හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?

Chakun_Bukun

Banned
Mar 1, 2018
84
7
0
බොහොම ස්තූතියි. හෘදයාභාධ හොඳ කරන්න පුළුවන්ද ? ඔපරේෂන් මගින් ? මම අහල තියෙනවා ගෑස් එකක් මගින් පුළුවන් කියලත්. hole in the heart හඳුනා ගන්නෙ කොහොමද ? :dull:
 
chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala

    ටිකක් දීර්ඝව පැහැදිලි කළ යුතු ගැටලුවක් නමුත් කෙටියෙන් පිළිතුරක් දෙන්නම්. :rolleyes:
    හෘදයාබාධයක් ඇතිවෙන්නේ හෘදයට රුධිරය සපයන කිරීඨක ධමනි වල සිදුවන අවහිරවීමක් නිසා. :love:

    heart_attack.jpg

    එයට ඉක්මණින් පිළියමක් යෙදුවේ නැත්නම් එම කොටස මිය යනවා ඔක්සිජන් සහ අනෙකුත් පෝෂක නොමැති වීමෙන්. :sorry: එය වලක්වාගන්නට නම්,

    1. බෙහෙත් (Medical Management)
    2. ශල්‍යකර්ම (Surgical Management : Stenting, Bypass)

    යන දෙආකාරයෙන්ම ප්‍රතිකාර කරන්න පුලුවන්. අවහිරවීමේ ප්‍රමාණය සහ ස්ථානය අනුව තමයි ඕවා තීරණය වෙන්නේ. ගෑස් කතාව නම් මට පැහැදිලි නෑ.

    Hole in heart කියන්නේ උපතේදී උපතට පෙර කළල අවධියේදී තිබුනු හෘදයේ කුටීර අතර ඇති සිදුරු වෙලාවට නොවැසීයාම නිසා ඇතිවෙන (congenital) ලෙඩක්. කළලය ඔක්සිජන් ලබාගන්නේ මවගේ රුධිරයෙන්. එතකොට පෙනහලු භාවිතයක් නෑ. මේ නිසා හෘදයේ කෙටි මාර්ග කීපයක් හැදිලා තියෙනවා (shortcuts). :shocked:

    පොඩි වයසෙදි තමයි දකින්නට ලැබෙන්නේ. නමුත් සොයා ගන්නට බැරිවුනොත් පසුකාලීනව වැඩිහිටි වියේදි මතුවෙන්නත් පුලුවන්. වර්ග දෙකයි.

    1. Atrial Septal Defect (ASD)

    images_237

    2. Ventricular Septal Defect (VSD)

    images_312

    රෝග දෙකේදිම හතිය (shortness of breath) තමයි ප්‍රධානම රෝග ලක්ෂණය. ඊට අමතරව කකුල් ඉදිමීම, වර්ධනය බාලවීමත් දකින්න පුලුවන්. :oo:

    ළමා වෛද්‍යවරයෙකුට පෙන්වා ගන්න එකයි උචිත. නලාවෙන් සමහර විට මේ සිදුරු වලින් රුධිරය ගලා යාම නිසා ඇතිවෙන ශබ්ද (murmurs) ඇහෙනවා. එහෙම තියෙනවනම් 2D echocardiogram පරීක්ෂණයක් කරලා අපිට සිදුරක් තියෙනවද නැද්ද කියලා සැකහැර දැනගන්න පුලුවන්. :D

    ප්‍රතිකාර කලින් වගේම තමයි. බෙහෙත් හෝ ශල්‍යකර්ම. සමහර සිදුරු වසරක් විතර යනකොට නිකන්ම වැහිලා යනවා. :yes:
     
    ස්තූතියි පැහැදිලි කිරීමට. මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකකින් අපිව දැනුවත් කරාට දැනුම ලබා දුන්නාට බොහොම පින්. හොඳ දොස්තර මහත්තයෙක් කියල හිතනවා.
     
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ස්තූතියි පැහැදිලි කිරීමට. මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකකින් අපිව දැනුවත් කරාට දැනුම ලබා දුන්නාට බොහොම පින්. හොඳ දොස්තර මහත්තයෙක් කියල හිතනවා.
    ප්‍රශ්නයක් අහලා අනිත් අයගෙත් දැනුම පුලුල් කරන්නට අවස්ථාව ලබල දුන්නට ස්තූතියි සහෝදරයා :D
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මචං හාට් ඇටෑක් එකක් ආව කෙනෙකුට CPR දෙන විදියත් පොඩ්ඩක් කියපන්කෝ.defibrillator වගේ එකක් ගෙදර තියා ගන්න එක හොඳයිද?
     
    • Like
    Reactions: chandima3010

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචං හාට් ඇටෑක් එකක් ආව කෙනෙකුට CPR දෙන විදියත් පොඩ්ඩක් කියපන්කෝ.defibrillator වගේ එකක් ගෙදර තියා ගන්න එක හොඳයිද?

    Heart attack එකකදි CPR (Cardio Pulmonary Resuscitation) දෙන්න වෙනවා කියන්නේ හෘදය නතර වෙලා කියන එකයි. ඒකියන්නේ හෘදයාබාධය නිසා හෘදයේ වැඩි කොටසක් මිය ගිහින් හෘදයට රුධිරය පොම්ප කිරීමේ හැකියාවක් නෑ. ඉතින් මේ වගේ කෙනෙක්ට බොහෝ දුරට ICU care ලබාදෙන තුරු මොළය ඇතුලු අත්‍යාවශ්‍ය අවයව වලට රුධිර සංසරණය පවත්වා ගන්න CPR යොදා ගන්න පුලුවන්. CPR හෘදයාබාධයකට වඩා වෙනත් අවස්ථාවලදී හෘදය නතර වී ඇතිනම් සාර්ථකව යොදා ගතහැකිය. (උදා: විදුලි සැර වැදුනු අයකුට)

    Defibrillator එකක් භාවිතා කරන්නේ නතරවු හෘදය විද්‍යූත් ධාරාවක් මඟින් නැවත පණගැන්වීමට. මෙය නුපුහුණු පුද්ගලයින් විසින් සිදු නොකළ යුතුයි. පුහුණු පුද්ගලයෙකු වුවත් බොහොම කල්පනාවෙන් තමයි defibrilate කරනවද නැද්ද කියන decision එකට එන්නේ. බොහොදුරට රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ අවසන් අදියරේදී. නමුත් දියුණු රටවල භාවිතා වන automated external defibrillator (AED) වැනි උපාංග භාවිතයෙන් සාමාන්‍ය පුද්ගලයින්ටත් shocks deliver කරන්න පුලුවන්.

    ඔබේ ගැටලුව බොහොම වැදගත් කියලා හිතෙනවා. Basic Life Support ගැන ලිපියක් ඉක්මණින්ම ලියන්නම්. :D
     
    • Like
    Reactions: aravinda145

    Thanks Machan. :)