Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හුචක්කුවා :oo:
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැකියාවල නියුතු කාන්තාවෝ “ගෘහණිය, මව හා බිරිඳ” වගකීම් වලට අමතරව ඒ, ඒ රැකියාවල වගකීම්ද කර ගසා කරති…රැකියා නොකරන්නියෝ, ඒ පවුල්වල සමාජ වගකීම් එලෙසම, දවසේ පැය 24 න් අවම වශයෙන් 16 ක් පුරා උසුලා ගෙන සිටිති…ඒ අයගේ තත්වය වඩාත් බරපතළ වන්නේ ඔවුන්ට “නිශ්චිත සේවා කාළයක්, ඇගයීමක් හෝ වැටුප් වැනි දීමනාවක්” නොලැබෙන හෙයිනි…නමුත් මුළු මහත් සමාජයම දුවන්නේ ඔවුන් කරන මහඟු කැප කීරිම නිසාවෙනි…”දේශයක් ගොඩ ගන්නට නම්, මුළු ශ්‍රම බලකායම “ගෘහණියෝ” විය යුතු” යැයි චීනයේ අසහාය නායක මා ඕ සේතුං කියා තිබේ…ඔහු ඒ ප්‍රකාශයෙන්, වැටුප්, ඇගයීම්, උසස් වීම්, නිවාඩු හෝ විවේක කාල නොලබාම මරණීය වෙහෙසකින්, සමාජයේ “අනික් වගකීම්” කොටස දුවවන ගෘහණියන්ට උපහාර දක්වා ඇත…ඒ චීනයේය…මේ ලංකාවේ නින්දිත ආතල් කථාය…

ඇය උදෑසන නැඟිට, මේ ඊනියා ආචාර්ය වරයාගේම වචන වලින් කිව්වොත් “කපුවා ආවේස වූවා” සේ පාන් ගේන්නට කඩේ දුවන්නේ, ඇයගේ බොක්ක පුරවා ගන්න පමණක් නොවේ…දරුවන් ඉස්කෝලයට හාමතේ නොයවනු පිණිසය…සැමියා හාමතේ රැකියාවට නොයනු පිණිසය…මේ නිහීන කථාවට බොහෝ විට ඉලක්ක වන්නේ “පහළ මධ්‍යම පන්ති” ස්ථරයේ හෝ “නාගරික නිර්ධන පංතියේ” කාන්තාවන්ය…එසේ නම්, ඒ පාන් ගෙඩිය ගේන්නට “කපුවා ආවේස” වූවා සේ දුවන්නේ අප රටේ දිළිඳු ජනතාවගේ දින චර්යා යාන්ත්‍රණය “හාමත්” නොවී අරඹන්නටය..වැඩ කරන ජනතාවගේ, ශ්‍රම බලකායේ කුස පුරවා, ඔවුන් දෛනික කාර්ය භාරයන් සඳහා පිටත් කර හරින්නටය…ඒ අය නයිටිය පිටින්ම දුවන්නේ “පාසැල් වෑන් රථය” මඳ වේලාවකින් ගේට්ටුව අසලට පැමිණ කණ රත් වෙන්න “හෝන්” ගහන නිසාය…සැමියාට කාර්යාල දුම්රිය මඟ හැරෙන නිසාය…ඔවුන් නැඟිටින විට, කෑම මේසයට යවා තියන්නට “අප්පොලා”, “ආයලා”, “බෝයිලා” නැති නිසා, ඔවුන්ටම නිදි යහනින් නැඟී ආ වතම දුවන්නට සිදුවී තිබේ…එයට කුමක් කරන්නද?…

ඒ අය උදේට දැකීම “කඩේ මිනිහාට මූසල” බව උක්ථ ඇදුරු පවසයි…තම දරුවන්ගේ, සහෝදරයන්ගේ, පියාගේ හෝ සැමියාගේ කුස පිරවීමෙන් උදෑසන ජීවන අරගලය අරඹන කාන්තාව කරන කැප කිරීම එතරම් ශ්‍රේෂ්ඨ වෙද්දී, ඇය “කඩේ ඉන්නා මුදලාලිට” උදේට දැකීම සඳහා “සෙක්සි” විය යුතු නැත…ඈ කරන මෙහෙවර, ඇගේ වටිනා කම ඔපවත් කරද්දී, පුයර තවරාගෙන කඩේ යා යුතු නැත….

මගේ අම්මා වෘත්තියෙන් මුලින්ම ගුරුවරියකව සිට පසුව නීතිඥ වරියක් වූවාය…කළ රැකියා දෙකම සමාජයේ ඉහළ වෘතීන් වූවාය කියා, ඇයටද මුලු දවස මුළුල්ලේම නිවනක් තිබුණේ නැත…එනිසා, මේ නින්දිත කථාවට මගේ අම්මාද ඉලක්කයක් වන බව මට අවබෝධ කර ගත හැක…මක් නිසාද, මොන තරම් උගත් කම් තිබුණත්, ඇයත් අප වෙනුවෙන් මුළු දවසම කැප කොට, ඉතිරි වෙලාව තම රැකියා වෙනුවෙන් කැප කල කල්හී, ඇයට, ඇයගේ “රූප ලාවන්‍යය” වෙනුවෙන් කාලයක් කැප කරන්නට ඉතිරි නොවන නිසාය…ඒත් අම්මා මට ලෝකෙන් ලස්සනම කාන්තාව වන්නේ, උක්ථ යුතුකම් වල සුවඳ අප තවමත් හොඳින් හඳුනන බැවිනි…ඒ යුතුකම් වල සුවඳ, ධනේශ්වර කොම්පැණි වැද්දන්ගේ ගුණ්ඪු ගිල, ඊනියා “සායන” පවත්වන තකතීරුවන්ට අමතකව තිබුණත්, ඒවා තාම මතක තියෙන අතලොස්සක් මේ සමාජය තුල ජීවත් වන බව, ධන වැද්දන්ට හා උන්ගේ ධන පොඩ්ඩන්ට මතක් කර දිය යුතුව ඇත…

මේ “මැක්සිම් ගෝර්කි” වැනි උතුම් මිනිසුන් “අම්මා” ගැන විග්රහ කළ ලෝකයයි…එවන් ලොවකට මෙවැන්නෝ පහළ වීමද පාපයකි…එය ඔවුන්ගේ පහළ වීමේ වරද නොව, ඔවුන් සෘජුව හා වක්‍රව “කඩේ යන” කොම්පැණි ධනේශ්වරයේ වරදයි…මෙවැනි ඊනියා “සායන” හෝ “වැඩමුළු” වලට අතදිග හැර “රූප ලාවණ්‍ය, ෂැම්පු, සබන්, පුයර, විලාසිතා” කොම්පැණි නඩේ වියදම් කරනවාට සැක නැත…එනයින් කල්පනා කර බැලුවහොත්, මේ දමන්නේ “Pressure Advertising” ගණයට අයත් “ඇඩ්” එකකි…”ඇඩ්” එක නිසා ලැජ්ජාවට පත් වෙන කාන්තාවෝ, මේ කියන අයුරින් “හුචක්කු” තත්වයෙන් මිදෙන්නට යන විට එයින් වාසි අත් වන්නේ කාටදැයි කිව යුතු නැත…1992 වසරේ “අයිෂ්වර්යා රායි” ගෙන් අරඹා, පිට, පිට වසර 3ක්, ලෝක රූ රැජිණ කිරුළ ඉන්දියාවට දෙද්දී, “එසේ කරන්නේ ඇයි දැයි?” ලෝක රූ රැජිණ තරඟයේ සංවිධායකයන්ගෙන්, ඇමරිකාවේ එක්තරා රූපවාහිනි සේවයක් ප්‍රශ්න කරන ලදී…එවිට, ඒ පිරිසගෙන් එක් අයෙකු දුන් ප්‍රකට-රහසිගත පිළිතුර වී ඇත්තේ ” මේවාට වියදම් කරන්නේ රූප ලාවන්‍යය හා විලාසිතා සමාගම්…ඒ අය දැන් ඇමරිකාවට හා යුරෝපයට බඩු විකුණාගෙන ඉවරයි…දැන් ඔවුන්ට ඕනා, ඉන්දියාවේ මහා කාන්තා ජන ගහණයක් සිටින වෙළඳ පොලට පිවිසෙන්න…ඒ නිසා ඔවුන්ට උවමනයි ඉන්දියානු කාන්තාවන් අතර “රූප ලාවන්‍යය රැල්ලක්” ඇති කරන්න…ඒකට හොඳම විදිය තමයි, ඉන්දියාවෙන් ලෝක රූ රැජිණියන් පත් කොට එරටට යැවීම” කියා හෙළිදරව් කර ඇත….මේ කරන්නේද, එවැනිම වූ ධනපති මායමක, එක්තරා රංගනයක් වන්නට බෙහෙවින්ම ඉඩකඩ ඇත…

අපේ මිනිස්සු අනාදිමත් කාළයක් සිට “උඹ නොදකිං ” කියා නොගෙන පවුල් කන්නට දන්නෝය…ඒවා පරපුරෙන්, පරපුරට, ඉතාම රහසිගතව “පරිත්‍යාග” කෙරෙන පවුල් රහස්‍ය….ඒ නිසා, ඒ අයගේ පවුල් ජීවිත වල “ලිංගික තුෂ්ඨිය” සහ සමීප බව රැක ගැනීම සඳහා, අමුතුවෙන් කවුරු වත් ” නහය විකන, සිප ගන්න, කන හපන, උරන” ඒවා කියා දිය යුතු නැතැයි සිතිය හැක…

අතීතයේ ගැමියෝ තම බිරිය හැඳින්වූයේ “ගොයම් වැස්සි” යනුවෙන්ය…මේ කියමන, අද ඉන්නා ඊනියා “සායන කරුවන්ට, උපදේශකයන්ට, හෝ “විමෙන්ස් රයිට්ස්” කාරියන්ට ගෙනිහින් පෙන්නුවා නම්, ඔවුන් “ආපෝ! කාන්තාවගේ අයිතීන් උල්ලංඝණය කරන කථා” කියා කම්මුලේ අත තියා ගනු නිසැකය…එහෙම උනත් ඒ කියමනෙහි අරුත මෙයයි…”ගොයම් තුළින් ගැමියා දකින්නේ සෞභාග්‍ය හා වාසනාවයි…වැස්සී තුළින් දකින්නේ “මාතුගාමී” සශ්‍රිකත්වයයි”…මේ දෙක මුහු කොට තම බිරිය අමතන්නේ හදේ පිරී, ඉතිරී යන අහිංසක, අව්‍යාජ ආදරයෙනි…උතුරා යන සෙනෙහසිනි…ඒ සෙනෙහසට, ඇගේ මූණ දාඩියෙන් තෙත්ව තිබීම හෝ, ඇගේ වස්තරේ දැලි, කුණු තැවරී තිබීම බාධාවක් නොවීය…ඒ අය බොහොම ලේසියෙන් දරුවන් හත්, අට දෙනාද හදන ලදී….

[QUOTE="urajdrlk, post: 10546262, member: 1489"] [SIZE="4"]රැකියාවල නියුතු කාන්තාවෝ “ගෘහණිය, මව හා බිරිඳ” වගකීම් වලට අමතරව ඒ, ඒ රැකියාවල වගකීම්ද කර ගසා කරති…රැකියා නොකරන්නියෝ, ඒ පවුල්වල සමාජ වගකීම් එලෙසම, දවසේ පැය 24 න් අවම වශයෙන් 16 ක් පුරා උසුලා ගෙන සිටිති…ඒ අයගේ තත්වය වඩාත් බරපතළ වන්නේ ඔවුන්ට “නිශ්චිත සේවා කාළයක්, ඇගයීමක් හෝ වැටුප් වැනි දීමනාවක්” නොලැබෙන හෙයිනි…නමුත් මුළු මහත් සමාජයම දුවන්නේ ඔවුන් කරන මහඟු කැප කීරිම නිසාවෙනි…”දේශයක් ගොඩ ගන්නට නම්, මුළු ශ්‍රම බලකායම “ගෘහණියෝ” විය යුතු” යැයි චීනයේ අසහාය නායක මා ඕ සේතුං කියා තිබේ…ඔහු ඒ ප්‍රකාශයෙන්, වැටුප්, ඇගයීම්, උසස් වීම්, නිවාඩු හෝ විවේක කාල නොලබාම මරණීය වෙහෙසකින්, සමාජයේ “අනික් වගකීම්” කොටස දුවවන ගෘහණියන්ට උපහාර දක්වා ඇත…ඒ චීනයේය…මේ ලංකාවේ නින්දිත ආතල් කථාය… ඇය උදෑසන නැඟිට, මේ ඊනියා ආචාර්ය වරයාගේම වචන වලින් කිව්වොත් “කපුවා ආවේස වූවා” සේ පාන් ගේන්නට කඩේ දුවන්නේ, ඇයගේ බොක්ක පුරවා ගන්න පමණක් නොවේ…දරුවන් ඉස්කෝලයට හාමතේ නොයවනු පිණිසය…සැමියා හාමතේ රැකියාවට නොයනු පිණිසය…මේ නිහීන කථාවට බොහෝ විට ඉලක්ක වන්නේ “පහළ මධ්‍යම පන්ති” ස්ථරයේ හෝ “නාගරික නිර්ධන පංතියේ” කාන්තාවන්ය…එසේ නම්, ඒ පාන් ගෙඩිය ගේන්නට “කපුවා ආවේස” වූවා සේ දුවන්නේ අප රටේ දිළිඳු ජනතාවගේ දින චර්යා යාන්ත්‍රණය “හාමත්” නොවී අරඹන්නටය..වැඩ කරන ජනතාවගේ, ශ්‍රම බලකායේ කුස පුරවා, ඔවුන් දෛනික කාර්ය භාරයන් සඳහා පිටත් කර හරින්නටය…ඒ අය නයිටිය පිටින්ම දුවන්නේ “පාසැල් වෑන් රථය” මඳ වේලාවකින් ගේට්ටුව අසලට පැමිණ කණ රත් වෙන්න “හෝන්” ගහන නිසාය…සැමියාට කාර්යාල දුම්රිය මඟ හැරෙන නිසාය…ඔවුන් නැඟිටින විට, කෑම මේසයට යවා තියන්නට “අප්පොලා”, “ආයලා”, “බෝයිලා” නැති නිසා, ඔවුන්ටම නිදි යහනින් නැඟී ආ වතම දුවන්නට සිදුවී තිබේ…එයට කුමක් කරන්නද?… ඒ අය උදේට දැකීම “කඩේ මිනිහාට මූසල” බව උක්ථ ඇදුරු පවසයි…තම දරුවන්ගේ, සහෝදරයන්ගේ, පියාගේ හෝ සැමියාගේ කුස පිරවීමෙන් උදෑසන ජීවන අරගලය අරඹන කාන්තාව කරන කැප කිරීම එතරම් ශ්‍රේෂ්ඨ වෙද්දී, ඇය “කඩේ ඉන්නා මුදලාලිට” උදේට දැකීම සඳහා “සෙක්සි” විය යුතු නැත…ඈ කරන මෙහෙවර, ඇගේ වටිනා කම ඔපවත් කරද්දී, පුයර තවරාගෙන කඩේ යා යුතු නැත…. මගේ අම්මා වෘත්තියෙන් මුලින්ම ගුරුවරියකව සිට පසුව නීතිඥ වරියක් වූවාය…කළ රැකියා දෙකම සමාජයේ ඉහළ වෘතීන් වූවාය කියා, ඇයටද මුලු දවස මුළුල්ලේම නිවනක් තිබුණේ නැත…එනිසා, මේ නින්දිත කථාවට මගේ අම්මාද ඉලක්කයක් වන බව මට අවබෝධ කර ගත හැක…මක් නිසාද, මොන තරම් උගත් කම් තිබුණත්, ඇයත් අප වෙනුවෙන් මුළු දවසම කැප කොට, ඉතිරි වෙලාව තම රැකියා වෙනුවෙන් කැප කල කල්හී, ඇයට, ඇයගේ “රූප ලාවන්‍යය” වෙනුවෙන් කාලයක් කැප කරන්නට ඉතිරි නොවන නිසාය…ඒත් අම්මා මට ලෝකෙන් ලස්සනම කාන්තාව වන්නේ, උක්ථ යුතුකම් වල සුවඳ අප තවමත් හොඳින් හඳුනන බැවිනි…ඒ යුතුකම් වල සුවඳ, ධනේශ්වර කොම්පැණි වැද්දන්ගේ ගුණ්ඪු ගිල, ඊනියා “සායන” පවත්වන තකතීරුවන්ට අමතකව තිබුණත්, ඒවා තාම මතක තියෙන අතලොස්සක් මේ සමාජය තුල ජීවත් වන බව, ධන වැද්දන්ට හා උන්ගේ ධන පොඩ්ඩන්ට මතක් කර දිය යුතුව ඇත… මේ “මැක්සිම් ගෝර්කි” වැනි උතුම් මිනිසුන් “අම්මා” ගැන විග්රහ කළ ලෝකයයි…එවන් ලොවකට මෙවැන්නෝ පහළ වීමද පාපයකි…එය ඔවුන්ගේ පහළ වීමේ වරද නොව, ඔවුන් සෘජුව හා වක්‍රව “කඩේ යන” කොම්පැණි ධනේශ්වරයේ වරදයි…මෙවැනි ඊනියා “සායන” හෝ “වැඩමුළු” වලට අතදිග හැර “රූප ලාවණ්‍ය, ෂැම්පු, සබන්, පුයර, විලාසිතා” කොම්පැණි නඩේ වියදම් කරනවාට සැක නැත…එනයින් කල්පනා කර බැලුවහොත්, මේ දමන්නේ “Pressure Advertising” ගණයට අයත් “ඇඩ්” එකකි…”ඇඩ්” එක නිසා ලැජ්ජාවට පත් වෙන කාන්තාවෝ, මේ කියන අයුරින් “හුචක්කු” තත්වයෙන් මිදෙන්නට යන විට එයින් වාසි අත් වන්නේ කාටදැයි කිව යුතු නැත…1992 වසරේ “අයිෂ්වර්යා රායි” ගෙන් අරඹා, පිට, පිට වසර 3ක්, ලෝක රූ රැජිණ කිරුළ ඉන්දියාවට දෙද්දී, “එසේ කරන්නේ ඇයි දැයි?” ලෝක රූ රැජිණ තරඟයේ සංවිධායකයන්ගෙන්, ඇමරිකාවේ එක්තරා රූපවාහිනි සේවයක් ප්‍රශ්න කරන ලදී…එවිට, ඒ පිරිසගෙන් එක් අයෙකු දුන් ප්‍රකට-රහසිගත පිළිතුර වී ඇත්තේ ” මේවාට වියදම් කරන්නේ රූප ලාවන්‍යය හා විලාසිතා සමාගම්…ඒ අය දැන් ඇමරිකාවට හා යුරෝපයට බඩු විකුණාගෙන ඉවරයි…දැන් ඔවුන්ට ඕනා, ඉන්දියාවේ මහා කාන්තා ජන ගහණයක් සිටින වෙළඳ පොලට පිවිසෙන්න…ඒ නිසා ඔවුන්ට උවමනයි ඉන්දියානු කාන්තාවන් අතර “රූප ලාවන්‍යය රැල්ලක්” ඇති කරන්න…ඒකට හොඳම විදිය තමයි, ඉන්දියාවෙන් ලෝක රූ රැජිණියන් පත් කොට එරටට යැවීම” කියා හෙළිදරව් කර ඇත….මේ කරන්නේද, එවැනිම වූ ධනපති මායමක, එක්තරා රංගනයක් වන්නට බෙහෙවින්ම ඉඩකඩ ඇත… අපේ මිනිස්සු අනාදිමත් කාළයක් සිට “උඹ නොදකිං ” කියා නොගෙන පවුල් කන්නට දන්නෝය…ඒවා පරපුරෙන්, පරපුරට, ඉතාම රහසිගතව “පරිත්‍යාග” කෙරෙන පවුල් රහස්‍ය….ඒ නිසා, ඒ අයගේ පවුල් ජීවිත වල “ලිංගික තුෂ්ඨිය” සහ සමීප බව රැක ගැනීම සඳහා, අමුතුවෙන් කවුරු වත් ” නහය විකන, සිප ගන්න, කන හපන, උරන” ඒවා කියා දිය යුතු නැතැයි සිතිය හැක… අතීතයේ ගැමියෝ තම බිරිය හැඳින්වූයේ “ගොයම් වැස්සි” යනුවෙන්ය…මේ කියමන, අද ඉන්නා ඊනියා “සායන කරුවන්ට, උපදේශකයන්ට, හෝ “විමෙන්ස් රයිට්ස්” කාරියන්ට ගෙනිහින් පෙන්නුවා නම්, ඔවුන් “ආපෝ! කාන්තාවගේ අයිතීන් උල්ලංඝණය කරන කථා” කියා කම්මුලේ අත තියා ගනු නිසැකය…එහෙම උනත් ඒ කියමනෙහි අරුත මෙයයි…”ගොයම් තුළින් ගැමියා දකින්නේ සෞභාග්‍ය හා වාසනාවයි…වැස්සී තුළින් දකින්නේ “මාතුගාමී” සශ්‍රිකත්වයයි”…මේ දෙක මුහු කොට තම බිරිය අමතන්නේ හදේ පිරී, ඉතිරී යන අහිංසක, අව්‍යාජ ආදරයෙනි…උතුරා යන සෙනෙහසිනි…ඒ සෙනෙහසට, ඇගේ මූණ දාඩියෙන් තෙත්ව තිබීම හෝ, ඇගේ වස්තරේ දැලි, කුණු තැවරී තිබීම බාධාවක් නොවීය…ඒ අය බොහොම ලේසියෙන් දරුවන් හත්, අට දෙනාද හදන ලදී…. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom