Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හීනමාන හොරා ගුවන් සේවය කාපු හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජපක්ෂලාගේ පුද්ගලික 'කෝන්තර' පිරිමසා ගැනීම වෙනුවෙන් මුළු රටක් වන්දි ගෙවන හැටි.

ගතවන සෑම දිනකම ශ්‍රිලන්කන් ගුවන් සේවය රුපියල් කෝටි 20 කට අධික අලාභයක්.

එමිරේට්ස් සමාගමෙන් පවරා ගත් පසු මේ දක්වා ලබා ඇති සම්පූර්ණ පාඩුව

රුපියල් කෝටි 27 , 720 කි

( පෝද්දල ජයන්ත)

රාජ්‍ය නායකයකුට වූ අතිශය පුද්ගලික 'මදි පුංචිකමක්' හේතුවෙන් කෝපාවිෂ්ටව ඉතා අමනෝඥ තීන්දුවක් ගනී. මෙකී අමනෝඥ තීන්දුව නිසා ඇරඹුණු 'ඛේදවාචකයක' කොටස් කරුවන් වීමට එරට සමස්ත ජනතාවටම සිදුවේ. පුරා වසර 13 ක් තිස්සේ ඉදිරියට ඇදෙන මේ ඛේදවාචකයේ අලාභය වර්ෂ 2021 ජුනි මාසය අවසන්වන විට රුපියල් කෝටි 27,720 ඉක්මවා තිබේ.

එහෙත් එය කෙළවර කොතනදැයි තවමත් නොදනී. ගෙවී යන සෑම දිනකම රුපියල් කෝටි 20 කට අධික අලාභයක් සිදුකර ගනිමින් සිටිති. "අපටත් ගුවන් සේවයක් තිබේ" යැයි බොරු අභිමානයක් කර කියා ගනිමින් පාන් රාත්තලටත් බදු ගෙවන අහිංසක මිනිසාගේ හිස මතට පාලකයන් විසින් එකී හෙණ ගෙඩිය දිනපතා පතිත කරමින් සිටිති.

ඛේදවාචකයේ ආරම්භය සහ ගමන් මග...

රටේ අභිමානයක් ලෙස පැවති 'එයාර් ලංකා' සමාගම 1977 - 1994 එජාප ආණ්ඩුව ගෙදර යන විට රටට දැරිය නොහැකි පාඩුවක් විදිමින් සිටියේ ය. ඒ එම රජය සමයේ සිදුවූ කුප්‍රකට 'එයාර් බස්' මිලදී ගැනීමේ වංචාවේ ද ප්රතිළුලයත් සමගිනි.

1994 චන්ද්‍රිකා රජය බලයට පත්වූ පසු පාඩු ලබමින් තිබූ 'එයාර් ලංකා' සමාගම ලෝක ප්‍රසිද්ධ 'එමිරේට්ස්' ගුවන් සමාගම සමග ගිවිසුම්ගතව ඉදිරියට යාමට 'ප්‍රතිව්‍යුහගත' කෙරුණි. ඒ 'ශ්‍රීලන්කන්' ගුවන් සේවය නමිනි.

'හිසරදය' සුව වීමේ පෙර නිමිති

'එමිරේට්ස්' සමාගමද පැරණි 'එයාර් ලංකා' සමාගමේ තිබූ පාඩු දරා ගෙන ඉදිරියට යාමට සිදුවිය. වසරින් වසර පාඩු ප්‍රතිශත අඩුකර ගනිමින් 2000 වසරවන විට ලාභ ලැබීමේ ප්‍රවණතාව ඔවුන් ඉස්මතු කර ගෙන තිබුණි.

එතෙක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තිබූ විශාල 'හිස රදය' අවසන් කර රටට ආදායම් එකතුකරන ආයතනයක් බවට 'ශ්‍රීලන්කන්' ගුවන් සේවය පියවර තැබීය. මේ ආයතනය 2008 වර්ෂයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අතිශය පුද්ගලික 'කෝන්තරය' ක් පිරිමසා ගැනීමට නැවත ශ්‍රී ලංකා රජයේ තනි අයිතියට ඩැහැ ගන්නා විට රුපියල් බිලියන 4.4 ක් හෙවත් රුපියල් කෝටි 440 ක් ලාභයක් ලබමින් තිබුණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂට වූ පුද්ගලික 'මදි පුංචිකම' සහ ඛේදවාචකයේ ඇරඹුම

ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සහ පවුලේ ඥාති හිතවතුන් සමග බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටියෝ ය. ඒ තම කනිටු පුත් යෝෂිත රාජපක්ෂ නාවුක හමුදා පුහුණු පාඨමාලාවක අවසන් විසිර යාමේ උළෙලකට සහභාගී වෙමිනි. ( එම විදේශ පුහුණු පාඨමාලාවට යෝෂිත රාජපක්ෂ තෝරාගත් ආකාරය තැන වෙනම කතාවක් ඇත) කෙසේ වෙතත් යෝෂිත පුතාගේ විසිර යාමේ උළෙල අවසන ඉහත පිරිසට සිය රට පැමිණීමේ ගුවන් ගමන් පහසුකම් සූදානම් කිරීම එවකට විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන පැවැරී තිබුණි. එහෙත් කවර හෝ හේතුවක් මත ඔහුට එම කටයුත්ත සූදානම් කිරීම අතපසු වී තිබේ.

සජින්ද වාස්ගේ 'තගරියට' ශ්‍රීලන්කන් ගුවන් සේවය හිස නොනැමීම

සජින් ද වාස් ගුණවර්ධන තම අතපසු වීම සිහිපත් වී වහාම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කළමනාකාරීත්වයට දැනුම් දුන්නේ ජනාධිපතිවරයා ප්රමුඛ පිරිසට ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ගමන් පහසුකම් සම්පාදනය කරන ලෙස යි. එහෙත් ඒ වනවිට ඔවුන් බලාපොරොත්තු වූ වේලාවට එකී පහසුකම් සැපයීමට හැකියාවක් නොමැති බව , ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සජින් ද වාස් ගුණවර්ධනට දැනුම් දුන්නේ ය. ඊට හේතුව නම් , අදාළ ගුවන් යානයේ සියලු ආසන වෙන්කර තිබීම යි.

එහෙත් සජින්ද වාස් ගුණවර්ධන තරයේම ඉල්ලා ඇත්තේ ඒවන විට වෙන්කර ඇති ආසන අවලංගු කර ජනාධිපතිවරයා ඇතුළු පිරිසට එම ආසන වෙන්කරන ලෙස යි. ගුවන් සමාගමේ පහළ කළමනාකාරීත්වයට එම තීන්දුව ගත නොහැකි බැවින් , ගැටලුව එවකට ශ්‍රීලන්කන් හී ප්‍රධාන විධායක නිලධාරී ඕස්ට්‍රේලියානු ජාතික 'පීටර් හීල්' මහතා වෙත යොමු කරන්නට යෙදුණි.

පීටර් හීල් මහතා ප්‍රකාශ කර ඇත්තේ කල්තබා ආසන වෙන්කර ගෙන සිටින මගීන්ට අයත් ආසන එලෙස අවලංගුකර වෙනත් කවර හෝ පාර්ශ්වයකට ලබාදීම තම ගුවන් සේවය කිසිදා සිදු නොකරන ක්‍රියාවක් බවයි. මේ තීරණය සජින්ද වාස් ගුණවර්ධන ජනාධිපති මහින්ද රාජපක්ෂට සැළකර සිටියේ ය. කෙසේ හෝ ජනාධිපතිවරයා ප්රමුඛ පිරිසට ඔවුන් බලාපොරොත්තු වූ ගුවන් යානයෙන් ලංකාවට පැමිණීමට නොහැකි විය.

පීටර් හීල් මහතාගේ 'වීසා' අවලංගුකර රටින් පිටුවහල් කිරීම

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ඕස්ට්‍රේලියානු ජාතික පීටර් හීල් ගත් ආයතනික තීන්දුව කෙරෙහි දැඩි ලෙස උරණ වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය රට පැමිණ වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර රටින් පිටකර යවන ලෙස අදාළ පාර්ශ්වයන්ට අණ කළේ ය.

1998 සිට එමිරේට්ස් සමාගම සමග පැවති ගිවිසුම දීර්ඝ නොකිරීම

වර්ෂ 1998 සිට අඛන්ඩව වර්ෂ 2008 මාර්තු 31 දක්වා ශ්‍රී ලංකා රජයට කිසිදු වැය බරකින් තොරව ආදායම් බදු ගෙවමින් සිටි ශ්‍රීලන්කන් ගුවන් සේවය නැවත ශ්‍රී ලංකා රජයේ පාලනයට නතු කර ගත්තේ , වෙනත් පිටස්තරයන් පිරිසක් කල්තබා වෙන්කර ගත් ප්‍රවේශ පත්‍ර අවලංගු කර තමන්ට සහ පවුලේ ඥාතීන්ට ගමන් පහසුකම් ලබා නොදීමට කෝපාවිෂ්ට වෙමිනි.

ඉහත පවරා ගන්නා අවස්ථාවවන විට අවසන් මූල්‍ය වර්ෂයේ (2008 මාර්තු 31) ශ්‍රීලන්කන් ගුවන් සේවය ලැබූ ලාභය රුපියල් බිලියන 4.4 ක් නොහොත් රුපියල් කෝටි 440 කි. මෙකී ලාභයෙන් කොටසක් සහ සමස්ත ලාභයට සාපේක්ෂව විශාල බදු ආදායමක් ද ලැබෙමින් තිබුණි.

ශිරන්ති රාජපක්ෂගේ සහෝදර නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති තනතුරට පත් කිරීම

අතිශය පුද්ගලික 'කෝන්තරයක්' මත එමිරේට්ස් සමාගම සමග පවත්වා ගෙන ආ ව්‍යාපාරික ගිවිසුම දීර්ඝ නොකෙට රජයට පවරා ගත් පසු එහි නව සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ පත් කරන්නට යෙදුණි.

වසරකට පෙර රුපියල් කෝටි 440 ක ලාභයක් ඉපැයූ ශ්‍රීලන්කන් ගුවන් සේවය නව පාලනාධිකාරිය යටතේ පළමු වසරේම එනම් 2009 වර්ෂයේ රුපියල් මිලියන 930 ක් නොහොත් රුපියල් කෝටි 93 ක අලාභයක් වාර්තා කළේ ය.

අඛන්ඩව පාඩු වාර්තා කිරීම

ඉන්පසු වර්ෂ 2010 සිට සෑම වර්ෂයකම අඛන්ඩව පාඩු වාර්තා කරමින් පැමිණ 2014 වර්ෂයේ සමස්ත පාඩුව රුපියල් බිලියන 32.4 ක් නොහොත් රුපියල් කෝටි 3240 ක් වාර්තා කර තිබුණි.

නැව ගිලුණත් බෑන් චූන් ..නව ගුවන් බස් දහයක් ඇණවුම් කිරීම

එමිරේට්ස් සමාගමෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය ඩැහැ ගැනීමෙන් පසු සෑම වර්ෂයකම ප්‍රකෝටි ගණනින් පාඩු ලබමින් සිටියදී පවා තවත් අතිවිශාල වියදමක් දරා නව ගුවන් බස් දහයක් මිලට ගැනීමට තීන්දු කෙරුණි. ඉන් එක් ගුවන් යානයක් අති සුඛෝපභෝගී පුද්ගලික පරිහරණය සදහා එකකි. ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රීලන්කන් හී එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය සම්බන්ධ මහා පරිමාණ කොමිස් ගනුදෙනුව පැටලෙන්න ද එම මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව තුළය. යහපාලන රජය පැමිණ ඉහත ගුවන් බස් දහයේ ඇණවුම අවලංගු කළ අතර , ගිවිසුම අවලංගු කිරීමේදි ද යහපාලන ආණ්ඩුවේ බලවන්තයෝද තච්ච ලෙස තවත් විශාල කොමිස් කුට්ටියක් ඩැහැ ගත්තේ ය.

2009 සිට 2021 ජුනි මාසය දක්වා සමස්ත පාඩුව රුපියල් කෝටි 27,720

වර්ෂ 2008 වර්ෂයේදී එමිරේට්ස් සමාගමෙන් නැවත ශ්‍රී ලංකා රජයට පවරා ගැනීමෙන් පසු ගෙවුණු වසර 13 තුළ වසරින් වසර සිදුවී ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 27,720 කි. මේ වසරේ ගෙවුණු මාස හතරකට පමණක් ලබා ඇති පාඩුව රුපියල් කෝටි 2480 කි.

වර්ෂ 2008 මාර්තු 31 වනවිට රුපියල් බිලියන 4.4 ක් හෙවත් රුපියල් කෝටි 440 ක් ශුද්ධ ආදායමක් ලබමින් 'හිසරදය' වෙනුවට විශාල ආදායමක් ලබා දුන් ශ්‍රීලන්කන් ගුවන් සේවය සමග වූ පුද්ගලික 'ආරෝවක්' මත එහි ප්‍රධාන විධායක නිලධාරියා රටින් පිටුවහල් කිරීම සහ එම සමාගම සමග පැවති වෙළෙද ගිවිසුම අවසන් කිරීම නිසා රටේ මහා භාණ්ඩාගාරයට 2021 ජුනි 30 ට සිදුවී ඇති පාඩුව කොතරම් ද ?

ජීවිතයේ කිසි දිනෙක සැබෑ ලෙස ගුවන් යානයක් නොදුටු මිනිස්සුන් ඇතුළු රටේ සමස්ත බදු ගෙවන ජනතාවම ගෙවීයන සෑම දවසකම රුපියල් කෝටි 20 ක පමණ වන්දියක් ගෙවමින් සිටී. රටේ නායකයා තමන්ගේම පාර්ශ්වයේම අතපසුවීමක් අරඹයා එමිරේට්ස් ගුවන් සේවය සමග ඇතිකරගත් ආරෝවක් නිසා මුළු මහත් රටක ජනතාවක් තවදුරටත් වන්දි ගෙවීම කොතරම් සාධාරණ ද ?

(පෝද්දල ජයන්ත)

[QUOTE="shenat, post: 26643305, member: 30790"] රාජපක්ෂලාගේ පුද්ගලික 'කෝන්තර' පිරිමසා ගැනීම වෙනුවෙන් මුළු රටක් වන්දි ගෙවන හැටි. ගතවන සෑම දිනකම ශ්‍රිලන්කන් ගුවන් සේවය රුපියල් කෝටි 20 කට අධික අලාභයක්. එමිරේට්ස් සමාගමෙන් පවරා ගත් පසු මේ දක්වා ලබා ඇති සම්පූර්ණ පාඩුව රුපියල් කෝටි 27 , 720 කි ( පෝද්දල ජයන්ත) රාජ්‍ය නායකයකුට වූ අතිශය පුද්ගලික 'මදි පුංචිකමක්' හේතුවෙන් කෝපාවිෂ්ටව ඉතා අමනෝඥ තීන්දුවක් ගනී. මෙකී අමනෝඥ තීන්දුව නිසා ඇරඹුණු 'ඛේදවාචකයක' කොටස් කරුවන් වීමට එරට සමස්ත ජනතාවටම සිදුවේ. පුරා වසර 13 ක් තිස්සේ ඉදිරියට ඇදෙන මේ ඛේදවාචකයේ අලාභය වර්ෂ 2021 ජුනි මාසය අවසන්වන විට රුපියල් කෝටි 27,720 ඉක්මවා තිබේ. එහෙත් එය කෙළවර කොතනදැයි තවමත් නොදනී. ගෙවී යන සෑම දිනකම රුපියල් කෝටි 20 කට අධික අලාභයක් සිදුකර ගනිමින් සිටිති. "අපටත් ගුවන් සේවයක් තිබේ" යැයි බොරු අභිමානයක් කර කියා ගනිමින් පාන් රාත්තලටත් බදු ගෙවන අහිංසක මිනිසාගේ හිස මතට පාලකයන් විසින් එකී හෙණ ගෙඩිය දිනපතා පතිත කරමින් සිටිති. ඛේදවාචකයේ ආරම්භය සහ ගමන් මග... රටේ අභිමානයක් ලෙස පැවති 'එයාර් ලංකා' සමාගම 1977 - 1994 එජාප ආණ්ඩුව ගෙදර යන විට රටට දැරිය නොහැකි පාඩුවක් විදිමින් සිටියේ ය. ඒ එම රජය සමයේ සිදුවූ කුප්‍රකට 'එයාර් බස්' මිලදී ගැනීමේ වංචාවේ ද ප්රතිළුලයත් සමගිනි. 1994 චන්ද්‍රිකා රජය බලයට පත්වූ පසු පාඩු ලබමින් තිබූ 'එයාර් ලංකා' සමාගම ලෝක ප්‍රසිද්ධ 'එමිරේට්ස්' ගුවන් සමාගම සමග ගිවිසුම්ගතව ඉදිරියට යාමට 'ප්‍රතිව්‍යුහගත' කෙරුණි. ඒ 'ශ්‍රීලන්කන්' ගුවන් සේවය නමිනි. 'හිසරදය' සුව වීමේ පෙර නිමිති 'එමිරේට්ස්' සමාගමද පැරණි 'එයාර් ලංකා' සමාගමේ තිබූ පාඩු දරා ගෙන ඉදිරියට යාමට සිදුවිය. වසරින් වසර පාඩු ප්‍රතිශත අඩුකර ගනිමින් 2000 වසරවන විට ලාභ ලැබීමේ ප්‍රවණතාව ඔවුන් ඉස්මතු කර ගෙන තිබුණි. එතෙක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තිබූ විශාල 'හිස රදය' අවසන් කර රටට ආදායම් එකතුකරන ආයතනයක් බවට 'ශ්‍රීලන්කන්' ගුවන් සේවය පියවර තැබීය. මේ ආයතනය 2008 වර්ෂයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අතිශය පුද්ගලික 'කෝන්තරය' ක් පිරිමසා ගැනීමට නැවත ශ්‍රී ලංකා රජයේ තනි අයිතියට ඩැහැ ගන්නා විට රුපියල් බිලියන 4.4 ක් හෙවත් රුපියල් කෝටි 440 ක් ලාභයක් ලබමින් තිබුණි. ජනාධිපති මහින්ද රාජපක්ෂට වූ පුද්ගලික 'මදි පුංචිකම' සහ ඛේදවාචකයේ ඇරඹුම ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සහ පවුලේ ඥාති හිතවතුන් සමග බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටියෝ ය. ඒ තම කනිටු පුත් යෝෂිත රාජපක්ෂ නාවුක හමුදා පුහුණු පාඨමාලාවක අවසන් විසිර යාමේ උළෙලකට සහභාගී වෙමිනි. ( එම විදේශ පුහුණු පාඨමාලාවට යෝෂිත රාජපක්ෂ තෝරාගත් ආකාරය තැන වෙනම කතාවක් ඇත) කෙසේ වෙතත් යෝෂිත පුතාගේ විසිර යාමේ උළෙල අවසන ඉහත පිරිසට සිය රට පැමිණීමේ ගුවන් ගමන් පහසුකම් සූදානම් කිරීම එවකට විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන පැවැරී තිබුණි. එහෙත් කවර හෝ හේතුවක් මත ඔහුට එම කටයුත්ත සූදානම් කිරීම අතපසු වී තිබේ. සජින්ද වාස්ගේ 'තගරියට' ශ්‍රීලන්කන් ගුවන් සේවය හිස නොනැමීම සජින් ද වාස් ගුණවර්ධන තම අතපසු වීම සිහිපත් වී වහාම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කළමනාකාරීත්වයට දැනුම් දුන්නේ ජනාධිපතිවරයා ප්රමුඛ පිරිසට ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ගමන් පහසුකම් සම්පාදනය කරන ලෙස යි. එහෙත් ඒ වනවිට ඔවුන් බලාපොරොත්තු වූ වේලාවට එකී පහසුකම් සැපයීමට හැකියාවක් නොමැති බව , ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය සජින් ද වාස් ගුණවර්ධනට දැනුම් දුන්නේ ය. ඊට හේතුව නම් , අදාළ ගුවන් යානයේ සියලු ආසන වෙන්කර තිබීම යි. එහෙත් සජින්ද වාස් ගුණවර්ධන තරයේම ඉල්ලා ඇත්තේ ඒවන විට වෙන්කර ඇති ආසන අවලංගු කර ජනාධිපතිවරයා ඇතුළු පිරිසට එම ආසන වෙන්කරන ලෙස යි. ගුවන් සමාගමේ පහළ කළමනාකාරීත්වයට එම තීන්දුව ගත නොහැකි බැවින් , ගැටලුව එවකට ශ්‍රීලන්කන් හී ප්‍රධාන විධායක නිලධාරී ඕස්ට්‍රේලියානු ජාතික 'පීටර් හීල්' මහතා වෙත යොමු කරන්නට යෙදුණි. පීටර් හීල් මහතා ප්‍රකාශ කර ඇත්තේ කල්තබා ආසන වෙන්කර ගෙන සිටින මගීන්ට අයත් ආසන එලෙස අවලංගුකර වෙනත් කවර හෝ පාර්ශ්වයකට ලබාදීම තම ගුවන් සේවය කිසිදා සිදු නොකරන ක්‍රියාවක් බවයි. මේ තීරණය සජින්ද වාස් ගුණවර්ධන ජනාධිපති මහින්ද රාජපක්ෂට සැළකර සිටියේ ය. කෙසේ හෝ ජනාධිපතිවරයා ප්රමුඛ පිරිසට ඔවුන් බලාපොරොත්තු වූ ගුවන් යානයෙන් ලංකාවට පැමිණීමට නොහැකි විය. පීටර් හීල් මහතාගේ 'වීසා' අවලංගුකර රටින් පිටුවහල් කිරීම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ඕස්ට්‍රේලියානු ජාතික පීටර් හීල් ගත් ආයතනික තීන්දුව කෙරෙහි දැඩි ලෙස උරණ වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය රට පැමිණ වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර රටින් පිටකර යවන ලෙස අදාළ පාර්ශ්වයන්ට අණ කළේ ය. 1998 සිට එමිරේට්ස් සමාගම සමග පැවති ගිවිසුම දීර්ඝ නොකිරීම වර්ෂ 1998 සිට අඛන්ඩව වර්ෂ 2008 මාර්තු 31 දක්වා ශ්‍රී ලංකා රජයට කිසිදු වැය බරකින් තොරව ආදායම් බදු ගෙවමින් සිටි ශ්‍රීලන්කන් ගුවන් සේවය නැවත ශ්‍රී ලංකා රජයේ පාලනයට නතු කර ගත්තේ , වෙනත් පිටස්තරයන් පිරිසක් කල්තබා වෙන්කර ගත් ප්‍රවේශ පත්‍ර අවලංගු කර තමන්ට සහ පවුලේ ඥාතීන්ට ගමන් පහසුකම් ලබා නොදීමට කෝපාවිෂ්ට වෙමිනි. ඉහත පවරා ගන්නා අවස්ථාවවන විට අවසන් මූල්‍ය වර්ෂයේ (2008 මාර්තු 31) ශ්‍රීලන්කන් ගුවන් සේවය ලැබූ ලාභය රුපියල් බිලියන 4.4 ක් නොහොත් රුපියල් කෝටි 440 කි. මෙකී ලාභයෙන් කොටසක් සහ සමස්ත ලාභයට සාපේක්ෂව විශාල බදු ආදායමක් ද ලැබෙමින් තිබුණි. ශිරන්ති රාජපක්ෂගේ සහෝදර නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපති තනතුරට පත් කිරීම අතිශය පුද්ගලික 'කෝන්තරයක්' මත එමිරේට්ස් සමාගම සමග පවත්වා ගෙන ආ ව්‍යාපාරික ගිවිසුම දීර්ඝ නොකෙට රජයට පවරා ගත් පසු එහි නව සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයකු වූ නිශාන්ත වික්‍රමසිංහ පත් කරන්නට යෙදුණි. වසරකට පෙර රුපියල් කෝටි 440 ක ලාභයක් ඉපැයූ ශ්‍රීලන්කන් ගුවන් සේවය නව පාලනාධිකාරිය යටතේ පළමු වසරේම එනම් 2009 වර්ෂයේ රුපියල් මිලියන 930 ක් නොහොත් රුපියල් කෝටි 93 ක අලාභයක් වාර්තා කළේ ය. අඛන්ඩව පාඩු වාර්තා කිරීම ඉන්පසු වර්ෂ 2010 සිට සෑම වර්ෂයකම අඛන්ඩව පාඩු වාර්තා කරමින් පැමිණ 2014 වර්ෂයේ සමස්ත පාඩුව රුපියල් බිලියන 32.4 ක් නොහොත් රුපියල් කෝටි 3240 ක් වාර්තා කර තිබුණි. නැව ගිලුණත් බෑන් චූන් ..නව ගුවන් බස් දහයක් ඇණවුම් කිරීම එමිරේට්ස් සමාගමෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවය ඩැහැ ගැනීමෙන් පසු සෑම වර්ෂයකම ප්‍රකෝටි ගණනින් පාඩු ලබමින් සිටියදී පවා තවත් අතිවිශාල වියදමක් දරා නව ගුවන් බස් දහයක් මිලට ගැනීමට තීන්දු කෙරුණි. ඉන් එක් ගුවන් යානයක් අති සුඛෝපභෝගී පුද්ගලික පරිහරණය සදහා එකකි. ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රීලන්කන් හී එවකට ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය සම්බන්ධ මහා පරිමාණ කොමිස් ගනුදෙනුව පැටලෙන්න ද එම මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව තුළය. යහපාලන රජය පැමිණ ඉහත ගුවන් බස් දහයේ ඇණවුම අවලංගු කළ අතර , ගිවිසුම අවලංගු කිරීමේදි ද යහපාලන ආණ්ඩුවේ බලවන්තයෝද තච්ච ලෙස තවත් විශාල කොමිස් කුට්ටියක් ඩැහැ ගත්තේ ය. 2009 සිට 2021 ජුනි මාසය දක්වා සමස්ත පාඩුව රුපියල් කෝටි 27,720 වර්ෂ 2008 වර්ෂයේදී එමිරේට්ස් සමාගමෙන් නැවත ශ්‍රී ලංකා රජයට පවරා ගැනීමෙන් පසු ගෙවුණු වසර 13 තුළ වසරින් වසර සිදුවී ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 27,720 කි. මේ වසරේ ගෙවුණු මාස හතරකට පමණක් ලබා ඇති පාඩුව රුපියල් කෝටි 2480 කි. වර්ෂ 2008 මාර්තු 31 වනවිට රුපියල් බිලියන 4.4 ක් හෙවත් රුපියල් කෝටි 440 ක් ශුද්ධ ආදායමක් ලබමින් 'හිසරදය' වෙනුවට විශාල ආදායමක් ලබා දුන් ශ්‍රීලන්කන් ගුවන් සේවය සමග වූ පුද්ගලික 'ආරෝවක්' මත එහි ප්‍රධාන විධායක නිලධාරියා රටින් පිටුවහල් කිරීම සහ එම සමාගම සමග පැවති වෙළෙද ගිවිසුම අවසන් කිරීම නිසා රටේ මහා භාණ්ඩාගාරයට 2021 ජුනි 30 ට සිදුවී ඇති පාඩුව කොතරම් ද ? ජීවිතයේ කිසි දිනෙක සැබෑ ලෙස ගුවන් යානයක් නොදුටු මිනිස්සුන් ඇතුළු රටේ සමස්ත බදු ගෙවන ජනතාවම ගෙවීයන සෑම දවසකම රුපියල් කෝටි 20 ක පමණ වන්දියක් ගෙවමින් සිටී. රටේ නායකයා තමන්ගේම පාර්ශ්වයේම අතපසුවීමක් අරඹයා එමිරේට්ස් ගුවන් සේවය සමග ඇතිකරගත් ආරෝවක් නිසා මුළු මහත් රටක ජනතාවක් තවදුරටත් වන්දි ගෙවීම කොතරම් සාධාරණ ද ? (පෝද්දල ජයන්ත) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom