Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ළිංමැඬියන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු.

1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි.

2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි.

3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ.

4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි.

5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත.

6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ.

7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි.

8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය.

9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි.

10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත.

11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය.

12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ.

13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ.

14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ.

15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි.

16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ.

17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ.

සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය.

[QUOTE="IMUNA, post: 30561003, member: 392391"] සිංහල භාෂාව යනු ලෝකයේ එක් කුඩා රටක, කුඩා පිරිසක් පමණක් භාවිත වන අතිශය නොවැදගත් භාෂාවක් බව බොහෝ දෙනා විශ්වාස කරති. ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි කරුණු සහිතව විමසා බලමු. 1. ලෝකයේ භාෂා 7000ක් පමණ ඇත. මව්භාෂා ලෙස ඒවා භාවිත කරන ජන සංඛ්‍යාව අනුව මේ භාෂා පෙළ ගැස්වූ විට (චීන, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි, හින්දි, බෙංගාලි ආදී ලෙස) සිංහල භාෂාවට හිමිවන්නේ එහි ඉහළම ස්ථානයක් වන 68 වන ස්ථානයයි. 2. සිංහල භාෂාව මව්භාෂාව ලෙස කතා කරන මිලියන 17ක් පමණ ලෝකයේ ජීවත් වෙති. අනෙකුත් භාෂා කතා කරන ජනගහනය සමග සසඳන කල එය කුඩා අගයක් නොව අතිශයින් විශාල අගයකි. 3. ගූගල් සමාගම පරිවර්තන සේවා සපයා ඇත්තේ ලෝකයේ භාෂා 7000ක් අතරින් ප්රමුඛ භාෂා 109කට පමණි. සිංහල භාෂාවද ඒ 109ට ඇතුළත් වේ. 4. සිංහල යනු චීන, හීබෲ, දෙමළ, සංස්කෘත, ග්‍රීක, ලතින්, ඊජිප්තු ආදී වූ ලෝකයේ පැරණිම භාෂාවන් අතරට අයත් වන භාෂාවකි. 5. පැරණි බව පමණක් නොවේ. එය අඛණ්ඩව පරිණාමය වන සජීවී භාෂාවකි. අද වන තුරුත් තමන්ගේ පැවැත්ම ජයග්‍රාහීව තහවුරු කරගෙන සිටින භාෂාවකි. ලෝකයේ ඇතැම් පැරණි භාෂා අද වන විට සපුරා අභාවයට ගොස් තිබුණද සිංහල භාෂාව ඒ ඉරණමට ගොදුරුව නැත. 6. අවුරුදු 2300කට පෙර අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් ගද්‍ය රචනා ලිවීමට සමත් වූහ. මේ අගය මීට වඩා ඉහළ බවටද බොහෝ වාද විවාද තිබේ. 7. අවුරුදු 1500කට පෙර සිට අපේ මුතුන් මිත්තෝ අපේ භාෂාවෙන් කවි ලියූ බවට සාක්ෂි බොහෝය. භාෂාවේ සියුම්තම ස්ප්‍රීතුව ලෙස සැලකෙන කවි ලිවිය හැක්කේ ඉතාම දියුණු භාෂාවකින් පමණි. 8. දැනට හමුවන පැරණිම සිංහල කවි වන සීගිරි කුරුටු ගීවල වයස සලකා බැලුවද ඒවා වසර 1300කට වඩා පැරණිය. 9. අනුරාධපුර යුගයේ සිට ආරම්භ වූ දියුණු ගද්‍ය සාහිත්‍යයක් අපට ඇති අතර, ඒ හා සමකාලීනව එවැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘති බිහිකළ භාෂාවක් ලෙස දකුණු ආසියාවේම ඇත්තේ සංස්කෘත භාෂාව පමණි. 10. මනා සංවිධානයක් සහිත තමන්ටම අනන්‍ය වූ දියුණු අක්ෂර මාලාවක් පැවතීමද සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයකි. නමුත් ඉංග්‍රීසි ඇතුළු ලෝකයේ බොහෝ ප්රමුඛ භාෂාවන් රාශියකට තමන්ගේම වූ අක්ෂර මාලාවන් නැත. 11. ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, නෝර්වේ ඔස්ටි්රයා ආදී යුරෝපයේ ප්‍රබල භාෂා 150ක පමණ ප්‍රමාණයක් තම අක්ෂර මාලා ලෙස භාවිත කරනුයේ ලතින් අක්ෂරය. නමුත් ලතින් භාෂාව අද භාවිතයේ නැති තරම්ය. 12. සංස්කෘත, හින්දි, ඇතුළු භාෂා 16ක් පමණ තම අක්ෂර මාලාව ලෙස දේවනාගරී අක්ෂර භාවිත කරයි. නමුත් දේවනාගරී යනු අක්ෂර මාලාවක් මිස යනු භාෂාවක් නොවේ. 13. ඇ, සහ ඈ යන ශබ්ද සඳහා අක්ෂර රූප හෙවත් ඇ කාරය ලෝකයට හඳුන්වා දෙන ලද්දේද සිංහලයන් විසිනි. බොහෝ භාෂාවල ඇ, ඈ ශබ්ද නිරූපණය සඳහා විශේෂිත සංකේත නොමැති අතර, ඇතැම් භාෂාවල ඇ, ඈ යන ශබ්ද පවා ඇතුළත් නොවේ. 14. සිංහල භාෂාවේ ප්‍රකාශන ශක්තිය අතිශයින්ම ඉහළය. සියවස් ගණනාවකට පෙර රචනා වූ සද්ධර්මරතනාවලිය, ජාතක පොත, ගුත්තිල කාව්‍යය වැනි කෘති දෙස බැලුවද ඒ බව පැහැදිලිව පෙනේ. 15. අක්ෂර සංකේත හරහා විශාල පරාසයක ශබ්ද රාශියක් ඉතා නිවැරදිව නිරූපණය කිරීමේ හැකියාව සිංහල භාෂාව සතුය. නමුත් ඉංග්‍රීසි ඇතුළු බොහෝ භාෂාවල අක්ෂර හා ශබ්ද අතර පැහැදිලි තර්කානුකූල සම්බන්ධයක් දක්නට නැත. මේ අනුව සිංහල යනු ලෝකයේ ඇති භාෂා අතරින් අතිශයින්ම ශබ්දානුගත භාෂාවකි. 16. නිරන්තර පරිණාමයට ලක්වීමද සිංහල භාෂාවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි. කුඩා දරුවන්ට තබන සිංහල නම් දෙස බැලීමෙන් වුවද මේ බව පැහැදිලිව හඳුනාගත හැකිය. ඉංග්‍රීසි බසින් දරුවන්ට තබන නම් වසර සියවස් ගණන් පැරණි ඒවා වුවද සිංහල පුද්ගල නාම දශකයෙන් දශකයට අලුත් වීම සිදුවේ. 17. යටත්විජිතවාදයේ බලපෑම් සහ තර්ජන මැද ලෝකයේ ඇතැම් ස්වදේශික භාෂා මේ වන විට සපුරා අහෝසි වී තිබේ. තුර්කි බස, පිලිපීනයේ ටගලොග්, වියට්නාමයේ චූනෝම්, ඉන්දියාවේ මුන්දා ආදී භාෂා රාශියක් මේ වන විට තම අක්ෂර මාලා වෙනුවට ලතින් අක්ෂර භාවිත කරති. එහෙත් බොහෝ බලපෑම් තර්ජන මැද සිංහලය තවමත් සිය අඛණ්ඩ පැවැත්ම තහවුරු කරගැනීමට සමත් වී තිබේ. සිංහල යනු ලෝකයේ කුඩා දූපතක අසරණ අනාථ භාෂාවක් යැයි සිතා සිටින ළිංමැඬියන් තමන්ගේ භාෂා උරුමය ගැනත් ලෝකයේ වෙනත් භාෂා ගැනත් මේ කරුණු අවධානයට ගැනීම වැදගත්ය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom