Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
හිමිකරුවන්ට ශාපයක් වූ හෝප් දියමන්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශන ශාලාවක අගනා දියමන්ති මාලයක් තැන්පත් කොට ඇත්තේ වෙඩි නොවදින වීදුරු වලින් නිම වූ විශේෂිත අල්මාරියකය. පිටත ආලෝකය පරදවා බැබලෙන මෙය ලොව ඉමහත් ප්‍රසිද්ධියට ලක්ව ඇති, එමෙන්ම අයිතිකරුවන්ට මරණීය අපල ගෙන දුන් අසුබ දියමන්තියකි. එය නම් කොට ඇත්තේ හෝප් දියමන්තිය ලෙසිනි. වසර 300කට වැඩි ඉතිහාසයක් ඇති හෝප් දියමන්තිය ගැන අසුභවාදී කතා බොහොමයකි. මෙහි ඉතිහාසය පුරාවටම එක් අයිතිකරුවෙකු හැරෙන්නට අන් සියලු දෙනාටම වේදනාත්මක අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදු විය.

[ATTACH=full]97078[/ATTACH]

ලුවී රජුගේ ස්වර්ණාභරණ වෙළඳාම

හෝප් දියමන්තිය කැරට් 44.5කින් යුක්ත වුවත්, ඔපදැමීමට පෙර කැරට් 122.5ක් වූ බව කියැවේ. යුරෝපයේ රජුන් අතරත් රජෙකු ලෙස විසූ 14 වැනි ලුවීගේ (1638 -1715) සමයේ දී ප්‍රංශය සියලු රාජ්‍ය අභිබවා වැජඹුණි. බින් ජස්ටිස් ටවර්නියර් එකල ප්‍රංශයේ සිටි ප්රමුඛ පෙළේ ස්වර්ණාභරණ වෙළෙන්දකු විය. ඔහුගේ ස්වර්ණාභරණ වෙළදාම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රකට විය. ඉන්දියාවේ මහාරාජාවරුන් ද ඔහුගේ පාරිභෝගිකයන් අතර විය.

1668 දී ප්‍රංශය වෙත පැමිණි ටවනියර් සතුව එකල වටිනාකම අනුව ඩොලර් 330 000ක් වටිනා ස්වර්ණාභරණ තිබුණි. මේ අතර කැරට් 122.5කින් යුත් හෝප් දියමන්තිය ද විය. මෙම දියමන්තිය මිල දී ගත් 14 වැනි ලුවී රජු එය “ඔටුන්නේ නිල දියමන්තිය” වශයෙන් නම් කළේ ය. එවකට ඉන්දියානු ක්‍රමයට රළු ලෙස දියමන්තිය කපා තිබූ අන්දම රජුගේ සිත් නොගත් නිසා, නැවත හදවතක හැඩයට එය කපා ඔප මට්ටම් කරන ලදුයෙන් කැරට් 67.5කින් යුක්ත විය.

මෙම දියමන්තිය ඉන්දියාවේ හින්දු දේවස්ථානයකින් සොරාගත් එකක්දැයි යන මතයක් පැවතුණු නමුත් එය ඔප්පු කිරීමක් මෙතෙක් සිදු වී නැත. මෙය අත්කර ගැනීමෙන් පසු ලුවී රජුගේ කල දවස නරක අතට හැරුණෙන් එම දියමන්තිය හිමිව තිබූ දේවස්ථානයේ දෙවියන්ගේ ශාපය වැදීම නිසා එසේ සිදු වූ බවට විශ්වාස කෙරුණි. ඒ අතරම ඔටුන්නට හිමිකම් කියූ රජුගේ ඉතාම සිත් ගත් මුණුපුරා වූ ඩක් ඩිබෝහෙන්ති කුමරුවාගේ මරණය ද සිදුවිය. තව ද ලුවී රජු යුද්ධ බිමේ දී ලබා තිබූ ජගත් කීර්තිය ඊට පසුව පැවති යුද්ධ වල දී බොඳ වී යන්නට විය. බොහෝ කලක් අනියම් බිරිඳව සිටී ඩීමෙන් ටෙන්ට් ආර්යාව විවාහකොට ගත් පසු තත්ත්වය තවත් නරක අතට හැරෙන්නට විය. මේ අතර අසන්නට ලැබුණු තවත් අසුබ ආරංචියක් වූයේ රජතුමා හට දියමන්තිය අලෙවි කළ ටවර්නියර් රුසියාවේ වනාන්තරයක දී වෘකයෙකුට ගොදුරු වීමෙන් අකාලයේ මරු වැළඳ ගත් බව යි.

[ATTACH=full]97079[/ATTACH]

ලුවී රජුගේ රාජකීය නිල දියමන්තිය

ප්‍රංශ අධිරාජ්‍යයාව සිටි 16 වන ලුවී රජුගේ කාලයේ දී රජයේ මෙම දියමන්තිය ප්‍රංශයේ ‘නිල දියමන්තිය’ ලෙස නම් කෙරුණි. එම රජුගේ බිසව වූ මාරි ඇන්ටනට් බිසව මෙම දියමන්තිය පැළඳීමට ඉතා ආශා කළාය. සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ ඇය ප්‍රංශ විප්ලවයේ දී ගිලටිනය හරහා මාරු දුටුවා ය. 1790 වසරේ විප්ලවයේ අතරතුරේ රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකනු ලැබීමත් සමග මෙම දියමන්තිය අතුරුදහන් විය. පුරා වසර හතළිහක් තුළ මෙම දියමන්තියට සිදුවූයේ කුමක් ද යන්න ගැන කිසිවෙකුත් දැන සිටියේ නැත.

1830 දී ගොයා නමැති චිත්‍ර ශිල්පියා විසින් චිත්‍රයට නැගූ, ස්පාඤ්ඤයේ මේරි ලුසියා රැජින පැළඳ සිටි දියමන්ති මාලයට අවධානය යොමුවන්නේ ඒ අතරේ යි. එය ප්‍රංශ දියමන්තියට බොහෝ සෙයින් සමාන වූයේ ය. පසුව කරන ලද පරීක්ෂණ වලින් එය එම දියමන්තිය බව හඳුනාගැනිණි. මෙය ස්පාඤ්ඤ රජ පවුලට අයත්වූයේ ප්‍රංශ රාජ පාක්ෂිකයින් විසින් රහසින් සඟවාගෙන යෑම නිසාය යන්න එක් මතයකි. අනෙක් මතය වන්නේ ප්‍රංශ මාළිගය වෙත කඩාවැදුණු විප්ලවවාදීන් විසින් සොරාගනු ලදුව, එය ස්පාඤ්ඤ රජ පවුලට විකුණා දැමීය යන්න යි. ඉන්පසු එය අද දක්නට ඇති අන්දමට කපා ඔපදම්මවා ඇත. එය දියමන්තිය සඳහා ප්‍රංශයට අයිතිවාසිකමක් කීමට නොහැකිවීමට කරන ලද උපක්‍රමයක් බවත් කියැවේ. මෙම දියමන්තියට ඉතා ආශා කළ දියමන්ති ඔපදමන්නාගේ පුතා විසින් ඔහුව මරා, දියමන්තිය සොරාගෙන ලන්ඩනයට පැන ගිය නමුත් එහි දී සියදිවි හානි කරගෙන ඇත.

[ATTACH=full]97080[/ATTACH]

නොනැවතුණු මරණ

රීක වෙලෙන්දෙකු වූ සයිමන් මොන්චරයිඩ්ස්ට පසුව දියමන්තිය අයිති විය. ඔහු තම මෝටර් රථය ප්‍රපාතයකට පැදවීමෙන් ඔහුත්, බිරිඳ සහ දරුවාත් මරුමුවට පත්විය.

වසර කිහිපයකට පසු දියමන්තිය මිළට ගත්තේ මැණික් එකතු කරන්නෙකු වූ හෙන්රි පිලිප් හෝප් නමැත්තා විසින් ඩොලර් 90,000කට ය. ඔහු එය ‘හෝප් දියමන්තිය’ වශයෙන් නම් කළේ ය. එතැන් පටන් අද දක්වා දියමන්තිය එම නමින් හැඳින්වෙයි. හෙන්රි හෝප් ඔහුගේ එකම පුතාගේ මරණය ඇතුළුව අවාසනාවන්ත සිදුවීම් රාශියකට ගොදුරු වන අතර සෘජු උරුමක් නොමැතිව 1839 දී මිය ගියේය.

හෝප් මියගිය ඉන්පසුව එහි අයිතිකරුවන් වූයේ හෙන්රි තෝමස් නමින් යුතු ඔහුගේ බෑණනුවන් කෙනකු හා ලෝර්ඩ් ෆ්‍රැන්සිස් හෝප් ය. ඔවුන් ව්‍යාපාරවල දැඩි මූල්‍ය පාඩු ලබා ජීවිත අපේක්ෂාවෙන් තොරව කල් ගෙවූ බවත් පසුව හෝප් දියමන්තිය විකුණා ණය ගෙවූ බවත් සඳහන් වේ. 1901 දී ෆ්‍රැන්සිස් හෝප් මිය ගොස් තිබුණේ දිළින්දෙකු ලෙසයි. 1851 දී ක්‍රිස්ටන් පැලස් ප්‍රදර්ශනාගාරයේ එය ප්‍රදර්ශනයට තබා තිබුණත්, ඒ වන විටත් එම දියමන්තියේ අසුබ ඵල පිළිබඳ කතා පැතිර ගොස් තිබුණු නිසා එය මිලට ගැනීමට කිසිවකු ඉදිරිපත් වූ බවක් සඳහන් නොවේ. දහනම වැනි සියවස අවසානයේ දී ජැකිඋසෙට් නමැති වෙළෙන්දෙකු විසින් එය මිලට ගනු ලැබූ අතර වැඩි කලක් නොගොස් ඔහු ද සියදිවි හානිකර ගත්තේය.

පසුව හෝප් දියමන්තිය මිල දී ගත් කැනිටොවුස්සා නම් රුසියන් ජාතිකයා පිහියා ඇනුම් කා මිය ගියේ ය. මීළඟ අයිතිකරු වූ හවේස් බේ නමැත්තා ජිබ්රෝල්ටාවේ දී බෝට්ටු අනතුරකින් මුළු පවුලත් සමග මරණයට පත්විය. දියමන්තිය පසුව සීමන්ඩ් මොන්තාරිඩ් නමැති තැනැත්තා විසින් මිල දී ගෙන තුර්කි සුල්තාන්වරයාව සිටි දෙවැනි අබ්දුල් හමීඩ්ට විකුණන ලදී. මෙයින් ලැබුණු මුදල් ගණිමින් සිටි අතරතුරේ බිරිඳ හා පුතුගේ ඇවටිල්ලට විනෝද ගමනක් යෑමට පිටත් වූ ඔවුන්ගේ මරණය මෝටර් රථ අනතුරකින් සිදුවිය. සුල්තාන්වරයාව තරුණ තුර්කි සංවිධානය මඟින් 1909 දී බලයෙන් පහ කෙරුණි.

හෝප් දියමන්තිය නැවතත් පැරීසියට ගියේ ය. පැරීසියේ විසූ පියෑර් කාටියර් නමැති ස්වර්ණාභරණ වෙළෙන්දා මෙවර එහි අයිතිකරු විය. දියමන්තිය නිසා කිසිදු අයහපතක් හෝ අවාසනාවකට මුහුණ නොදුන් තැනැත්තෙකු වශයෙන් කාටියර් ප්‍රසිද්ධ ය.

වොෂින්ටන්හි එව්ලින් වොල්ෂ් මැක්ලින් මැතිනිය මෙම දියමන්තිය මිලට ගත්තෙන් එය ඇමෙරිකාවට සේන්දු වූයේ ය. එව්ලින් මැතිණිය සුප්‍රකට ආකර හිමියෙකු හා ධනවතෙකු වූ එප් වොලෂ්ගේ දියණියක් වූ අතර ඇගේ පුරුෂයා පුවත්පත් හිමිකරුවෙකු විය. ඩොලර් 154,000කට එව්ලින් මැතිනිය මෙය මිලදී ගත් අතර, වසරකට මෙම දියමන්ති මාලය රක්ෂණයට සහ ආරක්ෂාවට ඩොලර් 24,000ක් වැය කිරීමට සිදුවනු ඇතැයි පුවත්පත් මගින් අනාවරණය කර තිබුණි.

හෝප් දියමන්තිය හිමිකාරිය වීමෙන් පසු මුලින් එව්ලින් වොල්ෂ් මැක්ලින් මැතිනියට අවාසනාවන්ත සිදුවීම් වැලකට මුහුණ දෙන්නට සිදුවිය. 1918 දී කෙන්ටකි බර්ඩ්හි ඇය සංචාරයක නිරත වෙද්දී සිය ආරක්ෂාවට යොදවා තිබුණු භටයින්ට රහසේ පාරට පැන දිවූ ඇගේ අට හැවිරිදි පුත්‍රයා එකෙනෙහිම මෝටර් රථයක ගැටී මරණයට පත්විය. ඇගේ දියණිය නිදිපෙති වැඩිපුර ගෙන සියදිවි නසාගත්තා ය. මත්පැනට ගිජු වූ ඇගේ පුරුෂයා තම ව්‍යාපාර කටයුතු අඩාල කරගෙන මානසික රෝගියෙකු බවට පත්ව, 1941 දී අකාලයේ මිය ගිය අතර 1947 දී වොල්ෂ් මැක්ලින් මැතිනිය ගේ මරණය සිදුවිය.

[ATTACH=full]97081[/ATTACH]

මාරි ඇන්ටනට් බිසව

[ATTACH=full]97082[/ATTACH]

හෙන්රි පිලිප් හෝප්

එව්ලින් වොල්ෂ් මැක්ලින් මැතිනිය

වසර නවයක් ලොව වටා

1947 දී ඇමෙරිකානු ස්වර්ණාභරණ වෙළෙන්දකු වූ හැරී වින්ස්ටන් හෝප් දියමන්තිය තම ස්වර්ණාභරණ එකතුවට එක් කොට ගත්තේය. මේ වන විට මෙහි වටිනාකම ඩොලර් මිලියන 1.1කි. 1948 සිට 1957 දක්වා වසර 9ක් තුළ ලොව වටා සැතපුම් 400000ක් ගමන් කොට ඇති බව වාර්තා වන මෙය මිලියන පහකට වැඩි පිරිසක් විසින් නරඹනු ලැබීය. මෙම ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියනයකට වැඩි ප්‍රමාණයක් උපයාගත් වින්ස්ටන්, එම මුළු මුදලම පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට වග බලා ගත්තේ ශාපයෙන් ගැලවීම සඳහා විය හැක.

මෙම දියමන්තියේ අසුබ ඵල ගැන ඇති දිගු ඉතිහාසය මැනවින් දැන සිටි හෙතෙම 1957 දී ස්මිත්සෝනියන් ආයතනය සමග සාකච්ඡා පවත්වා එය එම ආයතනයට පරිත්‍යාග කිරීමට කැමැත්ත පල කර සිටියේ ය. ඔහුට අවශ්‍ය වූයේ ලන්ඩන් ටවර්හි තැන්පත්කර ඇති රාජකීය ස්වර්ණාභරණ වලට මෙන්ම හෝප් දියමන්තියට ද මහත් ප්‍රසිද්ධියක් ලබා දීමට යි. 1958 නොවැම්බර් 8වැනි දින නිල් දියමන්තිය හොඳින් ආවරණය කළ පෙට්ටියකට බහාලීමෙන් පසු ස්මිත්සෝනියන් ආයතනය වෙත යවන ලදී. මේ සඳහා ගුවන් ගාස්තු වශයෙන් ඩොලර් 145.29ක් හැරී වින්ස්ටන් හට වැය වූ අතර දියමන්තිය ඩොලර් මිලියනයකට රක්ෂණය කර තිබුණි. ඔහු දියමන්තියේ ශාපයේ තර්ජනයෙන් බේරීමට සමත් තවත් එක් පුද්ගලයෙකු ලෙස සැලකේ. එතෙක් මෙතෙක් වසර 40ක් වැනි කාලයක් තුළ ස්මිත්සෝනියන් ආයතනයේ ස්වර්ණාභරණ අංශයේ වෙඩි නොවදින වීදුරු පෙට්ටිය තුළ හෝප් දියමන්තිය ආරක්ෂා සහිතව ඇත.

-copied from RoarMedia-

[QUOTE="Walter White, post: 25760247, member: 573363"] ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත්සෝනියන් ආයතනයේ ප්‍රදර්ශන ශාලාවක අගනා දියමන්ති මාලයක් තැන්පත් කොට ඇත්තේ වෙඩි නොවදින වීදුරු වලින් නිම වූ විශේෂිත අල්මාරියකය. පිටත ආලෝකය පරදවා බැබලෙන මෙය ලොව ඉමහත් ප්‍රසිද්ධියට ලක්ව ඇති, එමෙන්ම අයිතිකරුවන්ට මරණීය අපල ගෙන දුන් අසුබ දියමන්තියකි. එය නම් කොට ඇත්තේ හෝප් දියමන්තිය ලෙසිනි. වසර 300කට වැඩි ඉතිහාසයක් ඇති හෝප් දියමන්තිය ගැන අසුභවාදී කතා බොහොමයකි. මෙහි ඉතිහාසය පුරාවටම එක් අයිතිකරුවෙකු හැරෙන්නට අන් සියලු දෙනාටම වේදනාත්මක අත්දැකීම්වලට මුහුණ පාන්නට සිදු විය. [ATTACH type="full"]97078[/ATTACH] [SIZE=6][B][U]ලුවී රජුගේ ස්වර්ණාභරණ වෙළඳාම[/U][/B][/SIZE] හෝප් දියමන්තිය කැරට් 44.5කින් යුක්ත වුවත්, ඔපදැමීමට පෙර කැරට් 122.5ක් වූ බව කියැවේ. යුරෝපයේ රජුන් අතරත් රජෙකු ලෙස විසූ 14 වැනි ලුවීගේ (1638 -1715) සමයේ දී ප්‍රංශය සියලු රාජ්‍ය අභිබවා වැජඹුණි. බින් ජස්ටිස් ටවර්නියර් එකල ප්‍රංශයේ සිටි ප්රමුඛ පෙළේ ස්වර්ණාභරණ වෙළෙන්දකු විය. ඔහුගේ ස්වර්ණාභරණ වෙළදාම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රකට විය. ඉන්දියාවේ මහාරාජාවරුන් ද ඔහුගේ පාරිභෝගිකයන් අතර විය. 1668 දී ප්‍රංශය වෙත පැමිණි ටවනියර් සතුව එකල වටිනාකම අනුව ඩොලර් 330 000ක් වටිනා ස්වර්ණාභරණ තිබුණි. මේ අතර කැරට් 122.5කින් යුත් හෝප් දියමන්තිය ද විය. මෙම දියමන්තිය මිල දී ගත් 14 වැනි ලුවී රජු එය “ඔටුන්නේ නිල දියමන්තිය” වශයෙන් නම් කළේ ය. එවකට ඉන්දියානු ක්‍රමයට රළු ලෙස දියමන්තිය කපා තිබූ අන්දම රජුගේ සිත් නොගත් නිසා, නැවත හදවතක හැඩයට එය කපා ඔප මට්ටම් කරන ලදුයෙන් කැරට් 67.5කින් යුක්ත විය. මෙම දියමන්තිය ඉන්දියාවේ හින්දු දේවස්ථානයකින් සොරාගත් එකක්දැයි යන මතයක් පැවතුණු නමුත් එය ඔප්පු කිරීමක් මෙතෙක් සිදු වී නැත. මෙය අත්කර ගැනීමෙන් පසු ලුවී රජුගේ කල දවස නරක අතට හැරුණෙන් එම දියමන්තිය හිමිව තිබූ දේවස්ථානයේ දෙවියන්ගේ ශාපය වැදීම නිසා එසේ සිදු වූ බවට විශ්වාස කෙරුණි. ඒ අතරම ඔටුන්නට හිමිකම් කියූ රජුගේ ඉතාම සිත් ගත් මුණුපුරා වූ ඩක් ඩිබෝහෙන්ති කුමරුවාගේ මරණය ද සිදුවිය. තව ද ලුවී රජු යුද්ධ බිමේ දී ලබා තිබූ ජගත් කීර්තිය ඊට පසුව පැවති යුද්ධ වල දී බොඳ වී යන්නට විය. බොහෝ කලක් අනියම් බිරිඳව සිටී ඩීමෙන් ටෙන්ට් ආර්යාව විවාහකොට ගත් පසු තත්ත්වය තවත් නරක අතට හැරෙන්නට විය. මේ අතර අසන්නට ලැබුණු තවත් අසුබ ආරංචියක් වූයේ රජතුමා හට දියමන්තිය අලෙවි කළ ටවර්නියර් රුසියාවේ වනාන්තරයක දී වෘකයෙකුට ගොදුරු වීමෙන් අකාලයේ මරු වැළඳ ගත් බව යි. [ATTACH type="full"]97079[/ATTACH] [SIZE=6][B][U]ලුවී රජුගේ රාජකීය නිල දියමන්තිය[/U][/B][/SIZE] ප්‍රංශ අධිරාජ්‍යයාව සිටි 16 වන ලුවී රජුගේ කාලයේ දී රජයේ මෙම දියමන්තිය ප්‍රංශයේ ‘නිල දියමන්තිය’ ලෙස නම් කෙරුණි. එම රජුගේ බිසව වූ මාරි ඇන්ටනට් බිසව මෙම දියමන්තිය පැළඳීමට ඉතා ආශා කළාය. සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ ඇය ප්‍රංශ විප්ලවයේ දී ගිලටිනය හරහා මාරු දුටුවා ය. 1790 වසරේ විප්ලවයේ අතරතුරේ රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකනු ලැබීමත් සමග මෙම දියමන්තිය අතුරුදහන් විය. පුරා වසර හතළිහක් තුළ මෙම දියමන්තියට සිදුවූයේ කුමක් ද යන්න ගැන කිසිවෙකුත් දැන සිටියේ නැත. 1830 දී ගොයා නමැති චිත්‍ර ශිල්පියා විසින් චිත්‍රයට නැගූ, ස්පාඤ්ඤයේ මේරි ලුසියා රැජින පැළඳ සිටි දියමන්ති මාලයට අවධානය යොමුවන්නේ ඒ අතරේ යි. එය ප්‍රංශ දියමන්තියට බොහෝ සෙයින් සමාන වූයේ ය. පසුව කරන ලද පරීක්ෂණ වලින් එය එම දියමන්තිය බව හඳුනාගැනිණි. මෙය ස්පාඤ්ඤ රජ පවුලට අයත්වූයේ ප්‍රංශ රාජ පාක්ෂිකයින් විසින් රහසින් සඟවාගෙන යෑම නිසාය යන්න එක් මතයකි. අනෙක් මතය වන්නේ ප්‍රංශ මාළිගය වෙත කඩාවැදුණු විප්ලවවාදීන් විසින් සොරාගනු ලදුව, එය ස්පාඤ්ඤ රජ පවුලට විකුණා දැමීය යන්න යි. ඉන්පසු එය අද දක්නට ඇති අන්දමට කපා ඔපදම්මවා ඇත. එය දියමන්තිය සඳහා ප්‍රංශයට අයිතිවාසිකමක් කීමට නොහැකිවීමට කරන ලද උපක්‍රමයක් බවත් කියැවේ. මෙම දියමන්තියට ඉතා ආශා කළ දියමන්ති ඔපදමන්නාගේ පුතා විසින් ඔහුව මරා, දියමන්තිය සොරාගෙන ලන්ඩනයට පැන ගිය නමුත් එහි දී සියදිවි හානි කරගෙන ඇත. [ATTACH type="full"]97080[/ATTACH] [SIZE=6][B][U]නොනැවතුණු මරණ[/U][/B][/SIZE] රීක වෙලෙන්දෙකු වූ සයිමන් මොන්චරයිඩ්ස්ට පසුව දියමන්තිය අයිති විය. ඔහු තම මෝටර් රථය ප්‍රපාතයකට පැදවීමෙන් ඔහුත්, බිරිඳ සහ දරුවාත් මරුමුවට පත්විය. වසර කිහිපයකට පසු දියමන්තිය මිළට ගත්තේ මැණික් එකතු කරන්නෙකු වූ හෙන්රි පිලිප් හෝප් නමැත්තා විසින් ඩොලර් 90,000කට ය. ඔහු එය ‘හෝප් දියමන්තිය’ වශයෙන් නම් කළේ ය. එතැන් පටන් අද දක්වා දියමන්තිය එම නමින් හැඳින්වෙයි. හෙන්රි හෝප් ඔහුගේ එකම පුතාගේ මරණය ඇතුළුව අවාසනාවන්ත සිදුවීම් රාශියකට ගොදුරු වන අතර සෘජු උරුමක් නොමැතිව 1839 දී මිය ගියේය. හෝප් මියගිය ඉන්පසුව එහි අයිතිකරුවන් වූයේ හෙන්රි තෝමස් නමින් යුතු ඔහුගේ බෑණනුවන් කෙනකු හා ලෝර්ඩ් ෆ්‍රැන්සිස් හෝප් ය. ඔවුන් ව්‍යාපාරවල දැඩි මූල්‍ය පාඩු ලබා ජීවිත අපේක්ෂාවෙන් තොරව කල් ගෙවූ බවත් පසුව හෝප් දියමන්තිය විකුණා ණය ගෙවූ බවත් සඳහන් වේ. 1901 දී ෆ්‍රැන්සිස් හෝප් මිය ගොස් තිබුණේ දිළින්දෙකු ලෙසයි. 1851 දී ක්‍රිස්ටන් පැලස් ප්‍රදර්ශනාගාරයේ එය ප්‍රදර්ශනයට තබා තිබුණත්, ඒ වන විටත් එම දියමන්තියේ අසුබ ඵල පිළිබඳ කතා පැතිර ගොස් තිබුණු නිසා එය මිලට ගැනීමට කිසිවකු ඉදිරිපත් වූ බවක් සඳහන් නොවේ. දහනම වැනි සියවස අවසානයේ දී ජැකිඋසෙට් නමැති වෙළෙන්දෙකු විසින් එය මිලට ගනු ලැබූ අතර වැඩි කලක් නොගොස් ඔහු ද සියදිවි හානිකර ගත්තේය. පසුව හෝප් දියමන්තිය මිල දී ගත් කැනිටොවුස්සා නම් රුසියන් ජාතිකයා පිහියා ඇනුම් කා මිය ගියේ ය. මීළඟ අයිතිකරු වූ හවේස් බේ නමැත්තා ජිබ්රෝල්ටාවේ දී බෝට්ටු අනතුරකින් මුළු පවුලත් සමග මරණයට පත්විය. දියමන්තිය පසුව සීමන්ඩ් මොන්තාරිඩ් නමැති තැනැත්තා විසින් මිල දී ගෙන තුර්කි සුල්තාන්වරයාව සිටි දෙවැනි අබ්දුල් හමීඩ්ට විකුණන ලදී. මෙයින් ලැබුණු මුදල් ගණිමින් සිටි අතරතුරේ බිරිඳ හා පුතුගේ ඇවටිල්ලට විනෝද ගමනක් යෑමට පිටත් වූ ඔවුන්ගේ මරණය මෝටර් රථ අනතුරකින් සිදුවිය. සුල්තාන්වරයාව තරුණ තුර්කි සංවිධානය මඟින් 1909 දී බලයෙන් පහ කෙරුණි. හෝප් දියමන්තිය නැවතත් පැරීසියට ගියේ ය. පැරීසියේ විසූ පියෑර් කාටියර් නමැති ස්වර්ණාභරණ වෙළෙන්දා මෙවර එහි අයිතිකරු විය. දියමන්තිය නිසා කිසිදු අයහපතක් හෝ අවාසනාවකට මුහුණ නොදුන් තැනැත්තෙකු වශයෙන් කාටියර් ප්‍රසිද්ධ ය. වොෂින්ටන්හි එව්ලින් වොල්ෂ් මැක්ලින් මැතිනිය මෙම දියමන්තිය මිලට ගත්තෙන් එය ඇමෙරිකාවට සේන්දු වූයේ ය. එව්ලින් මැතිණිය සුප්‍රකට ආකර හිමියෙකු හා ධනවතෙකු වූ එප් වොලෂ්ගේ දියණියක් වූ අතර ඇගේ පුරුෂයා පුවත්පත් හිමිකරුවෙකු විය. ඩොලර් 154,000කට එව්ලින් මැතිනිය මෙය මිලදී ගත් අතර, වසරකට මෙම දියමන්ති මාලය රක්ෂණයට සහ ආරක්ෂාවට ඩොලර් 24,000ක් වැය කිරීමට සිදුවනු ඇතැයි පුවත්පත් මගින් අනාවරණය කර තිබුණි. හෝප් දියමන්තිය හිමිකාරිය වීමෙන් පසු මුලින් එව්ලින් වොල්ෂ් මැක්ලින් මැතිනියට අවාසනාවන්ත සිදුවීම් වැලකට මුහුණ දෙන්නට සිදුවිය. 1918 දී කෙන්ටකි බර්ඩ්හි ඇය සංචාරයක නිරත වෙද්දී සිය ආරක්ෂාවට යොදවා තිබුණු භටයින්ට රහසේ පාරට පැන දිවූ ඇගේ අට හැවිරිදි පුත්‍රයා එකෙනෙහිම මෝටර් රථයක ගැටී මරණයට පත්විය. ඇගේ දියණිය නිදිපෙති වැඩිපුර ගෙන සියදිවි නසාගත්තා ය. මත්පැනට ගිජු වූ ඇගේ පුරුෂයා තම ව්‍යාපාර කටයුතු අඩාල කරගෙන මානසික රෝගියෙකු බවට පත්ව, 1941 දී අකාලයේ මිය ගිය අතර 1947 දී වොල්ෂ් මැක්ලින් මැතිනිය ගේ මරණය සිදුවිය. [ATTACH type="full"]97081[/ATTACH] මාරි ඇන්ටනට් බිසව [ATTACH type="full"]97082[/ATTACH] හෙන්රි පිලිප් හෝප් එව්ලින් වොල්ෂ් මැක්ලින් මැතිනිය [SIZE=6][B][U]වසර නවයක් ලොව වටා[/U][/B][/SIZE] 1947 දී ඇමෙරිකානු ස්වර්ණාභරණ වෙළෙන්දකු වූ හැරී වින්ස්ටන් හෝප් දියමන්තිය තම ස්වර්ණාභරණ එකතුවට එක් කොට ගත්තේය. මේ වන විට මෙහි වටිනාකම ඩොලර් මිලියන 1.1කි. 1948 සිට 1957 දක්වා වසර 9ක් තුළ ලොව වටා සැතපුම් 400000ක් ගමන් කොට ඇති බව වාර්තා වන මෙය මිලියන පහකට වැඩි පිරිසක් විසින් නරඹනු ලැබීය. මෙම ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියනයකට වැඩි ප්‍රමාණයක් උපයාගත් වින්ස්ටන්, එම මුළු මුදලම පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට වග බලා ගත්තේ ශාපයෙන් ගැලවීම සඳහා විය හැක. මෙම දියමන්තියේ අසුබ ඵල ගැන ඇති දිගු ඉතිහාසය මැනවින් දැන සිටි හෙතෙම 1957 දී ස්මිත්සෝනියන් ආයතනය සමග සාකච්ඡා පවත්වා එය එම ආයතනයට පරිත්‍යාග කිරීමට කැමැත්ත පල කර සිටියේ ය. ඔහුට අවශ්‍ය වූයේ ලන්ඩන් ටවර්හි තැන්පත්කර ඇති රාජකීය ස්වර්ණාභරණ වලට මෙන්ම හෝප් දියමන්තියට ද මහත් ප්‍රසිද්ධියක් ලබා දීමට යි. 1958 නොවැම්බර් 8වැනි දින නිල් දියමන්තිය හොඳින් ආවරණය කළ පෙට්ටියකට බහාලීමෙන් පසු ස්මිත්සෝනියන් ආයතනය වෙත යවන ලදී. මේ සඳහා ගුවන් ගාස්තු වශයෙන් ඩොලර් 145.29ක් හැරී වින්ස්ටන් හට වැය වූ අතර දියමන්තිය ඩොලර් මිලියනයකට රක්ෂණය කර තිබුණි. ඔහු දියමන්තියේ ශාපයේ තර්ජනයෙන් බේරීමට සමත් තවත් එක් පුද්ගලයෙකු ලෙස සැලකේ. එතෙක් මෙතෙක් වසර 40ක් වැනි කාලයක් තුළ ස්මිත්සෝනියන් ආයතනයේ ස්වර්ණාභරණ අංශයේ වෙඩි නොවදින වීදුරු පෙට්ටිය තුළ හෝප් දියමන්තිය ආරක්ෂා සහිතව ඇත. -copied from RoarMedia- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom