ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගැන දැඩි තීරණයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    XXCzEbn.jpeg


    යුරෝපා සංගමය, මෙටා සමාගමේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල පිළිබඳව නිල විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    ඒ සමාජ මාධ්‍ය ජාලවල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති නීති උල්ලංඝනය කර ඇති බවට මෙටා සමාගමට එල්ලවී ඇති චෝදනා මතය.

    ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා දරුවන් තුළ විවිධ ඇබ්බැහිවීම් නිර්මාණය වන බවත් ඉන් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානිවන බවත් යුරෝපා සංගමය පෙන්වා දෙයි.

    ඒ අනුව, එම සමාජ මාධ්‍යජාල භාවිතයේ දී පරිශීලිකයින්ට ස්වයංක්‍රීයව වීඩියෝ සහ ඡායාරූප නිර්දේශ කෙරෙන ඇල්ගොරිදමය පිළිබඳව ද විමර්ශනය කෙරෙන බව සඳහන් වෙයි.

    එමෙන්ම ෆේස්බුක් ගිණුමක් සැකසීමේ දී වයස සත්‍යාපනය කිරීමේ ක්‍රමය පිළිබඳව ද යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ.

    මෙටා සමාගම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ නීති උල්ලංඝනය කර ඇති බවට අනාවරණ වුවහොත් මෙටා සමාගමට එහි ගෝලීය පිරිවැටුමෙන් සියයට 6ක දඩයක් පැනවිය හැකිය.

    https://www.france24.com/en/live-news/20240516-eu-probes-facebook-instagram-over-child-protection