Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොරුන්ට බේරීමක් ඇත්තේ රාජපක්ෂ ජයග්‍රහණ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොරුන්ට බේරීමක් ඇත්තේ රාජපක්ෂ ජයග්‍රහණ&

තමන්ගේ කෙනෙකු ජනාධිපති ධූරයට පත් කරගත හොත් තමන්ගේ ජීවිතවලට අනාගතයක් ලැබේවි යැයි බලාපොරොත්තුවෙන් මේ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය ලබා දුන්නා. එසේ ඔබ පත් කර ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගේ පවුලත් සමග කන්ද මුදුනටම ගියා. නමුත් රටේ සමස්ථ ජනතාව වගේම දකුණේ ජනතාව තවමත් සිටින්නේ කන්ද පාමුලයි.

දකුණු අධිවේගී මාර්ගය ඉදි කළ අතර එම මාර්ගයේ ප්‍රවාහනය සඳහා කර්මාන්ත භාණ්ඩ කිසිවක් නැහැ. එම මාර්ගයෙන් ලැබුණු පහසුවක් වනුයේ හදිසි රෝගියෙකු ඉක්මනින් කොළඹ රෝහලකට ගෙන යාමට හැකි වීම පමණයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුවන් තොටුපොළක් ඉදි කළ අතර ගුවන් යානයක් පැමිණෙන තුරු තවමත් බලා සිටිනවා. නමුත් කොළඹ නගර සභාවේ ත්‍රීවීලර් පාක් එකක් පවා මීට වඩා ආදායමක් ලබනවා. මත්තල ගුවන් තොටුපොළට යන මාර්ගයේ ගම්මිරිස් වේලීමට ජනතාව කටයුතු කරනවා. හම්බන්තොට ඉදි කළ සම්මන්ත්රණ ශාලාව පාඩු ලබන අතර සම්මන්ත්රණ වෙනුවට එහි ඉදහිට විවාහ උත්සව පවත්වනවා. සූරියවැව කී‍්‍රඩාංගනය පාලූවට ගොස් තිබෙනවා. එහි තරග පවත්වනවාට වඩා වසා දමා තිබෙනවා.

රාජපක්ෂ රෙජීමය සංවර්ධනය මැන්නේ කොන්ක්රීට්වලිනුයි. කොන්ක්‍රීට් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අය සිතුවේ සංවර්ධනය වැඩි වන බවයි. නමුත් අප සංවර්ධනය මනින්නේ ජනතාවගේ අතමිට තිබෙන මුදල්වලිනුයි. රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී අංශවල දියුණුව අපේ සංවර්ධනයේ මිණුම් දණ්ඩයි. ජනතාවගේ සංවර්ධනය, රටේ සංවර්ධනයයි... කොන්ක්‍රීට් ඇතිරීම සැබෑ සංවර්ධනය නොවන බව අප මතක තබා ගත යුතුයි.

රජ්ජුරුවෝ උඩයි උඩයි යනුවෙන් මෙතෙක් කල් කිව්වා. ජනවාරි 8 වැනි දා රජ්ජුරුවෝ බිමට වැටුණා. ඒ රජ්ජුරුවෝ දැන් හම්බන්තොටින් ඡන්දය ඉල්ලන්නේ නැතිව කුරුණෑගලට ගොස් ඡන්දය ඉල්ලනවා. දැන් මේ දිස්ත්‍රික්කයට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන එක් කෙනක්වත් නැහැ. දැන් ඒ සියලූ දෙනා එකිනෙකාට බැණ ගන්නවා. මෙම තත්ත්වය යටතේ රාජපක්ෂ රෙජීමය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

අප බලයට පත්වූ පසුව සියලූම සොරකම් හෙළි කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කරනවා. සමහරුන්ට විරුද්ධව දැනටමත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. මෙම පරීක්ෂණවලින් ගැලවෙන්නේ කෙසේදැයි දැන් හොරුන් කල්පනා කරනවා. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටිනවා. යහපාලන ආණ්ඩුවක් යටතේ බේරෙන්නට නොහැකි බව ඔවුන් දන්නවා. එම හොරුන් රාජපක්ෂ රෙජීමය නැවත ඔසවා තැබීමට උත්සාහ කරනවා. හොරුන්ට බේරීමක් ඇත්තේ රාජපක්ෂ ජයග්‍රහණය කළොත් පමණයි. ඔහු දිනන්නෙත් නැහැ... හොරුන් බේරෙන්නෙත් නැහැ...

සිවිල් සංවිධාන එකමුතුව සමග යහපාලනය ස්ථාපිත කිරීම සඳහා අප ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. යහලූවකු හෝ පාක්ෂිකයෙකු කිසියම් දූෂණ, වංචාවලට සම්බන්ධ නම් ඔහු බේරන්නට එපා යැයි මාදුළුවාවේ සෝභිත හිමියන් මගෙන් ඉල්ලීමක් කළා. දූෂණයට සම්බන්ධ කිසිවෙකුත් බේරා ගැනීමට මට අවශ්‍යතාවයක් නැති බවත්, දූෂණයට සම්බන්ධ ඕනෑම අයෙකු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් මා මාදුළුවාවේ සෝභිත හිමියන්ට පැවසුවා. 2004 වසරේ දී එක්සත් ජාතීන්ගේ දූෂණයට විරුද්ධ ප්රඥප්තිය අත්සන් කිරීමට අප කටයුතු කළා. දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඊළඟ පාර්ලිමේන්තුවේ දී ඉතා ඉක්මනින් නීති සම්පාදනය කරන බවට මා පොරොන්දු වෙනවා. නීතිය රජ කරවීම අපේ අරමුණයි.

තමන්ගේ අනාගතය රැක ගැනීම සඳහා එක් කණ්ඩායමක් මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටිනවා. විවිධ හේතු මුල් කර ගනිමින් ගියවර මහින්ද රාජපක්ෂට ජනතාව ඡන්දය ලබා දුන්නා. නමුත් දැන් එම හේතු වලංගු නැහැ. දින 100 ඇතුළත අප විශාල සහන ලබා දුන්නා. බඩු මිල අඩු කළා. තෙල් මිල අඩු කළා. රාජපක්ෂ ආණ්ඩුව මෙම සහන ජනතාවට ලබා දුන්නේ නැහැ.

රාජපක්ෂ ආණ්ඩුව කිසි දිනෙක පරාජය කළ නොහැකි යැයි සිතූ ඇතැමුන් ඔහුට ඡන්දය දුන්නා. තවත් සමහරුන් බයට ඡන්දය දුන්නා. දැන් රාජපක්ෂ එක කල්ලියකට කොටු වෙලා. අප ජනාධිපති බලතල සීමා කළා. දැන් ඉතා සාමකාමී මැතිවරණයක් පැවැත්වෙනවා. හරියට එංගලන්තයේ මැතිවරණයක් වගෙයි. මැතිවරණවල දී එදා දුන් එතනෝල් දැන් දෙන්නේ නැහැ. දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ මැතිවරණ නීතියට යටත් කොට තිබෙනවා. අප වැඩ කටයුතු කරන්නේ මැතිවරණ කොමසාරිස්ගේ තීරණයට අනුවයි.

අප රටේ වෙනසක් ඇති කර තිබෙනවා. ඒ වෙනස ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා අගෝස්තු 17 වැනි දා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. අලූත් රටක් හැදීම සඳහා සහාය දැක්වීමේ වගකීම පක්ෂ, පාට භේදවලින් තොරව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම තිබෙනවා. අප කිසි විටෙක පක්ෂ, පාට භේදවලට ගැති වී සංවර්ධනයන් සිදු කරන්නේ නැහැ. අපේ සංවර්ධනය සියලූම ශ්‍රී ලාංකිකයන්ට සමානව ලැබිය යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් එම ලක්ෂ 58 ක ජනතාවගේ අනාගතය මා බාර ගන්නා බවට පොරොන්දු වෙනවා. තම අනාගතය ගැන කිසිවෙකුත් බියක් ඇති කර ගත යුතු නැහැ. එදා මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් සියලූ දෙනාටම අප සමග එක් වන්නැයි ආරාධනා කරනවා. මාස 60 කින් අලූත් රටක් ගොඩනැගීමට අපට සැලසුමක් තිබෙනවා. එම සැලැස්ම ඇත්තේ ජනතාව වෙනුවෙනුයි. ජනතාවගේ සැබෑ ප්‍රශ්න මොනවා දැයි අධ්‍යයනය කොට ඒවාට විසඳුම් ලබාදීම සඳහා මෙම පංචවිධ සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කොට තිබෙනවා.

තාවකාලික බලපත්‍ර සහිත ඉඩම්වල ජීවත් වන ජනතාව හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිටිනවා. එලෙස වසර 10 ක් ජීවත් වී ඇත්නම් ලබන වසරේ අගෝස්තු මාසයට පෙර සින්නක්කර අයිතිය ලබා දෙන වැඩපිළිවෙළක් අප සකසා තිබෙනවා. රාජපක්ෂ රෙජීමයට මෙම ප්‍රශ්න විසඳීමට නොහැකි වුණා. එමෙන්ම තරුණ තරුණියන්ට රැකියා ලබා දී ඔවුන්ගේ ආදායම වැඩි කිරීම අපේ මූලික ඉලක්කයයි. රාජපක්ෂ රෙජීමයට එම ප්‍රශ්න විසඳීමට හැකි වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජනතාවට බොරු කළා. වසර 5 කින් රැකියා ලක්ෂ 10 ක් බිහි කිරීම අපේ අරමුණයි. රැකියා ලක්ෂ 10 ක් බිහි වූ විට ආදායම ඉබේම වැඩි වනවා. මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ප්රාග්ධනය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා විදේශ ආයෝජන ලබාගත යුතුව තිබෙනවා. විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගෙන හෝටල්, කර්මාන්ත ශාලා ඇතුලූ ආයෝජන අවස්ථා ඇති කිරීමට අප දැනටමත් සාකච්ඡා කර තිබෙනවා.

[QUOTE="Dilwale, post: 18793360, member: 544417"] [b]හොරුන්ට බේරීමක් ඇත්තේ රාජපක්ෂ ජයග්‍රහණ&[/b] [SIZE="4"]තමන්ගේ කෙනෙකු ජනාධිපති ධූරයට පත් කරගත හොත් තමන්ගේ ජීවිතවලට අනාගතයක් ලැබේවි යැයි බලාපොරොත්තුවෙන් මේ දිස්ත්‍රික්කයේ ජනතාව ඡන්දය ලබා දුන්නා. එසේ ඔබ පත් කර ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමාගේ පවුලත් සමග කන්ද මුදුනටම ගියා. නමුත් රටේ සමස්ථ ජනතාව වගේම දකුණේ ජනතාව තවමත් සිටින්නේ කන්ද පාමුලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදි කළ අතර එම මාර්ගයේ ප්‍රවාහනය සඳහා කර්මාන්ත භාණ්ඩ කිසිවක් නැහැ. එම මාර්ගයෙන් ලැබුණු පහසුවක් වනුයේ හදිසි රෝගියෙකු ඉක්මනින් කොළඹ රෝහලකට ගෙන යාමට හැකි වීම පමණයි. [IMG]http://s3.lankaenews.com/si_news_image/walasmulla_Relly1.jpg[/IMG] හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගුවන් තොටුපොළක් ඉදි කළ අතර ගුවන් යානයක් පැමිණෙන තුරු තවමත් බලා සිටිනවා. නමුත් කොළඹ නගර සභාවේ ත්‍රීවීලර් පාක් එකක් පවා මීට වඩා ආදායමක් ලබනවා. මත්තල ගුවන් තොටුපොළට යන මාර්ගයේ ගම්මිරිස් වේලීමට ජනතාව කටයුතු කරනවා. හම්බන්තොට ඉදි කළ සම්මන්ත්රණ ශාලාව පාඩු ලබන අතර සම්මන්ත්රණ වෙනුවට එහි ඉදහිට විවාහ උත්සව පවත්වනවා. සූරියවැව කී‍්‍රඩාංගනය පාලූවට ගොස් තිබෙනවා. එහි තරග පවත්වනවාට වඩා වසා දමා තිබෙනවා.[/SIZE] [SIZE="4"]රාජපක්ෂ රෙජීමය සංවර්ධනය මැන්නේ කොන්ක්රීට්වලිනුයි. කොන්ක්‍රීට් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අය සිතුවේ සංවර්ධනය වැඩි වන බවයි. නමුත් අප සංවර්ධනය මනින්නේ ජනතාවගේ අතමිට තිබෙන මුදල්වලිනුයි. රැකියා, අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී අංශවල දියුණුව අපේ සංවර්ධනයේ මිණුම් දණ්ඩයි. ජනතාවගේ සංවර්ධනය, රටේ සංවර්ධනයයි... කොන්ක්‍රීට් ඇතිරීම සැබෑ සංවර්ධනය නොවන බව අප මතක තබා ගත යුතුයි. රජ්ජුරුවෝ උඩයි උඩයි යනුවෙන් මෙතෙක් කල් කිව්වා. ජනවාරි 8 වැනි දා රජ්ජුරුවෝ බිමට වැටුණා. ඒ රජ්ජුරුවෝ දැන් හම්බන්තොටින් ඡන්දය ඉල්ලන්නේ නැතිව කුරුණෑගලට ගොස් ඡන්දය ඉල්ලනවා. දැන් මේ දිස්ත්‍රික්කයට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන එක් කෙනක්වත් නැහැ. දැන් ඒ සියලූ දෙනා එකිනෙකාට බැණ ගන්නවා. මෙම තත්ත්වය යටතේ රාජපක්ෂ රෙජීමය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා. අප බලයට පත්වූ පසුව සියලූම සොරකම් හෙළි කර ගැනීමට පරීක්ෂණ ආරම්භ කරනවා. සමහරුන්ට විරුද්ධව දැනටමත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. මෙම පරීක්ෂණවලින් ගැලවෙන්නේ කෙසේදැයි දැන් හොරුන් කල්පනා කරනවා. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම යොදමින් සිටිනවා. යහපාලන ආණ්ඩුවක් යටතේ බේරෙන්නට නොහැකි බව ඔවුන් දන්නවා. එම හොරුන් රාජපක්ෂ රෙජීමය නැවත ඔසවා තැබීමට උත්සාහ කරනවා. හොරුන්ට බේරීමක් ඇත්තේ රාජපක්ෂ ජයග්‍රහණය කළොත් පමණයි. ඔහු දිනන්නෙත් නැහැ... හොරුන් බේරෙන්නෙත් නැහැ... සිවිල් සංවිධාන එකමුතුව සමග යහපාලනය ස්ථාපිත කිරීම සඳහා අප ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. යහලූවකු හෝ පාක්ෂිකයෙකු කිසියම් දූෂණ, වංචාවලට සම්බන්ධ නම් ඔහු බේරන්නට එපා යැයි මාදුළුවාවේ සෝභිත හිමියන් මගෙන් ඉල්ලීමක් කළා. දූෂණයට සම්බන්ධ කිසිවෙකුත් බේරා ගැනීමට මට අවශ්‍යතාවයක් නැති බවත්, දූෂණයට සම්බන්ධ ඕනෑම අයෙකු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් මා මාදුළුවාවේ සෝභිත හිමියන්ට පැවසුවා. 2004 වසරේ දී එක්සත් ජාතීන්ගේ දූෂණයට විරුද්ධ ප්රඥප්තිය අත්සන් කිරීමට අප කටයුතු කළා. දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඊළඟ පාර්ලිමේන්තුවේ දී ඉතා ඉක්මනින් නීති සම්පාදනය කරන බවට මා පොරොන්දු වෙනවා. නීතිය රජ කරවීම අපේ අරමුණයි. තමන්ගේ අනාගතය රැක ගැනීම සඳහා එක් කණ්ඩායමක් මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටිනවා. විවිධ හේතු මුල් කර ගනිමින් ගියවර මහින්ද රාජපක්ෂට ජනතාව ඡන්දය ලබා දුන්නා. නමුත් දැන් එම හේතු වලංගු නැහැ. දින 100 ඇතුළත අප විශාල සහන ලබා දුන්නා. බඩු මිල අඩු කළා. තෙල් මිල අඩු කළා. රාජපක්ෂ ආණ්ඩුව මෙම සහන ජනතාවට ලබා දුන්නේ නැහැ. රාජපක්ෂ ආණ්ඩුව කිසි දිනෙක පරාජය කළ නොහැකි යැයි සිතූ ඇතැමුන් ඔහුට ඡන්දය දුන්නා. තවත් සමහරුන් බයට ඡන්දය දුන්නා. දැන් රාජපක්ෂ එක කල්ලියකට කොටු වෙලා. අප ජනාධිපති බලතල සීමා කළා. දැන් ඉතා සාමකාමී මැතිවරණයක් පැවැත්වෙනවා. හරියට එංගලන්තයේ මැතිවරණයක් වගෙයි. මැතිවරණවල දී එදා දුන් එතනෝල් දැන් දෙන්නේ නැහැ. දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ මැතිවරණ නීතියට යටත් කොට තිබෙනවා. අප වැඩ කටයුතු කරන්නේ මැතිවරණ කොමසාරිස්ගේ තීරණයට අනුවයි. අප රටේ වෙනසක් ඇති කර තිබෙනවා. ඒ වෙනස ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා අගෝස්තු 17 වැනි දා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. අලූත් රටක් හැදීම සඳහා සහාය දැක්වීමේ වගකීම පක්ෂ, පාට භේදවලින් තොරව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම තිබෙනවා. අප කිසි විටෙක පක්ෂ, පාට භේදවලට ගැති වී සංවර්ධනයන් සිදු කරන්නේ නැහැ. අපේ සංවර්ධනය සියලූම ශ්‍රී ලාංකිකයන්ට සමානව ලැබිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් එම ලක්ෂ 58 ක ජනතාවගේ අනාගතය මා බාර ගන්නා බවට පොරොන්දු වෙනවා. තම අනාගතය ගැන කිසිවෙකුත් බියක් ඇති කර ගත යුතු නැහැ. එදා මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් සියලූ දෙනාටම අප සමග එක් වන්නැයි ආරාධනා කරනවා. මාස 60 කින් අලූත් රටක් ගොඩනැගීමට අපට සැලසුමක් තිබෙනවා. එම සැලැස්ම ඇත්තේ ජනතාව වෙනුවෙනුයි. ජනතාවගේ සැබෑ ප්‍රශ්න මොනවා දැයි අධ්‍යයනය කොට ඒවාට විසඳුම් ලබාදීම සඳහා මෙම පංචවිධ සංවර්ධන සැලැස්ම ඉදිරිපත් කොට තිබෙනවා. තාවකාලික බලපත්‍ර සහිත ඉඩම්වල ජීවත් වන ජනතාව හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිටිනවා. එලෙස වසර 10 ක් ජීවත් වී ඇත්නම් ලබන වසරේ අගෝස්තු මාසයට පෙර සින්නක්කර අයිතිය ලබා දෙන වැඩපිළිවෙළක් අප සකසා තිබෙනවා. රාජපක්ෂ රෙජීමයට මෙම ප්‍රශ්න විසඳීමට නොහැකි වුණා. එමෙන්ම තරුණ තරුණියන්ට රැකියා ලබා දී ඔවුන්ගේ ආදායම වැඩි කිරීම අපේ මූලික ඉලක්කයයි. රාජපක්ෂ රෙජීමයට එම ප්‍රශ්න විසඳීමට හැකි වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජනතාවට බොරු කළා. වසර 5 කින් රැකියා ලක්ෂ 10 ක් බිහි කිරීම අපේ අරමුණයි. රැකියා ලක්ෂ 10 ක් බිහි වූ විට ආදායම ඉබේම වැඩි වනවා. මෙම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ප්රාග්ධනය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා විදේශ ආයෝජන ලබාගත යුතුව තිබෙනවා. විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගෙන හෝටල්, කර්මාන්ත ශාලා ඇතුලූ ආයෝජන අවස්ථා ඇති කිරීමට අප දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom