හැට්ට කට්ට යනු දැනට දශක කිහිපයකට පෙර එක්තරා ආකාරයකට කෝකටත් තෛලයකි. වත්තේ පිටියේ ඇවිදිනකොට අපේ කකුලේ කට්ටක් ඇණුනාම අපි දුවගෙන යන්නේ අම්මලා ළඟට. ඒත් එක්කම එයාලගේ අත යන්නේ එයාලගෙම ඇඳුමේ කොහේ හරි තියෙන හැට්ට කට්ටකට.