Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිච්චි නංගිට පෙම් කරන ගාල්ලේ ගොවියෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිච්චි නංගිට පෙම් කරන ගාල්ලේ ගොවියෝ

වී ගොවිතැනත් සිංහලයාත් අතර ඇත්තේ කාලයක් පුරා පැවැතිගෙන එන නෑ කමකි. එකල අපේ පැරැන්නෝ මේ පුංචි දිවයිනේ දේශිය වී වර්ග තුන්දහසක් හාරදහසක් අතර සංඛ්‍යාවක් වගාකොට ඇති බව වාර්තාවේ. ඉපැරණි වී ගැන ස`දහන් කරන විට වී වගාවේ ඉතිහාසය ගැන සදහන් නොකරම බැරිය.

සයංජාත හැල් නැමති ධාන්‍ය වර්ගයෙන් වී ශාකය බිහිවු බව අපේ පැරැන්නෝ ඇදහූහ. කෘෂි විද්‍යාඥයින්ගේ මතයන්ට අනුව වී වගාවේ ඉතිහාසය අදින් වසර හත් දහසක් තරම් ඈතට දිවයන්නකි. මහාවංශයේ ස`දහන් වන ආකාරයට මේ පුංචි දිවයිනේ මහින්දාගමනයටත් පෙරසිටම කඹුරු වගාව ඉතා සරුවට තිබූ බව ස`දහන්වේ.

පණ්ඩුකාභය කුමාරයාට පාලි කුමරිය හමුවී ඇත්තේ ද කුඹුරු පැසී කපා ගන්නා අවස්ථාවෙදීය. සිංහලයාට බත නම් නැතිවම බැරිය. පැරණි හාලේ බතට අපේ ඇත්තන් තවමත් කැමතිය. කළු හීනටි හාලේ බත් සමග වලිකුකුළු මාළුව එකල අපේ ගැමියන් අතර පැවති සුඛෝපභෝගී ආහාරයකි. ඒ එදාය. අද නම් කළු හිනටි හාල් පිටිසර ගම්මානයකින් පවා සොයාගැනීම දුෂ්කරය.

එහෙත් කාලයත් සමග දිනෙන් දින ඉහළ යන ජනගහනයේ බඩකට පිරවීමේ ලෝක ප්රවණතාවට අනුගතව නව වී වර්ග වගා කිරීමට අපේ ඇත්තන්ටත් සිදුවිය. නව දියුණුකල වී ප්රභේදයන්ට ගැලපෙන අයුරින් රසායනික පොහොර වල්නාශක හා කෘෂි රසායනික ද්‍රව්‍ය හ`දුන්වා දීමට බහුජාතික සමාගම් කටයුතු කළහ. එවායේ පලවිපාක තවමත් අප විදිමින් සිටිති. ඒ කොයිහැටිවුවද පැරණි වී වර්ග සංරක්ෂණය කරමින් එම වී වර්ග වගාකරණ ගොවීහු තවමත් අප අතර සිටිති. නොයෙකුත් සංවිධාන පාරම්පාරික වී වගාව ප්‍රචලිත කිරීමට කටයුතූ කරමින් සිටිති.

එවැනි ගොවින් පිරිසක් බටපොල ප්‍රදේශයේදි අපට හමුවිය. බටපොල ප්‍රසන්න කාරියවසම් පාරම්පාරික වී වගා කරණ තරුණ ගොවි මහතෙකි. හිචිචිනංගි, රත් සුව`දැල්, කිරි නාරං, රත්ක`ද, සුදු හීනටි, රතු හීනටි, ගොඩ හීනටි, රත් ඇල්, යන පැරණි වී වර්ග රැසක් මෙවර යල කන්නයේද ඔහු වගාකොට ඇත්තේය. හේ පැරණි වී වගාකිරීමට හේතු වු කරුණු කාරණා ගෙනහැර දක්වමින් අපත් සමග කථාබහට වැටුනේය.

"මගේ මවට වකූගඩු රෝගි තත්ත්වයක් තිබුණා. ඉංගි්රසි බෙහෙත්වලින් පස්සේ සිංහල බෙහෙත් තමයි කළේ. සිංහල වෙද මහත්තයා කීවා පැරණි සහල් වර්ග කෑමට දෙන්න කියලා. ඊට පස්සේ තමයි මා පැරණි වී වර්ග වගා කිරීමට පෙලඹුනේ. වෙළෝද පොළේ තියෙනවා පැරණි සහල් වර්ග. ඒවායේ ප්‍රමිතිය ගැන කොහොමද අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මා කාබනික පොහොර පමණක් යොදලා පැරණි වී වගා කිරීමට යොමුවුණා. අද අපේ ගෙදර තුන් වෙලට ආහාරයට ගන්නේ ඒ සහල්. මට කුඩා දරුවෙක් ඉන්නවා. ඒ දරුවාට කිරිපිටි දෙන්නේ නැහැ. සම්ප්‍රදායික සහල් වලින් හදාගත්ත කැ`ද තමයි දෙන්නෙ" යෑයි ප්‍රසන්න කියන්නේය.

තම මවගේ රෝගි තත්වය නිසා පාරම්පාරික වී වගාකිරීමට යොමු වු ප්‍රසන්න අද වන විට අක්කර තුන හතරක පැරණි වී වගාකොට ඇත. පසුව හේ පැරණි වී වගාකිරීමට බටපොල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන්ද සම්බන්ධ කරගත්තේය. එම ගොවීන් එකතුකොට හේ පාරම්පාරික පරිසර කෘෂි වගා සහයෝගිතාවය නමින් සංවිධානයක්ද බිහි කළේය.

දැන් දැන් අපේ රටේ ගොවි ජනතාව අතර පැරණි වී වගාකිරීමට විශාල උනන්දුවක් තියෙනවා. නොයෙකූත් ලෙඩ රෝග සදහා පැරණි සහල් ඉතා හොඳ බව පර්යේෂණ වලින් අනාවරණය වී තියෙනවා. නමුත් අද පැරණි වී වගා කිරීමටත් ඇතැම් බහුජාතික සමාගම් මැදිහත් වෙලා. මේ වගාවන් කාබනික පොහොර පමණක් යොදා කරණවා යෑයි කියන සහතිකය මොකක්ද ඒ ගැන මටනම් ප්‍රශ්න තියෙනවා. ඒ කොහොම වුනත් මෙවර මහ කන්නයේ බිත්තර වී හුවමාරු වැඩසටහන යටතේ පැරණි වී බටපොල ගොවිජන බලප්‍රදේශය තුළ වගා කිරීමට සැලසුම් කොට තියෙනවා. දැනටමත් ගොවීන් 47 දෙනෙකු මේ ස`දහා තෝරාගෙන තියෙනවා. ප්‍රසන්න කියන්නේය.

බටපොල ප්‍රදේශයේ ගොවීන් අතර හිචිචි නංගි නැමති වී ප්‍රභේදය ඉතා ජනප්‍රිය වී තිබේ. එපමණක් නොව, ප්‍රසන්නලා පාරම්පාරික කෙසෙල් වර්ග සංරක්ෂණය කිරීමටද පියවර ගනිමින් සිටිති. බටපොල සිරිපාල මලවිආරචිචි වී අලෙවි මණ්ඩලයේ සේවයකල සේවකයෙකි. හේ පාරම්පාරික පරිසර කෘෂි වගා සහයෝගිතා සංවිධානයේ ලේකම්වරයාය.

"ගිය කන්නයේ හිංචි නංගි වී ප්‍රභේදය තමයි වගා කළේ. මෙය දින 90 ක් වයසැති වී ප්‍රභේදයක්. මෙම සහලේ ප්‍රෝටීන් ප්‍රතිශතය වැඩියි. හිචිචි නංගි වී ප්‍රභේදය බටපොල ජනප්‍රියයි. සහල් ඇටයත් රෝස පාටයි. දියවැඩියාවට වකුගඩු හා මුත්‍රා රෝගවලට හිංචි නංගි සහල් හො`ද බව තමයි කාර්මික හා තාක්ෂණික පර්යේෂණ ආයතනය කියන්නේ. බටපොල ඇල් කියන වී ප්‍රභේදය හොයා ගත්තේ බටපොල හේරත් මුත්තා. නමුත් අද බටපොල ඇල්, බටපොලත් නැහැ.

අපේ ගොවි සංවිධානයේ පාරම්පාරික ගොවින් 43 ක් විතර ඉන්නවා. කුඹුරු අක්කර දහයක් දෙනවා නම් පැරණි වී වගාකරලා ගොවින්ට බිත්තර වී වශයෙන් දෙන්න පුළුවන්. එහෙම වුනහොත් පාරම්පාරික වී වගාව ගොවින් අතර ප්‍රචලිත කරන්න පුළුවන්. දැනටමත් අපි ගොවින් අතර බිත්තර වී හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කරණවා. මේ ස`දහා සහයෝගය ලැබෙනවා නම් අපට පුළුවන් ගාල්ල දිස්ත්‍රික්කය තුළම පැරණි වී වගාව ව්‍යාප්ත කරන්න" සිරිපාල කිවේය.

එකල අපේ පැරැන්නෝ වී වලට නම් දීමේදී වියෙහි පැහැය හැඩය වයස මෙන්ම සුව`ද පිළිබ`දවද සැලකිලිමත් වුහ. හේනේ වපුරණු ලැබුවේ ගොඩවී හෙවත් ඇල් වී ය. මඩේ වපුරණු ලැබුමේ මඩ වී ය. හිචිචි නංගි නැමති වී ප්‍රභේදය තූන්මස් වියක් නිසා එම වී වර්ගයට ගොවීන් නම්පට බැද්දේ හිචිචි නංගි කියාය.

ටී.ඩී.ඩබ්ලිව්. ජගත් චන්දන පැරණි වී වගාකරණ ගොවි මහතෙකි.

"ගිය මහ කන්නයේදි රත් ඇල් හා හිංචි නංගි අක්කර දෙකක් වගා කළා අක්කරයකින් වී මළු 60 ක් විතර ගත්තා. හිංචි නංගි සහල් තමයි අවුරුද්දටත් නැදෑයින්ට බෙදාදුන්නේ. මේ සහලේ බත් හරි රසයි. පැරණි වී වගාකරණ ගොවින්ට උදව් කිරීම බලධාරීන්ගේ වගකිමක් ඔහු පවසන්නේය."

ඩබ්ලිව් ආරියසෝම (60) මහතා පුරාණ වී වගා කරණ ගොවියෙකි.

"මෙවර යල කන්නයේ අක්කර කාලක රත්ක`ද වී වර්ගය වගා කළා. පළමු වතාවට තමයි පාරම්පරික වී වගා කළේ. කාබනික පොහොර තමයි භාවිතා කළේ. දැනට නම් කූඹුර හො`දයි. හාල් කියලා වස විස කනඑක නවත්වලා දැන් අපි මේ පැරණි වී ප්‍රභේද වගාවට යොමුවිය යුතුයි."

දකූණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය නිතිඥ යු.ජී.ඩී ආරියතිලක මෙසේ කිවේය.

"පාරම්පාරික වී වගාව දකුණු පාළාත තුළ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තියෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයත් මේ ස`දහා සහයෝගය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි පැරණි සහල්වල ඇති පෝෂණීය ගුණය ලෙඩරෝගවලට මේ සහලේ ඇති ෙඖෂධීය ගුණය පිළිබ`ද වෛද්‍යවරුන් ලවා ගොවින් දැනුවත් කිරීමට පියවර ගන්නවා. පාරම්පරික දැනුම අතින් පොහොසත් ගොවීන් තවමත් ගම්වල ඉන්නවා. ඒ අයගෙන්ද උපදෙස් ලබාගැනිමට පියවර ගන්නවා. කාබනික පොහොර හා පාරම්පාරික වී ගොවින්ට ලබාදෙනවා. ඇත්තටම මාත් පාරිභෝජනය කරන්නේ පාරම්පාරික සහල්." ඇමතිවරයා කිය.

පාරම්පරික සහල්වල ඇති ගූණාත්මක භාවය පිළිබද චරක හා ශ්රශැත ආයුර්වේද ග්‍රන්ථවල මෙසේ සදහන් වන්නේය.

මා වී - දියවැඩියාව, මල බද්ධය, ස්ථුල භාවය පාලනයට සුදුසුය. කාය ශක්තිය වඩවයි.

සුව`දැල් - ශරීර වර්ධනයට සුදුසුය. කටහඩ මිහිරි කරයි. බහිශ්‍රාවිය ක්‍රියා මනාකොට පාලනය කරයි. නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින්ද දියවැඩියාව පාලනය කරණ බැව් තහවුරුකොට ඇත.

කළු හිනටි - මල බද්ධය, ශරීරගත විෂ මර්ධනයට සුදුසුය. ශරීර ශක්තිය වර්ධනය කරයි.

රත්දැල් - ශරීරය සැහැල්ලු හා සිසිල් කරවයි. බහිශ්‍රාවිය ක්‍රියා නිසිලෙස සිදු කරයි. සම නිරෝගිමත් කරයි.

පොක්කාලි - දියවැඩියාව, ස්නායු රෝග, සමේ රෝග ස`දහා සුදුසුයි.

දහනල - වකුගඩු පිළිකා රෝග සදහා සුදුසුයි.

කුරුළුතුඩු - කාය ශක්තිය වර්ධනය කරයි. ශරීරයේ උණුසුම වැඩි කරයි. මුත්‍රා හො`දින් පිට කරයි.

හැට දා වී - මල බද්ධය දුරු කරයි. ශරීරයේ සෘජු බව ඇති කරයි.

මඩතවාළු - දියවැඩියාව හා වාත, පිත, සෙම් ස`දහා සුදුසුයි.

ලලිත් චාමින්ද

http://www.divaina.com/2014/09/21/feature07.html

අපි නොදන්නා ගුණ දායක හාල් ජාති කොච්චර තියෙනවද ?

[QUOTE="bohokal, post: 17163673, member: 10276"] [b]හිච්චි නංගිට පෙම් කරන ගාල්ලේ ගොවියෝ[/b] [SIZE="4"]වී ගොවිතැනත් සිංහලයාත් අතර ඇත්තේ කාලයක් පුරා පැවැතිගෙන එන නෑ කමකි. එකල අපේ පැරැන්නෝ මේ පුංචි දිවයිනේ දේශිය වී වර්ග තුන්දහසක් හාරදහසක් අතර සංඛ්‍යාවක් වගාකොට ඇති බව වාර්තාවේ. ඉපැරණි වී ගැන ස`දහන් කරන විට වී වගාවේ ඉතිහාසය ගැන සදහන් නොකරම බැරිය. සයංජාත හැල් නැමති ධාන්‍ය වර්ගයෙන් වී ශාකය බිහිවු බව අපේ පැරැන්නෝ ඇදහූහ. කෘෂි විද්‍යාඥයින්ගේ මතයන්ට අනුව වී වගාවේ ඉතිහාසය අදින් වසර හත් දහසක් තරම් ඈතට දිවයන්නකි. මහාවංශයේ ස`දහන් වන ආකාරයට මේ පුංචි දිවයිනේ මහින්දාගමනයටත් පෙරසිටම කඹුරු වගාව ඉතා සරුවට තිබූ බව ස`දහන්වේ. පණ්ඩුකාභය කුමාරයාට පාලි කුමරිය හමුවී ඇත්තේ ද කුඹුරු පැසී කපා ගන්නා අවස්ථාවෙදීය. සිංහලයාට බත නම් නැතිවම බැරිය. පැරණි හාලේ බතට අපේ ඇත්තන් තවමත් කැමතිය. කළු හීනටි හාලේ බත් සමග වලිකුකුළු මාළුව එකල අපේ ගැමියන් අතර පැවති සුඛෝපභෝගී ආහාරයකි. ඒ එදාය. අද නම් කළු හිනටි හාල් පිටිසර ගම්මානයකින් පවා සොයාගැනීම දුෂ්කරය. එහෙත් කාලයත් සමග දිනෙන් දින ඉහළ යන ජනගහනයේ බඩකට පිරවීමේ ලෝක ප්රවණතාවට අනුගතව නව වී වර්ග වගා කිරීමට අපේ ඇත්තන්ටත් සිදුවිය. නව දියුණුකල වී ප්රභේදයන්ට ගැලපෙන අයුරින් රසායනික පොහොර වල්නාශක හා කෘෂි රසායනික ද්‍රව්‍ය හ`දුන්වා දීමට බහුජාතික සමාගම් කටයුතු කළහ. එවායේ පලවිපාක තවමත් අප විදිමින් සිටිති. ඒ කොයිහැටිවුවද පැරණි වී වර්ග සංරක්ෂණය කරමින් එම වී වර්ග වගාකරණ ගොවීහු තවමත් අප අතර සිටිති. නොයෙකුත් සංවිධාන පාරම්පාරික වී වගාව ප්‍රචලිත කිරීමට කටයුතූ කරමින් සිටිති. එවැනි ගොවින් පිරිසක් බටපොල ප්‍රදේශයේදි අපට හමුවිය. බටපොල ප්‍රසන්න කාරියවසම් පාරම්පාරික වී වගා කරණ තරුණ ගොවි මහතෙකි. හිචිචිනංගි, රත් සුව`දැල්, කිරි නාරං, රත්ක`ද, සුදු හීනටි, රතු හීනටි, ගොඩ හීනටි, රත් ඇල්, යන පැරණි වී වර්ග රැසක් මෙවර යල කන්නයේද ඔහු වගාකොට ඇත්තේය. හේ පැරණි වී වගාකිරීමට හේතු වු කරුණු කාරණා ගෙනහැර දක්වමින් අපත් සමග කථාබහට වැටුනේය. "මගේ මවට වකූගඩු රෝගි තත්ත්වයක් තිබුණා. ඉංගි්රසි බෙහෙත්වලින් පස්සේ සිංහල බෙහෙත් තමයි කළේ. සිංහල වෙද මහත්තයා කීවා පැරණි සහල් වර්ග කෑමට දෙන්න කියලා. ඊට පස්සේ තමයි මා පැරණි වී වර්ග වගා කිරීමට පෙලඹුනේ. වෙළෝද පොළේ තියෙනවා පැරණි සහල් වර්ග. ඒවායේ ප්‍රමිතිය ගැන කොහොමද අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මා කාබනික පොහොර පමණක් යොදලා පැරණි වී වගා කිරීමට යොමුවුණා. අද අපේ ගෙදර තුන් වෙලට ආහාරයට ගන්නේ ඒ සහල්. මට කුඩා දරුවෙක් ඉන්නවා. ඒ දරුවාට කිරිපිටි දෙන්නේ නැහැ. සම්ප්‍රදායික සහල් වලින් හදාගත්ත කැ`ද තමයි දෙන්නෙ" යෑයි ප්‍රසන්න කියන්නේය. තම මවගේ රෝගි තත්වය නිසා පාරම්පාරික වී වගාකිරීමට යොමු වු ප්‍රසන්න අද වන විට අක්කර තුන හතරක පැරණි වී වගාකොට ඇත. පසුව හේ පැරණි වී වගාකිරීමට බටපොල ගොවිජන සේවා බල ප්‍රදේශයේ ගොවීන්ද සම්බන්ධ කරගත්තේය. එම ගොවීන් එකතුකොට හේ පාරම්පාරික පරිසර කෘෂි වගා සහයෝගිතාවය නමින් සංවිධානයක්ද බිහි කළේය. දැන් දැන් අපේ රටේ ගොවි ජනතාව අතර පැරණි වී වගාකිරීමට විශාල උනන්දුවක් තියෙනවා. නොයෙකූත් ලෙඩ රෝග සදහා පැරණි සහල් ඉතා හොඳ බව පර්යේෂණ වලින් අනාවරණය වී තියෙනවා. නමුත් අද පැරණි වී වගා කිරීමටත් ඇතැම් බහුජාතික සමාගම් මැදිහත් වෙලා. මේ වගාවන් කාබනික පොහොර පමණක් යොදා කරණවා යෑයි කියන සහතිකය මොකක්ද ඒ ගැන මටනම් ප්‍රශ්න තියෙනවා. ඒ කොහොම වුනත් මෙවර මහ කන්නයේ බිත්තර වී හුවමාරු වැඩසටහන යටතේ පැරණි වී බටපොල ගොවිජන බලප්‍රදේශය තුළ වගා කිරීමට සැලසුම් කොට තියෙනවා. දැනටමත් ගොවීන් 47 දෙනෙකු මේ ස`දහා තෝරාගෙන තියෙනවා. ප්‍රසන්න කියන්නේය. බටපොල ප්‍රදේශයේ ගොවීන් අතර හිචිචි නංගි නැමති වී ප්‍රභේදය ඉතා ජනප්‍රිය වී තිබේ. එපමණක් නොව, ප්‍රසන්නලා පාරම්පාරික කෙසෙල් වර්ග සංරක්ෂණය කිරීමටද පියවර ගනිමින් සිටිති. බටපොල සිරිපාල මලවිආරචිචි වී අලෙවි මණ්ඩලයේ සේවයකල සේවකයෙකි. හේ පාරම්පාරික පරිසර කෘෂි වගා සහයෝගිතා සංවිධානයේ ලේකම්වරයාය. "ගිය කන්නයේ හිංචි නංගි වී ප්‍රභේදය තමයි වගා කළේ. මෙය දින 90 ක් වයසැති වී ප්‍රභේදයක්. මෙම සහලේ ප්‍රෝටීන් ප්‍රතිශතය වැඩියි. හිචිචි නංගි වී ප්‍රභේදය බටපොල ජනප්‍රියයි. සහල් ඇටයත් රෝස පාටයි. දියවැඩියාවට වකුගඩු හා මුත්‍රා රෝගවලට හිංචි නංගි සහල් හො`ද බව තමයි කාර්මික හා තාක්ෂණික පර්යේෂණ ආයතනය කියන්නේ. බටපොල ඇල් කියන වී ප්‍රභේදය හොයා ගත්තේ බටපොල හේරත් මුත්තා. නමුත් අද බටපොල ඇල්, බටපොලත් නැහැ. අපේ ගොවි සංවිධානයේ පාරම්පාරික ගොවින් 43 ක් විතර ඉන්නවා. කුඹුරු අක්කර දහයක් දෙනවා නම් පැරණි වී වගාකරලා ගොවින්ට බිත්තර වී වශයෙන් දෙන්න පුළුවන්. එහෙම වුනහොත් පාරම්පාරික වී වගාව ගොවින් අතර ප්‍රචලිත කරන්න පුළුවන්. දැනටමත් අපි ගොවින් අතර බිත්තර වී හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කරණවා. මේ ස`දහා සහයෝගය ලැබෙනවා නම් අපට පුළුවන් ගාල්ල දිස්ත්‍රික්කය තුළම පැරණි වී වගාව ව්‍යාප්ත කරන්න" සිරිපාල කිවේය. එකල අපේ පැරැන්නෝ වී වලට නම් දීමේදී වියෙහි පැහැය හැඩය වයස මෙන්ම සුව`ද පිළිබ`දවද සැලකිලිමත් වුහ. හේනේ වපුරණු ලැබුවේ ගොඩවී හෙවත් ඇල් වී ය. මඩේ වපුරණු ලැබුමේ මඩ වී ය. හිචිචි නංගි නැමති වී ප්‍රභේදය තූන්මස් වියක් නිසා එම වී වර්ගයට ගොවීන් නම්පට බැද්දේ හිචිචි නංගි කියාය. ටී.ඩී.ඩබ්ලිව්. ජගත් චන්දන පැරණි වී වගාකරණ ගොවි මහතෙකි. "ගිය මහ කන්නයේදි රත් ඇල් හා හිංචි නංගි අක්කර දෙකක් වගා කළා අක්කරයකින් වී මළු 60 ක් විතර ගත්තා. හිංචි නංගි සහල් තමයි අවුරුද්දටත් නැදෑයින්ට බෙදාදුන්නේ. මේ සහලේ බත් හරි රසයි. පැරණි වී වගාකරණ ගොවින්ට උදව් කිරීම බලධාරීන්ගේ වගකිමක් ඔහු පවසන්නේය." ඩබ්ලිව් ආරියසෝම (60) මහතා පුරාණ වී වගා කරණ ගොවියෙකි. "මෙවර යල කන්නයේ අක්කර කාලක රත්ක`ද වී වර්ගය වගා කළා. පළමු වතාවට තමයි පාරම්පරික වී වගා කළේ. කාබනික පොහොර තමයි භාවිතා කළේ. දැනට නම් කූඹුර හො`දයි. හාල් කියලා වස විස කනඑක නවත්වලා දැන් අපි මේ පැරණි වී ප්‍රභේද වගාවට යොමුවිය යුතුයි." දකූණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය නිතිඥ යු.ජී.ඩී ආරියතිලක මෙසේ කිවේය. "පාරම්පාරික වී වගාව දකුණු පාළාත තුළ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තියෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයත් මේ ස`දහා සහයෝගය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි පැරණි සහල්වල ඇති පෝෂණීය ගුණය ලෙඩරෝගවලට මේ සහලේ ඇති ෙඖෂධීය ගුණය පිළිබ`ද වෛද්‍යවරුන් ලවා ගොවින් දැනුවත් කිරීමට පියවර ගන්නවා. පාරම්පරික දැනුම අතින් පොහොසත් ගොවීන් තවමත් ගම්වල ඉන්නවා. ඒ අයගෙන්ද උපදෙස් ලබාගැනිමට පියවර ගන්නවා. කාබනික පොහොර හා පාරම්පාරික වී ගොවින්ට ලබාදෙනවා. ඇත්තටම මාත් පාරිභෝජනය කරන්නේ පාරම්පාරික සහල්." ඇමතිවරයා කිය. පාරම්පරික සහල්වල ඇති ගූණාත්මක භාවය පිළිබද චරක හා ශ්රශැත ආයුර්වේද ග්‍රන්ථවල මෙසේ සදහන් වන්නේය. මා වී - දියවැඩියාව, මල බද්ධය, ස්ථුල භාවය පාලනයට සුදුසුය. කාය ශක්තිය වඩවයි. සුව`දැල් - ශරීර වර්ධනයට සුදුසුය. කටහඩ මිහිරි කරයි. බහිශ්‍රාවිය ක්‍රියා මනාකොට පාලනය කරයි. නවීන විද්‍යාත්මක පර්යේෂණ මගින්ද දියවැඩියාව පාලනය කරණ බැව් තහවුරුකොට ඇත. කළු හිනටි - මල බද්ධය, ශරීරගත විෂ මර්ධනයට සුදුසුය. ශරීර ශක්තිය වර්ධනය කරයි. රත්දැල් - ශරීරය සැහැල්ලු හා සිසිල් කරවයි. බහිශ්‍රාවිය ක්‍රියා නිසිලෙස සිදු කරයි. සම නිරෝගිමත් කරයි. පොක්කාලි - දියවැඩියාව, ස්නායු රෝග, සමේ රෝග ස`දහා සුදුසුයි. දහනල - වකුගඩු පිළිකා රෝග සදහා සුදුසුයි. කුරුළුතුඩු - කාය ශක්තිය වර්ධනය කරයි. ශරීරයේ උණුසුම වැඩි කරයි. මුත්‍රා හො`දින් පිට කරයි. හැට දා වී - මල බද්ධය දුරු කරයි. ශරීරයේ සෘජු බව ඇති කරයි. මඩතවාළු - දියවැඩියාව හා වාත, පිත, සෙම් ස`දහා සුදුසුයි. ලලිත් චාමින්ද[/SIZE] [url]http://www.divaina.com/2014/09/21/feature07.html[/url] [SIZE="4"]අපි නොදන්නා ගුණ දායක හාල් ජාති කොච්චර තියෙනවද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom