Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෆොන්සේකා - ජයසූරිය නයි මුගටි වෛරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොන්සේකා - ජයසූරිය නයි මුගටි වෛරය

[FONT=&quot]ලුතිනන් ජෙනරාල් (එකල) සරත් ෆොන්සේකා දෙදහස් පහේ දෙසැම්බරයේ යුද හමුදාපති ධුරයට පත් වන විට ජගත් ජයසූරිය නිලයෙන් (තාවකාලික) මේජර් ජෙනරාල්වරයකි. යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්යක්ෂ ධුරය දරමින් සිටි ජගත් ජයසූරිය, සරත් ෆොන්සේකා යටතේ ලද මුල්ම පත්වීම වූයේ යාපනය 52 වැනි සේනාංකාධිපති ධුරයය. එම ධුරය දරමින් සිටියදී ඔහු ජාතික ආරක්ෂක උපාධිය හැදෑරීමට චීනය බලා ගියේය. එම උපාධිය හදාරා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය ලංකාවට පැමිණි කාලයේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති පදවිය පුරප්පාඩු වී තිබුණේ ඒ එම ධුරය දැරූ මේජර් ජෙනරාල් උපාලි එදිරිසිංහ විශ්‍රාම ලැබිම නිසාය.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] පුරප්පාඩු වූ වන්නි ආඥාපති ධුරයට පත්වූයේ මේජර් ජෙනරාල් ජගත් ජයසූරියය. පසු කලක යුද හමුදාපතිවරයා විසින් ඔහු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ධුරයටද පත් කරන ලදී. එකල ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර කිසිදු අමනාපයක් නොවීය. වවුනියාවේ පිහිටි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මූලස්ථානයට එකල නිතර යන හමුදාපතිවරයා සිනහමුසු මුහුණින් පිළිගත්තේ ජගත් ජයසූරියයි. එකල වන්නි ආඥාපතිවරයාට අයත් ප්‍රදේශ වූයේ මන්නාරම, වවුනියාව හා මුලතිව්ය. වන්නි අවසන් සටන තිබුණේ මේ බිමේය. එහෙත් ධුරයෙන් වන්නි ආඥාපතිවරයා වුවත් ජගත් ජයසූරියට පැවැරුණු රාජකාරිය වූයේ වන්නි සටනේ නිරතව හුන් සේනාංකවලට අවශ්‍ය පහසුකම් සැපයීම පමණි. ඊට හේතු වූයේ සිවු වැනි ඊළාම් සටනේ සියලුම ප්‍රහාරක සේනාංකවලට සෘජුවම අණ දුන්නේ යුද හමුදා මූලස්ථානයෙන් වන නිසාය. එම පිළිවෙත මදකට බුරුල් වූයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා උදෙසා පමණි. යාපනය අර්ධද්වීපයේ කෙරෙන මෙහෙයුම්වල, මෙහෙයුම් බලතල එකල යාපනය ආඥාපතිවරයා වූ මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිට හිමිව තිබුණි. ඔහු යුද හමුදාපතිවරයාගේ අතිශය විශ්වාසය දිනාගත් නිලධාරියකු විය.

එහෙත් ජගත් ජයසූරියට මෙහෙයුම් බලතල හිමි නොවීය. හැරත් ඔහු සටන් බිමේ අණ දෙන්නෙකු ලෙස කීර්තියක් දිනාගෙන තිබුණේ නැත. හමුදාපති පුටුවේ වාඩි වනතුරුම ජෙනරාල් ජයසූරියට වීර පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූවේය. මෑත කාලයේ වීර පදක්කමක් නැතිව හමුදාපති පුටුවේ වාඩි වූ එකම හමුදාපති ඔහුය. කෙසේ නමුදු ජෙනරාල් ජයසූරිය රණ වික්‍රම පදක්කම ගසා ගත්තේ ඔහු හමුදාපති ධුරයට පත් වීමෙන් ඉක්බිතිවය. එය යුද හමුදාවේ දැඩි ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් විය. මක්නිසාදයත් රණ වික්‍රම පදක්කම ලැබෙන්නේ සිය දිවි නොතකා තම සගයන්ගේ දිවි බේරා ගැනීමට සටන් බිමේදී සතුරා සමග මුහුණට මුහුණ සටන් කරමින් වීර වික්‍රමාන්විත දස්කම් දක්වන වීරයන්ටය. එහෙත් යුද හමුදාපතිවරයා තියා සේනාංකාධිපතිවරයකුවත් සටන් බිමේ සතුරා සමග මුහුණට මුහුණ සටනට යන්නේ නැත. ඒ නිසා යුද හමුදාවේ වීර පදක්කම් පිරිනැමීමේ ක්‍රමවේදය ගැන දන්නා අයෙකුට ජෙනරාල් ජයසූරිය රණ වික්‍රම පදක්කමට හිමිකම් කියූ ආකාරය ගැන ප්‍රශ්නයක් ඇති වීම සාධාරණය.

ඔහු වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධුරය දරන විට ඔහු හිමිකම් කීවේ උත්තම සේවා පදක්කමට පමණි. එය පිරිනමන්නේ පහළොස් වසරක නොකැළල් සේවයටය.

හැරත් සිව්වැනි ඊළාම් සටනට අණ දුන් සියලුම සේනාංකාධිපතිවරුන්ට හා ආඥාපතිවරුන්ට යුද හමුදාපතිවරයාගෙන් ප්රශංසාත්මක ලිපි ලැබුණද මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට එය ලැබුණේ නැත. දෙදහස් නවයේ මැයි විසි අට වැනිදා යුද හමුදා මූලස්ථානයේ පැවැති එම ලිපි ප්රදානය කිරීමේ උත්සවයට වන්නි ආඥාපතිට ඇරයුම් පතක්වත් නොවීය. නිල වශයෙන් ඊට හේතුව ලෙස එකල කියැවුණේ මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය වන්නි සටනට සෘජු අණ දීමක් නොකළ බවය. එහෙත් පසුබිමෙන් ඇසුණු කතාව වූයේ ඒ වන විටත් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර සීතල යුද්ධයක් ඇරඹී ඇති බවය. යුද හමුදාපතිවරයා ලංකාවේ නැති අතරතුරේ වන්නි ආඥාපතිවරයා යුද බිමට ගොස් ලකුණු දා ගැනීම සරත් ෆොන්සේකාගේ කෝපයට හේතු වී තිබුණි. එය උච්චස්ථානයට ළඟා වී තිබුණේ යුද්ධයේ අවසන් දින කීපයේ යුද හමුදාපතිවරයා චීනයේ නිල සංචාරයක ගොස් සිටි දවස්වලය.

අවසන් සටනට අණදෙමින් සිටින සේනාංකාධිපතිවරුන් සමග මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය වෙල්ලිමුල්ලි වයික්කාල් බිමේ සිටීම යුද හමුදාපතිවරයාගේ නොසතුටට හේතු වූ බව එකල කියැවිණි. යුද හමුදාපතිවරයා ලංකාවේ නැති අතරේ මේජර් ජෙනරාල් ජයසූරිය ලවා යුද්ධය අවසන් කිරීමේ සැලසුමක්ද එකල ක්‍රියාත්මක වූ බව පැවැසුනි.

එකල යුද බිමට යනවිට මේජර් ජෙනරාල් ජයසූරිය සෙන්පති කොබ්බෑකඩුව මෙන් අවශ්‍ය විටක දිගහැර වාඩිවිය හැකි බස්තමක් පරිහරණය කළේය. ඔහුගේ එම බස්තමද හමුදාපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

මේ අතරේ යුද්ධය අවසන් වීමෙන් පසුව යුද හමුදාපතිවරයා වෙල්ලිමුල්ලි වයික්කාල් බිමට ගොස් සියලුම සේනාංකාධිපතිවරුන්ට සුබ පැතුවේය. ඒ හමුවට මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට ඇරයුමක් නොවීය. මේ ලිපියේ මුලින් කී පරිදි හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකටත් මේජර් ජෙනරාල් ජයසූරියට කැඳවීමක් නොවීය. ඒ සියල්ලෙන් දුන් සංඥාව වූයේ යුද හමුදාපතිවරයා මේජර් ජෙනරාල් ජයසූරියට පල නොකියා පලා බෙදමින් සිටින බවය.

තත්ත්වය මෙසේ තිබියදී වන්නි ආඥාපතිවරයා යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා සැලසුමක් ගැන තොරතුරු පැතිර ගියේය. එම සිද්ධියට වන්නි ආඥාපතිවරයාගේ අධි සහයක අත්අඩංගුවට ගන්නා බවද කියැවුණි. සිද්ධිය හේතු වී තිබුණේ විනය විරෝධී චෝදනාවකි.

යුද හමුදාපතිවරයාගේ නියමයෙන් වන්නි ආඥාපතිවරයා අත්අඩංගුවට ගැනීම පැවැරී තිබුණේ එකල යුද හමුදා විනයාආරක්ෂාධිපතිව හුන් බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු යුද හමුදා පොලීසියටය.

මේ සිද්ධිය ජනපති මහින්ද රාජපක්ෂගේද කනට වැකී තිබුණේය. ඔහුට මේ ආරංචිය ගිය බව පැවසෙන්නේ ජනපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහාය. ඔහු මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අයත් වූ සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ නිලධාරියකු විය.

වන්නි ආඥාපතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි කාලයේ හමුදාවේ ඉහළ පුටු මාරුවක් ආවේය. වහාම ක්‍රියාත්මක වූ ජනපතිවරයා යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා නිෂ්ක්‍රිය කිරීමට ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කළේය. පුරප්පාඩු වූ යුද හමුදාපති ධුරයට ජෙනරාල් ෆොන්සේකාගේ නිර්දේශය වූයේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිය. එහෙත් ජනපතිවරයා මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කර, යුද හමුදාපති ධුරයට මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය පත් කළේය. එම පත්වීම කරන විට ජගත් ජයසූරියට වඩා ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරු දහ දෙනෙක් සිටියහ. ඉන් පස් දෙනෙක් සේවා රෙජිමේන්තුවලට අයත් බැවින් ඔවුන්ට හමුදාපති පුටුවට හිමිකමක් නොවීය. එහෙත් අනෙක් නිලධාරීන් සුමිත් බාලසූරිය, ජී.ඒ. චන්ද්‍රසිරි, එන්.ඒ. රණසිංහ හා පරාක්‍රම පන්නිපිටිය යන නිලධාරීන් සිටියදී හමුදාපති පුටුව හිමි වූයේ ලුතිනන් ජෙනරාල් ජයසූරියටය. ඔහු එම ධුරයට පත්වූයේ දෙදහස් නවයේ ජූලි පහළොස් වැනිදාය.

මේ හදිසි පත්වීම ගැන තමාද පුදුමයට පත් වූ බව ඔහු එකල මාධ්‍යයට කීවේය.

කෙසේ නමුදු තනතුරු මාරුවෙන් පසුවද ජෙනරාල් සරත් ෆොන්සේකා ජගත් ජයසූරිය අරබයා අනුගමනය කළ පිළිවෙතේ වෙනසක් නොවීය. එහි කූඨප්රාප්තිය වූයේ සරත් ෆොන්සේකා වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේ පැවැති ආචාර පෙළපාළියකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා අතර සීතල යුද්ධය එම උත්සවයේදී එළියට පැන්නේය. ජෙනරාල් ෆොන්සේකා සිය කතාවේදී යුද හමුදාපතිවරයාටත්, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වූ හමුදාපති බිරියටත් වටෙන් පහර දුන්නේය. උත්සව සභාව අවසානයේදී යුද හමුදාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට මුහුණ දුන්නේ අපහසුවෙනි.

අවසානයේදී ෆොන්සේකා හමුදා දිවියට සමුදී ජනාධිපතිවරණයට ඉල්ලීය. කොකාගේ වාරය අවසන වී තිත්තයාගේ වාරය ආවේය. සරත් ෆොන්සේකා සිටි ගෙය වට කිරීමට ලුතිනන් ජෙනරාල් ජයසූරියගේ නියෝග මත යුද හමුදා පොලීසියේ නිලධාරීහු ගියහ. ෆොන්සේකා කෝපයෙන් ගිගිලුවේය. සෙබළු ආපහු හැරුණි. ඒ අතරේ ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පැරදුණේය. ලුතිනන් ජෙනරාල් ජයසූරිය යළිත් වරක් සෙබළු පිටත් කර හැරීය. ඒ ෆොන්සේකාගේ පරම සතුරකු ලෙස ප්‍රකට මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ අණ දීම යටතේය. ඔහු ෆොන්සේකාට පහර දී කුදලාගෙන විත් හිරේ දැම්මේය. ඉක්බිතිව යුද්ධාධිකරණයට පමුණුවා දඬුවම් පැමිණවීය. සරත් ෆොන්සේකාගේ තරු පටි පදක්කම් ගලවා ඔහුගේ නම යුද හමුදා ඉතිහාසයෙන් මකා දැම්මේය. යුද හමුදාපති නිල කාමරයේ තිබූ ෆොන්සේකාගේ ඡායාරූපය ගලවා වීසි කළේය. එදා තමා අත්අඩංගුවට ගැනීමට මාන බැලූ බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු දුසිමක් පමණ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හමුදාවෙන් නෙරපා දැම්මහ. මේ සියල්ල වූයේ ජගත් ජයසූරිය යුද හමුදාපති පුටුවේ වාඩි වී සිටියදීය. එවකට සිටි පාලකයන්ගේ අවශ්‍යතාව පරිදි ෆොන්සේකාට එරෙහි මේ සියලු වැඩවලට අණ දුන්නේ ජගත් ජයසූරියය. ඉක්බිතිව ඔහු ජෙනරාල් නිලයට උසස් වී යුද හමුදාපති පුටුවට සමුදෙමින් ආරක්ෂක මාණ්ඩලික පුටුවේ වාඩි විය.

දෑ අවුරුද්දක් ගත වූ කල්හි යළිත් වරක් ෆොන්සේකාගේ වාරය ආවේය. මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ පසු ජෙනරල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කෙරුණි. ඒ වෙනුවෙන් උත්සව පැවැත්වූයේ ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට පිටියේය. උත්සවය සභාවට එනවිට ෆීල්ඩ් මාර්ෂල්වරයා පිළිගැනීමට ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් ජෙනරාල් ජගත් ජයසූරිය හා ත්‍රිවිධ හමුදාපතිවරු පෙළ ගැසී හුන්හ. ජෙනරාල් ජයසූරිය ෆීල්ඩ් මාර්ෂල්වරයාට සැලියුට් ගසා සුබ පැතීමට අත දිගු කළේය. ඒ මොහොතේ නිම නොවන වෛරය යළිත් එළියට ආවේය. ජයසූරිය ගණන් නොගත් ෆොන්සේකා ඉවත බලාගත්තේය. ත්‍රිවිධ හමුදාපතිවරු ඉදිරියේ ජෙනරාල් ජයසූරිය අපහසුතාවට පත් වෙද්දී ෆොන්සේකා යුද හමුදාපතිවරයාගේ ආචාරය මුලින් පිළිගත්තේය.

දෙදහස් පහළොවේ ජූලි මාසයේදී ජෙනරාල් ජගත් ජයසූරිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉසුඹු ලැබිය. ඉක්බිතිව ජනපතිවරයා විසින් ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලදී. එම ධුරයේ දෑඅවුරුද්දක් රාජකාරී කර ලංකාවට ආපසු වූ දේ දැන් රටම දනී. ඊට හේතු වූයේ දෙන්නාගේ නයි මුගටි වෛරය බව දෙන්නාගේම අතීතය බලන විට හොඳට පෙනේ.

[/FONT] [FONT=&quot]ලලන්ත නානායක්කාර(Lakbima)[/FONT]

[QUOTE="saturn, post: 22224101, member: 529032"] [b]ෆොන්සේකා - ජයසූරිය නයි මුගටි වෛරය[/b] [COLOR=#333333][FONT="][SIZE=4]ලුතිනන් ජෙනරාල් (එකල) සරත් ෆොන්සේකා දෙදහස් පහේ දෙසැම්බරයේ යුද හමුදාපති ධුරයට පත් වන විට ජගත් ජයසූරිය නිලයෙන් (තාවකාලික) මේජර් ජෙනරාල්වරයකි. යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්යක්ෂ ධුරය දරමින් සිටි ජගත් ජයසූරිය, සරත් ෆොන්සේකා යටතේ ලද මුල්ම පත්වීම වූයේ යාපනය 52 වැනි සේනාංකාධිපති ධුරයය. එම ධුරය දරමින් සිටියදී ඔහු ජාතික ආරක්ෂක උපාධිය හැදෑරීමට චීනය බලා ගියේය. එම උපාධිය හදාරා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය ලංකාවට පැමිණි කාලයේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති පදවිය පුරප්පාඩු වී තිබුණේ ඒ එම ධුරය දැරූ මේජර් ජෙනරාල් උපාලි එදිරිසිංහ විශ්‍රාම ලැබිම නිසාය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="] [IMG]http://www.lakbima.lk/images/frontimage/2017/september/2017.09.12/fonse.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4] [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][SIZE=4] පුරප්පාඩු වූ වන්නි ආඥාපති ධුරයට පත්වූයේ මේජර් ජෙනරාල් ජගත් ජයසූරියය. පසු කලක යුද හමුදාපතිවරයා විසින් ඔහු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ධුරයටද පත් කරන ලදී. එකල ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර කිසිදු අමනාපයක් නොවීය. වවුනියාවේ පිහිටි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මූලස්ථානයට එකල නිතර යන හමුදාපතිවරයා සිනහමුසු මුහුණින් පිළිගත්තේ ජගත් ජයසූරියයි. එකල වන්නි ආඥාපතිවරයාට අයත් ප්‍රදේශ වූයේ මන්නාරම, වවුනියාව හා මුලතිව්ය. වන්නි අවසන් සටන තිබුණේ මේ බිමේය. එහෙත් ධුරයෙන් වන්නි ආඥාපතිවරයා වුවත් ජගත් ජයසූරියට පැවැරුණු රාජකාරිය වූයේ වන්නි සටනේ නිරතව හුන් සේනාංකවලට අවශ්‍ය පහසුකම් සැපයීම පමණි. ඊට හේතු වූයේ සිවු වැනි ඊළාම් සටනේ සියලුම ප්‍රහාරක සේනාංකවලට සෘජුවම අණ දුන්නේ යුද හමුදා මූලස්ථානයෙන් වන නිසාය. එම පිළිවෙත මදකට බුරුල් වූයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා උදෙසා පමණි. යාපනය අර්ධද්වීපයේ කෙරෙන මෙහෙයුම්වල, මෙහෙයුම් බලතල එකල යාපනය ආඥාපතිවරයා වූ මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිට හිමිව තිබුණි. ඔහු යුද හමුදාපතිවරයාගේ අතිශය විශ්වාසය දිනාගත් නිලධාරියකු විය. එහෙත් ජගත් ජයසූරියට මෙහෙයුම් බලතල හිමි නොවීය. හැරත් ඔහු සටන් බිමේ අණ දෙන්නෙකු ලෙස කීර්තියක් දිනාගෙන තිබුණේ නැත. හමුදාපති පුටුවේ වාඩි වනතුරුම ජෙනරාල් ජයසූරියට වීර පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූවේය. මෑත කාලයේ වීර පදක්කමක් නැතිව හමුදාපති පුටුවේ වාඩි වූ එකම හමුදාපති ඔහුය. කෙසේ නමුදු ජෙනරාල් ජයසූරිය රණ වික්‍රම පදක්කම ගසා ගත්තේ ඔහු හමුදාපති ධුරයට පත් වීමෙන් ඉක්බිතිවය. එය යුද හමුදාවේ දැඩි ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් විය. මක්නිසාදයත් රණ වික්‍රම පදක්කම ලැබෙන්නේ සිය දිවි නොතකා තම සගයන්ගේ දිවි බේරා ගැනීමට සටන් බිමේදී සතුරා සමග මුහුණට මුහුණ සටන් කරමින් වීර වික්‍රමාන්විත දස්කම් දක්වන වීරයන්ටය. එහෙත් යුද හමුදාපතිවරයා තියා සේනාංකාධිපතිවරයකුවත් සටන් බිමේ සතුරා සමග මුහුණට මුහුණ සටනට යන්නේ නැත. ඒ නිසා යුද හමුදාවේ වීර පදක්කම් පිරිනැමීමේ ක්‍රමවේදය ගැන දන්නා අයෙකුට ජෙනරාල් ජයසූරිය රණ වික්‍රම පදක්කමට හිමිකම් කියූ ආකාරය ගැන ප්‍රශ්නයක් ඇති වීම සාධාරණය. ඔහු වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධුරය දරන විට ඔහු හිමිකම් කීවේ උත්තම සේවා පදක්කමට පමණි. එය පිරිනමන්නේ පහළොස් වසරක නොකැළල් සේවයටය. හැරත් සිව්වැනි ඊළාම් සටනට අණ දුන් සියලුම සේනාංකාධිපතිවරුන්ට හා ආඥාපතිවරුන්ට යුද හමුදාපතිවරයාගෙන් ප්රශංසාත්මක ලිපි ලැබුණද මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට එය ලැබුණේ නැත. දෙදහස් නවයේ මැයි විසි අට වැනිදා යුද හමුදා මූලස්ථානයේ පැවැති එම ලිපි ප්රදානය කිරීමේ උත්සවයට වන්නි ආඥාපතිට ඇරයුම් පතක්වත් නොවීය. නිල වශයෙන් ඊට හේතුව ලෙස එකල කියැවුණේ මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය වන්නි සටනට සෘජු අණ දීමක් නොකළ බවය. එහෙත් පසුබිමෙන් ඇසුණු කතාව වූයේ ඒ වන විටත් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර සීතල යුද්ධයක් ඇරඹී ඇති බවය. යුද හමුදාපතිවරයා ලංකාවේ නැති අතරතුරේ වන්නි ආඥාපතිවරයා යුද බිමට ගොස් ලකුණු දා ගැනීම සරත් ෆොන්සේකාගේ කෝපයට හේතු වී තිබුණි. එය උච්චස්ථානයට ළඟා වී තිබුණේ යුද්ධයේ අවසන් දින කීපයේ යුද හමුදාපතිවරයා චීනයේ නිල සංචාරයක ගොස් සිටි දවස්වලය. අවසන් සටනට අණදෙමින් සිටින සේනාංකාධිපතිවරුන් සමග මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය වෙල්ලිමුල්ලි වයික්කාල් බිමේ සිටීම යුද හමුදාපතිවරයාගේ නොසතුටට හේතු වූ බව එකල කියැවිණි. යුද හමුදාපතිවරයා ලංකාවේ නැති අතරේ මේජර් ජෙනරාල් ජයසූරිය ලවා යුද්ධය අවසන් කිරීමේ සැලසුමක්ද එකල ක්‍රියාත්මක වූ බව පැවැසුනි. එකල යුද බිමට යනවිට මේජර් ජෙනරාල් ජයසූරිය සෙන්පති කොබ්බෑකඩුව මෙන් අවශ්‍ය විටක දිගහැර වාඩිවිය හැකි බස්තමක් පරිහරණය කළේය. ඔහුගේ එම බස්තමද හමුදාපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය. මේ අතරේ යුද්ධය අවසන් වීමෙන් පසුව යුද හමුදාපතිවරයා වෙල්ලිමුල්ලි වයික්කාල් බිමට ගොස් සියලුම සේනාංකාධිපතිවරුන්ට සුබ පැතුවේය. ඒ හමුවට මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට ඇරයුමක් නොවීය. මේ ලිපියේ මුලින් කී පරිදි හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකටත් මේජර් ජෙනරාල් ජයසූරියට කැඳවීමක් නොවීය. ඒ සියල්ලෙන් දුන් සංඥාව වූයේ යුද හමුදාපතිවරයා මේජර් ජෙනරාල් ජයසූරියට පල නොකියා පලා බෙදමින් සිටින බවය. තත්ත්වය මෙසේ තිබියදී වන්නි ආඥාපතිවරයා යුද හමුදා පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා සැලසුමක් ගැන තොරතුරු පැතිර ගියේය. එම සිද්ධියට වන්නි ආඥාපතිවරයාගේ අධි සහයක අත්අඩංගුවට ගන්නා බවද කියැවුණි. සිද්ධිය හේතු වී තිබුණේ විනය විරෝධී චෝදනාවකි. යුද හමුදාපතිවරයාගේ නියමයෙන් වන්නි ආඥාපතිවරයා අත්අඩංගුවට ගැනීම පැවැරී තිබුණේ එකල යුද හමුදා විනයාආරක්ෂාධිපතිව හුන් බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු යුද හමුදා පොලීසියටය. මේ සිද්ධිය ජනපති මහින්ද රාජපක්ෂගේද කනට වැකී තිබුණේය. ඔහුට මේ ආරංචිය ගිය බව පැවසෙන්නේ ජනපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහාය. ඔහු මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අයත් වූ සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ නිලධාරියකු විය. වන්නි ආඥාපතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි කාලයේ හමුදාවේ ඉහළ පුටු මාරුවක් ආවේය. වහාම ක්‍රියාත්මක වූ ජනපතිවරයා යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා නිෂ්ක්‍රිය කිරීමට ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කළේය. පුරප්පාඩු වූ යුද හමුදාපති ධුරයට ජෙනරාල් ෆොන්සේකාගේ නිර්දේශය වූයේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිය. එහෙත් ජනපතිවරයා මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කර, යුද හමුදාපති ධුරයට මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය පත් කළේය. එම පත්වීම කරන විට ජගත් ජයසූරියට වඩා ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරු දහ දෙනෙක් සිටියහ. ඉන් පස් දෙනෙක් සේවා රෙජිමේන්තුවලට අයත් බැවින් ඔවුන්ට හමුදාපති පුටුවට හිමිකමක් නොවීය. එහෙත් අනෙක් නිලධාරීන් සුමිත් බාලසූරිය, ජී.ඒ. චන්ද්‍රසිරි, එන්.ඒ. රණසිංහ හා පරාක්‍රම පන්නිපිටිය යන නිලධාරීන් සිටියදී හමුදාපති පුටුව හිමි වූයේ ලුතිනන් ජෙනරාල් ජයසූරියටය. ඔහු එම ධුරයට පත්වූයේ දෙදහස් නවයේ ජූලි පහළොස් වැනිදාය. මේ හදිසි පත්වීම ගැන තමාද පුදුමයට පත් වූ බව ඔහු එකල මාධ්‍යයට කීවේය. කෙසේ නමුදු තනතුරු මාරුවෙන් පසුවද ජෙනරාල් සරත් ෆොන්සේකා ජගත් ජයසූරිය අරබයා අනුගමනය කළ පිළිවෙතේ වෙනසක් නොවීය. එහි කූඨප්රාප්තිය වූයේ සරත් ෆොන්සේකා වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේ පැවැති ආචාර පෙළපාළියකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා අතර සීතල යුද්ධය එම උත්සවයේදී එළියට පැන්නේය. ජෙනරාල් ෆොන්සේකා සිය කතාවේදී යුද හමුදාපතිවරයාටත්, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වූ හමුදාපති බිරියටත් වටෙන් පහර දුන්නේය. උත්සව සභාව අවසානයේදී යුද හමුදාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට මුහුණ දුන්නේ අපහසුවෙනි. අවසානයේදී ෆොන්සේකා හමුදා දිවියට සමුදී ජනාධිපතිවරණයට ඉල්ලීය. කොකාගේ වාරය අවසන වී තිත්තයාගේ වාරය ආවේය. සරත් ෆොන්සේකා සිටි ගෙය වට කිරීමට ලුතිනන් ජෙනරාල් ජයසූරියගේ නියෝග මත යුද හමුදා පොලීසියේ නිලධාරීහු ගියහ. ෆොන්සේකා කෝපයෙන් ගිගිලුවේය. සෙබළු ආපහු හැරුණි. ඒ අතරේ ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පැරදුණේය. ලුතිනන් ජෙනරාල් ජයසූරිය යළිත් වරක් සෙබළු පිටත් කර හැරීය. ඒ ෆොන්සේකාගේ පරම සතුරකු ලෙස ප්‍රකට මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ අණ දීම යටතේය. ඔහු ෆොන්සේකාට පහර දී කුදලාගෙන විත් හිරේ දැම්මේය. ඉක්බිතිව යුද්ධාධිකරණයට පමුණුවා දඬුවම් පැමිණවීය. සරත් ෆොන්සේකාගේ තරු පටි පදක්කම් ගලවා ඔහුගේ නම යුද හමුදා ඉතිහාසයෙන් මකා දැම්මේය. යුද හමුදාපති නිල කාමරයේ තිබූ ෆොන්සේකාගේ ඡායාරූපය ගලවා වීසි කළේය. එදා තමා අත්අඩංගුවට ගැනීමට මාන බැලූ බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු දුසිමක් පමණ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හමුදාවෙන් නෙරපා දැම්මහ. මේ සියල්ල වූයේ ජගත් ජයසූරිය යුද හමුදාපති පුටුවේ වාඩි වී සිටියදීය. එවකට සිටි පාලකයන්ගේ අවශ්‍යතාව පරිදි ෆොන්සේකාට එරෙහි මේ සියලු වැඩවලට අණ දුන්නේ ජගත් ජයසූරියය. ඉක්බිතිව ඔහු ජෙනරාල් නිලයට උසස් වී යුද හමුදාපති පුටුවට සමුදෙමින් ආරක්ෂක මාණ්ඩලික පුටුවේ වාඩි විය. දෑ අවුරුද්දක් ගත වූ කල්හි යළිත් වරක් ෆොන්සේකාගේ වාරය ආවේය. මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ පසු ජෙනරල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කෙරුණි. ඒ වෙනුවෙන් උත්සව පැවැත්වූයේ ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට පිටියේය. උත්සවය සභාවට එනවිට ෆීල්ඩ් මාර්ෂල්වරයා පිළිගැනීමට ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් ජෙනරාල් ජගත් ජයසූරිය හා ත්‍රිවිධ හමුදාපතිවරු පෙළ ගැසී හුන්හ. ජෙනරාල් ජයසූරිය ෆීල්ඩ් මාර්ෂල්වරයාට සැලියුට් ගසා සුබ පැතීමට අත දිගු කළේය. ඒ මොහොතේ නිම නොවන වෛරය යළිත් එළියට ආවේය. ජයසූරිය ගණන් නොගත් ෆොන්සේකා ඉවත බලාගත්තේය. ත්‍රිවිධ හමුදාපතිවරු ඉදිරියේ ජෙනරාල් ජයසූරිය අපහසුතාවට පත් වෙද්දී ෆොන්සේකා යුද හමුදාපතිවරයාගේ ආචාරය මුලින් පිළිගත්තේය. දෙදහස් පහළොවේ ජූලි මාසයේදී ජෙනරාල් ජගත් ජයසූරිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉසුඹු ලැබිය. ඉක්බිතිව ජනපතිවරයා විසින් ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලදී. එම ධුරයේ දෑඅවුරුද්දක් රාජකාරී කර ලංකාවට ආපසු වූ දේ දැන් රටම දනී. ඊට හේතු වූයේ දෙන්නාගේ නයි මුගටි වෛරය බව දෙන්නාගේම අතීතය බලන විට හොඳට පෙනේ. [/SIZE][/FONT][/COLOR] [COLOR=#333333][FONT="][I]ලලන්ත නානායක්කාර(Lakbima)[/I][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom