Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශවේන්ද්‍ර සිල්වා

විශ්‍රාම නොයන වීරත්වය

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වනාහි මේ දේශය සිය ඉතිහාසයේ බිහිකරන ලද අනභිභවනීය සෙන්පතියාය. හෙතෙම දෙසැමබර් 31 වෙනිදා සිට සිය හමුදා ජීවිතය නිමා කරන්නේය. ඔහුගේ සමස්ත හමුදා ඉතිහාසය, ක්‍රියාන්විත, සහ හමුදාව සහ දේශය වෙනුවෙන් ඉටු කළ සේවය විසල් පොතකි. ඒ සියල්ල කැටිකර සැකසුණු ලිපියකි මේ.

ජුලි කලබල අතරේ හමුදාවට

1984 මාර්තු පස්වෙනිදා, බඳවා ගැනීම් කාණ්ඩ අංක 19 යටත් ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා, ඒ සඳහා ඉල්ලූම් කර තිබුණේ 1983 වර්ෂයේදීය. අසූ තුනේ ඇතිවූ ජුලි කලබල හේතුවෙන් එම බඳවා ගැනීම පමාවීම සිදුවිය. ඊට පෙර ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණදී තිබූ අභියෝගය වූයේ, 1971 වර්ෂයේදී ජවිපෙ එල්ල කරන ලද කැරැල්ල පමණය. මේ නිසා අසූ තුන වර්ෂය වන තෙක්ම උත්තමාචාර දක්වන සහ ආපදා සහන සේවා සඳහා දායක වනවා මිස ඊට වැඩි සේවාවක් යුද හමුදාව තුළින් සිදු නොවීය. 1983 වර්ෂය යනු දෙමළ වර්ගවාදය, සිය ත්‍රස්තවාදී ශාඛාව විවෘත කරන ලද වසර ලෙස සඳහන් කළ හැකිය. එම වර්ගවාදී ත්රස්තවාදයට එරෙහි සටන් වැදීම සඳහා, ජාතිය වීරයන් සොයන මොහොතේ ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය. යුද්ධයකට මුහුණ දිය යුතු බව දැන දැනම යුද හමුදාවට බැඳුණු ශවේන්ද්‍ර සිල්වා, 1985 වසරේ නොවැම්බර් දහසය වැනිදා අධිකාරි ලබා දෙවැනි ලූතිනන් වරයෙකු ලෙසින් ගජබා රෙජිමේන්තුවට පැමිණියේය.

එවකට විසුරුවා හරින ලද 1 වන රජරට රයිෆල් භට පිරිස් හා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඒකාබද්ධ කොට 1983 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වන දින ගජබා රෙජිමේන්තුව බිහිවිය. එසේ බිහිවූ ගජබා රෙජිමේන්තුවේ සිටි සියලූ නිලධාරීන් එක්කෝ රජරට රයිෆල් හෝ පළමු වෙනි විජයබා රෙජිමේන්තුවට අයත් පිරිස වූහ. ගජබා රෙජිමේන්තුවටම නිලධාරියෙකු ලෙස මුලින්ම එක් වන්නේ, දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වාය. ඔහු සිය හමුදා නිලධාරී ජීවිතය ආරම්භ කරන්නේම, වාර්තාවක් තබමිනි. එසේ ගජබා රෙජිමේන්තුවට ඉඳුරාම බදවා ගත් හෙවත් ගජබා රෙජිමේන්තුවේ උපන් පළමු නිලධාරියා, පසුගිය සඳුදා ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ පළමු හමුදාපතිවරයා බවට පත්වීම ද අනභිභවනීය වාර්තාවකි.

විමුක්ති මෙහෙයුමට…

මෙරට බිහිවූ අග්‍රගණය හමුදා සෙන්පතියෙකු වූ මේජර් ජෙනරාල් විජය විමලරත්න විසින් දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා, ආර්.ඞී.එස්. නම් වූ විශේෂ ඒකකය සඳහා ඇතුළත් කරන ලද්දේ, ශවේන්ද්‍ර සතු කුසලතා පිළිබඳව පෙර දැක්මක් ඇතිවය. වර්තමානයේ යුද හමුදා විශේෂ බළකායේ ආරම්භය වන්නේ, එදා ගජබා රෙජිමේන්තුව විසින් ආරම්භ කරන ලද මෙම විශේෂ ඒකකය පදනම් කර ගනිමිනි.

1987 දියත් කරන ලද, ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප්‍රථම ප්‍රධාන මෙහෙයුම වන වඩමාරච්චි මෙහෙයුම නමින් ජනප්‍රිය වී ඇති විමුක්ති මෙහෙයුම සඳහා පළවෙනි බල ඇණිය ගජබා හි, කණ්ඩ භාර නිලාධාරියෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. එම ක්‍රියාන්විතයේ අවසාන දිනයේ, ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ශවේන්ද්‍ර සිල්වා දරුණු ලෙස තුවාල ලැබුවේය. එහිදී ශවේන්ද්‍ර සමග සිටි කපිතාන් රාජ් නවරත්න එතැනදීම මිය ගිය අතර රණබිමේ සිටින සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තා සේ, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වා, යුද භූමියෙන් ඉවත් කරගන්නා ලද්දේ, වඩමාරච්චි මෙහෙයුම් නියමුවෙකුව සිටි, මේජර් ගෝඨාභය රාජපක්ෂ විසිනි. මාස දෙකකට අධික කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබු ශවේන්ද්‍ර සිල්වා, සුවය ලැබීමෙන් පසුව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරක්ෂක ඒකකය සඳහා ගජබා රෙජිමේන්තුව විසින් පත්කරනු ලැබීය.

ජනාධිපති ජයවර්ධන සඳහා යුද හමුදා ආරක්ෂක ඛණ්ඩයක් පිහිටුවීමට රජය අදහස් කර තිබූ අතර, ඒ සඳහා නිලධාරීන් තෝරා ගනු ලැබුවේ, රණශූරයන් බිහි කරන ලද ගජබා රෙජිමේන්තුවෙනි. ජනාධිපති ආරක්ෂක මුරය භාරව ලූතිනන් ශාන්ත දිසානායක සහ ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා පත් කරනු ලැබුවේ, රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීමේ වගකීම ජව සම්පන්න තරුණ යුද නිලධාරීන් දෙදෙනකු වෙත භාර කරමිනි. ඒ අනුව ජනාධිපති මන්දිරයේ ඔවුන් ස්ථාන ගත විය.

අලිමංකඩ සහ යාපනයේ කොටුව

යාපනය කොටුව වටකරමින්, එල්ටීටීඊ ත්‍රස්තවාදය විසින් යාපනයෙන් සිටි සමස්ත හමුදාවම යාපනය කොටුව තුළ කොටු කරගෙන සිටින විට, යාපනය කොටුව මුදාගැනීම සඳහා ආරම්භ කරන ලද ‘සුයිසයිඞ් එක්ස්ප්‍රස්’ මෙහෙයුම සඳහා ශවේන්ද්‍ර සිල්වා දායකත්වය දෙන ලද්දේ නිලධාරී අණදෙන ලෙසය. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්‍රධානත්වයෙන් බි්රගේඩියර් විජය විමලරත්නගේ සහයෝගයෙන් මෙම මෙහෙයුම ආරම්භ වූ අතර, එය සැලසුම් කරන ලද්දේ මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි විසිනි. එහි දෙවැනි අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කරන ලද්දේ, කර්නල් ජයවි ප්‍රනාන්දුය. සුමේධ පෙරේරා, උදය පෙරේරා, ගාමිණි ගුණසේකර, බොනිපස් පෙරේරා වැනි පසු කාලයක ශ්‍රී ලංකා යුද හමුදාවේ නම ගිය නිලධාරීහු බවට පත්වූ චරිත රැසක් මෙම ක්‍රියාන්විතයට එදා දායක වූහ.

1991 වර්ෂයේදී එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් අලිමංකඩ කඳවුර කොටු කර, එහි සිටි හමුදා නිලාධාරීන් සහ සෙබළුන් විජලනයෙන් පවා ජීවිතක්ෂයට පත්වෙමින් තිබූ මොහොතක, ඔවුන් මුදා ගැනීම සඳහා දියත් කරන ලද, බලවේගය ක්‍රියාන්විතය සඳහා කපිතාන් ශවේන්ද්‍ර සිල්වා සිය දායකත්වය ඉදිරියෙන් සිට ලබා දුන්නේය.

1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ දෙවන වරට පවත්වන ලද සංග්රාම භූමියේ උපරිම දක්ෂතා දක්වන ලද රණවිරුවන් වෙත වික්‍රමාන්විත පදක්කම් ප්රදානයේදී, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේම ප්‍රථම වරට දෙවැනි ලූතිනන්වරයෙක් හෝ ඒ හා සමාන අනෙකුත් හමුදා නිලය දරන්නෙකු වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශුර යන පදක්කම් තුනම එකවර ලබා ගන්නා ලද්දේය. එම වික්‍රමාන්විතය දක්වන ලද්දේ දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා විසිනි. මේජර් ජෙනරාල් විජය විමලරත්න වැනි අතිශය සූක්ෂම සහ සියලූ අඩුපාඩු, දක්ෂතා මැනවින් සොයා බලනා නිලධාරියෙකු විසින් ශවේන්ද්‍ර සඳහා එම නිර්දේශය ඉදිරිපත් කිරීමත්, මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විසින් එය නිර්දේශ කිරීමත් නිසා, එම පදක්කම් ත්‍රිත්වය, ශවේන්ද්‍ර විසින් හිමි කර ගැනීම සඳහා තවත් අගයක් එකතු වූ බව කිව හැකිය. සිය හමුදා ජීවිතයට වසර හයක් සපිරෙන මොහොතේ එවැනි වික්‍රමාන්විත පදක්කම් ලබා

ගැනීම අතිශය විරල ගණයේ දක්ෂතාවක් වන්නාසේම මෙතෙක්, එවැනි තනතුරු මට්ටමකදී ත්‍රිවිධ හමුදා ඉතිහාසයේම කිසිදු අයෙකු, ශවේන්ද්‍රගේ එම වාර්තාව සම කර නැත.

බලවේගය ක්‍රියාන්විතයෙන් පසු ගජබා රෙජිමේන්තුව විසින් යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරී ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කළේය. ඒ අනුව පාඨමාලා අංක 37 භාර නිලධාරී ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්විය. මෙහිදී ඔහු වාර්තාවක් තබන්නේ, ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට විදේශ නිලධාරීන් පුහුණු කරන ලද පාඨමාලාව සඳහා කෙඩෙට් නිලධාරියා ලෙස පත්වීමෙනි. මාල දිවයින් හමුදා නිලධාරීන් පස් දෙනකු එම පාඨමාලාව සඳහා එවර ඇතුළත් වී තිබුණි.

රිවිරැස මෙහෙයුමට…

1995 වසරේදී යාපනය අර්ධද්වීපය ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගැනීම සඳහා ආරම්භ කරන ලද රිවිරැස මෙහෙයුම සඳහා මේජර් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ වන්නේ, අටවෙනි බල ඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙසය. ඔහු එහිදී ද වාර්තාවක් පිහිටුවන්නේ, මෙතෙක් ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ බිහිවූ ළාබාලම අණදෙන නිලධාරියා බවට පත්වෙමිනි. වසර නවයක හමුදා ජීවිත කාලයක් තුළ එවැනි දක්ෂතාවක් පෙන්වන තරමට ශවේන්ද්‍ර සිල්වාගේ හමුදා සුරුවිරුකම් ඉහළ මට්ටමක තිබුණි. මෙම කාලයේදී උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දියත් කරන ලද සියලූ මෙහෙයුම් සඳහා ශවේන්ද්‍ර සිල්වා සහභාගිවීම ද විශේෂත්වයකි. ජය සිකුරු මෙහෙයුම සඳහා ඔහු සම්බන්ධ වූයේ, ගුවන් සංක්‍රමික බල ඇණියක ලෙස, පළවෙනි බල ඇණිය ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමිනි.

1999 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සන්ධිස්ථානීය මෙහෙයුමක් වූ වාකරේ ප්‍රදේශය ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගැනීම සඳහා සිදු කරන ලද ක්‍රියාන්විතයට ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. අලූයම් කාලයේදී ගුවන් මගින් වාකරේ මුහුදු තීරයට ගුවන් යානා දහයකින් බසිනා ලද ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් පිරිස විසින් එදා වාකරේ ප්‍රදේශය ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගනු ලැබීය. එවැනි වික්‍රමාන්විත මෙහෙයුමක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද්දේ ප්‍රථම වරටය.

සාම කාලයේ ත්රස්තවාදීන්ට

අතට අත නොදුන් නිලධාරියා…

මෙවැනි සුවිශේෂ යුද ජයග්‍රහණ රාශියකට දායක වී සිටි ශවේන්ද්‍ර සිල්වා ජනතාව අතර ප්‍රචලිත වන්නේ 2001 – 2003 සමයේ පැවති එජාප ආණ්ඩුව විසින් දියත් කරන ලද ‘සාම සාකච්ඡුා’ සමයේදීය. එම සාකච්ඡුා සඳහා යුද හමුදා පාර්ශ්වයෙන් සහභාගි වූ ශවේන්ද්‍ර සිල්වා වෙත, එල්ටීටීඊ නායකයන් අතට අත දීම සඳහා අත් දිගු කරන විට, සිය අත වුවමනාවෙන්ම ත්‍රස්ත නායකයන් වෙත ලූතිනන් කර්නල් ශවේන්ද්‍ර සිල්වා ලබා දුන්නේ නැත. මෙම දර්ශනය රුපවාහිනි ඔස්සේ විකාශය වීම නිසා, රටටම එය දැක ගැනීමට හැකිවිය. එදා රට පුරා විරාභිවන්දනයක් ලෙස ශවේන්ද්‍ර සිල්වාගේ නම කියවෙන්නට විය.

2006 වසරේ අගෝස්තු 13 වෙනිදා, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ත්රස්තවාදීන් විසින් ‘සාම සාකච්ඡුා’ නිම කරමින්, මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ පිහිටා තිබූ හමුදා බංකර් වලින් අඩකට වඩා විනාශ කරමින්, එම ප්‍රදේශය අත්පත් කර ගන්නා ලදී. මෙම අවස්ථාවේ ලූතිනන් කර්නල් ශවේන්ද්‍ර සිල්වා සේවය කරමින් සිටියේ, දියතලාවේ පිහිටා තිබූ, යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණු පාසලේ අණදෙන නිලධාරියා ලෙසය. එවකට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් දියතලාවේ සිට ශවේන්ද්‍ර සිල්වා, මුහමාලේ වෙත ඍජුවම කැඳවා, ගුවන් සංක්‍රමණික බල සේනාධිපති තනතුර ලබාදෙමින් මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල යළිත් පිහිටුවීමේ වගකීම ශවේන්ද්‍ර ඇතුළු නිලධාරීහු සඳහා ලබා දුන්හ. හමුදා බංකර් පෙළ නැවත මුදා ගැනීමෙන් අනතුරුව, සැප්තැම්බර් 13 වැනිදා මුහමලේ එල්ටීටීඊ ඉදිරි ආරක්ෂක වළල්ල වෙත, රාත්‍රී ප්‍රහාරයක් එල්ල කරමින්, වසර හයක් එල්ටීටීඊය ආරක්ෂා කර ගෙන සිටි මායිම බිඳ දමන්නට ලූතිනන් කර්නල් ශවේන්ද්‍රගේ අණදීම යටතේ සිටි බලසේනාවෝ සමත් වූහ. මෙය එල්ටීටීඊයේ සන්ධිස්ථානිය පරාජයක් බවට පත්විය.

පනස් අටේ සේනාංකාධිපති

වන්නි මානුෂිය මෙහෙයුම ආරම්භ වීමෙන් පසු, 57 වෙනි සේනාංකයට පසුව ආරම්භ කරන ලද කාර්ය සාධක සේනා 1 හෙවත් පසුව 58 වෙනි සේනාංකය ලෙස හඳුන්වනු ලැබූ, සේනාංකය, ආරම්භ කර දින කිහිපයකින් පසු මන්නාරම ප්‍රදේශය සඳහා මෙහෙයුම් දියත් කිරීමට 58 වෙනි සේනාංකාධිපති ලෙස කර්නල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා කටයුතු කළේය. පොතේ ඇති ජ්‍යෙෂ්ඨත්වය නොව දක්ෂතා මත යුද හමුදාවේ තනතුරු සහ වගකීම් භාරදීමේ සරත් ෆොන්සේකා ක්‍රමවේදය අනුව එදා ශවේන්ද්‍ර සිල්වා වැනි නිලධාරීන්ගේ සේවය උපරිම අයුරින් ජාතියට ලබා ගන්නට හැකිවිය. වන්නි මානුෂිය මෙහෙයුම පුරාම හමුදාපති සරත් ෆොන්සේකා විසින් දියත් කරන ලද මෙම ‘පොතේ ජෙෂ්ඨත්වය නොව දක්ෂතාවය ප්රමුඛවේ’ යන ක්‍රමවේදය අනුව, අවසානයේදී ත්‍රස්තවාදය පරාජය කර දේශය නිදහස් කර ගැනීමට හමුදාවෝ සමත් වූහ. ශවේන්ද්‍ර සිල්වා යටතට යුද හමුදාවේ වික්‍රමාන්විත බල ඇණිය ලෙස හඳුන්වන කොමාන්ඩෝ රෙජිමේන්තුව ද සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා විසින් ලබා දුන්නේ වන්නි මානුෂිය මෙහෙයුමේ වැඩි වගකීමක් ශවේන්ද්‍ර වෙත ලබා දෙමිනි..

[QUOTE="හෙළයෙක්, post: 30442581, member: 503645"] ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම නොයන වීරත්වය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වනාහි මේ දේශය සිය ඉතිහාසයේ බිහිකරන ලද අනභිභවනීය සෙන්පතියාය. හෙතෙම දෙසැමබර් 31 වෙනිදා සිට සිය හමුදා ජීවිතය නිමා කරන්නේය. ඔහුගේ සමස්ත හමුදා ඉතිහාසය, ක්‍රියාන්විත, සහ හමුදාව සහ දේශය වෙනුවෙන් ඉටු කළ සේවය විසල් පොතකි. ඒ සියල්ල කැටිකර සැකසුණු ලිපියකි මේ. ජුලි කලබල අතරේ හමුදාවට 1984 මාර්තු පස්වෙනිදා, බඳවා ගැනීම් කාණ්ඩ අංක 19 යටත් ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා, ඒ සඳහා ඉල්ලූම් කර තිබුණේ 1983 වර්ෂයේදීය. අසූ තුනේ ඇතිවූ ජුලි කලබල හේතුවෙන් එම බඳවා ගැනීම පමාවීම සිදුවිය. ඊට පෙර ශ්‍රී ලංකා යුද හමුදාව මුහුණදී තිබූ අභියෝගය වූයේ, 1971 වර්ෂයේදී ජවිපෙ එල්ල කරන ලද කැරැල්ල පමණය. මේ නිසා අසූ තුන වර්ෂය වන තෙක්ම උත්තමාචාර දක්වන සහ ආපදා සහන සේවා සඳහා දායක වනවා මිස ඊට වැඩි සේවාවක් යුද හමුදාව තුළින් සිදු නොවීය. 1983 වර්ෂය යනු දෙමළ වර්ගවාදය, සිය ත්‍රස්තවාදී ශාඛාව විවෘත කරන ලද වසර ලෙස සඳහන් කළ හැකිය. එම වර්ගවාදී ත්රස්තවාදයට එරෙහි සටන් වැදීම සඳහා, ජාතිය වීරයන් සොයන මොහොතේ ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය. යුද්ධයකට මුහුණ දිය යුතු බව දැන දැනම යුද හමුදාවට බැඳුණු ශවේන්ද්‍ර සිල්වා, 1985 වසරේ නොවැම්බර් දහසය වැනිදා අධිකාරි ලබා දෙවැනි ලූතිනන් වරයෙකු ලෙසින් ගජබා රෙජිමේන්තුවට පැමිණියේය. එවකට විසුරුවා හරින ලද 1 වන රජරට රයිෆල් භට පිරිස් හා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඒකාබද්ධ කොට 1983 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වන දින ගජබා රෙජිමේන්තුව බිහිවිය. එසේ බිහිවූ ගජබා රෙජිමේන්තුවේ සිටි සියලූ නිලධාරීන් එක්කෝ රජරට රයිෆල් හෝ පළමු වෙනි විජයබා රෙජිමේන්තුවට අයත් පිරිස වූහ. ගජබා රෙජිමේන්තුවටම නිලධාරියෙකු ලෙස මුලින්ම එක් වන්නේ, දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වාය. ඔහු සිය හමුදා නිලධාරී ජීවිතය ආරම්භ කරන්නේම, වාර්තාවක් තබමිනි. එසේ ගජබා රෙජිමේන්තුවට ඉඳුරාම බදවා ගත් හෙවත් ගජබා රෙජිමේන්තුවේ උපන් පළමු නිලධාරියා, පසුගිය සඳුදා ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ පළමු හමුදාපතිවරයා බවට පත්වීම ද අනභිභවනීය වාර්තාවකි. විමුක්ති මෙහෙයුමට… මෙරට බිහිවූ අග්‍රගණය හමුදා සෙන්පතියෙකු වූ මේජර් ජෙනරාල් විජය විමලරත්න විසින් දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා, ආර්.ඞී.එස්. නම් වූ විශේෂ ඒකකය සඳහා ඇතුළත් කරන ලද්දේ, ශවේන්ද්‍ර සතු කුසලතා පිළිබඳව පෙර දැක්මක් ඇතිවය. වර්තමානයේ යුද හමුදා විශේෂ බළකායේ ආරම්භය වන්නේ, එදා ගජබා රෙජිමේන්තුව විසින් ආරම්භ කරන ලද මෙම විශේෂ ඒකකය පදනම් කර ගනිමිනි. 1987 දියත් කරන ලද, ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප්‍රථම ප්‍රධාන මෙහෙයුම වන වඩමාරච්චි මෙහෙයුම නමින් ජනප්‍රිය වී ඇති විමුක්ති මෙහෙයුම සඳහා පළවෙනි බල ඇණිය ගජබා හි, කණ්ඩ භාර නිලාධාරියෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. එම ක්‍රියාන්විතයේ අවසාන දිනයේ, ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ශවේන්ද්‍ර සිල්වා දරුණු ලෙස තුවාල ලැබුවේය. එහිදී ශවේන්ද්‍ර සමග සිටි කපිතාන් රාජ් නවරත්න එතැනදීම මිය ගිය අතර රණබිමේ සිටින සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තා සේ, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වා, යුද භූමියෙන් ඉවත් කරගන්නා ලද්දේ, වඩමාරච්චි මෙහෙයුම් නියමුවෙකුව සිටි, මේජර් ගෝඨාභය රාජපක්ෂ විසිනි. මාස දෙකකට අධික කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබු ශවේන්ද්‍ර සිල්වා, සුවය ලැබීමෙන් පසුව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරක්ෂක ඒකකය සඳහා ගජබා රෙජිමේන්තුව විසින් පත්කරනු ලැබීය. ජනාධිපති ජයවර්ධන සඳහා යුද හමුදා ආරක්ෂක ඛණ්ඩයක් පිහිටුවීමට රජය අදහස් කර තිබූ අතර, ඒ සඳහා නිලධාරීන් තෝරා ගනු ලැබුවේ, රණශූරයන් බිහි කරන ලද ගජබා රෙජිමේන්තුවෙනි. ජනාධිපති ආරක්ෂක මුරය භාරව ලූතිනන් ශාන්ත දිසානායක සහ ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා පත් කරනු ලැබුවේ, රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීමේ වගකීම ජව සම්පන්න තරුණ යුද නිලධාරීන් දෙදෙනකු වෙත භාර කරමිනි. ඒ අනුව ජනාධිපති මන්දිරයේ ඔවුන් ස්ථාන ගත විය. අලිමංකඩ සහ යාපනයේ කොටුව යාපනය කොටුව වටකරමින්, එල්ටීටීඊ ත්‍රස්තවාදය විසින් යාපනයෙන් සිටි සමස්ත හමුදාවම යාපනය කොටුව තුළ කොටු කරගෙන සිටින විට, යාපනය කොටුව මුදාගැනීම සඳහා ආරම්භ කරන ලද ‘සුයිසයිඞ් එක්ස්ප්‍රස්’ මෙහෙයුම සඳහා ශවේන්ද්‍ර සිල්වා දායකත්වය දෙන ලද්දේ නිලධාරී අණදෙන ලෙසය. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප්‍රධානත්වයෙන් බි්රගේඩියර් විජය විමලරත්නගේ සහයෝගයෙන් මෙම මෙහෙයුම ආරම්භ වූ අතර, එය සැලසුම් කරන ලද්දේ මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි විසිනි. එහි දෙවැනි අණදෙන නිලධාරී ලෙස ක්‍රියා කරන ලද්දේ, කර්නල් ජයවි ප්‍රනාන්දුය. සුමේධ පෙරේරා, උදය පෙරේරා, ගාමිණි ගුණසේකර, බොනිපස් පෙරේරා වැනි පසු කාලයක ශ්‍රී ලංකා යුද හමුදාවේ නම ගිය නිලධාරීහු බවට පත්වූ චරිත රැසක් මෙම ක්‍රියාන්විතයට එදා දායක වූහ. 1991 වර්ෂයේදී එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් අලිමංකඩ කඳවුර කොටු කර, එහි සිටි හමුදා නිලාධාරීන් සහ සෙබළුන් විජලනයෙන් පවා ජීවිතක්ෂයට පත්වෙමින් තිබූ මොහොතක, ඔවුන් මුදා ගැනීම සඳහා දියත් කරන ලද, බලවේගය ක්‍රියාන්විතය සඳහා කපිතාන් ශවේන්ද්‍ර සිල්වා සිය දායකත්වය ඉදිරියෙන් සිට ලබා දුන්නේය. 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ දෙවන වරට පවත්වන ලද සංග්රාම භූමියේ උපරිම දක්ෂතා දක්වන ලද රණවිරුවන් වෙත වික්‍රමාන්විත පදක්කම් ප්රදානයේදී, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේම ප්‍රථම වරට දෙවැනි ලූතිනන්වරයෙක් හෝ ඒ හා සමාන අනෙකුත් හමුදා නිලය දරන්නෙකු වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශුර යන පදක්කම් තුනම එකවර ලබා ගන්නා ලද්දේය. එම වික්‍රමාන්විතය දක්වන ලද්දේ දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා විසිනි. මේජර් ජෙනරාල් විජය විමලරත්න වැනි අතිශය සූක්ෂම සහ සියලූ අඩුපාඩු, දක්ෂතා මැනවින් සොයා බලනා නිලධාරියෙකු විසින් ශවේන්ද්‍ර සඳහා එම නිර්දේශය ඉදිරිපත් කිරීමත්, මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විසින් එය නිර්දේශ කිරීමත් නිසා, එම පදක්කම් ත්‍රිත්වය, ශවේන්ද්‍ර විසින් හිමි කර ගැනීම සඳහා තවත් අගයක් එකතු වූ බව කිව හැකිය. සිය හමුදා ජීවිතයට වසර හයක් සපිරෙන මොහොතේ එවැනි වික්‍රමාන්විත පදක්කම් ලබා ගැනීම අතිශය විරල ගණයේ දක්ෂතාවක් වන්නාසේම මෙතෙක්, එවැනි තනතුරු මට්ටමකදී ත්‍රිවිධ හමුදා ඉතිහාසයේම කිසිදු අයෙකු, ශවේන්ද්‍රගේ එම වාර්තාව සම කර නැත. බලවේගය ක්‍රියාන්විතයෙන් පසු ගජබා රෙජිමේන්තුව විසින් යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරී ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කළේය. ඒ අනුව පාඨමාලා අංක 37 භාර නිලධාරී ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්විය. මෙහිදී ඔහු වාර්තාවක් තබන්නේ, ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට විදේශ නිලධාරීන් පුහුණු කරන ලද පාඨමාලාව සඳහා කෙඩෙට් නිලධාරියා ලෙස පත්වීමෙනි. මාල දිවයින් හමුදා නිලධාරීන් පස් දෙනකු එම පාඨමාලාව සඳහා එවර ඇතුළත් වී තිබුණි. රිවිරැස මෙහෙයුමට… 1995 වසරේදී යාපනය අර්ධද්වීපය ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගැනීම සඳහා ආරම්භ කරන ලද රිවිරැස මෙහෙයුම සඳහා මේජර් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ වන්නේ, අටවෙනි බල ඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙසය. ඔහු එහිදී ද වාර්තාවක් පිහිටුවන්නේ, මෙතෙක් ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ බිහිවූ ළාබාලම අණදෙන නිලධාරියා බවට පත්වෙමිනි. වසර නවයක හමුදා ජීවිත කාලයක් තුළ එවැනි දක්ෂතාවක් පෙන්වන තරමට ශවේන්ද්‍ර සිල්වාගේ හමුදා සුරුවිරුකම් ඉහළ මට්ටමක තිබුණි. මෙම කාලයේදී උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දියත් කරන ලද සියලූ මෙහෙයුම් සඳහා ශවේන්ද්‍ර සිල්වා සහභාගිවීම ද විශේෂත්වයකි. ජය සිකුරු මෙහෙයුම සඳහා ඔහු සම්බන්ධ වූයේ, ගුවන් සංක්‍රමික බල ඇණියක ලෙස, පළවෙනි බල ඇණිය ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමිනි. 1999 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සන්ධිස්ථානීය මෙහෙයුමක් වූ වාකරේ ප්‍රදේශය ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගැනීම සඳහා සිදු කරන ලද ක්‍රියාන්විතයට ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. අලූයම් කාලයේදී ගුවන් මගින් වාකරේ මුහුදු තීරයට ගුවන් යානා දහයකින් බසිනා ලද ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් පිරිස විසින් එදා වාකරේ ප්‍රදේශය ත්‍රස්ත ග්රහණයෙන් මුදා ගනු ලැබීය. එවැනි වික්‍රමාන්විත මෙහෙයුමක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද්දේ ප්‍රථම වරටය. සාම කාලයේ ත්රස්තවාදීන්ට අතට අත නොදුන් නිලධාරියා… මෙවැනි සුවිශේෂ යුද ජයග්‍රහණ රාශියකට දායක වී සිටි ශවේන්ද්‍ර සිල්වා ජනතාව අතර ප්‍රචලිත වන්නේ 2001 – 2003 සමයේ පැවති එජාප ආණ්ඩුව විසින් දියත් කරන ලද ‘සාම සාකච්ඡුා’ සමයේදීය. එම සාකච්ඡුා සඳහා යුද හමුදා පාර්ශ්වයෙන් සහභාගි වූ ශවේන්ද්‍ර සිල්වා වෙත, එල්ටීටීඊ නායකයන් අතට අත දීම සඳහා අත් දිගු කරන විට, සිය අත වුවමනාවෙන්ම ත්‍රස්ත නායකයන් වෙත ලූතිනන් කර්නල් ශවේන්ද්‍ර සිල්වා ලබා දුන්නේ නැත. මෙම දර්ශනය රුපවාහිනි ඔස්සේ විකාශය වීම නිසා, රටටම එය දැක ගැනීමට හැකිවිය. එදා රට පුරා විරාභිවන්දනයක් ලෙස ශවේන්ද්‍ර සිල්වාගේ නම කියවෙන්නට විය. 2006 වසරේ අගෝස්තු 13 වෙනිදා, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ත්රස්තවාදීන් විසින් ‘සාම සාකච්ඡුා’ නිම කරමින්, මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ පිහිටා තිබූ හමුදා බංකර් වලින් අඩකට වඩා විනාශ කරමින්, එම ප්‍රදේශය අත්පත් කර ගන්නා ලදී. මෙම අවස්ථාවේ ලූතිනන් කර්නල් ශවේන්ද්‍ර සිල්වා සේවය කරමින් සිටියේ, දියතලාවේ පිහිටා තිබූ, යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණු පාසලේ අණදෙන නිලධාරියා ලෙසය. එවකට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් දියතලාවේ සිට ශවේන්ද්‍ර සිල්වා, මුහමාලේ වෙත ඍජුවම කැඳවා, ගුවන් සංක්‍රමණික බල සේනාධිපති තනතුර ලබාදෙමින් මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල යළිත් පිහිටුවීමේ වගකීම ශවේන්ද්‍ර ඇතුළු නිලධාරීහු සඳහා ලබා දුන්හ. හමුදා බංකර් පෙළ නැවත මුදා ගැනීමෙන් අනතුරුව, සැප්තැම්බර් 13 වැනිදා මුහමලේ එල්ටීටීඊ ඉදිරි ආරක්ෂක වළල්ල වෙත, රාත්‍රී ප්‍රහාරයක් එල්ල කරමින්, වසර හයක් එල්ටීටීඊය ආරක්ෂා කර ගෙන සිටි මායිම බිඳ දමන්නට ලූතිනන් කර්නල් ශවේන්ද්‍රගේ අණදීම යටතේ සිටි බලසේනාවෝ සමත් වූහ. මෙය එල්ටීටීඊයේ සන්ධිස්ථානිය පරාජයක් බවට පත්විය. පනස් අටේ සේනාංකාධිපති වන්නි මානුෂිය මෙහෙයුම ආරම්භ වීමෙන් පසු, 57 වෙනි සේනාංකයට පසුව ආරම්භ කරන ලද කාර්ය සාධක සේනා 1 හෙවත් පසුව 58 වෙනි සේනාංකය ලෙස හඳුන්වනු ලැබූ, සේනාංකය, ආරම්භ කර දින කිහිපයකින් පසු මන්නාරම ප්‍රදේශය සඳහා මෙහෙයුම් දියත් කිරීමට 58 වෙනි සේනාංකාධිපති ලෙස කර්නල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා කටයුතු කළේය. පොතේ ඇති ජ්‍යෙෂ්ඨත්වය නොව දක්ෂතා මත යුද හමුදාවේ තනතුරු සහ වගකීම් භාරදීමේ සරත් ෆොන්සේකා ක්‍රමවේදය අනුව එදා ශවේන්ද්‍ර සිල්වා වැනි නිලධාරීන්ගේ සේවය උපරිම අයුරින් ජාතියට ලබා ගන්නට හැකිවිය. වන්නි මානුෂිය මෙහෙයුම පුරාම හමුදාපති සරත් ෆොන්සේකා විසින් දියත් කරන ලද මෙම ‘පොතේ ජෙෂ්ඨත්වය නොව දක්ෂතාවය ප්රමුඛවේ’ යන ක්‍රමවේදය අනුව, අවසානයේදී ත්‍රස්තවාදය පරාජය කර දේශය නිදහස් කර ගැනීමට හමුදාවෝ සමත් වූහ. ශවේන්ද්‍ර සිල්වා යටතට යුද හමුදාවේ වික්‍රමාන්විත බල ඇණිය ලෙස හඳුන්වන කොමාන්ඩෝ රෙජිමේන්තුව ද සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා විසින් ලබා දුන්නේ වන්නි මානුෂිය මෙහෙයුමේ වැඩි වගකීමක් ශවේන්ද්‍ර වෙත ලබා දෙමිනි.. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom