Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴නෙතු දැහැන් බිඳී෴ යොවුන් නව කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කා කියූ පරිදි සාගර අයියා මල් වගාව ආරම්භ කිරීම වෙනුවෙන් අපට බොහෝ සේ වෙහෙස වන්නට සිදු විය. නමුත් සඳුන්ද සහභාගී වූ එම කාර්යයේදී කාලය ගෙවී යනවා දැනුනේවත් නැත. පැල තවාන් පිලියෙල කිරීම, සෙවණ ලබා දිය යුතු ශාක සඳහා ආවරණ සැකසීම, ජලනල පද්ධති සවි කිරීම ඉන් මූලික මධ්‍යයේ කටයුතු ඉතා සාර්ථකව සිදු කරගැනීමට සාගර අයියා සමත් වූයේය. ඔහු අක්කාට ගැලපෙන ධෛර්යයවන්ත සැමියෙක් යැයි මට නැවතත් සිතුණි.

ඉඩ ලැබෙන හැම විවේකයන්හීදී අප වැඩිපුර කලේ කාඩ් සෙල්ලම් කිරීමය. මමත් සඳුනුත් එක පිලකුත් අක්කාත් සාගර අයියාත් එක පිලකුත් වශයෙන් බෙදී උන්නෙමු.

“මං මෙහෙ ආවට වැඩක් නෑ වගේ.. කෝ ඉතිං මට පාට්නර් කෙනෙක් නෑනෙ..”

ඇතැම් දිනක රේණු අක්කා අමනාප වී එසේ කීවාය.

“පාට්නර් කෙනෙක් මං හොයල දෙන්නද නංගි..? මගේ තව තනිකඩ යාලුවො එහෙම ඉන්නවා..”

සාගර අයියා අප සිනහ ගන්වමින් කියද්දී මම ඇගේ මුහුණ දෙස බැලිමි. සියළු සතුටු රේඛා මධ්‍යයේ ඒ මුහුණේ සැඟවී ගත් දුක තැවරී ඇතැයි මට සිතුණි.

“අපි ඔය කතාව දැනට නවත්තමු.. එන්නකො තව පාත්ති වගයක් තියෙනව හදන්න..”

අක්කා ඒ කලේ අප වෙත වැඩ පැවරීමක් නොව රේණු අක්කාව ඒ අපහසුතාවයෙන් මුදවා ගැනීමක් බව මම නියත වශයෙන්ම දැන උන්නෙමි.

අප පැළ තවාන් කිරීඹට අවශ්‍ය ඉටි බෑග් සකස් කරද්දී සඳුන් මාගේ ළඟටම වී සිටි අයුරු දුටු සාගර අයියා අප දෙදෙනාටද විහිළු තහලු කලේය. එක් වරම අක්කා අතින් මුව වසා අපහසුතාවයෙන් නැගිට ඉවතට ගියාය. මම සඳුන්වද එතන දමා ඇගේ පසුපස දිව ගියෙමි.

“මගේ.... මගේ...”

නමුත් ඈ කීමට හැදූ දෙය කියා නිම කිරීමට ඉඩක් ලැබුණේ නැත. මම බිරාන්ත වී බලා හිදිද්දී ඈ පොල් ගසක් අල්ලා අමාරුවෙන් වමනය කළාය. ඈත උන් රේණු අක්කාද ඈ ළඟට පැමිණ ඇගේ පිට අතගෑමට පටන් ගත්තාය.

“අමා අක්කෙ.. ඇයි මේ..?”

සඳුන් එය ඇසුවේ අක්කාගේන වුවද ඔහු පැමිණ වත්තම් කර ගත්තේ බය වී බලා උන් මාවය.

“අමා.. ඔයාට අමාරුනං අපි අදට වැඩ නතර කරලා ඩොක්ටර් කෙනෙක් ළඟට යමු..”

නමුත් ඈ දිගටම දෙකට නැමීගත් වනම උන්නා මිස ඊට පිළිතුරු බැන්දේ නැත. මම රේණු අක්කා සමඟ එක්ව ඈ දෙපසින් අල්ලා කාමරයට තෙක් ගෙන ගියෙමු.

“ඩොක්ටර් ළඟට යන්න වෙයිද නංගි..?”

සාගර අයියා එවර ඇහුවේ රේණු අක්කාගෙනි.

“ඕන වෙන එකක් නෑ.. ඒත් ඉතිං ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හරියටම දැනගත්තානං තමයි වඩා හොද..”

එය තේරුනා මෙන් සිනාසුන සාගර අයියා කාමරයෙන් පිටව ගියද මට කිසිවක් වැටහුණේ නැත. මා කලේ තව තවත් සඳුන්ට ළං වී අක්කා දෙස බලා හිඳීම පමනි.

“අක්කා ටිකක් ඇඳට වෙලා හිටපුදෙන්.. අපි එළියට යමු නංගි..”

ඇයව කාමරයේ තනිකර දමා පිටතට ආවද මට සිත සන්සුන් කරගැනීමට නොහැකි විය.

“රේණු අක්කේ.. අපි අම්මට කෝල් කරලා කියමු.. මට බයයි වගේ..”

“නැන්දට එන්න කිව්වනං හොඳයි වගේ තමා.. අපි හවස ගියාම අක්ක තනියමනේ..”

“ඒත් අම්මට ඇවිත් නවතින්න බෑනෙ අක්කෙ.. අප්පච්චී තනියමනෙ..”

“නවතින්න නෙමෙයි අපි අමාව නැන්දා එක්ක ඩොක්ටර් ළඟට යවමු..”

“ඉතිං අපි අරන් යමුකො.. ඕකට අම්මා ඕනයෑ..”

මගේ කතාවට රේණු අක්කා කිසිවක් කීවේ නැත. නමුත් ඒ වන විටත් සාගර අයියා අපේ නිවසට පණිවිඩ යවා තිබිණි.

සවස් වෙද්දී අම්මාත් අප්පච්චීත් පැමිණ තිබුණේ අක්කා බැලීමටය.

“සාගර අයියෙ ඔයා නැන්දා එක්ක අමාව අරන් ඩොක්ටර් ළඟට යන්න..”

ඔවුන් පිටත්ව ගිය පසු මා ඉදිරිපස කාමරයේ ඇඳට වී උන්නෙමි. අප්පච්චී වත්ත පුරා ඇවිදිමින් අප සකස් කල පාත්ති පරික්ෂා කරනු ජනෙල් පියන් අතරින් මා දුටිමි.

“මං ඇතුළට ආවට කමක් නැද්ද..?”

දොර රෙද්ද අතරින් හිස පෙවූ සඳුන් ඇසුවේය. මම සිනාවකුදු නොමැතිව ඒ මුහුණ මත්තේ දෑස් රැදවූයෙමි.

“ඔය තරම් බයවෙන්නෙපා පැටියො.. අක්කට ලෙඩක් නෑ..”

කාමරයට පැමිණි සඳුන් ඇඳ ඉහත්තාවේ ඉඳ ගනිමින් කීවේය.

“ලෙඩක් නෑ..?”

මම එය ප්රතිරාවය කළෙමි.

“ඔව් සුදූ.. ඔයා පුංචි කෙනෙක් වෙන්නලු යන්නෙ..”

එවදන් ඇසී මා ඇඳේ ඉන්ඳුනි.. සඳුන් දෑස් පුංචි කර මදෙස බැලුවේය.

“ඔයා කොහොමද අයියෙ දන්නෙ..?”

“මමත් ඕවා දන්නෑ.. රේණු අක්ක තමයි කිව්වෙ..”

සිතට විසල් සතුටක් ඇතුළු වද්දී මම සඳුන් ළඟට පැන ඒ උණුසුමට තුරුලු විමි. ඉතිං පුංචි පැටියෙක් නිවසට එකතු වෙනවා යන්න වාසනාව ගෙන දෙන්නකි. අක්කාගේ පැහැය සාගර අයියාගේ හැඩ රුව සහිත බෝල බබෙක්ගේ රුවක් මසිතේ ඇඳී මැකී ගියේය. ඒ සතුට මා විඳගත්තේ සඳුන්ගේ පපුතුරේ හිස හොවාගෙනය. ඔහු මා හිසකේ මෘදුව පිරිමැද්දේය.

“මමත් ආසයි අයියෙ..”

“මොනවටද..?”

“බබෙක්ට..”

“මොකක්ද කිව්වෙ..?”

මාව ඔහුගේ තුරුලෙන් මුදා පසෙකට ගත් සඳුන් මාගේ මුහුණට එබිනි. අක්කාට ලැබෙන්න යන දරුවා ගැන සිතා කීවද එවදන් තුල තිබූ බැරෑරුම්කම දැනෙන්නේ දැන්ය. මසිතට ලැජ්ජාවක් දැනුණෙන් මා නැවත කොට්ටයේ මුහුණ ඔබා ගතිමි.

“ඔය තරම් ආස නම් දෙන්නම්කො පේළියමක්ම..”

මගේ සවන් අතර ඔහු මුමුණද්දී මම ඇඳෙන් නැගිට ගත්තෙමි. නමුත් ඔහු මට යන්න දුන්නේ නැත. මා සිය තුරුළට ඇද ගත් සඳුන් අතොරක් නැතිව මාව සිප ගනිද්දී ගත සිත දෙකම ඔහුට නතු වනු මට නොදැණුනා නොවේ. නමුත් ඒ සංවේදී යෞවනයා මටත් වඩා සිතිවිලි පාලනය කර උන්නේය. ඒ පහස තව තවත් ඉල්ලා සිතිවිලි හඬා වැටෙද්දී සිය සීමා මායිම් දැන උන් සඳුන් මගෙන් ඉවත් විය.

වත්ත වටේ ඇවිද ගිය අප්පච්චී යළි නිවසට ඇතුළු වන විට මම සඳුන් සමග කාමරයෙන් ඉවතට ආවෙමි. හොර බැල්මෙන් මදෙස බැලූ රේණු අක්කා සිනාසී ඉවත බලා සිටියාය.

“සුදූ ඔයා රේණු දුවත් එක්ක ගෙදර එනව නේද..?”

“ඔව් අප්පච්චී අපි සඳුන් අයියා එක්ක එන්න තමයි හිටියෙ..”

හිස ඉහළටත් පහළටත් වැනූ අප්පච්චී ඈත බලා කල්පනාවට වැටුණි. ඩොක්ටර් ළඟට ගිය සාගර අයියලා පැමිණියේ තරමක් පමා වීය. එතෙක් අපි දෑස් අයා බලා උන්නෙමු. මුලින්ම රියෙන් බැස ගත් සාගර අයියා දොර හැර අක්කාව පරිස්සමින් බැස්සුවේය. අක්කා ලැජ්ජාවෙන් බිම බලා එද්දී සිනා මුසු මුහුණින් පැමිණි අම්මා අප්පච්චී ළඟ නතර විය.

“ඕං අපේ මහත්තයා සීයා කෙනෙක් වෙන්නයි යන්නෙ..”

එවදන් ඇසී අප්පච්චීගේ වියපත් දෑසේ කඳුළු කැට නැගෙද්දී මම අක්කාට ළංව ඇඟේ දෑතින් අල්ලා ගතිමි. ඇගේ දෑසේ බලාපොරොත්තු ගොන්නක් රැඳී තිබෙනු මම දුටිමි.

“හෙට ඉඳලා සාගර පුතා වැඩ වලට එහෙ මෙහෙ ගියාම ලොක්කි ගෙදර තනියමනෙ හාමිනේ..”

“මං මේ ටිකේ ගෙදර ඉන්නවනෙ අම්මා.. වත්තේ වැඩ ටික කරන ගමන් මට පුළුවන් අමාව බලාගන්න..”

අප්පච්චී සැරසෙන්නේ අක්කාව රැගෙන යාමට යැයි ඉවෙන් මෙන් දැනුණ බැවින් සාගර අයියා වහා කතාවට මැදිහත් විය.

“ඒත් දරුවො ඔයාට පුළුවන්යෑ ඔය සේරම කටයුතු කරන්න..?”

“මට ඒ හැටි අමාරුවක් නෑනෙ අම්මා..”

අම්මා සාගර අයියාගෙන් අසද්දී අක්කා ඊට පිළිතුරු දුනි. ඔවුන් දෙදෙනාට දිනක් වත් වෙන්ව සිටිය නොහැකි තරමට ඒ බැඳීම ශක්තිමත් වී ඇත.

“ඒ උනත් මේ ටිකේ ලොකු පුතා අපි ළඟ ඉන්නවනං තමයි වැඩිය හොඳ..”

“හරි තාත්තෙ.. තව සති දෙකකින් විතර මේ වත්තේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි.. ඊට පස්සෙ මම ටික දවසකට අමා එක්ක එහෙ ඉන්න එන්නං..”

“අනේ මන්ද ඉතිං.. ඔය ළමයින්ගෙ කැමැත්තක්..”

අප්පච්චී අමනාප මුහුණින් නැගී සිටියේය.

“මං මේ දවස් ටිකේ අපේ අම්මව මෙහේ නතර කරගන්නං..”

සාගර අයියා සුනීතා ආන්ටිගේ පිටින් දමා ඉන් ලිස්සා මගහැරියේය. ඔහුගේ තීරණයට පිටින් යා නොහැකි බැවින් අප ඔවුන් දෙදෙනාගෙන් සමුගෙන වෑන් රියට නැගුණෙමු.

දිනපතා අක්කා බැලීමට යා නොහැකි වුවද අම්මා ඉඳහිට හෝ වත්තේ වැඩ කරන අයකු අත අක්කාට බත් එකක් යැවීමට අමතක කලේ නැත. අප දිනපතා දුරකථන ඇමතුම් දී ඇගේ සැප දුක් විමසද්දී වුවද ඈ කීවේ සාගර අයියාගේ මව ඇයට ඉතා හොඳින් සලකන බවය. ඉතින් අම්මාට දුක් ගන්නට තරම් කාරණාවක් නොවුණි. සුනීතා ආන්ටි වුවද නිතරම අම්මාව ඇමතුවාය.

“ළමයා ගැන දැන් බයක් හිතේ තියාගන්නෙපා.. දුවෙක් නැතුව හිටපු මට අමා දෙවියො දීපු තෑග්ගක් වගේ..”

අක්කාගේ නැන්දම්මා වූ ඈ අක්කා පිළිබඳව එසේ පවසද්දී අම්මා ඇයට පින් දුන්නාය.

“ඒත් සුනීතා ඔයාට හැමදාම එයාව බලාගන්න බෑනෙ.. ඒවා මගෙන් කෙරෙන්න ඕන යුතුකම්නෙ..”

“එහෙම හිතන්න එපා.. සාගර කියන්නෙ මගේ එකම පුතානේ.. ඉතිං මේ දරුවා මට පිට කෙනෙක්ද..? මේ වගේ ගුණයහපත් ලේලි කෙනෙක් ලැබුණෙ මගේ පෙර පිනකට..”

අපේ අම්මා කොතෙකුත් කීවද සුනීතා ආන්ටී අක්කාට දැක්වූයේ පුදුම තරම් ආදරයකි. ඒ නිසාම ඇය මුල් මාස කිහිපය ගෙවන තෙක්ම අක්කාව අප නිවසට එව්වේ නැත. තවත් කෙටි කාලයක් ගතවෙද්දී දරුවා ලැබීමට ළං වීම නිසා මෙන්ම සුනීතා ආන්ටිගේ ආදරණිය සත්කාරයන් හමුවේ අක්කා දිනෙන් දින මහත් වෙමින් උන්නාය. නමුත් මට නම් දැනුණේ සිත කොතෙක් නොපිළිගත්තද අක්කාගේත් මගේත් බැඳීම් යම් තරමකට හෝ දුරස් වූ බවය. ඒ පිළිබඳව සිතා සිත දුක් ගනිද්දී මම වැඩියෙන් සඳුන්ට හා රේණු අක්කාට ළං විමි.

“අක්කා දුරස් වෙලා නෙමෙයි සුදූ.. ඒක තමයි ආදරේ කියන්නෙ.. කසාඳ බැඳලා පවුල් ජීවිතේ ගෙනියද්දි හිටපු ගෙදර හිටපු කාලෙ වගේ පවුලෙ අයට ළං වෙලා ඉන්න බෑනෙ. හිත ඉබේම අනිත් පැත්තට වැඩිපුර ළං වෙනවා..”

“ඒත් මට දුකයි..”

මම රේණු අක්කාට මසිත විවර කළෙමි.

“දුක තමයි පැටියො.. ඒත් ඔයා උනත් බැඳපු කාලෙක අක්කට වඩා සඳුන්ට ආදරේ කරයි..”

ඉතිං අක්කා ගැන අහිතක් හිතිය හැකි නොවේ. මා දැනටම මෙලොව වඩාත්ම ආදරය කරන පුද්ගලයා සඳුන් නොවේද..?

“ඔය තරම් ආදරේ ගැන දන්න ඔයා ඇයි කාටවත් ආදරේ නොකරන්නෙ..?”

මගේ ප්රශ්නය හමුවේ ඇගේ දෙනෙත් සැලී ගියේය.

“ආපහු කාටවත් ආදරේ කරන්න තරම් මට මගේ හිත හදාගන්න බෑ සුදූ..”

“අක්කා එදත් පස්සෙ කියන්නම් කියලා මට කිව්වෙ නෑනෙ..”

[QUOTE="crazybuddy, post: 14219009, member: 326070"] [SIZE=3][COLOR=Blue][URL="http://3.bp.blogspot.com/-ehFaYnVztEM/T137MLCOzfI/AAAAAAAABf4/pfd-qb-E0-M/s1600/12.png"][IMG]http://3.bp.blogspot.com/-ehFaYnVztEM/T137MLCOzfI/AAAAAAAABf4/pfd-qb-E0-M/s1600/12.png[/IMG][/URL] අක්කා කියූ පරිදි සාගර අයියා මල් වගාව ආරම්භ කිරීම වෙනුවෙන් අපට බොහෝ සේ වෙහෙස වන්නට සිදු විය. නමුත් සඳුන්ද සහභාගී වූ එම කාර්යයේදී කාලය ගෙවී යනවා දැනුනේවත් නැත. පැල තවාන් පිලියෙල කිරීම, සෙවණ ලබා දිය යුතු ශාක සඳහා ආවරණ සැකසීම, ජලනල පද්ධති සවි කිරීම ඉන් මූලික මධ්‍යයේ කටයුතු ඉතා සාර්ථකව සිදු කරගැනීමට සාගර අයියා සමත් වූයේය. ඔහු අක්කාට ගැලපෙන ධෛර්යයවන්ත සැමියෙක් යැයි මට නැවතත් සිතුණි. ඉඩ ලැබෙන හැම විවේකයන්හීදී අප වැඩිපුර කලේ කාඩ් සෙල්ලම් කිරීමය. මමත් සඳුනුත් එක පිලකුත් අක්කාත් සාගර අයියාත් එක පිලකුත් වශයෙන් බෙදී උන්නෙමු. “මං මෙහෙ ආවට වැඩක් නෑ වගේ.. කෝ ඉතිං මට පාට්නර් කෙනෙක් නෑනෙ..” ඇතැම් දිනක රේණු අක්කා අමනාප වී එසේ කීවාය. “පාට්නර් කෙනෙක් මං හොයල දෙන්නද නංගි..? මගේ තව තනිකඩ යාලුවො එහෙම ඉන්නවා..” සාගර අයියා අප සිනහ ගන්වමින් කියද්දී මම ඇගේ මුහුණ දෙස බැලිමි. සියළු සතුටු රේඛා මධ්‍යයේ ඒ මුහුණේ සැඟවී ගත් දුක තැවරී ඇතැයි මට සිතුණි. “අපි ඔය කතාව දැනට නවත්තමු.. එන්නකො තව පාත්ති වගයක් තියෙනව හදන්න..” අක්කා ඒ කලේ අප වෙත වැඩ පැවරීමක් නොව රේණු අක්කාව ඒ අපහසුතාවයෙන් මුදවා ගැනීමක් බව මම නියත වශයෙන්ම දැන උන්නෙමි. අප පැළ තවාන් කිරීඹට අවශ්‍ය ඉටි බෑග් සකස් කරද්දී සඳුන් මාගේ ළඟටම වී සිටි අයුරු දුටු සාගර අයියා අප දෙදෙනාටද විහිළු තහලු කලේය. එක් වරම අක්කා අතින් මුව වසා අපහසුතාවයෙන් නැගිට ඉවතට ගියාය. මම සඳුන්වද එතන දමා ඇගේ පසුපස දිව ගියෙමි. “මගේ.... මගේ...” නමුත් ඈ කීමට හැදූ දෙය කියා නිම කිරීමට ඉඩක් ලැබුණේ නැත. මම බිරාන්ත වී බලා හිදිද්දී ඈ පොල් ගසක් අල්ලා අමාරුවෙන් වමනය කළාය. ඈත උන් රේණු අක්කාද ඈ ළඟට පැමිණ ඇගේ පිට අතගෑමට පටන් ගත්තාය. “අමා අක්කෙ.. ඇයි මේ..?” සඳුන් එය ඇසුවේ අක්කාගේන වුවද ඔහු පැමිණ වත්තම් කර ගත්තේ බය වී බලා උන් මාවය. “අමා.. ඔයාට අමාරුනං අපි අදට වැඩ නතර කරලා ඩොක්ටර් කෙනෙක් ළඟට යමු..” නමුත් ඈ දිගටම දෙකට නැමීගත් වනම උන්නා මිස ඊට පිළිතුරු බැන්දේ නැත. මම රේණු අක්කා සමඟ එක්ව ඈ දෙපසින් අල්ලා කාමරයට තෙක් ගෙන ගියෙමු. “ඩොක්ටර් ළඟට යන්න වෙයිද නංගි..?” සාගර අයියා එවර ඇහුවේ රේණු අක්කාගෙනි. “ඕන වෙන එකක් නෑ.. ඒත් ඉතිං ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා හරියටම දැනගත්තානං තමයි වඩා හොද..” එය තේරුනා මෙන් සිනාසුන සාගර අයියා කාමරයෙන් පිටව ගියද මට කිසිවක් වැටහුණේ නැත. මා කලේ තව තවත් සඳුන්ට ළං වී අක්කා දෙස බලා හිඳීම පමනි. “අක්කා ටිකක් ඇඳට වෙලා හිටපුදෙන්.. අපි එළියට යමු නංගි..” ඇයව කාමරයේ තනිකර දමා පිටතට ආවද මට සිත සන්සුන් කරගැනීමට නොහැකි විය. “රේණු අක්කේ.. අපි අම්මට කෝල් කරලා කියමු.. මට බයයි වගේ..” “නැන්දට එන්න කිව්වනං හොඳයි වගේ තමා.. අපි හවස ගියාම අක්ක තනියමනේ..” “ඒත් අම්මට ඇවිත් නවතින්න බෑනෙ අක්කෙ.. අප්පච්චී තනියමනෙ..” “නවතින්න නෙමෙයි අපි අමාව නැන්දා එක්ක ඩොක්ටර් ළඟට යවමු..” “ඉතිං අපි අරන් යමුකො.. ඕකට අම්මා ඕනයෑ..” මගේ කතාවට රේණු අක්කා කිසිවක් කීවේ නැත. නමුත් ඒ වන විටත් සාගර අයියා අපේ නිවසට පණිවිඩ යවා තිබිණි. සවස් වෙද්දී අම්මාත් අප්පච්චීත් පැමිණ තිබුණේ අක්කා බැලීමටය. “සාගර අයියෙ ඔයා නැන්දා එක්ක අමාව අරන් ඩොක්ටර් ළඟට යන්න..” ඔවුන් පිටත්ව ගිය පසු මා ඉදිරිපස කාමරයේ ඇඳට වී උන්නෙමි. අප්පච්චී වත්ත පුරා ඇවිදිමින් අප සකස් කල පාත්ති පරික්ෂා කරනු ජනෙල් පියන් අතරින් මා දුටිමි. “මං ඇතුළට ආවට කමක් නැද්ද..?” දොර රෙද්ද අතරින් හිස පෙවූ සඳුන් ඇසුවේය. මම සිනාවකුදු නොමැතිව ඒ මුහුණ මත්තේ දෑස් රැදවූයෙමි. “ඔය තරම් බයවෙන්නෙපා පැටියො.. අක්කට ලෙඩක් නෑ..” කාමරයට පැමිණි සඳුන් ඇඳ ඉහත්තාවේ ඉඳ ගනිමින් කීවේය. “ලෙඩක් නෑ..?” මම එය ප්රතිරාවය කළෙමි. “ඔව් සුදූ.. ඔයා පුංචි කෙනෙක් වෙන්නලු යන්නෙ..” එවදන් ඇසී මා ඇඳේ ඉන්ඳුනි.. සඳුන් දෑස් පුංචි කර මදෙස බැලුවේය. “ඔයා කොහොමද අයියෙ දන්නෙ..?” “මමත් ඕවා දන්නෑ.. රේණු අක්ක තමයි කිව්වෙ..” සිතට විසල් සතුටක් ඇතුළු වද්දී මම සඳුන් ළඟට පැන ඒ උණුසුමට තුරුලු විමි. ඉතිං පුංචි පැටියෙක් නිවසට එකතු වෙනවා යන්න වාසනාව ගෙන දෙන්නකි. අක්කාගේ පැහැය සාගර අයියාගේ හැඩ රුව සහිත බෝල බබෙක්ගේ රුවක් මසිතේ ඇඳී මැකී ගියේය. ඒ සතුට මා විඳගත්තේ සඳුන්ගේ පපුතුරේ හිස හොවාගෙනය. ඔහු මා හිසකේ මෘදුව පිරිමැද්දේය. “මමත් ආසයි අයියෙ..” “මොනවටද..?” “බබෙක්ට..” “මොකක්ද කිව්වෙ..?” මාව ඔහුගේ තුරුලෙන් මුදා පසෙකට ගත් සඳුන් මාගේ මුහුණට එබිනි. අක්කාට ලැබෙන්න යන දරුවා ගැන සිතා කීවද එවදන් තුල තිබූ බැරෑරුම්කම දැනෙන්නේ දැන්ය. මසිතට ලැජ්ජාවක් දැනුණෙන් මා නැවත කොට්ටයේ මුහුණ ඔබා ගතිමි. “ඔය තරම් ආස නම් දෙන්නම්කො පේළියමක්ම..” මගේ සවන් අතර ඔහු මුමුණද්දී මම ඇඳෙන් නැගිට ගත්තෙමි. නමුත් ඔහු මට යන්න දුන්නේ නැත. මා සිය තුරුළට ඇද ගත් සඳුන් අතොරක් නැතිව මාව සිප ගනිද්දී ගත සිත දෙකම ඔහුට නතු වනු මට නොදැණුනා නොවේ. නමුත් ඒ සංවේදී යෞවනයා මටත් වඩා සිතිවිලි පාලනය කර උන්නේය. ඒ පහස තව තවත් ඉල්ලා සිතිවිලි හඬා වැටෙද්දී සිය සීමා මායිම් දැන උන් සඳුන් මගෙන් ඉවත් විය. වත්ත වටේ ඇවිද ගිය අප්පච්චී යළි නිවසට ඇතුළු වන විට මම සඳුන් සමග කාමරයෙන් ඉවතට ආවෙමි. හොර බැල්මෙන් මදෙස බැලූ රේණු අක්කා සිනාසී ඉවත බලා සිටියාය. “සුදූ ඔයා රේණු දුවත් එක්ක ගෙදර එනව නේද..?” “ඔව් අප්පච්චී අපි සඳුන් අයියා එක්ක එන්න තමයි හිටියෙ..” හිස ඉහළටත් පහළටත් වැනූ අප්පච්චී ඈත බලා කල්පනාවට වැටුණි. ඩොක්ටර් ළඟට ගිය සාගර අයියලා පැමිණියේ තරමක් පමා වීය. එතෙක් අපි දෑස් අයා බලා උන්නෙමු. මුලින්ම රියෙන් බැස ගත් සාගර අයියා දොර හැර අක්කාව පරිස්සමින් බැස්සුවේය. අක්කා ලැජ්ජාවෙන් බිම බලා එද්දී සිනා මුසු මුහුණින් පැමිණි අම්මා අප්පච්චී ළඟ නතර විය. “ඕං අපේ මහත්තයා සීයා කෙනෙක් වෙන්නයි යන්නෙ..” එවදන් ඇසී අප්පච්චීගේ වියපත් දෑසේ කඳුළු කැට නැගෙද්දී මම අක්කාට ළංව ඇඟේ දෑතින් අල්ලා ගතිමි. ඇගේ දෑසේ බලාපොරොත්තු ගොන්නක් රැඳී තිබෙනු මම දුටිමි. “හෙට ඉඳලා සාගර පුතා වැඩ වලට එහෙ මෙහෙ ගියාම ලොක්කි ගෙදර තනියමනෙ හාමිනේ..” “මං මේ ටිකේ ගෙදර ඉන්නවනෙ අම්මා.. වත්තේ වැඩ ටික කරන ගමන් මට පුළුවන් අමාව බලාගන්න..” අප්පච්චී සැරසෙන්නේ අක්කාව රැගෙන යාමට යැයි ඉවෙන් මෙන් දැනුණ බැවින් සාගර අයියා වහා කතාවට මැදිහත් විය. “ඒත් දරුවො ඔයාට පුළුවන්යෑ ඔය සේරම කටයුතු කරන්න..?” “මට ඒ හැටි අමාරුවක් නෑනෙ අම්මා..” අම්මා සාගර අයියාගෙන් අසද්දී අක්කා ඊට පිළිතුරු දුනි. ඔවුන් දෙදෙනාට දිනක් වත් වෙන්ව සිටිය නොහැකි තරමට ඒ බැඳීම ශක්තිමත් වී ඇත. “ඒ උනත් මේ ටිකේ ලොකු පුතා අපි ළඟ ඉන්නවනං තමයි වැඩිය හොඳ..” “හරි තාත්තෙ.. තව සති දෙකකින් විතර මේ වත්තේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයි.. ඊට පස්සෙ මම ටික දවසකට අමා එක්ක එහෙ ඉන්න එන්නං..” “අනේ මන්ද ඉතිං.. ඔය ළමයින්ගෙ කැමැත්තක්..” අප්පච්චී අමනාප මුහුණින් නැගී සිටියේය. “මං මේ දවස් ටිකේ අපේ අම්මව මෙහේ නතර කරගන්නං..” සාගර අයියා සුනීතා ආන්ටිගේ පිටින් දමා ඉන් ලිස්සා මගහැරියේය. ඔහුගේ තීරණයට පිටින් යා නොහැකි බැවින් අප ඔවුන් දෙදෙනාගෙන් සමුගෙන වෑන් රියට නැගුණෙමු. දිනපතා අක්කා බැලීමට යා නොහැකි වුවද අම්මා ඉඳහිට හෝ වත්තේ වැඩ කරන අයකු අත අක්කාට බත් එකක් යැවීමට අමතක කලේ නැත. අප දිනපතා දුරකථන ඇමතුම් දී ඇගේ සැප දුක් විමසද්දී වුවද ඈ කීවේ සාගර අයියාගේ මව ඇයට ඉතා හොඳින් සලකන බවය. ඉතින් අම්මාට දුක් ගන්නට තරම් කාරණාවක් නොවුණි. සුනීතා ආන්ටි වුවද නිතරම අම්මාව ඇමතුවාය. “ළමයා ගැන දැන් බයක් හිතේ තියාගන්නෙපා.. දුවෙක් නැතුව හිටපු මට අමා දෙවියො දීපු තෑග්ගක් වගේ..” අක්කාගේ නැන්දම්මා වූ ඈ අක්කා පිළිබඳව එසේ පවසද්දී අම්මා ඇයට පින් දුන්නාය. “ඒත් සුනීතා ඔයාට හැමදාම එයාව බලාගන්න බෑනෙ.. ඒවා මගෙන් කෙරෙන්න ඕන යුතුකම්නෙ..” “එහෙම හිතන්න එපා.. සාගර කියන්නෙ මගේ එකම පුතානේ.. ඉතිං මේ දරුවා මට පිට කෙනෙක්ද..? මේ වගේ ගුණයහපත් ලේලි කෙනෙක් ලැබුණෙ මගේ පෙර පිනකට..” අපේ අම්මා කොතෙකුත් කීවද සුනීතා ආන්ටී අක්කාට දැක්වූයේ පුදුම තරම් ආදරයකි. ඒ නිසාම ඇය මුල් මාස කිහිපය ගෙවන තෙක්ම අක්කාව අප නිවසට එව්වේ නැත. තවත් කෙටි කාලයක් ගතවෙද්දී දරුවා ලැබීමට ළං වීම නිසා මෙන්ම සුනීතා ආන්ටිගේ ආදරණිය සත්කාරයන් හමුවේ අක්කා දිනෙන් දින මහත් වෙමින් උන්නාය. නමුත් මට නම් දැනුණේ සිත කොතෙක් නොපිළිගත්තද අක්කාගේත් මගේත් බැඳීම් යම් තරමකට හෝ දුරස් වූ බවය. ඒ පිළිබඳව සිතා සිත දුක් ගනිද්දී මම වැඩියෙන් සඳුන්ට හා රේණු අක්කාට ළං විමි. “අක්කා දුරස් වෙලා නෙමෙයි සුදූ.. ඒක තමයි ආදරේ කියන්නෙ.. කසාඳ බැඳලා පවුල් ජීවිතේ ගෙනියද්දි හිටපු ගෙදර හිටපු කාලෙ වගේ පවුලෙ අයට ළං වෙලා ඉන්න බෑනෙ. හිත ඉබේම අනිත් පැත්තට වැඩිපුර ළං වෙනවා..” “ඒත් මට දුකයි..” මම රේණු අක්කාට මසිත විවර කළෙමි. “දුක තමයි පැටියො.. ඒත් ඔයා උනත් බැඳපු කාලෙක අක්කට වඩා සඳුන්ට ආදරේ කරයි..” ඉතිං අක්කා ගැන අහිතක් හිතිය හැකි නොවේ. මා දැනටම මෙලොව වඩාත්ම ආදරය කරන පුද්ගලයා සඳුන් නොවේද..? “ඔය තරම් ආදරේ ගැන දන්න ඔයා ඇයි කාටවත් ආදරේ නොකරන්නෙ..?” මගේ ප්රශ්නය හමුවේ ඇගේ දෙනෙත් සැලී ගියේය. “ආපහු කාටවත් ආදරේ කරන්න තරම් මට මගේ හිත හදාගන්න බෑ සුදූ..” “අක්කා එදත් පස්සෙ කියන්නම් කියලා මට කිව්වෙ නෑනෙ..” [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom