හිර ගෙදර යම යුද්ධයක්

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
හිර ගෙදර යම යුද්ධයක්

Sri+Lanka+Prison+Riot.JPEG-05279.jpg
උපුටා ගැනීම http://www.aluthnews.com/

හිර ගෙදර යම යුද්ධයක්
බොරැල්ල මැගසීන් බන්ධනාගාරයේ පසු ගිය දා ලොකු කලබලයක් ඇති වුනා.ඒ බන්ධනාගාර අධිකාරිවරයා ඉවත් කරණ ලෙස ඉල්ලීම් කරමින් රැඳවියන් කළ විරෝධතාවයක් දුර දිග යාම නිසයි.

මෙම කැරැල්ල මෙහෙයවීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහය ලැබෙන්නට ඇති බව විශ්වාස කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා මේ අතර සඳහන් කර තිබුණා.මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු ව්‍යාපාරිකයකු සැකකරුවන්ට කෑම පාර්සල් පිටතින් ගෙන ඒමට බන්ධනාගාර අධිකාරිවරයා විරුද්ධ වීමත් සමඟ කලහකාරී තත්වය හටගත්තා.


සිදවු ගැටුමෙන් රැඳවියන් ඇතුළු 28 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.මේ අතර මෙම සිද්ධිය පසු පස කොටි සැකකරුවන් ඝාතනය කර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් කැළලක්‌ ඇති කිරීමට සැලසුම්කර තිබී ඇතැයි ඇතැම් ජනමාධ්‍ය වාර්තා කර තිබුණා.ගිනි තැබීම් හා විනාශකාරී ක්‍රියා වලින් රජයට රුපියල් මිලියන 60 අලාබයක් සිදුවී ඇතිබව සඳහන් වී තිබුණා.ඇතිවූ ගැටුමේදී සිදු කළ ගිනි තැබීම නිසා රැඳවියන් එක්‌දහස්‌ අටසියයකගේ පමණ දත්ත හා තොරතුරු ඇතුළත් ලිපිගොනු සියල්ල මුළුමනින්ම විනාශ වී ඇති බවද වාර්ථා වුනා.