Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදා වූයේ සැමටම කාර්යබහුල දිනයකි.. අශේන් බේබිගේ උපන් දිනය නිසා එදින ගුණවතී උදෑසනම වල්වව්ට යා යුතු විය.. පුංචි මිහිරාවි සුපුරුදු පරිදි අසල්වැසි ඇලිසාට බාරවිණි.. නිවසේ සිටම සූදානම්ව ගියහොත් තමාව හදුනාගතැයි සිතුණ චේතියද සිය ඇදුම් පැළදුම් සියල්ල රැගෙන රංගගේ නිවසට ළගා විය..

“අද එතනට තද පොරවල් එහෙම එයි.. අශේනයගෙ කොල්ලො සෙට් එකට උනත් සෙකන්ඩ් වෙන්නෙ නැති විදියට අපිත් යං..”

එසේ කී රංග දුරකථන ඇමතුමක් දී කලනවද සිය නිවසට ගෙන්වා ගත්තේය.. දහවල් වන විට ඔවුන් තිදෙනා රංගගේ සොහොයුරා ගෙන් දුන් විදේශිය ඇදුම් වලින් සැරසුණි..

“උඹට ඔය බොරු කොණ්ඩෙ දාගෙන ජෙල් ටිකක්වත් ගාගන්න විදියක් නෑ නේද..?”

සුපුරුදු වේශ නිරූපණය දමාගත් චේතියගේ කොණ්ඩය අතගා කලන විහිළු කළේය..

“තව ටික දවසයි බං මෙහෙම යන්නෙ.. ඊට පස්සෙ මං වලව්වට පය තියන්නෙ මගේ සැබෑ ස්වරූපයෙන්..”

“එදාට තමයි හාමුවා උඹට ඉලපත ගන්නෙ..”

“ඌ කොහෙද බං එච්චර කෙරුමෙක් වෙන්නෙ..? කොහොමටත් තුරුම්පු ටික අතට ගන්නකල් මං හදිස්සි වෙන්නෙ නෑ”

රංග චේතියගේ කතාවට සවන් දෙන අතරතුර සිය අල්මාරියෙන් මිල අධික විලවුන් බෝතලයක් ගෙන සිරුර පුරා තවරා ගත්තේය..

“ආ.. ගාපං..”

ඔහු එවරද සිය පරිත්යාගහීලීත්වය පෙන්විය..

“අපිට එන්න කිව්වෙ දවල්ටද.. රෑටද..?”

කලන එම ප්‍රශ්ණය නැගුවේ සියළු දෙනා පිටත් වීමට සැරසුණ විටය..

“වෙලාවක් කිව්වෙ නෑ බං.. අනික අපේ අම්මා කිව්වා දවසෙම පාටිය තියෙනවා කියලා..”

“මලා..”

චේතිය කතා කරන අතරතුර රංග කලබලයෙන් සිය නළලට අත ගසා ගත්තේය..

“කවුද මලේ..?”

කලන ඇසුවේ සිනාසෙමිනි..

“අපි යන්නෙ බර්ත් ඩේ පාටියකටනේ බං.. කෝ ඉතිං තෑග්ගක්..?”

අනෙක් දෙදෙනාටද මෙතෙක් එය සිහිපත් වූයේ නැත..

“දැන් මොකද කරන්නෙ..? තෑගි හොයන්න යන්න වෙලාවකුත් නෑ.. අනික අශේනයා සෝබනකාරයා බං.. ඌට අපි දෙන තෑගි වැඩක් වෙන එකකුත් නෑ..”

චේතිය කීවේ අශේන්ගේ විස්තර ඔහු දැන උන් නිසාය..

“එහෙම කියලා අතපය වන වන යන්න බෑනෙ බං..”

එසේ කී රංග ඔහු සතුව තිබූ දවටනය ඉවත් නොකරන ලද විලවුන් බෝතලයක් අලුත්ම ඉටි බෑගයකට දමා ගත්තේය..

“මෙන මොනවා කරන්නද ඉතිං.. දැනට මේකවත් ගෙනියමු.. ඌ සෝබනේ දැම්මොත් ආපහු අරන් එමු..”

රංග කී දෙයට චේතියද හා කලනට සිනා නැගුණි..

“එහෙනං හරිනේ.. මං තාත්තට කිව්වා ටිකක් වෑන් එක එවන්න කියලා.. අපි ඒකෙ යමු..”

ඔවුන් දහවල් දොලහයි තිහ පමණ වන විට ගල් කන්ද වලව්වට ළගා වූහ.. පෙරදා දුටුවාට වඩා වලව්ව සෑහෙන වෙනස් මුහුණුවරක් ගෙන තිබීම ඔහුන්ගෙ මවිතයට හේතු විය..

“බලපංකො බං සරසලා තියෙන හැටි.. හරියට මගුල් ගේකට වගේ..”

මිදුල පුරා විදුලි බුබුළු වැල් එල්ලා පුටු දමා ඉතා උත්කර්ශවත් ලෙස සරසා තිබිණි..

“මුගේ හැම උපන්දිනේම මේ වගේද..?”

කලන චේතියගේ කණට කර විමසුවේ මෙය අධික වියදමක් දරා සැලසුම් කර තිබූ උත්සවයක් නිසාය..

“දන්න තරමින් වෙනදට පාටි තිබුණෙ කොහේ හරි හෝටලේක.. මං හිතන්නෙ ළමාතැනී නැති උනාට පස්සෙ වලව්වෙ මේ තරම් ලොකු පාටියක් දාන පළවෙනි පාර..”

කතාවෙන් කතාව ඔවුන් පිරිස අතරින් ගල් කන්ද වලව්වේ ප්‍රධාන ද්වාරය කරා ළගා වූහ..

“කවුද මේ ඉලංදාරියා..?”

ඇතුගල හාමු මහතාට චේතිය ඇතුළු මිතුරන් දෙදෙන හදුනා ගැනීමට නොහැකි වී තිබිණි..

“හාමු මහත්තයා.. අපි අර බාල දක්ෂ..”

“ආ.. මතකයි.. මතකයි.. කොල්ලො තුන්දෙනා අද අදුරන්නත් බැරි තරම්නෙ..”

කලන සිය හදුන්වා දීම අවසන් කරන්නටත් පෙර ඇතුගල හාමු සිය කටහඩ අවදි කළේය.. එය ඔවුනට තරමක ආඩම්බරයක්ද විය..

“කෝ.. අශේන් බේබි නැද්ද..?”

අශේන්ව බේබි ලෙස හැදින්වීමට තරම් කැමැත්තක් නොවුනද රංගට මේ අවස්ථාවේ වෙන කල හැක්කක් නොවිය..

“හිටියා.. හිටියා.. ඔය යාළුවො ටික එක්ක ගල් තලාව පැත්තට ගියේ.. ඔය ළමයි ගෙට ගිහින් මොනව හරි බීලා ඉමුකො..”

පිරිස පිළිගැනීමට උපන්දිනකාරයා නොවුනද හාමු මහතාගේ ඉල්ලීම පිට ඔවුන් වලව්ව තුළට පිවිසයහ.. පැමිණ උන් සියළු අමුත්තන් වැදගත් පෙනුමැති ප්‍රභූවරුන් වුවද චේතියලා ඒ අතර හෑල්ලු වන මට්ටමේ නොවූහ.. විශේෂයෙන් චේතිය අන් දෙදෙනාටම වඩා මනා පෞරෂයකින් යුක්ත විය..

“වලව්කාරයෙක් වෙන්නත් පෙර පිං කරලා තියෙන්න ඕන බං.. බලපංකො අශේන්ට තියෙන සැප..”

“මේ මිනිහගෙ කී වෙනි උපන්දිනේද චේති..?”

“මං හිතන්නෙ විසි හතරක් විතර ඇති..”

ඔහු පිළිතුරු දුන්නේ අනුමාන වශයෙනි..

“ඒ කියන්නෙ මිනිහා අපිට වඩා අවුරුදු හයක් විතර වැඩිමල්..”

වලව්ව ඇතුළත ලොකු කවිච්චියක වාඩි ගන්නා අතරතුර කලන විමසිය.. එයට යමක් නොකී චේතිය වලව්ව ඇතුළත බැලුවේ තම මව පෙනෙන්නට සිටීදැයි දැන ගැනීමේ අරමුණෙනි.. ඒ අතරතුර රංගගේ ඇස් දිව ගියේ ළමාතැනීගේ පින්තූරය වෙතය.. ඔහු එදා කලන කී දෑ ඔස්සේ ළමාතැනීව හා චේතියගේ නැගණියව සිතින් සංසන්දනය කරමින් උන්නේය..

“මචං.. අරුන් තුන්දෙනාම ඇවිත්..”

මොහොතකට පසු උඩුමහලේ සිට බැස එන කොලු රෑන පෙන්වූ කලන රංගගේ කණට කර කීවේය.. චේතිය ඒ වන විට උප්පේ හේතුහාමි සමග කතාබහකය නියැලීගෙනය..

“කවුද තුන්දෙනා..?”

රංග ඇසුවේ කුතුහලයෙනි.. ඊට පිළිතුරු ලෙස කලන හිසින් පෙන්වූයේ අමතර පංතියේ සම්මානිගේ සිද්ධියට අදාල රස්තියාදුකාරයින් තිදෙනාවය.. ඔවුන් දෙදෙනෙකුගේම තුවාල කැළැල් තවම ඉතිරිව ඇත..

“පොඩ්ඩක් ෂේප් වෙලා ඉමු.. පිටදි වගේ නෙමෙයි.. මේ වගේ තැනකදි වලියක් ගියොත් අපිට පාඩුයි..”

රංගට අනතුරු ඇගවීමක් කළ කලන තම හිස පහතට හරවා ගත්තේය.. රැගෙන ආ තෑග්ගද තෑගි තැබීම සදහා වෙන් කර තිබූ මේසයෙන් තැබූ රංග මිතුරන් දෙදෙනා සමග මිදුලේ පුටු දමා තිබූ නිස්කලංක පෙදෙසකට ගමන් ගත්තේය..

“තේරු මෝරු අස්සෙ හාල් මැස්සො රිංගන්නෙ මොකටද බං..? අපි මෙන්න මෙහෙට වෙලා ඉමු.. අනික මුගේ අම්මා උනත් මේ පැත්තට එන එකක් නෑනෙ..”

රංගට ඇසක් වසා ඉගි කළ කලන එවි වාඩි ගත්තේ අර මැරවරයන් තිදෙනා මග හැරීමට බව චේතිය දැන උනනේ නැත.. ඔහු කලන කී දෑ ඔස්සේ සිය මව ගැන සිහිපත් කලේය.. තමා වටිනා ඇදුම් පැළදුම් වලින් සැරසී මෙම උත්සවයේ අමුත්තෙකු වී උන්නද තම මව මේ මොහොතේ වලව්වේ දාසියක වී කුස්සියේ කල් ගත කරන බව ඔහුට වාවාගත නොහැකි විය.. ඊටත් වඩා ඔහුගේ සිතට වද දුන් කාරණය වූයේ නැගණිය තම නිවසේ දමා තනිව රජ බොජුන් භුක්ති විදීමට සිදු වීමයි..

“කෑම බීම සේරම කේටරින් එකකට බාර දීලද කොහෙද..”

මිදුලේ මේසයෙන් මේසෙට ගමන් කරමින් සංග්‍රහ කරන වේටර්වරුන් දුටු රංග කීවේය.. එය නෑසුන චේතිය තවමත් උන්නේ කල්පනාබරවය..

“මොනවද බං අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ..?”

ගල් කන්ද වලව්වට පා නගන සෑම විටම චේතිය කල්පනාවට යොමු වන නිසා කලන ඔහුගේ දැහැන බිද දැමුවේය..

“මං මේ කල්පනා කරන්නෙ අදින් පස්සෙ මොනව කියලද වලව්වට රිංගන්නෙ කියලා..”

“උඹත් බලන් යද්දි අම්මයි තාත්තයි වගේ ගල් කන්ද වලව්වටම කඹුරන්නද කොහෙද හිතන් ඉන්නෙ..”

රංග සිතා මතා නොකිව්වාට චේතියගේ සිත බිදිණි.. ඔහු වලව්වට පැමිණියේ යටි සිතේ වූ කුතුහලයක් සන්සිදුවා ගැනීමට මිස වලව්වට දාසකම් කිරීමට නොවේ.. මිතුරන් නොමැතිව හෝ පැමිණ තම සිතැගි ඉටුකර ගැනීමට ඔහු මේ වන විට අදිඨන් කරගෙන උන්නේය..

“අපේ තාත්තා කාලයක්ම කළේ උඹ කිව්වා වගේ වලව්වට කඹුරපු එක.. සමහර විට හේතුහාමි එයා ගැන විස්තර දන්නවා ඇති..”

සුදු සරමක් හා අත් කොට ෂර්ටයක් හැද සෙනග අතරේ එහා මෙහා යන හේතුහාමි දෙස මොහොතක් බලා උන් චේතිය කීවේය.. ඒ ඇසි රංගට තමා කල වරද වැටහිණි..

“සොරි මචං.. මං උඹව කන්ඩෙම් කරන්න හිතාගෙන එහෙම දෙයක් කිව්වෙ නෑ.. ඒත් උඹ මේක අස්සටම රිංගන්න හදනකොට මට තරහා ගියා..”

මිතුරා තමාව පහත් කොට නොසලකන බව නම් චේතිය හොදින්ම දන්නේය.. නමුත් ඔහුට ඉවසුම් නොදුන්නේ රංග තමාව තේරුම් නොගැනීම පිළිබදවය..

“අපේ අම්මා.. තාත්තා.. මං.. චූටි.. අපි හැමෝම මොකක් හරි විදියකින් මේ වලව්වට සම්බන්ධයි.. එහෙම කියලා අපි හැමදාම මේ වලව්වෙ දාසයො වෙලා ඉන්න ඕනෙ නෑ බං.. මං මේ හදන්නෙ ඒ තත්වෙන් මිදෙන්න..”

ඔහු තම සිතැගි මිතුරන්ට වටහා දෙන්නට උත්සාහ ගත්තේය.. ඒ අතරතුර එතනට පැමිණි අශේන් අනපේක්ෂිත ලෙස ඔවුන් ඉදිරියේ අසුන් ගත්තේය..

“ඔයාලා..?”

ඔහු ප්‍රශ්නාර්තයක් රැදි දෑසින් විමසුවේ තිදෙනා දෙසම තියුණු බැල්මක් හෙලමිනි.. නමුත් ඒ ඇස් වැඩි වේලාවක් රැදී තිබුණේ චේතියගේ මුහුණ මත්තේය..

“අපි බාල දක්ෂයො.. හාමු මහත්තයා තමයි අපිට අද එන්න කියලා ආරාධනා කළේ..”

කලන මවා පෑ සුහදත්වයකින් ප්‍රකාශ කර සිටියේය..

“රා..යිට් අප්පච්චි කිව්වා තමයි.. නයිස් ටු මීට් යූ..”

තිදෙනාටම අතදුන් අශේන් එතනින් ඉවත් වීමට ගොස් යළි හැරුණේය..

“හිතේ හැටියට එන්ජෝයි කරපං මචං.. ඔන්න රෑ වෙනකල් යන්න බෑ හරී..”

චේතියගේ පිටටත් පහරක් එල්ල කළ ඔහු යන්න ගියේය..

“හිතපු තරම් යකා කළු නෑ බං චේති..”

ඒ සුහදත්වය අදහාගත නොහැකි තරම් වූ රංග කීවේය..

“කතා කරලා පුළුවන්ද බං මිහිහෙක් තේරුම් ගන්න.. ඕකගෙ කෙරුවාවල් මං දන්නවා.. දෙකක් දා ගත්තම ඌට මතක නෑ ඌ කවුද කියලා..”

චේතිය කීවේ මිතුරන් නොදැන උන් යමකි.. රංග කෙසේ වෙතත් කලන නම් එය වටහා ගත් නිසාවෙන් හිස සැලුවේය..

දහවල් ආහාරයද සිත් සේ භුක්ති විදි චේතිය ඇතුළු පිරිස සවස් වන තුරු වලව් වත්තට වී සතුටු සාමිච්චියේ යෙදී උන්හ.. චේතියට විටින් විට තම මව සිහිපත් වුවද කුස්සියට ගොස් ඇය පිළිබද සොයා බැලීමට නුසුදුසු හෙයින් ඔහු ඉවසා සිටියේය..

“අශේනයා කිව්වට රෑ වෙනකල් ඉන්න බෑනෙ මචං.. අපි ගෙදර යං..”

සවස තුන හතර පමණ වෙද්දී කලන විටින් විට පැවසිය.. නමුත් චේතියට නම් දැන්ම පිට වීමේ අවශ්‍යතාවක් නොවිණි..

“එන තරමක් එන්නෙ ලක්සරි වාහනනෙ චේති..”

ගේට්ටුවෙන් ඇතුළු වූ නවීන පන්නයේ මෝටර් රථයක් පෙන්වූ කලන චේතියගේ අවධානය එදෙසට යොමු කළේය.. එදෙස මොහොතක් බලා උන් චේතියට ඉන් බසිනා රුව දැක සිය දෑස් අදහා ගැනීමට නොහැකි විණි.. ඔහු පමණක් නොව රංග හා කලනද එදෙස බලා උන්නේ පුදුමයෙනි..

“මොනවද බං මේ වෙන්නෙ..? මෙයා කොහෙද මෙහෙ..?”

සේනාධීර සමූහ ව්‍යාපාරයේ අධිපති නලින්ද සේනාධීර සමග රියෙන් බැසි සම්මානි මොහොතක් වටපිට බැලුවේ චකිතයෙනි.. අනෙක් පස දොර හැරි ඇගේ මවද රියෙන් බැස ගත්තාය.. අලුත්ම විලාසිතාවේ දිගු ගවුමක් ඇද උන් සම්මානි සිය වරලස මුදා හැර තිබිණි.. ඉන් ඇගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනුණි.. ඇදුමේ වර්ණයද ඇගේ සමේ වර්ණයට මනාව ගැලපුණේය..

“අයි කාන්ට් බ්ලීව් දිස්..”

රංග වදනක් හෝ දෙඩුවද චේතියගේ මුව අගුල් වැටී ඇත්තා සේය.. ඔහු දෙමාපියන් සමග වලව්ව දෙසට පිය නගන සම්මානි දෙස ඇසිපිය නොහෙලා බලා උන්නේය..

“එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ.. ඇතුගලලා සේනාධීරලා කියන්නෙ එක වල්ලෙ පොල්නෙ.. පොලිස් ලොක්කොයි ප්‍රාදේශිය සභාවෙ කට්ටියයි තව තදයොයි ආපු එකේ සේනාධීරලා නාවනං තමයි ප්‍රශ්ණෙ..”

තරමක් වේලා කල්පනා කල චේතිය සිදුව ඇති දේ අනුමාන කළේය.. නමුත් සම්මානිද ඇතුළුව සේනාධීර පවුලම මෙම සාදයට පැමිණීමේ යම් රහසක් ඇතැයි කලනට සිතුණි..

[QUOTE="crazybuddy, post: 12712154, member: 326070"] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-WVaRPy2Lzc0/T137GC8sXnI/AAAAAAAABf4/toOSI7zI4KY/s1600/06.png[/IMG] [B][COLOR=#783f04]උදා වූයේ සැමටම කාර්යබහුල දිනයකි.. අශේන් බේබිගේ උපන් දිනය නිසා එදින ගුණවතී උදෑසනම වල්වව්ට යා යුතු විය.. පුංචි මිහිරාවි සුපුරුදු පරිදි අසල්වැසි ඇලිසාට බාරවිණි.. නිවසේ සිටම සූදානම්ව ගියහොත් තමාව හදුනාගතැයි සිතුණ චේතියද සිය ඇදුම් පැළදුම් සියල්ල රැගෙන රංගගේ නිවසට ළගා විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අද එතනට තද පොරවල් එහෙම එයි.. අශේනයගෙ කොල්ලො සෙට් එකට උනත් සෙකන්ඩ් වෙන්නෙ නැති විදියට අපිත් යං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ කී රංග දුරකථන ඇමතුමක් දී කලනවද සිය නිවසට ගෙන්වා ගත්තේය.. දහවල් වන විට ඔවුන් තිදෙනා රංගගේ සොහොයුරා ගෙන් දුන් විදේශිය ඇදුම් වලින් සැරසුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹට ඔය බොරු කොණ්ඩෙ දාගෙන ජෙල් ටිකක්වත් ගාගන්න විදියක් නෑ නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සුපුරුදු වේශ නිරූපණය දමාගත් චේතියගේ කොණ්ඩය අතගා කලන විහිළු කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තව ටික දවසයි බං මෙහෙම යන්නෙ.. ඊට පස්සෙ මං වලව්වට පය තියන්නෙ මගේ සැබෑ ස්වරූපයෙන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එදාට තමයි හාමුවා උඹට ඉලපත ගන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඌ කොහෙද බං එච්චර කෙරුමෙක් වෙන්නෙ..? කොහොමටත් තුරුම්පු ටික අතට ගන්නකල් මං හදිස්සි වෙන්නෙ නෑ”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග චේතියගේ කතාවට සවන් දෙන අතරතුර සිය අල්මාරියෙන් මිල අධික විලවුන් බෝතලයක් ගෙන සිරුර පුරා තවරා ගත්තේය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. ගාපං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු එවරද සිය පරිත්යාගහීලීත්වය පෙන්විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපිට එන්න කිව්වෙ දවල්ටද.. රෑටද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන එම ප්‍රශ්ණය නැගුවේ සියළු දෙනා පිටත් වීමට සැරසුණ විටය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වෙලාවක් කිව්වෙ නෑ බං.. අනික අපේ අම්මා කිව්වා දවසෙම පාටිය තියෙනවා කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කතා කරන අතරතුර රංග කලබලයෙන් සිය නළලට අත ගසා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කවුද මලේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන ඇසුවේ සිනාසෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි යන්නෙ බර්ත් ඩේ පාටියකටනේ බං.. කෝ ඉතිං තෑග්ගක්..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනෙක් දෙදෙනාටද මෙතෙක් එය සිහිපත් වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් මොකද කරන්නෙ..? තෑගි හොයන්න යන්න වෙලාවකුත් නෑ.. අනික අශේනයා සෝබනකාරයා බං.. ඌට අපි දෙන තෑගි වැඩක් වෙන එකකුත් නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කීවේ අශේන්ගේ විස්තර ඔහු දැන උන් නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙම කියලා අතපය වන වන යන්න බෑනෙ බං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එසේ කී රංග ඔහු සතුව තිබූ දවටනය ඉවත් නොකරන ලද විලවුන් බෝතලයක් අලුත්ම ඉටි බෑගයකට දමා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙන මොනවා කරන්නද ඉතිං.. දැනට මේකවත් ගෙනියමු.. ඌ සෝබනේ දැම්මොත් ආපහු අරන් එමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග කී දෙයට චේතියද හා කලනට සිනා නැගුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙනං හරිනේ.. මං තාත්තට කිව්වා ටිකක් වෑන් එක එවන්න කියලා.. අපි ඒකෙ යමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔවුන් දහවල් දොලහයි තිහ පමණ වන විට ගල් කන්ද වලව්වට ළගා වූහ.. පෙරදා දුටුවාට වඩා වලව්ව සෑහෙන වෙනස් මුහුණුවරක් ගෙන තිබීම ඔහුන්ගෙ මවිතයට හේතු විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“බලපංකො බං සරසලා තියෙන හැටි.. හරියට මගුල් ගේකට වගේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිදුල පුරා විදුලි බුබුළු වැල් එල්ලා පුටු දමා ඉතා උත්කර්ශවත් ලෙස සරසා තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මුගේ හැම උපන්දිනේම මේ වගේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන චේතියගේ කණට කර විමසුවේ මෙය අධික වියදමක් දරා සැලසුම් කර තිබූ උත්සවයක් නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දන්න තරමින් වෙනදට පාටි තිබුණෙ කොහේ හරි හෝටලේක.. මං හිතන්නෙ ළමාතැනී නැති උනාට පස්සෙ වලව්වෙ මේ තරම් ලොකු පාටියක් දාන පළවෙනි පාර..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාවෙන් කතාව ඔවුන් පිරිස අතරින් ගල් කන්ද වලව්වේ ප්‍රධාන ද්වාරය කරා ළගා වූහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කවුද මේ ඉලංදාරියා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඇතුගල හාමු මහතාට චේතිය ඇතුළු මිතුරන් දෙදෙන හදුනා ගැනීමට නොහැකි වී තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හාමු මහත්තයා.. අපි අර බාල දක්ෂ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. මතකයි.. මතකයි.. කොල්ලො තුන්දෙනා අද අදුරන්නත් බැරි තරම්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන සිය හදුන්වා දීම අවසන් කරන්නටත් පෙර ඇතුගල හාමු සිය කටහඩ අවදි කළේය.. එය ඔවුනට තරමක ආඩම්බරයක්ද විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෝ.. අශේන් බේබි නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අශේන්ව බේබි ලෙස හැදින්වීමට තරම් කැමැත්තක් නොවුනද රංගට මේ අවස්ථාවේ වෙන කල හැක්කක් නොවිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හිටියා.. හිටියා.. ඔය යාළුවො ටික එක්ක ගල් තලාව පැත්තට ගියේ.. ඔය ළමයි ගෙට ගිහින් මොනව හරි බීලා ඉමුකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිරිස පිළිගැනීමට උපන්දිනකාරයා නොවුනද හාමු මහතාගේ ඉල්ලීම පිට ඔවුන් වලව්ව තුළට පිවිසයහ.. පැමිණ උන් සියළු අමුත්තන් වැදගත් පෙනුමැති ප්‍රභූවරුන් වුවද චේතියලා ඒ අතර හෑල්ලු වන මට්ටමේ නොවූහ.. විශේෂයෙන් චේතිය අන් දෙදෙනාටම වඩා මනා පෞරෂයකින් යුක්ත විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“වලව්කාරයෙක් වෙන්නත් පෙර පිං කරලා තියෙන්න ඕන බං.. බලපංකො අශේන්ට තියෙන සැප..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ මිනිහගෙ කී වෙනි උපන්දිනේද චේති..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං හිතන්නෙ විසි හතරක් විතර ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු පිළිතුරු දුන්නේ අනුමාන වශයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ කියන්නෙ මිනිහා අපිට වඩා අවුරුදු හයක් විතර වැඩිමල්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වලව්ව ඇතුළත ලොකු කවිච්චියක වාඩි ගන්නා අතරතුර කලන විමසිය.. එයට යමක් නොකී චේතිය වලව්ව ඇතුළත බැලුවේ තම මව පෙනෙන්නට සිටීදැයි දැන ගැනීමේ අරමුණෙනි.. ඒ අතරතුර රංගගේ ඇස් දිව ගියේ ළමාතැනීගේ පින්තූරය වෙතය.. ඔහු එදා කලන කී දෑ ඔස්සේ ළමාතැනීව හා චේතියගේ නැගණියව සිතින් සංසන්දනය කරමින් උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මචං.. අරුන් තුන්දෙනාම ඇවිත්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මොහොතකට පසු උඩුමහලේ සිට බැස එන කොලු රෑන පෙන්වූ කලන රංගගේ කණට කර කීවේය.. චේතිය ඒ වන විට උප්පේ හේතුහාමි සමග කතාබහකය නියැලීගෙනය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කවුද තුන්දෙනා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග ඇසුවේ කුතුහලයෙනි.. ඊට පිළිතුරු ලෙස කලන හිසින් පෙන්වූයේ අමතර පංතියේ සම්මානිගේ සිද්ධියට අදාල රස්තියාදුකාරයින් තිදෙනාවය.. ඔවුන් දෙදෙනෙකුගේම තුවාල කැළැල් තවම ඉතිරිව ඇත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පොඩ්ඩක් ෂේප් වෙලා ඉමු.. පිටදි වගේ නෙමෙයි.. මේ වගේ තැනකදි වලියක් ගියොත් අපිට පාඩුයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංගට අනතුරු ඇගවීමක් කළ කලන තම හිස පහතට හරවා ගත්තේය.. රැගෙන ආ තෑග්ගද තෑගි තැබීම සදහා වෙන් කර තිබූ මේසයෙන් තැබූ රංග මිතුරන් දෙදෙනා සමග මිදුලේ පුටු දමා තිබූ නිස්කලංක පෙදෙසකට ගමන් ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තේරු මෝරු අස්සෙ හාල් මැස්සො රිංගන්නෙ මොකටද බං..? අපි මෙන්න මෙහෙට වෙලා ඉමු.. අනික මුගේ අම්මා උනත් මේ පැත්තට එන එකක් නෑනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංගට ඇසක් වසා ඉගි කළ කලන එවි වාඩි ගත්තේ අර මැරවරයන් තිදෙනා මග හැරීමට බව චේතිය දැන උනනේ නැත.. ඔහු කලන කී දෑ ඔස්සේ සිය මව ගැන සිහිපත් කලේය.. තමා වටිනා ඇදුම් පැළදුම් වලින් සැරසී මෙම උත්සවයේ අමුත්තෙකු වී උන්නද තම මව මේ මොහොතේ වලව්වේ දාසියක වී කුස්සියේ කල් ගත කරන බව ඔහුට වාවාගත නොහැකි විය.. ඊටත් වඩා ඔහුගේ සිතට වද දුන් කාරණය වූයේ නැගණිය තම නිවසේ දමා තනිව රජ බොජුන් භුක්ති විදීමට සිදු වීමයි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෑම බීම සේරම කේටරින් එකකට බාර දීලද කොහෙද..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිදුලේ මේසයෙන් මේසෙට ගමන් කරමින් සංග්‍රහ කරන වේටර්වරුන් දුටු රංග කීවේය.. එය නෑසුන චේතිය තවමත් උන්නේ කල්පනාබරවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොනවද බං අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගල් කන්ද වලව්වට පා නගන සෑම විටම චේතිය කල්පනාවට යොමු වන නිසා කලන ඔහුගේ දැහැන බිද දැමුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං මේ කල්පනා කරන්නෙ අදින් පස්සෙ මොනව කියලද වලව්වට රිංගන්නෙ කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹත් බලන් යද්දි අම්මයි තාත්තයි වගේ ගල් කන්ද වලව්වටම කඹුරන්නද කොහෙද හිතන් ඉන්නෙ..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග සිතා මතා නොකිව්වාට චේතියගේ සිත බිදිණි.. ඔහු වලව්වට පැමිණියේ යටි සිතේ වූ කුතුහලයක් සන්සිදුවා ගැනීමට මිස වලව්වට දාසකම් කිරීමට නොවේ.. මිතුරන් නොමැතිව හෝ පැමිණ තම සිතැගි ඉටුකර ගැනීමට ඔහු මේ වන විට අදිඨන් කරගෙන උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපේ තාත්තා කාලයක්ම කළේ උඹ කිව්වා වගේ වලව්වට කඹුරපු එක.. සමහර විට හේතුහාමි එයා ගැන විස්තර දන්නවා ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සුදු සරමක් හා අත් කොට ෂර්ටයක් හැද සෙනග අතරේ එහා මෙහා යන හේතුහාමි දෙස මොහොතක් බලා උන් චේතිය කීවේය.. ඒ ඇසි රංගට තමා කල වරද වැටහිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සොරි මචං.. මං උඹව කන්ඩෙම් කරන්න හිතාගෙන එහෙම දෙයක් කිව්වෙ නෑ.. ඒත් උඹ මේක අස්සටම රිංගන්න හදනකොට මට තරහා ගියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරා තමාව පහත් කොට නොසලකන බව නම් චේතිය හොදින්ම දන්නේය.. නමුත් ඔහුට ඉවසුම් නොදුන්නේ රංග තමාව තේරුම් නොගැනීම පිළිබදවය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපේ අම්මා.. තාත්තා.. මං.. චූටි.. අපි හැමෝම මොකක් හරි විදියකින් මේ වලව්වට සම්බන්ධයි.. එහෙම කියලා අපි හැමදාම මේ වලව්වෙ දාසයො වෙලා ඉන්න ඕනෙ නෑ බං.. මං මේ හදන්නෙ ඒ තත්වෙන් මිදෙන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු තම සිතැගි මිතුරන්ට වටහා දෙන්නට උත්සාහ ගත්තේය.. ඒ අතරතුර එතනට පැමිණි අශේන් අනපේක්ෂිත ලෙස ඔවුන් ඉදිරියේ අසුන් ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයාලා..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු ප්‍රශ්නාර්තයක් රැදි දෑසින් විමසුවේ තිදෙනා දෙසම තියුණු බැල්මක් හෙලමිනි.. නමුත් ඒ ඇස් වැඩි වේලාවක් රැදී තිබුණේ චේතියගේ මුහුණ මත්තේය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි බාල දක්ෂයො.. හාමු මහත්තයා තමයි අපිට අද එන්න කියලා ආරාධනා කළේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන මවා පෑ සුහදත්වයකින් ප්‍රකාශ කර සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“රා..යිට් අප්පච්චි කිව්වා තමයි.. නයිස් ටු මීට් යූ..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]තිදෙනාටම අතදුන් අශේන් එතනින් ඉවත් වීමට ගොස් යළි හැරුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හිතේ හැටියට එන්ජෝයි කරපං මචං.. ඔන්න රෑ වෙනකල් යන්න බෑ හරී..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියගේ පිටටත් පහරක් එල්ල කළ ඔහු යන්න ගියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හිතපු තරම් යකා කළු නෑ බං චේති..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඒ සුහදත්වය අදහාගත නොහැකි තරම් වූ රංග කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කතා කරලා පුළුවන්ද බං මිහිහෙක් තේරුම් ගන්න.. ඕකගෙ කෙරුවාවල් මං දන්නවා.. දෙකක් දා ගත්තම ඌට මතක නෑ ඌ කවුද කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කීවේ මිතුරන් නොදැන උන් යමකි.. රංග කෙසේ වෙතත් කලන නම් එය වටහා ගත් නිසාවෙන් හිස සැලුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දහවල් ආහාරයද සිත් සේ භුක්ති විදි චේතිය ඇතුළු පිරිස සවස් වන තුරු වලව් වත්තට වී සතුටු සාමිච්චියේ යෙදී උන්හ.. චේතියට විටින් විට තම මව සිහිපත් වුවද කුස්සියට ගොස් ඇය පිළිබද සොයා බැලීමට නුසුදුසු හෙයින් ඔහු ඉවසා සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“අශේනයා කිව්වට රෑ වෙනකල් ඉන්න බෑනෙ මචං.. අපි ගෙදර යං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සවස තුන හතර පමණ වෙද්දී කලන විටින් විට පැවසිය.. නමුත් චේතියට නම් දැන්ම පිට වීමේ අවශ්‍යතාවක් නොවිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එන තරමක් එන්නෙ ලක්සරි වාහනනෙ චේති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගේට්ටුවෙන් ඇතුළු වූ නවීන පන්නයේ මෝටර් රථයක් පෙන්වූ කලන චේතියගේ අවධානය එදෙසට යොමු කළේය.. එදෙස මොහොතක් බලා උන් චේතියට ඉන් බසිනා රුව දැක සිය දෑස් අදහා ගැනීමට නොහැකි විණි.. ඔහු පමණක් නොව රංග හා කලනද එදෙස බලා උන්නේ පුදුමයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොනවද බං මේ වෙන්නෙ..? මෙයා කොහෙද මෙහෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සේනාධීර සමූහ ව්‍යාපාරයේ අධිපති නලින්ද සේනාධීර සමග රියෙන් බැසි සම්මානි මොහොතක් වටපිට බැලුවේ චකිතයෙනි.. අනෙක් පස දොර හැරි ඇගේ මවද රියෙන් බැස ගත්තාය.. අලුත්ම විලාසිතාවේ දිගු ගවුමක් ඇද උන් සම්මානි සිය වරලස මුදා හැර තිබිණි.. ඉන් ඇගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනුණි.. ඇදුමේ වර්ණයද ඇගේ සමේ වර්ණයට මනාව ගැලපුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අයි කාන්ට් බ්ලීව් දිස්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග වදනක් හෝ දෙඩුවද චේතියගේ මුව අගුල් වැටී ඇත්තා සේය.. ඔහු දෙමාපියන් සමග වලව්ව දෙසට පිය නගන සම්මානි දෙස ඇසිපිය නොහෙලා බලා උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ.. ඇතුගලලා සේනාධීරලා කියන්නෙ එක වල්ලෙ පොල්නෙ.. පොලිස් ලොක්කොයි ප්‍රාදේශිය සභාවෙ කට්ටියයි තව තදයොයි ආපු එකේ සේනාධීරලා නාවනං තමයි ප්‍රශ්ණෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තරමක් වේලා කල්පනා කල චේතිය සිදුව ඇති දේ අනුමාන කළේය.. නමුත් සම්මානිද ඇතුළුව සේනාධීර පවුලම මෙම සාදයට පැමිණීමේ යම් රහසක් ඇතැයි කලනට සිතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom