හැඳුනුම්පත ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු &#3482

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    හැඳුනුම්පත ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු &#3482

    හැඳුනුම්පත ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත

    හැඳුනුම්පතක් ලබා ගන්නේ කෙසේද?

    හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි ආකාර තුනකි.

    4 මුල්වරට හැඳුනුම්පතක් ලබා ගැනීමට,

    4 අස්ථානගත වූ ඒ කියන්නෙ නැති වූ හැඳුනුම්පතක් වෙනුවට අනු පිටපතක් ලබා ගැනීමට

    4 පවතින හැඳුනුම්පත පළුදු වී විකෘති වී, එහි ඇතුළත් තොරතුරු අපහැදිලි හෝ වෙනස් වී තිබීම වැනි හේතූන් නිසා නව හැඳුනුම්පතක් ලබා ගැනීමට ඉල්ලුම්පතක් යොමු කළ හැකියි.

    මුලින් මේ ක්‍රම තුන යටතේ හැඳුනුම්පත් ලබා ගැනීමට ඉල්ලුම්පත්‍ර තුනක් තිබුනා. නමුත් දැන් මේ ආකාර තුන සඳහාම තියෙන්නේ එක ඉල්ලුම්පත්‍රයයි.

    මුල්වරට හැඳුනුම්පත් ලබා ගැනීමේදී...

    4පාසල් ඉල්ලුම්කරුවන් විදුහල්පති හෝ පරිවේණාධිපතිවරු

    මඟින් ඉල්ලුම්පත් යොමු කළ යුතුයි.

    4පාසල් ඉල්ලුම්කරුවන් නොවන අනෙකුත් පුද්ගලයන් මුල්වරට හැඳුනුම්පතක් ලබා ගන්නේ නම් ග්‍රාම නිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම් හරහා හෝ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව වතු අධිකාරීවරයා මඟින් අදාළ ඉල්ලුම්පත දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.

    නැති වූ හෝ සංශෝධනය කළ යුතු හැඳුනුම්පත් සඳහා අනු පිටපත් ලබා ගැනීමේ දී

    ග්‍රාම නිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම් හරහා හෝ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව වතු අධිකාරීවරයා මඟින් නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත ඊට අදාළ අනෙකුත් ලේඛන සමඟ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.

    හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම්පතක් යොමු කිරීමේදී ඉදිරිපත් කළ යුතු අනෙකුත් ලේඛන මොනවා ද?

    4 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයකු විසින් සහතික කර නිකුත් කරන ලද පැහැදිලි උප්පැන්න සහතිකයක්

    4 හැඳුනුම්පත නැති වූ කෙනෙක් නම් ඒ පිළිබඳ සඳහන් කර ලබාගත් පොලිස් ස්ථානාධිපතිගේ නිල මුද්‍රාව සහ අත්සන සහිත පොලිස් පැමිණිල්ලේ පිටපතක්

    4 තමා සතු හැඳුනුම්පත පළුදු වී විකෘති වී, එහි ඇතුළත් තොරතුරු අපැහැදිලි හෝ වෙනස් වී තිබීම වැනි හේතූන් නිසා සංශෝධනය කරනවා නම්, මෙතෙක් භාවිත කළ හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු අතර එය අවසන්වරට ලබාගත් හැඳුනුම්පත විය යුතුය.

    4 විදේශයක උපත ලද ඉල්ලුම්කරුවකු නම් පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ වන පුරවැසි සහතිකය ( CIT )

    4 ද්විත්ව පුරවැසිභාවය ලද ඉල්ලුම්කරුවකු නම් ද්විත්ව පුරවැසි සහතිකය ( Dual Citizenship Certificate )

    මෙහිදී පුරවැසි පනතේ 19 (2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්නේ නම්, ද්විත්ව පුරවැසිභාවය ලැබූ දින සිට මාස හයක් ඇතුළත හැඳුනුම්පත ලබා ගත යුතුය.

    පුරවැසි පනතේ 19 (3) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලැබූ අයෙක් නම්, පැරණි හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු අතර එය අස්ථානගත වී ඇත්නම් ඒ පිළිබඳ සඳහන් පොලිස් පැමිණිල්ලේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

    හැඳුනුම්පත අස්ථානගත වූ සහ සංශෝධනය කිරීමට ඉදිරිපත් කරන හැඳුනුම්පතේ තොරතුරු අපැහැදිලි ඉල්ලුම්කරුවන් හැඳුනුම්පත් අංකය භාවිත කළ බවට වන පිළිගත හැකි ලිඛිත සාක්ෂි කිහිපයක් (විදෙස් ගමන් බලපත්‍රයේ හැඳුනුම්පත් අංකය සඳහන් පිටුව, රියැදුරු බලපත්‍රය, බැංකු පාස් පොතක මුල් පිටුව යනාදියේ සහතික කිරීමේ නිලධාරියා‍ විසින් සහතික කළ ඡායා පිටපතක්) ඉදිරිපත් කිරීම හැඳුනුම්පත් අංකය තහවුරු කර ගැනීමට ඉතා වැදගත් වෙයි.

    ඉහත ලේඛන නොමැති ඉල්ලුම්කරුවන් අවශ්‍ය අවස්ථාවලදී තමන්ගේ හැඳුනුම්පත් අංකය, නම, උපන් දිනය, ලිපිනය යනාදී මූලික ජීව දත්ත තහවුරු කිරීම සඳහා

    = උප්පැන්න සහතිකයෙන් උපුටා ගත් සටහන

    = අනුමාන වයස් සහතිකය

    = ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන

    = විවාහ සහතිකය

    = දරුවන්ගේ උප්පැන්න සහතික

    = පැරණි හැඳුනුම්පතේ ඡායා පිටපතක්

    = පාසල් හැරයෑමේ සහතිකය

    = වැඩිහිටි හැඳුනුම්පත

    = විදෙස් ගමන් බලපත්‍රයේ / රියැදුරු බලපත්‍රයේ / බැංකු පාස්පොතක නම හා හැඳුනුම්පත් අංකය සඳහන් පිටපත්

    = වතු හැරයෑමේ සහතිකය

    මෙම ලිඛිත සාක්ෂිවලින් කිහිපයක් ඉදිරිපත් කළ යුතුය.

    4සාමාන්‍ය සේවය යටතේ ඉල්ලුම්පත් යොමු කිරීමේදී ඉදිරිපත් කරන සියලු ලේඛනවල ඡායා පිටපත් සහතික කිරීමේ නිලධාරියා විසින් සිය අත්සන හා නිල මුද්‍රාව යොදා සහතික කළ යුතුය.

    4එක්දින සේවය යටතේ හැඳුනුම්පත ලබා ගැනීමට පැමිණෙන විට සියලු සහතිකවල මුල් පිටපත් හා ඒවායේ ඡායා පිටපත් රැගෙන ආ යුතු අතර අදාළ ඡායා පිටපත් දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සහතික කර ගැනීමෙන් පසුව මුල් පිටපත් නැවත ඉල්ලුම්කරුවන්ට ලබා දෙනු ඇත.