Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
52 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
54 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
56 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
58 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හීනමානය ගැන ලියමනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හීනමානය ගැන ලියමනක්

චන්ඩි සහ බට්ටා

මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්.

අපේ පලවැලේ ඉස්කෝලෙ දහයෙ එකොලහෙ අනික් පන්තිවල හිටපු චන්ඩි මෙන්ඩයියල වගේ ජෙනුයින් අයියලා. එයිනුත් උඩම හිටපු චන්ඩි දෙතුන් දෙනා හෙනම සාමකාමී එවුං. වලියට නොයා ෂේප් එකේ ඉන්න ගමං “හෑන් පයිට්” කියන සෙල්ලමෙන් තමයි තමුංගෙ හයිය පෙන්නගෙන හිටියෙ. උං යටතේ හිටපු පුහුණුවන ශ්රේපණියෙ චන්ඩි උනත් වලියක් නැතුව වලි ඇදගන්න ගියෙ නෑ. උං තමුංගෙ පන්තියෙ ඉන්න නෝංජල්ම එකා වෙනුවෙං උනත් පෙනී හිටියා. ඒ හංදා උංගෙ පන්තිවල හැමෝටම එක හා සමාන හයියක් තිබුණා. කොටිම්ම කෙල්ලො උනත් උංට මාර එකතුයි.

අපේ පන්තියෙ හිටියෙ චන්ඩි දෙන්නයි. එකෙක් රංග අනිකා චමිල. උං දෙන්නට තිවුණු ලොකුම හයිය තමයි මහ හයියෙං කෑ ගහන්න පුළුවං කට. පන්තියෙ ඉන්න එවුං අතරින් තමුන් චන්ඩි කියලා ඉහළට එන්න උං දෙන්නා යොදාගත්තෙ ඒ හයිය. පන්තියෙ ඉන්න කොල්ලංගෙ ගෙවල්වල අය උන්ට කතා කරන නම හොයාගෙන ඒක පන්තිය පුරා ප්‍ර සිද්ධ කරන බව කියලා කොල්ලංගෙ රුපියල් පහ දහය කඩා ගැනිම උංගෙ එක චන්ඩි කමක්. තවත් සමහර එවුංගෙ ජීවිතේ අප්‍ර කට සිද්ධි පන්තියෙ කෙල්ලො ඉස්සරහ කියලා කෙල්ලංගෙ හිනාවට ලක්කිරීමත් උංගෙ එක චන්ඩිකමක්. පන්තියෙ කොල්ලො විතරක් දන්න රහස් විදිහට තිබුණු ‘බණ්ඩා අඳින්නෙ මල් ඇඳපු ජංගි බව’ වගේ සේරම රහස් ප්රොසිද්ධියෙ කියලා චාටර් කෙරුවාව හිංදා අපි සේරම චමිලයගෙයි රංගයගෙයි වචනෙට බයවෙලයි හිටියෙ. ඒ වුනත් සමහර දවස්වලට කෙල්ලො ඉස්සරහ බණ්ඩගෙ කලිසම ගැලවීම, බට්ටව කෙල්ලංගෙ ඇඟට තල්ලු කරලා උට ගුටි ඇන්නවීම, දවල් කෑමෙන් පස්සෙ ඉතුරුවෙන මොකක් හරි ඉඳුල් ජාතියක් කොල්ලංගෙ පුටුවල ගාලා ඒකෙං කලිසමේ හැදෙන කහපාට පැල්ලමට ඈඳලා කතන්දර හැදීම වගේ චන්ඩිකං කරන්න උං දෙන්නා පෙළඹුනා. මේ හැම එකකම අවසානෙ ඇහෙන කෙල්ලංගෙ හිනාව උං දෙන්න පිළිගත්තෙ ලොකු ආඩම්බරයක් හැටියට. ඒ හංදා අපි වගේ හුඟක් එවුං ඉස්කෝලෙ ගිහිං පන්සිල් ගනිද්දි දෙයියන්ට පිංදීලා ඉල්ලුවෙ උංගෙං එදා දවසෙ අපේ නම්බුව බේරලා දෙන්න කියලා.

අපේ සම මට්ටමේ අනික් පන්තිවල හිටිය ඕන කෙල්ලෙක් සායයි හැට්ටෙයි අන්දලා පාරෙ ගෙනියන්න පුළුවං මට්ටමේ හිටියා. ඒ වුනාට අපේ පන්තියෙ හිටිය කෙල්ලංගෙං කොල්ලෙක්ගෙ බැල්මට අහුවෙන්න හිටියෙ ‘**හාරි’ විතරයි. හමේ පාටත්, ඉගෙනීමේ හැකියාවත්, එක්ක දිග පළල හරියාකාරව පිහිටපු ඒකිගෙ කොණ්ඩෙ විතරක් නයිජීරියාවෙ මුරූගෙ වගේ උනේ කොහොමද කියලා මං කල්පනා කෙරුවා. ඒ වෙනකොටත් ගුරුවරු හැමෝම වගේ ඒකිව දොස්තර නෝනෙක්ට අන්දලා ඉවරයි. ඒ හංදම දහතුන වසරේ ‘වන්නියගෙ’ අවංක, අකලංක ප්‍රේෙම ආයාචනේට ඒකිගෙ හිත නැමුනෙ නෑ. හැබැයි වන්නියා තමුංගෙ සේනාව එක්ක අපේ පන්තිය පැත්තෙ එන විසිට් එකත් නතර උනේ නෑ.

**හාරි ඇරුණම අපේ පන්තියෙ හිටිය අනික් කෙල්ලො ගැන කියතොත් මෙහෙම වට්ටෝරුවක් හැදියැකි

ගාමිණී දිසානායක මහත්තයා මැරිච්චි තොටළඟ බෝම්බෙ පිපිරවීමේ සිද්ධියෙ බෝම්බකාරිගෙ මූණ වගේ මූණ තියෙන කෙල්ලො එකයි

ආණ්ඩුවෙන් පාසල් ළමයින්ට දෙන නිල ඇඳුං රෙද්දෙන් ගවුං දෙකක්ම මහන්න පුළුවං තරමෙ කොහුමිටි තරං අතපය හතර ඇති කේලං මලු හතරයි (සැ.යු:- එකෙක් ඇරෙන්න අනික්වා සම්පූර්ණ මැටි)

දෑල ලී මෝලෙ තියෙන ලොකුම දැති කියතටවත් අහුවෙන්නැති තරං මහත, හයමස් වයසැති නිවුං දරු උපතකට සූදානං ගැබිනි මාතාවක් තරං බඩ මහත තඩිස්සියො එකයි.

ඉස්සරහ පස්ස මාරුවෙලා ඔලුව හයිකරා යැයි සඳහන් වෙන මහසෝන් අවතාරෙගෙ එක්කුසේ උපං නංගි යැයි සැක හිතන්න පුළුවං ඉස්සරහ පස්ස මාරුවෙලා, කකුල් බකල් වෙච්ච “සුරූපී ලලනාවො” වසයෙං ස්වයං වින්දනේ යෙදෙන කෙකර කිකිලියො තුන්දෙනයි.

හැමදාම ඇඳුංවල කහට පැල්ලං තියෙන, විවිධ වර්ණයේ ත්රිබකෝණ රටේ තියෙන බව තමුන්ට පිටිපස්සෙං ඉන්න කොල්ලන්ට මතක් කර දෙන, අන්ඩසොකට් එකේ රේන්දෙ ඉරිලා ගවුම යටිං එල්ලෙන්න ඇඳුං අඳින, ‘ශීලාචාරකමක් නැති එවුං’ කියලා ගුරුවරුංගෙ ඇගයීමට ලක්වෙන පිස්සු මරගාත දෙකයි (හැබැයි මුංගෙ හිත හොඳයි).

මේ කිසිම එකකට නැති Walking dead වගේ වට්ටෝරුවට ජීවත්වෙන කෙලි පරාණ දහ පහලොවක්.

කොල්ලො අතරිං බහුතරය හිටියෙ රැල්ලට ගහගෙන යන සෙට් එකක්. හැබැයි මට ඇරෙන්න අනික් හැමෝටම අඩු නැතුව ක්‍රිකට් පිස්සුව තිබුණා. පන්තියෙ සිරිමත්ගෙ ඉඳං යටම එකාට වෙනකං ඒ පිස්සුව පොදුයි. අනික් එවුං රංචුව පිටිං පිට්ටනියට බහිද්දි මං පොත් දඩයමේ ගියා. කාගෙ හරි ළඟ පොතක් පත්තරයක් තිවුනොත් වැඳල හරි ඉල්ලගෙන ඒක අරං ඇවිත් පන්තියෙ තියාගෙන කියවන මං ක්‍රිකට් ගහන එවුංගෙං බැනුං අහන්නෙ

“තෝ තමයි පීරියඩ් කට් කලා කියල අපිව අල්ලා දුන්නෙ”

කියල.

ඔය වගේ ආතබූත පන්තියක් වෙච්චි අපේ පන්තියෙ එවුං හීනෙංවත් නොහිතන විදිහට මුලිම්ම කෙල්ලෙක් සෙට් වෙන්නෙ බට්ටට. පහ වසරෙ ළමයෙක් තරං පෙනුම ඇති බට්ටට කොට කලිසමට ලැබෙන රෙද්දෙංම දිග කලිසමක් මහන්න පුළුවං කියලයි අනික් එවුං කිව්වෙ. බට්ටට සෙට් උනේ හත වසරෙ නංගියෙක්. උප්පත්තියෙම්ම පිහිටල තිවුණු සිඟිති උඩු රැවුල් පොඩිත්තත්, නංගිගෙ තාත්තා රජයේ මරණ පරීක්ෂසක සහ පලාතෙම ගෙවල් ප්ලෑන් අඳින්නා වීමත් ඇරෙන්න වෙනිං අවුලක් ඒ නංගිට තිවුනෙ නෑ. බට්ටගෙ ඉල්ලීම පරිදි බට්ටෑ අයියගෙ පන්තියෙ එකෙග්ගෙ නංගිට කියලා මේ නංගිගෙං කැමැත්ත ඉල්ලලා යැව්වා. දවස් ගානක් ගියාට පස්සෙ කැමැත්ත ලැබුණ බවට ඒ පාරෙංම ආපස්සට ආරංචිය ලැබුණා. ඒකෙං අපේ බට්ටගෙ ජීවන කොපි පොතේ අලුත් පිටුවක් පෙරලුනා. කෙල්ලට රැව්ල ටිකක් තිවුණට ඒක ආදරේට කිසිම බාදාවක් නොවෙන බවත්, දැං ඌ තමුංගෙ අනාගත මාමණ්ඩියා වන කොරනේල් රාලහාමිටවත් බය නැති බවත් අපිත් එක්ක කියා හිටපු බට්ටා ඊළඟ වතාවෙ තමුංගෙ කලිසම ගලවන්න ආපු රංගයගෙ අත නහරයක් ඉලිප්පෙන්නම විකුවා.

තවත් පියවරක් ඉස්සරහට තියලා තමුංගෙ ආදරවන්තිට මොකක් හරි තෑග්ගක් දෙන්න බට්ටට ඕනැ උනා. ඒ වුනාට බට්ටගෙ ගෙදරිං රුපියලක් දෙකක් ඉල්ලගන්න එක වුනත් මාව සාක්කියට කැඳවන තරං බරපතල කටයුත්තක්. ඒ වුනාට බට්ටා සැලුනෙ නෑ. තමුංගෙ ආදරවන්තිය වෙනුවෙං මිනියක් මරන්න උනත් බට්ටට හිතේ හයිය තිබුණා. කාටවත් ණය නොවී සුපිරිසිදු විදිහට ඒ තෑග්ග අරං දෙන්න බට්ටට ඕනැ වුනා. අන්තිමට බට්ටා රුපියල් දහයක විතර විශාල මුදලක් ගෙදර අල්මාරියෙං ඉස්සුවා. ගෙදර ජූරිය ඉදිරියේ නඩු ඇහුවට බට්ටගෙ කට හොල්ලන්න බැරි වුනා. ගෙදරිං ලැබෙන වේවැල් පාර කාගෙන බට්ටා ඉවසං හිටියා. බට්ටගෙ පැත්තට සාක්කි දීපු මාවත් “දැං දැං ඒ තරං විස්සාස කරන්න බැරි” බව බට්ටගෙ දෙමව්පියො කියා හිටියා.

බට්ටා ලෙයින්, කඳුලිං උපයා ගත්තු රුපියල් දහයෙං කෙල්ලට තෑග්ගක් ගන්න විදිහ අපිත් එක්ක කතා කෙරුවා. බට්ටගෙ අතේ තියෙන ගානට ගන්න පුළුවං රුපියල් පහේ අයිස් පැකට් දෙකක්, දහයෙ චොකලට් එකක්, වගේ දේවල් අපි යෝජනා කලත් බට්ටගෙ හිතට මදි.

“කාලයක් තියාගන්න පුළුවං දෙයක් දෙන්න ඕනි බං. නිතරම මාව මතක්වෙන දෙයක්”

දවස් ගානක් කල්පනා කරලා එක දවසක බට්ටා තමුංගෙ තෑග්ග ගෙනාවා. එදා උදේ ඉඳං පන්තියෙං එලියට නොගිය බට්ටා තමුංගෙ තෑග්ග තියෙන බෑග් එක පරිස්සං කලා. කෙල්ලෙක්ට තෑග්ගක් දෙන එක ජීවිත කාලෙට කිසිම ඉස්කෝලෙකට යන්න නොලැබෙන තරං අසික්කිත විදිහට ලියාපු අස්වීමේ සහතිකයක් එක්ක ඉස්කෝලෙන් දොට්ට වැටෙන වැරැද්දක් වෙච්චි ඒ කාලෙ පෙරුම්පුරාගෙන ගෙනා තෑග්ග කෙල්ලගෙ අතට දෙන එක බට්ටට ප්‍ර ශ්නයක් උනා. අපිටත් ඒකට මැදිහත්වෙන්න පුළුවංකමක් තිබුනෙ නෑ. බට්ටගෙ පෙම්වතිය බට්ටා එක්ක මූනට මුනගැහිලා කතා කරන්න බැරි තරං ලැජ්ජාවෙන් පිරිච්ච බෝලෙයක්. ඒකි බට්ටාට තමුන්ට කිට්ටු කරන්න දුන්නේ ඉස්කෝලෙ ගොඩනැගිල්ලක දෙකොන අතර තරං දුරකට විතරයි. බට්ටා බිල්ඩිමේ මෙහා කොනේ ඉඳිද්දි බට්ටගෙ කෙල්ල බිල්ඩිමේ අනික් කොනේ මොහොතකට පෙනී හිටලා ආපහු පන්තියට දුවන එකෙං උං දෙන්නගෙ පෙම් හමුව ඉවරයි.

අන්තිමට අපේ පන්තියෙ චන්ඩි දෙන්නා තෑග්ග ගෙනියන වැඩේ බාරගත්තා. ගාස්තුව දෙකේ අයිස් දෙකකට සල්ලි. බට්ටා කාගෙන්ද ඒකටත් ඕනෑ ගාන නයට ගත්තා. තෑග්ග දාපු බ්රසවුං පේපර් කවරෙ උඩිං රුපියල් හතර තියලා බට්ටගෙ ඩීල් එක චන්ඩි දෙන්නට බාර දුන්නා. උං දෙන්නා පන්තියෙන් පිටවුනාට පස්සේ ඒ පිටිපස්සෙං හොරෙංම ගිහිං තෑග්ග බාරදීමේ අවස්ථාව දෑහිං දැකගෙන බට්ටට ඒ ගැන විස්තර කිරීමේ වැඩේ මට පැවරුනා.

රංගයයි, චමිලයයි අපේ පන්තිය තියෙන බිල්ඩිමේ එහා කොනට ගිහිං ආපහු හැරිල බැලුවා. මං කනුවක් පිටිපස්සෙ හැංගුණා. උං දෙන්නා එතනිං හරස් අතට ගිහිං මුදුන් බිත්තියට මුවාවුනා. මාත් අයිනකිං ඔලුව දැම්මා. එතකොටත් උං දෙන්නා බට්ටගෙ තෑග්ග කවරෙං එලියට ඇදලා අරං. බට්ටගෙ තෑග්ග ලේන්සුවක්. අරුං දෙන්නා ඒක දිගෑරියා. කලු ලෑල්ල මකන කොට්ටෙ ගැසුව වගේ සුදුපාට කුඩු ගොඩක් ලේන්සුවෙං බිමට වැටුනා. රංගයා ඒක තවපාරක් ගැසුවා. ඉං පස්සෙ උං දෙන්නා ලේන්සුව දිහා බලාගෙන නරි හූවක් එක්ක ටෙනිසන් කුරෙයි බන්දු සමරසිංහයි හිනාවෙනව වගේ හිනාවක් පටං ගනිද්දි මං එතෙන්ට කඩා වැදුනා.

“ඒයි. ඕක අදින්නෙපා බං.”

“අනෙප්පල යන්න.”

උං දෙන්නා බ්රගවුම්පේපර් කවරෙ උඩ විසික් කරා. මං ඒක අහුලන්න පාත් වෙලා නැකිටිද්දි රංගය ලේන්සුව ඇඟිලි දෙකකිං අල්ලගෙන උඩට උස්සගෙන පන්තියට දුවනව. මං උංගෙ පස්සෙං එලෙව්වා. උං දෙන්නා පන්තියට ඇතුල්වෙද්දි බට්ටගෙ මූනට වෙච්චි දේ දකින්න මට එතන ඉන්න බැරිවුනා. ඔව්, මං ටිකක් පහුවෙලා ආවේ. කලුලැල්ලටත් වැඩිය උස රංගයා හැමෝටම අර ලේන්සුව පෙන්නනව. බට්ටට එතනට එන්න බැරිවෙන්න චමිලය ඌට පොලිස් ගැටේ දාල අල්ලගෙන. බට්ටා උඩ පැන පැන සාප කරනව.

“තොපි වල් බල්ලො. හැඳිගෑවියව්”

“තොපිට හෙන ගහනව බොලව්”

අපේ එවුං වටවෙලා ලේන්සුව බලනව. බලන බලන එකාට බන්දු සමරසිංහගෙ හිනාව බෝ වෙනව. මාත් ඔලුව දැම්මා.

ඒ ලේන්සුව මහපු කෙනාටවත් ඒක අඳුරගන්න බෑ. බට්ටා ඒකට කාබන් පෑනෙං වැඩ දාලා. ලේංසුවෙ හතර කොනේ නැට්ට නැති බෝකොල හතරක් ඇඳලා. ලේංසුවෙ මැද පෙති තිහකට වැඩිය තියෙන මලක් ඇඳලා. මලේ මැද රේණු පවා ඇඳලා. ඒක අපේ එවුං දැනටමත් ‘අරකිගෙ අහවල් එක’ හැටියට නම් කරල ඉවරයි. කලිං සතියෙ චිත්රඑ මිස් කියල දුන්නු පලාපෙති මෝස්තර වලිං එකක් ලේන්සුවෙ බෝඩරේට ඇතුලෙං කොළ පාට පෑනකිං ඇඳලා. ඉතුරු ටික සමරු පොතක් වගේ. බට්ටට කෙල්ලත් එක්ක කියන්න තිබුණු සේරම ටික ඌ ඒ ලේන්සුව පුරා එක එක අතට ලියලා. උගෙ ආදරේ තරම ලියන්න ‘උත්කෘෂ්ඨ’ වගේ අමාරු වචන පවා ඌ පාවිච්චි කරලා.

කොරනේල් රාලහාමිට බය නැතිකම රතුපාටිම්ම ලියලා තිබුණා.

“මං චන්ඩියෙක් වුනේ ඔයා නිසයි”

වගේ වීර කියුම් ඇරුණම අනික් හැම ආදරණීය කරුණකම මුලට ඊතලයක උලගහපු බෝකොල දෙක දෙක ඇඳලා. ඒ විතරක් නෙවෙයි ලේන්සුව පුරාම බට්ටා පොඩි කාලෙ ඉඳං අහපු සේරම සින්දු ලියලා. ප්‍රි.න්ස්, නාමල්, අජිත්, වගේම ජෝතිපාල, ප්රිබයා, එඩ්වඩ් ජයකොඩි පවා බට්ටා අමතකර කරල නෑ. ලේන්සුවෙ අනික් පැත්තෙ මල් පත්තරේකින් කොපි කරල අඳින්න හදපු පාසල් පෙම් යුවලක පින්තූරෙ බාගෙට ඇඳල නවත්තල තිවුනෙ ඒ පින්තූරෙ ඉන්න ජෝඩුවටම “කෙහෙතගෙ අපලෙ” දරුණුවටම තියෙන බව පේන හින්දයි.

අපේ එවුං සේරම ඒක බැලුවට පස්සෙ රංගයයි, චමිලයයි ඒ ලේන්සුව අනික් පන්තිවලටත් පෙන්නන්න අරං ගියා. පන්තියක් ගානෙ බට්ටගෙ ලේන්සුව පෙන්නලා බට්ටව පීචං කරන්න උං දෙන්නට පීරියඩ් දෙක තුනකට වඩා ගියා. ඉස්කෝලෙං බාගයක් පුරාම බට්ටගෙ ලේන්සුවෙ තිවුණු අකුරක් ගානෙ පැතිරුණා. හයේ පන්තියෙ පොඩි එවුං පවා බට්ටට විහිලු කරා. ඔය විදිහට මාස ගානක් ඉස්කෝලෙට යන එන තුරාවට බස්එකෙත් ඉස්කෝලෙ ඉන්න වෙලාවෙත් විහිළුවට ලක්වුනාට ඒ සේරටම “උඹෙ අම්මගෙ..............” කියල සරල කුණුහරුපෙන් උත්තර දෙන්නත් ඒ එක්කම කිසිම දුකක් නැතුව ‘රැවුල් නංගි’ අතාරින්නත් බට්ටට පුළුවං උනා. බට්ටා සාමාන්යඑ පෙල පේල් වුනා. දෙවෙනි පාර සාමාන්‍ය පෙල පාස් වෙලා උසස් පෙළ සයන්ස් කරන්න ගිහිං ඇනගත්තා. දැං බට්ටා උසයි, ලොකුයි. මෑතකදි බොහොම හුරුබුහුටි කෙල්ලෙක්වත් බැඳගත්තා. ලක්ස බාගෙක තරම පඩියක් ගන්න රස්සාවකුත් ලැබුණා.

චන්ඩි දෙන්නගෙං රංගයා පහුකාලීනව අපට දෙමළ උගන්වපු මිස් එක්ක වලියක් දාගෙන ඉස්කෝලෙං අස්වීමෙ සහතිකේ ලියාගත්තා. පස්සෙ කාලෙක අපේ පන්තියෙම හිටපු කෙල්ලෙක්ගෙ කැමැත්ත ඉල්ලලා නොලැබුණ තැන ගංජා ලෝලියෙක් වෙලා නන්නත්තාර වෙලා ගිහිං තිබුණා. චමිලයත් සාමාන්යන පෙළ පාස් වුනා කියල දන්නවා. එතනිං පස්සෙ උං දෙන්නට වෙච්ච දෙයක්වත් දන්නෙ නෑ.

අදටත් දවල් එකට දෙකට පාරට බැස්සම රංගයයි, චමිලයයි වගේ අනුං තලාපෙලා සතුටු වෙන ජාතියෙ ඉස්කෝලෙ ළමයින්ව මං දකිනවා. සමහරු අනික් අයගෙ තොප්පි ඇදගෙන දුවනවා. තවත් අය කනට ගහලා දුවනවා. ඒ වගේ දෙයක් කරලා කෙනෙක්ව අසරණ කරලා මහ හයියෙං හිනාවෙලා සතුටුවෙන බව පෙන්වන ළමයින්ට මොකක් නමුත් හීනමානයක් තියෙන බවත්, රංගයට වගේම ඒ ළමයින්ටත් දරාගැනීමේ ශක්තිය අඩු බවත් මට හිතෙනවා. මගේ පැට්ටේරි රස්සාවෙදි හමුවෙච්චි ඒ වගේ තලාපෙලන්නෝ බොහොමයක් හිතේ හයිය අඩු මිනිස්සු. ඒ වගේ අය ඉස්කෝලෙ කාලෙදිම අඳුරගෙන සුදුසු පිලියමක් කලානම් සමාජයට යහපතක් වෙන්න පුළුවං.

source

http://yanhella.blogspot.com/2017/06/blog-post_18.html

[QUOTE="rangana26, post: 21826233, member: 461943"] [b]හීනමානය ගැන ලියමනක්[/b] [SIZE="4"]චන්ඩි සහ බට්ටා මෙන්ඩයියා පහුගිය කාලෙ ලියාගෙන ආපු පාසල් කාලේ ප්‍රේම කතාව කියවාගෙන යද්දි මට මං ගැනම “ඉදකිං” කියල හිතුනා. අනික් අය කියන දේවල් එක්ක බැලුවත් ඉස්කෝලේ දහය එකොලහ විතරක් නෙමෙයි ඉස්කෝලෙං එළියට බැහැලා ටික කාලයක් යනකං උනත් මට තිබිලා තියෙන්නෙ “ඉදකිං” වර්ගෙ ජීවිතයක්. අපේ පලවැලේ ඉස්කෝලෙ දහයෙ එකොලහෙ අනික් පන්තිවල හිටපු චන්ඩි මෙන්ඩයියල වගේ ජෙනුයින් අයියලා. එයිනුත් උඩම හිටපු චන්ඩි දෙතුන් දෙනා හෙනම සාමකාමී එවුං. වලියට නොයා ෂේප් එකේ ඉන්න ගමං “හෑන් පයිට්” කියන සෙල්ලමෙන් තමයි තමුංගෙ හයිය පෙන්නගෙන හිටියෙ. උං යටතේ හිටපු පුහුණුවන ශ්රේපණියෙ චන්ඩි උනත් වලියක් නැතුව වලි ඇදගන්න ගියෙ නෑ. උං තමුංගෙ පන්තියෙ ඉන්න නෝංජල්ම එකා වෙනුවෙං උනත් පෙනී හිටියා. ඒ හංදා උංගෙ පන්තිවල හැමෝටම එක හා සමාන හයියක් තිබුණා. කොටිම්ම කෙල්ලො උනත් උංට මාර එකතුයි. අපේ පන්තියෙ හිටියෙ චන්ඩි දෙන්නයි. එකෙක් රංග අනිකා චමිල. උං දෙන්නට තිවුණු ලොකුම හයිය තමයි මහ හයියෙං කෑ ගහන්න පුළුවං කට. පන්තියෙ ඉන්න එවුං අතරින් තමුන් චන්ඩි කියලා ඉහළට එන්න උං දෙන්නා යොදාගත්තෙ ඒ හයිය. පන්තියෙ ඉන්න කොල්ලංගෙ ගෙවල්වල අය උන්ට කතා කරන නම හොයාගෙන ඒක පන්තිය පුරා ප්‍ර සිද්ධ කරන බව කියලා කොල්ලංගෙ රුපියල් පහ දහය කඩා ගැනිම උංගෙ එක චන්ඩි කමක්. තවත් සමහර එවුංගෙ ජීවිතේ අප්‍ර කට සිද්ධි පන්තියෙ කෙල්ලො ඉස්සරහ කියලා කෙල්ලංගෙ හිනාවට ලක්කිරීමත් උංගෙ එක චන්ඩිකමක්. පන්තියෙ කොල්ලො විතරක් දන්න රහස් විදිහට තිබුණු ‘බණ්ඩා අඳින්නෙ මල් ඇඳපු ජංගි බව’ වගේ සේරම රහස් ප්රොසිද්ධියෙ කියලා චාටර් කෙරුවාව හිංදා අපි සේරම චමිලයගෙයි රංගයගෙයි වචනෙට බයවෙලයි හිටියෙ. ඒ වුනත් සමහර දවස්වලට කෙල්ලො ඉස්සරහ බණ්ඩගෙ කලිසම ගැලවීම, බට්ටව කෙල්ලංගෙ ඇඟට තල්ලු කරලා උට ගුටි ඇන්නවීම, දවල් කෑමෙන් පස්සෙ ඉතුරුවෙන මොකක් හරි ඉඳුල් ජාතියක් කොල්ලංගෙ පුටුවල ගාලා ඒකෙං කලිසමේ හැදෙන කහපාට පැල්ලමට ඈඳලා කතන්දර හැදීම වගේ චන්ඩිකං කරන්න උං දෙන්නා පෙළඹුනා. මේ හැම එකකම අවසානෙ ඇහෙන කෙල්ලංගෙ හිනාව උං දෙන්න පිළිගත්තෙ ලොකු ආඩම්බරයක් හැටියට. ඒ හංදා අපි වගේ හුඟක් එවුං ඉස්කෝලෙ ගිහිං පන්සිල් ගනිද්දි දෙයියන්ට පිංදීලා ඉල්ලුවෙ උංගෙං එදා දවසෙ අපේ නම්බුව බේරලා දෙන්න කියලා. අපේ සම මට්ටමේ අනික් පන්තිවල හිටිය ඕන කෙල්ලෙක් සායයි හැට්ටෙයි අන්දලා පාරෙ ගෙනියන්න පුළුවං මට්ටමේ හිටියා. ඒ වුනාට අපේ පන්තියෙ හිටිය කෙල්ලංගෙං කොල්ලෙක්ගෙ බැල්මට අහුවෙන්න හිටියෙ ‘**හාරි’ විතරයි. හමේ පාටත්, ඉගෙනීමේ හැකියාවත්, එක්ක දිග පළල හරියාකාරව පිහිටපු ඒකිගෙ කොණ්ඩෙ විතරක් නයිජීරියාවෙ මුරූගෙ වගේ උනේ කොහොමද කියලා මං කල්පනා කෙරුවා. ඒ වෙනකොටත් ගුරුවරු හැමෝම වගේ ඒකිව දොස්තර නෝනෙක්ට අන්දලා ඉවරයි. ඒ හංදම දහතුන වසරේ ‘වන්නියගෙ’ අවංක, අකලංක ප්‍රේෙම ආයාචනේට ඒකිගෙ හිත නැමුනෙ නෑ. හැබැයි වන්නියා තමුංගෙ සේනාව එක්ක අපේ පන්තිය පැත්තෙ එන විසිට් එකත් නතර උනේ නෑ. **හාරි ඇරුණම අපේ පන්තියෙ හිටිය අනික් කෙල්ලො ගැන කියතොත් මෙහෙම වට්ටෝරුවක් හැදියැකි ගාමිණී දිසානායක මහත්තයා මැරිච්චි තොටළඟ බෝම්බෙ පිපිරවීමේ සිද්ධියෙ බෝම්බකාරිගෙ මූණ වගේ මූණ තියෙන කෙල්ලො එකයි ආණ්ඩුවෙන් පාසල් ළමයින්ට දෙන නිල ඇඳුං රෙද්දෙන් ගවුං දෙකක්ම මහන්න පුළුවං තරමෙ කොහුමිටි තරං අතපය හතර ඇති කේලං මලු හතරයි (සැ.යු:- එකෙක් ඇරෙන්න අනික්වා සම්පූර්ණ මැටි) දෑල ලී මෝලෙ තියෙන ලොකුම දැති කියතටවත් අහුවෙන්නැති තරං මහත, හයමස් වයසැති නිවුං දරු උපතකට සූදානං ගැබිනි මාතාවක් තරං බඩ මහත තඩිස්සියො එකයි. ඉස්සරහ පස්ස මාරුවෙලා ඔලුව හයිකරා යැයි සඳහන් වෙන මහසෝන් අවතාරෙගෙ එක්කුසේ උපං නංගි යැයි සැක හිතන්න පුළුවං ඉස්සරහ පස්ස මාරුවෙලා, කකුල් බකල් වෙච්ච “සුරූපී ලලනාවො” වසයෙං ස්වයං වින්දනේ යෙදෙන කෙකර කිකිලියො තුන්දෙනයි. හැමදාම ඇඳුංවල කහට පැල්ලං තියෙන, විවිධ වර්ණයේ ත්රිබකෝණ රටේ තියෙන බව තමුන්ට පිටිපස්සෙං ඉන්න කොල්ලන්ට මතක් කර දෙන, අන්ඩසොකට් එකේ රේන්දෙ ඉරිලා ගවුම යටිං එල්ලෙන්න ඇඳුං අඳින, ‘ශීලාචාරකමක් නැති එවුං’ කියලා ගුරුවරුංගෙ ඇගයීමට ලක්වෙන පිස්සු මරගාත දෙකයි (හැබැයි මුංගෙ හිත හොඳයි). මේ කිසිම එකකට නැති Walking dead වගේ වට්ටෝරුවට ජීවත්වෙන කෙලි පරාණ දහ පහලොවක්. කොල්ලො අතරිං බහුතරය හිටියෙ රැල්ලට ගහගෙන යන සෙට් එකක්. හැබැයි මට ඇරෙන්න අනික් හැමෝටම අඩු නැතුව ක්‍රිකට් පිස්සුව තිබුණා. පන්තියෙ සිරිමත්ගෙ ඉඳං යටම එකාට වෙනකං ඒ පිස්සුව පොදුයි. අනික් එවුං රංචුව පිටිං පිට්ටනියට බහිද්දි මං පොත් දඩයමේ ගියා. කාගෙ හරි ළඟ පොතක් පත්තරයක් තිවුනොත් වැඳල හරි ඉල්ලගෙන ඒක අරං ඇවිත් පන්තියෙ තියාගෙන කියවන මං ක්‍රිකට් ගහන එවුංගෙං බැනුං අහන්නෙ “තෝ තමයි පීරියඩ් කට් කලා කියල අපිව අල්ලා දුන්නෙ” කියල. ඔය වගේ ආතබූත පන්තියක් වෙච්චි අපේ පන්තියෙ එවුං හීනෙංවත් නොහිතන විදිහට මුලිම්ම කෙල්ලෙක් සෙට් වෙන්නෙ බට්ටට. පහ වසරෙ ළමයෙක් තරං පෙනුම ඇති බට්ටට කොට කලිසමට ලැබෙන රෙද්දෙංම දිග කලිසමක් මහන්න පුළුවං කියලයි අනික් එවුං කිව්වෙ. බට්ටට සෙට් උනේ හත වසරෙ නංගියෙක්. උප්පත්තියෙම්ම පිහිටල තිවුණු සිඟිති උඩු රැවුල් පොඩිත්තත්, නංගිගෙ තාත්තා රජයේ මරණ පරීක්ෂසක සහ පලාතෙම ගෙවල් ප්ලෑන් අඳින්නා වීමත් ඇරෙන්න වෙනිං අවුලක් ඒ නංගිට තිවුනෙ නෑ. බට්ටගෙ ඉල්ලීම පරිදි බට්ටෑ අයියගෙ පන්තියෙ එකෙග්ගෙ නංගිට කියලා මේ නංගිගෙං කැමැත්ත ඉල්ලලා යැව්වා. දවස් ගානක් ගියාට පස්සෙ කැමැත්ත ලැබුණ බවට ඒ පාරෙංම ආපස්සට ආරංචිය ලැබුණා. ඒකෙං අපේ බට්ටගෙ ජීවන කොපි පොතේ අලුත් පිටුවක් පෙරලුනා. කෙල්ලට රැව්ල ටිකක් තිවුණට ඒක ආදරේට කිසිම බාදාවක් නොවෙන බවත්, දැං ඌ තමුංගෙ අනාගත මාමණ්ඩියා වන කොරනේල් රාලහාමිටවත් බය නැති බවත් අපිත් එක්ක කියා හිටපු බට්ටා ඊළඟ වතාවෙ තමුංගෙ කලිසම ගලවන්න ආපු රංගයගෙ අත නහරයක් ඉලිප්පෙන්නම විකුවා. තවත් පියවරක් ඉස්සරහට තියලා තමුංගෙ ආදරවන්තිට මොකක් හරි තෑග්ගක් දෙන්න බට්ටට ඕනැ උනා. ඒ වුනාට බට්ටගෙ ගෙදරිං රුපියලක් දෙකක් ඉල්ලගන්න එක වුනත් මාව සාක්කියට කැඳවන තරං බරපතල කටයුත්තක්. ඒ වුනාට බට්ටා සැලුනෙ නෑ. තමුංගෙ ආදරවන්තිය වෙනුවෙං මිනියක් මරන්න උනත් බට්ටට හිතේ හයිය තිබුණා. කාටවත් ණය නොවී සුපිරිසිදු විදිහට ඒ තෑග්ග අරං දෙන්න බට්ටට ඕනැ වුනා. අන්තිමට බට්ටා රුපියල් දහයක විතර විශාල මුදලක් ගෙදර අල්මාරියෙං ඉස්සුවා. ගෙදර ජූරිය ඉදිරියේ නඩු ඇහුවට බට්ටගෙ කට හොල්ලන්න බැරි වුනා. ගෙදරිං ලැබෙන වේවැල් පාර කාගෙන බට්ටා ඉවසං හිටියා. බට්ටගෙ පැත්තට සාක්කි දීපු මාවත් “දැං දැං ඒ තරං විස්සාස කරන්න බැරි” බව බට්ටගෙ දෙමව්පියො කියා හිටියා. බට්ටා ලෙයින්, කඳුලිං උපයා ගත්තු රුපියල් දහයෙං කෙල්ලට තෑග්ගක් ගන්න විදිහ අපිත් එක්ක කතා කෙරුවා. බට්ටගෙ අතේ තියෙන ගානට ගන්න පුළුවං රුපියල් පහේ අයිස් පැකට් දෙකක්, දහයෙ චොකලට් එකක්, වගේ දේවල් අපි යෝජනා කලත් බට්ටගෙ හිතට මදි. “කාලයක් තියාගන්න පුළුවං දෙයක් දෙන්න ඕනි බං. නිතරම මාව මතක්වෙන දෙයක්” දවස් ගානක් කල්පනා කරලා එක දවසක බට්ටා තමුංගෙ තෑග්ග ගෙනාවා. එදා උදේ ඉඳං පන්තියෙං එලියට නොගිය බට්ටා තමුංගෙ තෑග්ග තියෙන බෑග් එක පරිස්සං කලා. කෙල්ලෙක්ට තෑග්ගක් දෙන එක ජීවිත කාලෙට කිසිම ඉස්කෝලෙකට යන්න නොලැබෙන තරං අසික්කිත විදිහට ලියාපු අස්වීමේ සහතිකයක් එක්ක ඉස්කෝලෙන් දොට්ට වැටෙන වැරැද්දක් වෙච්චි ඒ කාලෙ පෙරුම්පුරාගෙන ගෙනා තෑග්ග කෙල්ලගෙ අතට දෙන එක බට්ටට ප්‍ර ශ්නයක් උනා. අපිටත් ඒකට මැදිහත්වෙන්න පුළුවංකමක් තිබුනෙ නෑ. බට්ටගෙ පෙම්වතිය බට්ටා එක්ක මූනට මුනගැහිලා කතා කරන්න බැරි තරං ලැජ්ජාවෙන් පිරිච්ච බෝලෙයක්. ඒකි බට්ටාට තමුන්ට කිට්ටු කරන්න දුන්නේ ඉස්කෝලෙ ගොඩනැගිල්ලක දෙකොන අතර තරං දුරකට විතරයි. බට්ටා බිල්ඩිමේ මෙහා කොනේ ඉඳිද්දි බට්ටගෙ කෙල්ල බිල්ඩිමේ අනික් කොනේ මොහොතකට පෙනී හිටලා ආපහු පන්තියට දුවන එකෙං උං දෙන්නගෙ පෙම් හමුව ඉවරයි. අන්තිමට අපේ පන්තියෙ චන්ඩි දෙන්නා තෑග්ග ගෙනියන වැඩේ බාරගත්තා. ගාස්තුව දෙකේ අයිස් දෙකකට සල්ලි. බට්ටා කාගෙන්ද ඒකටත් ඕනෑ ගාන නයට ගත්තා. තෑග්ග දාපු බ්රසවුං පේපර් කවරෙ උඩිං රුපියල් හතර තියලා බට්ටගෙ ඩීල් එක චන්ඩි දෙන්නට බාර දුන්නා. උං දෙන්නා පන්තියෙන් පිටවුනාට පස්සේ ඒ පිටිපස්සෙං හොරෙංම ගිහිං තෑග්ග බාරදීමේ අවස්ථාව දෑහිං දැකගෙන බට්ටට ඒ ගැන විස්තර කිරීමේ වැඩේ මට පැවරුනා. රංගයයි, චමිලයයි අපේ පන්තිය තියෙන බිල්ඩිමේ එහා කොනට ගිහිං ආපහු හැරිල බැලුවා. මං කනුවක් පිටිපස්සෙ හැංගුණා. උං දෙන්නා එතනිං හරස් අතට ගිහිං මුදුන් බිත්තියට මුවාවුනා. මාත් අයිනකිං ඔලුව දැම්මා. එතකොටත් උං දෙන්නා බට්ටගෙ තෑග්ග කවරෙං එලියට ඇදලා අරං. බට්ටගෙ තෑග්ග ලේන්සුවක්. අරුං දෙන්නා ඒක දිගෑරියා. කලු ලෑල්ල මකන කොට්ටෙ ගැසුව වගේ සුදුපාට කුඩු ගොඩක් ලේන්සුවෙං බිමට වැටුනා. රංගයා ඒක තවපාරක් ගැසුවා. ඉං පස්සෙ උං දෙන්නා ලේන්සුව දිහා බලාගෙන නරි හූවක් එක්ක ටෙනිසන් කුරෙයි බන්දු සමරසිංහයි හිනාවෙනව වගේ හිනාවක් පටං ගනිද්දි මං එතෙන්ට කඩා වැදුනා. “ඒයි. ඕක අදින්නෙපා බං.” “අනෙප්පල යන්න.” උං දෙන්නා බ්රගවුම්පේපර් කවරෙ උඩ විසික් කරා. මං ඒක අහුලන්න පාත් වෙලා නැකිටිද්දි රංගය ලේන්සුව ඇඟිලි දෙකකිං අල්ලගෙන උඩට උස්සගෙන පන්තියට දුවනව. මං උංගෙ පස්සෙං එලෙව්වා. උං දෙන්නා පන්තියට ඇතුල්වෙද්දි බට්ටගෙ මූනට වෙච්චි දේ දකින්න මට එතන ඉන්න බැරිවුනා. ඔව්, මං ටිකක් පහුවෙලා ආවේ. කලුලැල්ලටත් වැඩිය උස රංගයා හැමෝටම අර ලේන්සුව පෙන්නනව. බට්ටට එතනට එන්න බැරිවෙන්න චමිලය ඌට පොලිස් ගැටේ දාල අල්ලගෙන. බට්ටා උඩ පැන පැන සාප කරනව. “තොපි වල් බල්ලො. හැඳිගෑවියව්” “තොපිට හෙන ගහනව බොලව්” අපේ එවුං වටවෙලා ලේන්සුව බලනව. බලන බලන එකාට බන්දු සමරසිංහගෙ හිනාව බෝ වෙනව. මාත් ඔලුව දැම්මා. ඒ ලේන්සුව මහපු කෙනාටවත් ඒක අඳුරගන්න බෑ. බට්ටා ඒකට කාබන් පෑනෙං වැඩ දාලා. ලේංසුවෙ හතර කොනේ නැට්ට නැති බෝකොල හතරක් ඇඳලා. ලේංසුවෙ මැද පෙති තිහකට වැඩිය තියෙන මලක් ඇඳලා. මලේ මැද රේණු පවා ඇඳලා. ඒක අපේ එවුං දැනටමත් ‘අරකිගෙ අහවල් එක’ හැටියට නම් කරල ඉවරයි. කලිං සතියෙ චිත්රඑ මිස් කියල දුන්නු පලාපෙති මෝස්තර වලිං එකක් ලේන්සුවෙ බෝඩරේට ඇතුලෙං කොළ පාට පෑනකිං ඇඳලා. ඉතුරු ටික සමරු පොතක් වගේ. බට්ටට කෙල්ලත් එක්ක කියන්න තිබුණු සේරම ටික ඌ ඒ ලේන්සුව පුරා එක එක අතට ලියලා. උගෙ ආදරේ තරම ලියන්න ‘උත්කෘෂ්ඨ’ වගේ අමාරු වචන පවා ඌ පාවිච්චි කරලා. කොරනේල් රාලහාමිට බය නැතිකම රතුපාටිම්ම ලියලා තිබුණා. “මං චන්ඩියෙක් වුනේ ඔයා නිසයි” වගේ වීර කියුම් ඇරුණම අනික් හැම ආදරණීය කරුණකම මුලට ඊතලයක උලගහපු බෝකොල දෙක දෙක ඇඳලා. ඒ විතරක් නෙවෙයි ලේන්සුව පුරාම බට්ටා පොඩි කාලෙ ඉඳං අහපු සේරම සින්දු ලියලා. ප්‍රි.න්ස්, නාමල්, අජිත්, වගේම ජෝතිපාල, ප්රිබයා, එඩ්වඩ් ජයකොඩි පවා බට්ටා අමතකර කරල නෑ. ලේන්සුවෙ අනික් පැත්තෙ මල් පත්තරේකින් කොපි කරල අඳින්න හදපු පාසල් පෙම් යුවලක පින්තූරෙ බාගෙට ඇඳල නවත්තල තිවුනෙ ඒ පින්තූරෙ ඉන්න ජෝඩුවටම “කෙහෙතගෙ අපලෙ” දරුණුවටම තියෙන බව පේන හින්දයි. අපේ එවුං සේරම ඒක බැලුවට පස්සෙ රංගයයි, චමිලයයි ඒ ලේන්සුව අනික් පන්තිවලටත් පෙන්නන්න අරං ගියා. පන්තියක් ගානෙ බට්ටගෙ ලේන්සුව පෙන්නලා බට්ටව පීචං කරන්න උං දෙන්නට පීරියඩ් දෙක තුනකට වඩා ගියා. ඉස්කෝලෙං බාගයක් පුරාම බට්ටගෙ ලේන්සුවෙ තිවුණු අකුරක් ගානෙ පැතිරුණා. හයේ පන්තියෙ පොඩි එවුං පවා බට්ටට විහිලු කරා. ඔය විදිහට මාස ගානක් ඉස්කෝලෙට යන එන තුරාවට බස්එකෙත් ඉස්කෝලෙ ඉන්න වෙලාවෙත් විහිළුවට ලක්වුනාට ඒ සේරටම “උඹෙ අම්මගෙ..............” කියල සරල කුණුහරුපෙන් උත්තර දෙන්නත් ඒ එක්කම කිසිම දුකක් නැතුව ‘රැවුල් නංගි’ අතාරින්නත් බට්ටට පුළුවං උනා. බට්ටා සාමාන්යඑ පෙල පේල් වුනා. දෙවෙනි පාර සාමාන්‍ය පෙල පාස් වෙලා උසස් පෙළ සයන්ස් කරන්න ගිහිං ඇනගත්තා. දැං බට්ටා උසයි, ලොකුයි. මෑතකදි බොහොම හුරුබුහුටි කෙල්ලෙක්වත් බැඳගත්තා. ලක්ස බාගෙක තරම පඩියක් ගන්න රස්සාවකුත් ලැබුණා. චන්ඩි දෙන්නගෙං රංගයා පහුකාලීනව අපට දෙමළ උගන්වපු මිස් එක්ක වලියක් දාගෙන ඉස්කෝලෙං අස්වීමෙ සහතිකේ ලියාගත්තා. පස්සෙ කාලෙක අපේ පන්තියෙම හිටපු කෙල්ලෙක්ගෙ කැමැත්ත ඉල්ලලා නොලැබුණ තැන ගංජා ලෝලියෙක් වෙලා නන්නත්තාර වෙලා ගිහිං තිබුණා. චමිලයත් සාමාන්යන පෙළ පාස් වුනා කියල දන්නවා. එතනිං පස්සෙ උං දෙන්නට වෙච්ච දෙයක්වත් දන්නෙ නෑ. අදටත් දවල් එකට දෙකට පාරට බැස්සම රංගයයි, චමිලයයි වගේ අනුං තලාපෙලා සතුටු වෙන ජාතියෙ ඉස්කෝලෙ ළමයින්ව මං දකිනවා. සමහරු අනික් අයගෙ තොප්පි ඇදගෙන දුවනවා. තවත් අය කනට ගහලා දුවනවා. ඒ වගේ දෙයක් කරලා කෙනෙක්ව අසරණ කරලා මහ හයියෙං හිනාවෙලා සතුටුවෙන බව පෙන්වන ළමයින්ට මොකක් නමුත් හීනමානයක් තියෙන බවත්, රංගයට වගේම ඒ ළමයින්ටත් දරාගැනීමේ ශක්තිය අඩු බවත් මට හිතෙනවා. මගේ පැට්ටේරි රස්සාවෙදි හමුවෙච්චි ඒ වගේ තලාපෙලන්නෝ බොහොමයක් හිතේ හයිය අඩු මිනිස්සු. ඒ වගේ අය ඉස්කෝලෙ කාලෙදිම අඳුරගෙන සුදුසු පිලියමක් කලානම් සමාජයට යහපතක් වෙන්න පුළුවං.[/SIZE] source [URL="http://yanhella.blogspot.com/2017/06/blog-post_18.html"]http://yanhella.blogspot.com/2017/06/blog-post_18.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom