Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චේතිය අමතර පංතියේ පොත් කිහිපයද බෑගයේ ඔබා ගනිමින් හනිකට බස් නැවතුමට දිව ගියේ තමා එනතුරු රංග හා කලන එහි රැදී සිටින බව දන්නා නිසාය.. ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේය.. එහි වෙලාව හතයි තිහ ලෙස සටහන්ව ඇත.. තමා රංගලාට එන්න කීවේ හතටය.. අදනං මිතුරන්ගේ ගෝරණාඩුව අනිවාර්යය බව දැන උන් චේතිය බස් නැවතුමට ළගා වූයේ හිස පහත් කරගෙනමය..

නැත.. කිසිදු බැනුමක් නැත.. ඔහු හිස එසෙව්වේ රංගලා පැමිණ නැත්දෝ සැකයෙනි.. රංග හා කලන කියු වේලාවටම පැමිණ උන්හ.. ඔවුන් දෙදෙන කවුදෝ කෙල්ලෙකු සමග බර කදයකි.. චේතියද එදෙසට ළං වූයේ ඒ සුරූපිණියගේ මුහුණ දැක ගැනීමේ අටියෙනි.. ඔහුට තම දෑස් අදහාගත නොහැකි තරම් විය.. ඒ උන්නේ ඔහුගේ සිත දිනූ සම්මානි මිස අනෙකෙකු නොවේ..

“සොරි මචං.. මං ටිකක් ලේට් උනා.. ගුට් මොනිං..”

සම්මානිව එතරම් තැකීමක් නොකල බව පෙන්විමට මෙන් චේතිය එය කීවේ කලන දෙසට හැරීය.. ඔරලෝසුව දෙසට දෑස් පෑ කලනගේ මුහුණේ ඇදුනේ සමච්චල් සහගත සිනහවකි..

“තව විනාඩි පහක් බලලා අපි යන්න හැදුවෙ..”

රංග කීවේ සම්මානි දෙසද බලාගෙනය.. ඔහු තම අවධානය සම්මානි වෙත යොමු කරවීමට උත්සාහ ගන්නා බව දුටු චේතිය එය නොහැසුණ සේ හැසිරීමට වෙර දැරිය..

“මේ ළමයත් ඉදලා ඉදලා බස් එකෙ ආව දවසෙම අපි නිසා පරක්කු උනා..”

ඔවුන් දෙදෙනාම ප්‍රමුඛත්වය දෙන්නේ සම්මානිට බව වැටහුණු චේතිය තරහින් අහක බලා ගත්තේය.. නමුත් සම්මානි බලා ඉන්නේ තම මුහුණ දෙස බව ඔහුගේ යටි සිතට දැණුනි..

“අන්න බස් එක.. වරෙන්.. යමු..”

මිතුරන් දෙදෙනාට පෙර බසයට නැගගත් චේතිය එහි තිබු හිස් අසුනක් වෙත ගොස් එය ආවරණය වන සේ සිට ගත්තේය.. සැබැවින්ම ඔහු එය තබා ගත්තේ සම්මානි වෙනුවෙනි.. වායු සමනය කරන ලද රථයක ගමන් ගන්නා මේ යුවතියට බසයක සිටගෙන යා නොහැකි යැයි චේතියට සිතුණි..

“උඹ කාටද මේ සීට් එක තියාගත්තෙ..?”

පිළිතුර දැන දැනම රංග ප්රශ්නය නැගුවේය..

“කැමති කෙනෙක් ඉදගත්තුදෙන්.. මට තාම හිටගෙන යන්න හයිය තියෙනවා..”

වේගයෙන් එවදන් පිට කල චේතිය එම අසුන ළගින් මෑත් වුයේය.. මොහොතක් ඔහු දෙස නිහඩව බලා උන් සම්මානී නිහඩව එහි අසුන් ගත්තාය.. චේතියගේ මෙම හැසිරීම රංග හා කලනට ගෙන ආවේ දැඩි කුතුහලයකි.. චේතිය සම්මානීට කැමති බව ඔවුන් දෙදෙනාම දැන උන්හ.. ඔහු පන්තියේ වුව අසුන් ගත්තේ ඇගේ රුප පෙනෙන තැනකිනි.. ගැහැනු ළමුන් දිරවන්නේම නැති චේතිය සම්මානි ගැන කතා කිරීමට ගත් කල නොනවත්වාම කතා කරයි.. ඉතිං මේ වෙනස ඔවුනට අදහා ගත නොහැකිය..

අහම්බෙන් බසයේ යාමට පැමිණි සම්මානිව ඔවුන් විනාඩි විස්සක් පමණ බස් නැවතුමේ රදවා ගත්තේ චේතිය එනතුරුය.. එසේ කල්පනා කරන විටදී රංගගේ සිතේ තරහක්ද හට ගත්තේය..

“තරහ ගන්න එපා බං.. ඌ පරක්කු උනේ ඇයි කියලවත් අපි ඇහුවෙ නෑනෙ.. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ..”

රංගගේ සිතැගි වටහා ගත් කලන චේතියට රහසින් ඔහු අස්වසාලූයේය.. එතැන් සිට පන්තියට ළගා වන තෙක්ම ඔවුන් අතර කතාවක් හුවමාරු වූයේ නැත..

“ෂා.. හඳ මොකද අද බිමට බැහැලා..?”

පන්තියට යන කොලුවෙකු කෑ ගැසුවේ සම්මානි දෙස බලාය.. ඈ එය නෑසුන විලස ගමන් ගත්තීය.. ඔවුන් සිව් දෙනාම ළං වූයේ කාඩ් පරික්ෂා කරන පෝළිම වෙතය.. ඒ ආසන්නයේ වූ කොලු රෑනක් සම්මානිට මොනවදෝ කියනු චේතියට පෙනුණි..

“මචං අර කියමන වෙනස් කරන්න වෙයි වගේ..”

“මොකක්ද..?”

“ඒක් ඵුල්.. දෝ මාලික්..”

“ඒ කිව්වෙ..?”

අසා උන් තැනැත්තා ප්රශ්නය නැගුවේය.. චේතිය ඔවුන් දෙස හොද හැටි බලා උනි.. ඔවුන් චේතියලාට වඩා වයසින් වැඩිමල් බව බැලූ බැල්මට පෙනුණේය..

“එක මලයි බඹරු දෙන්නයි.. අන්න ඒක වෙනස් කරන්න ඕනෙ.. එක මලයි බඹරු තුන්දෙනයි කියලා..”

ඔවුන් එය කීවේ තම පිරිසට බව චේතියට වැටහුණි.. ඔහුට තම ගතේ ලේ ගමනාගමනය වේගවත් වන බවක් දැනුණි..

“ඒ මලට නං බඹරු තුන්දෙනෙක් වැඩි නැතුව ඇති බං.. සල්ලි කඳක් නේ..”

කිසිවෙකුට කිසිවක් සිතා ගැනීමට තරම් කාලයක් ඉතිරි වූයේ නැත.. එකී වදන් පිට වන සැනින්ම චේතියගේ දකුණු අත එය කී තැනැත්තාගේ කණ හරහා වේගවත්ව පතිත උනි..

“ඇයි.. ඇයි..? මේකිට මොකක් හරි කියද්දි උඹට අමාරුද..? මේ.. උඹ උඹගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටපං..”

සංවාදයේ අනික් තැනැත්තා පිටු පසින් පැමිණ චේතියගේ කමීස කොලරය අල්ලා ගනිද්දී පසුපස හැරුනු චේතය ඔහුටද බිම පතිත වන සේ පහරක් එල්ල කළේය..

ඉන්පසු ආරම්භ වූයේ එකම ගුටි කෙලියකි.. ප්‍රතිවාදීන් තිදෙනෙකු බිම වැටෙන තුරු චේතිය ඔවුන්ට පහර දුන්නේ විනාඩි දෙකක් ඉක්ම යාමටත් මත්තෙනි.. කාඩ් පොළිමේ වූ සිසුන් පමණක් නොව පන්තිය ඇතුළත වූ සිසුන්ද තම අසුන් වලින් නැගිටිමින් මෙම දර්ශනය නරඹමින් උන්හ.. රංග හා කලන චේතිය දෙසට දුව එන විට විය යුතු දේ සිදු වී හමාරය..

“ඔය ඇති චේති.. ඔය ඇති..”

රංගලාට පෙර චේතිය වෙත දිව ආ සම්මානී ක්ෂනිකව ඔහුගේ අතේ එල්ලී ගත්තාය.. ඇගේ අත ගසා දැමූ චේතිය එතැනින් පිටව පාරට පැමිණියේ මිතුරන් දෙසවත් නොබලමිනි..

“මොකක්ද සම්මානි මේ උනේ..? ඇයි අරූ මුන් ටිකට ගැහුවෙ..?”

චේතියගෙන් ගුටි කෑ රස්තියාදුකාරයින්ගේ කතා නෑසුන රංගට ඇති වූයේ දැඩි කුතුහලයකි.. පසුපසින් ශබ්දයක් ඇසී බලන කල ඔවුන් දුටුවේ චේතිය තිදෙනෙකුට එක දිගට පහර දෙන බව පමණි.. එහෙයින් ඔවුන්ට මේ කිසිවක් වටහා ගත නොහැකි විය..

“මේ කට්ටිය අපිට මොනවද කිව්වා.. ඒකට චේතියට තරහා ගියා..”

ඈ කීවේ දෑසින් ගලන කදුලු පිටි අත්ලෙන් පිසිමිනි..

“ඔයා පන්තියට යන්න සම්මානි.. අපි ගිහින් බලන්නම් අරූ කොහෙද ගියේ කියලා..”

බිම වැටී උන් තිදෙනා දෙසද තිබුණු බැල්මක් හෙලූ කලන ඔවුන්ගේ ඇගවල් උඩින් පැන චේතිය ගිය ඉසව්වට දිව ගියේය.. කිසිවක් සිතාගත නොහැකි වූ රංගද ඔහුව අනුගමනය කළේය..

“මචං මූ නෑනේ.. මේ ඩිංගට කොහේ වාෂ්ප උනාද..?”

ප්‍රධාන පාර තෙක්ම පැමිණි කලන පසු පසින් පැමිණි රංග දෙස බලා කීවේය..

“ඌ ආවෙත් මොකක් හරි අප්සට් එකකින්නෙ.. ඒ කේන්තියටම අරුන් ටිකටත්දීලා අරින්න ඇති වැටෙන්නම..”

“වැටිලා විතරක් නම් මැදැයි.. උඹ දැක්කෙ නැද්ද උන් දෙන්නෙක්ගෙ කටවල් වලින් ලේත් එනවා.. අනිකගෙ ෂර්ට් එකත් ඉරිලා.. මේ යකත් මාර පොරක් තමයි..”

“ඇයි උඹට අමතක උනාද ඌ බ්ලැක් බෙල්ට් කාරයෙක් කියලා..?”

කතා කරන අතරතුර දෙදෙන බස් නැවතුමට පැමිණියේ චේතිය එහිවත් ඇත්දැයි බලමිනි..

“අර ඉන්නෙ බං..”

බස් නැවතුමේ නවතා තිබූ බසයක පසු පසම අසුනේ වාඩි වී ඉවත බලා උන් චේතියව පෙන්වූ කලන හැකි ඉක්මනින් රංගවද ඇද එම බසයට ගොඩ විය..

“චේති.. උඹට මොකෝ උනේ බං..?”

ඔහුගේ දෙපසින් වාඩිගත් දෙමිතුරෝ ඔහුගේ අතකින් අල්ලා ගත්හ.. ඒ දෑත් වෙව්ලන බව රංගට හා කලනටද වහා වැටහුණි.. එයට හේතුව ඔහු පාලනය කල නොහැකි කේන්තියකින් පසුවන බව දැන උන් කලන චේතියගේ පිටට තට්ටුවක් දැම්මේය..

“කාම් ඩවුන් චේති..”

ඔවුව සන්සුන් කිරීමට වෙර දරමින් කලන වටපිට බැලුවේ ත්‍රීරෝද රථයක් නවතා ගැනීමේ අරමුණෙනි..

“වරෙන් යං..”

චේතියවද බසයෙන් බස්සවා ගත් ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයකට ගොඩ විය.. යන්නෙ කොහෙදැයි නොඇසූ චේතිය තව දුරටත් නිහඩවම පසුවූයෙ තම සිත එක්තැන් කර ගැනීමට අවැසි වූ හන්දාය.. කලන ඔහුව රැගෙන ගියේ බේක් හවුස් එක වෙතටය..

“උඹලා ඉද ගනිං මං කන්න මොනව හරි අරන් එන්නම්..”

චේතිය හා කලන කොනේම මේසයක් කරා ගමන් ගනිද්දී රංග කවුන්ටරය වෙත ගියේය..

“උඹ දාගත්තෙ පොඩි පහේ ලෙඩක් නෙමෙයි මචං.. උන් මහ මදාවියො වගයක්.. පෙනුමෙන් නං අපේ ක්ලාස් එකෙත් නෙමෙයි.. අපේ වයසෙත් නෙමෙයි..”

“මටත් හිතාගන්න බෑ බං මට මොනවා උනාද කියලා.. උන් සම්මානිට අර වගේ කතාවක් කියද්දි මට අහන් ඉන්න බැරුව ගියා..”

“මොනවද උන් කිව්වෙ..?”

කලන ඇසූවට ඔහු පිළිතුරු දුන්නේ රංගද මේසයට පැමිණි පසුවය..

“ෂිට්.. ඔය කතාව අපිට ඇහුණෙ නෑනෙ.. ඇහුනා නං උන්ට ගහලා විතරක් නෙමෙයි අතක් පයක් කඩලත් එන්න තිබ්බා.. සම්මානි එහෙම ජරා කෙල්ලෙක් නෙමෙයිනෙ..”

රංග කීවේ දැඩි ආවේගයෙනි.. මිතුරා කල දේ සාධාරණ බව මේ වන විට ඔහුට හැගෙමින් තිබිණි..

“ඒක හරි.. දැන් ගිය දේ ගියා.. අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕනෙ උන් කාගෙ කවුද කියලා.. මොකද චේති.. උන් ඕකෙ රිටන් එක නොගෙන ඉදී කියලා හිතන්න බෑ.. ඒ නිසා අපි ඒකට දැන් ඉදලම ලෑස්ති වෙන්න ඕන..”

බොහෝ දුර කල්පනා කල කලන එය කීවේ මිතුරන්ට මෙම තත්වයේ බරපතලකම වටහා දීමේ අරමුණෙනි..

“ඒ කවුරු උනත් බං සම්මානි ගැන දන්න එකෙක්නං වෙන්න බෑ.. කෙල්ල සේනාධීරගෙ දුව කියලා දන්න කිසි එකෙක් ඒකිට වචනයක් කියන්න එන්නෙ නෑ.. කිව්වනං ඇඩ්රස් නැති වෙනවා කියලා දන්නවනේ..”

රංග කී දෙයට චේතිය සිනාසුණේ නුහුරටය..

“උඹට පිස්සුද.. උන් කෙල්ල ගැන හොදටම දන්නවා.. ඒකනේ කිව්වෙ සල්ලි කදක් කියලා..”

ඔහු ඒ පිළිබදව යළි යළිත් සිහිපත් කරමින් උන්නේය.. ඔහුට දැනුනේ තම ඔළුව විකාර වී එන බවකි.. නිවසේ තිබෙන ප්‍රශ්න මදිවාට තමා ඉල්ලාගෙන ලෙඩක් දා ගත්තාදැයි සැක සිතුණු ඔහු ගැඹුරු හුස්මක් පිට කලේය.. ඒ දුටු රංග හා කලන මුහුණින් මුහුණ බලා ගත්හ..

“හරි.. ඒක දැන් ඉවරයි.. කියපංකො උඹ මොකද අද මෙච්චර පරක්කු උනේ කියලා..?”

රංග කතාව මාරු කලේ චේතිය දිගින් දිගටම කල්පනා කල නිසාවෙනි..

“අද උදේ අපේ චූටි අසනීප උනා බං.. අම්මා එක්ක මොන මොනවදෝ කියවලත් තියෙනවා..”

කුඩා කල සිටම එකටම හැදී වැඩුණු හෙයින් රංග හා කලන චේතියගේ නිවසේ මෙම ගැටළුව ගැන දැන උන්හ.. වයස අවුරුදු දෙකේදි පමණ සිටම චේතියගේ කුඩා නැගණිය වරින් වර අමුතුම ආකාරයකට අසනීප වන බව චේතිය ඔවුනට කියා තිබිණි..

“මේ පාර මොනවද කියවලා තියෙන්නෙ..? අම්මා උඹට කිව්වෙ නැද්ද..?”

“නෑ බං.. එයා ඒ කතා හැමදාම යට ගහනවා.. දැන් මං එනකොටත් චූටිට සහලෝලා උණ..”

තම මව කිසියම් කරුණක් තමාගෙන් වසන් කිරීමට වෙර දරතැයි චේතියට පෙර දින වලදී මෙන්ම මෙවරත් සිතුණි..

“උඹ කිව්වා නේද නංගි පොඩි කාලෙත් ඔය වගේ දේවල් කිව්වා කියලා..? උඹ පොඩ්ඩක් හොයාලා බැලුවෙ නැද්ද චේති..?”

“චූටි මුලින්ම අසනීප වෙලා තියෙන්නෙ අම්මා වලව්වෙ උත්සවේකට ගිය දවසකලු.. එදා එයා චූටිව්ත් අරගෙන ගිහින්..”

චේතිය කලකට පෙර සිදු වූ සිදුවීමක් නැවත මිතුරන් ඉදිරියේ දිග හැරියේය..

“ඉතිං..”

“මං හිතන්නෙ අම්මා ඒ චූටිව වලව්වට ගෙනියපු පළවෙනි දවස.. චූටිටත් වයස අවුරුදු දෙක තුනක් විතර වෙන්න ඇති.. එදා ඇතුගලකාරයව දැකලා එයා අම්මට ගෑ ගැහුවලු ගෙදර යමු කියලා.. අම්මා ඒ වෙලාවෙ ඉදලා තියෙන්නෙ කුස්සියෙ උය උයලු.. ඒ පාර ඇතුගලයා චූටිව වඩාගෙන.. මේ කෙල්ල පොඩිකමට උගේ මූණට කෙළ ගහලා මචං..”

“නෑහ්.. උඹලගෙ නංගි සිරා පොරක්නෙ..”

කලන කීවේ මවිතයෙනි.. ඇතුගල හාමුගෙ මුහුණට කෙළ ගැසීමට තරම් ජගතෙක් ඇතැයි ඔහු සිතුවේ නැත..

“ඊට පස්සෙ අපේ අම්මා එතැනට දුවගෙන ඇවිත්.. හාමු චූටිව වඩාගෙන ඉන්නවා දැකලා අම්මා බයවෙලා.. එයා චූටිව උදුරගෙන වගේ ගෙදර දුවගෙන ඇවිත්..”

“එදා උඹ එතන හිටියෙ නැද්ද..?”

“නෑ මචං.. චූටි පොඩි කාලෙදිම තමයි මං එහේ යන එක නතර කලේ..”

“හරි ඉතිං.. ඊට පස්සෙ මොකද උනේ කියපංකො..”

මිතුරාගේ සිතේ ගල් කන්ද වලව්ව ගැන තරහක් තිබෙන බව දැන උන් රංග එය පසුව විමසීමට තීරණය කළේය..

“එදා අම්මා චූටිව උස්සගෙන ගෙදර දුවන් එද්දි මං හිටියෙ පාඩම් කර කර.. එයා චූටිව ඇද උඩින් තිබ්බා විතරයි කෙල්ලව ගැහෙන්න ගත්තා.. මං අල්ලලා බලද්දි චූටිට හොදටම උණ..”

ඔවුන් තිදෙනාම මොහොතක් තම තමන්ගේ ලෝකවල අතරමංව කල්පනා කලහ..

“නංගි ඊට පස්සෙ නිතරම ලෙඩ උනාද..?”

“නිතරම නෙමෙයි.. ඒත් එයා සැරෙන් සැරේ වලව්ව ගැන එක එක දේවල් කියන්න ගත්තා.. අම්මා එදා ඉදලා චූටිව වලව්වට අරන් ගියේ නෑ..”

“එහෙම වලව්ව ගැන කියන හැම වෙලාවෙම නංගිට ඔය විදියටම උණ ගන්නවද..?”

“එහෙමමත් නෑ මචං.. ඒත් සමහර වෙලාවට ඔය වගේ කතා වලින් පස්සෙ පැය ගණන් තනියම කල්පනා කරනවා..”

චේතිය කීවේ නැගණියගේ අසාමාන්‍ය ගති ගැන නැවතත් මෙනෙහි කරමිනි.. ඈ කුඩා කල පටන්ම අනිත් ළමුන්ට වඩා බොහෝ වෙනස්ය.. ඉතා සුන්දර රූ සපුවකට උරුමකම් කී ඈ අන් ළමුන්ට වඩා ඉක්මනට කතා කිරීමටත් ඇවිදීමටත් පටන් ගත් බව ඔහුට අමතක කළ නොහැක..

“උඹලගෙ අම්මා මේ ගැන මොනවද කියන්නෙ..?”

“මටත් තියෙන ප්‍රශ්නෙ ඒකම තමයි බං.. චූටි කියන දේවල් අම්මා මටවත් හරියට කියන්නෙ නෑ.. එයත් ඉන්නෙ නිකං බයවෙලා වගේ..”

“ඉතිං උඹ කෙලින්ම නංගිගෙන් අහපංකො..”

රංග සිය අවසන් තීන්දුව දුන්නේ සියළු ප්‍රශ්න ඉන් විසදාගත හැකි බව සිතමිනි..

“මං එහෙම අහන්න බය වෙන දෙයක් නිසා නෙමෙයි.. චූටි ලෙඩ වෙයි කියලා මට බයයි.. අනික බං තාම ඒකිය වයස අවුරුදු හතයිනෙ..”

“මේක යට මොකක් හරි රහසක් තියෙනවා.. චේති උඹට උනත් හිතෙන්නෙ නැද්ද..?”

“මටත් එහෙම හිතෙනවා බං.. මං උදේ එද්දිත් හිත හිත ආවෙ ඒ ගැන තමයි.. ඒ වෙලාවෙ එක පාරටම සම්මානිව දැක්කා විතරයි මාව නිකං ෂොක් උනා වගේ..”

“රා..යිට්.. බය නැතුව ඉදපං.. අපි මේ ගැන හොයා ගමු..”

මිතුරෝ ඔහුව අස්වාලූහ..

“මේකෙ කොන හොයන්න ඕනෙ වලව්වෙන්මයි කියලා මගේ යටි හිත කියනවා මචං.. ඒකයි මං කොච්චර අකමැති උනත් එදා වලව්වට යන්න තීරණය කළේ..”

“හරි මස්සිනා.. අපිට තවය චාන්සස් තියෙනවනේ.. කොහොමත් ඔය හාමුවා අපිට මේ සතියෙ එන්න කියලත් කිව්වනෙ.. ගිහිල්ලම බලමු..”

එයට එකග වූ චේතිය හිස සැලුවේ තම යටි සිතට දැනෙන මේ අභිරහස සොයා ගැනීමේ කැමැත්තෙනි..

[QUOTE="crazybuddy, post: 12712064, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-6u18TS9kV9Q/T137E4cZVpI/AAAAAAAABf4/beLRVlYMMpk/s1600/03.png[/IMG] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය අමතර පංතියේ පොත් කිහිපයද බෑගයේ ඔබා ගනිමින් හනිකට බස් නැවතුමට දිව ගියේ තමා එනතුරු රංග හා කලන එහි රැදී සිටින බව දන්නා නිසාය.. ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේය.. එහි වෙලාව හතයි තිහ ලෙස සටහන්ව ඇත.. තමා රංගලාට එන්න කීවේ හතටය.. අදනං මිතුරන්ගේ ගෝරණාඩුව අනිවාර්යය බව දැන උන් චේතිය බස් නැවතුමට ළගා වූයේ හිස පහත් කරගෙනමය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]නැත.. කිසිදු බැනුමක් නැත.. ඔහු හිස එසෙව්වේ රංගලා පැමිණ නැත්දෝ සැකයෙනි.. රංග හා කලන කියු වේලාවටම පැමිණ උන්හ.. ඔවුන් දෙදෙන කවුදෝ කෙල්ලෙකු සමග බර කදයකි.. චේතියද එදෙසට ළං වූයේ ඒ සුරූපිණියගේ මුහුණ දැක ගැනීමේ අටියෙනි.. ඔහුට තම දෑස් අදහාගත නොහැකි තරම් විය.. ඒ උන්නේ ඔහුගේ සිත දිනූ සම්මානි මිස අනෙකෙකු නොවේ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“සොරි මචං.. මං ටිකක් ලේට් උනා.. ගුට් මොනිං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සම්මානිව එතරම් තැකීමක් නොකල බව පෙන්විමට මෙන් චේතිය එය කීවේ කලන දෙසට හැරීය.. ඔරලෝසුව දෙසට දෑස් පෑ කලනගේ මුහුණේ ඇදුනේ සමච්චල් සහගත සිනහවකි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තව විනාඩි පහක් බලලා අපි යන්න හැදුවෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග කීවේ සම්මානි දෙසද බලාගෙනය.. ඔහු තම අවධානය සම්මානි වෙත යොමු කරවීමට උත්සාහ ගන්නා බව දුටු චේතිය එය නොහැසුණ සේ හැසිරීමට වෙර දැරිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ ළමයත් ඉදලා ඉදලා බස් එකෙ ආව දවසෙම අපි නිසා පරක්කු උනා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් දෙදෙනාම ප්‍රමුඛත්වය දෙන්නේ සම්මානිට බව වැටහුණු චේතිය තරහින් අහක බලා ගත්තේය.. නමුත් සම්මානි බලා ඉන්නේ තම මුහුණ දෙස බව ඔහුගේ යටි සිතට දැණුනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අන්න බස් එක.. වරෙන්.. යමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිතුරන් දෙදෙනාට පෙර බසයට නැගගත් චේතිය එහි තිබු හිස් අසුනක් වෙත ගොස් එය ආවරණය වන සේ සිට ගත්තේය.. සැබැවින්ම ඔහු එය තබා ගත්තේ සම්මානි වෙනුවෙනි.. වායු සමනය කරන ලද රථයක ගමන් ගන්නා මේ යුවතියට බසයක සිටගෙන යා නොහැකි යැයි චේතියට සිතුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ කාටද මේ සීට් එක තියාගත්තෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පිළිතුර දැන දැනම රංග ප්රශ්නය නැගුවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කැමති කෙනෙක් ඉදගත්තුදෙන්.. මට තාම හිටගෙන යන්න හයිය තියෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]වේගයෙන් එවදන් පිට කල චේතිය එම අසුන ළගින් මෑත් වුයේය.. මොහොතක් ඔහු දෙස නිහඩව බලා උන් සම්මානී නිහඩව එහි අසුන් ගත්තාය.. චේතියගේ මෙම හැසිරීම රංග හා කලනට ගෙන ආවේ දැඩි කුතුහලයකි.. චේතිය සම්මානීට කැමති බව ඔවුන් දෙදෙනාම දැන උන්හ.. ඔහු පන්තියේ වුව අසුන් ගත්තේ ඇගේ රුප පෙනෙන තැනකිනි.. ගැහැනු ළමුන් දිරවන්නේම නැති චේතිය සම්මානි ගැන කතා කිරීමට ගත් කල නොනවත්වාම කතා කරයි.. ඉතිං මේ වෙනස ඔවුනට අදහා ගත නොහැකිය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අහම්බෙන් බසයේ යාමට පැමිණි සම්මානිව ඔවුන් විනාඩි විස්සක් පමණ බස් නැවතුමේ රදවා ගත්තේ චේතිය එනතුරුය.. එසේ කල්පනා කරන විටදී රංගගේ සිතේ තරහක්ද හට ගත්තේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“තරහ ගන්න එපා බං.. ඌ පරක්කු උනේ ඇයි කියලවත් අපි ඇහුවෙ නෑනෙ.. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංගගේ සිතැගි වටහා ගත් කලන චේතියට රහසින් ඔහු අස්වසාලූයේය.. එතැන් සිට පන්තියට ළගා වන තෙක්ම ඔවුන් අතර කතාවක් හුවමාරු වූයේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ෂා.. හඳ මොකද අද බිමට බැහැලා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]පන්තියට යන කොලුවෙකු කෑ ගැසුවේ සම්මානි දෙස බලාය.. ඈ එය නෑසුන විලස ගමන් ගත්තීය.. ඔවුන් සිව් දෙනාම ළං වූයේ කාඩ් පරික්ෂා කරන පෝළිම වෙතය.. ඒ ආසන්නයේ වූ කොලු රෑනක් සම්මානිට මොනවදෝ කියනු චේතියට පෙනුණි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මචං අර කියමන වෙනස් කරන්න වෙයි වගේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොකක්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒක් ඵුල්.. දෝ මාලික්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ කිව්වෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]අසා උන් තැනැත්තා ප්රශ්නය නැගුවේය.. චේතිය ඔවුන් දෙස හොද හැටි බලා උනි.. ඔවුන් චේතියලාට වඩා වයසින් වැඩිමල් බව බැලූ බැල්මට පෙනුණේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එක මලයි බඹරු දෙන්නයි.. අන්න ඒක වෙනස් කරන්න ඕනෙ.. එක මලයි බඹරු තුන්දෙනයි කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් එය කීවේ තම පිරිසට බව චේතියට වැටහුණි.. ඔහුට තම ගතේ ලේ ගමනාගමනය වේගවත් වන බවක් දැනුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ මලට නං බඹරු තුන්දෙනෙක් වැඩි නැතුව ඇති බං.. සල්ලි කඳක් නේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කිසිවෙකුට කිසිවක් සිතා ගැනීමට තරම් කාලයක් ඉතිරි වූයේ නැත.. එකී වදන් පිට වන සැනින්ම චේතියගේ දකුණු අත එය කී තැනැත්තාගේ කණ හරහා වේගවත්ව පතිත උනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි.. ඇයි..? මේකිට මොකක් හරි කියද්දි උඹට අමාරුද..? මේ.. උඹ උඹගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටපං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]සංවාදයේ අනික් තැනැත්තා පිටු පසින් පැමිණ චේතියගේ කමීස කොලරය අල්ලා ගනිද්දී පසුපස හැරුනු චේතය ඔහුටද බිම පතිත වන සේ පහරක් එල්ල කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඉන්පසු ආරම්භ වූයේ එකම ගුටි කෙලියකි.. ප්‍රතිවාදීන් තිදෙනෙකු බිම වැටෙන තුරු චේතිය ඔවුන්ට පහර දුන්නේ විනාඩි දෙකක් ඉක්ම යාමටත් මත්තෙනි.. කාඩ් පොළිමේ වූ සිසුන් පමණක් නොව පන්තිය ඇතුළත වූ සිසුන්ද තම අසුන් වලින් නැගිටිමින් මෙම දර්ශනය නරඹමින් උන්හ.. රංග හා කලන චේතිය දෙසට දුව එන විට විය යුතු දේ සිදු වී හමාරය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔය ඇති චේති.. ඔය ඇති..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංගලාට පෙර චේතිය වෙත දිව ආ සම්මානී ක්ෂනිකව ඔහුගේ අතේ එල්ලී ගත්තාය.. ඇගේ අත ගසා දැමූ චේතිය එතැනින් පිටව පාරට පැමිණියේ මිතුරන් දෙසවත් නොබලමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොකක්ද සම්මානි මේ උනේ..? ඇයි අරූ මුන් ටිකට ගැහුවෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියගෙන් ගුටි කෑ රස්තියාදුකාරයින්ගේ කතා නෑසුන රංගට ඇති වූයේ දැඩි කුතුහලයකි.. පසුපසින් ශබ්දයක් ඇසී බලන කල ඔවුන් දුටුවේ චේතිය තිදෙනෙකුට එක දිගට පහර දෙන බව පමණි.. එහෙයින් ඔවුන්ට මේ කිසිවක් වටහා ගත නොහැකි විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ කට්ටිය අපිට මොනවද කිව්වා.. ඒකට චේතියට තරහා ගියා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඈ කීවේ දෑසින් ගලන කදුලු පිටි අත්ලෙන් පිසිමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඔයා පන්තියට යන්න සම්මානි.. අපි ගිහින් බලන්නම් අරූ කොහෙද ගියේ කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බිම වැටී උන් තිදෙනා දෙසද තිබුණු බැල්මක් හෙලූ කලන ඔවුන්ගේ ඇගවල් උඩින් පැන චේතිය ගිය ඉසව්වට දිව ගියේය.. කිසිවක් සිතාගත නොහැකි වූ රංගද ඔහුව අනුගමනය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මචං මූ නෑනේ.. මේ ඩිංගට කොහේ වාෂ්ප උනාද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ප්‍රධාන පාර තෙක්ම පැමිණි කලන පසු පසින් පැමිණි රංග දෙස බලා කීවේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඌ ආවෙත් මොකක් හරි අප්සට් එකකින්නෙ.. ඒ කේන්තියටම අරුන් ටිකටත්දීලා අරින්න ඇති වැටෙන්නම..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වැටිලා විතරක් නම් මැදැයි.. උඹ දැක්කෙ නැද්ද උන් දෙන්නෙක්ගෙ කටවල් වලින් ලේත් එනවා.. අනිකගෙ ෂර්ට් එකත් ඉරිලා.. මේ යකත් මාර පොරක් තමයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඇයි උඹට අමතක උනාද ඌ බ්ලැක් බෙල්ට් කාරයෙක් කියලා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කතා කරන අතරතුර දෙදෙන බස් නැවතුමට පැමිණියේ චේතිය එහිවත් ඇත්දැයි බලමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අර ඉන්නෙ බං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බස් නැවතුමේ නවතා තිබූ බසයක පසු පසම අසුනේ වාඩි වී ඉවත බලා උන් චේතියව පෙන්වූ කලන හැකි ඉක්මනින් රංගවද ඇද එම බසයට ගොඩ විය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චේති.. උඹට මොකෝ උනේ බං..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහුගේ දෙපසින් වාඩිගත් දෙමිතුරෝ ඔහුගේ අතකින් අල්ලා ගත්හ.. ඒ දෑත් වෙව්ලන බව රංගට හා කලනටද වහා වැටහුණි.. එයට හේතුව ඔහු පාලනය කල නොහැකි කේන්තියකින් පසුවන බව දැන උන් කලන චේතියගේ පිටට තට්ටුවක් දැම්මේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“කාම් ඩවුන් චේති..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුව සන්සුන් කිරීමට වෙර දරමින් කලන වටපිට බැලුවේ ත්‍රීරෝද රථයක් නවතා ගැනීමේ අරමුණෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“වරෙන් යං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතියවද බසයෙන් බස්සවා ගත් ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයකට ගොඩ විය.. යන්නෙ කොහෙදැයි නොඇසූ චේතිය තව දුරටත් නිහඩවම පසුවූයෙ තම සිත එක්තැන් කර ගැනීමට අවැසි වූ හන්දාය.. කලන ඔහුව රැගෙන ගියේ බේක් හවුස් එක වෙතටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹලා ඉද ගනිං මං කන්න මොනව හරි අරන් එන්නම්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය හා කලන කොනේම මේසයක් කරා ගමන් ගනිද්දී රංග කවුන්ටරය වෙත ගියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ දාගත්තෙ පොඩි පහේ ලෙඩක් නෙමෙයි මචං.. උන් මහ මදාවියො වගයක්.. පෙනුමෙන් නං අපේ ක්ලාස් එකෙත් නෙමෙයි.. අපේ වයසෙත් නෙමෙයි..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මටත් හිතාගන්න බෑ බං මට මොනවා උනාද කියලා.. උන් සම්මානිට අර වගේ කතාවක් කියද්දි මට අහන් ඉන්න බැරුව ගියා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මොනවද උන් කිව්වෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලන ඇසූවට ඔහු පිළිතුරු දුන්නේ රංගද මේසයට පැමිණි පසුවය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ෂිට්.. ඔය කතාව අපිට ඇහුණෙ නෑනෙ.. ඇහුනා නං උන්ට ගහලා විතරක් නෙමෙයි අතක් පයක් කඩලත් එන්න තිබ්බා.. සම්මානි එහෙම ජරා කෙල්ලෙක් නෙමෙයිනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග කීවේ දැඩි ආවේගයෙනි.. මිතුරා කල දේ සාධාරණ බව මේ වන විට ඔහුට හැගෙමින් තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒක හරි.. දැන් ගිය දේ ගියා.. අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕනෙ උන් කාගෙ කවුද කියලා.. මොකද චේති.. උන් ඕකෙ රිටන් එක නොගෙන ඉදී කියලා හිතන්න බෑ.. ඒ නිසා අපි ඒකට දැන් ඉදලම ලෑස්ති වෙන්න ඕන..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]බොහෝ දුර කල්පනා කල කලන එය කීවේ මිතුරන්ට මෙම තත්වයේ බරපතලකම වටහා දීමේ අරමුණෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඒ කවුරු උනත් බං සම්මානි ගැන දන්න එකෙක්නං වෙන්න බෑ.. කෙල්ල සේනාධීරගෙ දුව කියලා දන්න කිසි එකෙක් ඒකිට වචනයක් කියන්න එන්නෙ නෑ.. කිව්වනං ඇඩ්රස් නැති වෙනවා කියලා දන්නවනේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග කී දෙයට චේතිය සිනාසුණේ නුහුරටය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹට පිස්සුද.. උන් කෙල්ල ගැන හොදටම දන්නවා.. ඒකනේ කිව්වෙ සල්ලි කදක් කියලා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔහු ඒ පිළිබදව යළි යළිත් සිහිපත් කරමින් උන්නේය.. ඔහුට දැනුනේ තම ඔළුව විකාර වී එන බවකි.. නිවසේ තිබෙන ප්‍රශ්න මදිවාට තමා ඉල්ලාගෙන ලෙඩක් දා ගත්තාදැයි සැක සිතුණු ඔහු ගැඹුරු හුස්මක් පිට කලේය.. ඒ දුටු රංග හා කලන මුහුණින් මුහුණ බලා ගත්හ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි.. ඒක දැන් ඉවරයි.. කියපංකො උඹ මොකද අද මෙච්චර පරක්කු උනේ කියලා..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග කතාව මාරු කලේ චේතිය දිගින් දිගටම කල්පනා කල නිසාවෙනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“අද උදේ අපේ චූටි අසනීප උනා බං.. අම්මා එක්ක මොන මොනවදෝ කියවලත් තියෙනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කුඩා කල සිටම එකටම හැදී වැඩුණු හෙයින් රංග හා කලන චේතියගේ නිවසේ මෙම ගැටළුව ගැන දැන උන්හ.. වයස අවුරුදු දෙකේදි පමණ සිටම චේතියගේ කුඩා නැගණිය වරින් වර අමුතුම ආකාරයකට අසනීප වන බව චේතිය ඔවුනට කියා තිබිණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේ පාර මොනවද කියවලා තියෙන්නෙ..? අම්මා උඹට කිව්වෙ නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ බං.. එයා ඒ කතා හැමදාම යට ගහනවා.. දැන් මං එනකොටත් චූටිට සහලෝලා උණ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]තම මව කිසියම් කරුණක් තමාගෙන් වසන් කිරීමට වෙර දරතැයි චේතියට පෙර දින වලදී මෙන්ම මෙවරත් සිතුණි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹ කිව්වා නේද නංගි පොඩි කාලෙත් ඔය වගේ දේවල් කිව්වා කියලා..? උඹ පොඩ්ඩක් හොයාලා බැලුවෙ නැද්ද චේති..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“චූටි මුලින්ම අසනීප වෙලා තියෙන්නෙ අම්මා වලව්වෙ උත්සවේකට ගිය දවසකලු.. එදා එයා චූටිව්ත් අරගෙන ගිහින්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය කලකට පෙර සිදු වූ සිදුවීමක් නැවත මිතුරන් ඉදිරියේ දිග හැරියේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං හිතන්නෙ අම්මා ඒ චූටිව වලව්වට ගෙනියපු පළවෙනි දවස.. චූටිටත් වයස අවුරුදු දෙක තුනක් විතර වෙන්න ඇති.. එදා ඇතුගලකාරයව දැකලා එයා අම්මට ගෑ ගැහුවලු ගෙදර යමු කියලා.. අම්මා ඒ වෙලාවෙ ඉදලා තියෙන්නෙ කුස්සියෙ උය උයලු.. ඒ පාර ඇතුගලයා චූටිව වඩාගෙන.. මේ කෙල්ල පොඩිකමට උගේ මූණට කෙළ ගහලා මචං..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑහ්.. උඹලගෙ නංගි සිරා පොරක්නෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]කලන කීවේ මවිතයෙනි.. ඇතුගල හාමුගෙ මුහුණට කෙළ ගැසීමට තරම් ජගතෙක් ඇතැයි ඔහු සිතුවේ නැත..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඊට පස්සෙ අපේ අම්මා එතැනට දුවගෙන ඇවිත්.. හාමු චූටිව වඩාගෙන ඉන්නවා දැකලා අම්මා බයවෙලා.. එයා චූටිව උදුරගෙන වගේ ගෙදර දුවගෙන ඇවිත්..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එදා උඹ එතන හිටියෙ නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නෑ මචං.. චූටි පොඩි කාලෙදිම තමයි මං එහේ යන එක නතර කලේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි ඉතිං.. ඊට පස්සෙ මොකද උනේ කියපංකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිතුරාගේ සිතේ ගල් කන්ද වලව්ව ගැන තරහක් තිබෙන බව දැන උන් රංග එය පසුව විමසීමට තීරණය කළේය..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එදා අම්මා චූටිව උස්සගෙන ගෙදර දුවන් එද්දි මං හිටියෙ පාඩම් කර කර.. එයා චූටිව ඇද උඩින් තිබ්බා විතරයි කෙල්ලව ගැහෙන්න ගත්තා.. මං අල්ලලා බලද්දි චූටිට හොදටම උණ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]ඔවුන් තිදෙනාම මොහොතක් තම තමන්ගේ ලෝකවල අතරමංව කල්පනා කලහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නංගි ඊට පස්සෙ නිතරම ලෙඩ උනාද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“නිතරම නෙමෙයි.. ඒත් එයා සැරෙන් සැරේ වලව්ව ගැන එක එක දේවල් කියන්න ගත්තා.. අම්මා එදා ඉදලා චූටිව වලව්වට අරන් ගියේ නෑ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙම වලව්ව ගැන කියන හැම වෙලාවෙම නංගිට ඔය විදියටම උණ ගන්නවද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“එහෙමමත් නෑ මචං.. ඒත් සමහර වෙලාවට ඔය වගේ කතා වලින් පස්සෙ පැය ගණන් තනියම කල්පනා කරනවා..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]චේතිය කීවේ නැගණියගේ අසාමාන්‍ය ගති ගැන නැවතත් මෙනෙහි කරමිනි.. ඈ කුඩා කල පටන්ම අනිත් ළමුන්ට වඩා බොහෝ වෙනස්ය.. ඉතා සුන්දර රූ සපුවකට උරුමකම් කී ඈ අන් ළමුන්ට වඩා ඉක්මනට කතා කිරීමටත් ඇවිදීමටත් පටන් ගත් බව ඔහුට අමතක කළ නොහැක..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“උඹලගෙ අම්මා මේ ගැන මොනවද කියන්නෙ..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මටත් තියෙන ප්‍රශ්නෙ ඒකම තමයි බං.. චූටි කියන දේවල් අම්මා මටවත් හරියට කියන්නෙ නෑ.. එයත් ඉන්නෙ නිකං බයවෙලා වගේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“ඉතිං උඹ කෙලින්ම නංගිගෙන් අහපංකො..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]රංග සිය අවසන් තීන්දුව දුන්නේ සියළු ප්‍රශ්න ඉන් විසදාගත හැකි බව සිතමිනි..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මං එහෙම අහන්න බය වෙන දෙයක් නිසා නෙමෙයි.. චූටි ලෙඩ වෙයි කියලා මට බයයි.. අනික බං තාම ඒකිය වයස අවුරුදු හතයිනෙ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේක යට මොකක් හරි රහසක් තියෙනවා.. චේති උඹට උනත් හිතෙන්නෙ නැද්ද..?”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මටත් එහෙම හිතෙනවා බං.. මං උදේ එද්දිත් හිත හිත ආවෙ ඒ ගැන තමයි.. ඒ වෙලාවෙ එක පාරටම සම්මානිව දැක්කා විතරයි මාව නිකං ෂොක් උනා වගේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“රා..යිට්.. බය නැතුව ඉදපං.. අපි මේ ගැන හොයා ගමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]මිතුරෝ ඔහුව අස්වාලූහ..[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“මේකෙ කොන හොයන්න ඕනෙ වලව්වෙන්මයි කියලා මගේ යටි හිත කියනවා මචං.. ඒකයි මං කොච්චර අකමැති උනත් එදා වලව්වට යන්න තීරණය කළේ..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]“හරි මස්සිනා.. අපිට තවය චාන්සස් තියෙනවනේ.. කොහොමත් ඔය හාමුවා අපිට මේ සතියෙ එන්න කියලත් කිව්වනෙ.. ගිහිල්ලම බලමු..”[/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#783f04][B]එයට එකග වූ චේතිය හිස සැලුවේ තම යටි සිතට දැනෙන මේ අභිරහස සොයා ගැනීමේ කැමැත්තෙනි.. [/B][/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom