Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Testing & Maintenance
Testing Forum
ෆයිසර් සඳහා 1906 කෝල් ගන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

එන්නත් නිසිලෙස කළමනාකරණයෙන් මරණ සංඛ්‍යාව සහ දැඩි ලෙස රෝගී වීම අඩු කිරීමේ අවශ්‍යතාවය

හම්බන්තොට ප්‍රදේශයේ වයස 20 ත් 30 ත් අතර පුද්ගලයන් සඳහා Pfizer එන්නත ලබාදීමට යෝජනා කර ඇති, සැප්තැම්බර් දෙවැනි දින නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මේ අවස්ථාවේදී එන්නත්කරණ ක්‍රියාවලියේ පහත සඳහන් කරුණු පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ඛව අපි තරයේ විශ්වාස කරමු.

1. එන්නත්කරණ ක්‍රියාවලියේ දී ප්‍රමුඛතාවය දිය යුත්තේ ජීවිත අහිමි වීම වැළැක්වීම සහ දැඩි ලෙස රෝගාතුර වීම මගින් සිදුවන රෝහල් ගතවීම් අවම කිරීමයි. මේ සඳහා අප විසින් කළ යුතු වන්නේ වෛරසයට ගොදුරුවී සංකූලතා ඇති වීමේ වැඩි හැකියාවක් ඇති අය, එනම් වයස අවුරුදු 60 ට වැඩි අය සහ අනෙකුත් බෝනොවන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛස්ථානය ලබා දීමයි. එන්නත්කරණ ක්‍රියාවලිය මුලදීම මෙය අප විසින් යෝජනා කර තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා අපි දැනට මුහුණ පා ඇති ව්‍යසනයට ලක් වී සිටිමු. කෙසේ වුවද වයස අවුරුදු 60 ට වැඩි අයට ප්‍රමුඛස්ථානය දීමට ප්‍රමාද වී හෝ ගත් පියවර අපි අගය කරමු. එසේ වුවද එන්නත්කරණය සම්පූර්ණ කර ඇති පුද්ගලයන්ගෙන් යම් කොටසක් තවදුරටත් රෝගයට ගොදුරු වන අතර මෙමගින් රෝහල්වල සාමාන්‍ය ඇඳන් පිරෙන අතරම තවමත් දැඩි සත්කාර ඒකක වල ඇඳන් අවශ්‍යතාවයේද අඩුවක් දක්නට නැත.

2. අප මෙහිදී තවදුරටත් අවධාරණය කළයුතු කරුණක් වන්නේ එන්නත්කරණය කිරීම විද්‍යාත්මක ලෙස කිරීම ඉතා වැදගත් වන බවයි. එහිදී නිසි ක්‍රියාමාර්ගය වන්නේ එන්නත් නොලබා සිටින, රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ ඉන්පසුව දැනට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති එහෙත් තවමත් අනිකුත් ආබාධ නිසා රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති අය සඳහා තුන්වන මාත්‍රාවක් ලබා දීමයි. මෙහිදී බහරේන්හි කර ඇති පර්යේෂණ දත්ත සහ මහාචාර්ය මලවිගේ මහත්මියගේ පර්යේෂණ කණ්ඩායමේ දත්ත වලින්ද සනාථ වී ඇත්තේ sinopharm එන්නත ලබා ගත් අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වයස අවුරුදු 60 ට අඩු අයගේ හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සුළුතරයක් එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බවයි. මේ නිසා එම කණ්ඩායම රෝගී බවට පත්වීම, රෝහල් ගත වීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරති. මෙම ප්‍රවණතාව sinopharm එන්නත ලබාගත් අය සඳහා වැඩි බවත් Pfizer, moderna හෝ astra Zeneca එන්නත් සඳහා එය මද ලෙසකින් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඉහත දත්ත කාණ්ඩ දෙක මගින්ම පෙන්වා දී ඇත. මෙහිදී තවත් වැදගත් කරුණක් ලෙස අප දකින්නේ අනෙකුත් අතුරු ආබාධ වලින් පෙළෙන රෝගීන් එනම් වකුගඩු බද්ධ කිරීම, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අය සහ තවත් එවැනි තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයවලුන්ගේ sinopharm එන්නත් මාත්‍රා 2 මගින් තමන්ට අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බවයි. මෙම කණ්ඩායම් සඳහා Pfizer, astra zeneca හෝ moderna එන්නත් තෙවන මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යවශ්‍ය බව අපි යෝජනා කරමු.

3. අපට ලැබී ඇති Astra Zeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිතය. මෙම තත්ත්වය යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක.

එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ඒ සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මගින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට ලබාදීම මගින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීමයි. ප්‍රමාදවී වුවද අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේ දී හෝ එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා නිසි ලෙස සහ විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි.

මෙහිදී අප විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ලෙස නැවතත් අවධාරණය කරන්නේ එන්නත් කරන ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම ඉතා අත්‍යවශ්‍ය බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

[QUOTE="DjAnomaly, post: 26842178, member: 568364"] විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. එන්නත් නිසිලෙස කළමනාකරණයෙන් මරණ සංඛ්‍යාව සහ දැඩි ලෙස රෝගී වීම අඩු කිරීමේ අවශ්‍යතාවය හම්බන්තොට ප්‍රදේශයේ වයස 20 ත් 30 ත් අතර පුද්ගලයන් සඳහා Pfizer එන්නත ලබාදීමට යෝජනා කර ඇති, සැප්තැම්බර් දෙවැනි දින නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මේ අවස්ථාවේදී එන්නත්කරණ ක්‍රියාවලියේ පහත සඳහන් කරුණු පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ඛව අපි තරයේ විශ්වාස කරමු. 1. එන්නත්කරණ ක්‍රියාවලියේ දී ප්‍රමුඛතාවය දිය යුත්තේ ජීවිත අහිමි වීම වැළැක්වීම සහ දැඩි ලෙස රෝගාතුර වීම මගින් සිදුවන රෝහල් ගතවීම් අවම කිරීමයි. මේ සඳහා අප විසින් කළ යුතු වන්නේ වෛරසයට ගොදුරුවී සංකූලතා ඇති වීමේ වැඩි හැකියාවක් ඇති අය, එනම් වයස අවුරුදු 60 ට වැඩි අය සහ අනෙකුත් බෝනොවන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛස්ථානය ලබා දීමයි. එන්නත්කරණ ක්‍රියාවලිය මුලදීම මෙය අප විසින් යෝජනා කර තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා අපි දැනට මුහුණ පා ඇති ව්‍යසනයට ලක් වී සිටිමු. කෙසේ වුවද වයස අවුරුදු 60 ට වැඩි අයට ප්‍රමුඛස්ථානය දීමට ප්‍රමාද වී හෝ ගත් පියවර අපි අගය කරමු. එසේ වුවද එන්නත්කරණය සම්පූර්ණ කර ඇති පුද්ගලයන්ගෙන් යම් කොටසක් තවදුරටත් රෝගයට ගොදුරු වන අතර මෙමගින් රෝහල්වල සාමාන්‍ය ඇඳන් පිරෙන අතරම තවමත් දැඩි සත්කාර ඒකක වල ඇඳන් අවශ්‍යතාවයේද අඩුවක් දක්නට නැත. 2. අප මෙහිදී තවදුරටත් අවධාරණය කළයුතු කරුණක් වන්නේ එන්නත්කරණය කිරීම විද්‍යාත්මක ලෙස කිරීම ඉතා වැදගත් වන බවයි. එහිදී නිසි ක්‍රියාමාර්ගය වන්නේ එන්නත් නොලබා සිටින, රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ ඉන්පසුව දැනට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති එහෙත් තවමත් අනිකුත් ආබාධ නිසා රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති අය සඳහා තුන්වන මාත්‍රාවක් ලබා දීමයි. මෙහිදී බහරේන්හි කර ඇති පර්යේෂණ දත්ත සහ මහාචාර්ය මලවිගේ මහත්මියගේ පර්යේෂණ කණ්ඩායමේ දත්ත වලින්ද සනාථ වී ඇත්තේ sinopharm එන්නත ලබා ගත් අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වයස අවුරුදු 60 ට අඩු අයගේ හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සුළුතරයක් එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බවයි. මේ නිසා එම කණ්ඩායම රෝගී බවට පත්වීම, රෝහල් ගත වීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරති. මෙම ප්‍රවණතාව sinopharm එන්නත ලබාගත් අය සඳහා වැඩි බවත් Pfizer, moderna හෝ astra Zeneca එන්නත් සඳහා එය මද ලෙසකින් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඉහත දත්ත කාණ්ඩ දෙක මගින්ම පෙන්වා දී ඇත. මෙහිදී තවත් වැදගත් කරුණක් ලෙස අප දකින්නේ අනෙකුත් අතුරු ආබාධ වලින් පෙළෙන රෝගීන් එනම් වකුගඩු බද්ධ කිරීම, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අය සහ තවත් එවැනි තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයවලුන්ගේ sinopharm එන්නත් මාත්‍රා 2 මගින් තමන්ට අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බවයි. මෙම කණ්ඩායම් සඳහා Pfizer, astra zeneca හෝ moderna එන්නත් තෙවන මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යවශ්‍ය බව අපි යෝජනා කරමු. 3. අපට ලැබී ඇති Astra Zeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිතය. මෙම තත්ත්වය යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක. එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ඒ සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මගින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට ලබාදීම මගින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීමයි. ප්‍රමාදවී වුවද අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේ දී හෝ එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා නිසි ලෙස සහ විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි. මෙහිදී අප විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ලෙස නැවතත් අවධාරණය කරන්නේ එන්නත් කරන ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම ඉතා අත්‍යවශ්‍ය බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom