Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
-----> හූව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැරණි සිංහල සමාජයේ අද තරම් දියුනු සංනිවේදන ක්‍රම නොතිබුනත් තම එදිනෙදා අවශ්‍යතාවන් සඳහා විවිධ ශබ්ද, සටහන්, මුද්‍රා භාවිතා කිරීමට ඔවුන් පුරුදුව සිටියහ. මේවා සමාජ සම්මත වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ සම්මතයන් වේ. මේ අතර හූව ටද හිමිවන්නේ වැදගත් ස්ථානයකි මෙය විවිධ අදහස් ප්‍රකාශ කිරීමට යොදාගත්තත් මෙහිදී සලකා බලන්නේ සංනිවේදන ක්‍රමයක් ලෙස හූව යොදාගත් ආකාරයයි.

හෙවිල්ලුම් හූව

ගංගෙදර දහසකුත් එකක් උවමනා ඉටුකර ගැනීම පිණිස අන්‍යයන්ගෙන් උදව් උපකාර ලබාගත යුතුයි.

අපේ මුතුන්මිත්තන් ජීවත් වුණේ ද කැලය මැද ගැම්මැදි තනාගෙනයි.

මේ නිසා උවමනා එපාකම් පිරිමසා ගැනීමට අනෙකාට කථා කරගත යුතු වුණා.

ඊට භාවිත කළ සරල සන්නිවේදනය වූයේ හූවක් තැබීමයි.

ඇතැම් විටෙක ගංගෙදරක වහලයක පිදුරු හොයන්නට – නැතිනම් පොල් අතු හෝ මානා හෙවිල්ලන්නට උවමනා වූ විටක ඒ උවමනා තැනැත්තා ගෙදර වහලය උඩට නැගලා ‘හූ’ කියනවා.

ඒ හූවේ හඬ අඳුනන අනෙක් පිරිස කඩිනමින් දුවගෙන එනවා.

ඒ එන්නේ වහල හෙවිල්ලා දීමේ අරමුණෙන්.

මේ අනුව හූව ඇසෙන ආකාරය අනුව ඒ කුමන අවශ්‍යතාවක් සඳහා හූ කීමක් දැයි ඔවුන් වටහා ගන්නවා.

වහලය අලුත්වැඩියාවකට හූ කියන විට පළමු ව හූවක් ද ඊට ඇසිල්ලකට පසු ව යළිත් දෙවතාවක් ද හූ කියනවා.

මෙලෙසින් හූ තුනක් තියන විට එය ගංගෙදරක වහලයක් තැනීම සඳහා කරන කැඳවුමක් බව අන්‍යයන්ට ඒත්තු යනවා.

එමෙන් ම මෙම හූ තුන තියන්නේ උදෑසනකයි. මෙය හෙවිල්ලුම් හූව හැටියටත් හඳුන්වනවා.

එම වෙලාවන් අනුව ද කළ යුතුව ඇති උදව්ව මොනවගේ දැයි හූව අසන්නන්ට අවබෝධ වෙනවා.

මේ නිසා පැමිණෙන පිරිස පිළිතුරු හූ තියනවා.

එයින් හූ කී තැනැත්තා තේරුම් ගන්නවා අවශ්‍ය සන්නිවේදනය සිදු වී තිබෙනවා ය කියා.

දඩයම් හූව

දඩයම් හූව අපේ මුතුන්මිත්තන් භාවිත කළේ දඩයම් කරන විටයි.

දඩයම සඳහා සතුන් එළවාගත යුතු වුණා.

මේ නිසා ගොවිතැන් බත් නොකරන අවස්ථාවල දී වන සතුන් ගැවසෙන වන පෙතට ඇතුළු වෙනවා.

පසුව උගුල් අටවනවා - නැතිනම් මළපුඩු අටවනවා. එහෙමත් නැතිනම් අගල් කපනවා.

ඒ අගල් උඩින් කොළ අතු දානවා.

ඊට පසුව ඒ ප්‍රදේශය වටේට මිනිසුන් රවුමට සිටින සේ සතුන්ට නොපෙනී යනවා.

එලෙස සතුන් වට කරගත් පසුව අවශ්‍ය උගුල් හෝ මලපුඩු තිබෙන ඉසව්වට සතුන් දක්කන්නට ඕනෑ.

මේ නිසා කරන්නේ හූ කීමයි.

එකවර ම මිනිසුන් වනපෙත මැද සිට හූ කියමින් එන විට සතුන් කලබල වෙනවා.

එවිට සතුන් හිස් ලූ ලූ අත දුවනවා.

එවිට දඩයම්කරුවන් දඩයම් හූ කියමින් අවශ්‍ය ඉසව්ට සතුන් එළවා දමනවා.

මේ අයුරින් වටවෙලා දඩයම් හූ කියා සතුන් එළවන්නේ කැළයේ දී පමණයි.

එය සතුන් බිය වැද්දීමට හැකි ලෙසින් කරන හූවක්.

තරමක ඝෝෂාකාරී දඩයම් හූව ඇසෙන විට සතුන් බිය වැදීම අරුමයක් නොවෙයි.

රහස් හූව

රහස් හූව ද පණිවුඩ යැවීමේ සන්නිවේදන ක්‍රමයක් වුණා.

බොහෝ විට රහස් හූව කියනු ලබන්නේ නියමිත අයෙක් විතරයි.

පුරාණයේ රජ දවස රජ මාලිගාවට උවමනා සංඥා හා පණිවුඩ ලබාගත්තේ මෙලෙස රහස් හූ කීම මඟින්.

නිතර ම ඔත්තු බලන පිරිසක් හිටියා.

යම් සැක සහිත අයෙක් කඩවතකින් ඇතුළු මාලිගාව හෙවත් නුවරට එන්නේ නම් ඒ බව ඊගාව කඩවතට දන්වා සිටියේ හූ කීමෙන්.

මේ හූව අතර විවිධත්වයක් තිබුණා.

කිසියම් සැක සහිත පුද්ගලයකු පැමිණිය විට හූ කියන්නේ එක් රටාවකටයි. සතුරු සේනාවක් පැමිණෙන්නේ නම් එය වෙනස් ආකාරයකටයි දන්වන්නේ.

මෙම රහස් හූවේ සංඥා පිළිවෙත හඳුනන නිසා ඊගාව මුරපොළේ සිටින කෙනා අනෙක් මුරපොළ දෙස බලා හූව කියනවා.

කටින් කට හූව ඇසෙන මානයේ සිටින මුරකරුවන් මඟින් රහස් හූව ගලාගෙන ගියා.

එමඟින් අවශ්‍ය පණිවුඩය කඩිනමින් දන්වා සිටීමට හැකිවුණා.

මඳක් දිගු හූවක් – නැතිනම් කෙටි හූවක් – එසේත් නැතිනම් හඬ වෙනස් කර සිදු කරන හූවක් ආදී වශයෙන් මේ රහස් සන්නිවේදන හූව සිදුකළා.

එසේම එහි ගැබ් වී තිබෙන සංඥාව කුමක් දැයි හඳුනා ගැනීමට ඒ පිළිබඳව අවබෝධයක් ඇත්තෙක් සිටිය යුතුයි. අන්‍යයන්ට මේ හූව රහසක් ම වුණා.

කරත්ත හූව

කරත්තකරුවන් අතර හූ කීමේ සන්නිවේදන ක්‍රම කීපයක් තිබෙනවා.

ඒ අනුව කරත්ත දක්කාගෙන යන විට හූ කීම සිදු කරනවා.

බොහෝ වේලාවට කැළෑ මැදින් නැතිනම් පාළු මණ්ඩිවලින් කරත්ත දක්කන්නේ කරත්තකරුවන් කීප පොළක් එකතුවයි.

මේ හැටියට කරත්ත දක්කන විට වන සතුන්ගෙන් සිදුවන අනතුරු කල් ඇතිව මඟහරවා ගැනීමට හූ කියනවා.

එම හූව කරත්ත හූව ලෙසින් හඳුන්වන්නේ.

ඒ අතර විශේෂයෙන් කුළු හරක් රංචු නැතිනම් අලි රංචු සිටින ඉසව්වක් පසුකර යෑමට සිදු වුවහොත් එවිට හූ කියන්නට සිදු වෙනවා.

ඒ, එම සතුන් පලවා හැරීම පිණිසයි.

අලි එළවන හූව ඉදිරියේ යන එක් කරත්තයකින් තියන විට ම පසුපසින් එන අනෙකුත් කරත්තකරුවන් ද එම හූව තියන්ට හවුල් වෙනවා.

ඒ සාමූහික හූ හඬ ඇසෙන විට අලි පලා යනවා.

රාත්‍රි කාලයේ දී ද කරත්ත හූ කියනවා.

එයත් වන සතුන්ගෙන් උවදුරක් එනවා නම් පමණයි.

එලෙස රාත්‍රී ගමන්වල දී කරත්තකරුවන් කරත්තයේ ලන්තෑරුම එල්ලා තබන්නේ කරත්ත රෝදයට යටින්. එවිට ඈතට එළිය විහිදී එන්නේ යෝධ රවුමක් කැරකෙන අයුරින්.

එම එළිය ඈත සිට දකින වන සතුන් කරත්ත එන මඟින් ඈත් වෙනවා.

එය ද කරත්තකරුවන් අනුගමනය කළ අවාචික සන්නිවේදනයක්.

විපත්ති හූව

විපත්ති හූව නැතිනම් අනතුරකදී කියන හූව විශේෂයි.

ඊට හේතු වන්නේ උදා වී තිබෙන අනතුර පමණයි.

එමෙන් ම විපත්ති හූවට ගෑනු - පිරිමි - ළමා - වැඩිහිටි කියලා භේදයක් නෑ.

මේ කවුරු වුණත් මහා යටිගිරියෙන් බෙරිහන් දෙනවා නම් ඒ වගේමයි, එක දිගට මොරදෙන අයුරින් හූ කියලා හිටිනවා නම් එවිට ඒ විපත්ති හූවක් බව කාටත් වැටහෙනවා.

ඒ වැටහීම ඇතිවන්නේ හූ හඬ තළන වේගය අනුවයි.

බොහෝ විට විපත්ති හූවක් කියන්නේ තනිපංගලමේ නොවෙයි.

තනිපංගලමේ වුව ද නිනව් නැතිව එකදිගට ම විපත්ති හූ කියන අවස්ථා තිබෙනවා.

විපත්ති හූවක් කියන්නේ හතර වටේටයි.

ඒ හතර වටේ සිටින කාගෙන් හෝ පිළිසරණක් බලාපොරොත්තුවෙන්.

එමෙන් ම එක දිගට ම නතර නොවී උදව් ආධාර ලැබෙනකම් ම විපත්ති හූව ඇහෙනවා.

උදව්වට යම් අයෙක් ගියහොත් ඔවුන් ද විපත්තියේ තරම අනුව දිගින් දිගටම විපත්ති හූව තියන්නට උදව් වෙනවා.

අනෙක් අතට විපත්ති හූවක් කන වැටෙන සුනංගුවෙන් දුවගෙන එනවා.

ඒ එන්නේ ද කෑමොර දීගෙන වටේ පිටේ ඉන්න උදවිය ද කැන්දාගෙනයි.

මේ නිසා අපේ මුතුන් මිත්තන්ගේ ඕනෑ ම විපත්තියකට අහල පහළ උන්නු උදවිය කස් ගාලා දුවගෙන එන්ට හුරුවුණා.

මළ හූව

මළ හූව ද වන සතුන් එළවා දැමීමට කරන සන්නිවේදනයක්. මළ හූව යැයි ඊට නම් පටබැඳී තිබෙන්නේ මළ මිනියක් ගෙන යන විට දී සිදු කරන නිසයි.

අපේ මුතුන් මිත්තන් මළ මිනී ගෙන ගියේ කැළෑවටයි. එය කැළේ ගහනවා යනුවෙන් ඔවුන් හැඳින්වූවා. කැළයේ යම් තැනකට ගෙන ගොස් එහි වළක් කපා වළ දමනවා.

නැතිනම් ඒ කැළේ සතුන්ට කෑමට දමා එනවා. මෙලෙස මිනී කැළේ ගසන්නට යන විට හූ කියමින් ගියේ. එය මළ හූව නම් වුණා. ඒ වන සතුන් පළවා හැරීමටයි.

මන්ද, අපේ මුතුන් මිත්තන් මිනී ගෙන කැළයට ගොස් ඒ වෙලාවේ ම වළක් කපා වළලා ඒමයි පුරාණ සිරිත වුණේ.

මේ නිසා වන සතුන්ගෙන් උවදුරු එල්ල වීමට ද ඉඩ තිබුණා. නමුත් හූ කීම මඟින් සතුන් බිය වී පලා යනවා.

මේ නිසා මළ මිනියක් ගෙන යන විට සතුන් එළවා දැමීම පිණිස කළ හූව ‘මළ හූව‘ ලෙසින් හැඳින්වූවා.

ඒ අනුව මළ හූ කියමින් කල් වේලා ඇතිව වන සතුන් පලවා හැරීමෙන් සතුන්ගෙන් සිදුවන උවදුර මඟ හරවා ගැනීමට අපේ මුතුන් මිත්තන් හුරු වුණා. එම නිසා මළ හූව ගෙදරින් පිටතට එනම් ගම් සීමාවෙන් පිටතට පැමිණි තැන් සිට මිනිය වළ දමා හෝ කැළේ දමා ඒ ප්‍රදේශයෙන් එන තෙක් සිදු කළා.

ගිනි හූව

ගිනි හූව නැතිනම් හේන් ගිනි ලෑම් හූව තියන්නේ හේන් බිම් ගිනි දැල්වීමට කලියෙන්.

මේ සමඟ ම හේන් යාතිකාවන් ද කරනවා.

හේන් ගිනි තබන්නේ බෝග වපුරා ගැනීමේ අරමුණින්.

ඒ සඳහා නවදැලි හේනක් හෝ අත්දඬුවා හේනක් කොටාගත් විට එහි ගස් කොළන් වියළීමට හරිනවා.

ගස්වැල් කපා පාදාගත් විට එය බිම අතුරන්නේ ගිනි ඇවිළීමේ පහසුව ඇතිවන රටාවකටයි.

මෙලෙස කොටාගත් හේන් ගිනි තැබීම සඳහා දින කීපයක් ගත වෙනවා.

එය සතියක් දෙකක් හෝ ඊට වැඩි විය හැකියි.

මෙලෙසින් හේන් බිම් ගිනි තැබීමට කල්ගත වන නිසා බඩගාන සතුන් මෙන්ම කුරගාන සතුන් ද කපා බිම දැමූ ගස් කොළන් අතරේ ජීවත්වීමට එනවා.

ඒ සතුන් සියල්ල මැරී පිළිස්සී යන නිසයි හේන් ගිනි තැබීමට පෙර ගිනි හූව තියන්නේ.

ගිනි තැබීමට පැමිණි පිරිස පොලු කැබලි අරගෙන මහා හයියෙන් හූ තියමින් ගිනි ලෑමට ඇති ගස් අතුවලට තඩි ගහනවා. හේන්බිම පුරා ම මේ හැටියට ගිනි හූ තියමින් යනවා.

එය කරන්නේ ගිනි තැබීමට පෙරයි. මේ අනුව ගිනි හූව තබා සතුන් එළවා හේන් ගිනි තැබීම අපේ මුතුන්මිත්තන්ගේ සිරිතක් වුණා.

මේ අනුව ගිනි හූව සැඟවුණු සතුන් එළවීම පිණිස යොදාගත් සන්නිවේදන ක්‍රමයක් බව හඳුනාගත හැකියි.

කමත් හූව

කමතේ දී හූ කීම ජන සම්මත තහංචියක්.

කමත් භූමිය ශුද්ධ භූමියක්. මේ නිසා කමතට සෙයියාවක් නැතිව කමතේ දී හැසිරීම තහංචියක් වෙනවා.

කමතේ දී කථාබහ කරන්නේ හිමිහිටයි.

ඩිංගිත්තක් හෝ හඬක් මතුවන්නේ අම්බරුවනට අඬහැර පාන විටයි.

නමුත් මේ කමත් තහංචිය බිඳින අවස්ථාවක් තිබෙනවා.

එනම් කමතක කොළ මඬවන විටක යම් බඳු අනතුරක් – හදිසි කරදරයක් පැමිණියහොත් එවිට උදව් ආධාර ඉල්ලා හූ කියනවා.

යම් විටක මේ ආකාරයට කමතක හූවක් ඇහුණහොත් එය වහාම හොයලා බලනවා.

මේ ආකාරයට කමතේදී තියන හූවට කියන්නේ කමත් හූව කියලයි.

කමතක කොළ මඬවන විට – නැතිනම් බැත පාහින විට කරදර එන අවස්ථා තිබෙනවා.

කෙනෙක් අසනීපවීම – නැතිනම් වල් අලි කඩාවැදීම – එහෙමත් නැතිනම් වෙනත් වන සතුන්ගෙන් අනතුරක් ද සිදුවිය හැකියි.

එසේත් නැතිනම් කමතේ රාජකාරිවල යෙදී සිටින අයකුට අසනීපයක් ද විය හැකියි.

ඒ අවස්ථාවල දී කමතේ සිටින සියලු ගොවීන් ගැම්මැද්ද දිහාවට හැරිලා කට ළඟට අත්දෙක තියලා මහා හයියෙන් හූ කියනවා.

ඒ ආධාර ඉල්ලා සිටීමටයි.

මේ අනුව කමත් හූවක් ඇහුණ සැණින් ආධාර දීමට අනෙක් ඇත්තන් දුවගෙන එනවා.

ඇමතුම් හූව

බොහෝ විට දුර බැහැරින් යම් අයකු ගමන් කරන විට ඔහුට කිසියම් පණිවුඩයක් දිය යුතු නම් එවිට ද හූ කියනවා.

මෙම හූව හඳුන්වන්නේ ඇමතුම් හූව හැටියටයි.

ඇමතුම් හූවක් දෙන විට අමතන්නා පෙනෙන මානයේ ඉන්නේ.

යම් විටක වෙලක දී නම් ඈත නියරකින් ගමන් කරන අයකුට මෙලෙසින් ඇමතුම් හූවකින් කථා කළ හැකියි.

නැතිනම්, යම් විටක කරුණු හරිහැටි නොදැන අයෙක් ගමන් කරන විට, ඔහුට එල්ල විය හැකි අනතුරු දන්වා සිටීමටත් හූ කියනවා.

එවිට පණිවුඩය ලබාගන්නා ද පෙරළා හූවට පිළිතුරු දිය යුතුයි.

මේ අයුරින් ඕනෑ ම හූවක දී ඒ ඇමතීම ලබාගන්නා ඊට වහා ප්‍රතිචාර දක්වනවා.

ඒ අනුව හූවට හූව කියනවා.

පසුව අවශ්‍ය කාරණය දැන්වීම සඳහා ළඟට කැඳවා ගන්නේ ද හූවක් මඟින්.

මේ නිසා ඇමතුම් හූවක් කියනවිට ඒ හූව දෙතුන් වතාවක් එහාට මෙහාට හූ කියමින් සංඥා කරගන්නවා.

එමෙන් ම ඇමතුම් හූවක් ලබාදෙන්නේ අවශ්‍යතාවක් මතුවූ විට පමණයි.

බොහෝ විට අමතන්නා කවුරුන් දැයි පෙනෙන්නේ දිවා කාලයට පමණයි.

ඒ නිසා ඇමතුම් හූව කීම හා ඊට පිළිතුරු බැඳීම දැකගත හැකිවන්නේ දිවා කාලයට පමණයි.

සැ.යු. මහින්ද කුමාර දළුපොත මහතා විසින් 2011 වසරේ සිලුමිණ පුවත්පතට ලියන ලද ලිපි වලින් සමහර කරුනු උපුටාගන්නා ලදි.

[QUOTE="sooppuwa, post: 19798989, member: 556336"] [SIZE="6"][COLOR="Blue"]පැරණි සිංහල සමාජයේ අද තරම් දියුනු සංනිවේදන ක්‍රම නොතිබුනත් තම එදිනෙදා අවශ්‍යතාවන් සඳහා විවිධ ශබ්ද, සටහන්, මුද්‍රා භාවිතා කිරීමට ඔවුන් පුරුදුව සිටියහ. මේවා සමාජ සම්මත වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ සම්මතයන් වේ. මේ අතර හූව ටද හිමිවන්නේ වැදගත් ස්ථානයකි මෙය විවිධ අදහස් ප්‍රකාශ කිරීමට යොදාගත්තත් මෙහිදී සලකා බලන්නේ සංනිවේදන ක්‍රමයක් ලෙස හූව යොදාගත් ආකාරයයි. හෙවිල්ලුම් හූව ගංගෙදර දහසකුත් එකක් උවමනා ඉටුකර ගැනීම පිණිස අන්‍යයන්ගෙන් උදව් උපකාර ලබාගත යුතුයි. අපේ මුතුන්මිත්තන් ජීවත් වුණේ ද කැලය මැද ගැම්මැදි තනාගෙනයි. මේ නිසා උවමනා එපාකම් පිරිමසා ගැනීමට අනෙකාට කථා කරගත යුතු වුණා. ඊට භාවිත කළ සරල සන්නිවේදනය වූයේ හූවක් තැබීමයි. ඇතැම් විටෙක ගංගෙදරක වහලයක පිදුරු හොයන්නට – නැතිනම් පොල් අතු හෝ මානා හෙවිල්ලන්නට උවමනා වූ විටක ඒ උවමනා තැනැත්තා ගෙදර වහලය උඩට නැගලා ‘හූ’ කියනවා. ඒ හූවේ හඬ අඳුනන අනෙක් පිරිස කඩිනමින් දුවගෙන එනවා. ඒ එන්නේ වහල හෙවිල්ලා දීමේ අරමුණෙන්. මේ අනුව හූව ඇසෙන ආකාරය අනුව ඒ කුමන අවශ්‍යතාවක් සඳහා හූ කීමක් දැයි ඔවුන් වටහා ගන්නවා. වහලය අලුත්වැඩියාවකට හූ කියන විට පළමු ව හූවක් ද ඊට ඇසිල්ලකට පසු ව යළිත් දෙවතාවක් ද හූ කියනවා. මෙලෙසින් හූ තුනක් තියන විට එය ගංගෙදරක වහලයක් තැනීම සඳහා කරන කැඳවුමක් බව අන්‍යයන්ට ඒත්තු යනවා. එමෙන් ම මෙම හූ තුන තියන්නේ උදෑසනකයි. මෙය හෙවිල්ලුම් හූව හැටියටත් හඳුන්වනවා. එම වෙලාවන් අනුව ද කළ යුතුව ඇති උදව්ව මොනවගේ දැයි හූව අසන්නන්ට අවබෝධ වෙනවා. මේ නිසා පැමිණෙන පිරිස පිළිතුරු හූ තියනවා. එයින් හූ කී තැනැත්තා තේරුම් ගන්නවා අවශ්‍ය සන්නිවේදනය සිදු වී තිබෙනවා ය කියා. දඩයම් හූව දඩයම් හූව අපේ මුතුන්මිත්තන් භාවිත කළේ දඩයම් කරන විටයි. දඩයම සඳහා සතුන් එළවාගත යුතු වුණා. මේ නිසා ගොවිතැන් බත් නොකරන අවස්ථාවල දී වන සතුන් ගැවසෙන වන පෙතට ඇතුළු වෙනවා. පසුව උගුල් අටවනවා - නැතිනම් මළපුඩු අටවනවා. එහෙමත් නැතිනම් අගල් කපනවා. ඒ අගල් උඩින් කොළ අතු දානවා. ඊට පසුව ඒ ප්‍රදේශය වටේට මිනිසුන් රවුමට සිටින සේ සතුන්ට නොපෙනී යනවා. එලෙස සතුන් වට කරගත් පසුව අවශ්‍ය උගුල් හෝ මලපුඩු තිබෙන ඉසව්වට සතුන් දක්කන්නට ඕනෑ. මේ නිසා කරන්නේ හූ කීමයි. එකවර ම මිනිසුන් වනපෙත මැද සිට හූ කියමින් එන විට සතුන් කලබල වෙනවා. එවිට සතුන් හිස් ලූ ලූ අත දුවනවා. එවිට දඩයම්කරුවන් දඩයම් හූ කියමින් අවශ්‍ය ඉසව්ට සතුන් එළවා දමනවා. මේ අයුරින් වටවෙලා දඩයම් හූ කියා සතුන් එළවන්නේ කැළයේ දී පමණයි. එය සතුන් බිය වැද්දීමට හැකි ලෙසින් කරන හූවක්. තරමක ඝෝෂාකාරී දඩයම් හූව ඇසෙන විට සතුන් බිය වැදීම අරුමයක් නොවෙයි. රහස් හූව රහස් හූව ද පණිවුඩ යැවීමේ සන්නිවේදන ක්‍රමයක් වුණා. බොහෝ විට රහස් හූව කියනු ලබන්නේ නියමිත අයෙක් විතරයි. පුරාණයේ රජ දවස රජ මාලිගාවට උවමනා සංඥා හා පණිවුඩ ලබාගත්තේ මෙලෙස රහස් හූ කීම මඟින්. නිතර ම ඔත්තු බලන පිරිසක් හිටියා. යම් සැක සහිත අයෙක් කඩවතකින් ඇතුළු මාලිගාව හෙවත් නුවරට එන්නේ නම් ඒ බව ඊගාව කඩවතට දන්වා සිටියේ හූ කීමෙන්. මේ හූව අතර විවිධත්වයක් තිබුණා. කිසියම් සැක සහිත පුද්ගලයකු පැමිණිය විට හූ කියන්නේ එක් රටාවකටයි. සතුරු සේනාවක් පැමිණෙන්නේ නම් එය වෙනස් ආකාරයකටයි දන්වන්නේ. මෙම රහස් හූවේ සංඥා පිළිවෙත හඳුනන නිසා ඊගාව මුරපොළේ සිටින කෙනා අනෙක් මුරපොළ දෙස බලා හූව කියනවා. කටින් කට හූව ඇසෙන මානයේ සිටින මුරකරුවන් මඟින් රහස් හූව ගලාගෙන ගියා. එමඟින් අවශ්‍ය පණිවුඩය කඩිනමින් දන්වා සිටීමට හැකිවුණා. මඳක් දිගු හූවක් – නැතිනම් කෙටි හූවක් – එසේත් නැතිනම් හඬ වෙනස් කර සිදු කරන හූවක් ආදී වශයෙන් මේ රහස් සන්නිවේදන හූව සිදුකළා. එසේම එහි ගැබ් වී තිබෙන සංඥාව කුමක් දැයි හඳුනා ගැනීමට ඒ පිළිබඳව අවබෝධයක් ඇත්තෙක් සිටිය යුතුයි. අන්‍යයන්ට මේ හූව රහසක් ම වුණා. කරත්ත හූව කරත්තකරුවන් අතර හූ කීමේ සන්නිවේදන ක්‍රම කීපයක් තිබෙනවා. ඒ අනුව කරත්ත දක්කාගෙන යන විට හූ කීම සිදු කරනවා. බොහෝ වේලාවට කැළෑ මැදින් නැතිනම් පාළු මණ්ඩිවලින් කරත්ත දක්කන්නේ කරත්තකරුවන් කීප පොළක් එකතුවයි. මේ හැටියට කරත්ත දක්කන විට වන සතුන්ගෙන් සිදුවන අනතුරු කල් ඇතිව මඟහරවා ගැනීමට හූ කියනවා. එම හූව කරත්ත හූව ලෙසින් හඳුන්වන්නේ. ඒ අතර විශේෂයෙන් කුළු හරක් රංචු නැතිනම් අලි රංචු සිටින ඉසව්වක් පසුකර යෑමට සිදු වුවහොත් එවිට හූ කියන්නට සිදු වෙනවා. ඒ, එම සතුන් පලවා හැරීම පිණිසයි. අලි එළවන හූව ඉදිරියේ යන එක් කරත්තයකින් තියන විට ම පසුපසින් එන අනෙකුත් කරත්තකරුවන් ද එම හූව තියන්ට හවුල් වෙනවා. ඒ සාමූහික හූ හඬ ඇසෙන විට අලි පලා යනවා. රාත්‍රි කාලයේ දී ද කරත්ත හූ කියනවා. එයත් වන සතුන්ගෙන් උවදුරක් එනවා නම් පමණයි. එලෙස රාත්‍රී ගමන්වල දී කරත්තකරුවන් කරත්තයේ ලන්තෑරුම එල්ලා තබන්නේ කරත්ත රෝදයට යටින්. එවිට ඈතට එළිය විහිදී එන්නේ යෝධ රවුමක් කැරකෙන අයුරින්. එම එළිය ඈත සිට දකින වන සතුන් කරත්ත එන මඟින් ඈත් වෙනවා. එය ද කරත්තකරුවන් අනුගමනය කළ අවාචික සන්නිවේදනයක්. විපත්ති හූව විපත්ති හූව නැතිනම් අනතුරකදී කියන හූව විශේෂයි. ඊට හේතු වන්නේ උදා වී තිබෙන අනතුර පමණයි. එමෙන් ම විපත්ති හූවට ගෑනු - පිරිමි - ළමා - වැඩිහිටි කියලා භේදයක් නෑ. මේ කවුරු වුණත් මහා යටිගිරියෙන් බෙරිහන් දෙනවා නම් ඒ වගේමයි, එක දිගට මොරදෙන අයුරින් හූ කියලා හිටිනවා නම් එවිට ඒ විපත්ති හූවක් බව කාටත් වැටහෙනවා. ඒ වැටහීම ඇතිවන්නේ හූ හඬ තළන වේගය අනුවයි. බොහෝ විට විපත්ති හූවක් කියන්නේ තනිපංගලමේ නොවෙයි. තනිපංගලමේ වුව ද නිනව් නැතිව එකදිගට ම විපත්ති හූ කියන අවස්ථා තිබෙනවා. විපත්ති හූවක් කියන්නේ හතර වටේටයි. ඒ හතර වටේ සිටින කාගෙන් හෝ පිළිසරණක් බලාපොරොත්තුවෙන්. එමෙන් ම එක දිගට ම නතර නොවී උදව් ආධාර ලැබෙනකම් ම විපත්ති හූව ඇහෙනවා. උදව්වට යම් අයෙක් ගියහොත් ඔවුන් ද විපත්තියේ තරම අනුව දිගින් දිගටම විපත්ති හූව තියන්නට උදව් වෙනවා. අනෙක් අතට විපත්ති හූවක් කන වැටෙන සුනංගුවෙන් දුවගෙන එනවා. ඒ එන්නේ ද කෑමොර දීගෙන වටේ පිටේ ඉන්න උදවිය ද කැන්දාගෙනයි. මේ නිසා අපේ මුතුන් මිත්තන්ගේ ඕනෑ ම විපත්තියකට අහල පහළ උන්නු උදවිය කස් ගාලා දුවගෙන එන්ට හුරුවුණා. මළ හූව මළ හූව ද වන සතුන් එළවා දැමීමට කරන සන්නිවේදනයක්. මළ හූව යැයි ඊට නම් පටබැඳී තිබෙන්නේ මළ මිනියක් ගෙන යන විට දී සිදු කරන නිසයි. අපේ මුතුන් මිත්තන් මළ මිනී ගෙන ගියේ කැළෑවටයි. එය කැළේ ගහනවා යනුවෙන් ඔවුන් හැඳින්වූවා. කැළයේ යම් තැනකට ගෙන ගොස් එහි වළක් කපා වළ දමනවා. නැතිනම් ඒ කැළේ සතුන්ට කෑමට දමා එනවා. මෙලෙස මිනී කැළේ ගසන්නට යන විට හූ කියමින් ගියේ. එය මළ හූව නම් වුණා. ඒ වන සතුන් පළවා හැරීමටයි. මන්ද, අපේ මුතුන් මිත්තන් මිනී ගෙන කැළයට ගොස් ඒ වෙලාවේ ම වළක් කපා වළලා ඒමයි පුරාණ සිරිත වුණේ. මේ නිසා වන සතුන්ගෙන් උවදුරු එල්ල වීමට ද ඉඩ තිබුණා. නමුත් හූ කීම මඟින් සතුන් බිය වී පලා යනවා. මේ නිසා මළ මිනියක් ගෙන යන විට සතුන් එළවා දැමීම පිණිස කළ හූව ‘මළ හූව‘ ලෙසින් හැඳින්වූවා. ඒ අනුව මළ හූ කියමින් කල් වේලා ඇතිව වන සතුන් පලවා හැරීමෙන් සතුන්ගෙන් සිදුවන උවදුර මඟ හරවා ගැනීමට අපේ මුතුන් මිත්තන් හුරු වුණා. එම නිසා මළ හූව ගෙදරින් පිටතට එනම් ගම් සීමාවෙන් පිටතට පැමිණි තැන් සිට මිනිය වළ දමා හෝ කැළේ දමා ඒ ප්‍රදේශයෙන් එන තෙක් සිදු කළා. ගිනි හූව ගිනි හූව නැතිනම් හේන් ගිනි ලෑම් හූව තියන්නේ හේන් බිම් ගිනි දැල්වීමට කලියෙන්. මේ සමඟ ම හේන් යාතිකාවන් ද කරනවා. හේන් ගිනි තබන්නේ බෝග වපුරා ගැනීමේ අරමුණින්. ඒ සඳහා නවදැලි හේනක් හෝ අත්දඬුවා හේනක් කොටාගත් විට එහි ගස් කොළන් වියළීමට හරිනවා. ගස්වැල් කපා පාදාගත් විට එය බිම අතුරන්නේ ගිනි ඇවිළීමේ පහසුව ඇතිවන රටාවකටයි. මෙලෙස කොටාගත් හේන් ගිනි තැබීම සඳහා දින කීපයක් ගත වෙනවා. එය සතියක් දෙකක් හෝ ඊට වැඩි විය හැකියි. මෙලෙසින් හේන් බිම් ගිනි තැබීමට කල්ගත වන නිසා බඩගාන සතුන් මෙන්ම කුරගාන සතුන් ද කපා බිම දැමූ ගස් කොළන් අතරේ ජීවත්වීමට එනවා. ඒ සතුන් සියල්ල මැරී පිළිස්සී යන නිසයි හේන් ගිනි තැබීමට පෙර ගිනි හූව තියන්නේ. ගිනි තැබීමට පැමිණි පිරිස පොලු කැබලි අරගෙන මහා හයියෙන් හූ තියමින් ගිනි ලෑමට ඇති ගස් අතුවලට තඩි ගහනවා. හේන්බිම පුරා ම මේ හැටියට ගිනි හූ තියමින් යනවා. එය කරන්නේ ගිනි තැබීමට පෙරයි. මේ අනුව ගිනි හූව තබා සතුන් එළවා හේන් ගිනි තැබීම අපේ මුතුන්මිත්තන්ගේ සිරිතක් වුණා. මේ අනුව ගිනි හූව සැඟවුණු සතුන් එළවීම පිණිස යොදාගත් සන්නිවේදන ක්‍රමයක් බව හඳුනාගත හැකියි. කමත් හූව කමතේ දී හූ කීම ජන සම්මත තහංචියක්. කමත් භූමිය ශුද්ධ භූමියක්. මේ නිසා කමතට සෙයියාවක් නැතිව කමතේ දී හැසිරීම තහංචියක් වෙනවා. කමතේ දී කථාබහ කරන්නේ හිමිහිටයි. ඩිංගිත්තක් හෝ හඬක් මතුවන්නේ අම්බරුවනට අඬහැර පාන විටයි. නමුත් මේ කමත් තහංචිය බිඳින අවස්ථාවක් තිබෙනවා. එනම් කමතක කොළ මඬවන විටක යම් බඳු අනතුරක් – හදිසි කරදරයක් පැමිණියහොත් එවිට උදව් ආධාර ඉල්ලා හූ කියනවා. යම් විටක මේ ආකාරයට කමතක හූවක් ඇහුණහොත් එය වහාම හොයලා බලනවා. මේ ආකාරයට කමතේදී තියන හූවට කියන්නේ කමත් හූව කියලයි. කමතක කොළ මඬවන විට – නැතිනම් බැත පාහින විට කරදර එන අවස්ථා තිබෙනවා. කෙනෙක් අසනීපවීම – නැතිනම් වල් අලි කඩාවැදීම – එහෙමත් නැතිනම් වෙනත් වන සතුන්ගෙන් අනතුරක් ද සිදුවිය හැකියි. එසේත් නැතිනම් කමතේ රාජකාරිවල යෙදී සිටින අයකුට අසනීපයක් ද විය හැකියි. ඒ අවස්ථාවල දී කමතේ සිටින සියලු ගොවීන් ගැම්මැද්ද දිහාවට හැරිලා කට ළඟට අත්දෙක තියලා මහා හයියෙන් හූ කියනවා. ඒ ආධාර ඉල්ලා සිටීමටයි. මේ අනුව කමත් හූවක් ඇහුණ සැණින් ආධාර දීමට අනෙක් ඇත්තන් දුවගෙන එනවා. ඇමතුම් හූව බොහෝ විට දුර බැහැරින් යම් අයකු ගමන් කරන විට ඔහුට කිසියම් පණිවුඩයක් දිය යුතු නම් එවිට ද හූ කියනවා. මෙම හූව හඳුන්වන්නේ ඇමතුම් හූව හැටියටයි. ඇමතුම් හූවක් දෙන විට අමතන්නා පෙනෙන මානයේ ඉන්නේ. යම් විටක වෙලක දී නම් ඈත නියරකින් ගමන් කරන අයකුට මෙලෙසින් ඇමතුම් හූවකින් කථා කළ හැකියි. නැතිනම්, යම් විටක කරුණු හරිහැටි නොදැන අයෙක් ගමන් කරන විට, ඔහුට එල්ල විය හැකි අනතුරු දන්වා සිටීමටත් හූ කියනවා. එවිට පණිවුඩය ලබාගන්නා ද පෙරළා හූවට පිළිතුරු දිය යුතුයි. මේ අයුරින් ඕනෑ ම හූවක දී ඒ ඇමතීම ලබාගන්නා ඊට වහා ප්‍රතිචාර දක්වනවා. ඒ අනුව හූවට හූව කියනවා. පසුව අවශ්‍ය කාරණය දැන්වීම සඳහා ළඟට කැඳවා ගන්නේ ද හූවක් මඟින්. මේ නිසා ඇමතුම් හූවක් කියනවිට ඒ හූව දෙතුන් වතාවක් එහාට මෙහාට හූ කියමින් සංඥා කරගන්නවා. එමෙන් ම ඇමතුම් හූවක් ලබාදෙන්නේ අවශ්‍යතාවක් මතුවූ විට පමණයි. බොහෝ විට අමතන්නා කවුරුන් දැයි පෙනෙන්නේ දිවා කාලයට පමණයි. ඒ නිසා ඇමතුම් හූව කීම හා ඊට පිළිතුරු බැඳීම දැකගත හැකිවන්නේ දිවා කාලයට පමණයි.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]සැ.යු. මහින්ද කුමාර දළුපොත මහතා විසින් 2011 වසරේ සිලුමිණ පුවත්පතට ලියන ලද ලිපි වලින් සමහර කරුනු උපුටාගන්නා ලදි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom