Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හෙතුවක් නෑතුව පලයක් ලබෙන්නේ නෑහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කියන්නෙ බුදුදහමේ තියෙන මූලිකම දෙයක්.

බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ. (හේතු ප්‍රත්‍ය ඇසුරින් හට නොගන්නා දෙය තමයි නිර්වාණය. ඒ ගැන මේ ලිපිය අන්තිමට වෙනම පොඩි විස්තරයක් අඩංගුයි).

මෙතනදී හැම දෙයටම ප්‍රධාන හේතුවක් සහ අතුරු හේතු තියෙනවා. උදාහරණයක් විදිහට අඹ ඇටයක් පැල වීමේදී ප්‍රධාන හේතුව අඹ ඇටය කියල ගන්න පුලුවන්. අතුරු හේතු විදිහට ඒකට අවශ්‍ය හිරු එළිය, පොහොර වගේ අනිත් හේතූන් ගන්න පුලුවනි. මේ අතුරු හේතු ඉවත් වුණත් ප්‍රධාන හේතුව ඉවත් නොවන තාක් කල් ඒ දෙය සිදුවීමේ/හටගැනීමේ හැකියාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අඳුරු තැනක තිබ්බොත් සරුසාරව නොවුණත් අඹ ගසක් හැදෙන්න පුලුවනි. නමුත් යම් දෙයක් ඇති වීමේ ප්‍රධාන හේතු හොයා ඉවත් කළොත් ඒ දේ නැවත ඇති වෙන්නේ නෑ.

බෞද්ධයන් වන අපගේ අරමුණ තමයි සසර දුක් නැති කිරීම හෙවත් නිර්වාණ අවබෝධය. ( නිර්වාණය කියන්නේ දිව්‍ය ලෝකය වගේ තැනක් නෙවෙයි ). සසර දුක් නැති කරන්නනම් ඒ දුක් වලට හේතු අපි තේරුම් ගන්න ඕනෙ. දුක් වලට හේතු තේරුම් අරන් ඒ හේතු නැති කිරීමෙන් තමයි සසර දුකින් මිදෙන්න පුලුවන්.

දුක් කියන්නේ මොනවද කියල බුදු හාමුදුරුවො විස්තර කරන්නෙ මෙහෙමයි. ඉපදීම, වයසට යාම (ජරාවට පත් වීම ) , ලෙඩ වීම, මරණය, කැමති පුද්ගලයන් හා කැමති වස්තූන්ගෙන් වෙන්වීම, අකමැති පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීම, කැමති දේ නොලැබීම. ඔන්න ඔය කාරණා තමයි දුක් හැටියට දක්වල තියෙන්නෙ. අපි අපේ ජීවිත අත්දැකීම් එක්ක බැලුවොත් අපිට විඳින්න වෙච්ච සහ ඉස්සරහට විඳින්න වෙන හැම දුකක්ම ඔය කරුණු වලින් එකකට අයිතියි. තමන්ගෙ ජීවිතේ දුකක්, වේදනාවක්, තරහක්, අප්‍රසන්න බවක්, අසරණ බවක් දැනිච්ච වෙලාවල් ගැන හිතල බලන්න. ඒ හැම වෙලාවක්ම මේ කාරණා වලින් එකක්.

ඔය දුක් සහිත දේවල් අපි හැම දෙනාටම දකින්න, විඳින්න සිද්ධ වෙන නිසා ඒවා දුක් කියල තේරුම් ගැනීමේ ගැනීම පහසුයි. ඊලඟට අපි බලමු මේ දුක් වලට හේතුව. දුක් වලට ප්‍රධාන හේතුව තමා ඉපදීම. ඉපදීමක් සිද්ධ වුණේ නැත්තන් ඔය දුක් සහිත දේවල් වලට මුහුණපාන්න වෙන්නෙ නෑ. ඊලඟට තවත් අඩියක් යටට ගිහින් බලනවා ඉපදීමට හේතුව මොකක්ද කියලා. ඔහොම ඔහොම ගැඹුරට හේතු සහ ඒ හේතු වල ඵල විස්තර කර දක්වන ධර්මය තමයි හේතු- ඵල දහම කියන්නෙ.

හේතු ඵල දහම තේරුම් ගන්න ගොඩක් අමාරු එකක් (මේක හරියටම තේරුම් ගත්ත කෙනා නිර්වාණය අවබෝධ කර ගන්නවා). හේතු ඵල දහම විස්තර වෙන සූත්‍ර සිය ගණනක් තිබෙනවා, එක් එක් පුද්ගලයන්ගේ තේරුම් ගැනීමේ හැකියාවන් අනුව එක් එක් අවස්ථා වල දේශනා කරපුවා. සමහර තැන් වල අර මම උඩදි කිවුවා වගේ මතු පිටින් අපිට පෙනෙන ඉපදීම, වයසට යාම, ලෙඩ වීම වගේ දුක් සහිත දේවල් වලින් පටන් අරගෙන ගැඹුරට විස්තර කරනවා. තවත් තැන්වල ගැඹුරින් පටන් අරන් මතුපිට දක්වා විස්තර කරනවා. තවත් සමහර තැන් වල මැදින් පටන් අරන් දෙපැත්තට විස්තර කරගෙන යනවා.

හේතු පල දහම විස්තර කරන එක ආකාරයක් තමයි මේ. අවිද්‍යාව මුල් කරගෙන හේතුඵල දහම විස්තර කරන මේ ක්‍රමය අනුලෝම පටිච්ච සමුප්පාදය කියාත් හැඳින්වෙනවා.

අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී.

සංඛාර පච්චයා විඤ්ඤාණං - සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ.

විඤ්ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය නිසා නාම රූප හටගනී.

නාම රූප පච්චයා සලායතන - නාම රූප නිසා ආයතන හය හට ගනී.

සලායතන පච්චයා ඵස්ස - ආයතන හය නිසා ස්පර්ශය හට ගනී.

ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය නිසා විඳීම හට ගනී.

වේදනා පච්චයා තණ්හා - විඳීම නිසා තණ්හාව හට ගනී.

තණ්හා පච්චයා උපාදාන -තණ්හාව නිසා උපාදාන (බැඳීම) හට ගනී.

උපාදාන පච්චයා භවෝ - බැඳීම නිසා භවය හට ගනී.

භව පච්චයා ජාතී - භවය නිසා ඉපදීම ඇතිවේ.

ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වන බව පටිච්චසමුප්පාද ධර්මතාවයයි.

අවිද්‍යාව - අවිද්‍යාව කියන්නේ නොදැනීම . දුක, දුකට හේතුව , දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය නොදැනීමටයි අවිද්‍යාව කියන්නේ

සංඛාරා - සංඛාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. මෙතන සංඛාර කියන වචනයේ තේරුම චේතනා කියන එක. අවිද්‍යාව නිසා ඇතිවන කුශල හා අකුශල චේතනා මුල් කර ගත් කර්මයන් සංස්කාර ලෙස හැඳින්වෙනවා.

විඤ්ඤාණ - විඤ්ඤාණ කියන්නේ දැනීම. ඇස, කන, නාසය, දිව , ශරීරය මනස යන ඉන්ද්‍රියයන්ට දැනෙන දැනීම චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ. ආදී ලෙසින් හැඳින්වෙනවා. අපි පෙනීම , දැකීම, ගඳසුවඳ දැනීම යනාදී ලෙසින් හඳුන්වන්නේ මේ විඤ්ඤාණයන්.

නාම රූප - සියළුම සත්වයන් නාම රූප වල එකතුවක්. තවත් විදිහකින් කිවුවොත් සිතක සහ කයක එකතුවක්. බාහිරින් පෙන්නන්න පුලුවන්, ස්පර්ශ කරල බලන්න පුලුවන් කයට රූප කියල කියනවා. එහෙම පෙන්නන්න බැරි නම් කිරීම පමණක් කරන්න පුලුවන් කොටස් වලට නාම කොටස් කියල කියනවා. වේදනා, සඥා සංස්කාර, විඤ්ඤාන කියන කොටස් 4 තමයි නාම වශයෙන් හැඳින්වෙන්නේ. මේ කොටස් පහේ එකතුව හෙවත් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පහ පංච උපාදානස්කන්ධ කියලත් හඳුන්වනවා. "සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා " කියල දුක්ඛ ආර්ය සත්‍යයේ කියවෙන්නෙත් මේ පංච උපාදානස්කන්ධයමයි. සැකෙවින්ම කිවුවොත් සත්ත්වයාම තමයි දුක.

සලායතන - නාම රූප නිසා හට ගන්නා ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ආයතන හය සලායතන නමින් හැඳින්වෙනවා.

ඵස්ස - ඵස්ස කියන්නේ ස්පර්ශය කියන එක . අපිට බාහිර පරිසරය, බාහිර සත්වයන් සමඟ ස්පර්ශය ලැබෙන්නේ කලින් කියපු ඇස, කන, නාසය, දිව , ශරීරය හා මනස කියන ආයතන හරහා.

වේදනා - වේදනා කියන්නේ විඳීම. විඳීම් වර්ග 3 යි සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ උපේක්ෂා වේදනා.

තණ්හා - සුඛ, දුක්ඛ හා උපේක්ෂා වේදනාවන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව. සුඛ වේදනා විඳින විට ඒ ගැන තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනා විඳින කොට ඒවා නොවිඳ සිටිමේ තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනා විඳල යම් තරමක සැනසිල්ලක් ලැබෙන උපේක්ෂා වේදනාවක් ලැබුණොත් "තිබ්බ හැටියට මේකත් ඇති" කියන තණ්හාව ඇති වෙනවා.

උපාදාන - තදින් අල්ලා ගැනීම හෙවත් බැඳීම උපාදානය ලෙස හඳුන්වනවා. මුලින්ම තණ්හාවක් උපදින දෙයක් ගැන නැවත නැවත මෙනෙහි කිරීමෙන් එය තද බැඳීමක් බවට පත් වෙනවා.

භව - උපාදානය නිසා කර්මානුරූපව සකස් වන රූප භව, අරූප භව, කාම භව යනාදිය මෙයින් කියවෙනවා.

ජාති - කර්මානුරූප භවයක් සකස් වීම නිසා ඉපදීමක් සිදු වෙනවා.

ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වෙනවා.

කෙනෙකුට ඇති වෙන්න පුලුවන් තව ප්‍රශ්නයක් තමයි අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා. හැබැයි ඇත්තටම මේවා එකක් අනෙක මත පවතින දේවල්. ඒ කියන්නෙ අවිද්‍යාව නිසා සංස්කාර පවතිනවා වගේම සංස්කාර නිසා අවිද්‍යාව පවතිනවා. ඒක උපමාවකින් පැහැදිළි කරනවනම් මෙහෙමයි. හිතන්න දර කෝටු මිටි 2ක් ඉංග්‍රීසි V අකුර අනිත් පැත්ත හරවල වගේ එකිනෙකට හේත්තු කරලා තියෙනවා. ඒ එක් එක් දර කෝටු මිටිය අනිත් දර කෝටු මිටියට හේත්තු වෙලා නිසයි කෙලින් තියෙන්නෙ. හේතුඵල දහමේ එක් එක් කොටස් අතර සම්බන්ධතාවයත් ඒ වගේ.

තව කාරණයක් තමයි මේ එක් එක් දේ වලට එකම හේතුව මේ දක්වා තිබෙන ඒවා නොවන බව. මේ දක්වා තිබෙන්නේ ප්‍රධාන හේතු අතර සම්බන්ධතාවය පමණයි. ප්‍රධාන හේතු සහ අතුරු හේතු සියල්ලම දැක්වුවහොත් එකිනෙකට පැතලී ඇති තණකොළ මුල් ජාලයක් වගේ අපැහැදිලි වන නිසා තේරුම් ගැනීමේ පහසුවට මේ විදිහට දක්වා තිබෙනවා.

ත්රිලක්ෂණය

සබ්බේ සංඛාරා අනිච්චා

සබ්බේ සංඛාරා දුක්ඛා

සබ්බේ ධම්මා අනත්තා

මේ දැක්වෙන්නේ බුදුදහමේ මූලික සංකල්පයක් වන ත්රිලක්ෂණය. එනම් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය. සංස්කාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා (ඉහළ හේතුඵල දහමේදී සංස්කාර කියන වචනය යෙදුනේ වෙනත් තේරුමකින්). මෙතනදී සංස්කාර ධර්ම ලෙස අදහස් වන්නේ හේතු ප්රත්යයන්ගෙන් හට ගන්නා සියළුම දේ. ඒ දේවල් වලට පොදු ලක්ෂණ තමයි,

1. හට ගැනීමක් තිබීම

2. වෙනස් වෙමින් පැවතීමක් තිබීම

3. නැති වීමක් තිබීම

සංස්කාර ධර්ම වල මේ ස්වභාවය හඳුන්වන්න උප්පාද, තිථි, භංග කියන වචන භාවිතා වෙනවා . එවැනි සංස්කාර ධර්ම සියල්ලම අනිත්‍ය සහ දුක් සහිත දේ ලෙස හඳුන්වනවා

නිර්වාණය සංස්කාර ධර්මයක් නෙවෙයි. එහි හේතු ප්‍රත්‍ය වලින් හටගැනීමේ, පැවත්මේ හෝ නැති වීමේ ස්වභාවයක් නෑ. එම නිසා නිර්වාණයේ අනිත්‍ය සහ දුක්ඛ ලක්ෂණ නැහැ. නමුත් නිර්වාණයත් අනාත්මයි. එහිත් මමය මාගේය කියා ගත හැකි ස්වභාවයක් නෑ. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චා, දුක්ඛා කියා සියලු සංස්කාර ධර්ම වල අනිත්‍ය සහ දුක්ඛ ස්වභාවය කියනවා. අනාත්ම ලක්ෂණයට නිර්වාණයද ඇතුලත් කර සබ්බේ ධම්මා අනත්තා කියනවා.

තෙරුවණ් සරණයි !!!

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

බෞද්ධ භාවනා https://www.facebook.com/bauddhabhawana/

[MEDIA=facebook]647647505629119[/MEDIA]

[QUOTE="asliyanage, post: 29780930, member: 8764"] හේතු ඵල දහම හෙවත් පටිච්ච සමුප්පාදය කියන්නෙ බුදුදහමේ තියෙන මූලිකම දෙයක්. බුදු දහමේ හැටියට මේ විශ්වයේ තියෙන එක් දෙයක් හැර අනිත් සියලුම දේ හේතු ප්‍රත්‍ය ඇසුරින් හට ගන්නෙ. (හේතු ප්‍රත්‍ය ඇසුරින් හට නොගන්නා දෙය තමයි නිර්වාණය. ඒ ගැන මේ ලිපිය අන්තිමට වෙනම පොඩි විස්තරයක් අඩංගුයි). මෙතනදී හැම දෙයටම ප්‍රධාන හේතුවක් සහ අතුරු හේතු තියෙනවා. උදාහරණයක් විදිහට අඹ ඇටයක් පැල වීමේදී ප්‍රධාන හේතුව අඹ ඇටය කියල ගන්න පුලුවන්. අතුරු හේතු විදිහට ඒකට අවශ්‍ය හිරු එළිය, පොහොර වගේ අනිත් හේතූන් ගන්න පුලුවනි. මේ අතුරු හේතු ඉවත් වුණත් ප්‍රධාන හේතුව ඉවත් නොවන තාක් කල් ඒ දෙය සිදුවීමේ/හටගැනීමේ හැකියාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අඳුරු තැනක තිබ්බොත් සරුසාරව නොවුණත් අඹ ගසක් හැදෙන්න පුලුවනි. නමුත් යම් දෙයක් ඇති වීමේ ප්‍රධාන හේතු හොයා ඉවත් කළොත් ඒ දේ නැවත ඇති වෙන්නේ නෑ. බෞද්ධයන් වන අපගේ අරමුණ තමයි සසර දුක් නැති කිරීම හෙවත් නිර්වාණ අවබෝධය. ( නිර්වාණය කියන්නේ දිව්‍ය ලෝකය වගේ තැනක් නෙවෙයි ). සසර දුක් නැති කරන්නනම් ඒ දුක් වලට හේතු අපි තේරුම් ගන්න ඕනෙ. දුක් වලට හේතු තේරුම් අරන් ඒ හේතු නැති කිරීමෙන් තමයි සසර දුකින් මිදෙන්න පුලුවන්. දුක් කියන්නේ මොනවද කියල බුදු හාමුදුරුවො විස්තර කරන්නෙ මෙහෙමයි. ඉපදීම, වයසට යාම (ජරාවට පත් වීම ) , ලෙඩ වීම, මරණය, කැමති පුද්ගලයන් හා කැමති වස්තූන්ගෙන් වෙන්වීම, අකමැති පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීම, කැමති දේ නොලැබීම. ඔන්න ඔය කාරණා තමයි දුක් හැටියට දක්වල තියෙන්නෙ. අපි අපේ ජීවිත අත්දැකීම් එක්ක බැලුවොත් අපිට විඳින්න වෙච්ච සහ ඉස්සරහට විඳින්න වෙන හැම දුකක්ම ඔය කරුණු වලින් එකකට අයිතියි. තමන්ගෙ ජීවිතේ දුකක්, වේදනාවක්, තරහක්, අප්‍රසන්න බවක්, අසරණ බවක් දැනිච්ච වෙලාවල් ගැන හිතල බලන්න. ඒ හැම වෙලාවක්ම මේ කාරණා වලින් එකක්. ඔය දුක් සහිත දේවල් අපි හැම දෙනාටම දකින්න, විඳින්න සිද්ධ වෙන නිසා ඒවා දුක් කියල තේරුම් ගැනීමේ ගැනීම පහසුයි. ඊලඟට අපි බලමු මේ දුක් වලට හේතුව. දුක් වලට ප්‍රධාන හේතුව තමා ඉපදීම. ඉපදීමක් සිද්ධ වුණේ නැත්තන් ඔය දුක් සහිත දේවල් වලට මුහුණපාන්න වෙන්නෙ නෑ. ඊලඟට තවත් අඩියක් යටට ගිහින් බලනවා ඉපදීමට හේතුව මොකක්ද කියලා. ඔහොම ඔහොම ගැඹුරට හේතු සහ ඒ හේතු වල ඵල විස්තර කර දක්වන ධර්මය තමයි හේතු- ඵල දහම කියන්නෙ. හේතු ඵල දහම තේරුම් ගන්න ගොඩක් අමාරු එකක් (මේක හරියටම තේරුම් ගත්ත කෙනා නිර්වාණය අවබෝධ කර ගන්නවා). හේතු ඵල දහම විස්තර වෙන සූත්‍ර සිය ගණනක් තිබෙනවා, එක් එක් පුද්ගලයන්ගේ තේරුම් ගැනීමේ හැකියාවන් අනුව එක් එක් අවස්ථා වල දේශනා කරපුවා. සමහර තැන් වල අර මම උඩදි කිවුවා වගේ මතු පිටින් අපිට පෙනෙන ඉපදීම, වයසට යාම, ලෙඩ වීම වගේ දුක් සහිත දේවල් වලින් පටන් අරගෙන ගැඹුරට විස්තර කරනවා. තවත් තැන්වල ගැඹුරින් පටන් අරන් මතුපිට දක්වා විස්තර කරනවා. තවත් සමහර තැන් වල මැදින් පටන් අරන් දෙපැත්තට විස්තර කරගෙන යනවා. හේතු පල දහම විස්තර කරන එක ආකාරයක් තමයි මේ. අවිද්‍යාව මුල් කරගෙන හේතුඵල දහම විස්තර කරන මේ ක්‍රමය අනුලෝම පටිච්ච සමුප්පාදය කියාත් හැඳින්වෙනවා. අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී. සංඛාර පච්චයා විඤ්ඤාණං - සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය නිසා නාම රූප හටගනී. නාම රූප පච්චයා සලායතන - නාම රූප නිසා ආයතන හය හට ගනී. සලායතන පච්චයා ඵස්ස - ආයතන හය නිසා ස්පර්ශය හට ගනී. ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය නිසා විඳීම හට ගනී. වේදනා පච්චයා තණ්හා - විඳීම නිසා තණ්හාව හට ගනී. තණ්හා පච්චයා උපාදාන -තණ්හාව නිසා උපාදාන (බැඳීම) හට ගනී. උපාදාන පච්චයා භවෝ - බැඳීම නිසා භවය හට ගනී. භව පච්චයා ජාතී - භවය නිසා ඉපදීම ඇතිවේ. ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වන බව පටිච්චසමුප්පාද ධර්මතාවයයි. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]අවිද්‍යාව - අවිද්‍යාව කියන්නේ නොදැනීම . දුක, දුකට හේතුව , දුක නැතිකිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය නොදැනීමටයි අවිද්‍යාව කියන්නේ [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]සංඛාරා - සංඛාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා. මෙතන සංඛාර කියන වචනයේ තේරුම චේතනා කියන එක. අවිද්‍යාව නිසා ඇතිවන කුශල හා අකුශල චේතනා මුල් කර ගත් කර්මයන් සංස්කාර ලෙස හැඳින්වෙනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]විඤ්ඤාණ - විඤ්ඤාණ කියන්නේ දැනීම. ඇස, කන, නාසය, දිව , ශරීරය මනස යන ඉන්ද්‍රියයන්ට දැනෙන දැනීම චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ. ආදී ලෙසින් හැඳින්වෙනවා. අපි පෙනීම , දැකීම, ගඳසුවඳ දැනීම යනාදී ලෙසින් හඳුන්වන්නේ මේ විඤ්ඤාණයන්. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]නාම රූප - සියළුම සත්වයන් නාම රූප වල එකතුවක්. තවත් විදිහකින් කිවුවොත් සිතක සහ කයක එකතුවක්. බාහිරින් පෙන්නන්න පුලුවන්, ස්පර්ශ කරල බලන්න පුලුවන් කයට රූප කියල කියනවා. එහෙම පෙන්නන්න බැරි නම් කිරීම පමණක් කරන්න පුලුවන් කොටස් වලට නාම කොටස් කියල කියනවා. වේදනා, සඥා සංස්කාර, විඤ්ඤාන කියන කොටස් 4 තමයි නාම වශයෙන් හැඳින්වෙන්නේ. මේ කොටස් පහේ එකතුව හෙවත් රූප, වේදනා, සඥා, සංස්කාර, විඤ්ඤාණ යන පහ පංච උපාදානස්කන්ධ කියලත් හඳුන්වනවා. "සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා " කියල දුක්ඛ ආර්ය සත්‍යයේ කියවෙන්නෙත් මේ පංච උපාදානස්කන්ධයමයි. සැකෙවින්ම කිවුවොත් සත්ත්වයාම තමයි දුක. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]සලායතන - නාම රූප නිසා හට ගන්නා ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යන ආයතන හය සලායතන නමින් හැඳින්වෙනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]ඵස්ස - ඵස්ස කියන්නේ ස්පර්ශය කියන එක . අපිට බාහිර පරිසරය, බාහිර සත්වයන් සමඟ ස්පර්ශය ලැබෙන්නේ කලින් කියපු ඇස, කන, නාසය, දිව , ශරීරය හා මනස කියන ආයතන හරහා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]වේදනා - වේදනා කියන්නේ විඳීම. විඳීම් වර්ග 3 යි සුඛ වේදනා, දුක්ඛ වේදනා සහ උපේක්ෂා වේදනා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]තණ්හා - සුඛ, දුක්ඛ හා උපේක්ෂා වේදනාවන් කෙරෙහි ඇතිවන තෘෂ්ණාව. සුඛ වේදනා විඳින විට ඒ ගැන තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනා විඳින කොට ඒවා නොවිඳ සිටිමේ තණ්හාවක් ඇති වෙනවා. දුක්ඛ වේදනා විඳල යම් තරමක සැනසිල්ලක් ලැබෙන උපේක්ෂා වේදනාවක් ලැබුණොත් "තිබ්බ හැටියට මේකත් ඇති" කියන තණ්හාව ඇති වෙනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]උපාදාන - තදින් අල්ලා ගැනීම හෙවත් බැඳීම උපාදානය ලෙස හඳුන්වනවා. මුලින්ම තණ්හාවක් උපදින දෙයක් ගැන නැවත නැවත මෙනෙහි කිරීමෙන් එය තද බැඳීමක් බවට පත් වෙනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]භව - උපාදානය නිසා කර්මානුරූපව සකස් වන රූප භව, අරූප භව, කාම භව යනාදිය මෙයින් කියවෙනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]ජාති - කර්මානුරූප භවයක් සකස් වීම නිසා ඉපදීමක් සිදු වෙනවා. [IMG alt="🔺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1b/1/16/1f53a.png[/IMG]ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සං - ඉපදීම නිසා ජරාව, මරණය සෝක වැළපීම් දුක් දොම්නස් සෝ සුසුම් ඇති වෙනවා. කෙනෙකුට ඇති වෙන්න පුලුවන් තව ප්‍රශ්නයක් තමයි අවිද්‍යාවට හේතුව මොකක්ද කියලා. හැබැයි ඇත්තටම මේවා එකක් අනෙක මත පවතින දේවල්. ඒ කියන්නෙ අවිද්‍යාව නිසා සංස්කාර පවතිනවා වගේම සංස්කාර නිසා අවිද්‍යාව පවතිනවා. ඒක උපමාවකින් පැහැදිළි කරනවනම් මෙහෙමයි. හිතන්න දර කෝටු මිටි 2ක් ඉංග්‍රීසි V අකුර අනිත් පැත්ත හරවල වගේ එකිනෙකට හේත්තු කරලා තියෙනවා. ඒ එක් එක් දර කෝටු මිටිය අනිත් දර කෝටු මිටියට හේත්තු වෙලා නිසයි කෙලින් තියෙන්නෙ. හේතුඵල දහමේ එක් එක් කොටස් අතර සම්බන්ධතාවයත් ඒ වගේ. තව කාරණයක් තමයි මේ එක් එක් දේ වලට එකම හේතුව මේ දක්වා තිබෙන ඒවා නොවන බව. මේ දක්වා තිබෙන්නේ ප්‍රධාන හේතු අතර සම්බන්ධතාවය පමණයි. ප්‍රධාන හේතු සහ අතුරු හේතු සියල්ලම දැක්වුවහොත් එකිනෙකට පැතලී ඇති තණකොළ මුල් ජාලයක් වගේ අපැහැදිලි වන නිසා තේරුම් ගැනීමේ පහසුවට මේ විදිහට දක්වා තිබෙනවා. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] ත්රිලක්ෂණය සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා මේ දැක්වෙන්නේ බුදුදහමේ මූලික සංකල්පයක් වන ත්රිලක්ෂණය. එනම් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය. සංස්කාර කියන වචනයට විවිධ තේරුම් තියෙනවා (ඉහළ හේතුඵල දහමේදී සංස්කාර කියන වචනය යෙදුනේ වෙනත් තේරුමකින්). මෙතනදී සංස්කාර ධර්ම ලෙස අදහස් වන්නේ හේතු ප්රත්යයන්ගෙන් හට ගන්නා සියළුම දේ. ඒ දේවල් වලට පොදු ලක්ෂණ තමයි, 1. හට ගැනීමක් තිබීම 2. වෙනස් වෙමින් පැවතීමක් තිබීම 3. නැති වීමක් තිබීම සංස්කාර ධර්ම වල මේ ස්වභාවය හඳුන්වන්න උප්පාද, තිථි, භංග කියන වචන භාවිතා වෙනවා . එවැනි සංස්කාර ධර්ම සියල්ලම අනිත්‍ය සහ දුක් සහිත දේ ලෙස හඳුන්වනවා නිර්වාණය සංස්කාර ධර්මයක් නෙවෙයි. එහි හේතු ප්‍රත්‍ය වලින් හටගැනීමේ, පැවත්මේ හෝ නැති වීමේ ස්වභාවයක් නෑ. එම නිසා නිර්වාණයේ අනිත්‍ය සහ දුක්ඛ ලක්ෂණ නැහැ. නමුත් නිර්වාණයත් අනාත්මයි. එහිත් මමය මාගේය කියා ගත හැකි ස්වභාවයක් නෑ. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්චා, දුක්ඛා කියා සියලු සංස්කාර ධර්ම වල අනිත්‍ය සහ දුක්ඛ ස්වභාවය කියනවා. අනාත්ම ලක්ෂණයට නිර්වාණයද ඇතුලත් කර සබ්බේ ධම්මා අනත්තා කියනවා. තෙරුවණ් සරණයි !!! ____________________________________ මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න. [IMG alt="🌺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t99/1/16/1f33a.png[/IMG] බෞද්ධ භාවනා [URL='https://www.facebook.com/bauddhabhawana?__cft__[0]=AZWXt40OQ8kldEV20qiBqLSCRXUz0IzVIi-_RxF8LNLcdzL-lisSr6jyjF2la6LNWY9Q9dwbWTZFc_XZA47lRBldY6nbZO910YILDWbfsQvW_Rj5bG2TK24Sz6xMB1ATqbt-3feMd39_C8p06Jnk-OsgfVlCUBdR9BEfzmxo4vHTCg&__tn__=-]K-R']https://www.facebook.com/bauddhabhawana/[/URL] [MEDIA=facebook]647647505629119[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom