හොර වැඩක්

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    හොර වැඩ කර‍නකොට මිනිස්සු පරිස්සම් වෙනවා නේද. ඒත් ඒ පරිස්සම හැමදාටම තියෙනවාද. ඇත්තම කීවොත් මුලින් මුලින් තියෙන පරිස්සම පස්සෙන් පහු නැති වෙනවා.
    .
    බස්වල පොකට් ගහන, මාල කඩන, ගෙවල්වල හොරකමේ යන මේ හැමෝම මුලදී මුලදී හරි පරිස්සමෙන් මේ හොර වැඩේ කරලා අහු නොවී පැන ගන්නවා.. ඒත් ටික කාලයක් ගියාම මෙයාලට මේ වැඩේ උදේට දත් මදිනවා වගේ පත්තියන් වෙනවා... ඊට පස්සේ පරිස්සම නැතිව අපරික්ෂාකාරීව වැඩ කරනවා... අන්න එතකොට එයාලා නීතියට අහු වෙනවා.. නැතිනම් මිනිස්සුන්ගෙන් ගුටි කනවා.
    .
    මත්ද්‍රව්‍ය විකුණන අයත් එහෙමයි. මුලදි මුලදි වම් අතටත් හොරෙන් මේක කරන්නෙ.. ඒත් පසුව පරිස්සම නැති වෙනවා.. අන්න එතකොට අහු වෙනවා.. අනියම් සබදතා පවා එහෙමයි.. මුලදී මුලදී මේ අනියම් සබදතා හැකි උපරිමේට පරිස්සමෙන් කර ගන්න දෙන්නටම හැකි වෙනවා.. ඒත් කාලයක් ගියාම මේ පරිස්සම නැති වෙනවා.. අන්න එතකොටයි මේවා අහු වෙන්නෙ..
    .
    “ඔබේ අනියම් සබදතාවය සුරක්ෂිතද” කියලා මම ලීව වැලි කොළම ලිපිය කියවපු අයට තේරෙයි මේ ගැන වැඩි විස්තර... ‍රෑට නැතිනම් පාන්දර අනුන්ගේ ගෙවල්වල ජනෙල්වලින් එබිලා කාමර අස්ස බලන මිනිස්සු අහුවෙන්නෙත් මේ විදියට තමයි.
    .
    ඌරන්ට විදුලිය අදින අයත් එහෙමයි. ඒත් එයාලා කාටවත් අහු වෙන්නේ නෑ... ඒත් විදුලි රැහැනට අහු වෙලා ඌරා වගේම තමනුත් කම්මුතු වෙනවා.
    .
    යටිනුවර මම ජීවත් ප්‍රදේශයේ මගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් ඌරන්ට විදුලි කම්බි ඇදපු මිනිසුන් දහ දෙනෙකුගේවත් මරණ ගැන මම අහලා තියෙනවා...
    .
    මේ හැමෝම මුලදි මුලදී හොද පරිස්සමට ඌරන්ට විදුලිය ඇදලා සත්තු මැරුවා... ඒත් පසුකාලීනව මේක කරපු අයගෙන් වැඩි පිරිසක් ඌරන්ට ඇදපු විදුලි රැහැනටම අහු වෙලා මිය ගියා...
    .
    ඇත්තටම මේක කරන විදියත් මම කියන්නම්. ඔබ දැකලා ඇති පාරේ ලයිට් කණු අතර නිරුවත් විදුලි කම්බි ඇදලා තියෙවා.. අන්න ඒ කම්බි දෙකක් එකට සම්බන්ධ කරලා තමයි පුද්ගලිකව තම තමන්ගේ නිවසට විදුලිය ලැබෙන්නේ... මේ කම්බි දෙකක් නීති විරෝධිව සම්බන්ද කරලා තමන්ට වුනත් විදුලිය ගන්න පුලුවන් හොරෙන්.. හැබැයි වැඩේ සීයට දාහක් අනතුරුදායකයි..
    .
    ඌරන්ට විදුලිය අදින අය කරන්නේ මේ වැඩේ.. එයාලා විදුලිය නොවදින පී වී සී බටයකට කොක්කක් අමුණලා *&^%$$, *&^%, !@$$%^&* එතකොට අර බිම ඉදලා ඇදපු කම්බිය දිගේ පහලට විදුලිය එනවා... අන්න ඒ කම්බිය වල් ඌරන් ගැවසෙන ප්‍රදේශ දිගේ බිම දිගට අදිනවා..
    .
    මෙහෙම ඇද්දාම මහ රෑට යටි ගිරියෙන් ඌරන් බෙරිහන් දෙන සද්දේ ඇහෙනවා... අන්න ඒම සද්දේ ඇහුනා කියන්නේ වල් ඌරෙකුට හෝ රංචුවකට “බඩු බනිස්” කියන එකයි... පහුවදා පාන්දරම විදුලිය ඇද්ද මිනිහා ඇවිත් පී වී සී බටේ $%$^&*(*% කම්බිය බිමට දානවා.. එතකොට අධි සැර විදුලිය සමග තියෙන සබදතාවය නැති වෙනවා. ඊට පස්සේ ඉතින් විදුලිය වැදුනු ඌරව හොයා ගන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි..
    .
    ඉතින් හැමදාටමත් මේ විදියට වල් ඌරෝ අහු වෙන්නෙ නෑ... මොකද ඌරට වුනත් මොලේ ටිකක් හරි තියෙන නිසා.. ඒ නිසා ඌරත් පරිස්සම් වෙනවා.. ඒත් ඌටත් පරිස්සම අමතක වෙනවා පෙරේතකමට මයියොක්කා පදුරක්, කිරි අල පදුරක් දැක්කාම...
    .
    අන්න එතකොට කම්බිය ගැන අමතක වෙලා මයියොක්කා පදුර පෙරලන්න ඔට්ටු වෙනවා. ඔන්න එතකොට “බඩු බනිස්” වෙනවා..
    .
    මේ විදියට මිනිස්සු ඌරෝ මරලා විකුණනවා.. ඒම කරන්නේ දුප්පත් මිනිස්සු.. ඌරෙකු දෙන්නෙකු මැරිලා ඉන්නවා කියලා කීවාම ට්‍රයිෂෝවලින් ඇවිත් උගේ බර කිරලා ‍ඇදහිය නොහැකි ලොකු ගානක් දීලා හොට බරියන්ව අරගෙන යන හෝටල් හිමියෝ ඕනේ තරම් මේ ධර්මද්වීපයේ ඉන්නවා.
    .
    මාසෙකට එක ඌරු නාම්බෙක් මරා ගත්තා නම් දුප්පත් මනුස්සෙයකුට ඉහටත් උඩින්.. ඒක හරියට කාර් සේල් එකකින් කාර් එකක් මාසෙකට සැරයක් ගියොත් පොහොසත් මිනිහෙකුට ඇති වගේ දෙයක්...
    .
    ඉතින් මේ විදියට කම්බි ඇදපු ගොඩ දෙනෙක් අකාලයේ ඒ කම්බිවලටම අහු වෙලා මැරුනා.. ඇත්තටම ඉතින් මේම වෙන්නෙත් පරිස්සම අතෑරුනු නිසා... තමන්ගේ වගාවට හානි කරන්න එන නිසා මුදලක් ගැන නොහිතා සත්තු මරන අයත් ඉන්නවා... ඒ අයගේ විදුලි රැහැනට ඌරෝ අහු වුනා කියලා උන්ව විකුණලා කන්නේ නෑ.. ඌරව මරලා තමනුත් කාලා වටපිට අයටත් නිකං බෙදලා දෙනවා... ඒවා දාන පාරමිතා... හැබැයි සත්තු මරන එක ප්‍රාණඝාතේ....
    .
    කොහොම වුනත් මේ සිද්ධිය පට්ටම අනතුරුදායකයි.. මේ විදියට හොට බරියට කම්බි ඇදපු හැමෝම වගේ මිය ගියේ කම්බිය සෙට් කරන හවසට නෙමෙයි... කම්බිය ගලවන්න යන පාන්දරට... නැතිනම් උදේට.
    .
    දවසක් මම අපේ වත්තට යනකොට වැඩට හිටිය සේවකයා මට පෙන්නනවා මාන පදුරු අස්සේ තිබ්බ යමක්.. මේන් බලන්න මේක කියලා... බලනකොට දිග පී වී සී බටේක කෙලවරට දෙබලක් හයි කරපු ඇටවුමක්... ඒක දැක්ක ගමන් මට හිතුනා කවුරු හරි අපේ වත්ත අයිනෙන් යන විදුලි රැහැන්වලට කම්බි සෙට් කරලා වල් ඌරට නැතිනම් වත්තේ අයිතිකාරයාට කෙළ වෙන්න කරපු ඇටවුමක් කියලා...
    .
    ඒ කියන්නේ ඉතින් කළුවර වැටීගෙන එනකොට වත්තේ අයිනට එන කවුරු හරි අර විදියේ ඇටවුමක් හයි කරලා ඌරන් යන හෝ මම වත්තට යන පාරේ ඇදලා තියෙනවා...
    .
    මේ සිද්ධිය වෙලා ටික කාලයක් යනකොට වත්ත අයිනෙන් යන නිරුවත් කම්බි වෙනුවට කලු පාටින් හොදට ආවරණය කරපු තනි වයර් එකක් ඇද්දා මංඩලයෙන්.. ඒ වයර්වලට අර විදියට බට වලින් සම්බන්ධ කරලා කොකු දාලා පහලට විදුලිය ගන්න බෑ...
    .
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි... මේ වගේ හොර වැඩ කරනවා නම් පරිස්සමින් කරන්න.. ඒ පරිස්සම හැමදාටමත් තියෙන්න ඕනේ... එක දවසක, එක තත්පරයක අතපසු වීමකින් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා.. හොදම දේ තමයි සතියක් විතර මේ විදියට වයර් ඇදලා එලා ගන්න සතෙක් එලාගෙන පසුව මේ වැඩේ අතෑරලා දාන එක.. ඊට පස්සේ ආයේ මාස හය හතක් ගියාම අර විදියටම සතියක් වගේ මේක කරලා අතාරින්න.. එක දිගටම කරන්න ගියාමයි පරිස්සම නැති වෙලා “බඩු බනිස්” වෙන්නේ...
    .
    ඒ වගේම තමන්ගේ ජීවිතයට හානි කරන්න කවුරු හෝ උත්සාහ කරනවා නම් මේ වගේ සිද්ධි ගැනත් කල්පනාවෙන් ඉන්න.. උඩ බලාගෙන ඇවිද්දොත් “බඩුම” තමයි.
    .
    මතකනේ මම කීව දේ... හොර වැඩ කරනවා නම් පරිස්සමෙන් හොදේ.. ටික දවසක් කරලා අතාරින්න.. කාලය ගෙවෙන්න දීලා ආයේ පටන් ගන්න. එතකොට හොරකම නැවුම්!!! පරිස්සම අලුත්!!!
    .
    කල්ගත වෙලා හොරකම පිළුනු වුනොත්, පරිස්සම ඈලියාවට යනවා... එතකොට ඉතින් “බඩු බනිස් !!!” මම මේක මේ විදියට ලියන්නෙත් වල් සත්තුන්ගේ ජීවිත වලට වඩා මිනිස් ජීවිත වටින නිසා...
    .
    වල් ඌරා විතරක් නෙමෙයි හැම වල් සතාම ගොවියන්ගේ වගාවන් ගෙඩිය පිටින් වනසනවා... ඒකේ අමාරුව දන්නෙ ගොවියා මිසක්, ගොවියාගේ අතින් නිශ්පාදනය වෙන ආහාර බුදින අය නෙමෙයි... හැබැයි සත්තු මරන්නෙත් නැතිව වගාව බේර ගන්න කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් අනුමත කරපු සූර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි වැටවල් තියෙනවා..
    .
    මම නම් දැන් වසර පහක විතර කාලෙක ඉදලා මේක පාවිච්චි කරනවා. එතකොට වල් ඌරා ආවත් ඌට කරන්ට් එක වැදිලා විසි වෙනවා... ඒත් මැරෙන් නෑ... වගාවත් බේරගෙන සත්තුත් බේරගෙන ජීවත් වෙන්න ක්‍රම මේ නූතන ලෝකේ දැන් තියෙනවා... අන්න ඒ වයර් එක නම් මටත් තුන් හතර පාරක් වැදිලා මාත් විසි වෙලා තියෙනවා...
    .
    අන්න ඒකයි මම කියන්නෙ අපි කොපමණ පරිස්සම් වුනත් “බඩු බනිස්” වෙන්න ඒ හැටි වෙලාවක් යන් නෑ කියලා.
    වැලි කොළම - 57
    ..................................
    නිශාන්ත වැලිඅංග (BSc ) /
    අපිරිසිදු සමාජය කලාවෙන් පිරිසිදු කරන ඩිජිටල් හුස්ම
    ...............................
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි හිතන්න පුරුදු වෙලා තියනව, මනුස්සයා මේ ජීවත් වෙන එකො සිස්ටම් එකෙ කොටසක් නෙවෙ, ඊට වඩා හෙන සුපීරියර් එකක් කියල

    එකො සිස්ටම් එකට මනුස්සය ඕන නැහැ
    මනුස්සයට එකො සිස්ටම් එක ඕන


    මනුස්ස ජීවිත වලට වටිනාකමක් එකො සිස්ටම් එකෙ නැහැ



    BSc අම්මගෙ රෙද්ද
    ඕකගෙ පුකේ BSc කියල හක ගහන්න ඕන ලොකු අකුරෙන්
     
    • Like
    Reactions: SLHodahitha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,695
    113
    Kandy
    අපි හිතන්න පුරුදු වෙලා තියනව, මනුස්සයා මේ ජීවත් වෙන එකො සිස්ටම් එකෙ කොටසක් නෙවෙ, ඊට වඩා හෙන සුපීරියර් එකක් කියල

    එකො සිස්ටම් එකට මනුස්සය ඕන නැහැ
    මනුස්සයට එකො සිස්ටම් එක ඕන


    මනුස්ස ජීවිත වලට වටිනාකමක් එකො සිස්ටම් එකෙ නැහැ


    BSc අම්මගෙ රෙද්ද
    ඕකගෙ පුකේ BSc කියල හක ගහන්න ඕන ලොකු අකුරෙන්
    මාත් කල්පනා කලේ ඇයි අන්තිමට BSC කියලා දාගෙන ඉන්නේ කියලා ඉස්සර පිටිදූවේ සිරිධම්මත් විදයාවේදී කියලා දාගෙන හිටියා.ගිහිගෙදර නම් ගොත් තාන්න මාන්න අත ඇරාලනේ සාසනේට ඇතුලත් වෙන්නේ
     
    • Haha
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    මම මේක මේ විදියට ලියන්නෙත් වල් සත්තුන්ගේ ජීවිත වලට වඩා මිනිස් ජීවිත වටින නිසා...
    මෙහෙම හිතන උන් තමයි මැරෙන්න ඕන.
     
    • Love
    Reactions: Solo Rider