Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිර ගෙදර ජීවිතේ...2...පැතුම් කර්නර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටාං ටාං ටාං, යකඩ තහඩුවකට කල පහර දීමකින් නැගුණු ගෝරනාඩුවකින් බුරුල් උන දෑස්, යකඩ දොරේ කනු අස්සෙන් ආ උදෑසන මන්දාලෝකයට ඉඩ දුන්නේ කොළඹ අහසේ සීමිත වූ අරුනැල්ලේ ප්රබෝධය වෙනදාට තරම් විඳ ගැනීමට අපහසු කඩා වැටුණු හිතත් අවදි කර ගනිමිනි. තාප්ප කීපයකින් එහා වූ කොළඹ නාලන්දයේ සිටිය දී ද, කිලෝමීටර් භාගයකට එහායින් වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිටියදී ද හොඳින් හුරු වූ මේ අහස වැලිකඩ සිටිය දී ප්‍රිය නොවුනේ අහසේ වැරැද්දකට නොව බන්ධනාගාරයේ වූ සිරවී ඇති හිතේ අමාරුවට බව මට සිතිණ.

කැලණියේ වෙදමුල්ලේ ඉස්කෝලේ සිටිය දී එහිදී ද හඬ ගෑවේ කෝච්චි පාරවල් වල රේලි පීලි සිල්බර කොටයට සවි කරනා ඝණ යකඩ තහඩුවකට මිටියකින් තැලීමෙනි. එබැවින් හිර ගෙදර මේ අවදි කිරීමට තැළූ යකඩයෙන් නිකුත් වූ මුවහත් සද්දය වෙදමුල්ල ඉස්කෝලේ ද සිහි කලේ නිරායාසයෙනි. බොහෝ ආරණ්‍යය වල දක්නට ඇති තැන්පත් වූ තාපස සිත් අවදි කරන මොට සද්දයක් නිකුත් කරන ලී බෙර මෙන් නොව සිර කුටියේ ඇති දැඩි පීඩිත හිත් අවදි කිරීමට ඒ මුවහත් යකඩ ගැටෙන හඬ අත්‍යාවශ්‍ය වූවා විය හැකිය.

"පෝලීම්, පෝලීම්" - ඈතින් ඇහෙන හඬත් සමඟම පිළිවෙලට අඩුක් කල කඳන් යායක් මෙන් බිම නිදා සිටි සිර කුටියේ සාමාජිකයෝ වේගයෙන් නැගී සිටියේ ඔළුව පහත් කර මඩේ කෑම සොයමින් සිටි කොකුන් රෑනක් එකවර බෙල්ල උස්සා විපරම් කරන්නාක් මෙනි. කුටියේ දොර අසළට බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු පැමිණ එහි දොර විවෘත කලේන් කුටියේ වූ සියල්ලෝම පේළියට දොරෙන් ඉවතට ගියේ ය. නිලධාරීන් ශබ්ද නගා සිරකරුවන් පිරිස ගණන් කොට සටහන් කර ගත්තේ ය. සිර ගෙදර මාගේ පලමු දිනය එසේ ඇරඹී තිබිණ.

කුටියේ දොර විවෘත වීමෙන් අනතුරුව අප පැමිණ තිබුණේ අඩි තිහක් පමණ දිගා හා පළල වූ හතරැස් මිදුලකට ය. එහි ද තුන් පැත්තකින් වටවූ අඩි 10ක් පමණ වූ උස තාප්පය. එක් පැත්තකින් හිර කුටි 2කි. ඒවා M1 හා M2 යැයි නම් කොට තිබිණ. M2 කුටියේ අප 11 දෙනෙක් වූ අතර, M1 කුටියේ පෝලිම් කිරීමේදී ඉන් ඉවතට පැමිණි සිර කරුවන් ප්‍රමාණය 10ක් වූයේ ය. ඇතැමුන් සරම් ඇඳ සිටියේය, ඇතැමුන් කොට කලිසම් ඇඳ සිටීයේ ය. මේ සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බැවින් හිර ගෙදර ජම්පර් ඇඳි සිර කරුවන් මෙහි නොමැත. හැමෝම ගෙදරින් ගෙනා පහසු ඇඳුමකින් සැරසී සිටියේ ය.

මේ හතරැස් මිදුලේ වූ තාප්ප නම් විවිධ කාලවල තිබූ පරණ ගොඩනැගිලි වලින්ම ඉතිරි වූ නෂ්ඨාවශේෂ බිත්තීන් ය. ඒවායේ කපරාරු බිඳී ඇතුලේ වූ කබොක් ගල් තැනින් තැන මතු වී තිබූ අතර, කලින් කල දැමූ නඩත්තු කපරාරු පැච් වලින් එම බිත්ති රළු වී තිබිණ. හිර කුටියේ ඉදිරියෙන්ම ඇති එහා කොළේ තාප්පයේ අඩියෙන් හාරා යන ලොකු කාණුවකි. ඒ තාප්පයෙන් එහා තිබෙන E වාට්ටුවේ ජලය එම කාණුවෙන් ගලා ගියේ ය. තරමක ඉහළ සිට පහළට පැමිණෙන මේ කාණුවේ ජලය වේගයෙන් ගලා බහින දිර පාරක නොනවතින දිය බිඳෙන ශබ්දයේ තොර තෝංචියකින් ඒ මිදුල් කොටුව පුරවා දමා තිබුනේ ය. දෙසීයකට අධික රැඳවියන් සංඛ්‍යාවක් සිටින ඉස්පාසුවක් නැති E වාට්ටුවේ නාන වතුර ටැංකියෙන් නොකඩවා ගලා ආ ජලයෙන් මේ කාණුව දිවා කාලයේ කිසි විටෙක හිස් නොවුණි.

අප සිටි මේ විවෘත හතරැස් කොටු මිදුලේ එක් කෙලවරක වම් පැත්තේ විශාලව වැඩුණු එහෙත් තාප්පවලින් ඉහළට යෑමට නොදුන් ජෑම් ගසක් වූයේ ය. එහි අතු හරහට දික් වී සෙවණ දෙන ආකාරයෙන් සකස් කර ගෙන තිබූ අතර වම් බිත්තියත් කාණුවත් අතර වූ පොළොවෙන් සිමෙන්ති කොටසක් පලා ගෙන ඒ ජෑම් ගහ වැඩී තිබුණේය. කොටුව පුරා සිමෙන්ති අතුරා තිබූ අපිළිවෙලට උස් පහත් වූ පොළොව රාත්‍රිය පුරා ජෑම් ගහෙන් වැටුණු කොළ වලින් හැඩි වී තිබුණ. වම් බිත්තියට යටින් අසූචි බටයක් කඩා ගෙන ආ තවත් හිඩැසකින් කාන්දු වූ අසූචි මිශ්‍ර ජලය ජෑම් ගසේ මුල් ටික නාවා ගෙනම E වාට්ටුවෙන් ආ කාණුවට හිස් වූයේ ය.

සිර කුටි තිබුන පැත්තෙන්ම වූ එක් කොටසකින් වූ තවත් ගේට්ටුවකින් එම හතරැස් කොටුව බන්ධනාගාරයේ කොරිඩෝවට විවෘත වූයේ ය. M1 හා M2 කුටි දෙකට යන එන මූලික දොර එයයි. ඒ දොරින් එළියේ සිර කරුවන් දෙපළක් හා නිලධාරියෙන් කල්දේරම් දෙකක් තියා ගෙන කෑම බෙදමින් සිටියේ ය. කුටියෙන් එළියට පැමිණි හැමෝම ඇතුලේ තිබූ මල්ලකින් එළියට ගත් බෑගයකින් පිංගාන බැගීන් රැගෙන බත් බෙදා ගැනීමට එළියට ගියේ ය. හාල් සේරුවක හැඩය ගත් යකඩ ටින් හැඩැති භාජනයකින් මැන ඉන් පිරෙන්නට එකක් ඒ සිර කරුවා විසින් එක් එක් පිඟානට බෙදා දුන්නේ ය. මා රැගෙන ගිය පිඟාන ඉන් උතුරා ගිය අතර ඒ බත් ප්‍රමාණය මට වේල් 3 කට සෑහේ. ඉන් කොටසක් අඩු කිරීමට මා කාරුණිකව ඔහුට කීවේය. ඊළඟ කල්දේරමේ වූයේ පොල් සම්බෝල ය. හැමෝටම හැඳි දෙක බැගීන් ලැබුණු අතර මා ඉන් එකක් පමණක් ගත්තේ එය හොඳටම ප්‍රමාණවත් වූ නිසා වෙනි.

සිර ගෙදර හැමෝටම උදෑසන ආහාරය ලෙස ලැබෙන්නේ බත් හා පොල්සම්බෝල ය. එය දිනපතා කෑම දුෂ්කර බැවින්දෝ රැඳවියන් කාගෙවත් මුහුණට සිනාවක් ගෙන ඒමට උදෑසන වේල අසමත් වූයේ ය. කලින් දා කුස්සියේ දුටු විශාල බොයිලේරුවේ තම්බා ඇති බත් , ගෙදර මුට්ටියේ බත් වල රසට කිට්ටු කෙරුවේ නොමැත. බත් යනු තැම්බූ වතුරෙන් ඉදිමී ඇති පිෂ්ඨය වූවත් උයන ක්‍රමය අනුව එහි රසය වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

උදෑසන ආහාරය කුමත් වූවත් එය කා දැමීමට සිදු වන්නේ ආයෙත් දහවල් වන තුරු කුමක් කෑමට ලැබෙවී දැයි යන සැකය නිසා ය. සීත කාලයට තණකොළ අහේනිය නිසා බඩ ගින්නට පිදුරු ගිලින හරකුන් මෙන් සිර කුටියේ වැසියෝ ඇඟිල්ලෙන් ඔබමින් ඒ බත සමග සම්බෝලය සප්පායම් වූයේ ය.

උදෑසන ආහාරය අවසාන වත්ම මිදුලේ වූ ගේට්ටුව වසා දැමූ අතර, සිර කුටි දෙකේම වූ රැඳවියන් හට මිදුලේ කාලය ගත කිරීමට අවස්ථාව ලැබිණ. යලිත් සිර කුටිය හවස 5.30 වසන තුරු මේ මිදුලේ නිදහස අපිට තිබේ.

සිය කුටියේ වූ බයිබල් කීපයක් අතට ගත් විශාල සිරුරකින් යුතු අප්‍රිකානු ජාතිකයෙකු එහි තිබූ කැඩුණු ප්ලාස්ටික් පුටුවකුත් රැගෙන මිදුලේ වම් දකුණු කෙලවර වූ මුල්ලට වැදුනේ ය. කොටකලිසමක් සහ ස්කිනියක් හැඳ සිටි ඔහුව කවුරුත් හැඳින්වූයේ බාබා ලෙසයි. ඔහු කළු ජාතිකයෙකු වුව ද මා තරම් කළු සම් ඇත්තෙකු නොවූයේන්, මට ඔහු සුදට පෙනිණ. ඔහු සිය භාෂාවෙන් ගීතිකා කියමින් මිදුලේ මුල්ලට වී දීර්ඝකාලයක් දෙවියන්ට යාඤා කලේ ය. වසර 3කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින ඔහු ඇඳ සිටින ස්කිනියේ ලියා තැබූ වචන පෙළ ඔහු හදවතින්ම විශ්වාස කරන බව මට සිතිණ. එහි ලොකු අකුරින් Never Give Up යැයි ලියා තිබිණ.

මේ කොටුවේ ඌ අනෙක් සුවිශේෂීම දෙය වූයේ ඉදිරි බිත්තියට ආසන්නයේම වූ වතු සුද්ද මල් ගසයි. අවුරුදු කීපයක් වයස ඇති මේ වතු සුද්ද ගහ වටේම කොන්ක්‍රීට් ගල් වලින් බැඳි කොට බිත්ති 4 කි. එහි පුළුවන් අයුරින් ගසේ සාත්තුවට දැමූ පෝර පස් තට්ටුවකි. උදෑසන පිපිණු මල්, කුටි දෙකේ වූ රැඳවියන් දෙදෙනෙකු විසින් කුඩා භාජන දෙකකට නෙලා ගත්තේ බාබා ගේ යාඤාවට ඇහුම්කන් දෙන ගමන්මය.

මේ හතරැස් කොටුව පිරවූ ජෑම් ගසත්, වතු සුද්ද මල් ගසත් මා හට කරුණාරත්න අමරසිංහයන් ඉගැන්වූ ස්ලෝකයක් මතක් කලේය.

" ඡ්‍යාම් අන්න්ශ්‍ය කුර්වන්තී,

තිෂ්ටන්ති ස්වයං ආතාපේ,

පලාන්‍යෙපි පරාර්ථාය,

වෘක්ෂාහ් සත්පුරුෂාහව...

සෙවණ දෙන්නේ අනුන්ටයි

තාමම අව්වේ සිට,

පල හටගන්නේද අනුන් වෙනුවෙන් මයි,

ඒ නිසා වෘක්ෂයෝ නම් සත්පුරුෂයෝම ය.

පැතුම් කර්නර්

[QUOTE="riduna pm, post: 28054595, member: 567786"] ටාං ටාං ටාං, යකඩ තහඩුවකට කල පහර දීමකින් නැගුණු ගෝරනාඩුවකින් බුරුල් උන දෑස්, යකඩ දොරේ කනු අස්සෙන් ආ උදෑසන මන්දාලෝකයට ඉඩ දුන්නේ කොළඹ අහසේ සීමිත වූ අරුනැල්ලේ ප්රබෝධය වෙනදාට තරම් විඳ ගැනීමට අපහසු කඩා වැටුණු හිතත් අවදි කර ගනිමිනි. තාප්ප කීපයකින් එහා වූ කොළඹ නාලන්දයේ සිටිය දී ද, කිලෝමීටර් භාගයකට එහායින් වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිටියදී ද හොඳින් හුරු වූ මේ අහස වැලිකඩ සිටිය දී ප්‍රිය නොවුනේ අහසේ වැරැද්දකට නොව බන්ධනාගාරයේ වූ සිරවී ඇති හිතේ අමාරුවට බව මට සිතිණ. කැලණියේ වෙදමුල්ලේ ඉස්කෝලේ සිටිය දී එහිදී ද හඬ ගෑවේ කෝච්චි පාරවල් වල රේලි පීලි සිල්බර කොටයට සවි කරනා ඝණ යකඩ තහඩුවකට මිටියකින් තැලීමෙනි. එබැවින් හිර ගෙදර මේ අවදි කිරීමට තැළූ යකඩයෙන් නිකුත් වූ මුවහත් සද්දය වෙදමුල්ල ඉස්කෝලේ ද සිහි කලේ නිරායාසයෙනි. බොහෝ ආරණ්‍යය වල දක්නට ඇති තැන්පත් වූ තාපස සිත් අවදි කරන මොට සද්දයක් නිකුත් කරන ලී බෙර මෙන් නොව සිර කුටියේ ඇති දැඩි පීඩිත හිත් අවදි කිරීමට ඒ මුවහත් යකඩ ගැටෙන හඬ අත්‍යාවශ්‍ය වූවා විය හැකිය. "පෝලීම්, පෝලීම්" - ඈතින් ඇහෙන හඬත් සමඟම පිළිවෙලට අඩුක් කල කඳන් යායක් මෙන් බිම නිදා සිටි සිර කුටියේ සාමාජිකයෝ වේගයෙන් නැගී සිටියේ ඔළුව පහත් කර මඩේ කෑම සොයමින් සිටි කොකුන් රෑනක් එකවර බෙල්ල උස්සා විපරම් කරන්නාක් මෙනි. කුටියේ දොර අසළට බන්ධනාගාර නිලධාරීන් කීපදෙනෙකු පැමිණ එහි දොර විවෘත කලේන් කුටියේ වූ සියල්ලෝම පේළියට දොරෙන් ඉවතට ගියේ ය. නිලධාරීන් ශබ්ද නගා සිරකරුවන් පිරිස ගණන් කොට සටහන් කර ගත්තේ ය. සිර ගෙදර මාගේ පලමු දිනය එසේ ඇරඹී තිබිණ. කුටියේ දොර විවෘත වීමෙන් අනතුරුව අප පැමිණ තිබුණේ අඩි තිහක් පමණ දිගා හා පළල වූ හතරැස් මිදුලකට ය. එහි ද තුන් පැත්තකින් වටවූ අඩි 10ක් පමණ වූ උස තාප්පය. එක් පැත්තකින් හිර කුටි 2කි. ඒවා M1 හා M2 යැයි නම් කොට තිබිණ. M2 කුටියේ අප 11 දෙනෙක් වූ අතර, M1 කුටියේ පෝලිම් කිරීමේදී ඉන් ඉවතට පැමිණි සිර කරුවන් ප්‍රමාණය 10ක් වූයේ ය. ඇතැමුන් සරම් ඇඳ සිටියේය, ඇතැමුන් කොට කලිසම් ඇඳ සිටීයේ ය. මේ සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ බැවින් හිර ගෙදර ජම්පර් ඇඳි සිර කරුවන් මෙහි නොමැත. හැමෝම ගෙදරින් ගෙනා පහසු ඇඳුමකින් සැරසී සිටියේ ය. මේ හතරැස් මිදුලේ වූ තාප්ප නම් විවිධ කාලවල තිබූ පරණ ගොඩනැගිලි වලින්ම ඉතිරි වූ නෂ්ඨාවශේෂ බිත්තීන් ය. ඒවායේ කපරාරු බිඳී ඇතුලේ වූ කබොක් ගල් තැනින් තැන මතු වී තිබූ අතර, කලින් කල දැමූ නඩත්තු කපරාරු පැච් වලින් එම බිත්ති රළු වී තිබිණ. හිර කුටියේ ඉදිරියෙන්ම ඇති එහා කොළේ තාප්පයේ අඩියෙන් හාරා යන ලොකු කාණුවකි. ඒ තාප්පයෙන් එහා තිබෙන E වාට්ටුවේ ජලය එම කාණුවෙන් ගලා ගියේ ය. තරමක ඉහළ සිට පහළට පැමිණෙන මේ කාණුවේ ජලය වේගයෙන් ගලා බහින දිර පාරක නොනවතින දිය බිඳෙන ශබ්දයේ තොර තෝංචියකින් ඒ මිදුල් කොටුව පුරවා දමා තිබුනේ ය. දෙසීයකට අධික රැඳවියන් සංඛ්‍යාවක් සිටින ඉස්පාසුවක් නැති E වාට්ටුවේ නාන වතුර ටැංකියෙන් නොකඩවා ගලා ආ ජලයෙන් මේ කාණුව දිවා කාලයේ කිසි විටෙක හිස් නොවුණි. අප සිටි මේ විවෘත හතරැස් කොටු මිදුලේ එක් කෙලවරක වම් පැත්තේ විශාලව වැඩුණු එහෙත් තාප්පවලින් ඉහළට යෑමට නොදුන් ජෑම් ගසක් වූයේ ය. එහි අතු හරහට දික් වී සෙවණ දෙන ආකාරයෙන් සකස් කර ගෙන තිබූ අතර වම් බිත්තියත් කාණුවත් අතර වූ පොළොවෙන් සිමෙන්ති කොටසක් පලා ගෙන ඒ ජෑම් ගහ වැඩී තිබුණේය. කොටුව පුරා සිමෙන්ති අතුරා තිබූ අපිළිවෙලට උස් පහත් වූ පොළොව රාත්‍රිය පුරා ජෑම් ගහෙන් වැටුණු කොළ වලින් හැඩි වී තිබුණ. වම් බිත්තියට යටින් අසූචි බටයක් කඩා ගෙන ආ තවත් හිඩැසකින් කාන්දු වූ අසූචි මිශ්‍ර ජලය ජෑම් ගසේ මුල් ටික නාවා ගෙනම E වාට්ටුවෙන් ආ කාණුවට හිස් වූයේ ය. සිර කුටි තිබුන පැත්තෙන්ම වූ එක් කොටසකින් වූ තවත් ගේට්ටුවකින් එම හතරැස් කොටුව බන්ධනාගාරයේ කොරිඩෝවට විවෘත වූයේ ය. M1 හා M2 කුටි දෙකට යන එන මූලික දොර එයයි. ඒ දොරින් එළියේ සිර කරුවන් දෙපළක් හා නිලධාරියෙන් කල්දේරම් දෙකක් තියා ගෙන කෑම බෙදමින් සිටියේ ය. කුටියෙන් එළියට පැමිණි හැමෝම ඇතුලේ තිබූ මල්ලකින් එළියට ගත් බෑගයකින් පිංගාන බැගීන් රැගෙන බත් බෙදා ගැනීමට එළියට ගියේ ය. හාල් සේරුවක හැඩය ගත් යකඩ ටින් හැඩැති භාජනයකින් මැන ඉන් පිරෙන්නට එකක් ඒ සිර කරුවා විසින් එක් එක් පිඟානට බෙදා දුන්නේ ය. මා රැගෙන ගිය පිඟාන ඉන් උතුරා ගිය අතර ඒ බත් ප්‍රමාණය මට වේල් 3 කට සෑහේ. ඉන් කොටසක් අඩු කිරීමට මා කාරුණිකව ඔහුට කීවේය. ඊළඟ කල්දේරමේ වූයේ පොල් සම්බෝල ය. හැමෝටම හැඳි දෙක බැගීන් ලැබුණු අතර මා ඉන් එකක් පමණක් ගත්තේ එය හොඳටම ප්‍රමාණවත් වූ නිසා වෙනි. සිර ගෙදර හැමෝටම උදෑසන ආහාරය ලෙස ලැබෙන්නේ බත් හා පොල්සම්බෝල ය. එය දිනපතා කෑම දුෂ්කර බැවින්දෝ රැඳවියන් කාගෙවත් මුහුණට සිනාවක් ගෙන ඒමට උදෑසන වේල අසමත් වූයේ ය. කලින් දා කුස්සියේ දුටු විශාල බොයිලේරුවේ තම්බා ඇති බත් , ගෙදර මුට්ටියේ බත් වල රසට කිට්ටු කෙරුවේ නොමැත. බත් යනු තැම්බූ වතුරෙන් ඉදිමී ඇති පිෂ්ඨය වූවත් උයන ක්‍රමය අනුව එහි රසය වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. උදෑසන ආහාරය කුමත් වූවත් එය කා දැමීමට සිදු වන්නේ ආයෙත් දහවල් වන තුරු කුමක් කෑමට ලැබෙවී දැයි යන සැකය නිසා ය. සීත කාලයට තණකොළ අහේනිය නිසා බඩ ගින්නට පිදුරු ගිලින හරකුන් මෙන් සිර කුටියේ වැසියෝ ඇඟිල්ලෙන් ඔබමින් ඒ බත සමග සම්බෝලය සප්පායම් වූයේ ය. උදෑසන ආහාරය අවසාන වත්ම මිදුලේ වූ ගේට්ටුව වසා දැමූ අතර, සිර කුටි දෙකේම වූ රැඳවියන් හට මිදුලේ කාලය ගත කිරීමට අවස්ථාව ලැබිණ. යලිත් සිර කුටිය හවස 5.30 වසන තුරු මේ මිදුලේ නිදහස අපිට තිබේ. සිය කුටියේ වූ බයිබල් කීපයක් අතට ගත් විශාල සිරුරකින් යුතු අප්‍රිකානු ජාතිකයෙකු එහි තිබූ කැඩුණු ප්ලාස්ටික් පුටුවකුත් රැගෙන මිදුලේ වම් දකුණු කෙලවර වූ මුල්ලට වැදුනේ ය. කොටකලිසමක් සහ ස්කිනියක් හැඳ සිටි ඔහුව කවුරුත් හැඳින්වූයේ බාබා ලෙසයි. ඔහු කළු ජාතිකයෙකු වුව ද මා තරම් කළු සම් ඇත්තෙකු නොවූයේන්, මට ඔහු සුදට පෙනිණ. ඔහු සිය භාෂාවෙන් ගීතිකා කියමින් මිදුලේ මුල්ලට වී දීර්ඝකාලයක් දෙවියන්ට යාඤා කලේ ය. වසර 3කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින ඔහු ඇඳ සිටින ස්කිනියේ ලියා තැබූ වචන පෙළ ඔහු හදවතින්ම විශ්වාස කරන බව මට සිතිණ. එහි ලොකු අකුරින් Never Give Up යැයි ලියා තිබිණ. මේ කොටුවේ ඌ අනෙක් සුවිශේෂීම දෙය වූයේ ඉදිරි බිත්තියට ආසන්නයේම වූ වතු සුද්ද මල් ගසයි. අවුරුදු කීපයක් වයස ඇති මේ වතු සුද්ද ගහ වටේම කොන්ක්‍රීට් ගල් වලින් බැඳි කොට බිත්ති 4 කි. එහි පුළුවන් අයුරින් ගසේ සාත්තුවට දැමූ පෝර පස් තට්ටුවකි. උදෑසන පිපිණු මල්, කුටි දෙකේ වූ රැඳවියන් දෙදෙනෙකු විසින් කුඩා භාජන දෙකකට නෙලා ගත්තේ බාබා ගේ යාඤාවට ඇහුම්කන් දෙන ගමන්මය. මේ හතරැස් කොටුව පිරවූ ජෑම් ගසත්, වතු සුද්ද මල් ගසත් මා හට කරුණාරත්න අමරසිංහයන් ඉගැන්වූ ස්ලෝකයක් මතක් කලේය. " ඡ්‍යාම් අන්න්ශ්‍ය කුර්වන්තී, තිෂ්ටන්ති ස්වයං ආතාපේ, පලාන්‍යෙපි පරාර්ථාය, වෘක්ෂාහ් සත්පුරුෂාහව... සෙවණ දෙන්නේ අනුන්ටයි තාමම අව්වේ සිට, පල හටගන්නේද අනුන් වෙනුවෙන් මයි, ඒ නිසා වෘක්ෂයෝ නම් සත්පුරුෂයෝම ය. පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom