Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
෴෴ සසර කතරෙන් එතෙර වීමට ෴෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

෴෴ සසර කතරෙන් එතෙර වීමට ෴෴

නමෝ තස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

පථව්‍යා එක රජ්ජේන

සග්ගස්ස ගමනේනවා

සබ්බ ලෝකාධි පච්චේන

සෝතාපත්ති ඵලංවරං

වාසනාවන්ත පින්වත්නි,

මාතෘකා කළ ගාථාව අයත්වන්නේ බෞද්ධයාගේ අත්පොතවන ධම්ම පද ග්‍රන්ථයේ ලෝකවග්ගයටයි. මෙහි සාමාන්‍ය අදහස වන්නේ මුළුපොළව සක්විති රජකමටත්, දෙව්ලොව යාමටත්, මුළු ලොව සෑම සත්ත්වයාගේ අධිපති කමටත් වඩා සෝවාන් ඵලය උතුම්ය යන්නයි.

පනස් හතර කෝටියක් ධනය වියදම් කර ජේතවනාරාමය ඉදිකර බුදුරජාණන් වහන්සේට පූජා කළේ අනේපිඩු සිටුතුමාය. එතුමා සෝවාන් ඵලයට පත්වූ කෙනෙක්. නිතරම කුසල් දම් කරන අනේපිඩු සිටුතුමාගේ මාලිගාව සංඝරත්නයට වෙන්වූ දාන ශාලාවක් වැනියි. සංඝරත්නය වෙනුවෙන් උදේ, දවල් දානය, සවස ගිලන්පස නිතරම සකස් කරල තියනව. අනේපිඩු සිටුතුමාට මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමනා කියල දූවරු තිදෙනෙක් ඉන්නව. මේ තිදෙනාත් පිනට හරිම ලැදියි. නිතරම පියා සමග දානාදී පින්දහම්වල යෙදෙනව. සිටුතුමාට පුතෙක් ඉන්නව ‘කාල’ කියල. මේ කාල පුතා කිසි දවසක දනකට, පිනකට යොමු වෙන්නෙ නැහැ. මෙයා මිතුරන් සමග සෙල්ලමින් කාලය ගතකරන්නෙ. මේ නිසා සිටුතුමාගේ සිතට දැඩි කනස්සල්ලක් ඇතිවෙලා තිබුණා. සිටුතුමාට උවමනාව තම දියණියන් සමග පුතාත් පින් දහම්වලට සම්බන්ධ කරගන්න. ඒත් කාල මේ පින්දහම්වලට සම්බන්ධ වන්නෙ නැහැ. කාල සිටුපුතා මුදල්වලට හරි කැමතියි. කාල පුතා බුදුමගට ගන්න සිටුතුමා උපායක් යොදනව. සිටුතුමා කාල පුතාට කථාකරල මෙහෙම කියනව. “පුතා ඔබ විහාරයට ගොස් එකදිනක් සිල් සමාදන් වෙලා ආවොත් ඔබට කහවනු දහසක් දෙනව. එය අසා කාල එක දිනක් සිල් සමාදන් වුනා. ඒත් සීලයක නම් පිහිටියෙ නැහැ. සිටුතුමා පොරොන්දු කහවනු දහස දුන්න.

තව දවසක් පුතා කැදවල සිටුතුමා කියනව. “විහාරයට ගොස් එක දවසක් සිල් සමාදම් වෙලා එක බණ පදයක් මතක තියාගන ආවොත් කහවනු දහසක් දෙනව” කියල. කාල සිටු පුතා විහාරයට ගොස් සිල් සමාදන් වෙලා එක බණ පදයක් මතක තියාගන්න හොද කල්පනාවෙන් බණ අහනව. පින්වතුනි, බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥානයට මෙය පෙනුනා. එමනිසා බුදුරජාණන් වහන්සේ කාල සිටු පුතාට ගැලපෙන ලෙස ධර්ම දේශනා කළා. බණ අසා කාල සිටු පුතා සෝවාන් ඵලයට පත්වුනා. සිටු පුතා සිටු මාලිගාවට ආපසු ආවෙ බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය සමග. කාල මෙදින තම පියාණන් සහ සොහොයුරියන් සමග ඉතා ඕනෑකමින් බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දානය පිළිගැන්නුවා. අනේ පිඩු සිටු තුමාගේ සිතට හරිම සතුටක් ඇතිවුනා. තමන්ගෙ උපාය සාර්ථකවූ බව සිටුතුමාට සිතුන. සිටුතුමා, බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටම පොරොන්දුවූ කහවනු දහස කාල සිටු පුතාට දුන්න. කාලට හරිම ලජ්ජාවක් ඇතිවුනා. කාල මුදල් ප්‍රතික්ෂේප කළා. මේ කරුණ අරමුණු කර බුදුරජාණන් වහන්සේ මාතෘකා කළ ගාථාවෙන් ධර්ම දේශනා කළා.

චක්‍ර රත්නය, හස්ථි රත්නය, අශ්ව රත්නය, මානික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායක රත්නය යන සප්ත විධ රත්නයන්ගෙන් පරිපූර්ණවූ චක්‍රවර්ති රජු සිවු මහා දිවයිනටම සක්විති රජවෙනව. (කුඩා දිවයින් පන්සියය, පන්සියයවූ ජම්බුදීප, අපරගොයාන, උත්තරකුරු, පුබ්බවිදේහ යන කොදෙව් දෙදහසකින් පිරිවැරුනේ සිවු මහා දිවයිනයි.) පුහුණු කරනලද අදෝස කුසල මූලය නිසා චක්‍ර, හස්ථි, අශ්ව රත්නයන් ලැබෙනව. මානික්‍ය, ස්ත්‍රී, ගෘහපති රත්නයන් අලෝභ කුසල මූලයෙන් ලැබෙනව. පරිණායක රත්නය අමෝහ කුසල මූලයෙන් ලැබෙනව. අදෝස, අලෝභ, අමෝහ කුසල මූලයන් නිසා සක්විති රජතුමාට මෙම සප්ත රත්නයන් ලැබෙනව. මේ අනන්ත සැප සම්පත් ලබමින් සක්විති රජතුමා මුළු සිවු මහා දිවයිනටම අධිපතිව දස රාජ ධර්මයෙන් රාජ්‍යය කරනව. ආයු කෙලවර මියගොස් දෙව්ලොව උපදිනව. අප්‍රමාණ ආයුෂ ඇති, දෙව්ලොව සැප සම්පත් ලබන ඔහුට චුතවීම අමතක වෙනව. පසිඳුරන් පිනවමින් සැප සම්පත් ලබනව. කුසල් දහමකට සිත යොමුකරන්නෙ නැහැ. දෙව්ලොවින් චුතවෙලා ඔහු නැවත උපදින්නෙ සතර අපායෙ. (පථව්‍යා එකරජ්ජේන) මුලු පෘථිවියටම එකම රජු වුවත් ඔහු නැවත සතර අපායට යනව. චාතුරමහාරාජික ආදී දෙව් ලෝ සයහිද, බ්‍රහ්ම පාරිසදස ආදී රූපාවචර බඹ ලෝ සොලසහිද, ආකාසානඤ්චායතන ආදී අරූප බඹලෝ සතරහිද ආදී සවිසි වැදෑරුම් ස්වර්ගවල ඉපදුනත් (සග්ගස්ස ගමනේනවා) නැවත සතර අපායට වැටෙනව.

ආය¸ අෂඨාංගික මාර්ගය මනාව ප්‍රගුණ කර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම ප්රහාණය කළ අයට අපායගාමි ශක්තිය ප්‍රහීණ වෙනව. ඉන්පසු එම අය කිසිවිටක සතර අපායෙ උපදින්නෙ නැහැ. මෙයට කියනව සෝවාන් ඵලයට පත්වීම කියල. සත්තකත්තුපරම නම්වූ මෙම සෝතාපත්ති පුද්ගලයා අට වැනි භවයක උත්පත්තිය ලබන්නේ නැහැ. (නතේ භවං අට්ඨමං ආදියන්ති) වැඩිම වුනොත් ඔහු උපදින්නේ භව හතයි. හත්වන භවයේදී අනිවාර්යයන්ම සියලු කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණෙනව. සක්විති රජකමටත් වඩා සෝවාන් ඵලය උතුම් බව බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිසයි.

සෝවාන් පුද්ගලයා අංග සතරකින් යුක්ත වෙනව. (බුදෙධී අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති.) සෝවාන් පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන වෙනස් නොවන ප්‍රසාදයක් තියනව. (ධම්මෝ අවෙච්චප්පාදේන සමන්නාගතෝ හෝති) ධර්මය කෙරෙහි නොසෙල්වෙන වෙනස් නොවන ප්‍රසාදයක් තියනව. (සංඝෝ අවෙච්චප්පසාදේන සමන්නාගතෝහෝති) සංඝයා කෙරෙහි නොසෙල්වෙන නොවෙනස්වන ප්‍රසාදයක් තියනව. අරිය කත්තේහි සීලේහි සමන්නාගතෝ හෝති) අරිය කාන්ත සීලයෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයෙහි පිහිටනව. ඒවගේම සත් පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානු ධම්ම ප්‍රතිපත්තිය යන මෙයත් සෝවාන් පුද්ගලයාගේ ගුණ අංග වෙනව.

සෝත යනු ගලා බැස්මයි කඳු මුදුනකින් ගලා බසින ගංගා මහ මුහුදට ගලා බසිනව. එය කිසිවිටකත් ආපසු ගලන්නෙ නැහැ. එමෙන්ම ප්‍රථමවරට උපදින සෝතාපත්ති ඵලයට පත්වූ පුද්ගලයාගේ චිත්ත සන්තානය තුළ නැවත කෙලෙස් උපදින්නෙ නැහැ. ගඟක් මහ මුහුද කරා ගලනවා මෙන්ම සෝවාන් පුද්ගලයාගේ සිතද මහ මුහුද නමැති නිවන කරාමයි ගමන් කරන්නෙ.

සෝවාන් පුද්ගලයා සසරට බියවන්නෙ නැහැ. මක්නිසාද ඔහු සතර අපායෙ නැවත උපදින්නෙ නැති නිසා. සසරෙ රැඳී සිටින්නෙත් වැඩිම උනොත් භව හතයි. එහෙමනම් අපි උත්සාය ගන්න ඕන කලාතුරකින් ලැබුණු මේ මනුෂ්‍ය ආත්මයෙන් ප්‍රයෝජන ගන්න. ආය¸ අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කරල සෝවාන් මාර්ග ඥානය අවබෝධ කරගන්න. අපි සංසාරයෙ සැරි සරන්නෙ සක්කාය දිට්ඨිය මුල්වීම නිසයි. සක්කාය දිට්ඨිය කියන්නෙ මමය, මාගේය කියල ග්‍රහණය කරගැනීම. දෙතිස් කුණපයෙන් සැදුණු කය මමය කියා අල්ලාගන සිටිනතුරු මෙම සසර දුකින් මිදෙන්න හැකිවෙන්නෙ නැහැ. මමය කියන හැගීම තුළ බැදී සිටින නිසා මාගේය යන්න ඉබේම ග්‍රහණය වෙනව. ඒතුළ තණ්හාව, ආශාව, බැදීම ඇතිවෙනව. එයින් ඊෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී අනන්ත කෙළෙස් උපදිනව. ඇතිවී, පැවතී, නැතිවී යන මේ දෙතිස් කුණපය කෙරෙහි ඇති මමය, බැදීම අත්හලොත් ඔබට සසරේ ගැලවීමේ මගට පිවිසිය හැකිය.

හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ

මැල්ලවගෙදර සමණ ධම්ම හිමි

ඔබ සැමට තෙරුවන් සරණයි..!!

පින්වත් ඔබ වෙතටයි

පින්වත් ඔබ වෙතටයි

[QUOTE="Pink panther, post: 12031022, member: 379901"] [b]෴෴ සසර කතරෙන් එතෙර වීමට ෴෴[/b] [CENTER][IMG]http://im.in.com/connect/images/profile/b_profile2/Gautama_Buddha_300.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed][COLOR=Black]නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස පථව්‍යා එක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධි පච්චේන සෝතාපත්ති ඵලංවරං [/COLOR] වාසනාවන්ත පින්වත්නි, මාතෘකා කළ ගාථාව අයත්වන්නේ බෞද්ධයාගේ අත්පොතවන ධම්ම පද ග්‍රන්ථයේ ලෝකවග්ගයටයි. මෙහි සාමාන්‍ය අදහස වන්නේ මුළුපොළව සක්විති රජකමටත්, දෙව්ලොව යාමටත්, මුළු ලොව සෑම සත්ත්වයාගේ අධිපති කමටත් වඩා සෝවාන් ඵලය උතුම්ය යන්නයි. පනස් හතර කෝටියක් ධනය වියදම් කර ජේතවනාරාමය ඉදිකර බුදුරජාණන් වහන්සේට පූජා කළේ අනේපිඩු සිටුතුමාය. එතුමා සෝවාන් ඵලයට පත්වූ කෙනෙක්. නිතරම කුසල් දම් කරන අනේපිඩු සිටුතුමාගේ මාලිගාව සංඝරත්නයට වෙන්වූ දාන ශාලාවක් වැනියි. සංඝරත්නය වෙනුවෙන් උදේ, දවල් දානය, සවස ගිලන්පස නිතරම සකස් කරල තියනව. අනේපිඩු සිටුතුමාට මහා සුභද්‍රා, චූල සුභද්‍රා, සුමනා කියල දූවරු තිදෙනෙක් ඉන්නව. මේ තිදෙනාත් පිනට හරිම ලැදියි. නිතරම පියා සමග දානාදී පින්දහම්වල යෙදෙනව. සිටුතුමාට පුතෙක් ඉන්නව ‘කාල’ කියල. මේ කාල පුතා කිසි දවසක දනකට, පිනකට යොමු වෙන්නෙ නැහැ. මෙයා මිතුරන් සමග සෙල්ලමින් කාලය ගතකරන්නෙ. මේ නිසා සිටුතුමාගේ සිතට දැඩි කනස්සල්ලක් ඇතිවෙලා තිබුණා. සිටුතුමාට උවමනාව තම දියණියන් සමග පුතාත් පින් දහම්වලට සම්බන්ධ කරගන්න. ඒත් කාල මේ පින්දහම්වලට සම්බන්ධ වන්නෙ නැහැ. කාල සිටුපුතා මුදල්වලට හරි කැමතියි. කාල පුතා බුදුමගට ගන්න සිටුතුමා උපායක් යොදනව. සිටුතුමා කාල පුතාට කථාකරල මෙහෙම කියනව. “පුතා ඔබ විහාරයට ගොස් එකදිනක් සිල් සමාදන් වෙලා ආවොත් ඔබට කහවනු දහසක් දෙනව. එය අසා කාල එක දිනක් සිල් සමාදන් වුනා. ඒත් සීලයක නම් පිහිටියෙ නැහැ. සිටුතුමා පොරොන්දු කහවනු දහස දුන්න. තව දවසක් පුතා කැදවල සිටුතුමා කියනව. “විහාරයට ගොස් එක දවසක් සිල් සමාදම් වෙලා එක බණ පදයක් මතක තියාගන ආවොත් කහවනු දහසක් දෙනව” කියල. කාල සිටු පුතා විහාරයට ගොස් සිල් සමාදන් වෙලා එක බණ පදයක් මතක තියාගන්න හොද කල්පනාවෙන් බණ අහනව. පින්වතුනි, බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥානයට මෙය පෙනුනා. එමනිසා බුදුරජාණන් වහන්සේ කාල සිටු පුතාට ගැලපෙන ලෙස ධර්ම දේශනා කළා. බණ අසා කාල සිටු පුතා සෝවාන් ඵලයට පත්වුනා. සිටු පුතා සිටු මාලිගාවට ආපසු ආවෙ බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නය සමග. කාල මෙදින තම පියාණන් සහ සොහොයුරියන් සමග ඉතා ඕනෑකමින් බුදුරජාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දානය පිළිගැන්නුවා. අනේ පිඩු සිටු තුමාගේ සිතට හරිම සතුටක් ඇතිවුනා. තමන්ගෙ උපාය සාර්ථකවූ බව සිටුතුමාට සිතුන. සිටුතුමා, බුදුරජාණන් වහන්සේ ඉදිරිපිටම පොරොන්දුවූ කහවනු දහස කාල සිටු පුතාට දුන්න. කාලට හරිම ලජ්ජාවක් ඇතිවුනා. කාල මුදල් ප්‍රතික්ෂේප කළා. මේ කරුණ අරමුණු කර බුදුරජාණන් වහන්සේ මාතෘකා කළ ගාථාවෙන් ධර්ම දේශනා කළා. චක්‍ර රත්නය, හස්ථි රත්නය, අශ්ව රත්නය, මානික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, පරිනායක රත්නය යන සප්ත විධ රත්නයන්ගෙන් පරිපූර්ණවූ චක්‍රවර්ති රජු සිවු මහා දිවයිනටම සක්විති රජවෙනව. (කුඩා දිවයින් පන්සියය, පන්සියයවූ ජම්බුදීප, අපරගොයාන, උත්තරකුරු, පුබ්බවිදේහ යන කොදෙව් දෙදහසකින් පිරිවැරුනේ සිවු මහා දිවයිනයි.) පුහුණු කරනලද අදෝස කුසල මූලය නිසා චක්‍ර, හස්ථි, අශ්ව රත්නයන් ලැබෙනව. මානික්‍ය, ස්ත්‍රී, ගෘහපති රත්නයන් අලෝභ කුසල මූලයෙන් ලැබෙනව. පරිණායක රත්නය අමෝහ කුසල මූලයෙන් ලැබෙනව. අදෝස, අලෝභ, අමෝහ කුසල මූලයන් නිසා සක්විති රජතුමාට මෙම සප්ත රත්නයන් ලැබෙනව. මේ අනන්ත සැප සම්පත් ලබමින් සක්විති රජතුමා මුළු සිවු මහා දිවයිනටම අධිපතිව දස රාජ ධර්මයෙන් රාජ්‍යය කරනව. ආයු කෙලවර මියගොස් දෙව්ලොව උපදිනව. අප්‍රමාණ ආයුෂ ඇති, දෙව්ලොව සැප සම්පත් ලබන ඔහුට චුතවීම අමතක වෙනව. පසිඳුරන් පිනවමින් සැප සම්පත් ලබනව. කුසල් දහමකට සිත යොමුකරන්නෙ නැහැ. දෙව්ලොවින් චුතවෙලා ඔහු නැවත උපදින්නෙ සතර අපායෙ. (පථව්‍යා එකරජ්ජේන) මුලු පෘථිවියටම එකම රජු වුවත් ඔහු නැවත සතර අපායට යනව. චාතුරමහාරාජික ආදී දෙව් ලෝ සයහිද, බ්‍රහ්ම පාරිසදස ආදී රූපාවචර බඹ ලෝ සොලසහිද, ආකාසානඤ්චායතන ආදී අරූප බඹලෝ සතරහිද ආදී සවිසි වැදෑරුම් ස්වර්ගවල ඉපදුනත් (සග්ගස්ස ගමනේනවා) නැවත සතර අපායට වැටෙනව. ආය¸ අෂඨාංගික මාර්ගය මනාව ප්‍රගුණ කර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්ම ප්රහාණය කළ අයට අපායගාමි ශක්තිය ප්‍රහීණ වෙනව. ඉන්පසු එම අය කිසිවිටක සතර අපායෙ උපදින්නෙ නැහැ. මෙයට කියනව සෝවාන් ඵලයට පත්වීම කියල. සත්තකත්තුපරම නම්වූ මෙම සෝතාපත්ති පුද්ගලයා අට වැනි භවයක උත්පත්තිය ලබන්නේ නැහැ. (නතේ භවං අට්ඨමං ආදියන්ති) වැඩිම වුනොත් ඔහු උපදින්නේ භව හතයි. හත්වන භවයේදී අනිවාර්යයන්ම සියලු කෙලෙසුන් නසා රහත් ඵලයට පැමිණෙනව. සක්විති රජකමටත් වඩා සෝවාන් ඵලය උතුම් බව බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිසයි. සෝවාන් පුද්ගලයා අංග සතරකින් යුක්ත වෙනව. (බුදෙධී අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති.) සෝවාන් පුද්ගලයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන වෙනස් නොවන ප්‍රසාදයක් තියනව. (ධම්මෝ අවෙච්චප්පාදේන සමන්නාගතෝ හෝති) ධර්මය කෙරෙහි නොසෙල්වෙන වෙනස් නොවන ප්‍රසාදයක් තියනව. (සංඝෝ අවෙච්චප්පසාදේන සමන්නාගතෝහෝති) සංඝයා කෙරෙහි නොසෙල්වෙන නොවෙනස්වන ප්‍රසාදයක් තියනව. අරිය කත්තේහි සීලේහි සමන්නාගතෝ හෝති) අරිය කාන්ත සීලයෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයෙහි පිහිටනව. ඒවගේම සත් පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානු ධම්ම ප්‍රතිපත්තිය යන මෙයත් සෝවාන් පුද්ගලයාගේ ගුණ අංග වෙනව. සෝත යනු ගලා බැස්මයි කඳු මුදුනකින් ගලා බසින ගංගා මහ මුහුදට ගලා බසිනව. එය කිසිවිටකත් ආපසු ගලන්නෙ නැහැ. එමෙන්ම ප්‍රථමවරට උපදින සෝතාපත්ති ඵලයට පත්වූ පුද්ගලයාගේ චිත්ත සන්තානය තුළ නැවත කෙලෙස් උපදින්නෙ නැහැ. ගඟක් මහ මුහුද කරා ගලනවා මෙන්ම සෝවාන් පුද්ගලයාගේ සිතද මහ මුහුද නමැති නිවන කරාමයි ගමන් කරන්නෙ. සෝවාන් පුද්ගලයා සසරට බියවන්නෙ නැහැ. මක්නිසාද ඔහු සතර අපායෙ නැවත උපදින්නෙ නැති නිසා. සසරෙ රැඳී සිටින්නෙත් වැඩිම උනොත් භව හතයි. එහෙමනම් අපි උත්සාය ගන්න ඕන කලාතුරකින් ලැබුණු මේ මනුෂ්‍ය ආත්මයෙන් ප්‍රයෝජන ගන්න. ආය¸ අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කරල සෝවාන් මාර්ග ඥානය අවබෝධ කරගන්න. අපි සංසාරයෙ සැරි සරන්නෙ සක්කාය දිට්ඨිය මුල්වීම නිසයි. සක්කාය දිට්ඨිය කියන්නෙ මමය, මාගේය කියල ග්‍රහණය කරගැනීම. දෙතිස් කුණපයෙන් සැදුණු කය මමය කියා අල්ලාගන සිටිනතුරු මෙම සසර දුකින් මිදෙන්න හැකිවෙන්නෙ නැහැ. මමය කියන හැගීම තුළ බැදී සිටින නිසා මාගේය යන්න ඉබේම ග්‍රහණය වෙනව. ඒතුළ තණ්හාව, ආශාව, බැදීම ඇතිවෙනව. එයින් ඊෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී අනන්ත කෙළෙස් උපදිනව. ඇතිවී, පැවතී, නැතිවී යන මේ දෙතිස් කුණපය කෙරෙහි ඇති මමය, බැදීම අත්හලොත් ඔබට සසරේ ගැලවීමේ මගට පිවිසිය හැකිය. [/COLOR][/SIZE][RIGHT][SIZE=4][COLOR=DarkRed]හබරන වෙහෙරහේන යෝගාශ්‍රමයේ මැල්ලවගෙදර සමණ ධම්ම හිමි [/COLOR][/SIZE] [/RIGHT] [SIZE=5][COLOR=DarkRed] ඔබ සැමට තෙරුවන් සරණයි..!! [URL="http://img690.imageshack.us/img690/9021/nonamej.jpg"]පින්වත් ඔබ වෙතටයි [/URL] [URL="http://blog.onlanka.com/wp-content/uploads/2009/09/mangala_karunu1.jpg"]පින්වත් ඔබ වෙතටයි[/URL] [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom