Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිනිපෙත්තේදී_මියගිය_තරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිනිපෙත්තේදී_මියගිය_තරු

ජනප්‍රියත්වයේ ඉහලින්ම වැජඹෙමින් සිටියදී අකාලයේ මරු තුරුළට ගිය නළු නිළියන් 9 දෙනෙක්

මේ ලෝකෙට කෙනෙක් ඉපදෙනවා නම් ඒ පුද්ගලයා අනිවා මිය යා යුතුමයි. කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙක මනුස්ස ජීවිතේ ගැන කවර කතාද? මේ පොදු මූලධර්මය ප්‍රසිද්ධ පුද්ගලයින්ටත් එක සේම බලපානවා. මිලියන ගණන්, කෝටි ගණන් රැස් කලත් ඔවුන් ඒ සියල්ලම කවදා හෝ දාලා යන බව කල්පනා කලාම හිතට හිස්කමක් දැනුනත්, “මේ තමා ජීවිතේ හැටි” කියලා සුසුමක් හෙලන්න පමණයි අපිට පුළුවන් වෙන්නේ.

ජීවිතයේ සැබෑ ස්වරූපය එහෙම උනත්, අපි කවුරුත් නිතර දෙවේලේ දකින, අපි ප්‍රිය කරන ජනප්‍රිය පුද්ගලයෙක්ට අකාලයේ මිය යන්න සිදු උනොත්? කල්පනා කරනකොටත් කම්පනයක් ඇතිවෙන මේ සිතුවිල්ල පහත අපි කියලා තිබෙන නළු නිළියන් සියලු දෙනාම ජීවිතයෙන් සමු ගන්නා විට ඔවුන්ගේ පවුලේ අය සහ රසික රසිකාවියන්ගේ සිත් වලට දැනෙන්න ඇති. නමුත් ඔවුන් සමුගෙන අවසානයි. මත්ද්‍රව්‍ය ලොල්වීම්, ඖෂධ අධි මාත්‍රා ගැනීම් සහ නොසිතූ අනතුරු වලින් ලෝකෙට අහිමි වුනු දක්ෂ නළු නිලියන් 9 දෙනෙක් ගැන තමයි අද අනිවා අපි ඔබට කියන්නට යන්නේ.

1. හීත් ලෙජර් (Heath Ledger)

හීත් ලෙජර් ඔස්ට්‍රේලියානුවෙක්. ඒ වගේම ඔහු අධ්‍යක්ෂකවරයෙක් වීමට සිහින මැවූ කෙනෙක්. නමුත් වයස 29 සපිරෙන්නට මාස කිහිපයක් තිබියදී ඔහු ජීවිතෙන් සමුගන්නේ ලෝකයේ සිනමා ලෝලීන්ගේ නෙතු අගට කඳුලක් එකතු කරමින්. ඔහු සිනමාවට පය තබන්නට පෙර ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ටෙලි තාරකාවක්. වසර 1999 දී “10 Things I Hate About You” චිත්‍රපටය තුලින් තමයි ඔහුගේ හොලිවුඩ් සිනමා ආගමනය සිදුවෙන්නේ. 1999 දී හොලිවුඩ් සිනමාවට පිවිසුනත් ඔහු අධ්‍යක්ෂකවරු පසුපස හඹා ගොස් චරිත ලබාගන්නේ නැහැ. මියයන විට චිත්‍රපට සුළු ප්‍රමාණයක පමණයි ඔහු රඟපා තිබෙන්නේ. ඒ අතරින් A Knight’s Tale, The Patriot, The Brothers Grimm, Brokeback Mountain, Casanova, The Dark Knight වගේ චිත්‍රපට වල ඔහු රඟපෑ පෑ චරිත සුවිශේෂී වෙනවා. ඒ වගේම ඔහු මෙතෙක් කලක් Batman කතා මාලාවේ සිටි හොඳම Joker බවට බොහෝ දෙනා විසින් සලකනු ලබනව. මෙසේ කෙටි කලකින් අතිශය ජනප්‍රියත්වයට පත්වූ හීත් ලෙජර් 2008 ජනවාරි 22 දා මෑන්හැටන් හී සිය නිවහනේදී පමණ ඉක්මවා මත්ද්‍රව්‍ය ගැනීම නිසා මෙලොවින් සමු ගන්නවා. ලෙජර්ගේ මරණයට පස්සෙ The Dark Knight හි ජෝකර් චරිතය රඟපෑම වෙනුවෙන් ඔහුට ඇකඩමි සම්මානයක්ද හිමි වෙනවා.

2. පිලිප් හොෆ්මන් (Phillip Seymour Hoffman)

චිත්‍රපට රාශියක රංගනයෙන් දායක වෙමින් සිය නාමය ඉහලෙන්ම වැජඹෙන කාලයක තමයි පිලිප් හොෆ්මන් නොසිතූ අයුරින් සමුගන්නෙ. ඇකඩමි සම්මානයක් සහ අනෙකුත් සම්මාන 80 කට අධික සංඛ්‍යාවක හිමිකරුවෙක් වෙන හොෆ්මන් සිය දායකත්වය ලබා දුන්නු චිත්‍රපට අතරේ Hunger Games, Capote, The Master, God’s Pocket වැනි චිත්‍රපට විශේෂිත වෙනවා. රසිකයින් සිය රංගනයෙන් පුදුමයට පත්කරවන තරම් හැකියාවක් තිබුණු මේ අපූරු රංගධරයා සාමාන්‍ය ජීවිතයේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බව දන්නා අය අල්පයි. 2014 පෙබරවාරි 02 දා, මේ විශිෂ්ට රංගධරයා සිය නිවහනේ නානකාමරයේ වැටී සිටියදී හමුවන විටත් මත්ද්‍රව්‍ය විෂවීමක් නිසා ඔහු ජීවිතය අතහැර ගොසින් සිටි බව සඳහන්.

3. පෝල් වෝකර් (Paul Walker)

ජීවිතයේ ස්වර්ණමය කාලය ගතකරමින් සිටින විට අනතුරකින් ජීවිතය අතහැර යාම තරම් දුකක් කෙනෙකුට තිබෙන්නට හැකිද? වයසින් අවුරුදු 40ක් වූ, නළුවෙකු වගේම මානව හිතවාදියෙක් වූ පෝල් චිත්‍රපට ක්ෂේත්රයට පැමිණෙන්නේ තමන්ගේ යොවුන් වියේදියි. She’s All That සහ Varsity Blues වැනි චිත්‍රපට වල සිට Fast and the Furious චිත්‍රපට පෙළ වගේම Vehicle 19, Takers, Hours, Brick Mansions, Pawn Shop Chronicles වැනි චිත්‍රපට වලටද රංගනයෙන් දායක වෙමින් නමක් තබන්නට පෝල් සමත් වෙනවා. 2013 නොවැම්බර් 30 වැනිදා කැලිෆෝර්නියාහි සිදුවූ දරුණු වාහන අනතුරකින් ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය සම්පුර්ණයෙන් ම ගින්නෙන් දැවී විනාශයට පත් වීම නිසා ජීවිතයෙන් සමුගන්නවා. ඒ වනවිටත් ඔහු එක් දරු පියෙක් බවත් සඳහන් වෙනවා.

4. මැරලින් මුන්රෝ (Marylin Monroe)

මෙතුවක් කාලයකට ජාත්‍යන්තර සිනමාවේ සුන්දරම නිලියන් ලැයිස්තු ගත කරන්නට කිවහොත් 60 දශකයේ ජීවිතයෙන් සමුගෙන ගිය මේ සුන්දර තාරකාව කිසිවෙකුට අමතක වෙන එකක් නැහැ. ඈ ඒ තරම්ම සුන්දරයි. Marilyn Monroe එහෙමත් නැතිනම් සත්‍ය නමින් හඳුන්වනවා නම් Norma Jeane Mortenson වන ඇය වෘත්තියෙන් නිළියක්, ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක්ද වෙනවා. 1947දී “Dangerous Years” චිත්‍රපටයෙන් රංගනයට පිවිසෙන මැරලින් එතැන් පටන් දිනෙන් දින ජනප්‍රියත්වයේ ඉහලටම නගිනවා. ඒ වගේම ඇගේ මධුර හඬ නිසා ගීත රාශියක්ද නිර්මාණය වනවා. ජනප්‍රිය නාමයන් කිහිපයක් සමගම සිය නම් සම්බන්ධ කරගත් මැරලින් මියයන අවස්ථාවේදී ඒ ජනප්‍රිය චරිත කිසිවෙක් ඈ වටා සිටියේ නැහැ. සිය අවසාන කාලයේ කෙතරම් ජනප්‍රිය වුවත් තනිකමින් සහ ආතතියෙන් පීඩා විඳි ඈ 1962 අගෝස්තු 5 වනදා Brentwood නිවහනේදී සයනය මතදී මත් පෙති අධිමාත්‍රාවක් ගැනීම නිසා මිය යනවා.

5. ජේම්ස් ඩීන් (James Dean)

පෝල් වෝකර් මෙන්ම ජේම්ස් ඩීන්ද අකාලයේ මිය යන්නේ රිය අනතුරක් නිසාවෙන්. මිය යනවිට වයස අවුරුදු 24ක් තරම් අඩු වයසක් වුනත් ටෙලි මාලා නාටක රැසක ඒ වන විටත් රඟපා සිටීම නිසා ජේම්ස් දරන්නේ ඉතා ඉහල ජනප්‍රියත්වයක්. East of Eden, Rebel Without a Cause, Giant ඇතුලු සිනමා නිර්මාණ කිහිපයක විතරක් රඟපාන ඩීන්, ඒ අල්ප වූ නිර්මාණ අතරෙත් අධික ජනප්‍රියත්වයක් උපයා ගන්නවා. වේගයෙන් රිය පැදවීම සහ රේසින් තරඟ වලට සහභාගී වීම සිය විනෝදාංශය ලෙස සැලකූ ඩීන් 1955 සැප්තැම්බර් 30 වනදා මෝටර් රථ අනතුරකින් සිය ජීවිතය අහිමි කරගන්නේ අවාසනාවන්ත ලෙසයි.

6. ඇන්ටන් යෙල්චින් (Anton Yelchin)

ඇන්ටන් යෙල්චින් කියන්නේ රුසියානු සම්භවයක් තිබෙන නළුවෙක්, ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ සිනමා සහ ටෙලි මාලා වල රඟන නළුවෙකු ලෙසයි. Smurfs, Terminator Salvation, Star Trek into Darkness, Alpha Dog වැනි චිත්‍රපට වලත් The Life & Times of Tim, Criminal Minds, Law & Order: Criminal Intent, Judging Amy වගේ ටෙලි මාලා වලත් යෙල්චින් සිය දක්ෂතා පෙන්වනු ලැබුවා.

වසර 2016 ජුනි මස 19 වන දා සිය ජීප් රථයෙන් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී පාලනය කර ගත නොහැකි වූ වාහනය මාර්ගයෙන් පසෙකට ඇදීයාම නිසා අනතුරට ලක්වීමෙන් තමයි යෙල්චින්ගේ මරණය සිදුවෙන්නේ. යෙල්චින්ගේ දෙමාපියන් වාහනය නිෂ්පාදනය කරන Fiat Chrysler සමාගමට ආරක්ෂාව සම්බන්ධයෙන් නඩු පවරන නමුත් අදාළ සමාගම පවසන්නේ ඇන්ටන් ගේ අපරික්ෂාකාරී රිය පැදවීම ඔහුගේ මරණයට හේතුව වූ බවයි.

7. බෲස් ලී (Bruce Lee)

අදටත් අපි චිත්‍රපටයක් බලනකොට, එය ආත්මාරක්ෂක සටන් සහිත එකක් නම් අපිට නිතැතින්ම මතකයට එන චරිතයක් සිටිනවා. ඒ තමයි බෲස් ලී. බෲස් තම සටන් පුහුණුවීම් ආරම්භ කරන්නේ තම මවුරට වන හොංකොං දේශයේදී. සිය පියා විසින් සිනමාවට හඳුන්වා දෙන බෲස්, චිත්‍රපට කිහිපයකම ළමා නළුවෙකු ලෙස රංගනයේ යෙදෙනවා. වසර 1970 ගණන් කියන්නේ බටහිර ලෝකයේ ආත්මාරක්ෂක සටන් කලාව පැතිරුණු යුගයයි. නළුවෙක් ලෙස මේ කාලයේදී බෲස් ට තිබුනේ ඉහල ඉල්ලුමක්. Game Of Death, Enter The Dragon, Big Boss, Way of the Dragon ආදී චිත්‍රපට රාශියක බෲස් පෙනී සිටිනවා.

බෲස්ගේ මරණය සිදුවෙන්නේ වසර 1973 දී. මරණය සිදුවූ දින සවස තමන්ට තද හිසේ රුදාවක් තිබෙන බවට බෘස් ලී පවසා තිබෙන අතර කිසිදු බෙහෙතක් නොගෙන වේදනා නාශක පමණක් ගෙන නින්දට ගියත් ඔහුට යලිත් මේ ලොව ආලෝකය දකින්නට වෙන්නේ නැහැ. 1973 ජුලි 20 වන දින මෙලොව හැර යන බෲස් ලීගේ මරණයට හේතුව ලෙස සඳහන් වෙන්නේ පමණ ඉක්මවා වේදනා නාශක ගැනීම නිසා වෙන මොළයේ ඉදිමීමක්. නමුත් බොහෝ දෙනා තවමත් බෲස් ලී ගේ මරණය අනතුරක් හෝ වෙන යම් කුමන්ත්‍රණයක් නිසා සිදුවුවක්ද කියන ප්රශ්නය නගනවා.

8. ජෝන් කැන්ඩි (John Candy)

උපතින් කැනේඩියානු වැසියෙක් වන ජෝන් වඩාත් ප්‍රසිද්ධියට පත් වෙන්නේ හොලිවුඩ් විකට රංගන ශිල්පියෙක් ලෙසයි. Canadian Bacon, Only the Lonely, Once Upon a Crime, Wagons East වැනි චිත්‍රපට ඔහුගේ නිර්මාණ අතරේ කැපී පෙනෙනවා.

1994 මාර්තු 4 වැනිදා කැන්ඩි සැරසී සිටින්නේ තමන්ගේ පවුලේ සාමාජිකයින් සිටින ලොස් ඇන්ජලීස් නගරය වෙත යාමටයි. නමුත් ඔහුගේ නොපැමිණීම නිසා ගුවන් සමාගමෙන් දුරකථන අමතුම් දුන්නත් ඔහු ඊට පිළිතුරු නොදීම නිසා ඔවුන් මේ ගැන පොලීසියට දැනුම් දෙනවා. එහිදී Wagons East රඟපෑම සඳහා නැවතී සිටීමට මෙක්සිකෝවෙන් කුලී පදනම මත ලබා ගන්නා නිවසේ නිදාගෙන සිටියදී පොලීසිය විසින් ඔහුව සොයාගෙන තිබෙනවා. නමුත් අවාසනාවට ඔහු ඒ වෙනවිටත් මිය ගිහින්. මිය යාමට හේතුව ලෙස පැවසෙන්නේ හදවත් ආබාධයකුයි. 43 වැනි වියේ පසුවූ මේ විකට නළුවා එවකට දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බව සඳහන් වෙනවා.

9. දිව්‍යා භාරතී (Divya Bharathi)

අඩු වයසින් මියගිය සිනමා නිළියන් ගැන මතක් කරනකොට නිතැතින්ම අපේ හිතට එන එක නමක් තිබෙනවා. ඒ තමයි දිව්‍යා භාරතී කියන්නේ. මිය යනවිට වයස අවුරුදු 19ක් වූ දිව්‍යා හට ඉරිසියා කරන්න හිතෙන තරමට ඈ රංගනයෙන් දස්කම් පෑවා. Deewana, Shola Aur Shabnam, Dushman Zamana, Aadmi, Andha Insaaf වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියකට ඈ රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා.

1992 දී දිව්‍යා චිත්‍රපට නිෂ්පාදක සජිඩ් නදියාවාලා සමඟ විවාහ වෙනවා. එයින් මාස කිහිපයකට පසුව තමයි දිව්‍යාගේ මරණය සිදුවන්නේ. 1993 අප්‍රියෙල් 05 වන දින සිය මහල් නිවාසයේ ජනේලයෙන් වැටී මියයන දිව්‍යාගේ මරණය සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ තවත් කිහිපදෙනෙක්ම චෝදනා ලබනවා. මේ නිසා මේ මරණය අනතුරක්ද, මිනීමැරුමක් ද යන්න තවමත් බොහෝ දෙනෙකුගේ මනසේ හොල්මන් කරනවා.

http://www.aniwa.lk/2017/06/26/1706263-actors-who-passed-in-their-peak/

[QUOTE="LANKAT, post: 22251460, member: 564023"] [b]හිනිපෙත්තේදී_මියගිය_තරු[/b] [SIZE="4"][CENTER][COLOR="DarkRed"][COLOR="Red"][SIZE="5"]ජනප්‍රියත්වයේ ඉහලින්ම වැජඹෙමින් සිටියදී අකාලයේ මරු තුරුළට ගිය නළු නිළියන් 9 දෙනෙක් [/SIZE][/COLOR] මේ ලෝකෙට කෙනෙක් ඉපදෙනවා නම් ඒ පුද්ගලයා අනිවා මිය යා යුතුමයි. කිසිම දෙයක් ස්ථිර නැති ලෝකෙක මනුස්ස ජීවිතේ ගැන කවර කතාද? මේ පොදු මූලධර්මය ප්‍රසිද්ධ පුද්ගලයින්ටත් එක සේම බලපානවා. මිලියන ගණන්, කෝටි ගණන් රැස් කලත් ඔවුන් ඒ සියල්ලම කවදා හෝ දාලා යන බව කල්පනා කලාම හිතට හිස්කමක් දැනුනත්, “මේ තමා ජීවිතේ හැටි” කියලා සුසුමක් හෙලන්න පමණයි අපිට පුළුවන් වෙන්නේ. ජීවිතයේ සැබෑ ස්වරූපය එහෙම උනත්, අපි කවුරුත් නිතර දෙවේලේ දකින, අපි ප්‍රිය කරන ජනප්‍රිය පුද්ගලයෙක්ට අකාලයේ මිය යන්න සිදු උනොත්? කල්පනා කරනකොටත් කම්පනයක් ඇතිවෙන මේ සිතුවිල්ල පහත අපි කියලා තිබෙන නළු නිළියන් සියලු දෙනාම ජීවිතයෙන් සමු ගන්නා විට ඔවුන්ගේ පවුලේ අය සහ රසික රසිකාවියන්ගේ සිත් වලට දැනෙන්න ඇති. නමුත් ඔවුන් සමුගෙන අවසානයි. මත්ද්‍රව්‍ය ලොල්වීම්, ඖෂධ අධි මාත්‍රා ගැනීම් සහ නොසිතූ අනතුරු වලින් ලෝකෙට අහිමි වුනු දක්ෂ නළු නිලියන් 9 දෙනෙක් ගැන තමයි අද අනිවා අපි ඔබට කියන්නට යන්නේ. [COLOR="red"]1. හීත් ලෙජර් (Heath Ledger)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-01.jpg[/IMG] හීත් ලෙජර් ඔස්ට්‍රේලියානුවෙක්. ඒ වගේම ඔහු අධ්‍යක්ෂකවරයෙක් වීමට සිහින මැවූ කෙනෙක්. නමුත් වයස 29 සපිරෙන්නට මාස කිහිපයක් තිබියදී ඔහු ජීවිතෙන් සමුගන්නේ ලෝකයේ සිනමා ලෝලීන්ගේ නෙතු අගට කඳුලක් එකතු කරමින්. ඔහු සිනමාවට පය තබන්නට පෙර ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ටෙලි තාරකාවක්. වසර 1999 දී “10 Things I Hate About You” චිත්‍රපටය තුලින් තමයි ඔහුගේ හොලිවුඩ් සිනමා ආගමනය සිදුවෙන්නේ. 1999 දී හොලිවුඩ් සිනමාවට පිවිසුනත් ඔහු අධ්‍යක්ෂකවරු පසුපස හඹා ගොස් චරිත ලබාගන්නේ නැහැ. මියයන විට චිත්‍රපට සුළු ප්‍රමාණයක පමණයි ඔහු රඟපා තිබෙන්නේ. ඒ අතරින් A Knight’s Tale, The Patriot, The Brothers Grimm, Brokeback Mountain, Casanova, The Dark Knight වගේ චිත්‍රපට වල ඔහු රඟපෑ පෑ චරිත සුවිශේෂී වෙනවා. ඒ වගේම ඔහු මෙතෙක් කලක් Batman කතා මාලාවේ සිටි හොඳම Joker බවට බොහෝ දෙනා විසින් සලකනු ලබනව. මෙසේ කෙටි කලකින් අතිශය ජනප්‍රියත්වයට පත්වූ හීත් ලෙජර් 2008 ජනවාරි 22 දා මෑන්හැටන් හී සිය නිවහනේදී පමණ ඉක්මවා මත්ද්‍රව්‍ය ගැනීම නිසා මෙලොවින් සමු ගන්නවා. ලෙජර්ගේ මරණයට පස්සෙ The Dark Knight හි ජෝකර් චරිතය රඟපෑම වෙනුවෙන් ඔහුට ඇකඩමි සම්මානයක්ද හිමි වෙනවා. [COLOR="red"]2. පිලිප් හොෆ්මන් (Phillip Seymour Hoffman)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-02.jpg[/IMG] චිත්‍රපට රාශියක රංගනයෙන් දායක වෙමින් සිය නාමය ඉහලෙන්ම වැජඹෙන කාලයක තමයි පිලිප් හොෆ්මන් නොසිතූ අයුරින් සමුගන්නෙ. ඇකඩමි සම්මානයක් සහ අනෙකුත් සම්මාන 80 කට අධික සංඛ්‍යාවක හිමිකරුවෙක් වෙන හොෆ්මන් සිය දායකත්වය ලබා දුන්නු චිත්‍රපට අතරේ Hunger Games, Capote, The Master, God’s Pocket වැනි චිත්‍රපට විශේෂිත වෙනවා. රසිකයින් සිය රංගනයෙන් පුදුමයට පත්කරවන තරම් හැකියාවක් තිබුණු මේ අපූරු රංගධරයා සාමාන්‍ය ජීවිතයේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බව දන්නා අය අල්පයි. 2014 පෙබරවාරි 02 දා, මේ විශිෂ්ට රංගධරයා සිය නිවහනේ නානකාමරයේ වැටී සිටියදී හමුවන විටත් මත්ද්‍රව්‍ය විෂවීමක් නිසා ඔහු ජීවිතය අතහැර ගොසින් සිටි බව සඳහන්. [COLOR="red"]3. පෝල් වෝකර් (Paul Walker)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-03.jpg[/IMG] ජීවිතයේ ස්වර්ණමය කාලය ගතකරමින් සිටින විට අනතුරකින් ජීවිතය අතහැර යාම තරම් දුකක් කෙනෙකුට තිබෙන්නට හැකිද? වයසින් අවුරුදු 40ක් වූ, නළුවෙකු වගේම මානව හිතවාදියෙක් වූ පෝල් චිත්‍රපට ක්ෂේත්රයට පැමිණෙන්නේ තමන්ගේ යොවුන් වියේදියි. She’s All That සහ Varsity Blues වැනි චිත්‍රපට වල සිට Fast and the Furious චිත්‍රපට පෙළ වගේම Vehicle 19, Takers, Hours, Brick Mansions, Pawn Shop Chronicles වැනි චිත්‍රපට වලටද රංගනයෙන් දායක වෙමින් නමක් තබන්නට පෝල් සමත් වෙනවා. 2013 නොවැම්බර් 30 වැනිදා කැලිෆෝර්නියාහි සිදුවූ දරුණු වාහන අනතුරකින් ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය සම්පුර්ණයෙන් ම ගින්නෙන් දැවී විනාශයට පත් වීම නිසා ජීවිතයෙන් සමුගන්නවා. ඒ වනවිටත් ඔහු එක් දරු පියෙක් බවත් සඳහන් වෙනවා. [COLOR="red"]4. මැරලින් මුන්රෝ (Marylin Monroe)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-04.jpg[/IMG] මෙතුවක් කාලයකට ජාත්‍යන්තර සිනමාවේ සුන්දරම නිලියන් ලැයිස්තු ගත කරන්නට කිවහොත් 60 දශකයේ ජීවිතයෙන් සමුගෙන ගිය මේ සුන්දර තාරකාව කිසිවෙකුට අමතක වෙන එකක් නැහැ. ඈ ඒ තරම්ම සුන්දරයි. Marilyn Monroe එහෙමත් නැතිනම් සත්‍ය නමින් හඳුන්වනවා නම් Norma Jeane Mortenson වන ඇය වෘත්තියෙන් නිළියක්, ගායිකාවක් වගේම නිරූපණ ශිල්පිනියක්ද වෙනවා. 1947දී “Dangerous Years” චිත්‍රපටයෙන් රංගනයට පිවිසෙන මැරලින් එතැන් පටන් දිනෙන් දින ජනප්‍රියත්වයේ ඉහලටම නගිනවා. ඒ වගේම ඇගේ මධුර හඬ නිසා ගීත රාශියක්ද නිර්මාණය වනවා. ජනප්‍රිය නාමයන් කිහිපයක් සමගම සිය නම් සම්බන්ධ කරගත් මැරලින් මියයන අවස්ථාවේදී ඒ ජනප්‍රිය චරිත කිසිවෙක් ඈ වටා සිටියේ නැහැ. සිය අවසාන කාලයේ කෙතරම් ජනප්‍රිය වුවත් තනිකමින් සහ ආතතියෙන් පීඩා විඳි ඈ 1962 අගෝස්තු 5 වනදා Brentwood නිවහනේදී සයනය මතදී මත් පෙති අධිමාත්‍රාවක් ගැනීම නිසා මිය යනවා. [COLOR="red"]5. ජේම්ස් ඩීන් (James Dean)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-05.jpg[/IMG] පෝල් වෝකර් මෙන්ම ජේම්ස් ඩීන්ද අකාලයේ මිය යන්නේ රිය අනතුරක් නිසාවෙන්. මිය යනවිට වයස අවුරුදු 24ක් තරම් අඩු වයසක් වුනත් ටෙලි මාලා නාටක රැසක ඒ වන විටත් රඟපා සිටීම නිසා ජේම්ස් දරන්නේ ඉතා ඉහල ජනප්‍රියත්වයක්. East of Eden, Rebel Without a Cause, Giant ඇතුලු සිනමා නිර්මාණ කිහිපයක විතරක් රඟපාන ඩීන්, ඒ අල්ප වූ නිර්මාණ අතරෙත් අධික ජනප්‍රියත්වයක් උපයා ගන්නවා. වේගයෙන් රිය පැදවීම සහ රේසින් තරඟ වලට සහභාගී වීම සිය විනෝදාංශය ලෙස සැලකූ ඩීන් 1955 සැප්තැම්බර් 30 වනදා මෝටර් රථ අනතුරකින් සිය ජීවිතය අහිමි කරගන්නේ අවාසනාවන්ත ලෙසයි. [COLOR="red"]6. ඇන්ටන් යෙල්චින් (Anton Yelchin)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-06.jpg[/IMG] ඇන්ටන් යෙල්චින් කියන්නේ රුසියානු සම්භවයක් තිබෙන නළුවෙක්, ඔහු වඩාත් ජනප්‍රිය වන්නේ සිනමා සහ ටෙලි මාලා වල රඟන නළුවෙකු ලෙසයි. Smurfs, Terminator Salvation, Star Trek into Darkness, Alpha Dog වැනි චිත්‍රපට වලත් The Life & Times of Tim, Criminal Minds, Law & Order: Criminal Intent, Judging Amy වගේ ටෙලි මාලා වලත් යෙල්චින් සිය දක්ෂතා පෙන්වනු ලැබුවා. වසර 2016 ජුනි මස 19 වන දා සිය ජීප් රථයෙන් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී පාලනය කර ගත නොහැකි වූ වාහනය මාර්ගයෙන් පසෙකට ඇදීයාම නිසා අනතුරට ලක්වීමෙන් තමයි යෙල්චින්ගේ මරණය සිදුවෙන්නේ. යෙල්චින්ගේ දෙමාපියන් වාහනය නිෂ්පාදනය කරන Fiat Chrysler සමාගමට ආරක්ෂාව සම්බන්ධයෙන් නඩු පවරන නමුත් අදාළ සමාගම පවසන්නේ ඇන්ටන් ගේ අපරික්ෂාකාරී රිය පැදවීම ඔහුගේ මරණයට හේතුව වූ බවයි. [COLOR="red"]7. බෲස් ලී (Bruce Lee)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-07.jpg[/IMG] අදටත් අපි චිත්‍රපටයක් බලනකොට, එය ආත්මාරක්ෂක සටන් සහිත එකක් නම් අපිට නිතැතින්ම මතකයට එන චරිතයක් සිටිනවා. ඒ තමයි බෲස් ලී. බෲස් තම සටන් පුහුණුවීම් ආරම්භ කරන්නේ තම මවුරට වන හොංකොං දේශයේදී. සිය පියා විසින් සිනමාවට හඳුන්වා දෙන බෲස්, චිත්‍රපට කිහිපයකම ළමා නළුවෙකු ලෙස රංගනයේ යෙදෙනවා. වසර 1970 ගණන් කියන්නේ බටහිර ලෝකයේ ආත්මාරක්ෂක සටන් කලාව පැතිරුණු යුගයයි. නළුවෙක් ලෙස මේ කාලයේදී බෲස් ට තිබුනේ ඉහල ඉල්ලුමක්. Game Of Death, Enter The Dragon, Big Boss, Way of the Dragon ආදී චිත්‍රපට රාශියක බෲස් පෙනී සිටිනවා. බෲස්ගේ මරණය සිදුවෙන්නේ වසර 1973 දී. මරණය සිදුවූ දින සවස තමන්ට තද හිසේ රුදාවක් තිබෙන බවට බෘස් ලී පවසා තිබෙන අතර කිසිදු බෙහෙතක් නොගෙන වේදනා නාශක පමණක් ගෙන නින්දට ගියත් ඔහුට යලිත් මේ ලොව ආලෝකය දකින්නට වෙන්නේ නැහැ. 1973 ජුලි 20 වන දින මෙලොව හැර යන බෲස් ලීගේ මරණයට හේතුව ලෙස සඳහන් වෙන්නේ පමණ ඉක්මවා වේදනා නාශක ගැනීම නිසා වෙන මොළයේ ඉදිමීමක්. නමුත් බොහෝ දෙනා තවමත් බෲස් ලී ගේ මරණය අනතුරක් හෝ වෙන යම් කුමන්ත්‍රණයක් නිසා සිදුවුවක්ද කියන ප්රශ්නය නගනවා. [COLOR="red"] 8. ජෝන් කැන්ඩි (John Candy)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-08.jpg[/IMG] උපතින් කැනේඩියානු වැසියෙක් වන ජෝන් වඩාත් ප්‍රසිද්ධියට පත් වෙන්නේ හොලිවුඩ් විකට රංගන ශිල්පියෙක් ලෙසයි. Canadian Bacon, Only the Lonely, Once Upon a Crime, Wagons East වැනි චිත්‍රපට ඔහුගේ නිර්මාණ අතරේ කැපී පෙනෙනවා. 1994 මාර්තු 4 වැනිදා කැන්ඩි සැරසී සිටින්නේ තමන්ගේ පවුලේ සාමාජිකයින් සිටින ලොස් ඇන්ජලීස් නගරය වෙත යාමටයි. නමුත් ඔහුගේ නොපැමිණීම නිසා ගුවන් සමාගමෙන් දුරකථන අමතුම් දුන්නත් ඔහු ඊට පිළිතුරු නොදීම නිසා ඔවුන් මේ ගැන පොලීසියට දැනුම් දෙනවා. එහිදී Wagons East රඟපෑම සඳහා නැවතී සිටීමට මෙක්සිකෝවෙන් කුලී පදනම මත ලබා ගන්නා නිවසේ නිදාගෙන සිටියදී පොලීසිය විසින් ඔහුව සොයාගෙන තිබෙනවා. නමුත් අවාසනාවට ඔහු ඒ වෙනවිටත් මිය ගිහින්. මිය යාමට හේතුව ලෙස පැවසෙන්නේ හදවත් ආබාධයකුයි. 43 වැනි වියේ පසුවූ මේ විකට නළුවා එවකට දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බව සඳහන් වෙනවා. [COLOR="red"] 9. දිව්‍යා භාරතී (Divya Bharathi)[/COLOR] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Actors-Who-Passed-in-aniwa-09.jpg[/IMG] අඩු වයසින් මියගිය සිනමා නිළියන් ගැන මතක් කරනකොට නිතැතින්ම අපේ හිතට එන එක නමක් තිබෙනවා. ඒ තමයි දිව්‍යා භාරතී කියන්නේ. මිය යනවිට වයස අවුරුදු 19ක් වූ දිව්‍යා හට ඉරිසියා කරන්න හිතෙන තරමට ඈ රංගනයෙන් දස්කම් පෑවා. Deewana, Shola Aur Shabnam, Dushman Zamana, Aadmi, Andha Insaaf වැනි ජනප්‍රිය චිත්‍රපට රාශියකට ඈ රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා. 1992 දී දිව්‍යා චිත්‍රපට නිෂ්පාදක සජිඩ් නදියාවාලා සමඟ විවාහ වෙනවා. එයින් මාස කිහිපයකට පසුව තමයි දිව්‍යාගේ මරණය සිදුවන්නේ. 1993 අප්‍රියෙල් 05 වන දින සිය මහල් නිවාසයේ ජනේලයෙන් වැටී මියයන දිව්‍යාගේ මරණය සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ තවත් කිහිපදෙනෙක්ම චෝදනා ලබනවා. මේ නිසා මේ මරණය අනතුරක්ද, මිනීමැරුමක් ද යන්න තවමත් බොහෝ දෙනෙකුගේ මනසේ හොල්මන් කරනවා.[/COLOR][/CENTER][/SIZE] [url]http://www.aniwa.lk/2017/06/26/1706263-actors-who-passed-in-their-peak/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom