Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් ජය ගත් බුදු පියාණෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොල්මන් ජය ගත් බුදු පියාණෝ

හොල්මන් යනු මොනවා ද? ඊට බිය වීම මුළාවකි. බුදු රජාණන් වහන්සේ මෙය පැහැදිලි කළ ආකාරය මේ ලිපියෙන් දැක්වේ.

විසි නව වැනි විය තෙක් ම රාජශ්‍රීයෙන් හා මහත් සුඛෝපභෝගයෙන් යුතු කුමාර ජීවිතයක් ගත කළ සිදුහත් කුමරාට ගිහිගෙය හැර වනගත වූ දින පටන් ගෙවීමට සිදු වූයේ කටුක, රළු, දුගී දිවි පෙවෙතකි. එය භික්ෂාවෙන් හෙවත් ගෙපිළිවෙළින් ගොස් එදිනෙදා ආහාර සිඟා කෑමෙන් යැපුණු ජීවිතයක් විය. තවුස් දිවියට පත් ව, පිඬු සිඟා ගොස් තමන් ලත් ප්‍රථම භෝජනය දුටු සිදුහත් තවුසා තමන් තුළ ඇති වූ පිළිකුල වළක්වාගත්තේ මහත් ආයාසයෙනි. බුදුන් වහන්සේ පෘථග්ජන පුද්ගලයකු වශයෙන් පවා මිනිසාට ඇති අනුකම්පාව නිසා කළ කැප වීම කොතරම් ද යන්නට මෙය ම හොඳ සාක්ෂියක් නො වේ ද?

බුද්ධත්වයට පත් වූ පසු රජුන්, මහ සිටුවරුන් හා කුලවතුන් රසමසවුළින් පිරි රජ බොජුන් බුදු හිමියන්ට පූජා කළ ද එම මධුර බොජුන් මෙන් ම දුගී පැල්පතින් ලද පිළුණු ආහාර ද උන් වහන්සේ සමසිතින් ඉවසා වදාළහ.

ආහාර මෙන් ම උන් වහන්සේ දිවි ගෙවන්නට තෝරාගත් ස්ථාන ද රැසක් ම සුවපහසුවෙන් තොර ඒවා විය. මෙයට හේතුව වූයේ සිරුර තැවීම බුදුන් වහන්සේ අනුමත කළ නිසා නො ව, එවක පැවිද්දන්ට වාසය සඳහා තිබුණේ වනරොදවල් බඳු ගෘහස්ථ නොවන ස්ථාන වූ හෙයිනි. නාගරිත ජීවිතයේ කලබලකාරී බවින් මිදී නිසල, සන්සුන් පරිසරයක විවේකී ව කල් ගෙවීම සඳහා උන්වහන්සේ බොහෝ විට ඝන වනය, වන රොද, වන උයන්, සුසාන භූමි ආදි ජන ශූන්‍ය ස්ථාන පරිහරණය කිරීම ප්‍රිය කළ සේක.

ගෘහස්ථ ජීවිතය හැරදමා වුත් උන් වහන්සේ වෙත පැවිදි වූ රජ, සිටු මෙන් ම ගෙවි කම්කරු ආදි විවිධ ප්‍රජා වර්ගවලට අයත් ශ්‍රාවකයන්ට ද බුදුන් වහන්සේ අනුදැන වදාළේ එම ජීවන රටාව ම ය.

සියලු ගංගාවන් මුහුදට වැටුණු කල්හි ඒ ඒ ගංගාවල නම් යටපත් වී ‘මුහුද’ යන එක ම නමින් ම හඳුන්වන්නාක් මෙන්, විවිධ කුලවලට අයත් ජනයා ද බුදු සසුනේ පැවිද්ද ලද පසු ශාක්‍ය මුනි ගෞතමයන්ගේ ශ්‍රාවකයන් ලෙස ජාති, කුල, ධනවත්, දුගී භේදවලින් තොර එක ම සඟ සසුනක් බවට පත් විය.

තත්ත්වය එසේ වුව ද බුදු සසුනෙහි පැවිද්ද ලත් හැම අයකුට ම මෙම රළු දිවි පෙවෙතට හැඩගැසීම පහසු කාර්යයක් නොවූ බව පෙනේ. ගිහි කල සුකුමාල සුඛෝපභෝගී ජීවිත ගත කළවුන්ට රළු ජීවිතයට එක් වර හැඩගැසීමට තරම් චිත්ත ධෛර්යයක් නොතිබෙන්නට ඇත. එපමණක් නො ව, භාරත සමාජයේ එවක පැවති බමුණු දහම පදනම් කොට ගත් විවිධ යකුන්, ප්‍රේතයන් හා අමනුෂ්‍යයන් පිළිබඳ චිරාගත විශ්වාස සිතේ දරාගත්තවුන් ද සඟ පිරිස අතර වූහ. රාත්‍රී කාලයේ වනාන්තරවල හෝ සුසාන භූමි වැනි ජනශූන්‍ය ස්ථානවල යක්ෂයන් හා අමනුෂ්‍යයන් ගැවසෙන බවත්, ඔවුන් රාත්රියේදී අඳුරේ සිට නොයෙක් විකාර ශබ්ද ආදියෙන් මිනිසුන් බිය ගන්වා බිලිකොටගන්නා බවත් ඔවුහු විශ්වාස කළහ.

එබන්දන්ගේ බිය තුනී කර යථාවබෝධය ලබා දී ඔවුන් මහණකමෙහි දිරිමත් කිරීම සඳහා බුදුන් වහන්සේ විසින් කටයුතු කරන ලද්දේ තමන් වහන්සේ විසින් ම යකුන් ඇතැ යි ප්‍රකට වනාන්තර හෝ සුසාන භූමි වෙත ගොස් සොයා බැලීමෙන් පසු ව ය.

බුදුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයේ ජානුස්සෝනි නමැති උගත් බමුණෙක් උන් වහන්සේ හමු වීමට පැමිණියේ ය. උසස් කුලිකයන් ලෙස සමාජයේ බුහුමනට පාත්‍ර වූ ක්ෂත්රිය, බ්‍රාහ්මණ කුලිකයන් ද කුලයෙන් පහත් යැ යි සම්මත ජනයා සමග බුදුන් වහන්සේ විසින් සම තත්ත්වයෙහි ලා සලකා තිබෙනු දැකීම ඔහුගේ විමතියට හේතු වූ බවට සැකයක් නැත. පහත් කුලිකයන් මෙන් නො ව, බමුණු කුලය ඇතුළු උසස් කුලයෙහි ඇත්තෝ සුවපහසු, සුකුමාල ජීවිත ගත කිරීමට හුරු ව සිටින්නෝ ය. මෙසේ බලන විට සුකුමාර බමුණු හා උසස් කුලිකයන් දුෂ්කර ජීවිතයකට ඇදදමා තිබීම බුදුන් වහන්සේ අතින් සිදු වූ වරදක්ය යනු ජානුස්සෝනි බමුණාගේ අදහස විය.

“ස්වාමීනි, ඔබ වහන්සේට ගෞරවයෙන්, ඔබ වහන්සේ කෙරෙහි පැහැදී ඔබ වහන්සේ වෙත පැවිදි වූ කුල පුතුන් ආරක්ෂා කරගැනීම ඔබ වහන්සේගේ වගකීමක් නො වේ ද?” ජානුස්සෝනි බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය.

“ඔව් ජානුස්සෝනි, මම ඔවුන් රැකබලාගන්නවා. ඔවුන්ට මග පෙන්වනවා” බුදුන් වහන්සේ පිළිතුරු දුන්හ.

“එහෙත් ගෞතමයිනි, සුකුමාල දිවි ගෙවා පැවිදි වූ කුල පුත්‍රයන්ට ඔබ ගත කරන මේ රළු ජීවිතයට ඔරොත්තු දෙන්න පුළුවන් ද? ඝන වනාන්තර හා පාළු ආරණ්‍යවල රාත්‍රිය ගත කරන විට සිත එකඟ කරගන්නේ කොහොම ද? සර්ප භය, අමනුෂ්‍ය භය ආදි බියෙන් පෙළෙනවා නේද? එබඳු කටුක බියකරු ජීවිතයක් ඔවුන් දරාගන්නේ කෙසේ ද? මෙහෙම දිගට ම ගියොත් කැලෑව ම ඔවුන් බිල්ලට ගනීවි.” ජානුස්සෝනි සිය මතය පළ කළේ ය.

“ජානුස්සෝනි, ඔබ කියන්නේ ඇත්තක් බව මට වැටහෙනවා. මමත් මුලදී වනාන්තරයේ හා සොහොන් බිම්වල යකුන්, ප්‍රේතයන් අරක්ගෙන ඇතැ යි විශ්වාස කළා. ඒ නිසා මා තුළත් නොයෙක් විදියේ බිය ඇති වුණා. එහෙත් සිත එකඟ කරගෙන සිත වර්ධනය කරගෙන මම ඒ අහේතුක බිය නැති කරගත්තා. මම හිඳගෙන සිටින විට අමනුෂ්‍යයකුගේ හඬක් යැ යි සිතන ශබ්දයක් ඇසුණ හොත් නැගිට පලා යන්නේ නැති ව ඒ බිය පහ ව යන තුරු ම ඒ ඉරියව්වෙන් ම හිටියා. බියට හේතු වූ ශබ්දය කුමක් ද කියා දැනගත හැකි වෙනවා.

“ඉන් පසු ව බිහිසුණු අමනුෂ්‍ය උපද්‍රව තිබෙනවා යැ යි ප්‍රසිද්ධ පාළු තැන්වල මම හැසුරුණා. මම එහෙම කළෙත් අමනුෂ්‍ය උපද්‍රව වැඩියෙන් ම තියනවා යැ යි විශ්වාස කරන අමාවක, අටවක හා පසළොස්වක දිනවල යි. එසේ හැසිරෙන විට මට අද්භූත ශබ්ද ඇසුණා. ඒ අමනුෂ්‍යයන්ගේ ශබ්ද විය යුතු යැ යි මට මුලින් සිතුණා. පසුව මම ශබ්දය ඇසුණු ස්ථානයට ගිහින් සෝදිසි කළා. එවිට මම දැනගත්තා ඒ අමනුෂ්‍යයකුගේ ශබ්දයක් නොවන බව. එක්කෝ කුරුල්ලකු දිරාපු අතු කැබැල්ලක් බිම දමලා. නැත් නම් සුළඟට පඳුරක් සෙලවිලා” බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කර දුන් සේක.

“ඒ නිසා බුද්ධිමත් තැනැත්තා රාත්‍රි හොල්මන්වලට බිය වන්නේ නැහැ. රාතී‍්‍ර ඇත්තේත් දහවල තිබූ දේ ම පමණයි.”

යථා තත්ත්වය අවබෝධ කරගත් ජානුස්සෝනි බමුණා සාධුකාර දී බුදුන් වහන්සේට නමස්කාර කළේ ය.

සටහන - ධනපාල ගුණසේකර

[QUOTE="crazybuddy, post: 12564469, member: 326070"] [b]හොල්මන් ජය ගත් බුදු පියාණෝ[/b] [COLOR=DarkOrange][I][SIZE=4][COLOR=Red]හොල්මන් යනු මොනවා ද? ඊට බිය වීම මුළාවකි. බුදු රජාණන් වහන්සේ මෙය පැහැදිලි කළ ආකාරය මේ ලිපියෙන් දැක්වේ.[/COLOR] [IMG]http://www.namaskara.lk/2012/03/91-3.jpg[/IMG] [COLOR=Sienna]විසි නව වැනි විය තෙක් ම රාජශ්‍රීයෙන් හා මහත් සුඛෝපභෝගයෙන් යුතු කුමාර ජීවිතයක් ගත කළ සිදුහත් කුමරාට ගිහිගෙය හැර වනගත වූ දින පටන් ගෙවීමට සිදු වූයේ කටුක, රළු, දුගී දිවි පෙවෙතකි. එය භික්ෂාවෙන් හෙවත් ගෙපිළිවෙළින් ගොස් එදිනෙදා ආහාර සිඟා කෑමෙන් යැපුණු ජීවිතයක් විය. තවුස් දිවියට පත් ව, පිඬු සිඟා ගොස් තමන් ලත් ප්‍රථම භෝජනය දුටු සිදුහත් තවුසා තමන් තුළ ඇති වූ පිළිකුල වළක්වාගත්තේ මහත් ආයාසයෙනි. බුදුන් වහන්සේ පෘථග්ජන පුද්ගලයකු වශයෙන් පවා මිනිසාට ඇති අනුකම්පාව නිසා කළ කැප වීම කොතරම් ද යන්නට මෙය ම හොඳ සාක්ෂියක් නො වේ ද? බුද්ධත්වයට පත් වූ පසු රජුන්, මහ සිටුවරුන් හා කුලවතුන් රසමසවුළින් පිරි රජ බොජුන් බුදු හිමියන්ට පූජා කළ ද එම මධුර බොජුන් මෙන් ම දුගී පැල්පතින් ලද පිළුණු ආහාර ද උන් වහන්සේ සමසිතින් ඉවසා වදාළහ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ආහාර මෙන් ම උන් වහන්සේ දිවි ගෙවන්නට තෝරාගත් ස්ථාන ද රැසක් ම සුවපහසුවෙන් තොර ඒවා විය. මෙයට හේතුව වූයේ සිරුර තැවීම බුදුන් වහන්සේ අනුමත කළ නිසා නො ව, එවක පැවිද්දන්ට වාසය සඳහා තිබුණේ වනරොදවල් බඳු ගෘහස්ථ නොවන ස්ථාන වූ හෙයිනි. නාගරිත ජීවිතයේ කලබලකාරී බවින් මිදී නිසල, සන්සුන් පරිසරයක විවේකී ව කල් ගෙවීම සඳහා උන්වහන්සේ බොහෝ විට ඝන වනය, වන රොද, වන උයන්, සුසාන භූමි ආදි ජන ශූන්‍ය ස්ථාන පරිහරණය කිරීම ප්‍රිය කළ සේක. ගෘහස්ථ ජීවිතය හැරදමා වුත් උන් වහන්සේ වෙත පැවිදි වූ රජ, සිටු මෙන් ම ගෙවි කම්කරු ආදි විවිධ ප්‍රජා වර්ගවලට අයත් ශ්‍රාවකයන්ට ද බුදුන් වහන්සේ අනුදැන වදාළේ එම ජීවන රටාව ම ය. සියලු ගංගාවන් මුහුදට වැටුණු කල්හි ඒ ඒ ගංගාවල නම් යටපත් වී ‘මුහුද’ යන එක ම නමින් ම හඳුන්වන්නාක් මෙන්, විවිධ කුලවලට අයත් ජනයා ද බුදු සසුනේ පැවිද්ද ලද පසු ශාක්‍ය මුනි ගෞතමයන්ගේ ශ්‍රාවකයන් ලෙස ජාති, කුල, ධනවත්, දුගී භේදවලින් තොර එක ම සඟ සසුනක් බවට පත් විය. තත්ත්වය එසේ වුව ද බුදු සසුනෙහි පැවිද්ද ලත් හැම අයකුට ම මෙම රළු දිවි පෙවෙතට හැඩගැසීම පහසු කාර්යයක් නොවූ බව පෙනේ. ගිහි කල සුකුමාල සුඛෝපභෝගී ජීවිත ගත කළවුන්ට රළු ජීවිතයට එක් වර හැඩගැසීමට තරම් චිත්ත ධෛර්යයක් නොතිබෙන්නට ඇත. එපමණක් නො ව, භාරත සමාජයේ එවක පැවති බමුණු දහම පදනම් කොට ගත් විවිධ යකුන්, ප්‍රේතයන් හා අමනුෂ්‍යයන් පිළිබඳ චිරාගත විශ්වාස සිතේ දරාගත්තවුන් ද සඟ පිරිස අතර වූහ. රාත්‍රී කාලයේ වනාන්තරවල හෝ සුසාන භූමි වැනි ජනශූන්‍ය ස්ථානවල යක්ෂයන් හා අමනුෂ්‍යයන් ගැවසෙන බවත්, ඔවුන් රාත්රියේදී අඳුරේ සිට නොයෙක් විකාර ශබ්ද ආදියෙන් මිනිසුන් බිය ගන්වා බිලිකොටගන්නා බවත් ඔවුහු විශ්වාස කළහ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] එබන්දන්ගේ බිය තුනී කර යථාවබෝධය ලබා දී ඔවුන් මහණකමෙහි දිරිමත් කිරීම සඳහා බුදුන් වහන්සේ විසින් කටයුතු කරන ලද්දේ තමන් වහන්සේ විසින් ම යකුන් ඇතැ යි ප්‍රකට වනාන්තර හෝ සුසාන භූමි වෙත ගොස් සොයා බැලීමෙන් පසු ව ය. [IMG]http://www.namaskara.lk/2012/03/91-1.jpg[/IMG][/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] බුදුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයේ ජානුස්සෝනි නමැති උගත් බමුණෙක් උන් වහන්සේ හමු වීමට පැමිණියේ ය. උසස් කුලිකයන් ලෙස සමාජයේ බුහුමනට පාත්‍ර වූ ක්ෂත්රිය, බ්‍රාහ්මණ කුලිකයන් ද කුලයෙන් පහත් යැ යි සම්මත ජනයා සමග බුදුන් වහන්සේ විසින් සම තත්ත්වයෙහි ලා සලකා තිබෙනු දැකීම ඔහුගේ විමතියට හේතු වූ බවට සැකයක් නැත. පහත් කුලිකයන් මෙන් නො ව, බමුණු කුලය ඇතුළු උසස් කුලයෙහි ඇත්තෝ සුවපහසු, සුකුමාල ජීවිත ගත කිරීමට හුරු ව සිටින්නෝ ය. මෙසේ බලන විට සුකුමාර බමුණු හා උසස් කුලිකයන් දුෂ්කර ජීවිතයකට ඇදදමා තිබීම බුදුන් වහන්සේ අතින් සිදු වූ වරදක්ය යනු ජානුස්සෝනි බමුණාගේ අදහස විය. “ස්වාමීනි, ඔබ වහන්සේට ගෞරවයෙන්, ඔබ වහන්සේ කෙරෙහි පැහැදී ඔබ වහන්සේ වෙත පැවිදි වූ කුල පුතුන් ආරක්ෂා කරගැනීම ඔබ වහන්සේගේ වගකීමක් නො වේ ද?” ජානුස්සෝනි බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළේ ය. “ඔව් ජානුස්සෝනි, මම ඔවුන් රැකබලාගන්නවා. ඔවුන්ට මග පෙන්වනවා” බුදුන් වහන්සේ පිළිතුරු දුන්හ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “එහෙත් ගෞතමයිනි, සුකුමාල දිවි ගෙවා පැවිදි වූ කුල පුත්‍රයන්ට ඔබ ගත කරන මේ රළු ජීවිතයට ඔරොත්තු දෙන්න පුළුවන් ද? ඝන වනාන්තර හා පාළු ආරණ්‍යවල රාත්‍රිය ගත කරන විට සිත එකඟ කරගන්නේ කොහොම ද? සර්ප භය, අමනුෂ්‍ය භය ආදි බියෙන් පෙළෙනවා නේද? එබඳු කටුක බියකරු ජීවිතයක් ඔවුන් දරාගන්නේ කෙසේ ද? මෙහෙම දිගට ම ගියොත් කැලෑව ම ඔවුන් බිල්ලට ගනීවි.” ජානුස්සෝනි සිය මතය පළ කළේ ය. [IMG]http://www.namaskara.lk/2012/03/91-2.jpg[/IMG][/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “ජානුස්සෝනි, ඔබ කියන්නේ ඇත්තක් බව මට වැටහෙනවා. මමත් මුලදී වනාන්තරයේ හා සොහොන් බිම්වල යකුන්, ප්‍රේතයන් අරක්ගෙන ඇතැ යි විශ්වාස කළා. ඒ නිසා මා තුළත් නොයෙක් විදියේ බිය ඇති වුණා. එහෙත් සිත එකඟ කරගෙන සිත වර්ධනය කරගෙන මම ඒ අහේතුක බිය නැති කරගත්තා. මම හිඳගෙන සිටින විට අමනුෂ්‍යයකුගේ හඬක් යැ යි සිතන ශබ්දයක් ඇසුණ හොත් නැගිට පලා යන්නේ නැති ව ඒ බිය පහ ව යන තුරු ම ඒ ඉරියව්වෙන් ම හිටියා. බියට හේතු වූ ශබ්දය කුමක් ද කියා දැනගත හැකි වෙනවා. “ඉන් පසු ව බිහිසුණු අමනුෂ්‍ය උපද්‍රව තිබෙනවා යැ යි ප්‍රසිද්ධ පාළු තැන්වල මම හැසුරුණා. මම එහෙම කළෙත් අමනුෂ්‍ය උපද්‍රව වැඩියෙන් ම තියනවා යැ යි විශ්වාස කරන අමාවක, අටවක හා පසළොස්වක දිනවල යි. එසේ හැසිරෙන විට මට අද්භූත ශබ්ද ඇසුණා. ඒ අමනුෂ්‍යයන්ගේ ශබ්ද විය යුතු යැ යි මට මුලින් සිතුණා. පසුව මම ශබ්දය ඇසුණු ස්ථානයට ගිහින් සෝදිසි කළා. එවිට මම දැනගත්තා ඒ අමනුෂ්‍යයකුගේ ශබ්දයක් නොවන බව. එක්කෝ කුරුල්ලකු දිරාපු අතු කැබැල්ලක් බිම දමලා. නැත් නම් සුළඟට පඳුරක් සෙලවිලා” බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කර දුන් සේක.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “ඒ නිසා බුද්ධිමත් තැනැත්තා රාත්‍රි හොල්මන්වලට බිය වන්නේ නැහැ. රාතී‍්‍ර ඇත්තේත් දහවල තිබූ දේ ම පමණයි.” යථා තත්ත්වය අවබෝධ කරගත් ජානුස්සෝනි බමුණා සාධුකාර දී බුදුන් වහන්සේට නමස්කාර කළේ ය. සටහන - ධනපාල ගුණසේකර [/COLOR][/SIZE][/I][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom