Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැකිනම් මෙම ගණිත ගැටළුව විසඳනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් විශේෂාංගය

අපෙ හාමුදුරුවනේ .. කවුද මේ කොලු පැටියා..? සිටිනාමළුවේ ධම්මජෝති මාහිමිපාණන් වහන්සේ රජ වාසලට පළමු වරට කැඳවාගෙන ගිය ‘කොලුවා’ දෙස බැලූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විමසුවේ ය. කොලුවා ශාන්ත දාන්ත ව පසෙකට වී පසුවුණේ ය.

රුහුණු දනව්වේ වැඩ හිඳිමින් එහි ධර්මප්‍රදීපය පතුරුවමින් කටයුතු කළ හිමිවරුන් අතර සිටිනාමළුවේ ධම්මජෝති මාහිමියනට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. අප්‍රකට ජාතක කතාවන් වස්තු බීජයන් කොට කාව්‍යයන් රචනා වූ මාතර සාහිත්‍ය වංශයේ ආදිතමයා ලෙසින් ද උන්වහන්සේ සැළකේ. එහිමියන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන් සිටියේ කොලු ගැටයෙකි. හෙතෙම බටහිර ගිරුවාපත්තුවේ ය. සෙදා නොහොත් සදා නම් මේ කොලුවා කටකාර ය. හැසිරීම ද සිත්ගන්නා සුළු ය. කොලුවා දෙස බලා සිටි රජු දෙස බැලූ ධම්මජෝති හිමියෝ,

”මේ ඉතින් අපේ අත් උදව්වට කියල ඉන්න ඇබිත්ත කොලුවා තමයි”යි කීහ.

”එහෙමද? ඇබිත්තකම් කළාට මොනවත් ඉගෙනීමක් එහෙම නැතිද?”

”මගෙන් නක්ෂත්රය ඉගෙන ගන්නවානෙ”

එය අසා සිටි රජතුමා කොලුවා දෙස යළිත් බලා හිස සලන්නට වූයේ ය.

”හොඳයි, එහෙනම් කොලුවෝ නුඹ දන්නවා නම් අද රික්තාව තියෙන තැන මට පෙන්වාපන්”

වහා ඉදිරිපත් වූ කොලුවා රජමාලිගයේ මැද මිදුලට එන්නැයි රජුගෙන් ඉල්ලා සිටියේ ය. මැද මිදුලට පැමිණි රජුගෙන් හතර රියන් රිටක් ද පුළුන් කැබැල්ලක් ද ඉල්ලා ගත්තේ ය. මැද මිදුලෙහි ඉදිරියට පියවර කිහිපයක් තැබුවේ ය. නැවතුණේ ය. අහස දෙස බැලුවේ ය. අතැති රිට අහසට දිගුකොට සිට, රිට කෙළවරට පුළුන් තබා රිට යළි අහසට දිගු කළේ ය. කොලුවා යටිතොල පෙරලුවේ ය.

”තව ඩිංගිත්තක් දිග තිබුණ නම් තමා හොඳ” කොලුවා රජුට ඇසෙන සේ කීයේය. රජු කොලුවාට ඇත් දළ මුවා පුටුවක් ගෙන්වා දුන්නේය. ඒ මත නැඟුණු කොලුවා පුළුන් තැබූ රිට අහසට දිගු කළා පමණි. පුළුන් රොද වහා ගිනි ඇවිලිණි. කොලුවා රජුගේ මුහුණ බැලීය.

”දේවයන් වහන්ස, රිට්ටාව තියෙන තැන ඔබ වහන්සේ දැන් දුටුවා නේදැයි විමසා සිටියේය. මහත් සතුටට පත් රජුන් සිනාසී කොලුවා තමන් සමීපයට කැඳවා “නුඹ නම් හැබෑ දක්ෂයෙක්” යැයි කියා, කොලුවාගේ සමර්ථ බව අගයමින් ‘චන්ද්‍රාභරණ’ නාමය සන්නසකින් පිරිනමා, ගැල් හතක් බරැති වස්තුව ද ප්රදානය කළේ ය. ‘සෙදා’ එතැන් සිට ‘බරණ’ වූයේ ය. හිරු සඳු අතර බලපෑම ගණනය කිරීමේ සමත් බැවින් ද ගණිතයෙහි අති දක්ෂයකු වූ බැවින් ද ‘බරණ ගණිතඥයා’ හෙවත් ‘බරණ ගණිතයා’ නමින් ප්‍රකට වූයේ ය.

මහත් ගරු නම්බුවට පාත්‍ර වූයේ ය. වයසින් වැඩෙත් ම ඔහුගේ සමර්ථයන් පිළිබඳව ගම් දනව් සිසාරා කිතුගොස පැතිර ගියේ ය. උච්ඡාඨන, ස්ථම්භන, පෝෂණ, මෝහන, වශීකරණ, ආකර්ශණ සහ මාරණ යනාදී ආකාරයෙන් ද ආපෝ, තේජෝ, වායෝ, පඨවි සතර මහා ධාතූන් ග්‍රහ බලපෑමට අනුව ගණනය කිරීමේ ඡ්‍යොතිෂ ගණිත විද්‍යාවෙහි නිපුණ බව නිසාම හෙතෙම බොහෝ විට ප්‍රසාද සත්කාරයට ද සම්මානයට ද පාත්‍ර වූයේ ය.

හම්බන්තොට දිසාවේ බටහිර ගිරුවාපත්තුවේ පල්ලත්තර ගම් පියසේ හෙතෙම උපත ලද්දේ ය. ඉන්දියාවේ සිට මහනුවරට පැමිණි ‘වෛජයන්ත’ බ්‍රාහ්මණ පඩිවරයාගෙන් යන්ත්‍ර, මන්ත්‍ර සෙත්කවි හා වස්කවි රචනය ද ඡ්‍යොතිෂය ද වෙදකම් ද ආදී නන්වැදෑරුම් ශාස්ත්‍රයන් ද හේ පරතෙරට ම ප්‍රගුණ කළේ ය.

හිටිවන කවියෙහි ද වස් කවියෙහි ද ලක්දිවෙහි මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ බරණයන් තම මුවින් කියනා වදනෙහි බලය අසමාන බවට ද තැන තැන පැතිර ගියේ ය. යමක් කිව්වොත් කිව්වාමයි – කිරිගහට ඇන්නා වගෙයි යනුවෙන් ඔහුගේ වචනයේ බලය තුඩ තුඩ රැව්දුණි. ඒ නිසාම ඔහු කෙරෙහි බොහෝ අය භය පක්ෂපාතී වූහ. නැති තැනදී නුගුණ කීවෝ, අමනාපය පෑවෝ ඔහු දුටු තැන දී නම් කිසිත් නොකීවෝ ය. ඒ බව ඔහු ද දැන සිටියේ ය.

දකුණු සිරිලක ජනී ජනයා කඳ කුමරුනට දක්වන භක්තිය අපේ කතා නායකයාගේ හදවතෙහි ද නොඅඩුව ම පැවැත්තේ ය. කතරගම දෙවියන් උදෙසා අකුරට ම පුද පූජා පවත්වමින් කරන ලද යාදිනි, කන්නලව් පමණක් නොව සෙත් කවි වස් කවිය ද මහත් බලසම්පන්න වී යැයි පැවැසේ. කොටින් කියතොත් කතරගම දෙවියන් ඔහු සමීපයේ පසුවූ තරමට ඔහු බලවත් වී සිටියේ යැයි කියති.

දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක් ව රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැක දැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය.

’පෙර ලෙස නගාපල හා අන්තිම රාසී

නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී

යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී

පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී’

පෙර ලෙස නම් මේසය ය. අන්තිම රාසිය මාළු ය. දස එක්වන රාසිය නම් කළය ය. යුග ලෙස නම් ගොන් ය. වෘෂභයන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන් යැයි ඒ හිටිවන කවියේ තේරුම විය.

රුහුණු පුරවරයෙහි ප්‍රකට නැකැත්කරුවකු මෙන්ම අතිදක්ෂ කවියකු ලෙසින් ද ප්‍රකට වූ අපේ කතා නායක බරණ රුහුණට වැඩම කළ වියත් මාහිමිවරුන්ගේ ද ප්රභූන්ගේ ද ඕලන්ද ජාතිත, ප්‍රධානීන්ගේ ද සමීපතමයකු වී සිටියේ ය.

සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කරදුන්නේ ද ඔහු ය.

ඕලන්දයන් පළවා හරින්නට මුල් වූ මඩුවන්වෙල මොහොට්ටාලයන්ට වෛජයන්තියට අනුව සාධක යන්ත්‍ර ඇඳ දවස් ගණන් ජීවම් කරමින් දෙනු ලැබුවේ ද බරණ ගණිතැදුරු ය.

පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේ පියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාෙර්යා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි.

කපුටු ශාස්ත්‍රය පිළිබඳ ව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. මහ සොහොන් හටන රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය.

කිත් පැසසුමින් හා සම්පතින් ආඪ්‍ය ව විනෝදයෙන් කල් ගෙවූ ඔහුට මහත් අභාග්‍යසම්පන්න කලකට මුහුණපාන්නට සිදුවිය. අතමිට හිඟවිණි.. වරින් වර සිරුරේ වාත රෝග ද හන්දිපත් රුදා ද වැළඳුණි. තමන් දන්නා තෙල් බෙහෙත් ප්‍රතිකාර වලින් යම් සුවයක් ලැබූව ද එය තාවකාලික සුවයක් වූයේ ය. උදව් උපකාර කවරකුගෙන් හෝ ලබාගැනුම තරමට හෙතෙම මහත් අහේනියකට පත්විණි. උදව් උපකාර ඉල්ලා සිටින්නට වූයේ තමන් ගේ කුළුපග මිත්‍රයකු වූ පත්තායමේ ලේකම් නොහොත් සමරජීවගෙනි.

ඉතා ප්‍රකට ‘වියෝවග රත්නමාලය’ නම් ශෘංගාරාත්මක මාල කාව්‍යය නිබන්ධකයා වූයේ පත්තායමේ ලේකම් ය. පත්තායමේ නොපැකිළ ව ඔහුට උපකාර දැක්වූයේ ය. එපමණක් නොව හේ නිතර නිතර බරණ ගේ ගෙදරට ද එන්නට පටන් ගත්තේ ය. රෑ දාවල් නැතිව ආවේ ය. ගියේ ය. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වෙනුවෙන් බරණයන් දින ගණන් දුර බැහැර ගොස් රැඳී සිටියදී ද පත්තායමේ ඔහුගේ ගෙදර ආවේය. තම බිරිය සමඟ පත්තායමේ හාදකමක පැටලී ඇති බවට සැක හැර දැනගත් බරණ ඔහුට කිසිත් නොකියා බිරියට දොස් නැඟී ය. වරෙක අවවාද කළේ ය. ඔහුගේ ශෝකය දෙගුණ තෙගුණ වූයේ ඈ පත්තායමේ ලේකම් සමඟ රහසේ පලායාමෙනි. කම්පාවට පත් හේ ඇඳමත දිගා වී දින ගණන් වැතිර කල්පනා කරන්නට විය. හඬන්නට විය. සුසුම් ලන්නට විය. තම බිරින්දෑ ඔහු අතැර තමන් වෙත ආපසු දැන් දැන් එතැයි මඟ බලා සිටියේ ය. ඈ නොආවා ය. ඔහු කතරගම දෙවියන් මෙසේ යදින්නට වූයේ ය.

”වීරිය කර බාලේ ලැබ පුලමා

නෑරිය එක්වෙන්න නෑසියො දුජන සැමා

සූරිය දෙවියන්ට වැඳ කියමි අත නමා

බාරිය මගෙ එවන් දෙවියනි කතරගමා”

රූණු රට උතුම් නායක දෙව් කතරා

මූණු සයකි බර අත් යුත් නැඟි මයුරා

පේණු කර සිටිය මගෙ සුරතල් සොඳුරා

දේනු ඔබෙ තෙදිනි උදුරා මට මෙවරා

තමන් මහත් භක්තියෙන්, ගෞරවයෙන් පුද සත්කාර කළ කතරගම දෙවියන් තම කන්නලව් අසා තම බිරිය ආපසු තමන්ට ගෙන්වා දේ යැයි විශ්වාස කොට සිටිය ද එය නිෂ්ඵල වී යාමෙන් ඔහු සිත් බිඳුණි. වේදනාවත් කෝපයත් ඉහළ නැඟිණි. ඉන් නොනැවතුණු හේ කතරගම දෙවිඳුන්ගේ කදිරාපුරය ද මයුර වාහනය ද උදුරා ගන්නා බවට තර්ජනය කරමින් කවි කීයේ ය. සිදුවූයේ අනිකකි. කොහේදෝ සිට පැමිණි මොනරකු ඔහුගේ ඇසකට පහර දී ගියේ ය. ඉන් එක් ඇසක් දරුණු ආබාධයකට ලක්විණි. ගත පුරා කුෂ්ඨ රෝගය පැතිරිණ.

හන්දිපත් රුදා ඔඩු දුවන්නට වූයේ ය. හේ ලෙඩ ඇඳටම වැටිණි. මේ නම් කතරගම දෙවියන්ට තර්ජනය කිරීමෙන් ලද දේව උදහසක් යැයි හේ තරයේ විශ්වාස කළේ ය. ඔහු රෝගාතුර වීමට හේතුව අනුනට වස් කවි කීමෙන් ගුරුකම් කිරීම් ආදියෙන් අත් වූ අනිටු විපාකයන් බවට ගම්මුන් අදහන්නට වූහ. කතරගම දෙවියන් තමන්ට දඬුවම් දුන්නේ යැයි සිතාගත් බරණයන් නීල කොබෙයියකු දූත මෙහෙවරට ගෙන දේවායාචනයක් බඳු පැදි 148කින් යුතු සංදේශයක් ලියා යැවී ය. සංදේශ බාරකයා නීල කොබෝ පක්ෂියා ය. ගමන් මාර්ගය වූයේ සිටිනාමළුවේ සිට කතරගමට ය.

”රුදා සහ හන්දිවල සැදි සියලු ලෙඩ

සිඳ හැරලමින් දී ඔහුට කට හඬ

යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ

හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ

කෙසේවතුදු බිරිය ඔහු කරා ආවේ නැත. සෞඛ්‍ය තත්ත්වයද බලා සිටියදී මෙන් පිරිහෙන්නට ම විය. පත්තායමේ ලේකම්ට දිවා රෑ සාප නැඟුවේ ය. ඔහුගේ සේවය පතා පැමිණෙන්නවුන් ද ඔහු කරා නාහ.

මහත් කළකිරීමටත් වේදනාවටත් පත් බරණ ගණිතැදුරන් තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ. ඒ නිවෙස බරණ ගණිත පරපුරෙන් බිහිවූ එක ම නීතිඥවරයා වන නීතිඥ නිශාන්ත සඳහරණ මහතාගේ ය.

බරණයන්ගේ විස්මිත ගණිත නුවණ පිළිබඳ පරීක්ෂා කර බලා දැන මැන ගන්නට සිතක් පහළ වූ රජු ඔහු අතට ගස් ලබු ගෙඩියක් දී ගස් ලබු ගෙඩියේ ඇති ඇට ගණන නිවැරැදි ව කිව හැකි දැයි විචාළේ ය. ගස් ලබු ගෙඩියෙහි ඇති ඇට ගණන තමන්ට නිවැරැදිව ම කීමට හැකි යැයි හෙතෙම කියා, ගෙඩිය දෙස මොහොතක් බලා සිට එහි ඇට ගණන කීවේ ය. එය පලා සෝදිසි කළේ ය. ගස් ලබු ගෙඩියේ ඔහු කී ඇට ගණන හරියට ම තිබුණි. මේ කාරණයෙන් බරණයන්ගේ විස්මය උපදවන දක්ෂතාව පිළිබඳ බියකට ද පත් වූ රජු මොහු තම රජකම තමන් ගෙන් ඩැහැගන්නට වුව ද සූක්ෂ්ම ව කටයුතු කරතැයි යන සිතුවිල්ලෙන් බරණ රාජ උදහසට ලක් කළ බවක් ද පැවසේ.

කෙසේ නමුදු ඔහු රෝගාබාධයන් උග්‍ර අතට හැරීමෙන් පීඩා වින්දේ ය. තමන් තනිකොට පත්තායමේ සමඟ පලාගිය බිරිය ගැන සිත සිතා දිවා රෑ සුසුම් ලෑවේ ය. කතරගම දෙවියන් තමන්ට උපකාර පිණිස බිරිය ආපසු ගෙන්වා නොදීම පිළිබඳව ද ශෝක වූයේ ය.

බිරිය පත්තායමේ හා රහසේ පලාගියේ ඔහු රෝගාතුර වී ලෙඩ ඇඳට ම වැටීමෙන් පසු ව බව ද කියැවේ. ජනප්‍රවාදයන් රැසකට මුල් වන මොහු බොහෝ ළතැවුලින් ද දුක්පීඩාවෙන් ද අහේනියෙන් ද විවිධ රෝගාබාධයෙන් ද පීඩිතව ලෙඩ ඇඳේ දිවා රෑ පසුවූයේ ය. කිසිවකු හව්හරණයට නොසිටියේ ය.

රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිත ව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩ ඇඳ මත වැතිර සිටිය දී 1787 දෙසැම්බර මස 27 දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය.

අමල් යශෝමන් ජයසිංහ

වතගොත

මුල් නම - සාදා

භාවිතා වූ නම – බරණ ගණිතයා

ගෞරව නාමය – චන්ද්‍රාභරණ

ජීවත් වූයේ - බටහිර ගිරුවාපත්තුවේ පල්ලත්තර

සේවාවන් – වායස නිමිත්ත, නීල කොබෝ සංදේශය සහ මහ සොහොන් හටන ආදී කාව්‍ය සංග්‍රහයන් රචනා කිරීම

කුසලතා - සෙත් කවි, වස් කවි, නක්ෂත්රය, වෙදකම, නැකැත් බැලීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම, නිසග කවීත්වය

විපත – 1787 දෙසැම්බර් මස 27 දා

[QUOTE="පැටියා, post: 14742897, member: 228926"] [CENTER][IMG]http://www.silumina.lk/punkalasa/20110612/barana-ganithaya.jpg[/IMG] [SIZE="3"]නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් විශේෂාංගය අපෙ හාමුදුරුවනේ .. කවුද මේ කොලු පැටියා..? සිටිනාමළුවේ ධම්මජෝති මාහිමිපාණන් වහන්සේ රජ වාසලට පළමු වරට කැඳවාගෙන ගිය ‘කොලුවා’ දෙස බැලූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විමසුවේ ය. කොලුවා ශාන්ත දාන්ත ව පසෙකට වී පසුවුණේ ය. රුහුණු දනව්වේ වැඩ හිඳිමින් එහි ධර්මප්‍රදීපය පතුරුවමින් කටයුතු කළ හිමිවරුන් අතර සිටිනාමළුවේ ධම්මජෝති මාහිමියනට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. අප්‍රකට ජාතක කතාවන් වස්තු බීජයන් කොට කාව්‍යයන් රචනා වූ මාතර සාහිත්‍ය වංශයේ ආදිතමයා ලෙසින් ද උන්වහන්සේ සැළකේ. එහිමියන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන් සිටියේ කොලු ගැටයෙකි. හෙතෙම බටහිර ගිරුවාපත්තුවේ ය. සෙදා නොහොත් සදා නම් මේ කොලුවා කටකාර ය. හැසිරීම ද සිත්ගන්නා සුළු ය. කොලුවා දෙස බලා සිටි රජු දෙස බැලූ ධම්මජෝති හිමියෝ, ”මේ ඉතින් අපේ අත් උදව්වට කියල ඉන්න ඇබිත්ත කොලුවා තමයි”යි කීහ. ”එහෙමද? ඇබිත්තකම් කළාට මොනවත් ඉගෙනීමක් එහෙම නැතිද?” ”මගෙන් නක්ෂත්රය ඉගෙන ගන්නවානෙ” එය අසා සිටි රජතුමා කොලුවා දෙස යළිත් බලා හිස සලන්නට වූයේ ය. ”හොඳයි, එහෙනම් කොලුවෝ නුඹ දන්නවා නම් අද රික්තාව තියෙන තැන මට පෙන්වාපන්” වහා ඉදිරිපත් වූ කොලුවා රජමාලිගයේ මැද මිදුලට එන්නැයි රජුගෙන් ඉල්ලා සිටියේ ය. මැද මිදුලට පැමිණි රජුගෙන් හතර රියන් රිටක් ද පුළුන් කැබැල්ලක් ද ඉල්ලා ගත්තේ ය. මැද මිදුලෙහි ඉදිරියට පියවර කිහිපයක් තැබුවේ ය. නැවතුණේ ය. අහස දෙස බැලුවේ ය. අතැති රිට අහසට දිගුකොට සිට, රිට කෙළවරට පුළුන් තබා රිට යළි අහසට දිගු කළේ ය. කොලුවා යටිතොල පෙරලුවේ ය. ”තව ඩිංගිත්තක් දිග තිබුණ නම් තමා හොඳ” කොලුවා රජුට ඇසෙන සේ කීයේය. රජු කොලුවාට ඇත් දළ මුවා පුටුවක් ගෙන්වා දුන්නේය. ඒ මත නැඟුණු කොලුවා පුළුන් තැබූ රිට අහසට දිගු කළා පමණි. පුළුන් රොද වහා ගිනි ඇවිලිණි. කොලුවා රජුගේ මුහුණ බැලීය. ”දේවයන් වහන්ස, රිට්ටාව තියෙන තැන ඔබ වහන්සේ දැන් දුටුවා නේදැයි විමසා සිටියේය. මහත් සතුටට පත් රජුන් සිනාසී කොලුවා තමන් සමීපයට කැඳවා “නුඹ නම් හැබෑ දක්ෂයෙක්” යැයි කියා, කොලුවාගේ සමර්ථ බව අගයමින් ‘චන්ද්‍රාභරණ’ නාමය සන්නසකින් පිරිනමා, ගැල් හතක් බරැති වස්තුව ද ප්රදානය කළේ ය. ‘සෙදා’ එතැන් සිට ‘බරණ’ වූයේ ය. හිරු සඳු අතර බලපෑම ගණනය කිරීමේ සමත් බැවින් ද ගණිතයෙහි අති දක්ෂයකු වූ බැවින් ද ‘බරණ ගණිතඥයා’ හෙවත් ‘බරණ ගණිතයා’ නමින් ප්‍රකට වූයේ ය. මහත් ගරු නම්බුවට පාත්‍ර වූයේ ය. වයසින් වැඩෙත් ම ඔහුගේ සමර්ථයන් පිළිබඳව ගම් දනව් සිසාරා කිතුගොස පැතිර ගියේ ය. උච්ඡාඨන, ස්ථම්භන, පෝෂණ, මෝහන, වශීකරණ, ආකර්ශණ සහ මාරණ යනාදී ආකාරයෙන් ද ආපෝ, තේජෝ, වායෝ, පඨවි සතර මහා ධාතූන් ග්‍රහ බලපෑමට අනුව ගණනය කිරීමේ ඡ්‍යොතිෂ ගණිත විද්‍යාවෙහි නිපුණ බව නිසාම හෙතෙම බොහෝ විට ප්‍රසාද සත්කාරයට ද සම්මානයට ද පාත්‍ර වූයේ ය. හම්බන්තොට දිසාවේ බටහිර ගිරුවාපත්තුවේ පල්ලත්තර ගම් පියසේ හෙතෙම උපත ලද්දේ ය. ඉන්දියාවේ සිට මහනුවරට පැමිණි ‘වෛජයන්ත’ බ්‍රාහ්මණ පඩිවරයාගෙන් යන්ත්‍ර, මන්ත්‍ර සෙත්කවි හා වස්කවි රචනය ද ඡ්‍යොතිෂය ද වෙදකම් ද ආදී නන්වැදෑරුම් ශාස්ත්‍රයන් ද හේ පරතෙරට ම ප්‍රගුණ කළේ ය. හිටිවන කවියෙහි ද වස් කවියෙහි ද ලක්දිවෙහි මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ බරණයන් තම මුවින් කියනා වදනෙහි බලය අසමාන බවට ද තැන තැන පැතිර ගියේ ය. යමක් කිව්වොත් කිව්වාමයි – කිරිගහට ඇන්නා වගෙයි යනුවෙන් ඔහුගේ වචනයේ බලය තුඩ තුඩ රැව්දුණි. ඒ නිසාම ඔහු කෙරෙහි බොහෝ අය භය පක්ෂපාතී වූහ. නැති තැනදී නුගුණ කීවෝ, අමනාපය පෑවෝ ඔහු දුටු තැන දී නම් කිසිත් නොකීවෝ ය. ඒ බව ඔහු ද දැන සිටියේ ය. දකුණු සිරිලක ජනී ජනයා කඳ කුමරුනට දක්වන භක්තිය අපේ කතා නායකයාගේ හදවතෙහි ද නොඅඩුව ම පැවැත්තේ ය. කතරගම දෙවියන් උදෙසා අකුරට ම පුද පූජා පවත්වමින් කරන ලද යාදිනි, කන්නලව් පමණක් නොව සෙත් කවි වස් කවිය ද මහත් බලසම්පන්න වී යැයි පැවැසේ. කොටින් කියතොත් කතරගම දෙවියන් ඔහු සමීපයේ පසුවූ තරමට ඔහු බලවත් වී සිටියේ යැයි කියති. දිනක් හෙතෙම මුහන්දිරම් හමුවීමට ගියේ ය. වලව්වේ පසුවූ මුහන්දිරම් තමන්ගේ හිතවතුන් පිරිසක් හා එක් ව රා පානය කරමින් සිටියහ. අනුභව කරමින් සිටියේ රසමසවුළු ය. මුහන්දිරම් තමන් දැක දැක නොතකා මෙන් සිටීමෙන් තරහ උපදවා ගත් බරණ උගුරේ රැල් බුරුල් හැරියේ ය. ඔහු ගණනකට ගත්තේ මුහන්දිරම් නොවේ. බරණ මිදුලට බැස මෙසේ කීවේ ය. ’පෙර ලෙස නගාපල හා අන්තිම රාසී නොම ලෙස එක්ගහන් දස එක්වන රාසී යුග ලෙස වන් දනෝ එකතුව කර පෑසී පස ලෙස ලෙයින් විකුමින් බස් දෙති වාසී’ පෙර ලෙස නම් මේසය ය. අන්තිම රාසිය මාළු ය. දස එක්වන රාසිය නම් කළය ය. යුග ලෙස නම් ගොන් ය. වෘෂභයන් වැනි වූ මිනිසුන් මේසයක් මත මාළු තබාගෙන කමින් කළයකින් රා බොමින් සිංහයන් සේ විකුම් බස් දොඩති. නොඑසේ නම් මුහන්දිරම් ඇතුළු පිරිස සිංහ වෙසින් දොඩන ගොනුන් යැයි ඒ හිටිවන කවියේ තේරුම විය. රුහුණු පුරවරයෙහි ප්‍රකට නැකැත්කරුවකු මෙන්ම අතිදක්ෂ කවියකු ලෙසින් ද ප්‍රකට වූ අපේ කතා නායක බරණ රුහුණට වැඩම කළ වියත් මාහිමිවරුන්ගේ ද ප්රභූන්ගේ ද ඕලන්ද ජාතිත, ප්‍රධානීන්ගේ ද සමීපතමයකු වී සිටියේ ය. සියම් නිකාය පිහිටුවීමෙන් අනතුරු ව මුල්කිරිගල විහාරය ආදී නිර්මාණ කිරීමට වටරග්ගොඩ ධම්මපාල හිමියන් ගේ ඉල්ලීමකට අනුව සුබ නැකැත් හෝරාවන් සකස් කරදුන්නේ ද ඔහු ය. ඕලන්දයන් පළවා හරින්නට මුල් වූ මඩුවන්වෙල මොහොට්ටාලයන්ට වෛජයන්තියට අනුව සාධක යන්ත්‍ර ඇඳ දවස් ගණන් ජීවම් කරමින් දෙනු ලැබුවේ ද බරණ ගණිතැදුරු ය. පත්තායමේ ලේකම්, ගජමන් නෝනා, ඇයගේ පියා වූ ගජමන් ආරච්චි, තෙන්නකෝන්, ඇතිරාළ, මීගහජඳුරේ දිසානායක, ගං ඇති රාළේ, කිවුලෙ, අමදෝරු රාළහාමි, වලකඩ මුදලි ගුණරත්න, කටුවානේ මුහන්දිරම් දිසානායක, රිදියාගම ඔරුකෙම මුහන්දිරම්රාළ, බූන්දල ගම්බාෙර්යා, ආදී වියත් ප්‍රභූ කවීහු ඔහුගේ සමකාලීනයෝ ය. මොවුන් අතුරින් බරණගේ කවිත්වයට ලැබුණේ අද්විතීය ස්ථානයකි. කපුටු ශාස්ත්‍රය පිළිබඳ ව ද විසල් දැනුමකින් හෙබි හේ කපුටු ශාස්ත්‍රය පිළිබඳ පැදි 54කින් යුතු කාව්‍යය ග්රන්ථයක් රචනා කළේ ය. එය ‘වායස නිමිත්ත’ කාව්‍යය සංග්‍රහය නමි. මහ සොහොන් හටන රචනා කළේ ද බරණ ගණිතාචාර්යවරයා ය. කිත් පැසසුමින් හා සම්පතින් ආඪ්‍ය ව විනෝදයෙන් කල් ගෙවූ ඔහුට මහත් අභාග්‍යසම්පන්න කලකට මුහුණපාන්නට සිදුවිය. අතමිට හිඟවිණි.. වරින් වර සිරුරේ වාත රෝග ද හන්දිපත් රුදා ද වැළඳුණි. තමන් දන්නා තෙල් බෙහෙත් ප්‍රතිකාර වලින් යම් සුවයක් ලැබූව ද එය තාවකාලික සුවයක් වූයේ ය. උදව් උපකාර කවරකුගෙන් හෝ ලබාගැනුම තරමට හෙතෙම මහත් අහේනියකට පත්විණි. උදව් උපකාර ඉල්ලා සිටින්නට වූයේ තමන් ගේ කුළුපග මිත්‍රයකු වූ පත්තායමේ ලේකම් නොහොත් සමරජීවගෙනි. ඉතා ප්‍රකට ‘වියෝවග රත්නමාලය’ නම් ශෘංගාරාත්මක මාල කාව්‍යය නිබන්ධකයා වූයේ පත්තායමේ ලේකම් ය. පත්තායමේ නොපැකිළ ව ඔහුට උපකාර දැක්වූයේ ය. එපමණක් නොව හේ නිතර නිතර බරණ ගේ ගෙදරට ද එන්නට පටන් ගත්තේ ය. රෑ දාවල් නැතිව ආවේ ය. ගියේ ය. යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වෙනුවෙන් බරණයන් දින ගණන් දුර බැහැර ගොස් රැඳී සිටියදී ද පත්තායමේ ඔහුගේ ගෙදර ආවේය. තම බිරිය සමඟ පත්තායමේ හාදකමක පැටලී ඇති බවට සැක හැර දැනගත් බරණ ඔහුට කිසිත් නොකියා බිරියට දොස් නැඟී ය. වරෙක අවවාද කළේ ය. ඔහුගේ ශෝකය දෙගුණ තෙගුණ වූයේ ඈ පත්තායමේ ලේකම් සමඟ රහසේ පලායාමෙනි. කම්පාවට පත් හේ ඇඳමත දිගා වී දින ගණන් වැතිර කල්පනා කරන්නට විය. හඬන්නට විය. සුසුම් ලන්නට විය. තම බිරින්දෑ ඔහු අතැර තමන් වෙත ආපසු දැන් දැන් එතැයි මඟ බලා සිටියේ ය. ඈ නොආවා ය. ඔහු කතරගම දෙවියන් මෙසේ යදින්නට වූයේ ය. ”වීරිය කර බාලේ ලැබ පුලමා නෑරිය එක්වෙන්න නෑසියො දුජන සැමා සූරිය දෙවියන්ට වැඳ කියමි අත නමා බාරිය මගෙ එවන් දෙවියනි කතරගමා” රූණු රට උතුම් නායක දෙව් කතරා මූණු සයකි බර අත් යුත් නැඟි මයුරා පේණු කර සිටිය මගෙ සුරතල් සොඳුරා දේනු ඔබෙ තෙදිනි උදුරා මට මෙවරා තමන් මහත් භක්තියෙන්, ගෞරවයෙන් පුද සත්කාර කළ කතරගම දෙවියන් තම කන්නලව් අසා තම බිරිය ආපසු තමන්ට ගෙන්වා දේ යැයි විශ්වාස කොට සිටිය ද එය නිෂ්ඵල වී යාමෙන් ඔහු සිත් බිඳුණි. වේදනාවත් කෝපයත් ඉහළ නැඟිණි. ඉන් නොනැවතුණු හේ කතරගම දෙවිඳුන්ගේ කදිරාපුරය ද මයුර වාහනය ද උදුරා ගන්නා බවට තර්ජනය කරමින් කවි කීයේ ය. සිදුවූයේ අනිකකි. කොහේදෝ සිට පැමිණි මොනරකු ඔහුගේ ඇසකට පහර දී ගියේ ය. ඉන් එක් ඇසක් දරුණු ආබාධයකට ලක්විණි. ගත පුරා කුෂ්ඨ රෝගය පැතිරිණ. හන්දිපත් රුදා ඔඩු දුවන්නට වූයේ ය. හේ ලෙඩ ඇඳටම වැටිණි. මේ නම් කතරගම දෙවියන්ට තර්ජනය කිරීමෙන් ලද දේව උදහසක් යැයි හේ තරයේ විශ්වාස කළේ ය. ඔහු රෝගාතුර වීමට හේතුව අනුනට වස් කවි කීමෙන් ගුරුකම් කිරීම් ආදියෙන් අත් වූ අනිටු විපාකයන් බවට ගම්මුන් අදහන්නට වූහ. කතරගම දෙවියන් තමන්ට දඬුවම් දුන්නේ යැයි සිතාගත් බරණයන් නීල කොබෙයියකු දූත මෙහෙවරට ගෙන දේවායාචනයක් බඳු පැදි 148කින් යුතු සංදේශයක් ලියා යැවී ය. සංදේශ බාරකයා නීල කොබෝ පක්ෂියා ය. ගමන් මාර්ගය වූයේ සිටිනාමළුවේ සිට කතරගමට ය. ”රුදා සහ හන්දිවල සැදි සියලු ලෙඩ සිඳ හැරලමින් දී ඔහුට කට හඬ යොදා එවූ හසුන් නම් මේ පඬුරු දිඩ හදා සිතින් පිළිගත මැන මේ දුක් හඬ කෙසේවතුදු බිරිය ඔහු කරා ආවේ නැත. සෞඛ්‍ය තත්ත්වයද බලා සිටියදී මෙන් පිරිහෙන්නට ම විය. පත්තායමේ ලේකම්ට දිවා රෑ සාප නැඟුවේ ය. ඔහුගේ සේවය පතා පැමිණෙන්නවුන් ද ඔහු කරා නාහ. මහත් කළකිරීමටත් වේදනාවටත් පත් බරණ ගණිතැදුරන් තමන් සතු සියලු ලේඛනයන් තම ගෙවත්තේ කෙළවරෙක පිහිටි බෝගසෙක තුන්බලේ නිදන්කළේ ය. ඒ බෝගස වසර හාරසියය ඉක්මවා ගිය ඉපැරැණි බෝගසකි. අදත් එහි කපුටන් ලගින්නේ නැත. කපුටෝ කූඩු නොතනති. එදා ඔහු පදිංචි වී සිටි ඉඩමෙහි අද නිවසක් තනා තිබේ. ඒ නිවෙස බරණ ගණිත පරපුරෙන් බිහිවූ එක ම නීතිඥවරයා වන නීතිඥ නිශාන්ත සඳහරණ මහතාගේ ය. බරණයන්ගේ විස්මිත ගණිත නුවණ පිළිබඳ පරීක්ෂා කර බලා දැන මැන ගන්නට සිතක් පහළ වූ රජු ඔහු අතට ගස් ලබු ගෙඩියක් දී ගස් ලබු ගෙඩියේ ඇති ඇට ගණන නිවැරැදි ව කිව හැකි දැයි විචාළේ ය. ගස් ලබු ගෙඩියෙහි ඇති ඇට ගණන තමන්ට නිවැරැදිව ම කීමට හැකි යැයි හෙතෙම කියා, ගෙඩිය දෙස මොහොතක් බලා සිට එහි ඇට ගණන කීවේ ය. එය පලා සෝදිසි කළේ ය. ගස් ලබු ගෙඩියේ ඔහු කී ඇට ගණන හරියට ම තිබුණි. මේ කාරණයෙන් බරණයන්ගේ විස්මය උපදවන දක්ෂතාව පිළිබඳ බියකට ද පත් වූ රජු මොහු තම රජකම තමන් ගෙන් ඩැහැගන්නට වුව ද සූක්ෂ්ම ව කටයුතු කරතැයි යන සිතුවිල්ලෙන් බරණ රාජ උදහසට ලක් කළ බවක් ද පැවසේ. කෙසේ නමුදු ඔහු රෝගාබාධයන් උග්‍ර අතට හැරීමෙන් පීඩා වින්දේ ය. තමන් තනිකොට පත්තායමේ සමඟ පලාගිය බිරිය ගැන සිත සිතා දිවා රෑ සුසුම් ලෑවේ ය. කතරගම දෙවියන් තමන්ට උපකාර පිණිස බිරිය ආපසු ගෙන්වා නොදීම පිළිබඳව ද ශෝක වූයේ ය. බිරිය පත්තායමේ හා රහසේ පලාගියේ ඔහු රෝගාතුර වී ලෙඩ ඇඳට ම වැටීමෙන් පසු ව බව ද කියැවේ. ජනප්‍රවාදයන් රැසකට මුල් වන මොහු බොහෝ ළතැවුලින් ද දුක්පීඩාවෙන් ද අහේනියෙන් ද විවිධ රෝගාබාධයෙන් ද පීඩිතව ලෙඩ ඇඳේ දිවා රෑ පසුවූයේ ය. කිසිවකු හව්හරණයට නොසිටියේ ය. රාජ සම්මානයෙන්, ප්‍රශංසාවෙන්, කිත් පැසසුමින් ලක්දිව ප්‍රචලිත ව උපන් හැකියා රැසකින් පිරිපුන් බරණ ගණිත නම් රුහුණු පුත්‍රයා ලෙඩ ඇඳ මත වැතිර සිටිය දී 1787 දෙසැම්බර මස 27 දා සදහට ම දෙනෙත පියා ගත්තේ ය. අමල් යශෝමන් ජයසිංහ වතගොත මුල් නම - සාදා භාවිතා වූ නම – බරණ ගණිතයා ගෞරව නාමය – චන්ද්‍රාභරණ ජීවත් වූයේ - බටහිර ගිරුවාපත්තුවේ පල්ලත්තර සේවාවන් – වායස නිමිත්ත, නීල කොබෝ සංදේශය සහ මහ සොහොන් හටන ආදී කාව්‍ය සංග්‍රහයන් රචනා කිරීම කුසලතා - සෙත් කවි, වස් කවි, නක්ෂත්රය, වෙදකම, නැකැත් බැලීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම, නිසග කවීත්වය විපත – 1787 දෙසැම්බර් මස 27 දා [/SIZE] [IMG]http://www.snarksquad.com/wp-content/uploads/2013/01/MauryLaughing.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom