Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හෙට මරා දැමෙන ‘ඇය’ සහ ‘මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට මරා දැමෙන ‘ඇය’ සහ ‘මම

මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව සිටිමි. මගේ දරුවා, සහ මගේ අනෙක් ඥාතීන් මා අසලය. මම කමි බොමි. ගමන් යමි. මිතුරු මිතුරියන් හමුවෙමි. දුක් කරදර සමහරක් පසෙකින් ඇතත්, සැහැල්ලුව සිනාසෙමි. මම ජීවත් වෙමි. මට කිසිදාක රස්සාවක් කරන්නට සවුදි අරාබියට යන්නට සිදු නොවන බව මම දනිමි. කළ කිසිදු වරදක් නැතිව අදුරු හිරගෙයක් තුළ හිරවී, පැය කිහිපයකින් එළඹෙන අතිශය භයංකර මරණයක් ගැන භීතියෙන් සලිත වෙන්නට මට සිදු නොවන බව මම දනිමි.

මම ද ඇය මෙන්ම ශ්‍රී ලාංකික වෙමි. මම ද ඇය මෙන්ම ගැහැණියක වෙමි.

නමුත් ඇගේත් මගේත් අද ඉරණම අහසට පොළොව වූයේ කෙසේද? ඇය උපන්නේ මට වඩා අතිශයින් දුප්පත් පවුලක වෙන්නට ඇති. මගේ දෙමව්පියන්ට තරම්වත් හයියක් ඇගේ දෙමාපියන්ට නොතිබෙන්නට ඇති. දුප්පත්කම නිසා හෝ දුප්පත්කමත් සමග ඈදුණු දහසකුත් හේතු නිසා ඇයට මා තරම්වත් අධ්‍යාපනයක් ලබන්නට නොහැකි වෙන්නට ඇති. වෙන කුසලතාවක් දියුණු කරගන්නටත් නොහැකි වෙන්නට ඇති. ජිවත් වෙන්නට අවශ්‍ය මූලික දේවල් ටිකවත් සරි කරගන්නට මාවතක් ඇත්තේම නැති වෙන්න ඇති. උදව්වක් ඉල්ලාගන්නට දැන ඇනුම්කම් තියෙන මොකෙක්හරි දේශපාලකයෙක් වත් ඉන්න නැතුව ඇති. කවදහරි ගේ කෑල්ලක් හදාගන්න සොච්චමක් හරි මාසෙට ඉතුරු කරගන්න පුළුවන් පඩියක් හම්බවෙන රස්සාවක් ලංකාවේ හොයාගන්න බැරි වෙන්න ඇති…..රට යන එක එකම විසදුම වගේ පේන්න ඇති. ඕස්ට්‍රේලියාව, ඉතාලිය, වගේ හොද රටකට යන එක ගැන හීනෙකට වත් හිතලා වැඩක් නැති නිසා සවුදි අරාබිය කියන ම්ලේච්ඡ රටට කඹුරන්න යන්න පාස්පෝට් හදන්න ඇති…….මොනතරං දහ ජරා රටක් වුණත් කොහොම හරි කාගෙන දුක් විදලා තඹ දොයිතුවක් හොයාගෙන එනවා කියන ධෛරිය හිතේ තියන් ඉන්න ඇති.

ඇය සවුදි අරාබියට යන එක වළක්වන්න අපේ සමාජයට බැරි වෙන්නේ ඇයි? රිසානාව බෙල්ල කපලා මරා දැම්මට පස්සෙවත් සවුදි අරාබියට කියන අපායට නොයා මෙහේ මොනවහරි කරගෙන ජිවිතේ ගෙනියන්න ඇයව යොමු කරවන්න අපට බැරි වෙන්නෙ ඇයි? කෝටි ප්‍රෙකා්ටි ගණන් ගසා කන දේශපාලකයො ඉන්න රටක් අපි. කෙළකෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාර හිමි පෝසතුන් ඉන්න රටක් අපි. ජාතිය බේරාගන්න සිවුරු උස්සාගෙන පොලු මුගුරු අමෝරාගෙන දගලන දේශප්‍රේමියො වැහි වැහැපු රටක් අපි…..ඒත් සවුදි යන එක මිස වෙන මගක් ඇයට පෙන්වන්නට බැරි වෙච්ච සමාජයක් අපි.

සවුදි යන ගෑනුන්ගෙන් සමහරු බෙලි කපලා, ගල් ගහලා මරා දානවා…..ආණ්ඩුව ඒවා ආරංචි වුණාම සමාව දෙන්න කියලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලනවා…නිකං ඔහේ නමට ඉල්ලනවා… . කවදාවත් කවුරුවත් ම්ලේච්ඡ මරණයෙන් ගැලවෙන්නෙ නෑ…… කොච්චර මැරුවත්. දිගටම අපේ දුප්පත් ගෑනු සවුදි යනවා….

අඩුගාණේ සවුදි ආරාබිය කියන තිරිසන් නීති තියෙන, ම්ලේච්ඡ රටට යන්න එපා කියලා මේ දුප්පතුන්ට කියන්න අපේ රජයට බැහැ……එහෙම කියලා ඒ අයට දෙන්න රස්සාවල්, නැහැ. බඩජාරි දේශපාලකයන්ට ඇමති කං සිය ගණං දීලා කෝටි ගණන් වියදම් කර කර උන්ව නඩත්තු කරමින්, දේශපාලකයන්ට රටේ සල්ලි මහා පරිමාණයෙන් හොරාකන්න ඉඩ සලසමින්, කූඨ ව්‍යාපාරිකයින්ට රටේ සම්පත් සූරා කන්නට ඉඩ හරිමින් අපි ඉස්සරහට යනවා. කවුරු කොහොම මරා දැම්මට අපි මොනව කරන්නද, සවුදියෙ නීති අපිට වෙනස් කරන්න බෑනෙ, ගිය අයත් දැන ගන්න ඕනා හරියකට හැසිරෙන්න වැනි දේවල් කියා අත පිහදාගෙන පුළුවන් එකාලා ඇති තරං හම්බ කරගෙන, බැරි එවුං සවුදි බැරිනං යමලෝකෙට වුණත් ගිහිල්ලා ජිවත් වෙයල්ලා කියා අත පිහදාගනිති.

රජය මැදිහත්ව මේ රටේ අන්ත දුප්පත්කම නැති කරන්නට පියවර ගන්නා තාක්, ගැහැණු සවුදි අරාබියට යනු ඇත. එහිදී මරා දැමෙනු ඇත. කිසිවෙකු මරා දැමීමට නියම වූ විට පමණක් අප කම්පනයට පත් වීම සෑහෙන්නේ නැත. අන්ත දරිද්‍රතාවෙන් ඈත ගම් දනව්වල ජනයා ගලවා ගත හැකි ආර්ථික වැඩ පිළිවෙලක් වෙනුවෙන්, රජයට බල කෙරෙන මහජන ව්‍යාපාරයක් වටා පෙළ ගැසීය යුතුය. එසේම මහා පරිමාණ දූෂණය, නාස්තිය වළකා දේශපාලකයන් සන්තර්පණයට නොව මහජන යහපත පිණිස රටේ සම්පත් යොදවන ලෙස රජයට බල කෙරෙන ව්‍යාපාරයකට සියලු දෙනාගේ දායකත්වය ලබා දිය යුතුය.

නදී කම්මැල්ලවීර

[QUOTE="guideline, post: 19376281, member: 555441"] [b]හෙට මරා දැමෙන ‘ඇය’ සහ ‘මම[/b] මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව සිටිමි. මගේ දරුවා, සහ මගේ අනෙක් ඥාතීන් මා අසලය. මම කමි බොමි. ගමන් යමි. මිතුරු මිතුරියන් හමුවෙමි. දුක් කරදර සමහරක් පසෙකින් ඇතත්, සැහැල්ලුව සිනාසෙමි. මම ජීවත් වෙමි. මට කිසිදාක රස්සාවක් කරන්නට සවුදි අරාබියට යන්නට සිදු නොවන බව මම දනිමි. කළ කිසිදු වරදක් නැතිව අදුරු හිරගෙයක් තුළ හිරවී, පැය කිහිපයකින් එළඹෙන අතිශය භයංකර මරණයක් ගැන භීතියෙන් සලිත වෙන්නට මට සිදු නොවන බව මම දනිමි. මම ද ඇය මෙන්ම ශ්‍රී ලාංකික වෙමි. මම ද ඇය මෙන්ම ගැහැණියක වෙමි. නමුත් ඇගේත් මගේත් අද ඉරණම අහසට පොළොව වූයේ කෙසේද? ඇය උපන්නේ මට වඩා අතිශයින් දුප්පත් පවුලක වෙන්නට ඇති. මගේ දෙමව්පියන්ට තරම්වත් හයියක් ඇගේ දෙමාපියන්ට නොතිබෙන්නට ඇති. දුප්පත්කම නිසා හෝ දුප්පත්කමත් සමග ඈදුණු දහසකුත් හේතු නිසා ඇයට මා තරම්වත් අධ්‍යාපනයක් ලබන්නට නොහැකි වෙන්නට ඇති. වෙන කුසලතාවක් දියුණු කරගන්නටත් නොහැකි වෙන්නට ඇති. ජිවත් වෙන්නට අවශ්‍ය මූලික දේවල් ටිකවත් සරි කරගන්නට මාවතක් ඇත්තේම නැති වෙන්න ඇති. උදව්වක් ඉල්ලාගන්නට දැන ඇනුම්කම් තියෙන මොකෙක්හරි දේශපාලකයෙක් වත් ඉන්න නැතුව ඇති. කවදහරි ගේ කෑල්ලක් හදාගන්න සොච්චමක් හරි මාසෙට ඉතුරු කරගන්න පුළුවන් පඩියක් හම්බවෙන රස්සාවක් ලංකාවේ හොයාගන්න බැරි වෙන්න ඇති…..රට යන එක එකම විසදුම වගේ පේන්න ඇති. ඕස්ට්‍රේලියාව, ඉතාලිය, වගේ හොද රටකට යන එක ගැන හීනෙකට වත් හිතලා වැඩක් නැති නිසා සවුදි අරාබිය කියන ම්ලේච්ඡ රටට කඹුරන්න යන්න පාස්පෝට් හදන්න ඇති…….මොනතරං දහ ජරා රටක් වුණත් කොහොම හරි කාගෙන දුක් විදලා තඹ දොයිතුවක් හොයාගෙන එනවා කියන ධෛරිය හිතේ තියන් ඉන්න ඇති. ඇය සවුදි අරාබියට යන එක වළක්වන්න අපේ සමාජයට බැරි වෙන්නේ ඇයි? රිසානාව බෙල්ල කපලා මරා දැම්මට පස්සෙවත් සවුදි අරාබියට කියන අපායට නොයා මෙහේ මොනවහරි කරගෙන ජිවිතේ ගෙනියන්න ඇයව යොමු කරවන්න අපට බැරි වෙන්නෙ ඇයි? කෝටි ප්‍රෙකා්ටි ගණන් ගසා කන දේශපාලකයො ඉන්න රටක් අපි. කෙළකෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාර හිමි පෝසතුන් ඉන්න රටක් අපි. ජාතිය බේරාගන්න සිවුරු උස්සාගෙන පොලු මුගුරු අමෝරාගෙන දගලන දේශප්‍රේමියො වැහි වැහැපු රටක් අපි…..ඒත් සවුදි යන එක මිස වෙන මගක් ඇයට පෙන්වන්නට බැරි වෙච්ච සමාජයක් අපි. සවුදි යන ගෑනුන්ගෙන් සමහරු බෙලි කපලා, ගල් ගහලා මරා දානවා…..ආණ්ඩුව ඒවා ආරංචි වුණාම සමාව දෙන්න කියලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලනවා…නිකං ඔහේ නමට ඉල්ලනවා… . කවදාවත් කවුරුවත් ම්ලේච්ඡ මරණයෙන් ගැලවෙන්නෙ නෑ…… කොච්චර මැරුවත්. දිගටම අපේ දුප්පත් ගෑනු සවුදි යනවා…. අඩුගාණේ සවුදි ආරාබිය කියන තිරිසන් නීති තියෙන, ම්ලේච්ඡ රටට යන්න එපා කියලා මේ දුප්පතුන්ට කියන්න අපේ රජයට බැහැ……එහෙම කියලා ඒ අයට දෙන්න රස්සාවල්, නැහැ. බඩජාරි දේශපාලකයන්ට ඇමති කං සිය ගණං දීලා කෝටි ගණන් වියදම් කර කර උන්ව නඩත්තු කරමින්, දේශපාලකයන්ට රටේ සල්ලි මහා පරිමාණයෙන් හොරාකන්න ඉඩ සලසමින්, කූඨ ව්‍යාපාරිකයින්ට රටේ සම්පත් සූරා කන්නට ඉඩ හරිමින් අපි ඉස්සරහට යනවා. කවුරු කොහොම මරා දැම්මට අපි මොනව කරන්නද, සවුදියෙ නීති අපිට වෙනස් කරන්න බෑනෙ, ගිය අයත් දැන ගන්න ඕනා හරියකට හැසිරෙන්න වැනි දේවල් කියා අත පිහදාගෙන පුළුවන් එකාලා ඇති තරං හම්බ කරගෙන, බැරි එවුං සවුදි බැරිනං යමලෝකෙට වුණත් ගිහිල්ලා ජිවත් වෙයල්ලා කියා අත පිහදාගනිති. රජය මැදිහත්ව මේ රටේ අන්ත දුප්පත්කම නැති කරන්නට පියවර ගන්නා තාක්, ගැහැණු සවුදි අරාබියට යනු ඇත. එහිදී මරා දැමෙනු ඇත. කිසිවෙකු මරා දැමීමට නියම වූ විට පමණක් අප කම්පනයට පත් වීම සෑහෙන්නේ නැත. අන්ත දරිද්‍රතාවෙන් ඈත ගම් දනව්වල ජනයා ගලවා ගත හැකි ආර්ථික වැඩ පිළිවෙලක් වෙනුවෙන්, රජයට බල කෙරෙන මහජන ව්‍යාපාරයක් වටා පෙළ ගැසීය යුතුය. එසේම මහා පරිමාණ දූෂණය, නාස්තිය වළකා දේශපාලකයන් සන්තර්පණයට නොව මහජන යහපත පිණිස රටේ සම්පත් යොදවන ලෙස රජයට බල කෙරෙන ව්‍යාපාරයකට සියලු දෙනාගේ දායකත්වය ලබා දිය යුතුය. නදී කම්මැල්ලවීර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom