රාජ්‍ය සේවයට තොරතුරු තාක්ෂණය යොදා ගන්නා
දකුණු ආසියාවේ හොඳම රට ශ්‍රී ලංකාව
ලෝකයෙන්ම 74 වැනි ස්ථානය
ඉන්දියාව සහ මාලදිවයින අපට වඩා පිටුපසින්
එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාව කියයි
කඩිනමින් සහ පහසුවෙන් මහජනතාවට මිත්‍රශීලී ලෙස රාජ්‍ය සේවා ලබාදීමට තොරතුරු තාක්ෂණය යොදා ගන්නා දකුණු ආසියානු කලාපීය රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉ-රාජ්‍ය සංවර්ධන සමීක්ෂණ වාර්තාවට අනුව ලෝකයේ රටවල් 193 අතුරින් ශ්‍රී ලංකාව 74 වැනි ස්ථානය දිනා ගෙන ඇත.
මේ අන්දමට ඉතා ඉහළින් තොරතුරු තාක්ෂණ පහසුකම් මහජනතාවගේ සේවා පහසුව සැලැසීමට යොදා ගන්නා රටවල් අතුරින් ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 44ක් පිටුපසින් සිටියි. ලෝකයේ එක් එක් රටවල පුරවැසි සේවා සැපයීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කරන අන්දම නියාමනය කෙරෙන එක්සත් ජාතීන්ගේ “ඉ - රාජ්‍ය” සංවර්ධන වාර්තාවට අනුව මේ වසරේ ශ්‍රී ලංකාව අද්විතීය දියුණුවක් ලබා තිබෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමීක්ෂණයට අනුව ලෝකයේ රටවල් 193 ක් අතරින් ශ්‍රී ලංකාව 74 වැනි ස්ථානයට පැමිණ තිබේ.
පසුගිය 2012 වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 115 වැනි ස්ථානයේ පසුවූ අතර මෙවර පියවර 41 ක් ඉදිරියට පැමිණ තිබේ. මේ සමීක්ෂණය පසුගිය 2003 වසරේ දී ආරම්භ කැර තිබෙන අතර සමීක්ෂණය සඳහා ප්‍රධාන වශයෙන් නිර්ණායකයන් කිහිපයක් භාවිතා කරයි. අන්තර්ජාල රාජ්‍ය සේවා, මානව ප්‍රාග්ධනය සහ විදුලි සංදේශ උප ව්‍යුහ ඒ අතර වෙයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වාර්තාව මඟින් සාමාජික රටවල ආණ්ඩු පුරවැසි සේවාවන් සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරන ආකාරය වාර්ෂිකව විශ්ලේෂණය කරන අතර එම පුරවැසි සේවාවන්ගේ තත්ත්වය, ගුණාත්මක භාවය මෙන්ම පාරදෘෂ්‍යභාවය ද එහිදී නියාමනය කෙරේ .
මේ වාර්තාවට අනුව ආසියාවේ විශිෂ්ඨතම මහජන සේවා සැපයීම සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරන රට ලෙස ශ්‍රී ලංකාව මුල් තැනට පත්ව තිබෙන අතර දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටින මාලදිවයින පසුවන්නේ ශ්‍රී ලංකාවට ස්ථාන 20ක් පිටුපසිනි. ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ස්ථාන 44ක් පිටුපසින් වන අතර දර්ශකයේ ඔවුන්ට හිමිව තිබෙන ස්ථානය 118 යි.
ඉ - රාජ්‍ය සංවර්ධන වාර්තාවට අනුව ලෝකයේ මධ්‍යම ආදායම් ලබන රටවල් 48 අතර පස්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර ඉ - සේවා උප දර්ශකයේ 36 වැනි ස්ථානය ද එම දර්ශකයේ අඩු මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයේ දෙවැනි ස්ථානය ද ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊට අමතරව ඉ - සහභාගිත්ව උප දර්ශකයේ 33 වැනි ස්ථානය ද එම දර්ශකයේ අඩු මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයේ දෙවැනි ස්ථානය ද ශ්‍රී ලංකාවට හිමිව ඇත.
මේ සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීම කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ආකේඩ් හිදී පැවැත් වි .ණි.
එහිදී අඳහස් පළකරමින් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කෙළේ මහින්ද චින්තන ප්‍රතිපත්තියට අනුව මහජන හිතකාමී සමීප රාජ්‍යය සේවාවක් සැපයීමේ අරමුණින් ඉ - ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපරිම ලෙස රාජ්‍ය අංශය තුළ භාවිතා කිරීම මේ ජයග්‍රහණය ලබා ගැනීමට හේතුව වී තිබෙන බවත් ආණ්ඩුවේ නිවැරැදි සංවර්ධන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වාර්තාව හරහා අගයකර ඇති බවත්ය .
මේ අතර ඒ මහතා ප්‍රකාශ කෙළේ සෑම ක්ෂේත්‍රයක්ම තොරතුරු තාක්ෂණය ආධාරයෙන් සවිබල ගැන්වීම අඛණ්ඩව සිදුකරන බවයි. දකුණු ආසියානු කලාපයට අයත් සෙසු රටවල් ශ්‍රී ලංකාවට පිටුපසින් සිටින බව පෙන්වාදුන් ඒ මහතා නගරයට පමණක් නොව ගමටද තොරතුරු තාක්ෂණ පහසුකම ලබා දෙන්නට වත්මන් ආණ්ඩුව ක්‍රියාකර තිබෙන බව සිහිපත් කෙළේය.
මෙවැනි ජයග්‍රහණයක් කරා යාමට හැකිවීම සම්බන්ධයෙන් සතුට පළකළ රංජිත් සියඹලාපිටිය මහතා ඒ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දක්වන සහයෝඟය කෘතවේදීව සිහිපත් කරන බවද පැවසිය.
මේ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා පෙන්වා දුන්නේ ලෝකයේ සෑම රටක්ම ඊ රාජ්‍යයක් බිහි කිරීමට දැඩි උනන්දුවක් දක්වන බවත් මෙවැනි අවස්ථාවක දර්ශකයේ ඉහළට ඒමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහනයක් බවත්ය.
රාජ්‍ය අංශයේ සේවාවන්ට තොරතුරු තාක්ෂණය උපරිමයෙන් යොදා ගෙන තිබෙන බව සඳහන් කළ ඒ මහතා නොයෙක් ව්‍යාපෘතිවල සාර්ථකත්වය ළගා කැර ගැනීමට එය සෘජුවම දායක වී තිබෙන බවද මේ ජයග්‍රහන ලබා ගැනීමට දායක වූ සැමට ස්තුතිය පිරිනමන බවද ප්‍රකාශ කෙළේය.
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව් ඈපාසිංහ, අධ්‍යක්ෂ වසන්ත දේශප්‍රිය මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ .

Last edited: