Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරිදා උදෑසන මා නැගිට බලද්දී අක්කා කාමරයේ නොවූවාය. ඇඳෙන් බසින්නට යද්දී මගේ කහ දුඹුරු මිශ්‍ර සල්වාර් ඇඳුම පිළිවෙලට මැද ඇඳේ කොණක දමා තිබෙනු දැක මා පුදුම විය. මා අඳින්නේ කුමක්දැයි අක්කා මගෙන් ඇසුවේ නැත. නමුදු ඊයේ නින්දට යන විට මා සිතින් තෝරා ගත් ඇඳුමම ඇය මැද දමා තිබෙන අපූරුව..

“ඔයා නැගිට්ටද සුදූ.... පරක්කු වෙයි කියලා මං ඔයාට ඇඳුමක් මැදලා තිබ්බා.. මේක හොඳයිද..?”

මා සිත විනිවිද දුටුවා සේ ඇයද එම ඇඳුමම තෝරා ඇති කල ඊට හොඳක් පමණක් කීම නොසෑහේ. ඉතිං මා සිනාසුනා පමණි.

“මේක එපා නං වෙන එකක් තෝරලා දෙන්න.. මං මැඳලා දෙන්නං..”

මගෙන් පිළිතුරක් නොවූ කල ඈ නැවත කීවාය.

“මං තෝරපු එක අල්මාරියෙ නෑ..”

එය නොවැටහුණ අක්කා පුදුම වී බැලුවාය.

“එහෙනං..”

“ඒක දැන් තියෙන්නෙ ඇඳ උඩ..”

අක්කා සතුටු සිතින් බලා හිදිද්දී මා තුවාය රැගෙන පඩිපෙල බැස්සාය. කුස්සිය දෙසින් මිහිරි සුවඳක් වහනය වන්නට විය.

“සුදු බේබි එන්න කැවුමක් කන්න..”

ගුණවතී නැන්දා රන්වන් පැහැයට බැඳ තිබූ කවුම් වට්ටිය මදෙසට පෑවාය.

“දැන්ම කෑවට කමක් නැද්ද..?”

“මොකෝ නරක..? මේක දානයක් යැ. සුදු බේබි හිතේ හැටියට කන්න.. ඕං කිරිබතුත් තියෙනව..”

මම තුවාය කරේ දමා කැවුමක් ගෙන එහි හැඩ බැලුවෙමි. ගුණවතී නැන්දා එහි කොණ්ඩය අපූරුවට වඩවා තිබුනාය.

“මොකෝ පුතේ කැවුමේ ලස්සන බලනවද..? විගහට කාලා ලෑස්ති වෙන්න..”

ජාතික ඇඳුමින් සැරසී ගත් අප්පච්චී මහිස අතගා ආදරයෙන් කීය.

“මං ඇඟ සෝදලා ඇවිත් කන්නං..”

කවුම නැවත වට්ටියට දමා මම නාන කාමරයට රිංගා ගතිමි.

උදෑසනම රේණු අක්කාත් සමඟ පැමිණ කැවිලි පෙවිලි සූදානම් කිරීමට ඈ උදව් දුන්නාය.

“නැන්දට මං ඔසරිය අඳින්න උදව් කරන්නං..”

අම්මා ළඟට ගිය ඈ අසද්දී අම්මගේ මුවගට සිනා නැගිනි.

“හැමදාම අඳින ඕකෙ මොන විශේෂයක්ද දරුවො.. පුළුවන්නං සුදූට අදින්න උදව් කරන්න..”

මා තුවාය ගත දවටා කිරිබත් කද්දී අම්මා රේණු අක්කාට මා බර කළාය.

“සුදූට නං අමුතුවෙන් අන්දන්න දෙයක් නෑ නැන්දෙ. මේකි මොකක් ඇන්ඳත් ලස්සනයි..”

අක්කා සමග කාමරයට යන අතරේ ඈ මගේ තුවායෙන් ඇද කීවාය. එය ගිලිහී වැටෙන්නට යද්දී මසිතට තරහ නැගුණි.

කහ පැහැ සල්වාරියෙන් සැරසුණු මා හැඩකාර කොණ්ඩය සැකසීමට රේණු අක්කා ඉදිරිපත් විය. ඈ මගේ කැරලි කොණ්ඩය අඩක් පමණ අල්ලා ලස්සන කොණ්ඩ කටුවක්ද ගසා මදක් පසු පසට ගොස් බැලුවාය.

“මට නං ඉරිසියාවෙ බෑ බං.. බලපංකො මේකිගෙ හැඩ..”

මම ඇවට දිව ඇද කර කාමරයෙන් පිට විමි. අප්පච්චී ඔරලෝසුව දෙස බලමින් දොර ළඟට වී උන්නේය.

“හාමිනේ.. කැවිලි පෙවිලි ටික ලෑස්ති නං පිටත් වෙමු. මල්ලිලා හන්දියට ඇවිල්ලත් ඇති..”

අප්පච්චී ඒ මතක් කලේ පොඩි මාමලාය. ඔවුන් අපත් සමඟ යාමට වෑන් රියකින් මගට එන බව කීය. අක්කටත් රේණු අක්කටත් සමු දී අපි ගුණවතී නැන්දා සමග වෑන් රියට නැගුණෙමු.

“පුතාලා දෙන්නා පරිස්සමින් ඉන්න.. මං වත්තෙ සිරිදාසලටත් කිව්වා මේ පැත්ත බලන්න කියලා..”

ජනේලයෙන් හිස දැමූ අප්පච්චී අක්කලා දෙස බලා කීවේය. අක්කා ඇස් පුංචි කර අමුතුම හැඟීමකින් මදෙස බලා උන්නාය. මම ඈට අත වනා සමු දුනිමි.

අප පොඩි මාමලා සමඟ සාගර අයියලාගේ නිවසට යද්දී ඔවුන් අප එන පෙරමග බලා උන්හ. නමුත් මා සෙවූ ඇස් ඒ අතර නොවූ වග දැක සිතට සියුම් දුකක් දැනෙන්නට විය. ආදරණියව අප පිළිගත් සාගර අයියගෙ අම්මා මා කර වට අත යවා තුරුළු කරගත්තාය.

“ඇස්වහක් කටවහක් නෑ නංගියෙ හරිම සිරියාවයි...”

ඈ මහිස අත ගා එය කීවේ අපේ අම්මාටය. මම නිහඬවම ඈ පසුපස ඇදුනෙමි. රේණු අක්කා කී දේපල කතාව සිහි වී මම නිකමට ඒ නිවස සිසාරා නෙත් යවද්දී සිතට සැනසීමක් දැනුණි. අපේ නිවස තරම්ම ලොකු නැතුවාට එය මනරම් බිම් කඩක පිහිටි සොඳුරු නිවසකි.

සාලයේ අසුන්ගත් සැනින් කිසිවෙකු මගේ උරයේ රැදුණු ෂෝල් එකෙන් ඇද්දේය. පසුපස හැරී බලද්දී මා ළඟ සිනා සිසී උන්නේ සාගර අයියාය.

“මං නං හිතුවා එන එකක් නෑ කියලා.. එදා ඉතිං ගණං ඉස්සුවනේ..”

“දැන් ඉතිං ආවනේ..”

මම අසන්නට වූයේ එය නොවේ. සඳුන්..... මසිත ඔහුව සොයමින් උන්නේය.

“අක්කා ගෙදර තනියමද නංගි..?”

සාගර අයියා නැවත ඇසුවේය. ඔහු කවදා හෝ අක්කාට හොඳ සැමියෙකු වනු ඇතැයි මට සිතුණි. මේ සොයා බැලීම හැමදාම ඇත්නම් මගේ අක්කා වාසනාවන්ත නොවන්නේද..? මගේ මුවගට හසරැල්ලක් නැගුණි.

“දෙයක් අහපුවම උත්තර නොදී තනියම හිනාවෙනව...”

ඔහු එවර අමනාපයෙන් කීවේය.

“අක්කා රේණු අක්කත් එක්ක ඉන්නවා..”

“මේ දෝණි කවුද පුතේ..?”

ප්රතාපවත් පෙනුමැති වයස්ගත පුද්ගලයෙකු සාගර අයියාගෙන් ඇසුවේ මා ගැනය.

“මේ ඉන්නෙ සීයෙ මගේ නෑනා..”

“හොඳා.. හොඳා.. නෑනලා මස්සිනාලා උනාම සමගියෙන් ඉන්නෝනෙ..”

ඔහු කරුණාබර සිනාවක් පා මදෙසට එද්දී මම නැගිට ඔහුට වැන්දෙමි. සාගර අයියා ඇස් අමුතු කර බලා උන්නේය.

“මගේ දෝණිට රත්නත්තරේ සරණයි..”

ඒ අවංක ආශිර්වාදය මගේ හිත පතුලේ තැන්පත් විය. දෙපිරිසේම නෑදෑයන් තැන් තැන් වල කතා බහේ නිරතව උන්හ. මෙතරම් පිරිසක් අතරේ වුව සිතට දැනුනේ මහා තනිකමකි. පිරිස මඟ හැරී මා මිදුලේ මල් වගාව අතරේ ඇවිද ගියෙමි. සොඳුරුව වවා තිබූ ඒ මල් පැල හොඳින් සාත්තු කර ක්රමාණුකූලව නඩත්තු කර තිබිණි.

මහා හඬින් රේස් කර පැමිණි ට්‍රේල් බයිසිකලයක් මිදුලේ නතර විය. මා එදෙස හරීවත් නොබැලිමි. නමුත් මහා හුරු පුරුදු ආත්මීය සුවඳක් මා සිතට දැනුණේය.

“ඇයි බබා මේ තනියම..?”

මා සිතිවිලි දැහැන බිඳී ගියේය. මම වහා ඇස් එසවිමි. සඳුන්.... ඔහු සුපුරුදු අහිංසක බැල්මෙන් මදෙස බලා උන්නාය. මමද විනාඩි ගණනක් ඒ දෑසේ සිරවී ගතිමි.

“මං හිතුවා ඔයා ගෙදර නවතී කියලා.. සාගර ඔයා ආවා කිවලා කිව්ව නිසා මේ දුවගෙන ආවෙ..”

මගේ ඇස් වලටම එබී ඔහු කීවේය. ඒ සංවේදී බව ඒ හැඟීම්බර බව මසිතට දරාගත නොහැකි තරම් විය.

“උඹ ඉගිලිලද යකෝ ආවෙ..? යකෝ මං කෝල් කරලා පැය කාලක් ගියේ නෑනෙ..”

සාගර අයියා අප උන් ඉසව්වට ආවේ එසේ කියාගෙනමය. සඳුන් අත වූ හෙල්මටය රැගෙන ගොස් බයිසිකලයේ රැඳවූයේය.

“දැං මොකක්ද මේ තදියමේ දුවන් එන්න තරම් උඹට තිබුණු හදිස්සිය..”

ඔහු එය ඇසුවේ සඳුන්ගෙන් වුවද ඒ ඇස් නතර වී තිබුණේ මා මුහුණ මත්තේය. මම එදෙස නොබලා සරුවට වැඩී තිබුණු රෝස මලත් අතපත ගෑවෙමි.

“සුදු දුවේ එන්න තේ එකක් බීලා යන්න..”

මා ඒ අපහසුතාවයෙන් මුදවා ගත්තේ සාගර අයියාගේ අම්මාය. ඉතින් මම වහා ඈ දෙසට දිව ගියෙමි.

“ආ.. මේ චූටි පුතත් ඇවිත් ඉන්නෙ.. මං දැක්කෙ නෑනෙ..”

සඳුන්ව දුටු ඈ කීවාය. ඔහු සිනා සී සාගර අයියා සමඟ අප පසුපස ඇඳුණි.

කැවිලි පෙවිලි පෙරටු කරගත් සංග්‍රහය අතර තුර දෙපිරස ඉතා විනෝදයෙන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. අම්මාත් අප්පච්චීත් ඉසා සැනසිලි සහගත හැඟීමෙන් පසුවනවා දුටු මසිත පිරී ගියේය.

දිවා ආහාරය ජයටම සූදානම් කර තිබිණි. නමුත් අක්කා නිවසේ දමා ආ බැවින් මෙය තනිව රස විඳීමට හිත හදාගත නොහැකි විය.

“අම්මා.. මං ගෙදර ගිහින් කන්නම්..”

අම්මා ළඟට ළං වී.. මා ඇගේ කණට කෙඳිරුවෙමිත. ඈ තිගැස්සුණු නෙතින් මදෙස බැලුවාය.

“අක්කට නැතුව අපි විතරක් කන එක හරිද අම්මා..?”

“අක්කා රේණුත් එක්ක කයි පුතේ.. ඔයා කන්න..”

“ඒත් අම්මා....”

“මොනවද නංගියෙ කෙල්ල කුටු කුටු ගාන්නෙ..?”

සාගර අයියාගේ මව සුනීතා ආන්ටී අම්මාගෙන් ඇසුවාය.

“මෙයාට අක්කා නැතුව කන්න බෑලු..”

“පුදුම දරුවෙක්නෙ.... පුතේ ඔයා දැන් කන්න.. අක්කට වෙනම කෑම එකක් අපි අයින් කලා.. ගෙදර ගිහින් ඒක අක්කට දෙන්න..”

ඔවුන්ගේ පෙරැත්තය මත මම කටක් දෙකක් ගිල දමා පසෙකට විමි. කොහේදෝ සිට පැමිණි සඳුන් වටලප්පන් තසිමක් මා අත තැබීය. ඔහුගේ අතින් මුලින්ම මට දුන්නේ මා කවදත් කෑමට ප්‍රිය කල දෙයක් වීම පුදුම සහගතය. මා එය කන තෙක් ඔහු මා අබියස හිඳ බලා උන්නේය.

“ඇයි හැමදාම කහ පාටම අඳින්නෙ..? මම දැක්ක දවස් තුනේම ඔයා හිටියෙ කහපාට ඇඳගෙනනෙ..”

ඔහු එය එතරම් තදින් සිහි තබාගෙන උන්නාද..? මම පුදුම විමි.

“මම සාගර එක්ක ඔයාලගෙ ගෙදර ඇවිත් ගියාට කමක් නැද්ද..?”

ඔහු නැවත ඇසුවේය. මා මුහුණේ සිහින් හසරැල්ලක් ඇදී මැකී ගියේය. ඉදින් මගේ පිළිතුර ඔහු අනුමාන කරන්නට ඇත. එසේ නොවුනත් ඒ නෙතු අභියස දොඩන්නට මට වදන් අමතකව තිබිණි.

“මං මේ තරං හදිස්සියෙ දුවගෙන ආවෙ ඔයාව බලන්න නංගි. වචනයක් හරි කතා කරන්නකො..”

ඒ ඉල්ලීම මහා දුක්බර එකකි. ඒ හඬට මසිත දැවී ගියේය.

“අයියා ගෙදර එන්න... අපි කතා කරමු..”

එය මා සිතා මතා කියූවක් නොවේ.. නමුත් එවදන් පිටවිය. අප්පච්චිගේ පුංචි දෝණිගේ මුවින් පිටවූ වදන් බරපතල වැඩිදැයි නොදනිමි. සඳුන් මහත් දයාබර ඇසකින් මදෙස බලා උන්නේය.

මංගල්ලය පිළිබඳ බොහෝ කරුනු කාරණා තින්දු කරගෙන අපි සාගර අයියලාගේ නිවසින් පිටවීමු. මසිත කැළඹූ ඒ සොඳුරු යෞවනයාට මම සිනහවකින් සමු දුනිමි.

“දැනුයි මගේ හිතට සැනසීමක් දැනුණෙ.”

වෑන් රිය පාරට දැමූ සැනින් අම්මගේ සිතේ වූ සැහැල්ලුව පිට විය. ඔවුන් නිවසට එන මග දිගටම ඒ පිළිබඳ කතා කරමින් ආවද මම වීදුරුවකට බර දී අහස් කුසට නෙත් යොමා උන්නෙමි.

[QUOTE="crazybuddy, post: 14218985, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png"][IMG]http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png[/IMG][/URL] ඉරිදා උදෑසන මා නැගිට බලද්දී අක්කා කාමරයේ නොවූවාය. ඇඳෙන් බසින්නට යද්දී මගේ කහ දුඹුරු මිශ්‍ර සල්වාර් ඇඳුම පිළිවෙලට මැද ඇඳේ කොණක දමා තිබෙනු දැක මා පුදුම විය. මා අඳින්නේ කුමක්දැයි අක්කා මගෙන් ඇසුවේ නැත. නමුදු ඊයේ නින්දට යන විට මා සිතින් තෝරා ගත් ඇඳුමම ඇය මැද දමා තිබෙන අපූරුව.. “ඔයා නැගිට්ටද සුදූ.... පරක්කු වෙයි කියලා මං ඔයාට ඇඳුමක් මැදලා තිබ්බා.. මේක හොඳයිද..?” මා සිත විනිවිද දුටුවා සේ ඇයද එම ඇඳුමම තෝරා ඇති කල ඊට හොඳක් පමණක් කීම නොසෑහේ. ඉතිං මා සිනාසුනා පමණි. “මේක එපා නං වෙන එකක් තෝරලා දෙන්න.. මං මැඳලා දෙන්නං..” මගෙන් පිළිතුරක් නොවූ කල ඈ නැවත කීවාය. “මං තෝරපු එක අල්මාරියෙ නෑ..” එය නොවැටහුණ අක්කා පුදුම වී බැලුවාය. “එහෙනං..” “ඒක දැන් තියෙන්නෙ ඇඳ උඩ..” අක්කා සතුටු සිතින් බලා හිදිද්දී මා තුවාය රැගෙන පඩිපෙල බැස්සාය. කුස්සිය දෙසින් මිහිරි සුවඳක් වහනය වන්නට විය. “සුදු බේබි එන්න කැවුමක් කන්න..” ගුණවතී නැන්දා රන්වන් පැහැයට බැඳ තිබූ කවුම් වට්ටිය මදෙසට පෑවාය. “දැන්ම කෑවට කමක් නැද්ද..?” “මොකෝ නරක..? මේක දානයක් යැ. සුදු බේබි හිතේ හැටියට කන්න.. ඕං කිරිබතුත් තියෙනව..” මම තුවාය කරේ දමා කැවුමක් ගෙන එහි හැඩ බැලුවෙමි. ගුණවතී නැන්දා එහි කොණ්ඩය අපූරුවට වඩවා තිබුනාය. “මොකෝ පුතේ කැවුමේ ලස්සන බලනවද..? විගහට කාලා ලෑස්ති වෙන්න..” ජාතික ඇඳුමින් සැරසී ගත් අප්පච්චී මහිස අතගා ආදරයෙන් කීය. “මං ඇඟ සෝදලා ඇවිත් කන්නං..” කවුම නැවත වට්ටියට දමා මම නාන කාමරයට රිංගා ගතිමි. උදෑසනම රේණු අක්කාත් සමඟ පැමිණ කැවිලි පෙවිලි සූදානම් කිරීමට ඈ උදව් දුන්නාය. “නැන්දට මං ඔසරිය අඳින්න උදව් කරන්නං..” අම්මා ළඟට ගිය ඈ අසද්දී අම්මගේ මුවගට සිනා නැගිනි. “හැමදාම අඳින ඕකෙ මොන විශේෂයක්ද දරුවො.. පුළුවන්නං සුදූට අදින්න උදව් කරන්න..” මා තුවාය ගත දවටා කිරිබත් කද්දී අම්මා රේණු අක්කාට මා බර කළාය. “සුදූට නං අමුතුවෙන් අන්දන්න දෙයක් නෑ නැන්දෙ. මේකි මොකක් ඇන්ඳත් ලස්සනයි..” අක්කා සමග කාමරයට යන අතරේ ඈ මගේ තුවායෙන් ඇද කීවාය. එය ගිලිහී වැටෙන්නට යද්දී මසිතට තරහ නැගුණි. කහ පැහැ සල්වාරියෙන් සැරසුණු මා හැඩකාර කොණ්ඩය සැකසීමට රේණු අක්කා ඉදිරිපත් විය. ඈ මගේ කැරලි කොණ්ඩය අඩක් පමණ අල්ලා ලස්සන කොණ්ඩ කටුවක්ද ගසා මදක් පසු පසට ගොස් බැලුවාය. “මට නං ඉරිසියාවෙ බෑ බං.. බලපංකො මේකිගෙ හැඩ..” මම ඇවට දිව ඇද කර කාමරයෙන් පිට විමි. අප්පච්චී ඔරලෝසුව දෙස බලමින් දොර ළඟට වී උන්නේය. “හාමිනේ.. කැවිලි පෙවිලි ටික ලෑස්ති නං පිටත් වෙමු. මල්ලිලා හන්දියට ඇවිල්ලත් ඇති..” අප්පච්චී ඒ මතක් කලේ පොඩි මාමලාය. ඔවුන් අපත් සමඟ යාමට වෑන් රියකින් මගට එන බව කීය. අක්කටත් රේණු අක්කටත් සමු දී අපි ගුණවතී නැන්දා සමග වෑන් රියට නැගුණෙමු. “පුතාලා දෙන්නා පරිස්සමින් ඉන්න.. මං වත්තෙ සිරිදාසලටත් කිව්වා මේ පැත්ත බලන්න කියලා..” ජනේලයෙන් හිස දැමූ අප්පච්චී අක්කලා දෙස බලා කීවේය. අක්කා ඇස් පුංචි කර අමුතුම හැඟීමකින් මදෙස බලා උන්නාය. මම ඈට අත වනා සමු දුනිමි. අප පොඩි මාමලා සමඟ සාගර අයියලාගේ නිවසට යද්දී ඔවුන් අප එන පෙරමග බලා උන්හ. නමුත් මා සෙවූ ඇස් ඒ අතර නොවූ වග දැක සිතට සියුම් දුකක් දැනෙන්නට විය. ආදරණියව අප පිළිගත් සාගර අයියගෙ අම්මා මා කර වට අත යවා තුරුළු කරගත්තාය. “ඇස්වහක් කටවහක් නෑ නංගියෙ හරිම සිරියාවයි...” ඈ මහිස අත ගා එය කීවේ අපේ අම්මාටය. මම නිහඬවම ඈ පසුපස ඇදුනෙමි. රේණු අක්කා කී දේපල කතාව සිහි වී මම නිකමට ඒ නිවස සිසාරා නෙත් යවද්දී සිතට සැනසීමක් දැනුණි. අපේ නිවස තරම්ම ලොකු නැතුවාට එය මනරම් බිම් කඩක පිහිටි සොඳුරු නිවසකි. සාලයේ අසුන්ගත් සැනින් කිසිවෙකු මගේ උරයේ රැදුණු ෂෝල් එකෙන් ඇද්දේය. පසුපස හැරී බලද්දී මා ළඟ සිනා සිසී උන්නේ සාගර අයියාය. “මං නං හිතුවා එන එකක් නෑ කියලා.. එදා ඉතිං ගණං ඉස්සුවනේ..” “දැන් ඉතිං ආවනේ..” මම අසන්නට වූයේ එය නොවේ. සඳුන්..... මසිත ඔහුව සොයමින් උන්නේය. “අක්කා ගෙදර තනියමද නංගි..?” සාගර අයියා නැවත ඇසුවේය. ඔහු කවදා හෝ අක්කාට හොඳ සැමියෙකු වනු ඇතැයි මට සිතුණි. මේ සොයා බැලීම හැමදාම ඇත්නම් මගේ අක්කා වාසනාවන්ත නොවන්නේද..? මගේ මුවගට හසරැල්ලක් නැගුණි. “දෙයක් අහපුවම උත්තර නොදී තනියම හිනාවෙනව...” ඔහු එවර අමනාපයෙන් කීවේය. “අක්කා රේණු අක්කත් එක්ක ඉන්නවා..” “මේ දෝණි කවුද පුතේ..?” ප්රතාපවත් පෙනුමැති වයස්ගත පුද්ගලයෙකු සාගර අයියාගෙන් ඇසුවේ මා ගැනය. “මේ ඉන්නෙ සීයෙ මගේ නෑනා..” “හොඳා.. හොඳා.. නෑනලා මස්සිනාලා උනාම සමගියෙන් ඉන්නෝනෙ..” ඔහු කරුණාබර සිනාවක් පා මදෙසට එද්දී මම නැගිට ඔහුට වැන්දෙමි. සාගර අයියා ඇස් අමුතු කර බලා උන්නේය. “මගේ දෝණිට රත්නත්තරේ සරණයි..” ඒ අවංක ආශිර්වාදය මගේ හිත පතුලේ තැන්පත් විය. දෙපිරිසේම නෑදෑයන් තැන් තැන් වල කතා බහේ නිරතව උන්හ. මෙතරම් පිරිසක් අතරේ වුව සිතට දැනුනේ මහා තනිකමකි. පිරිස මඟ හැරී මා මිදුලේ මල් වගාව අතරේ ඇවිද ගියෙමි. සොඳුරුව වවා තිබූ ඒ මල් පැල හොඳින් සාත්තු කර ක්රමාණුකූලව නඩත්තු කර තිබිණි. මහා හඬින් රේස් කර පැමිණි ට්‍රේල් බයිසිකලයක් මිදුලේ නතර විය. මා එදෙස හරීවත් නොබැලිමි. නමුත් මහා හුරු පුරුදු ආත්මීය සුවඳක් මා සිතට දැනුණේය. “ඇයි බබා මේ තනියම..?” මා සිතිවිලි දැහැන බිඳී ගියේය. මම වහා ඇස් එසවිමි. සඳුන්.... ඔහු සුපුරුදු අහිංසක බැල්මෙන් මදෙස බලා උන්නාය. මමද විනාඩි ගණනක් ඒ දෑසේ සිරවී ගතිමි. “මං හිතුවා ඔයා ගෙදර නවතී කියලා.. සාගර ඔයා ආවා කිවලා කිව්ව නිසා මේ දුවගෙන ආවෙ..” මගේ ඇස් වලටම එබී ඔහු කීවේය. ඒ සංවේදී බව ඒ හැඟීම්බර බව මසිතට දරාගත නොහැකි තරම් විය. “උඹ ඉගිලිලද යකෝ ආවෙ..? යකෝ මං කෝල් කරලා පැය කාලක් ගියේ නෑනෙ..” සාගර අයියා අප උන් ඉසව්වට ආවේ එසේ කියාගෙනමය. සඳුන් අත වූ හෙල්මටය රැගෙන ගොස් බයිසිකලයේ රැඳවූයේය. “දැං මොකක්ද මේ තදියමේ දුවන් එන්න තරම් උඹට තිබුණු හදිස්සිය..” ඔහු එය ඇසුවේ සඳුන්ගෙන් වුවද ඒ ඇස් නතර වී තිබුණේ මා මුහුණ මත්තේය. මම එදෙස නොබලා සරුවට වැඩී තිබුණු රෝස මලත් අතපත ගෑවෙමි. “සුදු දුවේ එන්න තේ එකක් බීලා යන්න..” මා ඒ අපහසුතාවයෙන් මුදවා ගත්තේ සාගර අයියාගේ අම්මාය. ඉතින් මම වහා ඈ දෙසට දිව ගියෙමි. “ආ.. මේ චූටි පුතත් ඇවිත් ඉන්නෙ.. මං දැක්කෙ නෑනෙ..” සඳුන්ව දුටු ඈ කීවාය. ඔහු සිනා සී සාගර අයියා සමඟ අප පසුපස ඇඳුණි. කැවිලි පෙවිලි පෙරටු කරගත් සංග්‍රහය අතර තුර දෙපිරස ඉතා විනෝදයෙන් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. අම්මාත් අප්පච්චීත් ඉසා සැනසිලි සහගත හැඟීමෙන් පසුවනවා දුටු මසිත පිරී ගියේය. දිවා ආහාරය ජයටම සූදානම් කර තිබිණි. නමුත් අක්කා නිවසේ දමා ආ බැවින් මෙය තනිව රස විඳීමට හිත හදාගත නොහැකි විය. “අම්මා.. මං ගෙදර ගිහින් කන්නම්..” අම්මා ළඟට ළං වී.. මා ඇගේ කණට කෙඳිරුවෙමිත. ඈ තිගැස්සුණු නෙතින් මදෙස බැලුවාය. “අක්කට නැතුව අපි විතරක් කන එක හරිද අම්මා..?” “අක්කා රේණුත් එක්ක කයි පුතේ.. ඔයා කන්න..” “ඒත් අම්මා....” “මොනවද නංගියෙ කෙල්ල කුටු කුටු ගාන්නෙ..?” සාගර අයියාගේ මව සුනීතා ආන්ටී අම්මාගෙන් ඇසුවාය. “මෙයාට අක්කා නැතුව කන්න බෑලු..” “පුදුම දරුවෙක්නෙ.... පුතේ ඔයා දැන් කන්න.. අක්කට වෙනම කෑම එකක් අපි අයින් කලා.. ගෙදර ගිහින් ඒක අක්කට දෙන්න..” ඔවුන්ගේ පෙරැත්තය මත මම කටක් දෙකක් ගිල දමා පසෙකට විමි. කොහේදෝ සිට පැමිණි සඳුන් වටලප්පන් තසිමක් මා අත තැබීය. ඔහුගේ අතින් මුලින්ම මට දුන්නේ මා කවදත් කෑමට ප්‍රිය කල දෙයක් වීම පුදුම සහගතය. මා එය කන තෙක් ඔහු මා අබියස හිඳ බලා උන්නේය. “ඇයි හැමදාම කහ පාටම අඳින්නෙ..? මම දැක්ක දවස් තුනේම ඔයා හිටියෙ කහපාට ඇඳගෙනනෙ..” ඔහු එය එතරම් තදින් සිහි තබාගෙන උන්නාද..? මම පුදුම විමි. “මම සාගර එක්ක ඔයාලගෙ ගෙදර ඇවිත් ගියාට කමක් නැද්ද..?” ඔහු නැවත ඇසුවේය. මා මුහුණේ සිහින් හසරැල්ලක් ඇදී මැකී ගියේය. ඉදින් මගේ පිළිතුර ඔහු අනුමාන කරන්නට ඇත. එසේ නොවුනත් ඒ නෙතු අභියස දොඩන්නට මට වදන් අමතකව තිබිණි. “මං මේ තරං හදිස්සියෙ දුවගෙන ආවෙ ඔයාව බලන්න නංගි. වචනයක් හරි කතා කරන්නකො..” ඒ ඉල්ලීම මහා දුක්බර එකකි. ඒ හඬට මසිත දැවී ගියේය. “අයියා ගෙදර එන්න... අපි කතා කරමු..” එය මා සිතා මතා කියූවක් නොවේ.. නමුත් එවදන් පිටවිය. අප්පච්චිගේ පුංචි දෝණිගේ මුවින් පිටවූ වදන් බරපතල වැඩිදැයි නොදනිමි. සඳුන් මහත් දයාබර ඇසකින් මදෙස බලා උන්නේය. මංගල්ලය පිළිබඳ බොහෝ කරුනු කාරණා තින්දු කරගෙන අපි සාගර අයියලාගේ නිවසින් පිටවීමු. මසිත කැළඹූ ඒ සොඳුරු යෞවනයාට මම සිනහවකින් සමු දුනිමි. “දැනුයි මගේ හිතට සැනසීමක් දැනුණෙ.” වෑන් රිය පාරට දැමූ සැනින් අම්මගේ සිතේ වූ සැහැල්ලුව පිට විය. ඔවුන් නිවසට එන මග දිගටම ඒ පිළිබඳ කතා කරමින් ආවද මම වීදුරුවකට බර දී අහස් කුසට නෙත් යොමා උන්නෙමි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom