Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මත් අප්පච්චීත් පුල පුලා බලා උන්, නමුත් මා උදා නොවේවායි පැතූ ඒ ඉරිදා දිනය උදා විය. මා අවදි වන විට සැවොම උන්නේ ලහි ලහියේ සූදානම් වෙමිනි. අප පවුලේ උදවියට අමතරව නෑදෑ හිතවතුන් පිරිසක්ද පැමිණ සිටියහ. කිසිවෙකුට මා ග ැන නිනව්වක් නැත. ඔවුන් උන්නේ මගේ අක්කා මා ළඟින් ඈත් කිරීමේ කර්තව්‍යයට දායක වෙමින්ය. ඉතිං මහා මේරුවක බර හිස දරා ගත් මා කිසිවෙකුට නොකියා දොළට ගියෙමි.

අප දෙදෙනා මෙතුවක් කලක් දඟ කල තේ වතු යාය දෙස මා අරමුණකින් තොරව බලා උන්නෙමි. අප පාසල් ගිය ඒ සුන්දර අතීතය මට සිහිවිය. මා පුංචි දැරියකව අක්කා සමඟ පාසල් ගිය ඇතැම් දිනක මම ඇය මග හැර ගොස් ගස් වැටි අතර හැංඟි උන්නෙමි. මා සොයා ගත නොහැකි වූ විට ඒ දිගැටි දෑස් කඳුළින් තෙත් වන අයුරු මට අද මෙන් මතකය. ඉතිං ඈ මට පෙම් කළ තරම මට පහදා දිය නොහැකි වේ.

දොල පාර අද්දර විසල් ගසකට පිට දී කොපමණ වේලාවක් උන්නා දැයි හැඟීමක් තිබුණේ නැත. මගේ සිතිවිලි දැහැන බිඳී ගියේ අම්මාගේ හඬ දෙසවන් අද්දරින්ම ඇසුණ නිසාය.

“ඇයි පුතේ තනියෙම ආවෙ..? ආන් අරහෙ හැමෝම ඔයාව හොයනවා..”

මා දෙනෙතට එබී අම්මා කියන විට මා තෙරපා උන් කඳුළු බිඳු යළි හිස ඔසවන්නට වෙර දරණු දැනිණ. මෙතෙක් කල් මා පෙනෙන්ට නොමැති විට සොයා බැලුවේ අම්මා නොව අක්කාය. නමුත් අද ඈ පැමිණ නැත.

“යමු පුතේ දැන් ඔයාගෙ අක්කව අන්ඳලා ඉවරයි.. ගිහින් එයාගෙ ලස්සන බලන්න..”

මා පෙරටු කොටගෙන අම්මා නිවසට පිය මැන්නාය. අප යන විට අප්පච්චී හිතවතුන් පිරිසක් සමඟ සංවාදයකි.

“මගේ දරුවො දෙන්නා ගහට පොත්ත, පොත්තට ගහ වගේ හැදුනෙ.. ඉතිං පොඩි එකීට දුක ඇති.. ඒකයි ඔය..”

මා දුටු විගස කතාව නැවතුනි. සැවොම බලා උන්නේ මා දෙසය. ඒ සැම නෙතකම වූයේ අනුකම්පාව මුසු ආදරයයි. අප්පච්චී මාව ඔහු ළඟට ගෙන තුරුළු කරගත්තද කියන්නට කිසිත් මුවඟ නැගුනේ නැත.

“වෙනදට ගිරවි වගේ කියවන කෙල්ල අද මොකෝ මේ ගොලු වෙලා..?”

ඒ ඇසුවේ අප්පච්චී නොව මාමාය. ගිරවිගේ හදවත දුකින් බව කියන්නට මට අවැසි වූවා නොවේ. එය ඔවුන් හඳුනා ගත්හ.

“අක්කා කෝ..?”

කිසිවක් ඇසිය යුතු නිසා මම ඇසුවෙමි.

“ගෙයි ඇති පුතේ.. ගිහින් බලන්න..”

එම වදන් පිටවූ සැනින් ඔවුන්ගෙන් මිදී මම ඉහළ මාලයේ අක්කාගේත් මගෙත් කාමරයට එබුනෙමි. මගේ අක්කා නොව අහිංසක සුරංගනාවියක් කණ්නාඩි මේසය අභියස ඉන්නවා පෙනුණි. ඉතිං ආඩම්බර විය යුතු නොවන්නේද..? ඒ සොඳුරු රුව හිමි වූයේ මගේම දයාබර සොයුරියටය.

කණ්නාඩි මේසය තුළ දිස් වූ ඡායාව ඔස්සේ අපේ සිව් නෙත් මුණ ගැසුණි. ආගන්තුකයින් දෙපලක් පළමු වරට මුණ ගැසුනා සේ අප එකිනෙකා දෙස බලා උන්නා මිස දොඩමළු වූයේ නැත. ඒ වෙනුවට කතා කලේ අපේ දෙනෙත් පමණි. ඇගේ දිගැටි දෙනෙත් තුළ කිමිදී මා ආදරය සෙව්වද ඈ දෙනෙතින් සෙව්වේ දුකය.

“මොකද මේ දෙන්නා අද දැකපු දෙන්නෙක් වගේ මූණ දිහා බලන් ඉන්නෙ..?”

අපේ දැහැන බිඳ දැම්මේ අක්කාව හැඩ ගැන්වූ රේණු අක්කා විසිනි. ඒ ඇසිල්ලෙන් පියවි සිහියට පැමිණි මා සෙමින් අඩි තබා කාමරය තුළට යන්නට හදද්දීම අක්කාත් පුටුවෙන් නැගී උන්නාය.

“අපෝ.. අක්කව අන්දලත් ඉවරයි.. මේ කෙල්ල තාම හඩ්ඩි වගේ.. මූණවත් හෝදලා නෑ.. යන්න යන්න.. දැන් කට්ටිය එන්නත් ළඟයි..”

නැන්දා මා දොර දෙසට අදිමින් කීවාය. මනමාලයා ඇතුළු පිරිස එන්නේ අක්කා බලන්න මිස මා බලන්නට නොවේ. ඉතින් අමුතු සූදානමක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ගේ පෙරැත්තය මත මම ඇඟ සෝදා කහ පැහැති සැහැල්ලු ගවුමකින් සැරසුනෙමි.

“මේකිව ඉස්සරහට යවන්න එපා අක්කෙ.. මෙහෙම බොනික්කි වගේ ඉන්නවා දැක්කම මනමාලයා ලොක්කිට කැමති වෙන එකක් නෑ..”

පොඩි මාමා අම්මාට මා පෙන්වමින් කීවද මම විශේෂ සූදානමක් වූයේ නැත. අනික් ඇස් කන් ඇති කිසිම පිරිමියෙක් අක්කව ප්‍රතික්ෂේප නොකරන වග විශ්වාසය. විශේෂ ආකර්ශනයක් නොවූවද ඈ අහිංසක චාම් යුවතියකි.

මිදුලේ වාහන නතර කල හඬක් ඇසීමෙන් සැවොම කලබල විය. කලබල නොවූයේ අක්කා හා මා පමණි. පැමිණි පිරිස බලන්නට කියා නෑදෑ හිතවතුන් එහෙ මෙහෙ විසිර යද්දී මම අක්කා ළඟට ගොස් ඈ පාමුල හිඳ ඒ මුහුණට එබී බැලුවෙමි. ඇය මගේ අත් දෙක තරයේ අල්වා ගත්තාය.

“සුදූ මේ දවස් දෙක තුනට හුඟක් වෙනස් වෙලා. වෙනදට මේ ගේ දෙක වෙන්න කෑ ගහපු, හිනා වෙවී ගේ වටේ දුවපු මගේ හුරතල් නංගි කෝ..?”

මම ඇයට මස සිනාවක් පෑවෙමි. මගේ හිතට මොනවා වී තිබුණද කියා මටම තේරුණේ නැත. කවුරුන් හෝ මගේ අක්කාව හොරෙන් අරන් යන්න හදනවා වැනි හැඟීමක් මසිතේ විය. එවන් බරක් සිතේ තියාගෙන දුව පැන සැහැල්ලුවෙන් ඉන්න අයුරු මම නොදත්තෙමි.

“එයාලා ආවට මම අදම යන්නෙ නෑනෙ සුදූ. තව අවුරුද්දක් විතර මට ඉන්න පුළුවන් වෙයි. ඉතිං ඇයි දුකෙන්..?”

“ඔන්න ලොක්කි මනමාලයා දැක්කම උඹට අදම බැඳගන්න හිතෙයි..”

කටකාර පොඩි මාමා අපේ කාමරය අභියස හිඳ කීවේය. අනෙක් පිරිසද කාමරයට පැමිණියේ සිනහවත් සැහැල්ලුවත් මුව රඳවාගෙනය. රේණු අක්කා නැවත වරක් අක්කා වටේ කැරකෙමින් ඇගේ ඇඳුමේ අඩු පාඩු සැකසුවාය. ඇය ඉන්පසු හැරුනේ මා වෙතටය.

“සුදූ ඔයාගෙ හෙයාර් බෑන්ඩ් එක ගලවන්න.. එතකොට ලස්සනයි..”

“මට මෙහෙම හොඳයි..”

මම ඇයට මුරණ්ඩු වුණෙමි. නමුත් ඈ පැවසුවේ ඇත්තක් බව මම ද දනිමි. රැලි ගැසුණු මගේ තට්ටු කොණ්ඩය කඩා දමා එහි හැඩ බැලීම එකල මගේ විනෝදාංශයක් විය. බොහෝ පිරිමි ළමුන් මා බෝනික්කෙක් ලෙස හැඳින්වීමට මේ ලස්සන කැරලි කොණ්ඩයද හේතුවක් විය.

අප කාමරයේ සිටිනා අතරතුර පහළ මාලයේ සතුටු සිනා හඬ පැහැදිලිවම ඇසුණි. මා හැර සැවොම උන්නේ සතුටිනි. ටික වේලාවකින් අම්මා ඉක්මන් අඩි තබා පැමිණියාය.

“ලොකු පුතේ.. ඔයා හරි නේද..? එහෙනම් යමු පහළට..”

අම්මා අක්කව නැගිට්ටෙව්වාය. ඉන්පසු මගේ දරුවට රත්නත්තරේ පිහිටයි කියා මුමුණනවා මට හොඳට ඇසුණි.

“ආ.. අක්කගෙ ළමයට මේක දෙන්න..”

කලින් සිට සූදානම් කර තිබූ බුලත් හෙප්පුව අම්මාට දුන් නැන්දා යළි පහළ මාලයට ගියාය. අම්මා අක්කාගේ අතින් අල්ලා ඈ කැඳවාගෙන යද්දී මොකක්දෝ නොතේරෙන දුකක් මසිත වසා පැතිරෙන්නට විය. ඔවුන් පඩිපෙළ බැසීමට පෙර ඉක්මන් වූ මා දිව ගොස් අක්කාගේ දෙපා මුළ වැඳ වැටුණෙමි. දෑස් තෙත්ව ගියේ මගේ හා අක්කාගේ පමණක් නොව බලා උන් හැමගේ නෙතින් කඳුළක් ගලා ගියේය. බුලත් හෙප්පුව අත දරා අම්මාගේ දෑතට මැදිව උන් අක්කා මා එසවීමට හැකි වූයේ නැත. පිටුපස උන් රේණුකා අක්කා මා තුරුළු කරගත්තාය.

“දුක් වෙන්න එපා පැටියො.. අක්කා ඔයාව දාලා යනවා නෙමෙයිනේ.. ඕක ගෑණු අපි කාටත් උරුම දෙයක්.. මේ වෙලාවෙ අක්කව සතුටින් තියන්න බලන්න.. එයාව අඬවන්න එපා..”

ඉතින් ඇයව යළි නොහඬවන්නෙමියි සිතා මම ඉකි බිඳ බිඳ හැඬුවෙමි. අපේ කාමරයේ ජනේල් පියන් අතරින් ඈත කඳු මුදුන් දෙස බලා සියළු දුක් සිතින් බැහැර කරන්නට මට අවැසි විය. මට නිදහසේ ඉන්නට හැර රේනු අක්කාත් පිරිස අතරට ගියාය. තාත්තාගේ, මාමාගේ හැඹුරු හඬවල් ගැහැණුන්ගේ සිනා හඬවල් නිරන්තර ඇසුණි. දැහැනකට සම වැදී මෙන් ඈත කඳු යාය දෙස බලා උන් මා තිගැස්සී ගියේ නැවත රේනු අක්කා පැමිණි හඬින්ය.

“දැන් අඬලා ඉවරයි නේද..? එහෙනම් හිනාවෙන්න..”

“මොකටද..?”

“යමුකො පෙන්නන්න..”

මාව පහළ මාලයට ගෙන යාමට ඈට තිබුණේ පුදුම හදිස්සියකි. ඔය තරම් පෙන්වන්නට වටිනා දෙය කුමක්දැයි මා නොදැන උන්නෙමි.

“මට බෑ.. ඔයා යන්න..”

“යමු සුදූ.. හැමෝම පහළ.. අම්මා ඔයාවත් එක්කරගෙන එන්න කිව්වා..”

කුමක්දෝ රහසක් දෙනෙත් තුළ සඟවාගෙන ඈ සිනාසෙයි. ඈ මා රැගෙන යන්නට හදන්නේ අම්මා ළඟට නොවේ. ඉතින් මා යා යුතු නැත. නිහඬවම ගොස් මා ඇඳේ පෙරළි ගතිමි. අමනාප මුහුණකින් මදෙස බලා උන් රේණු අක්කා යන්න ගියාය. නමුත් මට දෙනෙත් පියා ගැනීමට ඉඩක් ලැබුණේ නැත. එවර මා සොයා ආවේ අප්පච්චීය. අප්පච්චී ළඟ මුරණ්ඩු දියණියක් වීමට අවැසි නොවූ නිසා මා නැඟී උන්නෙමි. අප්පච්චී මා තුරුළු කරගෙනම පියගැට පෙළ බසීය. අප සාලයට යන විට එතෙක් පැවති ඝෝශාව ක්ෂණිකව නැවතුණි. බිම බලා උන්නද හැමගේ ඇස් යොමු වී තිබුණේ මදෙසට බව විශ්වාසය. ඉතින් මා හිස ඔසවන්නේ නැතිවම තව තවත් අප්පච්චීට තුරුළු වුණෙමි.

“මේ ඉන්නෙ අපි මෙච්චර වෙලා කතා කරපු කෙනා..”

අප්පච්චී එසේ කියද්දී සිතට දැනුණ අපහසුතාවය සුළු පටු එකක් නොවේ. යන්තමින් හිස ඔසවා බලද්දී එතැන විසි පහක පමණ පිරිසක් උන් බව පෙණින.

“හරිම හුරතල් කෙලි පොඩ්ඩ. එන්න පුතේ මගේ ළඟට..”

කවුදෝ නොදන්නා ගැහැණු කෙනෙක් එසේ කියද්දී මම අම්මා දෙස බැලුවෙමි. ඇය ළඟට යන්නැයි අම්මා හිසෙන් සන් කරද්දී මම පියවර මැන ගොස් ඈ ළඟ අසුන් ගතිමි.

“ඔය තමයි සුදූ සාගර අයියගෙ අම්මා..”

අම්මා ඇය හඳුන්වා දුන්නාය. සාගර යනු අක්කාට යෝජනා කර තිබූ මනමාලයාය. මෙතෙක් වේලා ඔහු දැකගත නොහැකි වූ නිසා මම දෙනෙත් පා කර මගේ මස්සිනා හෙවත් අයියාව සෙව්වෙමි. එකම ළඟ වාඩි වී උන් කඩවසම් තරුණයින් දෙදෙනෙක් විය. ඉන් එක් අයෙකුගේ දෙනුවන් නෙත ගැටෙද්දී මා තිගැස්සී ගියේය. කවදා කෙදිනක හෝ දැක පුරුදු ඒ දෙනුවන් අතර මම වශි වී උන්නෙමි. ඔහුත් ඇසි පිය නොහෙලා මදෙස බලා උන්නාය. ලාබාල අහිංසක පෙනුමක් තිබූ ඔහු සාගර අයියා විය නොහැක. ඊට වඩා වැඩිමල් පෙනුමෙන් යුත් තරුණයා මදෙස බලා සැහැල්ලු ලෙස සිනාසුනේය. බුලත් හෙප්පුව රැගෙන එන මොහොතේ අක්කාගේ මුහුණේ වූ නොසන්සුන් පෙනුම පහව ගොස් ඇත. ඈ උන්නේ සතුටිනි.

“එහෙනං අක්කෙ කෑම ඩිංගක් කාලම කතා කරමු නේද..?”

අම්මා සාගර අයියාගේ අම්මා ළඟට වතුර වීදුරුවක් ගෙන එමින් පැවසුවාය. එකිනෙකා උන් තැනින් නැගිට එහෙ මෙහෙ යද්දී අක්කා, මම, සාගර අයියා හා අනෙක් තරුණයා එතැන ඉතිරි විණි. මම අක්කා ළඟට ගොස් ඇයට තුරුළු වී ඉඳ ගතිමි. කුමක්දෝ හේතුවකට දෙනෙත් ඔසවා බලන්නැයි මා සිත බල කළේය. ඉතින් මම කීකරු වූයෙමි. එසවූ දෙනෙත් අසරණව ගියේ මදෙස බලා උන් ඒ දිගැටි නෙත් සැර වැදීමෙනි.

“නංගි ඇයි බයවෙලා වගේ..? ඔයත් අක්කා වගේ ගොළුයිද..?”

සාගර අයියා මගෙන් ඇසුවද ඔහු බලා උන්නේ අක්කා දෙසය. මගේ විනිශ්චයේ හැටියට සාගර අයියා හොඳ වැදගත් පෙනුමකින් යුත් කඩවසම් තරුණයෙකි. එනිසා අක්කා අහිමි නොවේවි යන හැඟීමක් මට ඇතිවිය. නමුදු මේ මොහොතේ මා සිත කම්පිත කල කාරණය වූයේ එය නොවේ. මා පසුපස ලුහු බඳින අහිංසක නෙතු යුවලයි.

“බලපංකො බං, මේ දෙන්නම කතා කරන්න දන්නෑ වගේනේ..”

එම තරුණයා දෙස බැලූ සාගර අයියා නැවතත් කීවේය. නමුදු ඔහුත් ගොළු වී ගිය සැටියකි.

“ඒ පාර උඹට මොකද වෙලා තියෙන්නෙ, බලාගෙන ගියාම මෙතන කියවන එකම එකා මමනේ..”

ඔහුගේ එම කතාවට මටත් අක්කාටත් සිනා නැගුණේ එකවිටය. රේණු අක්කාත් අප උන් තැනට විත් හිඳ ගත්තාය. මා දෙනෙත් විනිවිද යන බැල්මක් හෙලූ ඈ ඉන්පසු සාගර අයියා දෙස බැලීය.

“මොකද කට්ටිය කතා නැත්තෙ..?”

“ඒක තමයි නංගි.. මේ කවුරුත් කතා කරන්නෑනෙ.. අපි දෙන්නවත් කතා කරමු..”

“කතා කරමු.. හැබැයි කාලා ඉවරවෙලා.. අන්න අම්මලා තනියෙම කනවා..”

මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට රේණු අක්කා තුළ සබකෝලයක් නැත. ඇය අක්කාගේම පන්තියේ උන් කටකාර යෙහෙළියකි.

නූලෙන් නැටවෙන රූකඩයක් සේ එකිනෙකාගේ බහට අවනතව මම කාලය ගෙව්වෙමි. ඔවුන්ගෙන් මිදී කාමරයට ගොස් තනි වී සිටීමේ අවශ්‍යතාවය සිතට දැනුනද කිසිවෙක් මා සිරකරගෙන ඇති සෙයකි.

“වෙනදට සුදු බේබි ගෙදර ඉන්නකොට මුළු ගේම පිරිලා.. දඟ කරනවා ඉවරයක් නෑ.. ඒත් අදනං බේබි වෙනස්..”

ගුණවතී නැන්දා හැමෝටම ඇසෙන ලෙස කීවේ ඔවුන්ගේ අවධානය මා වෙත යොමු කරමිනි.

“එක ගෙදරින් මගුල් දෙකක් කෙරුණත් නරකක් නෑ ඉතිං..”

අම්මාගේ කණට කර කීවද ගුණවතී නැන්දාගේ වදන් මා අසා උන්නෙමි. මම ක්ෂණිකව ඒ දෙනෙත් සෙව්වෙමි. සුපුරුදු ලෙස ඒ ඇස් තිබුණේ මා මුහුණ මත්තේය.

“මේ පුංචි කෙල්ලට මොන මගුල්ද ගුණවතී..? තාම ඒ හැටි වයසක් යෑ..”

අම්මාට තරහා ගියා වන්නට ඇත. නමුත් ගුණවතී නැන්දා සතුටින් සිනාසුනි. දැන් ඇයට අක්කාගේ මංගල්ලය කෙරුනා හා සමානය.

කාලය ගෙවුනා නොවේ ඉගිලී ගියා සේය. ඔවුන් යන්නට සැරසුණි.

“ආයෙ මොකටද ගුණවතී අතේ පණිවිඩ එවන්නෙ.. ඔන්න නංගියෙ අපි නං කැමතියි.. නේද පුතා..?”

සාගර අයියාගේ පියා අපේ අම්මා දෙස බලා පවසද්දී සාගර අයියා සිනාසුනි. අක්කා ඔවුන්ගේ වැඩිහිටියන් සැමට වඳිද්දී මම සාගර අයියාගේ අම්මාට හා තාත්තට පමණක් වැඳ පසෙකට විමි.

“අපෙත් අකමැත්තක් නෑ ඉතිං.. දුවගෙන් අහලම පණිවිඩයක් එවන්නම්කො..”

ඒ කීවේ තාත්තාය. ඔවුන් මිදුලේ වාහන කරා යද්දී මා අක්කාගේ අතේ එල්ලී පිටුපා යන ඔහු දෙස බලා උන්නෙමි. දෙනෙත් ලාවට බොඳව යද්දී මම අක්කාගේ අත තවත් තද කර ගතිමි. ඇසිල්ලකින් ඔහු පිටු පස හැරුණි. ඒ නෙත්සර දැල්වී තිබුණේ මා වෙතය. එය අක්කා දුටුවාදැයි නොදනිමි. ඇතැම් විට ඈ බලා ඉන්නට ඇත්තේ සාගර අයියා දෙස වන්නට ඇත.

[QUOTE="crazybuddy, post: 14218969, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png"][IMG]http://4.bp.blogspot.com/-S0i_sANV2IM/T137EDVK8aI/AAAAAAAABf4/UmAeXcqIQuU/s1600/02.png[/IMG][/URL] අම්මත් අප්පච්චීත් පුල පුලා බලා උන්, නමුත් මා උදා නොවේවායි පැතූ ඒ ඉරිදා දිනය උදා විය. මා අවදි වන විට සැවොම උන්නේ ලහි ලහියේ සූදානම් වෙමිනි. අප පවුලේ උදවියට අමතරව නෑදෑ හිතවතුන් පිරිසක්ද පැමිණ සිටියහ. කිසිවෙකුට මා ග ැන නිනව්වක් නැත. ඔවුන් උන්නේ මගේ අක්කා මා ළඟින් ඈත් කිරීමේ කර්තව්‍යයට දායක වෙමින්ය. ඉතිං මහා මේරුවක බර හිස දරා ගත් මා කිසිවෙකුට නොකියා දොළට ගියෙමි. අප දෙදෙනා මෙතුවක් කලක් දඟ කල තේ වතු යාය දෙස මා අරමුණකින් තොරව බලා උන්නෙමි. අප පාසල් ගිය ඒ සුන්දර අතීතය මට සිහිවිය. මා පුංචි දැරියකව අක්කා සමඟ පාසල් ගිය ඇතැම් දිනක මම ඇය මග හැර ගොස් ගස් වැටි අතර හැංඟි උන්නෙමි. මා සොයා ගත නොහැකි වූ විට ඒ දිගැටි දෑස් කඳුළින් තෙත් වන අයුරු මට අද මෙන් මතකය. ඉතිං ඈ මට පෙම් කළ තරම මට පහදා දිය නොහැකි වේ. දොල පාර අද්දර විසල් ගසකට පිට දී කොපමණ වේලාවක් උන්නා දැයි හැඟීමක් තිබුණේ නැත. මගේ සිතිවිලි දැහැන බිඳී ගියේ අම්මාගේ හඬ දෙසවන් අද්දරින්ම ඇසුණ නිසාය. “ඇයි පුතේ තනියෙම ආවෙ..? ආන් අරහෙ හැමෝම ඔයාව හොයනවා..” මා දෙනෙතට එබී අම්මා කියන විට මා තෙරපා උන් කඳුළු බිඳු යළි හිස ඔසවන්නට වෙර දරණු දැනිණ. මෙතෙක් කල් මා පෙනෙන්ට නොමැති විට සොයා බැලුවේ අම්මා නොව අක්කාය. නමුත් අද ඈ පැමිණ නැත. “යමු පුතේ දැන් ඔයාගෙ අක්කව අන්ඳලා ඉවරයි.. ගිහින් එයාගෙ ලස්සන බලන්න..” මා පෙරටු කොටගෙන අම්මා නිවසට පිය මැන්නාය. අප යන විට අප්පච්චී හිතවතුන් පිරිසක් සමඟ සංවාදයකි. “මගේ දරුවො දෙන්නා ගහට පොත්ත, පොත්තට ගහ වගේ හැදුනෙ.. ඉතිං පොඩි එකීට දුක ඇති.. ඒකයි ඔය..” මා දුටු විගස කතාව නැවතුනි. සැවොම බලා උන්නේ මා දෙසය. ඒ සැම නෙතකම වූයේ අනුකම්පාව මුසු ආදරයයි. අප්පච්චී මාව ඔහු ළඟට ගෙන තුරුළු කරගත්තද කියන්නට කිසිත් මුවඟ නැගුනේ නැත. “වෙනදට ගිරවි වගේ කියවන කෙල්ල අද මොකෝ මේ ගොලු වෙලා..?” ඒ ඇසුවේ අප්පච්චී නොව මාමාය. ගිරවිගේ හදවත දුකින් බව කියන්නට මට අවැසි වූවා නොවේ. එය ඔවුන් හඳුනා ගත්හ. “අක්කා කෝ..?” කිසිවක් ඇසිය යුතු නිසා මම ඇසුවෙමි. “ගෙයි ඇති පුතේ.. ගිහින් බලන්න..” එම වදන් පිටවූ සැනින් ඔවුන්ගෙන් මිදී මම ඉහළ මාලයේ අක්කාගේත් මගෙත් කාමරයට එබුනෙමි. මගේ අක්කා නොව අහිංසක සුරංගනාවියක් කණ්නාඩි මේසය අභියස ඉන්නවා පෙනුණි. ඉතිං ආඩම්බර විය යුතු නොවන්නේද..? ඒ සොඳුරු රුව හිමි වූයේ මගේම දයාබර සොයුරියටය. කණ්නාඩි මේසය තුළ දිස් වූ ඡායාව ඔස්සේ අපේ සිව් නෙත් මුණ ගැසුණි. ආගන්තුකයින් දෙපලක් පළමු වරට මුණ ගැසුනා සේ අප එකිනෙකා දෙස බලා උන්නා මිස දොඩමළු වූයේ නැත. ඒ වෙනුවට කතා කලේ අපේ දෙනෙත් පමණි. ඇගේ දිගැටි දෙනෙත් තුළ කිමිදී මා ආදරය සෙව්වද ඈ දෙනෙතින් සෙව්වේ දුකය. “මොකද මේ දෙන්නා අද දැකපු දෙන්නෙක් වගේ මූණ දිහා බලන් ඉන්නෙ..?” අපේ දැහැන බිඳ දැම්මේ අක්කාව හැඩ ගැන්වූ රේණු අක්කා විසිනි. ඒ ඇසිල්ලෙන් පියවි සිහියට පැමිණි මා සෙමින් අඩි තබා කාමරය තුළට යන්නට හදද්දීම අක්කාත් පුටුවෙන් නැගී උන්නාය. “අපෝ.. අක්කව අන්දලත් ඉවරයි.. මේ කෙල්ල තාම හඩ්ඩි වගේ.. මූණවත් හෝදලා නෑ.. යන්න යන්න.. දැන් කට්ටිය එන්නත් ළඟයි..” නැන්දා මා දොර දෙසට අදිමින් කීවාය. මනමාලයා ඇතුළු පිරිස එන්නේ අක්කා බලන්න මිස මා බලන්නට නොවේ. ඉතින් අමුතු සූදානමක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ගේ පෙරැත්තය මත මම ඇඟ සෝදා කහ පැහැති සැහැල්ලු ගවුමකින් සැරසුනෙමි. “මේකිව ඉස්සරහට යවන්න එපා අක්කෙ.. මෙහෙම බොනික්කි වගේ ඉන්නවා දැක්කම මනමාලයා ලොක්කිට කැමති වෙන එකක් නෑ..” පොඩි මාමා අම්මාට මා පෙන්වමින් කීවද මම විශේෂ සූදානමක් වූයේ නැත. අනික් ඇස් කන් ඇති කිසිම පිරිමියෙක් අක්කව ප්‍රතික්ෂේප නොකරන වග විශ්වාසය. විශේෂ ආකර්ශනයක් නොවූවද ඈ අහිංසක චාම් යුවතියකි. මිදුලේ වාහන නතර කල හඬක් ඇසීමෙන් සැවොම කලබල විය. කලබල නොවූයේ අක්කා හා මා පමණි. පැමිණි පිරිස බලන්නට කියා නෑදෑ හිතවතුන් එහෙ මෙහෙ විසිර යද්දී මම අක්කා ළඟට ගොස් ඈ පාමුල හිඳ ඒ මුහුණට එබී බැලුවෙමි. ඇය මගේ අත් දෙක තරයේ අල්වා ගත්තාය. “සුදූ මේ දවස් දෙක තුනට හුඟක් වෙනස් වෙලා. වෙනදට මේ ගේ දෙක වෙන්න කෑ ගහපු, හිනා වෙවී ගේ වටේ දුවපු මගේ හුරතල් නංගි කෝ..?” මම ඇයට මස සිනාවක් පෑවෙමි. මගේ හිතට මොනවා වී තිබුණද කියා මටම තේරුණේ නැත. කවුරුන් හෝ මගේ අක්කාව හොරෙන් අරන් යන්න හදනවා වැනි හැඟීමක් මසිතේ විය. එවන් බරක් සිතේ තියාගෙන දුව පැන සැහැල්ලුවෙන් ඉන්න අයුරු මම නොදත්තෙමි. “එයාලා ආවට මම අදම යන්නෙ නෑනෙ සුදූ. තව අවුරුද්දක් විතර මට ඉන්න පුළුවන් වෙයි. ඉතිං ඇයි දුකෙන්..?” “ඔන්න ලොක්කි මනමාලයා දැක්කම උඹට අදම බැඳගන්න හිතෙයි..” කටකාර පොඩි මාමා අපේ කාමරය අභියස හිඳ කීවේය. අනෙක් පිරිසද කාමරයට පැමිණියේ සිනහවත් සැහැල්ලුවත් මුව රඳවාගෙනය. රේණු අක්කා නැවත වරක් අක්කා වටේ කැරකෙමින් ඇගේ ඇඳුමේ අඩු පාඩු සැකසුවාය. ඇය ඉන්පසු හැරුනේ මා වෙතටය. “සුදූ ඔයාගෙ හෙයාර් බෑන්ඩ් එක ගලවන්න.. එතකොට ලස්සනයි..” “මට මෙහෙම හොඳයි..” මම ඇයට මුරණ්ඩු වුණෙමි. නමුත් ඈ පැවසුවේ ඇත්තක් බව මම ද දනිමි. රැලි ගැසුණු මගේ තට්ටු කොණ්ඩය කඩා දමා එහි හැඩ බැලීම එකල මගේ විනෝදාංශයක් විය. බොහෝ පිරිමි ළමුන් මා බෝනික්කෙක් ලෙස හැඳින්වීමට මේ ලස්සන කැරලි කොණ්ඩයද හේතුවක් විය. අප කාමරයේ සිටිනා අතරතුර පහළ මාලයේ සතුටු සිනා හඬ පැහැදිලිවම ඇසුණි. මා හැර සැවොම උන්නේ සතුටිනි. ටික වේලාවකින් අම්මා ඉක්මන් අඩි තබා පැමිණියාය. “ලොකු පුතේ.. ඔයා හරි නේද..? එහෙනම් යමු පහළට..” අම්මා අක්කව නැගිට්ටෙව්වාය. ඉන්පසු මගේ දරුවට රත්නත්තරේ පිහිටයි කියා මුමුණනවා මට හොඳට ඇසුණි. “ආ.. අක්කගෙ ළමයට මේක දෙන්න..” කලින් සිට සූදානම් කර තිබූ බුලත් හෙප්පුව අම්මාට දුන් නැන්දා යළි පහළ මාලයට ගියාය. අම්මා අක්කාගේ අතින් අල්ලා ඈ කැඳවාගෙන යද්දී මොකක්දෝ නොතේරෙන දුකක් මසිත වසා පැතිරෙන්නට විය. ඔවුන් පඩිපෙළ බැසීමට පෙර ඉක්මන් වූ මා දිව ගොස් අක්කාගේ දෙපා මුළ වැඳ වැටුණෙමි. දෑස් තෙත්ව ගියේ මගේ හා අක්කාගේ පමණක් නොව බලා උන් හැමගේ නෙතින් කඳුළක් ගලා ගියේය. බුලත් හෙප්පුව අත දරා අම්මාගේ දෑතට මැදිව උන් අක්කා මා එසවීමට හැකි වූයේ නැත. පිටුපස උන් රේණුකා අක්කා මා තුරුළු කරගත්තාය. “දුක් වෙන්න එපා පැටියො.. අක්කා ඔයාව දාලා යනවා නෙමෙයිනේ.. ඕක ගෑණු අපි කාටත් උරුම දෙයක්.. මේ වෙලාවෙ අක්කව සතුටින් තියන්න බලන්න.. එයාව අඬවන්න එපා..” ඉතින් ඇයව යළි නොහඬවන්නෙමියි සිතා මම ඉකි බිඳ බිඳ හැඬුවෙමි. අපේ කාමරයේ ජනේල් පියන් අතරින් ඈත කඳු මුදුන් දෙස බලා සියළු දුක් සිතින් බැහැර කරන්නට මට අවැසි විය. මට නිදහසේ ඉන්නට හැර රේනු අක්කාත් පිරිස අතරට ගියාය. තාත්තාගේ, මාමාගේ හැඹුරු හඬවල් ගැහැණුන්ගේ සිනා හඬවල් නිරන්තර ඇසුණි. දැහැනකට සම වැදී මෙන් ඈත කඳු යාය දෙස බලා උන් මා තිගැස්සී ගියේ නැවත රේනු අක්කා පැමිණි හඬින්ය. “දැන් අඬලා ඉවරයි නේද..? එහෙනම් හිනාවෙන්න..” “මොකටද..?” “යමුකො පෙන්නන්න..” මාව පහළ මාලයට ගෙන යාමට ඈට තිබුණේ පුදුම හදිස්සියකි. ඔය තරම් පෙන්වන්නට වටිනා දෙය කුමක්දැයි මා නොදැන උන්නෙමි. “මට බෑ.. ඔයා යන්න..” “යමු සුදූ.. හැමෝම පහළ.. අම්මා ඔයාවත් එක්කරගෙන එන්න කිව්වා..” කුමක්දෝ රහසක් දෙනෙත් තුළ සඟවාගෙන ඈ සිනාසෙයි. ඈ මා රැගෙන යන්නට හදන්නේ අම්මා ළඟට නොවේ. ඉතින් මා යා යුතු නැත. නිහඬවම ගොස් මා ඇඳේ පෙරළි ගතිමි. අමනාප මුහුණකින් මදෙස බලා උන් රේණු අක්කා යන්න ගියාය. නමුත් මට දෙනෙත් පියා ගැනීමට ඉඩක් ලැබුණේ නැත. එවර මා සොයා ආවේ අප්පච්චීය. අප්පච්චී ළඟ මුරණ්ඩු දියණියක් වීමට අවැසි නොවූ නිසා මා නැඟී උන්නෙමි. අප්පච්චී මා තුරුළු කරගෙනම පියගැට පෙළ බසීය. අප සාලයට යන විට එතෙක් පැවති ඝෝශාව ක්ෂණිකව නැවතුණි. බිම බලා උන්නද හැමගේ ඇස් යොමු වී තිබුණේ මදෙසට බව විශ්වාසය. ඉතින් මා හිස ඔසවන්නේ නැතිවම තව තවත් අප්පච්චීට තුරුළු වුණෙමි. “මේ ඉන්නෙ අපි මෙච්චර වෙලා කතා කරපු කෙනා..” අප්පච්චී එසේ කියද්දී සිතට දැනුණ අපහසුතාවය සුළු පටු එකක් නොවේ. යන්තමින් හිස ඔසවා බලද්දී එතැන විසි පහක පමණ පිරිසක් උන් බව පෙණින. “හරිම හුරතල් කෙලි පොඩ්ඩ. එන්න පුතේ මගේ ළඟට..” කවුදෝ නොදන්නා ගැහැණු කෙනෙක් එසේ කියද්දී මම අම්මා දෙස බැලුවෙමි. ඇය ළඟට යන්නැයි අම්මා හිසෙන් සන් කරද්දී මම පියවර මැන ගොස් ඈ ළඟ අසුන් ගතිමි. “ඔය තමයි සුදූ සාගර අයියගෙ අම්මා..” අම්මා ඇය හඳුන්වා දුන්නාය. සාගර යනු අක්කාට යෝජනා කර තිබූ මනමාලයාය. මෙතෙක් වේලා ඔහු දැකගත නොහැකි වූ නිසා මම දෙනෙත් පා කර මගේ මස්සිනා හෙවත් අයියාව සෙව්වෙමි. එකම ළඟ වාඩි වී උන් කඩවසම් තරුණයින් දෙදෙනෙක් විය. ඉන් එක් අයෙකුගේ දෙනුවන් නෙත ගැටෙද්දී මා තිගැස්සී ගියේය. කවදා කෙදිනක හෝ දැක පුරුදු ඒ දෙනුවන් අතර මම වශි වී උන්නෙමි. ඔහුත් ඇසි පිය නොහෙලා මදෙස බලා උන්නාය. ලාබාල අහිංසක පෙනුමක් තිබූ ඔහු සාගර අයියා විය නොහැක. ඊට වඩා වැඩිමල් පෙනුමෙන් යුත් තරුණයා මදෙස බලා සැහැල්ලු ලෙස සිනාසුනේය. බුලත් හෙප්පුව රැගෙන එන මොහොතේ අක්කාගේ මුහුණේ වූ නොසන්සුන් පෙනුම පහව ගොස් ඇත. ඈ උන්නේ සතුටිනි. “එහෙනං අක්කෙ කෑම ඩිංගක් කාලම කතා කරමු නේද..?” අම්මා සාගර අයියාගේ අම්මා ළඟට වතුර වීදුරුවක් ගෙන එමින් පැවසුවාය. එකිනෙකා උන් තැනින් නැගිට එහෙ මෙහෙ යද්දී අක්කා, මම, සාගර අයියා හා අනෙක් තරුණයා එතැන ඉතිරි විණි. මම අක්කා ළඟට ගොස් ඇයට තුරුළු වී ඉඳ ගතිමි. කුමක්දෝ හේතුවකට දෙනෙත් ඔසවා බලන්නැයි මා සිත බල කළේය. ඉතින් මම කීකරු වූයෙමි. එසවූ දෙනෙත් අසරණව ගියේ මදෙස බලා උන් ඒ දිගැටි නෙත් සැර වැදීමෙනි. “නංගි ඇයි බයවෙලා වගේ..? ඔයත් අක්කා වගේ ගොළුයිද..?” සාගර අයියා මගෙන් ඇසුවද ඔහු බලා උන්නේ අක්කා දෙසය. මගේ විනිශ්චයේ හැටියට සාගර අයියා හොඳ වැදගත් පෙනුමකින් යුත් කඩවසම් තරුණයෙකි. එනිසා අක්කා අහිමි නොවේවි යන හැඟීමක් මට ඇතිවිය. නමුදු මේ මොහොතේ මා සිත කම්පිත කල කාරණය වූයේ එය නොවේ. මා පසුපස ලුහු බඳින අහිංසක නෙතු යුවලයි. “බලපංකො බං, මේ දෙන්නම කතා කරන්න දන්නෑ වගේනේ..” එම තරුණයා දෙස බැලූ සාගර අයියා නැවතත් කීවේය. නමුදු ඔහුත් ගොළු වී ගිය සැටියකි. “ඒ පාර උඹට මොකද වෙලා තියෙන්නෙ, බලාගෙන ගියාම මෙතන කියවන එකම එකා මමනේ..” ඔහුගේ එම කතාවට මටත් අක්කාටත් සිනා නැගුණේ එකවිටය. රේණු අක්කාත් අප උන් තැනට විත් හිඳ ගත්තාය. මා දෙනෙත් විනිවිද යන බැල්මක් හෙලූ ඈ ඉන්පසු සාගර අයියා දෙස බැලීය. “මොකද කට්ටිය කතා නැත්තෙ..?” “ඒක තමයි නංගි.. මේ කවුරුත් කතා කරන්නෑනෙ.. අපි දෙන්නවත් කතා කරමු..” “කතා කරමු.. හැබැයි කාලා ඉවරවෙලා.. අන්න අම්මලා තනියෙම කනවා..” මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට රේණු අක්කා තුළ සබකෝලයක් නැත. ඇය අක්කාගේම පන්තියේ උන් කටකාර යෙහෙළියකි. නූලෙන් නැටවෙන රූකඩයක් සේ එකිනෙකාගේ බහට අවනතව මම කාලය ගෙව්වෙමි. ඔවුන්ගෙන් මිදී කාමරයට ගොස් තනි වී සිටීමේ අවශ්‍යතාවය සිතට දැනුනද කිසිවෙක් මා සිරකරගෙන ඇති සෙයකි. “වෙනදට සුදු බේබි ගෙදර ඉන්නකොට මුළු ගේම පිරිලා.. දඟ කරනවා ඉවරයක් නෑ.. ඒත් අදනං බේබි වෙනස්..” ගුණවතී නැන්දා හැමෝටම ඇසෙන ලෙස කීවේ ඔවුන්ගේ අවධානය මා වෙත යොමු කරමිනි. “එක ගෙදරින් මගුල් දෙකක් කෙරුණත් නරකක් නෑ ඉතිං..” අම්මාගේ කණට කර කීවද ගුණවතී නැන්දාගේ වදන් මා අසා උන්නෙමි. මම ක්ෂණිකව ඒ දෙනෙත් සෙව්වෙමි. සුපුරුදු ලෙස ඒ ඇස් තිබුණේ මා මුහුණ මත්තේය. “මේ පුංචි කෙල්ලට මොන මගුල්ද ගුණවතී..? තාම ඒ හැටි වයසක් යෑ..” අම්මාට තරහා ගියා වන්නට ඇත. නමුත් ගුණවතී නැන්දා සතුටින් සිනාසුනි. දැන් ඇයට අක්කාගේ මංගල්ලය කෙරුනා හා සමානය. කාලය ගෙවුනා නොවේ ඉගිලී ගියා සේය. ඔවුන් යන්නට සැරසුණි. “ආයෙ මොකටද ගුණවතී අතේ පණිවිඩ එවන්නෙ.. ඔන්න නංගියෙ අපි නං කැමතියි.. නේද පුතා..?” සාගර අයියාගේ පියා අපේ අම්මා දෙස බලා පවසද්දී සාගර අයියා සිනාසුනි. අක්කා ඔවුන්ගේ වැඩිහිටියන් සැමට වඳිද්දී මම සාගර අයියාගේ අම්මාට හා තාත්තට පමණක් වැඳ පසෙකට විමි. “අපෙත් අකමැත්තක් නෑ ඉතිං.. දුවගෙන් අහලම පණිවිඩයක් එවන්නම්කො..” ඒ කීවේ තාත්තාය. ඔවුන් මිදුලේ වාහන කරා යද්දී මා අක්කාගේ අතේ එල්ලී පිටුපා යන ඔහු දෙස බලා උන්නෙමි. දෙනෙත් ලාවට බොඳව යද්දී මම අක්කාගේ අත තවත් තද කර ගතිමි. ඇසිල්ලකින් ඔහු පිටු පස හැරුණි. ඒ නෙත්සර දැල්වී තිබුණේ මා වෙතය. එය අක්කා දුටුවාදැයි නොදනිමි. ඇතැම් විට ඈ බලා ඉන්නට ඇත්තේ සාගර අයියා දෙස වන්නට ඇත. [/COLOR][/SIZE][CENTER] [SIZE=3][COLOR=Blue][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom