හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම් 🚨

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,316
    8,463
    113
    හොර ඔප්පු හැදූ නීතිඥවරියකට සිරදඬුවම්

    ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් අද (05) වසර 12ක සිරදඬුවම් නියම කළ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළාය.

    කෙසේ වෙතත් එම දඬුවම වසර හයකින් ගෙවී යා යුතු බවත් තීන්දුවේ සඳහන් වුණි.

    බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සඳහා ව්‍යාජ ඔප්පු සැකසීම ඇතුළු චෝදනා දෙකක් යටතේ මෙම විත්තිකාර නීතිඥවරියට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි.

    නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකාරියට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා දෙක සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බවය.

    ඒ අනුව එක් එක් චෝදනාවට වසර 06 බැගින් චෝදනා දෙක සඳහා වසර දොළහක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරිය සිය තීන්දුවේ සඳහන් කළාය.

    කෙසේ වෙතත් මෙම වසර දොළහක සිර දඬුවම වසර 06 කින් ගෙවී යා යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වුණි.

    මෙසේ වරදකරු කෙරුණු නීතිඥවරිය 61 වන වියේ පසුවන දෙදරු මවක් බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,076
    113
    Lankawe mewage lawyers la tika filter karanam lankawe bribe and corruption adu karanna puluwan wei, prashna nathi minissunta prashna hadanne mehema hora oppu hadana un thamai,
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    වසර 6 ක දඬුවම දෙන්න වසර 15 ක් විතර නඩු අහන්න ඇති. ඉඩම් අයිතිකාරයට අලුතින් ඉඩමක් ගන්න සල්ලි වියදම් වෙන්න ඇති නඩු කියන්න.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මෙක බිනස් එකට කරන වැඩක්. කොළඹ නගර සීමාවෙ තියන පදිංච් වෙලා නැති ඉඩම්, බිල්ඩින් වලට හොර ඔප්පු හදාගෙන අල්ලගන්න කල්ලි ඉන්නවා. ඇත්ත අයිතිකාරයො නඩු දැම්මත් නඩුව අවුරුදු 15- 20 ඇදෙන හින්දා ඒකාලේ අරුන් බුක්ති විදිනවා. ගොඩක්ම වෙන රටවල රස්සාව කරන, ජීවත්වෙන අයගෙ ඉඩම් වලටතමයි ශොට් එක දෙන්නෙ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    වසර 6 ක දඬුවම දෙන්න වසර 15 ක් විතර නඩු අහන්න ඇති. ඉඩම් අයිතිකාරයට අලුතින් ඉඩමක් ගන්න සල්ලි වියදම් වෙන්න ඇති නඩු කියන්න.
    නීතිපති බං නඩුව කියන්නේ..

    ඒ කියන්නේ උඹලගේ අපේ බදු සල්ලි