Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Prison Break Season 3

තමා මරා දැමීම සඳහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකිවිය. පුත්තලම් පාරේ මස්කඩ කිහිපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පිටුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි.

කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මඟ පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තවදුරටත් තීන්දුවී තිබේ.

ශල්‍යකර්ම කිහිපයකට යොමු කිරීමෙන් පසු සුවය ලැබූ ‘මරු සිරා’ නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියේය. මරු සිරා සුවය ලබා අනුරාධපුර බන්ධනාගාරයේ සිටින බව ඇසීමම ප්‍රදේශය පුරා මහත් ආන්දෝලනය ගෙන දෙන සිදුවීමක් වූයේය.

අනුරාධපුර බන්ධනාගාරයට පහරදී සිරෙන් පැනයෑම පිළිබඳව චූදිතයන්ට විරුද්ධව අනුරාධපුර මහෙස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබුණේය. එම නඩුව විභාගය සඳහා මේ අතර දින නියම වූයේය. නඩු විභාගයට දින කිහිපයක් තබා සුමතිපාල අනුරාධපුර බන්ධනාගාරයට මාරු කරනු ලැබුවේය. නැවැතත් හිතුමතේ සුමතිපාල, මරු සිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රඳවන කොටසේ රඳවනු ලැබ සිටියහ. එය සුමතිපාලට මහත් සතුටට හේතුවක් වූයේ මරු සිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මෙලොවට පැමිණ සිටීම නිසාය.

නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබූහ. මරු සිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා මිරිසවැටියේ සිට උසාවිය දක්වා ගෙන එන සිරකරුවන් බැලීමට සමහරු මඟ රැක සිටියහ.

පලා යෑමේ නඩුවට අච්චු නියම කරන දිනයද පැමිණියේය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥානාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කළේය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලායෑම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළේය.

මේ අතර සිරිපාලගේ මිනීමැරුමේ නඩුවෙන් අනිවාර්යයෙන්ම මරණ දඬුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කළේය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැණෙන් පලා යා යුතුය. නැතහොත් අනිවාර්යයෙන්ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිවුඩය සුමතිපාලගේ කනේ තැබුවේය. ඔහු එක හෙළා ඊට කැමැත්ත පළ කළේය.

ඔවුන් සමඟ එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබඳ සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල නැත. ඇඟිලි අඩු සීමන්ට ඕනෑම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකිය.

සඳුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත්, සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහෙස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතුය.

එක සඳුදාවක සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබිණි. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරු සිරා ඇතුළු විශේෂ ගණයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යායුතු බැවින් එවැනි අවස්ථාවක අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පෞද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑමය. නිතර බන්ධනාගාරයට කැඳවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියේය. සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා ෙදාරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැංගේය. නඩු විභාග අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවැත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුර හිරෙන් පැන යෑමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඬුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව හෙට දිනට කල් ගියේය.

මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් ද සිදුවිය. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමඟ වෑන් රථයේ ඒම පිණිස නතරවී, රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැඟීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි.

සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කළේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විටය. ප්‍රථමයෙන් කළ යුතු වන්නේ දඹර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල අහිමි අත උල්කර මාංචුව පන්නා ගැනීමය. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම යාළුවා ආරම්භ කළේය. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණේය. සීමන්ගේ දෙඅත් මුළුමනින්ම නිදහස්ය. එහෙත් හඬ නොනැඟෙන සේ මාංචු එලෙසම තබා ගත්තේය.

ඉන්පසු දෙවැනි පියවර එළැඹියේය. එනම් ජේලර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීමයි. දක්ෂ පික්පොකට් කරු පියසේන අවස්ථාවක් බලා එය හරියටම කළේය. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරැඹියේය. යතුරු කුට්ටම හඬ නොනැඟෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතුය. මිනිත්තුවකටත් අඩු කාලයක් තුළ මාංචු ගැලවීම අවසන් වූයේය. දැන් මාංචු කුට්ටම් තුනම තිබෙන්නේ රබර් සීට් උඩ තුන්පළකය.

මල්වතු ඔය පාලම මතට පිවිසෙනවාත් සමඟ රියැදුරු 'ෂෙල්ටන්'ගේ ගෙල වටා අත්දැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තේය. කාරය පාලම් ඇන්දේ හැපී නතර වූයේය. මරු සිරා දුන් පහරින් වම් පස දොර ඇරී සාජන් මහතා පාරට වැටුණේය. වහා නැඟිට ගත් සාජන් මහතා රිපීටරය මරුසිරාට එල්ල කරනු දුටු හිතුමතේ වලහකු මෙන් ජේලර් වෙත කඩා පැන්න අතර දෙදෙනා පාලමේ ඇඳි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ අසීරුවෙනි. තුවක්කු උදුරා ගැනීම සඳහා ඔවුනොවුන් අතර බිහිසුණු සටනක් ඇරැඹුණේය.

සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තුවූ අතර ඉලක්කය වැරැදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදිණි. පසු නොබලා දුවමින් සිටි ෂෙල්ටන් වෙඩි හඬට හා වඳුරන්ගේ හඬට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කු සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසටම දිව එන සාජන් මහතා සහ ජේලර්ය. ඊළඟ මොහොතේ පැයට සැතපුම් 60ක වේගයෙන් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථයක් අනුරාධපුර ඇළදපත්තුව දෙසට ගමන් කරනු පෙනුණේය. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුණේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියේය. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් හිතුමතේ නොහොත් බී. ඩී. සුමතිපාලය.

මරු සිරා තවත් බිහිසුණු අපරාධකරුවන් තිදෙනකු සමඟ සිරෙන් පැනයෑම පසු දින පුවත්පත් මහ ඉහළින් වාර්තා කර තිබුණේය. මේ අසුබ ප්‍රවෘත්තියත් සමඟ රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවේය. මරු සිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිවය. ඔහුට මරණ දඩුවම නියම විය. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇලැපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළහ. එදින සන්ධ්‍යා භාගයේ ඔවුන් ප්‍රථමයෙන් කළේ වැවකට පැන සිත් සේ නාගැනීමය.

පසු දින මරු සිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියතිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ය. මරු සිරාගේ පපුවේ "මරුවා සමඟ වාසේ" යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමැති පච්ච කොටා ගත්තෝය.

සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ "හිතුමතේ" කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරු සිරා සිය අත්අකුරින් සුමතිපාලගෙ පපුවේ "හිතුමතේ" යනුවෙන් සලකුණු කළේය. පච්චා කොටන ඇන්ටනී එම අකුර සුමතිපාල ජීවත් වනතුරු නොමැකෙන්නට තහවුරු කළේය. එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ නැඟණියගේ නමත් බාහුවේ කෙටිය යුතු බවය. එයද ඒ අයුරින් ඉටුවිය. සුමතිපාලගේ බාහුවේ "කුසුමා ඔබ නිසා" යනුවෙන් කුඩා අකුරින් සටහන් කළේය.

යුද හුමදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තර කර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇලයාපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක්කළහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධ කිසිදු තොරතුරක් ලැබුණේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරි මහතා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ගවල රාත්‍රි කාලයේ තන්හි තන්හි යෙදවිණි. එම කණ්ඩායම්ද අනුරාධපුර අවට කැලෑ ප්‍රදේශවල හේන් යායවල සැරිසැරූහ. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබඳව කිසිදු ආරංචියක් පොලිසියට ලැබුණේ නැත.

දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කළ නොහඳුනන පුද්ගලයකු ගේ අතේ ඇඟිලි කිහිපයක් අඩු බවය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතා ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔවුහු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළහ. තරුණ පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් මහතාට මරුසිරාගේ වැඩකිඩ ගැන එතරම් දැනීමක් නොතිබූ අතර ඔහු මෙය සාමාන්‍ය රාජකාරී ගමනක් ලෙස සළකා තිබිණි.

මේ කණ්ඩායමට බලාපොරොත්තු නොවූ ලෙස කැළය මැද්දී අපරාධකරුවන් සිව් දෙනාගේ කල්ලිය මුහුණට මුහුණ හමු විය. මේ අවස්ථාවේ පලා යාම වෙනුවට පහර දීම තෝරාගත් මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දුන් අතර ඔහුගේ අතේ තිබී විසිවූ ස්වයංක්‍රීට ගිනි අවිය අහුලා ගන්නට පැන්නේය. නමුත් වහා ක්‍රියාත්මක වූ සිසිල් කාරියවසම් මහතා මරුසිරා මතට පැන පොරබදා ඔහු මෙල්ල කළේය. පොලිස් නිළධාරීන් හතර අතේ වෙඩි තබන්නට ගත් නිසා මරුසිරා බේරාගැනීම පසෙක තබා සෙස්සෝ පැන ගියහ. මරුසිරා ජීවග්රහයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිසේ විශාල ජයග්‍රහණයක් ලෙස ඔවුහු සැලකූහ.

පැය තුනක් පමණ කල්ගතවූ පසු පැරැණි වැව් බැම්මක් මතදී හිතුමතේ සහ ලයනල් නැවැත හමුවූහ. දින කීපයකට කලින් දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැඳෙන්නට ඔවුහු තීරණය කළහ. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති සුමතිපාල නොහොත් හිතුමතේ අල්ලා ගැනීම සඳහා ඔත්තු සපයන්න යැයිද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුණේය. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයට ආයුබෝවන් කියා පිටවී ගියේය. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කළ මිතුරාට උදවු වෙමින් හේනටම වී සිටියේය.

එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණියේය. හේන් කිහිපයක වට්ටක්කා පටවා ගත් ලොරිය කොළඹ යන්නට පිටත් විය. හිසේ ජටාවක් බැඳගත් හිතුමතේ වට්ටක්කා ගොඩේ වාඩිවී සිටියේය. ලොරිය උදෑසන කොළඹ බලා ගමන් කළේය.

කුරුණෑගල නගරයේදී හිතුමතේ වට්ටක්කා ලොරියට සමු දී බැස ගියේය. ඔහු සිරගෙදරදී හඳුනාගත් යහළුවකු වූ රත්නේ සොයා කටුපොත ගියේය. රත්නේ සමඟ දින කීපයක් ගත කළ ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු විය.

[QUOTE="yasas bandara, post: 16471206, member: 246044"] [CENTER][SIZE=4][COLOR=DarkRed]Prison Break Season 3[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Blue] තමා මරා දැමීම සඳහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකිවිය. පුත්තලම් පාරේ මස්කඩ කිහිපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පිටුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි. කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මඟ පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තවදුරටත් තීන්දුවී තිබේ. ශල්‍යකර්ම කිහිපයකට යොමු කිරීමෙන් පසු සුවය ලැබූ ‘මරු සිරා’ නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයට පැමිණියේය. මරු සිරා සුවය ලබා අනුරාධපුර බන්ධනාගාරයේ සිටින බව ඇසීමම ප්‍රදේශය පුරා මහත් ආන්දෝලනය ගෙන දෙන සිදුවීමක් වූයේය. අනුරාධපුර බන්ධනාගාරයට පහරදී සිරෙන් පැනයෑම පිළිබඳව චූදිතයන්ට විරුද්ධව අනුරාධපුර මහෙස්ත්‍රාත් උසාවියේ නඩු පවරා තිබුණේය. එම නඩුව විභාගය සඳහා මේ අතර දින නියම වූයේය. නඩු විභාගයට දින කිහිපයක් තබා සුමතිපාල අනුරාධපුර බන්ධනාගාරයට මාරු කරනු ලැබුවේය. නැවැතත් හිතුමතේ සුමතිපාල, මරු සිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රඳවන කොටසේ රඳවනු ලැබ සිටියහ. එය සුමතිපාලට මහත් සතුටට හේතුවක් වූයේ මරු සිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මෙලොවට පැමිණ සිටීම නිසාය. නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබූහ. මරු සිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා මිරිසවැටියේ සිට උසාවිය දක්වා ගෙන එන සිරකරුවන් බැලීමට සමහරු මඟ රැක සිටියහ. පලා යෑමේ නඩුවට අච්චු නියම කරන දිනයද පැමිණියේය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥානාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කළේය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලායෑම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළේය. මේ අතර සිරිපාලගේ මිනීමැරුමේ නඩුවෙන් අනිවාර්යයෙන්ම මරණ දඬුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කළේය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැණෙන් පලා යා යුතුය. නැතහොත් අනිවාර්යයෙන්ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිවුඩය සුමතිපාලගේ කනේ තැබුවේය. ඔහු එක හෙළා ඊට කැමැත්ත පළ කළේය. ඔවුන් සමඟ එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබඳ සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල නැත. ඇඟිලි අඩු සීමන්ට ඕනෑම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකිය. සඳුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත්, සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහෙස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතුය. එක සඳුදාවක සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබිණි. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරු සිරා ඇතුළු විශේෂ ගණයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යායුතු බැවින් එවැනි අවස්ථාවක අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පෞද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑමය. නිතර බන්ධනාගාරයට කැඳවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියේය. සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා ෙදාරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැංගේය. නඩු විභාග අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවැත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුර හිරෙන් පැන යෑමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඬුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව හෙට දිනට කල් ගියේය. මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් ද සිදුවිය. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමඟ වෑන් රථයේ ඒම පිණිස නතරවී, රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැඟීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි. සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කළේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විටය. ප්‍රථමයෙන් කළ යුතු වන්නේ දඹර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල අහිමි අත උල්කර මාංචුව පන්නා ගැනීමය. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම යාළුවා ආරම්භ කළේය. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණේය. සීමන්ගේ දෙඅත් මුළුමනින්ම නිදහස්ය. එහෙත් හඬ නොනැඟෙන සේ මාංචු එලෙසම තබා ගත්තේය. ඉන්පසු දෙවැනි පියවර එළැඹියේය. එනම් ජේලර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීමයි. දක්ෂ පික්පොකට් කරු පියසේන අවස්ථාවක් බලා එය හරියටම කළේය. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරැඹියේය. යතුරු කුට්ටම හඬ නොනැඟෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතුය. මිනිත්තුවකටත් අඩු කාලයක් තුළ මාංචු ගැලවීම අවසන් වූයේය. දැන් මාංචු කුට්ටම් තුනම තිබෙන්නේ රබර් සීට් උඩ තුන්පළකය. මල්වතු ඔය පාලම මතට පිවිසෙනවාත් සමඟ රියැදුරු 'ෂෙල්ටන්'ගේ ගෙල වටා අත්දැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තේය. කාරය පාලම් ඇන්දේ හැපී නතර වූයේය. මරු සිරා දුන් පහරින් වම් පස දොර ඇරී සාජන් මහතා පාරට වැටුණේය. වහා නැඟිට ගත් සාජන් මහතා රිපීටරය මරුසිරාට එල්ල කරනු දුටු හිතුමතේ වලහකු මෙන් ජේලර් වෙත කඩා පැන්න අතර දෙදෙනා පාලමේ ඇඳි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ අසීරුවෙනි. තුවක්කු උදුරා ගැනීම සඳහා ඔවුනොවුන් අතර බිහිසුණු සටනක් ඇරැඹුණේය. සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තුවූ අතර ඉලක්කය වැරැදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදිණි. පසු නොබලා දුවමින් සිටි ෂෙල්ටන් වෙඩි හඬට හා වඳුරන්ගේ හඬට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කු සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසටම දිව එන සාජන් මහතා සහ ජේලර්ය. ඊළඟ මොහොතේ පැයට සැතපුම් 60ක වේගයෙන් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථයක් අනුරාධපුර ඇළදපත්තුව දෙසට ගමන් කරනු පෙනුණේය. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුණේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියේය. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් හිතුමතේ නොහොත් බී. ඩී. සුමතිපාලය. මරු සිරා තවත් බිහිසුණු අපරාධකරුවන් තිදෙනකු සමඟ සිරෙන් පැනයෑම පසු දින පුවත්පත් මහ ඉහළින් වාර්තා කර තිබුණේය. මේ අසුබ ප්‍රවෘත්තියත් සමඟ රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවේය. මරු සිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිවය. ඔහුට මරණ දඩුවම නියම විය. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇලැපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළහ. එදින සන්ධ්‍යා භාගයේ ඔවුන් ප්‍රථමයෙන් කළේ වැවකට පැන සිත් සේ නාගැනීමය. පසු දින මරු සිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියතිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ය. මරු සිරාගේ පපුවේ "මරුවා සමඟ වාසේ" යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමැති පච්ච කොටා ගත්තෝය. සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ "හිතුමතේ" කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරු සිරා සිය අත්අකුරින් සුමතිපාලගෙ පපුවේ "හිතුමතේ" යනුවෙන් සලකුණු කළේය. පච්චා කොටන ඇන්ටනී එම අකුර සුමතිපාල ජීවත් වනතුරු නොමැකෙන්නට තහවුරු කළේය. එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ නැඟණියගේ නමත් බාහුවේ කෙටිය යුතු බවය. එයද ඒ අයුරින් ඉටුවිය. සුමතිපාලගේ බාහුවේ "කුසුමා ඔබ නිසා" යනුවෙන් කුඩා අකුරින් සටහන් කළේය. යුද හුමදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තර කර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇලයාපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක්කළහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධ කිසිදු තොරතුරක් ලැබුණේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරි මහතා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ගවල රාත්‍රි කාලයේ තන්හි තන්හි යෙදවිණි. එම කණ්ඩායම්ද අනුරාධපුර අවට කැලෑ ප්‍රදේශවල හේන් යායවල සැරිසැරූහ. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබඳව කිසිදු ආරංචියක් පොලිසියට ලැබුණේ නැත. දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කළ නොහඳුනන පුද්ගලයකු ගේ අතේ ඇඟිලි කිහිපයක් අඩු බවය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතා ගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔවුහු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළහ. තරුණ පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් මහතාට මරුසිරාගේ වැඩකිඩ ගැන එතරම් දැනීමක් නොතිබූ අතර ඔහු මෙය සාමාන්‍ය රාජකාරී ගමනක් ලෙස සළකා තිබිණි. මේ කණ්ඩායමට බලාපොරොත්තු නොවූ ලෙස කැළය මැද්දී අපරාධකරුවන් සිව් දෙනාගේ කල්ලිය මුහුණට මුහුණ හමු විය. මේ අවස්ථාවේ පලා යාම වෙනුවට පහර දීම තෝරාගත් මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දුන් අතර ඔහුගේ අතේ තිබී විසිවූ ස්වයංක්‍රීට ගිනි අවිය අහුලා ගන්නට පැන්නේය. නමුත් වහා ක්‍රියාත්මක වූ සිසිල් කාරියවසම් මහතා මරුසිරා මතට පැන පොරබදා ඔහු මෙල්ල කළේය. පොලිස් නිළධාරීන් හතර අතේ වෙඩි තබන්නට ගත් නිසා මරුසිරා බේරාගැනීම පසෙක තබා සෙස්සෝ පැන ගියහ. මරුසිරා ජීවග්රහයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිසේ විශාල ජයග්‍රහණයක් ලෙස ඔවුහු සැලකූහ. පැය තුනක් පමණ කල්ගතවූ පසු පැරැණි වැව් බැම්මක් මතදී හිතුමතේ සහ ලයනල් නැවැත හමුවූහ. දින කීපයකට කලින් දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැඳෙන්නට ඔවුහු තීරණය කළහ. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති සුමතිපාල නොහොත් හිතුමතේ අල්ලා ගැනීම සඳහා ඔත්තු සපයන්න යැයිද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුණේය. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයට ආයුබෝවන් කියා පිටවී ගියේය. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කළ මිතුරාට උදවු වෙමින් හේනටම වී සිටියේය. එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණියේය. හේන් කිහිපයක වට්ටක්කා පටවා ගත් ලොරිය කොළඹ යන්නට පිටත් විය. හිසේ ජටාවක් බැඳගත් හිතුමතේ වට්ටක්කා ගොඩේ වාඩිවී සිටියේය. ලොරිය උදෑසන කොළඹ බලා ගමන් කළේය. කුරුණෑගල නගරයේදී හිතුමතේ වට්ටක්කා ලොරියට සමු දී බැස ගියේය. ඔහු සිරගෙදරදී හඳුනාගත් යහළුවකු වූ රත්නේ සොයා කටුපොත ගියේය. රත්නේ සමඟ දින කීපයක් ගත කළ ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු විය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom