ළඟදීම කතරගම දෙවියෝ කෝප වීමට නියමිතයි 😈😈😈😈😈😈

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,250
    8,382
    113
    GeHcAMNakAAKYlo.jpeg


    බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇතැයි වාර්තා වේ.

    කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යාමට අමතක නොකරති.

    ශාන්තිකර්මවලදීද පොල් ගෙඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. කතරගම ගොස් පොල් ගෙඩියක් නොගැසූ කෙනෙක් සොයාගැනීමට බැරි තරමටම එය සාමාන්‍යකරණය වී තිබේ.

    කෙනෙක් තම යහපත, වස්දොස් දුරුකර ගැනීම තකා දෙවියන් ඉදිරියේ පොල් ගසයි. තවත් අයෙක් අනුන්ගේ ජීවිතය විනාශවේවා, භංගවේවායි පතමින් පොල් ගසයි.

    ඒ කෙසේ වෙතත් වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බව අප වාර්තාකරු පැවසීය.

    මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ක මිලකට අලෙවි වේ.

    පොල් හිඟය හේතුවෙන් මේ වනවිට පොල්තෙල් මිල ද ඉහළ ගොස් ඇති අතර, ආගමික ස්ථානවල පහන් දැල්වීම ද අවම වී ඇතැයි අප වාර්තාකරු පැවසීය.

    සෙල්ල කතරගම ගඟේ ගණදෙවි කෝවිලේ පුජක ජනක දිසානායක සාමිවරයා සඳහන් කළේ, බැතිමත්හු පොල් වෙනුවට තැඹිලි තබන බවය.
     
    • Love
    Reactions: ChoronaSottiya