Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොල්මන් 6
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" බලපන්කෝ බං අද එක හයර් එකක් සෙට් උනේ නෑ ගානක් අතට එන විදියට.මොන කරුම දවසක්ද දන්නේ නෑ "

කියු නිමල් තම ත්‍රීරෝද රථයේ සිට අනෙක් පසින් නවතා තිබු ත්‍රීරෝද රථයේ සිටි තම අතිජාත මිත්‍රයා වු රුවන් හට පැවසීය.ගාල්ල දිස්ත්‍රික්කයේ,හිනිදුම නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොල අසල ත්‍රීරෝද රථ අංගනයේ නිත්‍ය ත්‍රීරෝද රථ කරුවන් දෙදෙනකු වු රුවන් හා නිමල් කුඩා කල සිටම එකට හැදුනු වැඩුනු බොක්කේ යාලුවන් දෙදෙනෙකි.පාසල් යන කාලයේ සිටම එකට හැදුනු වැඩුනු මොවුන් දෙදෙනා තම පාසල් ගමනට සමුදිමත් සමග තමන්ගේ මව්පියන්ගෙන් උදව් උපකාරද ඇතිව ත්‍රීරෝද රථ දෙකක් මිලදී ගත්තේ තම ජීවීතයේ ඉදිරි වැඩ කටයුතු රෝද තුනකට බාර දෙමිනි.දෙදෙනාම අවිවහක වු බැවින් එදිනෙදා උපයා ගන්නා මුදලෙන් ත්‍රීරෝද රථයේ මාසික වාරිකය ගෙවිමට මුදලක් වෙන්කොට ඉතිරි මුදල් සියල්ලම රජයේ අනුමත මත්පැන් හල් සදහා වියදම් කිරිමට දෙදෙනාම පුරුදු වී සිටියේය.පාන්දරින් පැමින රාත්‍රී 7 පමන වන තෙක් බස් නැවතුම් පොල අසල ත්‍රීරෝද රථ අංගනය තම නවාතැන කරගත් නිමල් හ රුවන් රාත්‍රි කාලය වැඩි හරියක් ගෙවා දමන්නේ සුරා සැල් වලය..

" මටත් එහෙමයි බං..අද දවසම වැඩක් නෑ.දැංනම් පාරේ සෙනගත් නැ බං.යන්ද යන්න බාර් එක පැත්තේ අඩියක් ගහන්න.ගහලා යමන් ගෙදර යන්න "

පැවසු රුවන් තම ත්‍රීරෝද රථයේ හරි බැරි ගැසි වාඩි වී එන්ජිම පනගන්වන්නට විය.රුවන් කී දෙය අනුමත කරමින් නිමලුත් තම රථය පනගන්වමින් දවසේ සේවා කාලය අහවර කරමින් බස් නැවතුම්පොලට කිලොමීටර් දෙකකට පමන එහායින් පිහිටි රට බීම හල වෙත යන්නට වුයේ නිවසට යාමට පෙර තම අවසන් නවාතැන එය වු නිසාය.රට බීම හල ඉදිරියෙන් දෙදෙනාම ත්‍රීරෝද රථ දෙක නවතා ඇතුලු වුයේ මත්පැන් ලබා ගැනිමට අවශ්‍ය මුදල්ද දෙදෙනාම හවුල් වී එකතු කරගනිමින්ය.කොනක වු රවුම් මේසයකින් වාඩී වු දෙදෙනා එය වෙත උරු මස් පීරිසයක්,තැම්බු කඩල පිරිසියක්,සෝඩා බෝතලයක් හා මත් පැන් බෝතලයක් සේවකයකු ලවා ගෙන්වා ගත්තේය.දවසේ උන දෙවල් හා ජීවිතයේ සුන්දර අසුන්දර තැන් ගැන කතා කරමින් මත්පැන් බෝතලයම හිස් කල දෙදෙනා නිවස් බලා යාමට නැගිට සිටියේ හොදට මත් පැනින් සප්පායම් විමෙන් අනතුරුවය..

" යමන් ගෙදර..දැන් රෑත් වෙලා ගොඩක්.අද දන්නේම නැතුව රෑ උනානේ බං "

කියු රුවන් තම ජංගම දුරකථනය ගෙන වෙලාව බැලුවේය.එහි රාත්‍රී 11.30 ලෙස සටහන්ව තිබුනි.නිවසට බාර් එකෙ සිට තවත් කිලොමිටර් පහක පමන දුරක් යායුතුව තිබුනු බැවින් දෙදෙනා තම ත්‍රීරෝද රථ වලට නැගි නිවස බලා යන්නට විය.

" එ අඩෝ උබ වැඩට යන්නේ නැද්ද..දැන් වේලාව කීයද බලපන්."

තවමත් නිදි ඇදේ සිටි රුවන්ගේ පිටට පහරක් එල්ල කරමින් නිමල් විමසීය.හීනේන් මෙන් එල්ල වු පහරෙන් ගැස්සි ඇහැරුනු රුවන් ජංගම දුරකථනයේන් වෙලාව බැලීය.ඒ වන විටත් උදෑසන 9ට ආසාන්න වී තිබුනි...

" අද මගේ ඇගට ටිකක් අමාරුයි බං..ඉයේ ගැහුව්වා වැඩි උනා මට හිතෙන්නෙ..උබ පලයං.මං අද ගෙදර ඉන්නවා "

කියු රුවන් නැවතත් ඇදේ අනෙක් පසට හැරුනි.කිසියම් ලෙඩක් නිසා ඇරෙන්න තම මිත්‍රයා කිසිදා රැකියාවට නොගිහින් සිටින බව දන්නා නිමල් කිසිත් නොකියා සුපුරුදු පරිදි තම රැකියාව සදහා පිටත්ව ගියේය....

" ගෙදර කවුද ඉන්නේ.රුවන් පුතා "

තම නිවස ඉදිරි පස දොර දෙසින් ඇසෙනා කටහඩ ඉතාමත් හුරු පුරුදු කටහඩක් වු බැවින් රුවන් දෙවරක් නොසිතා ඉදිරිපස දොර විවෘත කලේය.

" අහ් ඇන්ටි..මොකද මේ රෑ වෙලා.මොකො කලබලෙන් වගේ..දාඩියත් දාලා "

නිමල්ගේ මව පැමින සිටින බව දුටු රුවන් කුමක් හෝ සිදු වි ඇති බව ඉවෙන් මෙන් තේරුම් ගත්තේය.නැත්තං කිසිම දවසක තම නිවසට මෙතරම් රෑ බෝ වී නිමල්ගේ මව නොපැමිනෙන බව රුවන් හොදටම දනි.

" නෑ පුතා.අපෙ ලමයා තම ගෙදර ආවේ නෑනේ.මං හිතුවේ පුතාත් වැඩට ගිහින් ඇති කියලා.පුතා ගෙදර ඇවිත්ද කියල දැනගන්නයි මං ආවේ "

" මට අද ඇගට පොඩ්ඩක් හරි නෑ නැන්දේ.ඒක නිසා මං අද ගියේ නෑ.තාම ආවේ නැද්ද නිමල් "

" නෑනේ පුතා..බලන්නකෝ වෙලාව.දැන් රෑ 12 ටත් ලගයි.වෙනදට පරක්කු වෙනවනම් කෝල් එකක් දෙනවා මට.අද එහෙමවත් දුන්නේ නෑ.මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ පුතා "

කියු නිමල්ගේ මව අඩන්නට විය.හවස වැඩ අහවර වු පසු පුරුද්දක් සේ බාර් එකට යන බව රුවන් හොදටම දැන සිටියද මේතරම් රෑ වෙන තෙක් නිමල් කොහෙ ගියාදැයි රුවන්ගේ සිතටත් දැඩි ප්‍රශ්නයක් විය..

" නැන්දා කලබල නොවි දැං ගෙදර යන්නකො.මං ගිහින් බලන්නම් හංදිය පැත්තට.අද හයර් නැති නිසා රෑ වෙනකන් හිටියාද දන්නේ නෑනෙ "

කියු රුවන් නිමල්ගේ මවගේ සිත සනසා නිවසට පිටත් කොට,ඇද සිටි කොට කලිසමට උඩින් ෂර්ටයක්ද හැද තම ත්‍රීරෝද රථයට නැගි පිටත්ව ගියේ නිමල්ට සිදු වී ඇත්තේ කුමක්ද කියා සොයා බැලිමටය.මද දුරක් යන විට තම වහානයේ ඉදිරිපස ප්‍රධාන ලම්පුවේ එලියෙන් දුටුවේ නිමල්ගේ කොල පැහැති ත්‍රීරෝද රථය මාර්ගය අසල නවතා ඇති අකාරයයි.එය අසලට පැමින වහනය නැවතු රුවන් නිමල්ගේ වහනය දෙස විපරම් කරන්නට විය.වහනයේ යතුර යතුරු කටේම ඇති බව දුටු රුවන් කිසියම් හෝ නරක දෙයක් සිදු වී ඇති බව තේරුම් ගත්තේ කිසිමදාක වහනයේ යතුර අමතක කොට නිමල් කිසිම තැනක නොයන බව හොදටම දන්නා නිසාය.තම ත්‍රීරෝද රථය පාර අයිනට වෙන්නට නැවතු රුවන්,නිමල්ගේ රථය අසල පරික්ශ කරන්නට විය.රථය නවතා තිබු තැනට පහලින් ලදු කෑලැව තුල යමක් දුටු රුවන් එය පැහැදිලිව දැක ගැනිමට එම ඉසව්ව දෙසට පියනගන්න විය.එය අසලට ලං වු රුවන් දුටු දෙයින් දෙපා වාරු නැතිවී මුලු ඇගම සීතල වි ගියේය.තම අතිජාත මිත්‍රයා වු නිමල් උඩුබෙලි අතට වැටී සිටි අතර,නිමල්ගේ ගෙල ප්‍රදෙශයෙන් බෙල්ල ශරිරයෙන් වෙන් වී තිබුනි.දුටු දෙයින් ඇස් අදහාගත් නොහැකි වු රුවන්ගේ දෑස් බොද වී දෙපාද පන නැති වෙනවා සේ දැනුනි.......

රුවන් දෑස් හැර බලන විට ඉහල සිවිලිමේ විදුලි පංකාව දුටුවේය.රුවන්ගෙ නාසයට ආ බෙහෙත් සැරත්,අවට සෙනග රැස්ව සිටින නිසාත් තමා රෝහලක් සිටිනා බව පසක් කර ගැනිමට රුවන්ට ඒතරම් අපහසු කාරනයක් නොවීය.සිදු වු සියල්ල හීනයක් සේ දැනුනද තමන් කෙසෙ රෝහලකට පැමිනියද,කවුරුන් විසින් නිමල්ට මෙම අපරාධය සිදු කරාද යන වග රුවන්ගේ සිතට දැඩි අවුල් සහගත කරුනු විය.තමාව පරික්ශා කිරිමට පැමිනි හෙදියකගෙන් විමසු විට.." රුවන් පාර අසල වැටි සිටිනවා දැක ලොරියක ගමන් ගත් පුද්ගලයෙකු ගෙනවිත් රෝහලට බාර දුන් බවත්,ඉට මීටර් ගනනක් දුරින් තවත් පුද්ගලයකුගේ මළ සිරුරක් තිබෙන බව දුටු බවත් එම පුද්ගලයා රෝහල් පොලිසියට දන්වා සිටි බව හෙදිය රුවන්ට පැවසීය.ඉන්පසු රෝහල් පොලිසිය විසින් ගාල්ල පොලිසියට මළ සිරුර ගැන දැන්වු බවත්,ගාල්ල පොලිසිය විසින් මළ සිරුර එම ස්ථානයෙන් රැගෙන ගිය බවත් හෙදිය පැවසීය.කොයි මොහොතක හෝ පොලිසිය කට උත්තරයක් ලබා ගැනිමට රුවන්ව හමුවට පැමිනෙන බවත් වැඩි දුරටත් පවසා සිටි හෙදිය රුවන් අසලින් නික්ම ගියෙය.දෑසට දැනුන විඩාබර ගතියත් හිතට දැනුන නොසංසුන් බවත් නිසා රුවන් දැස් පියාගත්තේ මේ සියලුම දෙයින් විනාඩි කිපයකට හෝ මිදිමේ අරමුනෙනි...

කිසියම් ස්පර්ශයක් නිසා ගැස්සි අවදි වු රුවන් හට දැකගත හැකි වුයේ කාකි ඇදුමින් සැරසි තම ඇද අසල සිටිනා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ය.හෙදිය පැවසු අකාරයට සිදු වු සිද්ධීන් සම්බන්ධව තමාගෙන් කටඋත්තරයක් ලබා ගැනිමට මොවුන් පැමින ඇතැයි නිගමනය කල රුවන් ඇද වට්ටමට හෙත්තු වුයේ පොලිස් නිලධාරියෙක්ගේ සහයත් ඇතිවය..

" අපි හිතනවා අපි මිස්ටර් රුවන්ට කරදරයක් කරේ නෑ කියලා.ඔබතුමාට අපහසුතාවයක් නැත්තං අපි අහන දේවල් වලට උත්තර දෙන්න පුලුවන්ද "

තරමක් උස,ප්‍රසන්න පෙනුමකින් යුත් එක් නිලධාරියෙක් රුවන්ගෙන් විමසුවේ අසල ඇති පුටුවක් ගෙන ඇද අසල වාඩි වෙමිනි.

" නෑ සර්.අහන්න.මං උත්තර දෙන්නම් "

" අපිට කියන්න පුලුවන්ද ඔයාගේ යාලුවට කවුරු හරි හතුරෝ එහෙම හිටියද,මොකද මේක ඉතාම සීරියස් කෙස් එකක්.ඔයාගේ යාලුවා මරලා දාලා තියෙන්නෙ මනුස්සයෙක් වෙන්න බෑ.කිසිම සලකුනක් නෑ එහෙම සැක හිතන්න තරම්.කොටින්ම එතන නිමල් හැර වෙන කෙනෙක් හිටියා කියන්නවත් කිසිම සාක්ශියක් නෑ "

" මමයි නිමලුයි පොඩි කාලෙ ඉදන් දන්නවා.එයා මගේ ඉස්කොලේ යාන කාලේ ඉදන් යාලුවෙක්.මං දන්න තරමටනම් එයාට හතුරෝ නෑ සර්.මටත් මේ උන දේවල් හිතාගන්න බෑ සර් "

" මේ සිද්ධිය උන දවසේ ඇයි ඔයා වැඩට නොගියේ "

" අපි හැමදාම වැඩ ඉවර කරලා බාර් එකට ගිහින් ඩ්‍රින්ක් එකක් දලා එන්නේ සර්.ඔය සිද්ධිය උන දවසට ඉස්සෙල්ලත් අපි දෙන්නා එහෙම ගියා.මට ඊට පස්සෙන්දා උදේ ඇගට අමාරු නිසා මං වැඩට ගියේ නෑ සර් "

" බොහොම් ස්තුති මිස්ටර් රුවන්.අපිට ඕන උනොත් ආයිත් එනවා කට උත්තරයක් ගන්න "

කියමින් පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත්ව ගියේය.

දවස් දෙකක් රෝහලේ ගත කල රුවන් සුවය ලබා නිවසට යන විට නිමල්ගේ අවසන් කටයුතු සිදුකොට තිබුනි.නිමල්ගේ ත්‍රීරෝද රථය තවමත් පොලිස් බාරයේ තබගෙන සිටියේ නිමල්ගේ අභිරහස් මිය යාම පොලිස් පොතේ නොවිසුදුනු අපරාධයක් ලෙස තවමත් සටහන් වී තිබුනු බැවිනි.දවස් කිහිපයක් යන තුරුම නිවස තුලටම වී සිටි රුවන් හරි හැටි කෑමක් බීමක් නොගෙන කල් ගෙව්වේ තම අතිජාත මිත්‍රයාට සිදු වු දෙයින් තවමත් කම්පනයට පත් වී සිටි නිසාය.දිනක් රාත්‍රියෙ නින්දේ සිටි රුවන් එක්වර අවදි වුවේ තම කන අසලින් කිසියම් කෙනෙකුගේ සිහින් හඩක් ඇසුන නිසාය.එම හඩ ඉතා පුරුදු ලෙස දැනුනාද කගේද යන වග තේරුම් ගැනිමට රුවන්ට අපහසු විය.කවුරුන් හෝ තම සමීපයේ සිටිනා බව දැනුනද කිසිවෙකු පෙනෙන්නට නොසිටි හෙයින් තම සිතෙහි ඇති වු සිතුවිල්ලක් බව සිතු රුවන් නැවතත් නින්දට වැටුනි...

දින කිපයක් ගෙදරට වී සිටි රුවන් තම මිත්‍රයාගේ සමුගැනිමෙන් පසු රැකියාවට යන පලමු දවස උදා විය.තම ත්‍රීරෝද රථය වෙත ගිය රුවන් දුටුවේ පසුපස ආසනය මත ලියුමක් වැනි යමක් තිබෙන බවයි.එය අතට ගත් රුවන් කියවන්නට විය.පැහැදිලි අත් අකුරු නොවුනද ලියා තිබු සියල්ල කියවිය හැකි අකාරයට ලියා තිබුනි..

" ඒකී එනව බං.උබවත් හොයාගෙන එනවා.කොච්චර කල් ගියත් අපිට අපි කරපු පවෙන් බේරෙන්න බෑ..මං ගිය තැනට උබවත් ලගදිම ඒකි එවයි "

යනුවෙන් ලියුමේ සටහන් වී තිබුනි.අන්තිමටට ලියුම ලියු තැනැත්තා ලෙස නිමල්ගේ නම සටහන් වී තිබෙනවා දුටු රුවන්ට හීන් දාඩිය දැමීය.නිමල් මිය ගොස් දැනට සතියක් පමන ඉක්මවා ගොස්ය.නිමල්ගේ නමින් ලියුම් එවන්නේ කවුද.නිමල්ට සිදු වු දෙයත් මේ ලියමනත් අතර සම්බන්ධයක් තිබෙනවාද යන දහසක් ප්‍රශ්න හිතට නැගුනද ඒ පිලිබද නොසිතා ලියමනත් රැගෙන ගාල්ල පොලිස් ස්තානය වෙත රුවන් ගියේ තමන් සහ නිමල් එකතු වී මීට මාස ගනනකට පෙර සිදු කල අපරාධයක් ගැනද පාපොච්චාරණයක් කිරිමේ අරමුනෙනි.පොලිස් ස්ථානයට ගොස් ලියමනද පෙන්වා තමන් හට යම්ක් පැවසිමට තිබෙන බවත් ස්තානාධිපතිවරයා මුන ගැසි එය පැවසිය යුතු බවත් දන්වා සිටි රුවන්ව ස්තානාධිපතිවරයාගේ කාමරයට කැදවාගෙන ගියේය..

[QUOTE="Gal_banisa, post: 29888495, member: 586002"] " බලපන්කෝ බං අද එක හයර් එකක් සෙට් උනේ නෑ ගානක් අතට එන විදියට.මොන කරුම දවසක්ද දන්නේ නෑ " කියු නිමල් තම ත්‍රීරෝද රථයේ සිට අනෙක් පසින් නවතා තිබු ත්‍රීරෝද රථයේ සිටි තම අතිජාත මිත්‍රයා වු රුවන් හට පැවසීය.ගාල්ල දිස්ත්‍රික්කයේ,හිනිදුම නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොල අසල ත්‍රීරෝද රථ අංගනයේ නිත්‍ය ත්‍රීරෝද රථ කරුවන් දෙදෙනකු වු රුවන් හා නිමල් කුඩා කල සිටම එකට හැදුනු වැඩුනු බොක්කේ යාලුවන් දෙදෙනෙකි.පාසල් යන කාලයේ සිටම එකට හැදුනු වැඩුනු මොවුන් දෙදෙනා තම පාසල් ගමනට සමුදිමත් සමග තමන්ගේ මව්පියන්ගෙන් උදව් උපකාරද ඇතිව ත්‍රීරෝද රථ දෙකක් මිලදී ගත්තේ තම ජීවීතයේ ඉදිරි වැඩ කටයුතු රෝද තුනකට බාර දෙමිනි.දෙදෙනාම අවිවහක වු බැවින් එදිනෙදා උපයා ගන්නා මුදලෙන් ත්‍රීරෝද රථයේ මාසික වාරිකය ගෙවිමට මුදලක් වෙන්කොට ඉතිරි මුදල් සියල්ලම රජයේ අනුමත මත්පැන් හල් සදහා වියදම් කිරිමට දෙදෙනාම පුරුදු වී සිටියේය.පාන්දරින් පැමින රාත්‍රී 7 පමන වන තෙක් බස් නැවතුම් පොල අසල ත්‍රීරෝද රථ අංගනය තම නවාතැන කරගත් නිමල් හ රුවන් රාත්‍රි කාලය වැඩි හරියක් ගෙවා දමන්නේ සුරා සැල් වලය.. " මටත් එහෙමයි බං..අද දවසම වැඩක් නෑ.දැංනම් පාරේ සෙනගත් නැ බං.යන්ද යන්න බාර් එක පැත්තේ අඩියක් ගහන්න.ගහලා යමන් ගෙදර යන්න " පැවසු රුවන් තම ත්‍රීරෝද රථයේ හරි බැරි ගැසි වාඩි වී එන්ජිම පනගන්වන්නට විය.රුවන් කී දෙය අනුමත කරමින් නිමලුත් තම රථය පනගන්වමින් දවසේ සේවා කාලය අහවර කරමින් බස් නැවතුම්පොලට කිලොමීටර් දෙකකට පමන එහායින් පිහිටි රට බීම හල වෙත යන්නට වුයේ නිවසට යාමට පෙර තම අවසන් නවාතැන එය වු නිසාය.රට බීම හල ඉදිරියෙන් දෙදෙනාම ත්‍රීරෝද රථ දෙක නවතා ඇතුලු වුයේ මත්පැන් ලබා ගැනිමට අවශ්‍ය මුදල්ද දෙදෙනාම හවුල් වී එකතු කරගනිමින්ය.කොනක වු රවුම් මේසයකින් වාඩී වු දෙදෙනා එය වෙත උරු මස් පීරිසයක්,තැම්බු කඩල පිරිසියක්,සෝඩා බෝතලයක් හා මත් පැන් බෝතලයක් සේවකයකු ලවා ගෙන්වා ගත්තේය.දවසේ උන දෙවල් හා ජීවිතයේ සුන්දර අසුන්දර තැන් ගැන කතා කරමින් මත්පැන් බෝතලයම හිස් කල දෙදෙනා නිවස් බලා යාමට නැගිට සිටියේ හොදට මත් පැනින් සප්පායම් විමෙන් අනතුරුවය.. " යමන් ගෙදර..දැන් රෑත් වෙලා ගොඩක්.අද දන්නේම නැතුව රෑ උනානේ බං " කියු රුවන් තම ජංගම දුරකථනය ගෙන වෙලාව බැලුවේය.එහි රාත්‍රී 11.30 ලෙස සටහන්ව තිබුනි.නිවසට බාර් එකෙ සිට තවත් කිලොමිටර් පහක පමන දුරක් යායුතුව තිබුනු බැවින් දෙදෙනා තම ත්‍රීරෝද රථ වලට නැගි නිවස බලා යන්නට විය. ................................................ " එ අඩෝ උබ වැඩට යන්නේ නැද්ද..දැන් වේලාව කීයද බලපන්." තවමත් නිදි ඇදේ සිටි රුවන්ගේ පිටට පහරක් එල්ල කරමින් නිමල් විමසීය.හීනේන් මෙන් එල්ල වු පහරෙන් ගැස්සි ඇහැරුනු රුවන් ජංගම දුරකථනයේන් වෙලාව බැලීය.ඒ වන විටත් උදෑසන 9ට ආසාන්න වී තිබුනි... " අද මගේ ඇගට ටිකක් අමාරුයි බං..ඉයේ ගැහුව්වා වැඩි උනා මට හිතෙන්නෙ..උබ පලයං.මං අද ගෙදර ඉන්නවා " කියු රුවන් නැවතත් ඇදේ අනෙක් පසට හැරුනි.කිසියම් ලෙඩක් නිසා ඇරෙන්න තම මිත්‍රයා කිසිදා රැකියාවට නොගිහින් සිටින බව දන්නා නිමල් කිසිත් නොකියා සුපුරුදු පරිදි තම රැකියාව සදහා පිටත්ව ගියේය.... ................................................... " ගෙදර කවුද ඉන්නේ.රුවන් පුතා " තම නිවස ඉදිරි පස දොර දෙසින් ඇසෙනා කටහඩ ඉතාමත් හුරු පුරුදු කටහඩක් වු බැවින් රුවන් දෙවරක් නොසිතා ඉදිරිපස දොර විවෘත කලේය. " අහ් ඇන්ටි..මොකද මේ රෑ වෙලා.මොකො කලබලෙන් වගේ..දාඩියත් දාලා " නිමල්ගේ මව පැමින සිටින බව දුටු රුවන් කුමක් හෝ සිදු වි ඇති බව ඉවෙන් මෙන් තේරුම් ගත්තේය.නැත්තං කිසිම දවසක තම නිවසට මෙතරම් රෑ බෝ වී නිමල්ගේ මව නොපැමිනෙන බව රුවන් හොදටම දනි. " නෑ පුතා.අපෙ ලමයා තම ගෙදර ආවේ නෑනේ.මං හිතුවේ පුතාත් වැඩට ගිහින් ඇති කියලා.පුතා ගෙදර ඇවිත්ද කියල දැනගන්නයි මං ආවේ " " මට අද ඇගට පොඩ්ඩක් හරි නෑ නැන්දේ.ඒක නිසා මං අද ගියේ නෑ.තාම ආවේ නැද්ද නිමල් " " නෑනේ පුතා..බලන්නකෝ වෙලාව.දැන් රෑ 12 ටත් ලගයි.වෙනදට පරක්කු වෙනවනම් කෝල් එකක් දෙනවා මට.අද එහෙමවත් දුන්නේ නෑ.මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ පුතා " කියු නිමල්ගේ මව අඩන්නට විය.හවස වැඩ අහවර වු පසු පුරුද්දක් සේ බාර් එකට යන බව රුවන් හොදටම දැන සිටියද මේතරම් රෑ වෙන තෙක් නිමල් කොහෙ ගියාදැයි රුවන්ගේ සිතටත් දැඩි ප්‍රශ්නයක් විය.. " නැන්දා කලබල නොවි දැං ගෙදර යන්නකො.මං ගිහින් බලන්නම් හංදිය පැත්තට.අද හයර් නැති නිසා රෑ වෙනකන් හිටියාද දන්නේ නෑනෙ " කියු රුවන් නිමල්ගේ මවගේ සිත සනසා නිවසට පිටත් කොට,ඇද සිටි කොට කලිසමට උඩින් ෂර්ටයක්ද හැද තම ත්‍රීරෝද රථයට නැගි පිටත්ව ගියේ නිමල්ට සිදු වී ඇත්තේ කුමක්ද කියා සොයා බැලිමටය.මද දුරක් යන විට තම වහානයේ ඉදිරිපස ප්‍රධාන ලම්පුවේ එලියෙන් දුටුවේ නිමල්ගේ කොල පැහැති ත්‍රීරෝද රථය මාර්ගය අසල නවතා ඇති අකාරයයි.එය අසලට පැමින වහනය නැවතු රුවන් නිමල්ගේ වහනය දෙස විපරම් කරන්නට විය.වහනයේ යතුර යතුරු කටේම ඇති බව දුටු රුවන් කිසියම් හෝ නරක දෙයක් සිදු වී ඇති බව තේරුම් ගත්තේ කිසිමදාක වහනයේ යතුර අමතක කොට නිමල් කිසිම තැනක නොයන බව හොදටම දන්නා නිසාය.තම ත්‍රීරෝද රථය පාර අයිනට වෙන්නට නැවතු රුවන්,නිමල්ගේ රථය අසල පරික්ශ කරන්නට විය.රථය නවතා තිබු තැනට පහලින් ලදු කෑලැව තුල යමක් දුටු රුවන් එය පැහැදිලිව දැක ගැනිමට එම ඉසව්ව දෙසට පියනගන්න විය.එය අසලට ලං වු රුවන් දුටු දෙයින් දෙපා වාරු නැතිවී මුලු ඇගම සීතල වි ගියේය.තම අතිජාත මිත්‍රයා වු නිමල් උඩුබෙලි අතට වැටී සිටි අතර,නිමල්ගේ ගෙල ප්‍රදෙශයෙන් බෙල්ල ශරිරයෙන් වෙන් වී තිබුනි.දුටු දෙයින් ඇස් අදහාගත් නොහැකි වු රුවන්ගේ දෑස් බොද වී දෙපාද පන නැති වෙනවා සේ දැනුනි....... රුවන් දෑස් හැර බලන විට ඉහල සිවිලිමේ විදුලි පංකාව දුටුවේය.රුවන්ගෙ නාසයට ආ බෙහෙත් සැරත්,අවට සෙනග රැස්ව සිටින නිසාත් තමා රෝහලක් සිටිනා බව පසක් කර ගැනිමට රුවන්ට ඒතරම් අපහසු කාරනයක් නොවීය.සිදු වු සියල්ල හීනයක් සේ දැනුනද තමන් කෙසෙ රෝහලකට පැමිනියද,කවුරුන් විසින් නිමල්ට මෙම අපරාධය සිදු කරාද යන වග රුවන්ගේ සිතට දැඩි අවුල් සහගත කරුනු විය.තමාව පරික්ශා කිරිමට පැමිනි හෙදියකගෙන් විමසු විට.." රුවන් පාර අසල වැටි සිටිනවා දැක ලොරියක ගමන් ගත් පුද්ගලයෙකු ගෙනවිත් රෝහලට බාර දුන් බවත්,ඉට මීටර් ගනනක් දුරින් තවත් පුද්ගලයකුගේ මළ සිරුරක් තිබෙන බව දුටු බවත් එම පුද්ගලයා රෝහල් පොලිසියට දන්වා සිටි බව හෙදිය රුවන්ට පැවසීය.ඉන්පසු රෝහල් පොලිසිය විසින් ගාල්ල පොලිසියට මළ සිරුර ගැන දැන්වු බවත්,ගාල්ල පොලිසිය විසින් මළ සිරුර එම ස්ථානයෙන් රැගෙන ගිය බවත් හෙදිය පැවසීය.කොයි මොහොතක හෝ පොලිසිය කට උත්තරයක් ලබා ගැනිමට රුවන්ව හමුවට පැමිනෙන බවත් වැඩි දුරටත් පවසා සිටි හෙදිය රුවන් අසලින් නික්ම ගියෙය.දෑසට දැනුන විඩාබර ගතියත් හිතට දැනුන නොසංසුන් බවත් නිසා රුවන් දැස් පියාගත්තේ මේ සියලුම දෙයින් විනාඩි කිපයකට හෝ මිදිමේ අරමුනෙනි... කිසියම් ස්පර්ශයක් නිසා ගැස්සි අවදි වු රුවන් හට දැකගත හැකි වුයේ කාකි ඇදුමින් සැරසි තම ඇද අසල සිටිනා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ය.හෙදිය පැවසු අකාරයට සිදු වු සිද්ධීන් සම්බන්ධව තමාගෙන් කටඋත්තරයක් ලබා ගැනිමට මොවුන් පැමින ඇතැයි නිගමනය කල රුවන් ඇද වට්ටමට හෙත්තු වුයේ පොලිස් නිලධාරියෙක්ගේ සහයත් ඇතිවය.. " අපි හිතනවා අපි මිස්ටර් රුවන්ට කරදරයක් කරේ නෑ කියලා.ඔබතුමාට අපහසුතාවයක් නැත්තං අපි අහන දේවල් වලට උත්තර දෙන්න පුලුවන්ද " තරමක් උස,ප්‍රසන්න පෙනුමකින් යුත් එක් නිලධාරියෙක් රුවන්ගෙන් විමසුවේ අසල ඇති පුටුවක් ගෙන ඇද අසල වාඩි වෙමිනි. " නෑ සර්.අහන්න.මං උත්තර දෙන්නම් " " අපිට කියන්න පුලුවන්ද ඔයාගේ යාලුවට කවුරු හරි හතුරෝ එහෙම හිටියද,මොකද මේක ඉතාම සීරියස් කෙස් එකක්.ඔයාගේ යාලුවා මරලා දාලා තියෙන්නෙ මනුස්සයෙක් වෙන්න බෑ.කිසිම සලකුනක් නෑ එහෙම සැක හිතන්න තරම්.කොටින්ම එතන නිමල් හැර වෙන කෙනෙක් හිටියා කියන්නවත් කිසිම සාක්ශියක් නෑ " " මමයි නිමලුයි පොඩි කාලෙ ඉදන් දන්නවා.එයා මගේ ඉස්කොලේ යාන කාලේ ඉදන් යාලුවෙක්.මං දන්න තරමටනම් එයාට හතුරෝ නෑ සර්.මටත් මේ උන දේවල් හිතාගන්න බෑ සර් " " මේ සිද්ධිය උන දවසේ ඇයි ඔයා වැඩට නොගියේ " " අපි හැමදාම වැඩ ඉවර කරලා බාර් එකට ගිහින් ඩ්‍රින්ක් එකක් දලා එන්නේ සර්.ඔය සිද්ධිය උන දවසට ඉස්සෙල්ලත් අපි දෙන්නා එහෙම ගියා.මට ඊට පස්සෙන්දා උදේ ඇගට අමාරු නිසා මං වැඩට ගියේ නෑ සර් " " බොහොම් ස්තුති මිස්ටර් රුවන්.අපිට ඕන උනොත් ආයිත් එනවා කට උත්තරයක් ගන්න " කියමින් පොලිස් නිලධාරීන් දෙදෙනා ඉවත්ව ගියේය. දවස් දෙකක් රෝහලේ ගත කල රුවන් සුවය ලබා නිවසට යන විට නිමල්ගේ අවසන් කටයුතු සිදුකොට තිබුනි.නිමල්ගේ ත්‍රීරෝද රථය තවමත් පොලිස් බාරයේ තබගෙන සිටියේ නිමල්ගේ අභිරහස් මිය යාම පොලිස් පොතේ නොවිසුදුනු අපරාධයක් ලෙස තවමත් සටහන් වී තිබුනු බැවිනි.දවස් කිහිපයක් යන තුරුම නිවස තුලටම වී සිටි රුවන් හරි හැටි කෑමක් බීමක් නොගෙන කල් ගෙව්වේ තම අතිජාත මිත්‍රයාට සිදු වු දෙයින් තවමත් කම්පනයට පත් වී සිටි නිසාය.දිනක් රාත්‍රියෙ නින්දේ සිටි රුවන් එක්වර අවදි වුවේ තම කන අසලින් කිසියම් කෙනෙකුගේ සිහින් හඩක් ඇසුන නිසාය.එම හඩ ඉතා පුරුදු ලෙස දැනුනාද කගේද යන වග තේරුම් ගැනිමට රුවන්ට අපහසු විය.කවුරුන් හෝ තම සමීපයේ සිටිනා බව දැනුනද කිසිවෙකු පෙනෙන්නට නොසිටි හෙයින් තම සිතෙහි ඇති වු සිතුවිල්ලක් බව සිතු රුවන් නැවතත් නින්දට වැටුනි... දින කිපයක් ගෙදරට වී සිටි රුවන් තම මිත්‍රයාගේ සමුගැනිමෙන් පසු රැකියාවට යන පලමු දවස උදා විය.තම ත්‍රීරෝද රථය වෙත ගිය රුවන් දුටුවේ පසුපස ආසනය මත ලියුමක් වැනි යමක් තිබෙන බවයි.එය අතට ගත් රුවන් කියවන්නට විය.පැහැදිලි අත් අකුරු නොවුනද ලියා තිබු සියල්ල කියවිය හැකි අකාරයට ලියා තිබුනි.. " ඒකී එනව බං.උබවත් හොයාගෙන එනවා.කොච්චර කල් ගියත් අපිට අපි කරපු පවෙන් බේරෙන්න බෑ..මං ගිය තැනට උබවත් ලගදිම ඒකි එවයි " යනුවෙන් ලියුමේ සටහන් වී තිබුනි.අන්තිමටට ලියුම ලියු තැනැත්තා ලෙස නිමල්ගේ නම සටහන් වී තිබෙනවා දුටු රුවන්ට හීන් දාඩිය දැමීය.නිමල් මිය ගොස් දැනට සතියක් පමන ඉක්මවා ගොස්ය.නිමල්ගේ නමින් ලියුම් එවන්නේ කවුද.නිමල්ට සිදු වු දෙයත් මේ ලියමනත් අතර සම්බන්ධයක් තිබෙනවාද යන දහසක් ප්‍රශ්න හිතට නැගුනද ඒ පිලිබද නොසිතා ලියමනත් රැගෙන ගාල්ල පොලිස් ස්තානය වෙත රුවන් ගියේ තමන් සහ නිමල් එකතු වී මීට මාස ගනනකට පෙර සිදු කල අපරාධයක් ගැනද පාපොච්චාරණයක් කිරිමේ අරමුනෙනි.පොලිස් ස්ථානයට ගොස් ලියමනද පෙන්වා තමන් හට යම්ක් පැවසිමට තිබෙන බවත් ස්තානාධිපතිවරයා මුන ගැසි එය පැවසිය යුතු බවත් දන්වා සිටි රුවන්ව ස්තානාධිපතිවරයාගේ කාමරයට කැදවාගෙන ගියේය.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom