Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිර ගෙදර ජීවිතේ...10...පැතුම් කර්නර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අපිට වැටුප රුපියල් 35,000 යි. ඒකෙනුත් ලෝන් එහෙකට කැපුනොත් අතට එන්නේ රුපියල් 18,000ක් වගේ. ඒකෙන් කොහොමද ජීවත් වෙන්නේ?" "කොච්චර කතා කලත් කාට කිව්වත් වැඩක් තියෙනවා ද?, මේ රට වෙනස් වෙන්න ඕනේ. මීට වඩා හොඳට පඩියක් ගන්න පුළුවන් වෙන්න හැදෙන්න් ඕනේ!" - බන්ධනාගාර නිලධාරියා මා සමග කීවේ යකඩ දොරෙන් එපිට සිටිය දීම ය. මෙලෙස මා සමග ඔවුන්ගේ වැටුප පිළිබඳව කතා කල තුන් වන හෝ හතර වන නිලධාරියා ඔහු වූයේ ය. මා.දේශපාලන සිර කරුවෙකු වූ බැවින්, ඔවුන් වෙනුවෙන් යම් දිනයක හඬ නගනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි.

" අපි මෙහෙට එන හැමෝටම ඔය ගැන ගැන කියනවා. ඒ හැමෝමයන ක්ට මොනවා හරි කරන්නම් කියලා යනවා. ඒත් ඒ ගැන එළිටට ගියාට පස්සේ කතා කරන්නේ නෑ. අපි ගැන පොඩ්ඩක් හරි කතා කලේ රන්ජන් රාමනායක විතරයි."- තවත් නිලධාරියෙක් කියා සිටියේ ය.

සමාජය බන්ධනාගාර නිලධාරීන් දෙස බලන්නේ තරමක් අඳුරු ආකල්පයකිනි. මා හට වුව ද ඔවුන් ගැන තිබී ඇත්තේ නිතර සිහි කිරීමට අකමැති අදහසකි. එවන් අදහස් ඇති වන්නේ සිර ගෙදරකට මිනිසුන්ගේ ඇති බිය නිසා ම විය යුතුය. පීඩිත සිර කරුවන් මාංචු හෝ යකඩ දම්වැල් වලින් ගැට ගසමින්, කූඩුවක මෙන් බස් රථයේ නංවා ගෙන යන එන මේ මිනිසුන් කරනුයේ රාජකාරියකි. ඒ ඔවුන්ට පැවරෙන වගකීමකි. එහෙත් එය අනෙක් මිනිසුන් ද බිය කරන්නක් බැවින්, බන්ධනාගාර නිලධාරීන් දෙස සාමාන්‍ය මිනිසුන් ද බලන්මේ බිය මුසු හැඟීමකිනි.

මේ නිලධාරීන් ගේ පැත්තෙන් ද ජීවිතය දුෂ්කර ය. සිර ගෙදර යනු සුන්දර වටා පිටාවක් ඇති තැනක් නොවේ. එය මින්සුන් සැහැල්ලුවෙන් සිටිනා , උද්‍යානයක හෝ වෙරළක ඇවිද යෑමක් නොවේ. එය චණ්ඩ මාරුතයක ඇවිද යෑමකි. සමාජයේ විවිධ වැරදි කර හසුවූ වැරදි කරුවෝ ද සැකපිට ගෙනා නිවැරදි කරුවෝ ද චූදිතයෝ ලෙස මේ කූඩු වල සිර කර සිටී. මේ සිරවු මිනිසුන්ගේ මනස ගත වෙන හැම මොහොතක් පාසා වේදනාවෙන් නිදහස පතයි. මේ සිරකරුවන්ගේ

මනස ඉවසීම පුරුදු කරවන යන්ත්‍රයක් බඳු යැයි මට සිතෙයි. ඊළඟ නඩු දිනය වෙනකං ඉවසීමේ ඉබ්බා දමා ගත් සිර ගෙදර දොරටත් වඩා දැඩි දොරකින් ඔවුන්ගේ සිත් බැඳ දමා ගෙන තිබේ. ඒ දැඩි දොර කෙතරම් තද වුව ද අලියෙකුට කෙසෙල් ගසක් හමුවුනා මෙන් මොහොතින් කැඩිය හැකි පීඩනයක් ඔවුන්ගේ හිත ඇතුළෙ කැකෑරෙයි. එවන් වු පීඩිත හිත් ඇත්තෝ දහස් ගණනක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් වරකට සිටින්නේ 50 කටත් අඩු ප්රමාණයකි.

මේ නිලධාරීන් උදේ හවස සිය ජීවිත ගෙවා දමන්නේ ද මේ සිර ගෙදර බිත්ති අතරම ය. ඔවුන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමීමට සිදු වන්නේ ද සිර කරුවන් මෙන්ම මේ බිමේ ය. සිර කරුවෝ නම් ඇප ලබා පිටව යති. එහෙත් මේ නිලධාරීන්ට ඇප නොමැත. ඔවුන් සිය රැකියාව කර ගෙන යා යුතුය. ඔවුන්ගේ මානසික ශක්තිය යුධ බිමක සිටින සෙබලෙකුගේ මෙන් දිනපතා සකස් වී තිබිය යුතුය. දහස් ගණනක් සිර කරුවන්ගේ හිත් වල කැකෑරෙන වේදනාවේ පීඩනය ඕනෑම මොහොතක පුපුරා යා හැකිය. එය එකවර පුපුරා නොගොස් තනියෙන් පුපුරා යන අවස්ථාවන් එදිනෙදා සිර ගෙදර දක්නට ලැබෙයි. ඒවාට මුහුණ දී මේ නිලධාරීන් ඇතැමෙකුගේ ගේ ද හදවත් ඝණ වෙද්දී ඇතැමෙකුගේ හදවත් දුර්වල වී ගොසිනි. මේ සටනට මුහුණ දීමට ඔවුන්ගේ ජීවිත ද හැඩ ගැස්සී තිබේ. මේ නිලධාරීන් ගේ සිතේ ඇති වන පීඩනය ඔවුන් තුලින් ද පිටවී යන අවස්ථා තිබේ. ඒවා ඇතැම් සිරකරුවන්ට පීඩාකාරී වෙයි. යම් කරුණක් දෙස බැලීමෙදී අප එහි සියළු පැති සළකා බැලිය යුතුය. ඒ සියළු පැති සළකා නොබලන්නේ නම් අපිට ඒ කරුණ පිළිබඳව සෑහීමකට පත් විය හැකි නිගමනයක් නොලැබේ. බන්ධනාගාරය පිළිබඳව බොහෝ කරුණු ද එසේමය. බොහෝ පැති අපිට නොපෙනෙයි, ඒ වගේම ඇතැම් පෙනෙන පැති තවෙකෙකුට කිය නොහැකි වෙයි. එබැවින් සිර කරුවෝ ද බන්ධනාගාර නිලයෝ ද ගැන පිටින් සිට නිගමනය කිරීම ද අසාර්ථක උත්සාහයන් වෙයි. එබැවින් අපට කල හැකි හොඳම දෙය නම් ඒ මිනිසුන් පිළිබඳව විවෘත මනසකින් බැලීම ය. අප එකිනෙකාගේ නිගමන වල ඒ මිනිසුන් සිර කිරීම තුල සමාජ බන්ධනාගාර වල ඔවුන් කොටු කර දමා තිබේ. ඒ මානසික බන්ධනාගාර වලින් ඔවුන් නිදහස් කිරීමේ වගකීම සමාජයට තිබේ.

රටේ වැටුප් අර්බුදය ගැන ඔවුන් සමග නිදහසේ කතා කිරීමේ හැකියාවක් හෝ පහසුවක් මා තුල ඒ අවස්ථාවේ නොතිබුණි. මා සිත ද ඒ අවස්ථාවේ සිර වූ මානසිකත්වයෙන් කොටු වී තිබුණි. නමුත් මා අතේ තිබූ තෝමස් සොවෙල් ගේ ආර්ථික විද්‍යා ග්‍රන්ථයේ ඒ උත්තරය සිරවී තිබී මා කියවා ගත්තේමි.

රටක මිනිසුන්ගේ ආදායම් ඉහළ යන්නේ ඒ රටේ මිනිසුන් සාමුහිකව එක් වී කරනු ලබන නිශ්පාදන සහ සේවා වල වටිනාකම් මත ය. ඒ සියළු නිශ්පාදන සහ සේවා වල එකතුව රටේ දළ දේශීය නිශ්පාදනය ලෙස රටට එකතු වෙයි. රටේ මිනිස්සුන්ට වැටුප් සහ ආදායම් ලෙස බෙදී යන්නේ එම දළ දේශීය නිශ්පාදනයට සාපේක්ෂ කොටසකි.

උදාහරණයක් ලෙස කුඹුරු හෙක්ටයාරයක් වැපිරී ගොවියෙකු වී ගෝනි 50 ක අස්වැන්නක් ලබයි නම් ඒ ඔහුගෙන් රටට ලැබුණු නිශ්පාදනයයි. එවන් කුඹුරු හෙක්ටයාරයකින්ම තවත් ගොවියෙකු වී ගෝනි 75ක අස්වැන්නක් ලබයි නම්, ඒ දෙවැනි ගොවියාගේ නිශ්පාදන කාර්යක්ෂමතාව ඉහළ ය. ඔහුගේ ලාභය ද ආදායම ද ඒ අනුව ඉහල යන අතර රටේ කුඹුරු හෙක්ටයාරයකින් ඔහු සමාජයට වඩා ඉහළ ඵලදායිතාවයක් ලබා දී තිබේ. ඔය දෙකොට්ඨාශයේම ගොවියන් මා දැක ඇත්තේ ය. ගෝනි 50 ලබන්නා ට වඩා 75 ලබන්නා දරණ වෙහස වැඩිය. ඔහු දිනපතා කුඹුරට යයි, වල් පැල ගලවයි, නිසි කලට වතුර බඳියි, වක්කඩ පාදයි, දින පමා නොකර තෙල් පොහොර භාවිතා කර සාත්තු සප්පායම් කරයි. ඔහු වැඩි ගෝනී ගණනක ආදායමක් ලබන්නේ ඔහුගේ එම දක්ෂතාවය, කැපවීම සහ වෙහෙස මතය.

මුළු රටක් ගෝනි 50 ලැබූ ගොවියා මෙන් කටයුතු කරයි නම් රටේම දළ දේශිය නිශ්පාදනය අඩු වේ. එහෙත් ගෝනි 75 ලැබූ ගොවීයා මෙන් කටයුතු කරයි නම් රටේම සමස්ථ නිශ්පාදන ඉහළ යයි. මෙලෙස අනෙක් කර්මාන්ත සහ සේවා වලට ද මේ උදාහරණය යොදා ගත හැකිය. මෙලෙස අපේ නිශ්පාදන ප්‍රමාණය ඉහළ ගිය විට රට තුල ධනය ජනිත වේ. රැකියාවන් කරන මිනිසුන් අතරට වැටුප් ලෙස ගලා යන්නේ ද ඒ ජනිත වල ධනයෙන් කොටසකි. මිනිසුන්ගේ බදු ලෙස රජය ධනය එකතු වෙන අතර, රජයේ සේවකයන්ට වැටුප් බෙදී යන්නේ ද ඒ ධනයෙනි.

රටක වැටුප් යනු ඒ රටේ සමස්ථ ආර්ථිකය විසින් නිශ්පාදනය කරනු ලබන සම්පත් ඒ රටේ මිනිසුන් අතර බෙදී යන යාන්ත්‍රණයේ මූලික කොටසකි. වැටුප් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් රටේ සමස්ථ නිශ්පාදනය ඉහළ නංවා ගත යුතුය. එසේ නොකොට වැඩි වැටුප් ඉල්ලා වර්ජන හෝ උද්ඝෝෂණ කිරීමෙන් බෙදා ගැනීමට ධනයක් නූපදී.

මේ බන්ධනාගාර නිලධාරීන්ද ලබා දෙනුයේ සේවයකි. ඔවුන් එම සේවයට රජයෙන් වැටුපක් ලබති. ඒ වැටුප තීරණය වන්නේ රටේ සමස්ථ ආර්ථිකයේ සම්පත් බෙදී යෑම අනුව ය. මේ නිලධාරීන් සිය කාලය සහ ශ්‍රමය රජයට ලබාදී රටේ සමස්ථ ආදායමෙන් කොටසක් වැටුප් ලෙස බලාපොරොත්තු වෙති. එහෙත්, රටේ සමස්ථ ආර්ථිකය තුල සියල්ලන්ටම බෙදා ගැනීමට ප්‍රමාණවත් යමක් නිශ්පාදනය නොවේ නම්, අපට සතුටු වීමට වන්නේ ලද දෙයින් පමණය.

එබැවින් වැඩි වැටුප් අවශ්‍ය නම් අප කළ යුත්ඝේ රටේ සමස්ථ ආර්ථිකය දියුණු කරවිය හැකි නිශ්පාදන ක්‍රියාවලියකට යොමු වීම පමණය. ගොවියාගේ කම්කරුවාගේ පටන් එහි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය ඉහළ නංවා ගැනීම පමණය. ඒ වෙනුවෙන් අපිට කල යුතු විශාල වැඩ කොටසක් වෙයි. ඒ වැඩ කොටස රටේ සමස්ථ දේශපාලන ක්‍රමය තුල අප සිර කර දමා ඇත්තේ ය. ඒ දේශපාලන ක්‍රමයෙන් රට නිදහස් කර ගැනීමෙන් තොරව මේ රටේ ආර්ථිකය සුඛිතමුදිත කල හැකි නොවේ. අපි මේ රටේ ආර්ථිකය ද දේශපාලනය නම් බන්ධනාගාරයේ සිර කොට තිබේ. නඩුත් නැති, ඇපත් නැති, නිදහසක් නැති අඳුරු සිර කුටියක එය සිරවී තිබේ. ඒ ආර්ථිකය සිර කර ගෙන සිටින බන්ධනාගාරයේ පාලකයෝ නම් ජේලර්ලා නොව හිත්පිත් නැති මේ රටේ දේශපාලකයෝ ය. ඒ දේශපාලකයන්ගේ ග්රහණයෙන් මේ රට මුදවා ගෙන ආර්ථික නිදහස ඇතිකරන තුරු, මිනිසුන් දුප්පත්කමේ සිර ගෙදර දිවි ඇති තෙක් දඬුවම් විඳිනු ඇත.

බන්ධනාගාර නිලධාරියාට ද වැටුප් වැඩි වීමට නම් රටේ ගොවියාගේ කම්කරුවාගේ ගුරුවරයාගේ වෛද්‍යවරයාගේ පටන් පටන් සියල්ලෝ හිතට එකඟව වැඩ කල යුතුය. ඒ වැඩ වල කාර්යක්ෂමතාව සහ ඵ්ලදායීතාවය වැඩි කර ගත යුතුය. එවිට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් නිශ්පාදනය වන අතර ඒවායින් ධනය උපදී. එසේ වැඩිපුර එකතු වෙන ධනය ජනතාව අතටම ආදායම් ලෙස බෙදී යන්නේ ය. ඔබේ වැටුප් වැඩි වෙන එකම යාන්ත්‍රණය එයයි.

එම ධනය ජනිත වන මෙන්ම බෙදී යන යාන්ත්‍රණය මාධ්‍ය ද නිදහස් වෙළඳපොළයි. ඒ නිදහස් වෙළඳපොළ ආර්ථිකය සූරා කන, සොරා කන දේශපාලකයන්ගෙන් නිදහස් කර ගැනීමෙන් තොරව ජනතාවගේ ආදායම් හෝ වැටුප් ඉහළ නංවා ගැනීම කල නොහැක. වී ගෝනි 75 ක අස්වැන්නක් ලැබූ ගොවියාගෙන් ගෝනි 25 ක් මීයන් කා දැමුවේ නම් ඔහුගේ උත්සහයේ ද ප්‍රයෝජනයක් හෝ ලාභයක් නොමැත.

එනයින් වැඩි වැටුප් අවශ්‍ය නම් අප කල යුත්තේ සොරා කන, සූරා කන දේශපාලන ක්‍රමය වෙනස් කොට, වංචා සහ දූෂණ නම් මීයන් පන්නා දමා, රටේ නිශ්පාදන වල කාර්යක්ෂමතාව සහ ඵ්ලදායීතාවය නංවා, ඒවා සාධාරණ ලෙස බෙදී යන නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කිරීම පමණය. ඔබව දුප්පත්කමෙන් මුදවන එකම මාර්ගය එයයි.

පැතුම් කර්නර්

[QUOTE="riduna pm, post: 28102189, member: 567786"] "අපිට වැටුප රුපියල් 35,000 යි. ඒකෙනුත් ලෝන් එහෙකට කැපුනොත් අතට එන්නේ රුපියල් 18,000ක් වගේ. ඒකෙන් කොහොමද ජීවත් වෙන්නේ?" "කොච්චර කතා කලත් කාට කිව්වත් වැඩක් තියෙනවා ද?, මේ රට වෙනස් වෙන්න ඕනේ. මීට වඩා හොඳට පඩියක් ගන්න පුළුවන් වෙන්න හැදෙන්න් ඕනේ!" - බන්ධනාගාර නිලධාරියා මා සමග කීවේ යකඩ දොරෙන් එපිට සිටිය දීම ය. මෙලෙස මා සමග ඔවුන්ගේ වැටුප පිළිබඳව කතා කල තුන් වන හෝ හතර වන නිලධාරියා ඔහු වූයේ ය. මා.දේශපාලන සිර කරුවෙකු වූ බැවින්, ඔවුන් වෙනුවෙන් යම් දිනයක හඬ නගනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි. " අපි මෙහෙට එන හැමෝටම ඔය ගැන ගැන කියනවා. ඒ හැමෝමයන ක්ට මොනවා හරි කරන්නම් කියලා යනවා. ඒත් ඒ ගැන එළිටට ගියාට පස්සේ කතා කරන්නේ නෑ. අපි ගැන පොඩ්ඩක් හරි කතා කලේ රන්ජන් රාමනායක විතරයි."- තවත් නිලධාරියෙක් කියා සිටියේ ය. සමාජය බන්ධනාගාර නිලධාරීන් දෙස බලන්නේ තරමක් අඳුරු ආකල්පයකිනි. මා හට වුව ද ඔවුන් ගැන තිබී ඇත්තේ නිතර සිහි කිරීමට අකමැති අදහසකි. එවන් අදහස් ඇති වන්නේ සිර ගෙදරකට මිනිසුන්ගේ ඇති බිය නිසා ම විය යුතුය. පීඩිත සිර කරුවන් මාංචු හෝ යකඩ දම්වැල් වලින් ගැට ගසමින්, කූඩුවක මෙන් බස් රථයේ නංවා ගෙන යන එන මේ මිනිසුන් කරනුයේ රාජකාරියකි. ඒ ඔවුන්ට පැවරෙන වගකීමකි. එහෙත් එය අනෙක් මිනිසුන් ද බිය කරන්නක් බැවින්, බන්ධනාගාර නිලධාරීන් දෙස සාමාන්‍ය මිනිසුන් ද බලන්මේ බිය මුසු හැඟීමකිනි. මේ නිලධාරීන් ගේ පැත්තෙන් ද ජීවිතය දුෂ්කර ය. සිර ගෙදර යනු සුන්දර වටා පිටාවක් ඇති තැනක් නොවේ. එය මින්සුන් සැහැල්ලුවෙන් සිටිනා , උද්‍යානයක හෝ වෙරළක ඇවිද යෑමක් නොවේ. එය චණ්ඩ මාරුතයක ඇවිද යෑමකි. සමාජයේ විවිධ වැරදි කර හසුවූ වැරදි කරුවෝ ද සැකපිට ගෙනා නිවැරදි කරුවෝ ද චූදිතයෝ ලෙස මේ කූඩු වල සිර කර සිටී. මේ සිරවු මිනිසුන්ගේ මනස ගත වෙන හැම මොහොතක් පාසා වේදනාවෙන් නිදහස පතයි. මේ සිරකරුවන්ගේ මනස ඉවසීම පුරුදු කරවන යන්ත්‍රයක් බඳු යැයි මට සිතෙයි. ඊළඟ නඩු දිනය වෙනකං ඉවසීමේ ඉබ්බා දමා ගත් සිර ගෙදර දොරටත් වඩා දැඩි දොරකින් ඔවුන්ගේ සිත් බැඳ දමා ගෙන තිබේ. ඒ දැඩි දොර කෙතරම් තද වුව ද අලියෙකුට කෙසෙල් ගසක් හමුවුනා මෙන් මොහොතින් කැඩිය හැකි පීඩනයක් ඔවුන්ගේ හිත ඇතුළෙ කැකෑරෙයි. එවන් වු පීඩිත හිත් ඇත්තෝ දහස් ගණනක් පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් වරකට සිටින්නේ 50 කටත් අඩු ප්රමාණයකි. මේ නිලධාරීන් උදේ හවස සිය ජීවිත ගෙවා දමන්නේ ද මේ සිර ගෙදර බිත්ති අතරම ය. ඔවුන්ට සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවා දැමීමට සිදු වන්නේ ද සිර කරුවන් මෙන්ම මේ බිමේ ය. සිර කරුවෝ නම් ඇප ලබා පිටව යති. එහෙත් මේ නිලධාරීන්ට ඇප නොමැත. ඔවුන් සිය රැකියාව කර ගෙන යා යුතුය. ඔවුන්ගේ මානසික ශක්තිය යුධ බිමක සිටින සෙබලෙකුගේ මෙන් දිනපතා සකස් වී තිබිය යුතුය. දහස් ගණනක් සිර කරුවන්ගේ හිත් වල කැකෑරෙන වේදනාවේ පීඩනය ඕනෑම මොහොතක පුපුරා යා හැකිය. එය එකවර පුපුරා නොගොස් තනියෙන් පුපුරා යන අවස්ථාවන් එදිනෙදා සිර ගෙදර දක්නට ලැබෙයි. ඒවාට මුහුණ දී මේ නිලධාරීන් ඇතැමෙකුගේ ගේ ද හදවත් ඝණ වෙද්දී ඇතැමෙකුගේ හදවත් දුර්වල වී ගොසිනි. මේ සටනට මුහුණ දීමට ඔවුන්ගේ ජීවිත ද හැඩ ගැස්සී තිබේ. මේ නිලධාරීන් ගේ සිතේ ඇති වන පීඩනය ඔවුන් තුලින් ද පිටවී යන අවස්ථා තිබේ. ඒවා ඇතැම් සිරකරුවන්ට පීඩාකාරී වෙයි. යම් කරුණක් දෙස බැලීමෙදී අප එහි සියළු පැති සළකා බැලිය යුතුය. ඒ සියළු පැති සළකා නොබලන්නේ නම් අපිට ඒ කරුණ පිළිබඳව සෑහීමකට පත් විය හැකි නිගමනයක් නොලැබේ. බන්ධනාගාරය පිළිබඳව බොහෝ කරුණු ද එසේමය. බොහෝ පැති අපිට නොපෙනෙයි, ඒ වගේම ඇතැම් පෙනෙන පැති තවෙකෙකුට කිය නොහැකි වෙයි. එබැවින් සිර කරුවෝ ද බන්ධනාගාර නිලයෝ ද ගැන පිටින් සිට නිගමනය කිරීම ද අසාර්ථක උත්සාහයන් වෙයි. එබැවින් අපට කල හැකි හොඳම දෙය නම් ඒ මිනිසුන් පිළිබඳව විවෘත මනසකින් බැලීම ය. අප එකිනෙකාගේ නිගමන වල ඒ මිනිසුන් සිර කිරීම තුල සමාජ බන්ධනාගාර වල ඔවුන් කොටු කර දමා තිබේ. ඒ මානසික බන්ධනාගාර වලින් ඔවුන් නිදහස් කිරීමේ වගකීම සමාජයට තිබේ. රටේ වැටුප් අර්බුදය ගැන ඔවුන් සමග නිදහසේ කතා කිරීමේ හැකියාවක් හෝ පහසුවක් මා තුල ඒ අවස්ථාවේ නොතිබුණි. මා සිත ද ඒ අවස්ථාවේ සිර වූ මානසිකත්වයෙන් කොටු වී තිබුණි. නමුත් මා අතේ තිබූ තෝමස් සොවෙල් ගේ ආර්ථික විද්‍යා ග්‍රන්ථයේ ඒ උත්තරය සිරවී තිබී මා කියවා ගත්තේමි. රටක මිනිසුන්ගේ ආදායම් ඉහළ යන්නේ ඒ රටේ මිනිසුන් සාමුහිකව එක් වී කරනු ලබන නිශ්පාදන සහ සේවා වල වටිනාකම් මත ය. ඒ සියළු නිශ්පාදන සහ සේවා වල එකතුව රටේ දළ දේශීය නිශ්පාදනය ලෙස රටට එකතු වෙයි. රටේ මිනිස්සුන්ට වැටුප් සහ ආදායම් ලෙස බෙදී යන්නේ එම දළ දේශීය නිශ්පාදනයට සාපේක්ෂ කොටසකි. උදාහරණයක් ලෙස කුඹුරු හෙක්ටයාරයක් වැපිරී ගොවියෙකු වී ගෝනි 50 ක අස්වැන්නක් ලබයි නම් ඒ ඔහුගෙන් රටට ලැබුණු නිශ්පාදනයයි. එවන් කුඹුරු හෙක්ටයාරයකින්ම තවත් ගොවියෙකු වී ගෝනි 75ක අස්වැන්නක් ලබයි නම්, ඒ දෙවැනි ගොවියාගේ නිශ්පාදන කාර්යක්ෂමතාව ඉහළ ය. ඔහුගේ ලාභය ද ආදායම ද ඒ අනුව ඉහල යන අතර රටේ කුඹුරු හෙක්ටයාරයකින් ඔහු සමාජයට වඩා ඉහළ ඵලදායිතාවයක් ලබා දී තිබේ. ඔය දෙකොට්ඨාශයේම ගොවියන් මා දැක ඇත්තේ ය. ගෝනි 50 ලබන්නා ට වඩා 75 ලබන්නා දරණ වෙහස වැඩිය. ඔහු දිනපතා කුඹුරට යයි, වල් පැල ගලවයි, නිසි කලට වතුර බඳියි, වක්කඩ පාදයි, දින පමා නොකර තෙල් පොහොර භාවිතා කර සාත්තු සප්පායම් කරයි. ඔහු වැඩි ගෝනී ගණනක ආදායමක් ලබන්නේ ඔහුගේ එම දක්ෂතාවය, කැපවීම සහ වෙහෙස මතය. මුළු රටක් ගෝනි 50 ලැබූ ගොවියා මෙන් කටයුතු කරයි නම් රටේම දළ දේශිය නිශ්පාදනය අඩු වේ. එහෙත් ගෝනි 75 ලැබූ ගොවීයා මෙන් කටයුතු කරයි නම් රටේම සමස්ථ නිශ්පාදන ඉහළ යයි. මෙලෙස අනෙක් කර්මාන්ත සහ සේවා වලට ද මේ උදාහරණය යොදා ගත හැකිය. මෙලෙස අපේ නිශ්පාදන ප්‍රමාණය ඉහළ ගිය විට රට තුල ධනය ජනිත වේ. රැකියාවන් කරන මිනිසුන් අතරට වැටුප් ලෙස ගලා යන්නේ ද ඒ ජනිත වල ධනයෙන් කොටසකි. මිනිසුන්ගේ බදු ලෙස රජය ධනය එකතු වෙන අතර, රජයේ සේවකයන්ට වැටුප් බෙදී යන්නේ ද ඒ ධනයෙනි. රටක වැටුප් යනු ඒ රටේ සමස්ථ ආර්ථිකය විසින් නිශ්පාදනය කරනු ලබන සම්පත් ඒ රටේ මිනිසුන් අතර බෙදී යන යාන්ත්‍රණයේ මූලික කොටසකි. වැටුප් වැඩි කර ගැනීමට අවශ්‍ය නම් රටේ සමස්ථ නිශ්පාදනය ඉහළ නංවා ගත යුතුය. එසේ නොකොට වැඩි වැටුප් ඉල්ලා වර්ජන හෝ උද්ඝෝෂණ කිරීමෙන් බෙදා ගැනීමට ධනයක් නූපදී. මේ බන්ධනාගාර නිලධාරීන්ද ලබා දෙනුයේ සේවයකි. ඔවුන් එම සේවයට රජයෙන් වැටුපක් ලබති. ඒ වැටුප තීරණය වන්නේ රටේ සමස්ථ ආර්ථිකයේ සම්පත් බෙදී යෑම අනුව ය. මේ නිලධාරීන් සිය කාලය සහ ශ්‍රමය රජයට ලබාදී රටේ සමස්ථ ආදායමෙන් කොටසක් වැටුප් ලෙස බලාපොරොත්තු වෙති. එහෙත්, රටේ සමස්ථ ආර්ථිකය තුල සියල්ලන්ටම බෙදා ගැනීමට ප්‍රමාණවත් යමක් නිශ්පාදනය නොවේ නම්, අපට සතුටු වීමට වන්නේ ලද දෙයින් පමණය. එබැවින් වැඩි වැටුප් අවශ්‍ය නම් අප කළ යුත්ඝේ රටේ සමස්ථ ආර්ථිකය දියුණු කරවිය හැකි නිශ්පාදන ක්‍රියාවලියකට යොමු වීම පමණය. ගොවියාගේ කම්කරුවාගේ පටන් එහි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය ඉහළ නංවා ගැනීම පමණය. ඒ වෙනුවෙන් අපිට කල යුතු විශාල වැඩ කොටසක් වෙයි. ඒ වැඩ කොටස රටේ සමස්ථ දේශපාලන ක්‍රමය තුල අප සිර කර දමා ඇත්තේ ය. ඒ දේශපාලන ක්‍රමයෙන් රට නිදහස් කර ගැනීමෙන් තොරව මේ රටේ ආර්ථිකය සුඛිතමුදිත කල හැකි නොවේ. අපි මේ රටේ ආර්ථිකය ද දේශපාලනය නම් බන්ධනාගාරයේ සිර කොට තිබේ. නඩුත් නැති, ඇපත් නැති, නිදහසක් නැති අඳුරු සිර කුටියක එය සිරවී තිබේ. ඒ ආර්ථිකය සිර කර ගෙන සිටින බන්ධනාගාරයේ පාලකයෝ නම් ජේලර්ලා නොව හිත්පිත් නැති මේ රටේ දේශපාලකයෝ ය. ඒ දේශපාලකයන්ගේ ග්රහණයෙන් මේ රට මුදවා ගෙන ආර්ථික නිදහස ඇතිකරන තුරු, මිනිසුන් දුප්පත්කමේ සිර ගෙදර දිවි ඇති තෙක් දඬුවම් විඳිනු ඇත. බන්ධනාගාර නිලධාරියාට ද වැටුප් වැඩි වීමට නම් රටේ ගොවියාගේ කම්කරුවාගේ ගුරුවරයාගේ වෛද්‍යවරයාගේ පටන් පටන් සියල්ලෝ හිතට එකඟව වැඩ කල යුතුය. ඒ වැඩ වල කාර්යක්ෂමතාව සහ ඵ්ලදායීතාවය වැඩි කර ගත යුතුය. එවිට වැඩිපුර සම්පත් ප්‍රමාණයක් නිශ්පාදනය වන අතර ඒවායින් ධනය උපදී. එසේ වැඩිපුර එකතු වෙන ධනය ජනතාව අතටම ආදායම් ලෙස බෙදී යන්නේ ය. ඔබේ වැටුප් වැඩි වෙන එකම යාන්ත්‍රණය එයයි. එම ධනය ජනිත වන මෙන්ම බෙදී යන යාන්ත්‍රණය මාධ්‍ය ද නිදහස් වෙළඳපොළයි. ඒ නිදහස් වෙළඳපොළ ආර්ථිකය සූරා කන, සොරා කන දේශපාලකයන්ගෙන් නිදහස් කර ගැනීමෙන් තොරව ජනතාවගේ ආදායම් හෝ වැටුප් ඉහළ නංවා ගැනීම කල නොහැක. වී ගෝනි 75 ක අස්වැන්නක් ලැබූ ගොවියාගෙන් ගෝනි 25 ක් මීයන් කා දැමුවේ නම් ඔහුගේ උත්සහයේ ද ප්‍රයෝජනයක් හෝ ලාභයක් නොමැත. එනයින් වැඩි වැටුප් අවශ්‍ය නම් අප කල යුත්තේ සොරා කන, සූරා කන දේශපාලන ක්‍රමය වෙනස් කොට, වංචා සහ දූෂණ නම් මීයන් පන්නා දමා, රටේ නිශ්පාදන වල කාර්යක්ෂමතාව සහ ඵ්ලදායීතාවය නංවා, ඒවා සාධාරණ ලෙස බෙදී යන නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කිරීම පමණය. ඔබව දුප්පත්කමෙන් මුදවන එකම මාර්ගය එයයි. පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom