‍ය නොවන බව කියාපාන අයුරිනි. ඔහු මිනිසුන් ඇමතුවේ ඉතා ගොරහැඩි, රළු පරළු බසකිනි. ඔහුගේ ධර්ම ප්‍රචාරය වඩාත් නෑකම් කීවේ සුද්දන්ගේ උපායශීලී ප්රචාරක ක්‍රමවලට වඩා, පෘතුගීසින් බලහත්කාරයෙන් කතෝලික ආගම පැටවීමට යොදා ගත් තර්ජනාත්මක ස්වරූපයටය. අද දවසේ ශ්‍රී ලංකාවේ ජීවත්වන සිංහල බෞද්ධයාගේ පරමාදර්ශී චරිතයක් වන්නේ මෙලෙස රළු බසෙකින් බැන වදිමින් ධර්ම ප්‍රචාරයෙහි නියැලූණු ධර්මපාලතුමාය. පෘතගුගීසි නලින් ද සිල්වා මහාචාර්යතුමාට, එතුමා තමන්ගේ කෙනෙක් ලෙස දැනෙන්නේ ද සමහරවිට මේ නෑකම නිසා විය හැකිය. අපේ සමාජය තමන්ට අවශ්‍ය පරිදි බුද්ධාගම වෙනස් කර ගනිමින් එයට නව අර්ථකථනයන් දෙමින් සිටින්නීය. සමහර විටෙක එතැනින් නොනැවතී බුද්ධ චරිතය ද තමන්ට අභිමත පරිදි වෙනස් කරන්නට කැසකවන්නීය. පසුගිය දිනෙක මහා සංචාරය නමැති රූපවාහිනී වැඩසටහන මෙහෙවමින් අද දවසේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ මහදැනමුත්තා වූ ජැක්සන් ඇන්තනී පවසා සිටියේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කළේ බෞද්ධාගමික වූ නාගගෝත්රිකයින් හට වූ ඇල්ම නිසා මිථ්‍යාදෘෂ්ටික යක්ෂ ගෝත්‍රිකයින් මලය දේශයට පලවා හැරීමට ය, කියා ය. රහත්ඵල ලැබූ අපේ බුදු රජාණන්වහන්සේටත් එසේ කළ හැකි විණි නම්, ඇයි යකඩෝ අපිට දෙමළුන් තමිල්නාඩුවටම එළවන්න බැරි…?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom