Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැඟීම් පාලනය කරන ආන්ත්රික බැක්ටීරියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැඟීම් පාලනය කරන ආන්ත්රික බැක්ටීරියා

අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කෘත්‍යය මොකක්ද කියල ඇහුවොත් ආහාර ජීරණයට උදවු වීම, විවිධ විටමින නිපදවීම වගේ පිළිතුරු ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියනවා මේ බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය අන්ත්‍රවලට පමණක් සීමා නොවී, අපිට ඇතිවන නොයෙක් මනෝභාවයන්ට(Moods) සහ හැඟීම් වලටත් බලපෑම් කරන බව.මේ ආන්ත්රික ක්ෂුද්රජීවීන් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වනවා. මේවා අතර, ඩොපමීන්, ගැමා-ඇමයිනොබියුටරික් ඇසිඩ්(GABA) සහ ප්‍රධාන වශයෙන් සෙරටොනින් වැනි ස්නායුසම්ප්‍රේෂක රසායනික අඩංගු වනවා.ස්නායු සම්ප්‍රේෂක කියන්නේ මොළය හා ශරීරයේ අනෙක් කොටස් අතර පණිවිඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යයි. ඒවා ස්නායු සෛල, එහෙමත් නැත්නම් නියුරෝන අතර සංඥා හුවමාරු කිරීමෙන් මෙම ක්‍රියාවලියට දායක වනවා. ඔබගේ හදවතට ස්පන්දනය වීමටත්, පෙනහළු වලට හුස්ම ගැනීමටත්, ආමාශය හා අන්ත්‍රවලට ආහාර ජීරණය කිරීමටත්, මොළය පණිවිඩ ලබා දීමට උදවු කරගන්නේ ස්නායුසම්ප්‍රේෂක.

මේ ස්නායු සම්ප්‍රේෂක අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට ඇති කරන්නේ මොන ආකාරයේ බලපෑම්ද කියලා අපි දැන් බලමු.

ස්නායුසම්ප්‍රේෂක නියමිත ප්‍රමාණ වලින් සමතුලිතව නොතිබූ විට මතක ශක්තිය, නින්ද, අවධානය යොමු කිරීමට ඇති හැකියාව, සිත යම් කාර්යයක් සඳහා එක්තැන් කිරීම කෙරෙහි ගැටළු ඇති කරනවා.

ඔබට ධනාත්මක පෙළඹවීම් (Motivation) ඇති කිරීමට ඩොපමීන් නම් සනායු සම්ප්‍රේෂකයට හැකියි. ඔබගේ අවධානය හා ඵලදායී බව වැඩි කිරීමට මෙය උපකාරී වනවා.

සෙරටොනීන් මගින් විවිධ මනෝභාවයන් හා නින්ද පාලනය කරනවා. ඉගෙනීම ආශ්රිත කටයුතු වලදීත් මෙය වැදගත් වනවා.

GABA වලට හැකියි ඔබව සතුටින් හා සැහැල්ලුවෙන් තැබීමට.

අපගේ දේහයේ සෙරටොනීන් වලින් 90%ක් හා ඩොපමීන් වලින් 50%ක් නිපදවෙන්නේ ආහාර මාර්ගයේ අන්ත්‍ර ආශ්‍රිතවයි. මෙම සෙරටොනීන් නිෂ්පාදනය සඳහා අදාල සෛල ප්‍රේරණය කිරීමට ආන්ත්රික බැක්ටීරියා ක්‍රියා කරනවා.

පසුගිය දශකය තුල සිදු කර ඇති අධ්‍යන වලින් පෙනීගොස් ඇත්තේ අන්ත්‍ර ආශ්‍රිතව ජීවත්වන ට්‍රිලියන 100කට අධික ක්ෂුද්රජීවී සමූහය මගින් ආහාර රුචිය, හැඟීම් පාලනය මෙන්ම මතකය හා ඉගෙනීමටද බලපෑම් ඇති කරන බවයි. එපමණක් නොවෙයි, මානසික හා ස්නායු ආබාධ ඇතිවීමට ඇති අවදානමද අඩු වැඩි කිරීමට මොවුන්ට හැකියි.

මෙම බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය, ධාරක ජීවීන්ගේ මානසික පැවැත්මට ඇතිකරන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා, මීයන්ගේ අන්ත්‍ර වල බැක්ටීරියා සාම්පල වැඩීමට සලස්වා ඔවුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කර තිබෙනවා.

එලෙස සිදුකළ එක් පරීක්ෂණයකදී හෙලිවී තිබෙන්නේ මීයන් පිරිසක් සිලින්ඩරාකාර ජල බඳුනකට දැමූ විට යම් දන්නා බැක්ටීරියා විශේෂයක් සහිත මීයන් කෙසේ හෝ පිහිනා ගොඩ ඒමට වැඩි උත්සාහයක් දැරූ බවත් එම ක්‍රියාවලියේදී (එම බැක්ටීරියාව ලබාදී නොතිබුණු මීයන්ට සාපේක්ෂව) ඔවුන් එතරම් ආතතියකට ලක් වී නොමැති බවත්ය.

තවත් පරීක්ෂණයකදී පර්යේෂණ කණ්ඩායම විසින් කාංසා සහගත (Anxious) හැසිරීමක් ඇති මීයන්ගෙන් ලබා ගත් ආන්ත්රික බැක්ටීරියා සාම්පල සාමාන්‍ය ක්රියාකාරීත්වයක් දක්වන මීයන් වෙත ලබාදී තිබෙනවා. ඔවුන් සිතූ පරිද්දෙන්ම එම මීයන්ද යම් කාලයකට පසු එවැනි හැසිරීමක් දැක්වීමට පටන්ගෙන තිබෙනවා. මේ ආකාරයේම පරීක්ෂණයක් මිනිසුන්ගේ ආන්ත්රික බැක්ටීරියා යොදාගෙනද සිදු කර තිබෙනවා.

මානසිකව පීඩනයට පත්වූ ස්වභාවයක් දක්වන මිනිසුන්ගේද ආන්ත්රික බැක්ටීරියා, විශබීජ හා බැක්ටීරියා වලින් තොර වන ලෙස ඇති කල මීයන්ට ඇතුළු කළ විට පෙර ලෙසම එම මීයන්ද ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවයෙන් වෙනස් වී එම මිනිසුන් මෙන්ම පීඩනයට පත් හැසිරීමක් දක්වා තිබෙනවා.කෙසේ වෙතත්, මිනිසුන් පමණක් සහභාගි කරගෙන ඉහත ආකාරයේ පරීක්ෂණ තවමත් සිදුකර නැහැ. නමුත් දැනට මීයන් ඇසුරින් සිදුකර ඇති ඉහත ආකාරයේ පරීක්ෂණ රැසකින්ම ලැබී ඇති ප්‍රථිඵල අනුව ආන්ත්රික බැක්ටීරියා හා මොළයේ හැඟීම් පාලන මධ්‍යස්ථානය අතර සෘජු සම්බන්ධයක් ඇති බව පෙනී ගොස් තිබෙනවා.

මේ නිසා, අපේ ශරීරයට හිතකර රසායනික ද්‍රව්‍ය නිපදවන බැක්ටීරියා සහිත ආහාර අනුභව කිරීමෙන් ඔබට ඇතිවන සෘණාත්මක හැඟීම් අවම කරගැනීමටත් ඊට අමතරව තවත් වාසි රැසක් ලබාගැනීමටත් හැකිවන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. නැවුම් එළවළු හා පළතුරු, Pro-biotic යෝගට්, පැසීමට ලක් කරවන ලද ටෝෆු, මිදවූ කිරි, මේ ආකාරයේ ආහාර වලින් කීපයක්. මීට අමතරව සුදුළූණු, කෙසෙල්, කෙඳි සහිත ආහාර ආදිය ආහාරයට ගැනීමෙන් මෙම හිතකර බැක්ටීරියා වර්ධනය කර ගැනීමට පුළුවන්.

ආන්ත්රික බැක්ටීරියා පිළිබඳව සිදු කරන අධ්‍යයන හා පරීක්ෂණ මගින්, මන්ද මානසිකතාව(Autism), විශාදය(Depression) වැනි රෝගී තත්ව වලටද ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට හැකිවනු ඇති බව මේ පිළිබඳ පර්යේෂණ පවත්වන පර්යේෂකයින් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

[උපුටාගැනීම:- http://vidunenahawula.blogspot.com/]

[QUOTE="Amila_Sandaruwan, post: 19150311, member: 552971"] [b]හැඟීම් පාලනය කරන ආන්ත්රික බැක්ටීරියා[/b] [SIZE="3"]අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කෘත්‍යය මොකක්ද කියල ඇහුවොත් ආහාර ජීරණයට උදවු වීම, විවිධ විටමින නිපදවීම වගේ පිළිතුරු ලැබෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වෙලා තියනවා මේ බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය අන්ත්‍රවලට පමණක් සීමා නොවී, අපිට ඇතිවන නොයෙක් මනෝභාවයන්ට(Moods) සහ හැඟීම් වලටත් බලපෑම් කරන බව.මේ ආන්ත්රික ක්ෂුද්රජීවීන් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වනවා. මේවා අතර, ඩොපමීන්, ගැමා-ඇමයිනොබියුටරික් ඇසිඩ්(GABA) සහ ප්‍රධාන වශයෙන් සෙරටොනින් වැනි ස්නායුසම්ප්‍රේෂක රසායනික අඩංගු වනවා.ස්නායු සම්ප්‍රේෂක කියන්නේ මොළය හා ශරීරයේ අනෙක් කොටස් අතර පණිවිඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍යයි. ඒවා ස්නායු සෛල, එහෙමත් නැත්නම් නියුරෝන අතර සංඥා හුවමාරු කිරීමෙන් මෙම ක්‍රියාවලියට දායක වනවා. ඔබගේ හදවතට ස්පන්දනය වීමටත්, පෙනහළු වලට හුස්ම ගැනීමටත්, ආමාශය හා අන්ත්‍රවලට ආහාර ජීරණය කිරීමටත්, මොළය පණිවිඩ ලබා දීමට උදවු කරගන්නේ ස්නායුසම්ප්‍රේෂක. මේ ස්නායු සම්ප්‍රේෂක අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට ඇති කරන්නේ මොන ආකාරයේ බලපෑම්ද කියලා අපි දැන් බලමු. ස්නායුසම්ප්‍රේෂක නියමිත ප්‍රමාණ වලින් සමතුලිතව නොතිබූ විට මතක ශක්තිය, නින්ද, අවධානය යොමු කිරීමට ඇති හැකියාව, සිත යම් කාර්යයක් සඳහා එක්තැන් කිරීම කෙරෙහි ගැටළු ඇති කරනවා. ඔබට ධනාත්මක පෙළඹවීම් (Motivation) ඇති කිරීමට ඩොපමීන් නම් සනායු සම්ප්‍රේෂකයට හැකියි. ඔබගේ අවධානය හා ඵලදායී බව වැඩි කිරීමට මෙය උපකාරී වනවා. සෙරටොනීන් මගින් විවිධ මනෝභාවයන් හා නින්ද පාලනය කරනවා. ඉගෙනීම ආශ්රිත කටයුතු වලදීත් මෙය වැදගත් වනවා. GABA වලට හැකියි ඔබව සතුටින් හා සැහැල්ලුවෙන් තැබීමට. අපගේ දේහයේ සෙරටොනීන් වලින් 90%ක් හා ඩොපමීන් වලින් 50%ක් නිපදවෙන්නේ ආහාර මාර්ගයේ අන්ත්‍ර ආශ්‍රිතවයි. මෙම සෙරටොනීන් නිෂ්පාදනය සඳහා අදාල සෛල ප්‍රේරණය කිරීමට ආන්ත්රික බැක්ටීරියා ක්‍රියා කරනවා. පසුගිය දශකය තුල සිදු කර ඇති අධ්‍යන වලින් පෙනීගොස් ඇත්තේ අන්ත්‍ර ආශ්‍රිතව ජීවත්වන ට්‍රිලියන 100කට අධික ක්ෂුද්රජීවී සමූහය මගින් ආහාර රුචිය, හැඟීම් පාලනය මෙන්ම මතකය හා ඉගෙනීමටද බලපෑම් ඇති කරන බවයි. එපමණක් නොවෙයි, මානසික හා ස්නායු ආබාධ ඇතිවීමට ඇති අවදානමද අඩු වැඩි කිරීමට මොවුන්ට හැකියි. මෙම බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය, ධාරක ජීවීන්ගේ මානසික පැවැත්මට ඇතිකරන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා, මීයන්ගේ අන්ත්‍ර වල බැක්ටීරියා සාම්පල වැඩීමට සලස්වා ඔවුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කර තිබෙනවා. එලෙස සිදුකළ එක් පරීක්ෂණයකදී හෙලිවී තිබෙන්නේ මීයන් පිරිසක් සිලින්ඩරාකාර ජල බඳුනකට දැමූ විට යම් දන්නා බැක්ටීරියා විශේෂයක් සහිත මීයන් කෙසේ හෝ පිහිනා ගොඩ ඒමට වැඩි උත්සාහයක් දැරූ බවත් එම ක්‍රියාවලියේදී (එම බැක්ටීරියාව ලබාදී නොතිබුණු මීයන්ට සාපේක්ෂව) ඔවුන් එතරම් ආතතියකට ලක් වී නොමැති බවත්ය. තවත් පරීක්ෂණයකදී පර්යේෂණ කණ්ඩායම විසින් කාංසා සහගත (Anxious) හැසිරීමක් ඇති මීයන්ගෙන් ලබා ගත් ආන්ත්රික බැක්ටීරියා සාම්පල සාමාන්‍ය ක්රියාකාරීත්වයක් දක්වන මීයන් වෙත ලබාදී තිබෙනවා. ඔවුන් සිතූ පරිද්දෙන්ම එම මීයන්ද යම් කාලයකට පසු එවැනි හැසිරීමක් දැක්වීමට පටන්ගෙන තිබෙනවා. මේ ආකාරයේම පරීක්ෂණයක් මිනිසුන්ගේ ආන්ත්රික බැක්ටීරියා යොදාගෙනද සිදු කර තිබෙනවා. මානසිකව පීඩනයට පත්වූ ස්වභාවයක් දක්වන මිනිසුන්ගේද ආන්ත්රික බැක්ටීරියා, විශබීජ හා බැක්ටීරියා වලින් තොර වන ලෙස ඇති කල මීයන්ට ඇතුළු කළ විට පෙර ලෙසම එම මීයන්ද ඔවුන්ගේ සාමාන්‍ය ස්වභාවයෙන් වෙනස් වී එම මිනිසුන් මෙන්ම පීඩනයට පත් හැසිරීමක් දක්වා තිබෙනවා.කෙසේ වෙතත්, මිනිසුන් පමණක් සහභාගි කරගෙන ඉහත ආකාරයේ පරීක්ෂණ තවමත් සිදුකර නැහැ. නමුත් දැනට මීයන් ඇසුරින් සිදුකර ඇති ඉහත ආකාරයේ පරීක්ෂණ රැසකින්ම ලැබී ඇති ප්‍රථිඵල අනුව ආන්ත්රික බැක්ටීරියා හා මොළයේ හැඟීම් පාලන මධ්‍යස්ථානය අතර සෘජු සම්බන්ධයක් ඇති බව පෙනී ගොස් තිබෙනවා. මේ නිසා, අපේ ශරීරයට හිතකර රසායනික ද්‍රව්‍ය නිපදවන බැක්ටීරියා සහිත ආහාර අනුභව කිරීමෙන් ඔබට ඇතිවන සෘණාත්මක හැඟීම් අවම කරගැනීමටත් ඊට අමතරව තවත් වාසි රැසක් ලබාගැනීමටත් හැකිවන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. නැවුම් එළවළු හා පළතුරු, Pro-biotic යෝගට්, පැසීමට ලක් කරවන ලද ටෝෆු, මිදවූ කිරි, මේ ආකාරයේ ආහාර වලින් කීපයක්. මීට අමතරව සුදුළූණු, කෙසෙල්, කෙඳි සහිත ආහාර ආදිය ආහාරයට ගැනීමෙන් මෙම හිතකර බැක්ටීරියා වර්ධනය කර ගැනීමට පුළුවන්. ආන්ත්රික බැක්ටීරියා පිළිබඳව සිදු කරන අධ්‍යයන හා පරීක්ෂණ මගින්, මන්ද මානසිකතාව(Autism), විශාදය(Depression) වැනි රෝගී තත්ව වලටද ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට හැකිවනු ඇති බව මේ පිළිබඳ පර්යේෂණ පවත්වන පර්යේෂකයින් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. [උපුටාගැනීම:- [URL="http://vidunenahawula.blogspot.com/"]http://vidunenahawula.blogspot.com/[/URL]] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom