හිටපු ඇමති පණ්ඩු බණ්ඩාරනායක අත්අඩංගුවට..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY

    හිටපු ඇමති පාණ්ඩූ බණ්ඩාරනායක අත්අඩංගුවට..​



    ගජමුතු ගණුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ඇතුළු 5 දෙනා ලබන 7 දක්වා රිමාන්ඩ් බාරයේ රදවා තැබීමට අම්පාර මහේස්ත්‍රාත්වරයා නියම කලේය.

    පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අම්පාර නගර මධ්‍යයේදී ගජමුතු අලෙවි කිරීමේ සිද්දියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාද සමඟ සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවක් තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන් ගමන් ගත් ජීප් රථයේ රියදුරා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණි.

    සිද්ධියට අදාලව සිදුකරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට නියම කළේය.