Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටිහැටියේම 'වාෂ්පවන' මිනිසුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ජපානයේ 'වාෂ්ප' වෙන එක ඉතා ලේසියි," නකමොරි පැවසීය

සිය කැමැත්තෙන් 'වාෂ්පවන' මිනිසුන් පිළිබඳව ඔබ අසා තිබේ ද? එය පුදුමයට කරුණක් නොවේ. ඇතැම් මිනිස්සු හිතාමතා ම 'වාෂ්ප' වෙති.

තම රැකියාව, පවුල, දරුවන්, දෙමාපියන්, වත්කම් ආදී සියල්ල අතහැර ඔවුහු එක් රැයකින් සිය දෙවන ජීවිතයට ඇතුළු වෙති. යළි කිසිදා පළමු ජීවිතය දෙස හැරී නොබලති.

ජපානයේ මෙය හැඳින්වෙන්නේ 'ජෝහට්සු' නමිනි. එහි සිංහල අරුත 'වාෂ්පවීම' හෝ 'වාෂ්ප කිරීම' යන්නයි. යම් දෙයක් වාෂ්ප බවට පත්වී වායුගෝලයට එක්වීම ඉන් ගම්‍ය වේ.

මෙසේ වාෂ්ප වීමට තීරණය කළ මිනිසුන්ගේ වතගොත සොයාගැනීමට නොහැකිවනු ඇත.

"මම ඇසුරු කළ සියලු දෙනා සමඟ තිබූ බැඳීම් මට එපා වුනා. ඇඳුම් බෑග් එකත් එක්ක මම අතුරුදහන් වුණා," 42 හැවිරිදි සුගිමොටෝ පැවසීය.

"වෙන විදියකින් කියනවනම්, මම පලා ගියා."

ඔහු ජීවත් වූ පළාතේ හැමදෙනා ම පාහේ ඔහුව හඳුනති. ඊට හේතුව ඒ පළාතේ වූ ප්‍රධාන ව්‍යාපාරික පවුලකින් ඔහු පැවත ඒමයි. පවුලේ ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යාම ඔහුට පැවරුණි. එය ඔහුට මානසික පීඩාවක් බවට පත්විය.

සුගිමොටෝ හිටිගමන් අතුරුදහන් විය. ඔහු පිළිබඳ ආගිය තොරතුරක් කිසිවෙකුට සොයාගත නොහැකි විය.

හිතාමතා වාෂ්පවීමට අවශ්‍ය කෙනෙක් වේනම්, ඒ සඳහා අවශ්‍ය සියලුම දේ මෙම සමාගම් විසින් සපයනු ලැබේ

'වාෂ්පවීමට' (jouhatsu) හිත පොළඹවන හේතුසාධක විවිධාකාරය. ගොඩ එන්නට බැරි ණයබරක සිට ආදරයකින් තොර විවාහයක් දක්වා එය විහිද යා හැකිය.

හේතුව කුමක් වුවත්, ඔබට වාෂ්පවීමට අවශ්‍යනම් ඒ සඳහා උදව් කිරීමට සැදී පැහැදී සිටින සමාගම් ද වේ. මෙම සමාගම් විසින් කරනු ලබන මෙහෙයුම හැඳින්වෙන්නේ "රාත්‍රී සංචරණ" (night moving) සේවා යනුවෙනි. 'වාෂ්ප වීමේ' රහසිගතභාවය ඉන් ගම්‍ය වේ.

හිතාමතා අතුරුදහන් වීමට අවශ්‍ය කෙනෙක් වේනම්, ඒ සඳහා අවශ්‍ය සියලුම දේ මෙම සමාගම් විසින් සපයනු ලැබේ. තමන් සිටින ජීවිතයෙන් ඉවත් කොට අලුත් ජීවිතයක් ලබා දෙනු ලැබේ. රහසිගත ස්ථානයක අලුත් වාසස්ථානයක් ලබා දීම සිදු කෙරේ.

"සමහරු ධනාත්මක හේතු මත අලුත් ජීවිතයකට යනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයකට ඇතුළුවීම, අලුත් රැකියාවක්, විවාහයක් වගේ දේවල්. නමුත් දුක හිතෙන හේතුත් තියෙනවා. උදාහරණයක් හැටියට රැකියාව අහිමිවීම, විශ්වවිද්‍යාලයෙන් අසමත්වීම, යම් කෙනෙකුගේ බලහත්කාරකම් වැනි හේතු තියෙන්න පුළුවන්," ෂෝ හටෝරි පැවසීය. ඔහු 'රාත්‍රී සංචරණ' සේවා සපයන සමාගමක හිමිකරුවෙකි.

ඔහු එම සමාගම ස්ථාපනය කළේ 90 දශකයේ ය. ඒ, ජපානයේ ආර්ථිකය කඩාවැටුණු යුගයකි.

මුලදී ඔහු සිතුවේ, ජීවිතයෙන් පලා යාමට මිනිසුන් තීරණය කරන්නේ ආර්ථික හේතූන් මත ම පමණක් බවය. නමුත් 'සමාජීය හේතුන්' පවා ඊට පාදක වන බව නොබෝ දිනකින් ඔහුට වැටහුණි.

"අපි කළේ මිනිස්සුන්ට දෙවැනි ජීවිතයක් ජීවිතයක් ආරම්භ කිරීම සඳහා සහයෝගය දීමක්," ෂෝ හටෝරි ප්‍රකාශ කළේය.

ජෝහට්සු ('වාශ්පවීම') පිළිබඳව දශකයකට අධික කාලයක් පුරා අධ්‍යයනයක යෙදී සිටින හිරෝකි නකමොරි ජපානයේ සමාජ විද්‍යාඥයෙකි. ඔහු පවසන පරිදි හිතාමතා අතුරුදහන් වන මිනිසුන් හැඳින්වීමට ජෝහට්සු යන නාමය මුලින්ම භාවිතාකර ඇත්තේ හැටේ දශකයේ දීය.

දෙවැනි දිවිය

ජපානයේ දික්කසාද අනුපාතිකය ඉතා පහළ මට්ටමක පවතී. නීතියෙන් දික්කසාද වීම සඳහා පවතින දීර්ඝ නීතිමය ක්‍රියාවලියට පියවර තැබීමට වඩා තම බිරිඳ හෝ ස්වාමි පුරුෂයා අතහැර පලා යාම පහසු බව සමහරු තීරණය කරති.

අතුරුදහන් වූ පුද්ගලයන්ට පවා ස්වයංක්‍රිය ට්‍රෙලර් යන්ත්‍රවලින් තම ගිණුමේ පවතින මුදල් ලබාගත හැකිය

"ජපානයේ 'වාෂ්ප' වෙන එක ඉතා ලේසියි," නකමොරි පැවසීය.

ජපානයේ නීතිය අනුව පෞද්ගලිකත්වය දැඩි ලෙස ආරක්ෂා කෙරේ. අතුරුදහන් වූ පුද්ගලයන්ට පවා තම අනන්‍යතාවය හෙළිදරව් නොවන ආකාරයට ස්වයංක්‍රිය ට්‍රෙලර් යන්ත්‍රවලින් තම ගිණුමේ පවතින මුදල් ලබාගත හැකිය.

පලාගිය කෙනෙකු සටහන් වී ඇති බවට සැක කෙරෙන CCTV වීඩියෝ පටයක් නැරඹීමට පවුලේ සාමාජිකයන්ට ද නීතියෙන් අවසර නොමැත.

අපරාධයක් හෝ හදිසි අනතුරක් සිදුවී නොමැතිනම්, පලාගිය අයෙකු සෙවීමට පොලිසිය ද මැදිහත් නොවේ.

"පවුලේ අයට කරන්න පුළුවන් එකම දේ තමයි පෞද්ගලික රහස් පරීක්ෂකයෙකුට විශාල මුදලක් ගෙවල ඒ පුද්ගලයා සොයා ගැනීමට උත්සාහ කිරීම. නැත්නම්, ආපහු එනකල් බලාගෙන ඉන්න ඕන. එච්චරයි," නකමොරි පැහැදිලි කළේය.

'මට අදහාගන්න බැරි වුනා'

තමන් දැඩි ලෙස ආදරය කළ කෙනෙකුගේ පලායාම නිසා අනෙකාට ඇතිවන වේදනාව දරාගැනීම එතරම් පහසු නොවේ.

"මට අදහාගන්න බැරි වුනා," තනිවූ මවක් පැවසුවාය. ඇයගේ 22 හැවිරිදි පුත්‍රයා හිටිහැටියේම අතුරුදහන් විය. අදවන තුරු ආගිය තොරතුරක් නොදන්නීය.

"එයාට දෙපාරක්ම රස්සාව නැති වුනා. එයා අසමත් කියල හිතෙන්න ඇති. එයා ගොඩක් දුකින් ඉන්න ඇත්තේ," තම පුත්‍රයා ජීවත් වූ නිවස කරා රිය පදවාගෙන ගොස් ඔහු එනතුරු දින කීපයක් ම රිය තුළට ම වී මේ මව බලා සිටියාය. නමුත් ඔහු නැවත පැමිණියේ නැත.

පොලිසියෙන් සහයෝගයක් නොලැබුණු බව ඇය පවසයි. පොලිසිය පවසා ඇත්තේ මෙය දිවි නසා ගැනීමක් ලෙස සැක කරන්නේනම් පමණක් ඔවුනට මැදිහත්විය හැකි බවකි. නමුත් එවැන්නක් සනාථ කිරීම සඳහා කිසිදු ලියමනක් හෝ ලියා නොතිබුණු හෙයින් පොලිසියෙන් උදව්වක් ලැබී නැත.

"මම දන්නවා අපරාධකාරයෝ ඉන්න බව. තොරතුරු වැරදි විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේක අවශ්‍ය නීතියක් තමයි. නමුත් අපරාධකාරයන්ටයි, වංචාකාරයන්ටයි, තමන්ගේ දරුවා අහිමි වුණු දෙමාපියන්ටයි ඔක්කොටම සලකන්නේ එකම විදියට. තොරතුරු ආරක්ෂා කිරීමේ නීතිය යටතේ හැමෝම එක ගොඩට දානවා. මේක හරිද?" නම හෙළිකිරීමට අකමැති මේ මව පවසන්නීය.

"පවතින නීතිය යටතේ, අතේ සල්ලි නැති මට කරන්න පුළුවන් එකම දේ මළසිරුරක් හමු වෙලානම් ඒක මගේ පුතාගේද කියල ගිහින් බලන එක විතරයි. මට ඉතිරිවෙලා තියෙන්නේ එච්චරයි."

අතුරුදහන් වූවෝ

The police rarely help families searching for their loved ones

අතුරුදහන් වන්නන්ගේ සිතිවිල්ල මීටවඩා වෙනස්ය. පසුතැවිල්ල සහ දුක බොහෝ කාලයක් හිතේ දරාගෙන සිටින ඔවුහු ජීවිතයෙන් පලායාමට තීරණය කරති.

"මම විශාල වරදක් කළාය යන හැඟීම දිගටම මගේ හිතේ තිබුණා," තම බිරිඳ සහ දරුවන් හැර දමා ගිය ව්‍යාපාරික, සුගිමොටෝ පැවසීය.

"දැන් අවුරුද්දකින් විතර මම මගේ දරුවන් දැක්කේ නැහැ," තමන්ට ඇති එකම පසුතැවිල්ල දරුවන් තනිකර දමා යාමට සිදුවීම බව ඔහු පවසයි.

ටෝකියෝ නගරය ලොව විශාලතම නගරවලින් එකකි

සුගිමොටෝ දැන් ජීවත්වන්නේ ටෝකියෝ නුවරින් එපිට පලාතකය. 'රාත්‍රී සංචරණ' සේවය සැපයූ සමාගම ඔහුට නිවසක් සොයා දී ඇත. එහි අයිතිකාරිනිය සායිතා නමැති කාන්තාවකි.

ඇය ද 'වාෂ්ප වූ' (ජෝහට්සු) කාන්තාවකි. සායිතා 'වාෂ්ප' වූයේ මීට වසර 17කට පෙරය.

තම සහකරුවගෙන් ශාරීරික වදහිංසාවන්ට ලක් වීම නිසා ඇය 'අතුරුදහන්' වූවාය. "එක පැත්තකින් බැලුවොත්, මම දැනටත් අතුරුදහන් වූ කෙනෙක්," ඇය පැවසුවාය.

"එක එක වර්ගයේ ගනුදෙනුකරුවන් මට සිටිනවා. සමහර අය බරපතළ ලෙස ගෘහ ප්‍රචණ්ඩත්වයට ලක්වුණු උදවිය. සමහරු තමන්ගේ අභිමානය රැක ගන්න පලාගිය අය. එක්කෝ ආත්මාර්ථය උදෙසා. නමුත් මම ඔවුන් පිළිබඳව විනිශ්චයකට එළඹෙන්නේ නැහැ. මම කවදාවත් ඔවුන්ට කියන්නේ නැහැ, 'ඔබේ හේතුව ඒ තරම් බරපතළ නැහැ' කියල. එක එක්කෙනාගේ අරගල වෙනස්," සායිතා පැවසුවාය.

සුගිමොටෝ වැනි උදවියට තමන්ගේ අරගලය විසඳා ගැනීමට සායිතා ගේ සමාගම උපකාරී විය. එමගින් සුගිමොටෝ ට 'වාෂ්ප වන්නට' හැකිවූ බව නම් සැබවි. නමුත් තමන්ගේ වේදනාකාරී අතීතය සහමුලින්ම මතකයෙන් ඉවත් වී බවක් නම් නොපෙනේ.

"ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියල දන්නේ මගේ ලොකු පුතා විතරයි. එයාට වයස අවුරුදු 13යි. එයා මට කියපු වචන ටික තාමත් අමතක කරන්න බැහැ. එයා කිව්වා,' 'තාත්තා තීරණය කරන්නේ තාත්තගේ ජීවිතය ගැන. මට ඒක වෙනස් කරන්න අයිතියක් නැහැ.' කියල. එයා මට වඩා පරිනතයි වගේ නේද?"

(බ්රියාන් ලුෆ්කින් විසින් BBC Future අංශයට ලියන ලද ලිපියක් ඇසුරිනි)

[QUOTE="Ameesha2, post: 26669190, member: 356834"] [HEADING=2][/HEADING] [IMG alt="People crossing a street in Tokyo"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/121B9/production/_114396147_japon2.jpg[/IMG] "ජපානයේ 'වාෂ්ප' වෙන එක ඉතා ලේසියි," නකමොරි පැවසීය [B]සිය කැමැත්තෙන් 'වාෂ්පවන' මිනිසුන් පිළිබඳව ඔබ අසා තිබේ ද? එය පුදුමයට කරුණක් නොවේ. ඇතැම් මිනිස්සු හිතාමතා ම 'වාෂ්ප' වෙති.[/B] තම රැකියාව, පවුල, දරුවන්, දෙමාපියන්, වත්කම් ආදී සියල්ල අතහැර ඔවුහු එක් රැයකින් සිය දෙවන ජීවිතයට ඇතුළු වෙති. යළි කිසිදා පළමු ජීවිතය දෙස හැරී නොබලති. ජපානයේ මෙය හැඳින්වෙන්නේ 'ජෝහට්සු' නමිනි. එහි සිංහල අරුත 'වාෂ්පවීම' හෝ 'වාෂ්ප කිරීම' යන්නයි. යම් දෙයක් වාෂ්ප බවට පත්වී වායුගෝලයට එක්වීම ඉන් ගම්‍ය වේ. මෙසේ වාෂ්ප වීමට තීරණය කළ මිනිසුන්ගේ වතගොත සොයාගැනීමට නොහැකිවනු ඇත. "මම ඇසුරු කළ සියලු දෙනා සමඟ තිබූ බැඳීම් මට එපා වුනා. ඇඳුම් බෑග් එකත් එක්ක මම අතුරුදහන් වුණා," 42 හැවිරිදි සුගිමොටෝ පැවසීය. "වෙන විදියකින් කියනවනම්, මම පලා ගියා." ඔහු ජීවත් වූ පළාතේ හැමදෙනා ම පාහේ ඔහුව හඳුනති. ඊට හේතුව ඒ පළාතේ වූ ප්‍රධාන ව්‍යාපාරික පවුලකින් ඔහු පැවත ඒමයි. පවුලේ ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යාම ඔහුට පැවරුණි. එය ඔහුට මානසික පීඩාවක් බවට පත්විය. සුගිමොටෝ හිටිගමන් අතුරුදහන් විය. ඔහු පිළිබඳ ආගිය තොරතුරක් කිසිවෙකුට සොයාගත නොහැකි විය. [IMG alt="Streets in Japan"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/16FD9/production/_114396149_japon1.jpg[/IMG] හිතාමතා වාෂ්පවීමට අවශ්‍ය කෙනෙක් වේනම්, ඒ සඳහා අවශ්‍ය සියලුම දේ මෙම සමාගම් විසින් සපයනු ලැබේ 'වාෂ්පවීමට' (jouhatsu) හිත පොළඹවන හේතුසාධක විවිධාකාරය. ගොඩ එන්නට බැරි ණයබරක සිට ආදරයකින් තොර විවාහයක් දක්වා එය විහිද යා හැකිය. හේතුව කුමක් වුවත්, ඔබට වාෂ්පවීමට අවශ්‍යනම් ඒ සඳහා උදව් කිරීමට සැදී පැහැදී සිටින සමාගම් ද වේ. මෙම සමාගම් විසින් කරනු ලබන මෙහෙයුම හැඳින්වෙන්නේ "රාත්‍රී සංචරණ" (night moving) සේවා යනුවෙනි. 'වාෂ්ප වීමේ' රහසිගතභාවය ඉන් ගම්‍ය වේ. හිතාමතා අතුරුදහන් වීමට අවශ්‍ය කෙනෙක් වේනම්, ඒ සඳහා අවශ්‍ය සියලුම දේ මෙම සමාගම් විසින් සපයනු ලැබේ. තමන් සිටින ජීවිතයෙන් ඉවත් කොට අලුත් ජීවිතයක් ලබා දෙනු ලැබේ. රහසිගත ස්ථානයක අලුත් වාසස්ථානයක් ලබා දීම සිදු කෙරේ. "සමහරු ධනාත්මක හේතු මත අලුත් ජීවිතයකට යනවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයකට ඇතුළුවීම, අලුත් රැකියාවක්, විවාහයක් වගේ දේවල්. නමුත් දුක හිතෙන හේතුත් තියෙනවා. උදාහරණයක් හැටියට රැකියාව අහිමිවීම, විශ්වවිද්‍යාලයෙන් අසමත්වීම, යම් කෙනෙකුගේ බලහත්කාරකම් වැනි හේතු තියෙන්න පුළුවන්," ෂෝ හටෝරි පැවසීය. ඔහු 'රාත්‍රී සංචරණ' සේවා සපයන සමාගමක හිමිකරුවෙකි. ඔහු එම සමාගම ස්ථාපනය කළේ 90 දශකයේ ය. ඒ, ජපානයේ ආර්ථිකය කඩාවැටුණු යුගයකි. මුලදී ඔහු සිතුවේ, ජීවිතයෙන් පලා යාමට මිනිසුන් තීරණය කරන්නේ ආර්ථික හේතූන් මත ම පමණක් බවය. නමුත් 'සමාජීය හේතුන්' පවා ඊට පාදක වන බව නොබෝ දිනකින් ඔහුට වැටහුණි. "අපි කළේ මිනිස්සුන්ට දෙවැනි ජීවිතයක් ජීවිතයක් ආරම්භ කිරීම සඳහා සහයෝගය දීමක්," ෂෝ හටෝරි ප්‍රකාශ කළේය. ජෝහට්සු ('වාශ්පවීම') පිළිබඳව දශකයකට අධික කාලයක් පුරා අධ්‍යයනයක යෙදී සිටින හිරෝකි නකමොරි ජපානයේ සමාජ විද්‍යාඥයෙකි. ඔහු පවසන පරිදි හිතාමතා අතුරුදහන් වන මිනිසුන් හැඳින්වීමට ජෝහට්සු යන නාමය මුලින්ම භාවිතාකර ඇත්තේ හැටේ දශකයේ දීය. [HEADING=2]දෙවැනි දිවිය[/HEADING] ජපානයේ දික්කසාද අනුපාතිකය ඉතා පහළ මට්ටමක පවතී. නීතියෙන් දික්කසාද වීම සඳහා පවතින දීර්ඝ නීතිමය ක්‍රියාවලියට පියවර තැබීමට වඩා තම බිරිඳ හෝ ස්වාමි පුරුෂයා අතහැර පලා යාම පහසු බව සමහරු තීරණය කරති. [IMG alt="Woman withdrawing money from an ATM"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/3B41/production/_114396151_gettyimages-1190474653.jpg[/IMG] අතුරුදහන් වූ පුද්ගලයන්ට පවා ස්වයංක්‍රිය ට්‍රෙලර් යන්ත්‍රවලින් තම ගිණුමේ පවතින මුදල් ලබාගත හැකිය "ජපානයේ 'වාෂ්ප' වෙන එක ඉතා ලේසියි," නකමොරි පැවසීය. ජපානයේ නීතිය අනුව පෞද්ගලිකත්වය දැඩි ලෙස ආරක්ෂා කෙරේ. අතුරුදහන් වූ පුද්ගලයන්ට පවා තම අනන්‍යතාවය හෙළිදරව් නොවන ආකාරයට ස්වයංක්‍රිය ට්‍රෙලර් යන්ත්‍රවලින් තම ගිණුමේ පවතින මුදල් ලබාගත හැකිය. පලාගිය කෙනෙකු සටහන් වී ඇති බවට සැක කෙරෙන CCTV වීඩියෝ පටයක් නැරඹීමට පවුලේ සාමාජිකයන්ට ද නීතියෙන් අවසර නොමැත. අපරාධයක් හෝ හදිසි අනතුරක් සිදුවී නොමැතිනම්, පලාගිය අයෙකු සෙවීමට පොලිසිය ද මැදිහත් නොවේ. "පවුලේ අයට කරන්න පුළුවන් එකම දේ තමයි පෞද්ගලික රහස් පරීක්ෂකයෙකුට විශාල මුදලක් ගෙවල ඒ පුද්ගලයා සොයා ගැනීමට උත්සාහ කිරීම. නැත්නම්, ආපහු එනකල් බලාගෙන ඉන්න ඕන. එච්චරයි," නකමොරි පැහැදිලි කළේය. [HEADING=2]'මට අදහාගන්න බැරි වුනා'[/HEADING] තමන් දැඩි ලෙස ආදරය කළ කෙනෙකුගේ පලායාම නිසා අනෙකාට ඇතිවන වේදනාව දරාගැනීම එතරම් පහසු නොවේ. "මට අදහාගන්න බැරි වුනා," තනිවූ මවක් පැවසුවාය. ඇයගේ 22 හැවිරිදි පුත්‍රයා හිටිහැටියේම අතුරුදහන් විය. අදවන තුරු ආගිය තොරතුරක් නොදන්නීය. "එයාට දෙපාරක්ම රස්සාව නැති වුනා. එයා අසමත් කියල හිතෙන්න ඇති. එයා ගොඩක් දුකින් ඉන්න ඇත්තේ," තම පුත්‍රයා ජීවත් වූ නිවස කරා රිය පදවාගෙන ගොස් ඔහු එනතුරු දින කීපයක් ම රිය තුළට ම වී මේ මව බලා සිටියාය. නමුත් ඔහු නැවත පැමිණියේ නැත. පොලිසියෙන් සහයෝගයක් නොලැබුණු බව ඇය පවසයි. පොලිසිය පවසා ඇත්තේ මෙය දිවි නසා ගැනීමක් ලෙස සැක කරන්නේනම් පමණක් ඔවුනට මැදිහත්විය හැකි බවකි. නමුත් එවැන්නක් සනාථ කිරීම සඳහා කිසිදු ලියමනක් හෝ ලියා නොතිබුණු හෙයින් පොලිසියෙන් උදව්වක් ලැබී නැත. "මම දන්නවා අපරාධකාරයෝ ඉන්න බව. තොරතුරු වැරදි විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේක අවශ්‍ය නීතියක් තමයි. නමුත් අපරාධකාරයන්ටයි, වංචාකාරයන්ටයි, තමන්ගේ දරුවා අහිමි වුණු දෙමාපියන්ටයි ඔක්කොටම සලකන්නේ එකම විදියට. තොරතුරු ආරක්ෂා කිරීමේ නීතිය යටතේ හැමෝම එක ගොඩට දානවා. මේක හරිද?" නම හෙළිකිරීමට අකමැති මේ මව පවසන්නීය. "පවතින නීතිය යටතේ, අතේ සල්ලි නැති මට කරන්න පුළුවන් එකම දේ මළසිරුරක් හමු වෙලානම් ඒක මගේ පුතාගේද කියල ගිහින් බලන එක විතරයි. මට ඉතිරිවෙලා තියෙන්නේ එච්චරයි." [HEADING=2]අතුරුදහන් වූවෝ[/HEADING] [IMG alt="A woman in Tokyo"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/B071/production/_114396154_ba6c02ed-5d59-4ae8-89a8-3e6c721bae97.jpg[/IMG] The police rarely help families searching for their loved ones අතුරුදහන් වන්නන්ගේ සිතිවිල්ල මීටවඩා වෙනස්ය. පසුතැවිල්ල සහ දුක බොහෝ කාලයක් හිතේ දරාගෙන සිටින ඔවුහු ජීවිතයෙන් පලායාමට තීරණය කරති. "මම විශාල වරදක් කළාය යන හැඟීම දිගටම මගේ හිතේ තිබුණා," තම බිරිඳ සහ දරුවන් හැර දමා ගිය ව්‍යාපාරික, සුගිමොටෝ පැවසීය. "දැන් අවුරුද්දකින් විතර මම මගේ දරුවන් දැක්කේ නැහැ," තමන්ට ඇති එකම පසුතැවිල්ල දරුවන් තනිකර දමා යාමට සිදුවීම බව ඔහු පවසයි. [IMG alt="Tokyo"]https://ichef.bbci.co.uk/news/640/cpsprodpb/184F1/production/_114396599_gettyimages-1228234942.jpg[/IMG] ටෝකියෝ නගරය ලොව විශාලතම නගරවලින් එකකි සුගිමොටෝ දැන් ජීවත්වන්නේ ටෝකියෝ නුවරින් එපිට පලාතකය. 'රාත්‍රී සංචරණ' සේවය සැපයූ සමාගම ඔහුට නිවසක් සොයා දී ඇත. එහි අයිතිකාරිනිය සායිතා නමැති කාන්තාවකි. ඇය ද 'වාෂ්ප වූ' (ජෝහට්සු) කාන්තාවකි. සායිතා 'වාෂ්ප' වූයේ මීට වසර 17කට පෙරය. තම සහකරුවගෙන් ශාරීරික වදහිංසාවන්ට ලක් වීම නිසා ඇය 'අතුරුදහන්' වූවාය. "එක පැත්තකින් බැලුවොත්, මම දැනටත් අතුරුදහන් වූ කෙනෙක්," ඇය පැවසුවාය. "එක එක වර්ගයේ ගනුදෙනුකරුවන් මට සිටිනවා. සමහර අය බරපතළ ලෙස ගෘහ ප්‍රචණ්ඩත්වයට ලක්වුණු උදවිය. සමහරු තමන්ගේ අභිමානය රැක ගන්න පලාගිය අය. එක්කෝ ආත්මාර්ථය උදෙසා. නමුත් මම ඔවුන් පිළිබඳව විනිශ්චයකට එළඹෙන්නේ නැහැ. මම කවදාවත් ඔවුන්ට කියන්නේ නැහැ, 'ඔබේ හේතුව ඒ තරම් බරපතළ නැහැ' කියල. එක එක්කෙනාගේ අරගල වෙනස්," සායිතා පැවසුවාය. සුගිමොටෝ වැනි උදවියට තමන්ගේ අරගලය විසඳා ගැනීමට සායිතා ගේ සමාගම උපකාරී විය. එමගින් සුගිමොටෝ ට 'වාෂ්ප වන්නට' හැකිවූ බව නම් සැබවි. නමුත් තමන්ගේ වේදනාකාරී අතීතය සහමුලින්ම මතකයෙන් ඉවත් වී බවක් නම් නොපෙනේ. "ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියල දන්නේ මගේ ලොකු පුතා විතරයි. එයාට වයස අවුරුදු 13යි. එයා මට කියපු වචන ටික තාමත් අමතක කරන්න බැහැ. එයා කිව්වා,' 'තාත්තා තීරණය කරන්නේ තාත්තගේ ජීවිතය ගැන. මට ඒක වෙනස් කරන්න අයිතියක් නැහැ.' කියල. එයා මට වඩා පරිනතයි වගේ නේද?" (බ්රියාන් ලුෆ්කින් විසින් BBC Future අංශයට ලියන ලද ලිපියක් ඇසුරිනි) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom