Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමතර පංති නොතිබූ බැවින් මිතුරන් තිදෙනා සවස් යාමේ ගමේ පන්සල කරා පිය නැගූහ.. ගල් කන්ද වලව් වත්තට මායිම් වන කළුගල් තලාවම පන්සලේ පසුපස දක්වාම විහිදී යයි.. ගල් තලාවෙන් ඔබ්බට තරමක් කැලයකි.. ආසන්නයේ ගෙවල් නොවූ නිසාත් ඉහත කී ගල් තලාව හා කැලෑ පෙදෙස නිසාත් පන්සල නිරන්තරයෙන්ම නිහැඩියාව රජ කරන ඉසව්වක් විය..

“මේ ඉස්සර අපි කොයි තරම් ආව ගිය තැනක්ද..? ඒකට දැන්..”

කලන කීවේ පන්සල ඉදිරිපස වූ අරලිය ගස් සෙවනේ සිය පාවහන් ගලවා දමමිනි..

“කෙලින්ම ආවාසෙ පැත්තට යමු.. පොඩි සාදු ඇති..”

හේමවංශ හාමුදුරුවන්ට ඔවුන් පොඩි හාමුදුරුවෝ යැයි කීවද උන් වහන්සේ වයසින් තම දිවියේ තුන්වැනි දශකය අවසන් කරමින් උන්හ.. නමුත් නායක හාමුරුදුවන් වූ සීලරතන හාමුදුරුවන් සා සසදන කල්හී උන් වහන්සේ ගමේ දායකයන් හට සැමදා පොඩි හාමුදුරුවන්ම වූහ..

“බොහොම අගෙයි.. කාලෙකට පස්සෙ අපේ ළමයින්ට පන්සල් භූමිය මතක් වෙලා තියෙන්නෙ..”

සීලරතන හිමියන් මග හැර යාමට සිතා උන්නද ඔවුනට මුලින්ම මුණ ගැසුනේ උන් වහන්සේය.. චේතිය මිතුරන් දෙදෙනාට ප්‍රථමයෙන් ගොස් හාමුදුරුවන්ට නමස්කාර කළේය.. රංග හා කලනද ඔහු අනුගමනය කළ අතර කිසිවෙකුත් පැමිණි කාරණය එකවර හෙළි කළේ නැත..

“මොකෝ.. පහුගිය ටිකේ පන්සල අමතක් උනාවත්ද..?”

“එහෙම නෑ අපේ හාමුදුරුවනේ.. එක දිගටම පංති තිබුණ නිසා වෙලාවක් තිබුණෙ නෑ..”

“අවශ්‍යතාවය තියනවනං වෙලාවක් හදාගන්න බැරියෑ..හා.. හා.. එකෙන් කාරි නෑ ඔහොම්ම යමු කුස්සිය පැත්තට.. ගමේ ඇත්තෙක් ගෙනාව කැවිළි වගයක් තියෙනවා..”

ඔවුන් පැමිණියේ කලකට පසුව වුවද හාමුදුරුවන්ගේ සැලකුම් වල වෙනසක් නැත.. උන් වහන්සේ ඉස්සරත් ඔහොමය.. දහම් පාසල් දිනවල වුව මොවුන් පිරිස කුස්සියට කැදවාගෙන යන උන් වහන්සේ තේ පැන් සංග්‍රහයක් වරද්දන්නේ නැත..

“දැනම කන්න බෑ හාමුදුරුවනේ.. අපි මේ හේමවංශ හාමුදුරුවො මුණ ගැහෙන්න එක්ක ආවෙ..”

රංග බොහෝ අසීරුවෙන් කියා දැම්මේය..

“එහෙමද.. ආවාසෙ පැත්තෙ බලන්න.. පොඩි හාමුදුරුවො පාඩම් කර කර උන්නා.. සියදෝරිසුත් ඇති ඔය පිල පැත්තෙ..”

නායක හාමුදුරුවන් බුදු මැදුර දෙසට පා එසෙව්වේ එසේ කියාගනෙමය.. එයට ගෞරව පූර්වකව හිස සැලූ මිතුරෝ කඩිනමින් ආවාසය දෙසට ගමන් ගත්හ..

“පොඩි සාදු පාඩම් කරනවා කිව්වෙ විභාගයක්ද දන්නෙ නෑ..”

චේතිය කීවේය.. ඔවුන් හේමවංශ හාමුදුරුවන් හා කතා කිරීමේදී බොහෝ විට උන් වහන්සේ ඇමතුවේ සාදු හෝ පොඩි සාදු යන වදනිනි.. නමුත් අන් අය ඉදිරියේදී නම් ඔවුන් කට පුරා පොඩි හාමුදුරුවෝ යයි කීමට පසුබට වූයේ නැත..

“ආ චේතිය මල්ලි.. එන්න.. එන්න.. කාලෙකට පස්සෙ නේද..?”

ඈතදීම ඔවුන්ව දුටු හේමවංශ හිමියන් කියවමින් උන් පොතක්ද අත දරා ඔවුන් කරා පැමිණියහ..

ස්වල්ප වේලාවක් ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව චේතිය තමා පැමිණි කාරණය උන් වහන්සේට විස්තර කර පැවසීය..

“ඔය කරුණු කාරණා ගැන ගුණවතී උපාසක අම්මත් මගෙත් එක්ක කතා කරා..”

හාමුදුරුවන් ඔවුන් මෙතෙක් නොදැන උන් කරුණක් හෙළි කර සිටියහ..

“අම්මා ඔය විස්තර ගොඩක් අපෙන් හංගනවා සාදු.. දැනට උනත් අපි දන්නෙ මං ඉන්න නැත්වලදි නංගි කියපුවා කරපුවා විතරයි..”

“මිහිරාවි ගොඩක් වෙනස් දරුවෙක් කියලා මං දැනං උන්නා.. එයා දහම් පාසලේදි උනත් හැසිරෙන්නෙ අමුතු විදියට..”

“ඒ කිව්වෙ පොඩි සාදු..?”

“මේ ළගදි දවසක් ඒ දරුවා ඕං ඔය ඝන්ඨාර කුළුණ පාමුල ඉදලා මං එක්ක කිව්වා ඒ කුළුන හැදෙව්වෙ එයාලු..”

“මොකක්ද චේති ඒ කතාවෙ තේරුම..?”

කලන පුදුමයෙන් ඇසුවේ එහි අගක් මුලක් නොවැටහුණු බැවිනි.. චේතිය පවා අන්දමන්ද වී උන්නේය..

“ඇත්තටම ඝන්ඨාර කුළුන හැදෙව්වෙ කවුද සාදු..”

පිළීතුර අනුමාන වශයෙන් සිත දරාගෙන කලන විමසිය..

“මෙතන කලින් තිබුණ කුළුණ බොහෝම පැරණි එකක්.. ඒකෙ බදාම ඉරි තැලිලා ගිහින් කාලයක් යද්දි කෑලි හැලෙන්න ගත්තා.. ඒක අන්තිමට කඩා වැටෙන තත්වයටම අබලන් වෙලයි තිබුණෙ..”

“මටත් ටිකක් මතකයි ඒ කාලේ අපේ තාත්තත් හිටියා..”

චේතිය යට ගියාව යළි සිහිපත් කළේ තරමක් වේදනාවෙනි..

“ඒ කාලෙ දවසක් ඔය වලව්වෙ ළමාතැනී පන්සලේ පිංකමකට සහභාගි වෙන්න ආවා.. ඒ ඇත්ති ඔය ඝන්ඨාර කුළුන දැකලා කිව්වා මේක ලොකු අනතුරක සේයාවක්.. ඒ ඇත්ති සම්පූර්ණ වියදම දෙන්නම්.. ඉක්මනින් අලුත් ඝන්ඨාර කුළුනක් හදවන්න කියලා..”

පොඩි හාමුදුරුවන් කියනා තුරු මෙම ඝන්ඨාර කුළුණේ වියදම් දරා ඇත්තේ ළමාතැනී බව මෙම මිතුරන් තිදෙනා දැන උන්නේ නැත..

“ඒත් ළමාතැනීමට ඒකෙ වැඩ සිද්ධ වෙනවා බලන්න එන්න බැරි උනා.. ඒ ඇත්ති අසනීප උනා නොවැ.. අන්තිමට හේතුහාමි අතේ චෙක් කොලයකුයි ලියුමකුයි එවලා තිබුණා සේරම වැඩ කටයුතු ඉවර කරලා ඉතුරුවක් තිබුණොත් ඒක පන්සලට තියාගන්න කියලා.. කොහොම හරි ඝන්ඨාර කුළුනෙ වැඩ ඉවර වෙද්දි ඒ ඇත්ති ජීවතුන් අතර හිටියෙ නෑ.. ඒ ඉතුරු වුන මුදල් වලින් අන්තිමේදි ලොකු හාමුදුරුවො මල් ආසනයකුත් හැදෙව්වා..”

“මේකට සල්ලි වියදම් කළේ ළමාතැනී කියලා ගමේ කට්ටිය දන්නවද සාදු..?”

චේතිය හරස් ප්‍රශ්නයක් නැගුවේය..

“ගමේ මිනිස්සු තියා චෙක් එක අරගෙන ආව හේතුහාමිවත් දැනං උන්නෙ නෑ සල්ලි දුන්නෙ ළමාතැනී කියලා.. එතුමිය ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා ඒ ගැන ප්‍රසිද්ධ කරන්න එපා කියලා.. මං මේ ඔයාලට උනත් කිව්වෙ මේ සිද්ධිය නිසා..”

“දැන් නං අපිටත් තේරෙනවා සාදු මේ පුනර්භවය කතාව ඇත්ත වෙන්න ඇති කියලා.. මගේ නංගි විදියට ඉපදිලා ඉන්නෙ ඇතත්ටම වලව්වෙ ළමාතැනි වේනන ඇති.. එහෙම නැත්තං මේ ඝන්ඨාර කුළුනෙ කතාව එයා දැනගන්න විදියක් නෑනෙ..”

“ඒක ඇත්ත.. හේතුහාමිත් ලියුම් කවරයක් ගෙනත් දුන්න මිසක් ඇතුලෙ තිබ්බ දේ දැනං උන්නෙ නෑ.. ලොකු හාමුදුරුවො උන්දැට කිව්වෙ ඒ ළමාතැනීගෙ අසනීපෙට ලියපු සෙත් කවියක් කියලා..”

දිගු සුසුමක් පිටකල රංග දෙමිතුරන් දෙස බැලුවේ තීරණයක් ගත නොහැකිවය.. ඔහු මුල සිටම මෙම පුනරුත්පත්තිය පිළීගැනීමට මැලි වුවද එය දැන් පිළිගත යුතු තැනට වැඩ සිද්ධ වී ඇත..

“පුංචි පුංචි සාධක ගොඩක් තියෙනවා සාදු මේක පිළිගන්න පුළුවන් විදියෙ.. ඒත්.. මට පොඩි ගැටළු වගේකුත් තියෙනවා..”

චේතිය නැගණිය හා වලව්ව සම්බන්ධ සියළු කතා පොඩි සාදුට විස්තර කළේය.. කලන හා රංග වුවද ඒ පිළිබදව යළි යළිත් සිහිපත් කරමින් උන්හ..

“බුදු දහමෙදි කර්මය කියන දේ විශ්වාස කරනවනේ.. ඉතිං ළමාතැනි ගිය ආත්මෙ ඔය තරම් සැප සම්පත් මධ්‍යයේ ඉදලා ඔය තරම් පින් දහම් කරලා ඇයි මේ ආත්මෙ අපේ දුප්පත් ගෙදර ඉපදුනේ..?”

“කර්මට කියන දේ ඇත්ත චේතිය මල්ලි.. ඒත් මේ ප්රතිසන්ධිය ලැබීම පදනම් වෙලා තියෙන්නෙ කර්මය මත නෙමෙයි.. සසර බැදීම මත.. ළමාතැනීගෙ ජීවිතේ අන්තිම කාලෙ එයාට උදව් උපකාර කළේ ඔයාගෙ අම්මා.. එයා මැරෙන අන්තිම මොහොතෙ ළග හිටියෙ ඔයානෙ.. ඉතිං එයාට වලව්වෙ ඇත්තන්ගෙන් නොලැබුණු ආදරයක් කරුණාවක් ඔයාලගෙ පුංචි ගෙදරින් ලැබුණා.. සමහර විට ඒ බැදීම මත එයා ප්රතිසන්ධිය ලබන්න ඔයාගෙ අම්මගෙ කුසම තොරගන්න ඇති..”

මේවා සීයට සීයක්ම පිළිගම්දෝ නොගම්දෝ යන සැකයෙන් චේතිය කල්පනාවකට යොමු වූ අතර පොඩි හාමුදුරුවෝ ඔහුගේ දේශනය දිගටම කරගෙන ගියහ..

“මම දන්න තරමට මේ වලව්ව අයිති ඔය ළමාතැනීගෙ දෙමව්පියන්ට.. එයාලා ළමාතැනී බදින වෙලේ එයාගෙ දෑවැද්දට මේක ලියලා දුන්නා.. මේ වලව් වත්ත දාලා යන්නත් ඒ ඇත්ති කැමති නොවෙන්න ඇති.. මිනිස් සිතකට ඉතිං තෘෂ්ණාව කියන දේත් බලපානවනේ..”

“අපි ඔය මොන නිගමන වලට එළඹුනත් පොඩි සාදු මේක තාම අපේ උපකල්පනයක් විතරනේ.. අපි මේක ඇත්ත කියලා කොහොමද ඔප්පු කරන්නෙ..? කාටහරි මේ ගැන කිව්වොත් හිතයි අපිට පිස්සු කියලා..”

“ඔව් මමත් මේ වැඩේට ඔයාලට සම්පූර්ණ සහයෝගය දෙන්නම්.. මං ළග ඔය පුනරුත්පත්තිය ගැන ලියවුන විශාල පොත්පත් ප්‍රමාණයක් තියෙනවා.. ඒවත් ඔයාලට දෙන්නම් කියවලා බලන්න.. අනික චේතිය මල්ලි.. ඔයා මේ ගැන අම්මව දැනුවත් කරලා එයාගෙන් තොරතුරු දැනගන්න ඕනෙ.. මං කිව්වෙ නංගි ඔය ගැන කියන්න ගත්තෙ මොන කාලෙ ඉදලද.. එයා කියපු කරපු දේවල් මොනවද..? එයාගෙ හැසිරීම් මොන වගේද..? වගේ දේවල්.. ඊට අමතරව අපි ඒ දරුවන්ගෙන් එයාට මතක තියන දේවල් එහෙම ප්‍රශ්න කරමු..”

උන් වහන්සේ පිරිසට උපදෙස් දෙන්නට විය..

“ප්‍රශ්න කරන්න පුළුවන් සාදු.. ඒත් මට තියෙන බය ඒ ගැන කතා කරන සමහර වෙලාවට එයා අසනීප වෙනවනේ.. හිටපු ගමන් තදේට උණ ගන්නවා..”

චේතිය කීවේ ඔහු ඒ අත්දැකීමට කිහිප වරක්ම මුහුණ දී ඇති නිසාය..

“ඔව් ඒක වෙන්න පුළුවන්.. කැනඩාවෙ ඉන්න ඉයන් කරී කියන මහාචාර්යවරයා ඔය ගැන ගැඹුරින් ප්‍රශ්න කරලා තියෙනවා.. ඒ මහාචාර්යවරයාගේ පොතකත් ඔය විදියෙ දරුවෙක් ගැන සදහන් වෙනවා..

ඒ දරුවා තමන්ගෙ ගිය ආත්මෙ ගැන දේවල් හෙළි කරන හැම වෙලේම එයාගෙ අම්මා එයාව නිහඩ කරන්න බැනලා තරවටු කරනවා.. ඒත් ඒකෙන් ඒ ළමයගෙ අතීත මතකය අමතක වෙන්නෙ නෑ.. එයාට ඒ දේවල් මතක් වෙද්දි එයා අසනීප වෙනවා..

මට හිතෙන විදියට ඒ දරුවගෙ යටි සිතට දැනෙන්න ඇති එයා අසනීප වුනොත් මවගේ තරවටුවෙන් පහර දීම් වලින් බේරෙන්න පුළුවන් කියලා.. ඒ මත මනස ක්‍රියාත්මක වෙලා ඔය විදියට උණ ගන්නවා වෙන්නත් බැරි නෑ..”

“මමත් දන්න තරමින් අපේ අම්මා නංගිට ඒ ගැන කතා කරන්න දෙන්නෙ නෑ.. කොහොම හරි ඒ දේවල් යට ගහනවා..”

“අම්මා කෙනෙක්ගෙ පැත්තෙන් ගත්තොත් ඒ දේවල් සාධාරණයිනෙ චේතිය මල්ලි.. කොයි අම්මද කැමති තමන්ගෙ දරුවා වෙන කෙනෙක්ට අයිතියි කියලා කියනවට..”

පොඩි හාමුදුරුවන් ගුණවතීගේ පැත්ත සාධාරණිකරණය කරන්න උත්සාහ ගනිද්දී මෙතෙක් වේලා නිහඩව මෙම කතාවට කන් දුන් කලන සිය කටහඩ අවදි කළේය..

“ඒත් චේති කිව්වා නේද ඔයාලගෙ අම්මා පුනරුත්පත්ති විශ්වාස කරන්නෙ නෑ මොකක්ද දිෂ්ටියක් ගැන කිව්වා කියලා..”

ඒ කතාවට පොඩි හාමුදුරුවෝ චේතිය දෙස බැලුවේ ප්‍රශ්නාර්ථය රැදි දෑසිනි..

“පුනරුත්පත්තිය ගැන අවිශ්වාසයක් නෙමෙයි.. මං හිතන්නෙ එයාට ඒ ගැන වැඩිය තේරුම් නෑ.. එයා කියන්නෙ නංගිට ළමාතැනීගෙ දිෂ්ටිය වැහිලා කියලා..”

“පැරණි ගම්බද මිනිස්සු කොහොමත් ඔයවගේ මිත්‍යා මත වල ඇලිලා ඉන්නවා.. ඒ උනත් පුනරුත්පත්තිය ඒ වගේ බොරුවක් කියලා කාටවත් කියන්න බෑ.. ලෝකෙ ඒ වගේ සිද්ධී දස දහස් ගණනක් වාර්තා වෙලා තියෙනවා.. සමහර විශේෂඥවරු ඒ ගැන ගැඹුරින් පරියේෂණ කරලා පියවරෙන් පියවර ඒවා විස්තර කරලා තියෙනවා..”

නිහඩව උන් රංග උන්වහන්සේගේ මෙම දැනුම ගැන පුදුම වූවා පමණක් නොව තමා මෙතෙක් උනන්දුවක් නොදැක්වූ එම කේෂ්ත්‍රය ගැන අධ්‍යනය කිරීමට පවා ඔහු සිතා ගත්තේය..

“මමත් කියවලා තියෙනවා පොඩි සාදු.. වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය්ය ඉයන් ස්ටීවන්සන් ඒ වගේ පරීක්ෂණ ගොඩක් කරලා තියෙනවා නේද..?”

තමාගේ දැණුම උරගා බැලීමට සිතූ කලන ඔහු පොත් වලින් කියවූ යමක් සිහිපත් කළේය..

“හරියට හරි කලන.. එතුමා ඔය විදියෙ වාර්ථා එක් දහස් හත්සීයක් විතර උදාහරණ සහිතව පෙන්නලා දීලා තියෙනවා.. එතුමා කියන විදියට සමහර අයට පෙර භවයේ මතකය තියෙන්නෙ බොහොම ටිකයි.. ඒත් සමහරුන්ගෙ මතකය එයාලගෙ කලින් නම් ගම්.. උන්නු නගරය.. ගෙවල් වල පිහිටීම.. පවුල් වල විස්තර.. වගේ පුළුල් පරාසයක් කරා විහිදෙනවා..”

“අපේ නංගිත් වලව්වෙ අශේන්ගෙ උපන්දිනේ හරියටම මතක තිබුණා.. අනික එයා ළමාතැනීගෙ වගේම ලේස් ගවුම් අදින්න කොණ්ඩෙ රිබන් පටි ගැට ගහන්න හරි ආසයි..”

“ඔන්න ඔය වගේ කරුණු හරි වැදගත් මල්ලි.. ඔයා තව අධ්‍යනය කරන්න.. එයා කරන කියන දේවල්..”

“එතකොට ඇයි සාදු අපිට අපේ පෙර භවය මතක නැත්තෙ..?”

රංග ඇසූ ප්‍රශ්නයට චේතියගේ හා කලනගේ මුහුණේ සිනාවක් මතුවිය..

“ඔය පෙර භවයේ මතකය රැදිලා තියෙන්නෙ විඥාණයෙ.. ඒත් හැමෝටම ඒ මතකය නෑ.. තිබුණත් සමහරුන්ට වසර කිහිපයකදී අමතක වෙලා යනවා.. තවත් සමහර අයට පෙර භවයේ ජීවත් වෙලා හිටපු තැන් වලට ගියහම විඥානයේ සැගවිලා තියෙන පෙර භවයෙ මතකය අවදි වෙනවා.. අපිට උනත් ජීවිතේ පළවෙනි පාරට යන සමහර තැන් වල හුරුපුරුදු ගතියක් දැනෙන්නෙ ඒ නිසා..”

ඔහුගේ පැනය පොඩි හාමුදුරුවන් අවඥාවෙන් බැහැර කලේ නැත.. උන් වහන්සේ තමන්ට හැකි පමණ එය විග්රහ කළේය..

“අපිට එහෙම පෙර භවය මතක නැති උනාට ඕනෙ නම් මෝහනය හරහා ඒ ගැන දැනගන්න පුළුවන්..”

කලන සිය මිතුරාට පෙර භවය දැන ගත හැකි මගක් කියා දුනි..

“මට කොහෙවත් ගියාමවත් ඔය සාදු කිව්වා වගේ මුකුත් මතක් උනේ නැත්තෙ මං ගිය ආත්මෙ ලංකාවෙ හිටියෙ නැති නිසා වෙන්න ඇති..”

වෙනදාටත් පොඩි හාමුදුරුවන් ඉදිරිපිටදී මෙසේ විහිළු කරගන්නා හෙයින් රංග තරමක් බැරෑරුම් ස්වරූපයෙන් කීවේය..

“ඔව් ඔව් උම ගිය ආත්මෙ ඇමරිකාවෙ හරි එංගලන්තෙ හරි තම්බපු සුද්දෙක් වෙලා ඉන්න ඇති..”

චේතිය පිළිතුරු දුන්නේ සිනාසෙමිනි..

“ඒක විහිළුවකට ගන්න එපා චේතිය.. පෙර භවය ගැන සදහන් කරපු දරුවො ගොඩක් දෙනෙක් තමා විදේශයන් වල ජීවන් වුන බව කියලා තියෙනවා.. මොන්ටිසෝරිවත් යන්නෙ නැති සමහර ළමයි ලෝක සිතියමේ තමන් හිටපු රට හරියටම පෙන්නලා දීලා තියෙනවා.. ඒ විතරක් නෙමෙයි.. සමහර පුංචි ළමයි අම්මලා තාත්තලාවත් නොදැන ඉදපු විදේශ භාෂා වලින් කතා කරලා..”

“නෑ..”

රංගගේ මුවින් ඉබේම පිටවුනි.. නමුත් ඒ පිළිබදව කියවා තිබූ කලන ඒ පිළිබදව පුදුමයට පත් වූයේ නැත..

“මං මේ ගැන ඔය තරම් දුරට හිතුවෙම නෑ පොඩි සාදු.. ඔය විස්තර මගේ ඔළුවට ඇතුල් කලේ අපේ නතාලි අක්කා..”

“චේතිය එයා ගැන කිව්වා මට මතකයි.. ඒ ළමයා දැන් විශ්ව විද්යාලයෙලු නේද..?”

“එහෙමයි සාදු.. පේරාදෙණියෙ..”

“ළගදි ගෙවල් පැත්තෙ ආවොත් නංගිත් එක්කම ඒ ළමයවත් පන්සලට එක්කගෙන එන්න..”

දීර්ඝ සාකච්ඡාවක් නිමා කිරීමට මෙන් කී උන් වහන්සේ යළි ආවාසය දෙසට පිය නැගිය..

“ලොකු හාමුදුරුවො තරහා වෙයිනෙ චේති.. අපි අර කැවිලි ටිකටත් වැඩේ දීලා යමු..”

රංග හැරුණේ කුස්සිය පැතත්ටය.. ඔවුන් පැමිණි බව ලොකු හාමුදුරුවන්ගෙන් දැන ගත් සියදෝරිස් කැවිලි පෙවිලි මේසය මත සූදානම් කර තැබීය..

“සියදෝරිස් මාමා කරන මේ පින් කොහොම අරන් යන්නද මංදා..”

මේසය මත තබා ඇති කැවුම්.. වැලිතලප.. අලුවා ආදී කැවිලිද ලොකු ආනමාළු ඇවරියද දුටු කලන තමන් දෙසට සිනාසෙමින් එන සියදෝරිස් හට ලෙන්ගතු ලෙස කීවේය..

“පුතාලා ආවෙ ඉතිං කාලෙකින් නොවෑ.. ලොකු හාමුදුරුවො කන්න බොන්න දීලා යවන්න කිව්වා..”

පන්සලටම සිය දිවිය කැපකර උන් සියදෝරිස් ගැන මිතුරන්ගේ සිතේ කවදත් වූයේ දැඩි සෙනෙහසකි.. ඔවුන් මතක ඇති දා සිට ඔහුට කට පුරා සියදෝරිස් මාමා යැයි කීවේ එනිසාය..

“සියදෝරිස් මාමේ.. පන්සලට අලුත් හාමුදුරුවරු කවුරු හරි වැඩලද..?”

තමා පොඩි සාදු සමග කතා කරන අතර තුර ආවාස ගේ තුල ඡායාවන් කිහිපයක් දුටු චේතිය ප්‍රශ්න කර සිටියේය..

“ලොකු හාමුදුරුවන්ගෙ ගමේ පන්සලෙන් වැඩිය සාමනේර හාමුදුරුවරු දෙනමක් ඉන්නවා. උන්නාන්සේලව බලන්න ඒ ගමේ ඉදලා ආව ඇත්තෙක් තමයි ඔවා ඇන්න ආවෙ..”

කෑම කා අවසානයේ සියදෝරිස්ගේ ඉගුරු දැමූ කහට කෝප්පයකද රස බැලූ මිතුරන් තිදෙනා නික්ම යාමට සැරසුනි.. ඔවුන් ආවාස ගේ පසුකර යද්දි පොත් කිහිපයක් අත දරා පොඩි හාමුදුරුවෝ බලා උන්හ..

“මං කියපු විදියෙ පොත් කිහිපයක්ම මෙතන තියෙනවා.. මේ ටික මාරු කරගෙන කියවලා බලන්න.. ඔයාලට ඔය ක්ෂේත්රය ගැන පුළුල් දැනුමක් ලබාගන්න පුළුවන් වෙයි..”

උන්වහන්සේ දුන් පොත් කිහිපය එහා මෙහා පෙරලා බැලූ කලන තමා මින් සමහර පොත් කියමා ඇති බව සිහිපත් විණි..

“ඒ එඩ්ගාර් කේසි ගැන ලියවුනු පොත් පත් මං කියවලා තියෙනවා සාදු..”

“මං හිතුවට වඩා කලන මේ ක්ෂේත්රය ගැන දැනුවත් වගේ.. ඔයාට එහෙනං පුළුවන් වෙයි ඒ කියපු දේවල් ඇත්තද කියලා චේතියගෙ නංගිගෙන්ම අධ්‍යනය කරන්න..”

එය ඔහුගේ සිතේ මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පැවතුනි..

පොත් පත් කිහිපය හා සැදෑ අදුර තරුලු කරගත් මිතුරන් තිදෙනා පන්සල් භූමියේ ගල් තලාව බැසීමට පටන් ගත්හ..

[QUOTE="crazybuddy, post: 12712415, member: 326070"] [SIZE=4][IMG]http://1.bp.blogspot.com/-B-je-urh6VM/T137KC1z4nI/AAAAAAAABf4/jX9G8y2TGDc/s1600/09.png[/IMG] [B][COLOR=#783f04]අමතර පංති නොතිබූ බැවින් මිතුරන් තිදෙනා සවස් යාමේ ගමේ පන්සල කරා පිය නැගූහ.. ගල් කන්ද වලව් වත්තට මායිම් වන කළුගල් තලාවම පන්සලේ පසුපස දක්වාම විහිදී යයි.. ගල් තලාවෙන් ඔබ්බට තරමක් කැලයකි.. ආසන්නයේ ගෙවල් නොවූ නිසාත් ඉහත කී ගල් තලාව හා කැලෑ පෙදෙස නිසාත් පන්සල නිරන්තරයෙන්ම නිහැඩියාව රජ කරන ඉසව්වක් විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ ඉස්සර අපි කොයි තරම් ආව ගිය තැනක්ද..? ඒකට දැන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන කීවේ පන්සල ඉදිරිපස වූ අරලිය ගස් සෙවනේ සිය පාවහන් ගලවා දමමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෙලින්ම ආවාසෙ පැත්තට යමු.. පොඩි සාදු ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හේමවංශ හාමුදුරුවන්ට ඔවුන් පොඩි හාමුදුරුවෝ යැයි කීවද උන් වහන්සේ වයසින් තම දිවියේ තුන්වැනි දශකය අවසන් කරමින් උන්හ.. නමුත් නායක හාමුරුදුවන් වූ සීලරතන හාමුදුරුවන් සා සසදන කල්හී උන් වහන්සේ ගමේ දායකයන් හට සැමදා පොඩි හාමුදුරුවන්ම වූහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“බොහොම අගෙයි.. කාලෙකට පස්සෙ අපේ ළමයින්ට පන්සල් භූමිය මතක් වෙලා තියෙන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සීලරතන හිමියන් මග හැර යාමට සිතා උන්නද ඔවුනට මුලින්ම මුණ ගැසුනේ උන් වහන්සේය.. චේතිය මිතුරන් දෙදෙනාට ප්‍රථමයෙන් ගොස් හාමුදුරුවන්ට නමස්කාර කළේය.. රංග හා කලනද ඔහු අනුගමනය කළ අතර කිසිවෙකුත් පැමිණි කාරණය එකවර හෙළි කළේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකෝ.. පහුගිය ටිකේ පන්සල අමතක් උනාවත්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙම නෑ අපේ හාමුදුරුවනේ.. එක දිගටම පංති තිබුණ නිසා වෙලාවක් තිබුණෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අවශ්‍යතාවය තියනවනං වෙලාවක් හදාගන්න බැරියෑ..හා.. හා.. එකෙන් කාරි නෑ ඔහොම්ම යමු කුස්සිය පැත්තට.. ගමේ ඇත්තෙක් ගෙනාව කැවිළි වගයක් තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔවුන් පැමිණියේ කලකට පසුව වුවද හාමුදුරුවන්ගේ සැලකුම් වල වෙනසක් නැත.. උන් වහන්සේ ඉස්සරත් ඔහොමය.. දහම් පාසල් දිනවල වුව මොවුන් පිරිස කුස්සියට කැදවාගෙන යන උන් වහන්සේ තේ පැන් සංග්‍රහයක් වරද්දන්නේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැනම කන්න බෑ හාමුදුරුවනේ.. අපි මේ හේමවංශ හාමුදුරුවො මුණ ගැහෙන්න එක්ක ආවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග බොහෝ අසීරුවෙන් කියා දැම්මේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙමද.. ආවාසෙ පැත්තෙ බලන්න.. පොඩි හාමුදුරුවො පාඩම් කර කර උන්නා.. සියදෝරිසුත් ඇති ඔය පිල පැත්තෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නායක හාමුදුරුවන් බුදු මැදුර දෙසට පා එසෙව්වේ එසේ කියාගනෙමය.. එයට ගෞරව පූර්වකව හිස සැලූ මිතුරෝ කඩිනමින් ආවාසය දෙසට ගමන් ගත්හ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පොඩි සාදු පාඩම් කරනවා කිව්වෙ විභාගයක්ද දන්නෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කීවේය.. ඔවුන් හේමවංශ හාමුදුරුවන් හා කතා කිරීමේදී බොහෝ විට උන් වහන්සේ ඇමතුවේ සාදු හෝ පොඩි සාදු යන වදනිනි.. නමුත් අන් අය ඉදිරියේදී නම් ඔවුන් කට පුරා පොඩි හාමුදුරුවෝ යයි කීමට පසුබට වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ චේතිය මල්ලි.. එන්න.. එන්න.. කාලෙකට පස්සෙ නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඈතදීම ඔවුන්ව දුටු හේමවංශ හිමියන් කියවමින් උන් පොතක්ද අත දරා ඔවුන් කරා පැමිණියහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ස්වල්ප වේලාවක් ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව චේතිය තමා පැමිණි කාරණය උන් වහන්සේට විස්තර කර පැවසීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය කරුණු කාරණා ගැන ගුණවතී උපාසක අම්මත් මගෙත් එක්ක කතා කරා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හාමුදුරුවන් ඔවුන් මෙතෙක් නොදැන උන් කරුණක් හෙළි කර සිටියහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අම්මා ඔය විස්තර ගොඩක් අපෙන් හංගනවා සාදු.. දැනට උනත් අපි දන්නෙ මං ඉන්න නැත්වලදි නංගි කියපුවා කරපුවා විතරයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මිහිරාවි ගොඩක් වෙනස් දරුවෙක් කියලා මං දැනං උන්නා.. එයා දහම් පාසලේදි උනත් හැසිරෙන්නෙ අමුතු විදියට..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ කිව්වෙ පොඩි සාදු..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේ ළගදි දවසක් ඒ දරුවා ඕං ඔය ඝන්ඨාර කුළුණ පාමුල ඉදලා මං එක්ක කිව්වා ඒ කුළුන හැදෙව්වෙ එයාලු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මොකක්ද චේති ඒ කතාවෙ තේරුම..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන පුදුමයෙන් ඇසුවේ එහි අගක් මුලක් නොවැටහුණු බැවිනි.. චේතිය පවා අන්දමන්ද වී උන්නේය.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇත්තටම ඝන්ඨාර කුළුන හැදෙව්වෙ කවුද සාදු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පිළීතුර අනුමාන වශයෙන් සිත දරාගෙන කලන විමසිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙතන කලින් තිබුණ කුළුණ බොහෝම පැරණි එකක්.. ඒකෙ බදාම ඉරි තැලිලා ගිහින් කාලයක් යද්දි කෑලි හැලෙන්න ගත්තා.. ඒක අන්තිමට කඩා වැටෙන තත්වයටම අබලන් වෙලයි තිබුණෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මටත් ටිකක් මතකයි ඒ කාලේ අපේ තාත්තත් හිටියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය යට ගියාව යළි සිහිපත් කළේ තරමක් වේදනාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ කාලෙ දවසක් ඔය වලව්වෙ ළමාතැනී පන්සලේ පිංකමකට සහභාගි වෙන්න ආවා.. ඒ ඇත්ති ඔය ඝන්ඨාර කුළුන දැකලා කිව්වා මේක ලොකු අනතුරක සේයාවක්.. ඒ ඇත්ති සම්පූර්ණ වියදම දෙන්නම්.. ඉක්මනින් අලුත් ඝන්ඨාර කුළුනක් හදවන්න කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොඩි හාමුදුරුවන් කියනා තුරු මෙම ඝන්ඨාර කුළුණේ වියදම් දරා ඇත්තේ ළමාතැනී බව මෙම මිතුරන් තිදෙනා දැන උන්නේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒත් ළමාතැනීමට ඒකෙ වැඩ සිද්ධ වෙනවා බලන්න එන්න බැරි උනා.. ඒ ඇත්ති අසනීප උනා නොවැ.. අන්තිමට හේතුහාමි අතේ චෙක් කොලයකුයි ලියුමකුයි එවලා තිබුණා සේරම වැඩ කටයුතු ඉවර කරලා ඉතුරුවක් තිබුණොත් ඒක පන්සලට තියාගන්න කියලා.. කොහොම හරි ඝන්ඨාර කුළුනෙ වැඩ ඉවර වෙද්දි ඒ ඇත්ති ජීවතුන් අතර හිටියෙ නෑ.. ඒ ඉතුරු වුන මුදල් වලින් අන්තිමේදි ලොකු හාමුදුරුවො මල් ආසනයකුත් හැදෙව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මේකට සල්ලි වියදම් කළේ ළමාතැනී කියලා ගමේ කට්ටිය දන්නවද සාදු..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය හරස් ප්‍රශ්නයක් නැගුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ගමේ මිනිස්සු තියා චෙක් එක අරගෙන ආව හේතුහාමිවත් දැනං උන්නෙ නෑ සල්ලි දුන්නෙ ළමාතැනී කියලා.. එතුමිය ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා ඒ ගැන ප්‍රසිද්ධ කරන්න එපා කියලා.. මං මේ ඔයාලට උනත් කිව්වෙ මේ සිද්ධිය නිසා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැන් නං අපිටත් තේරෙනවා සාදු මේ පුනර්භවය කතාව ඇත්ත වෙන්න ඇති කියලා.. මගේ නංගි විදියට ඉපදිලා ඉන්නෙ ඇතත්ටම වලව්වෙ ළමාතැනි වේනන ඇති.. එහෙම නැත්තං මේ ඝන්ඨාර කුළුනෙ කතාව එයා දැනගන්න විදියක් නෑනෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒක ඇත්ත.. හේතුහාමිත් ලියුම් කවරයක් ගෙනත් දුන්න මිසක් ඇතුලෙ තිබ්බ දේ දැනං උන්නෙ නෑ.. ලොකු හාමුදුරුවො උන්දැට කිව්වෙ ඒ ළමාතැනීගෙ අසනීපෙට ලියපු සෙත් කවියක් කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දිගු සුසුමක් පිටකල රංග දෙමිතුරන් දෙස බැලුවේ තීරණයක් ගත නොහැකිවය.. ඔහු මුල සිටම මෙම පුනරුත්පත්තිය පිළීගැනීමට මැලි වුවද එය දැන් පිළිගත යුතු තැනට වැඩ සිද්ධ වී ඇත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුංචි පුංචි සාධක ගොඩක් තියෙනවා සාදු මේක පිළිගන්න පුළුවන් විදියෙ.. ඒත්.. මට පොඩි ගැටළු වගේකුත් තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය නැගණිය හා වලව්ව සම්බන්ධ සියළු කතා පොඩි සාදුට විස්තර කළේය.. කලන හා රංග වුවද ඒ පිළිබදව යළි යළිත් සිහිපත් කරමින් උන්හ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“බුදු දහමෙදි කර්මය කියන දේ විශ්වාස කරනවනේ.. ඉතිං ළමාතැනි ගිය ආත්මෙ ඔය තරම් සැප සම්පත් මධ්‍යයේ ඉදලා ඔය තරම් පින් දහම් කරලා ඇයි මේ ආත්මෙ අපේ දුප්පත් ගෙදර ඉපදුනේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කර්මට කියන දේ ඇත්ත චේතිය මල්ලි.. ඒත් මේ ප්රතිසන්ධිය ලැබීම පදනම් වෙලා තියෙන්නෙ කර්මය මත නෙමෙයි.. සසර බැදීම මත.. ළමාතැනීගෙ ජීවිතේ අන්තිම කාලෙ එයාට උදව් උපකාර කළේ ඔයාගෙ අම්මා.. එයා මැරෙන අන්තිම මොහොතෙ ළග හිටියෙ ඔයානෙ.. ඉතිං එයාට වලව්වෙ ඇත්තන්ගෙන් නොලැබුණු ආදරයක් කරුණාවක් ඔයාලගෙ පුංචි ගෙදරින් ලැබුණා.. සමහර විට ඒ බැදීම මත එයා ප්රතිසන්ධිය ලබන්න ඔයාගෙ අම්මගෙ කුසම තොරගන්න ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේවා සීයට සීයක්ම පිළිගම්දෝ නොගම්දෝ යන සැකයෙන් චේතිය කල්පනාවකට යොමු වූ අතර පොඩි හාමුදුරුවෝ ඔහුගේ දේශනය දිගටම කරගෙන ගියහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මම දන්න තරමට මේ වලව්ව අයිති ඔය ළමාතැනීගෙ දෙමව්පියන්ට.. එයාලා ළමාතැනී බදින වෙලේ එයාගෙ දෑවැද්දට මේක ලියලා දුන්නා.. මේ වලව් වත්ත දාලා යන්නත් ඒ ඇත්ති කැමති නොවෙන්න ඇති.. මිනිස් සිතකට ඉතිං තෘෂ්ණාව කියන දේත් බලපානවනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි ඔය මොන නිගමන වලට එළඹුනත් පොඩි සාදු මේක තාම අපේ උපකල්පනයක් විතරනේ.. අපි මේක ඇත්ත කියලා කොහොමද ඔප්පු කරන්නෙ..? කාටහරි මේ ගැන කිව්වොත් හිතයි අපිට පිස්සු කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් මමත් මේ වැඩේට ඔයාලට සම්පූර්ණ සහයෝගය දෙන්නම්.. මං ළග ඔය පුනරුත්පත්තිය ගැන ලියවුන විශාල පොත්පත් ප්‍රමාණයක් තියෙනවා.. ඒවත් ඔයාලට දෙන්නම් කියවලා බලන්න.. අනික චේතිය මල්ලි.. ඔයා මේ ගැන අම්මව දැනුවත් කරලා එයාගෙන් තොරතුරු දැනගන්න ඕනෙ.. මං කිව්වෙ නංගි ඔය ගැන කියන්න ගත්තෙ මොන කාලෙ ඉදලද.. එයා කියපු කරපු දේවල් මොනවද..? එයාගෙ හැසිරීම් මොන වගේද..? වගේ දේවල්.. ඊට අමතරව අපි ඒ දරුවන්ගෙන් එයාට මතක තියන දේවල් එහෙම ප්‍රශ්න කරමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උන් වහන්සේ පිරිසට උපදෙස් දෙන්නට විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ප්‍රශ්න කරන්න පුළුවන් සාදු.. ඒත් මට තියෙන බය ඒ ගැන කතා කරන සමහර වෙලාවට එයා අසනීප වෙනවනේ.. හිටපු ගමන් තදේට උණ ගන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය කීවේ ඔහු ඒ අත්දැකීමට කිහිප වරක්ම මුහුණ දී ඇති නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් ඒක වෙන්න පුළුවන්.. කැනඩාවෙ ඉන්න ඉයන් කරී කියන මහාචාර්යවරයා ඔය ගැන ගැඹුරින් ප්‍රශ්න කරලා තියෙනවා.. ඒ මහාචාර්යවරයාගේ පොතකත් ඔය විදියෙ දරුවෙක් ගැන සදහන් වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ දරුවා තමන්ගෙ ගිය ආත්මෙ ගැන දේවල් හෙළි කරන හැම වෙලේම එයාගෙ අම්මා එයාව නිහඩ කරන්න බැනලා තරවටු කරනවා.. ඒත් ඒකෙන් ඒ ළමයගෙ අතීත මතකය අමතක වෙන්නෙ නෑ.. එයාට ඒ දේවල් මතක් වෙද්දි එයා අසනීප වෙනවා..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මට හිතෙන විදියට ඒ දරුවගෙ යටි සිතට දැනෙන්න ඇති එයා අසනීප වුනොත් මවගේ තරවටුවෙන් පහර දීම් වලින් බේරෙන්න පුළුවන් කියලා.. ඒ මත මනස ක්‍රියාත්මක වෙලා ඔය විදියට උණ ගන්නවා වෙන්නත් බැරි නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මමත් දන්න තරමින් අපේ අම්මා නංගිට ඒ ගැන කතා කරන්න දෙන්නෙ නෑ.. කොහොම හරි ඒ දේවල් යට ගහනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අම්මා කෙනෙක්ගෙ පැත්තෙන් ගත්තොත් ඒ දේවල් සාධාරණයිනෙ චේතිය මල්ලි.. කොයි අම්මද කැමති තමන්ගෙ දරුවා වෙන කෙනෙක්ට අයිතියි කියලා කියනවට..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොඩි හාමුදුරුවන් ගුණවතීගේ පැත්ත සාධාරණිකරණය කරන්න උත්සාහ ගනිද්දී මෙතෙක් වේලා නිහඩව මෙම කතාවට කන් දුන් කලන සිය කටහඩ අවදි කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒත් චේති කිව්වා නේද ඔයාලගෙ අම්මා පුනරුත්පත්ති විශ්වාස කරන්නෙ නෑ මොකක්ද දිෂ්ටියක් ගැන කිව්වා කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ කතාවට පොඩි හාමුදුරුවෝ චේතිය දෙස බැලුවේ ප්‍රශ්නාර්ථය රැදි දෑසිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුනරුත්පත්තිය ගැන අවිශ්වාසයක් නෙමෙයි.. මං හිතන්නෙ එයාට ඒ ගැන වැඩිය තේරුම් නෑ.. එයා කියන්නෙ නංගිට ළමාතැනීගෙ දිෂ්ටිය වැහිලා කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පැරණි ගම්බද මිනිස්සු කොහොමත් ඔයවගේ මිත්‍යා මත වල ඇලිලා ඉන්නවා.. ඒ උනත් පුනරුත්පත්තිය ඒ වගේ බොරුවක් කියලා කාටවත් කියන්න බෑ.. ලෝකෙ ඒ වගේ සිද්ධී දස දහස් ගණනක් වාර්තා වෙලා තියෙනවා.. සමහර විශේෂඥවරු ඒ ගැන ගැඹුරින් පරියේෂණ කරලා පියවරෙන් පියවර ඒවා විස්තර කරලා තියෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]නිහඩව උන් රංග උන්වහන්සේගේ මෙම දැනුම ගැන පුදුම වූවා පමණක් නොව තමා මෙතෙක් උනන්දුවක් නොදැක්වූ එම කේෂ්ත්‍රය ගැන අධ්‍යනය කිරීමට පවා ඔහු සිතා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මමත් කියවලා තියෙනවා පොඩි සාදු.. වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය්ය ඉයන් ස්ටීවන්සන් ඒ වගේ පරීක්ෂණ ගොඩක් කරලා තියෙනවා නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමාගේ දැණුම උරගා බැලීමට සිතූ කලන ඔහු පොත් වලින් කියවූ යමක් සිහිපත් කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරියට හරි කලන.. එතුමා ඔය විදියෙ වාර්ථා එක් දහස් හත්සීයක් විතර උදාහරණ සහිතව පෙන්නලා දීලා තියෙනවා.. එතුමා කියන විදියට සමහර අයට පෙර භවයේ මතකය තියෙන්නෙ බොහොම ටිකයි.. ඒත් සමහරුන්ගෙ මතකය එයාලගෙ කලින් නම් ගම්.. උන්නු නගරය.. ගෙවල් වල පිහිටීම.. පවුල් වල විස්තර.. වගේ පුළුල් පරාසයක් කරා විහිදෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපේ නංගිත් වලව්වෙ අශේන්ගෙ උපන්දිනේ හරියටම මතක තිබුණා.. අනික එයා ළමාතැනීගෙ වගේම ලේස් ගවුම් අදින්න කොණ්ඩෙ රිබන් පටි ගැට ගහන්න හරි ආසයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔන්න ඔය වගේ කරුණු හරි වැදගත් මල්ලි.. ඔයා තව අධ්‍යනය කරන්න.. එයා කරන කියන දේවල්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එතකොට ඇයි සාදු අපිට අපේ පෙර භවය මතක නැත්තෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග ඇසූ ප්‍රශ්නයට චේතියගේ හා කලනගේ මුහුණේ සිනාවක් මතුවිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය පෙර භවයේ මතකය රැදිලා තියෙන්නෙ විඥාණයෙ.. ඒත් හැමෝටම ඒ මතකය නෑ.. තිබුණත් සමහරුන්ට වසර කිහිපයකදී අමතක වෙලා යනවා.. තවත් සමහර අයට පෙර භවයේ ජීවත් වෙලා හිටපු තැන් වලට ගියහම විඥානයේ සැගවිලා තියෙන පෙර භවයෙ මතකය අවදි වෙනවා.. අපිට උනත් ජීවිතේ පළවෙනි පාරට යන සමහර තැන් වල හුරුපුරුදු ගතියක් දැනෙන්නෙ ඒ නිසා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහුගේ පැනය පොඩි හාමුදුරුවන් අවඥාවෙන් බැහැර කලේ නැත.. උන් වහන්සේ තමන්ට හැකි පමණ එය විග්රහ කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපිට එහෙම පෙර භවය මතක නැති උනාට ඕනෙ නම් මෝහනය හරහා ඒ ගැන දැනගන්න පුළුවන්..” [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]කලන සිය මිතුරාට පෙර භවය දැන ගත හැකි මගක් කියා දුනි..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මට කොහෙවත් ගියාමවත් ඔය සාදු කිව්වා වගේ මුකුත් මතක් උනේ නැත්තෙ මං ගිය ආත්මෙ ලංකාවෙ හිටියෙ නැති නිසා වෙන්න ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]වෙනදාටත් පොඩි හාමුදුරුවන් ඉදිරිපිටදී මෙසේ විහිළු කරගන්නා හෙයින් රංග තරමක් බැරෑරුම් ස්වරූපයෙන් කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව් ඔව් උම ගිය ආත්මෙ ඇමරිකාවෙ හරි එංගලන්තෙ හරි තම්බපු සුද්දෙක් වෙලා ඉන්න ඇති..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය පිළිතුරු දුන්නේ සිනාසෙමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒක විහිළුවකට ගන්න එපා චේතිය.. පෙර භවය ගැන සදහන් කරපු දරුවො ගොඩක් දෙනෙක් තමා විදේශයන් වල ජීවන් වුන බව කියලා තියෙනවා.. මොන්ටිසෝරිවත් යන්නෙ නැති සමහර ළමයි ලෝක සිතියමේ තමන් හිටපු රට හරියටම පෙන්නලා දීලා තියෙනවා.. ඒ විතරක් නෙමෙයි.. සමහර පුංචි ළමයි අම්මලා තාත්තලාවත් නොදැන ඉදපු විදේශ භාෂා වලින් කතා කරලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංගගේ මුවින් ඉබේම පිටවුනි.. නමුත් ඒ පිළිබදව කියවා තිබූ කලන ඒ පිළිබදව පුදුමයට පත් වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං මේ ගැන ඔය තරම් දුරට හිතුවෙම නෑ පොඩි සාදු.. ඔය විස්තර මගේ ඔළුවට ඇතුල් කලේ අපේ නතාලි අක්කා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“චේතිය එයා ගැන කිව්වා මට මතකයි.. ඒ ළමයා දැන් විශ්ව විද්යාලයෙලු නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එහෙමයි සාදු.. පේරාදෙණියෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ළගදි ගෙවල් පැත්තෙ ආවොත් නංගිත් එක්කම ඒ ළමයවත් පන්සලට එක්කගෙන එන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]දීර්ඝ සාකච්ඡාවක් නිමා කිරීමට මෙන් කී උන් වහන්සේ යළි ආවාසය දෙසට පිය නැගිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ලොකු හාමුදුරුවො තරහා වෙයිනෙ චේති.. අපි අර කැවිලි ටිකටත් වැඩේ දීලා යමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග හැරුණේ කුස්සිය පැතත්ටය.. ඔවුන් පැමිණි බව ලොකු හාමුදුරුවන්ගෙන් දැන ගත් සියදෝරිස් කැවිලි පෙවිලි මේසය මත සූදානම් කර තැබීය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සියදෝරිස් මාමා කරන මේ පින් කොහොම අරන් යන්නද මංදා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මේසය මත තබා ඇති කැවුම්.. වැලිතලප.. අලුවා ආදී කැවිලිද ලොකු ආනමාළු ඇවරියද දුටු කලන තමන් දෙසට සිනාසෙමින් එන සියදෝරිස් හට ලෙන්ගතු ලෙස කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතාලා ආවෙ ඉතිං කාලෙකින් නොවෑ.. ලොකු හාමුදුරුවො කන්න බොන්න දීලා යවන්න කිව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පන්සලටම සිය දිවිය කැපකර උන් සියදෝරිස් ගැන මිතුරන්ගේ සිතේ කවදත් වූයේ දැඩි සෙනෙහසකි.. ඔවුන් මතක ඇති දා සිට ඔහුට කට පුරා සියදෝරිස් මාමා යැයි කීවේ එනිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සියදෝරිස් මාමේ.. පන්සලට අලුත් හාමුදුරුවරු කවුරු හරි වැඩලද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තමා පොඩි සාදු සමග කතා කරන අතර තුර ආවාස ගේ තුල ඡායාවන් කිහිපයක් දුටු චේතිය ප්‍රශ්න කර සිටියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ලොකු හාමුදුරුවන්ගෙ ගමේ පන්සලෙන් වැඩිය සාමනේර හාමුදුරුවරු දෙනමක් ඉන්නවා. උන්නාන්සේලව බලන්න ඒ ගමේ ඉදලා ආව ඇත්තෙක් තමයි ඔවා ඇන්න ආවෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කෑම කා අවසානයේ සියදෝරිස්ගේ ඉගුරු දැමූ කහට කෝප්පයකද රස බැලූ මිතුරන් තිදෙනා නික්ම යාමට සැරසුනි.. ඔවුන් ආවාස ගේ පසුකර යද්දි පොත් කිහිපයක් අත දරා පොඩි හාමුදුරුවෝ බලා උන්හ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං කියපු විදියෙ පොත් කිහිපයක්ම මෙතන තියෙනවා.. මේ ටික මාරු කරගෙන කියවලා බලන්න.. ඔයාලට ඔය ක්ෂේත්රය ගැන පුළුල් දැනුමක් ලබාගන්න පුළුවන් වෙයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]උන්වහන්සේ දුන් පොත් කිහිපය එහා මෙහා පෙරලා බැලූ කලන තමා මින් සමහර පොත් කියමා ඇති බව සිහිපත් විණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒ එඩ්ගාර් කේසි ගැන ලියවුනු පොත් පත් මං කියවලා තියෙනවා සාදු..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං හිතුවට වඩා කලන මේ ක්ෂේත්රය ගැන දැනුවත් වගේ.. ඔයාට එහෙනං පුළුවන් වෙයි ඒ කියපු දේවල් ඇත්තද කියලා චේතියගෙ නංගිගෙන්ම අධ්‍යනය කරන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එය ඔහුගේ සිතේ මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පැවතුනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]පොත් පත් කිහිපය හා සැදෑ අදුර තරුලු කරගත් මිතුරන් තිදෙනා පන්සල් භූමියේ ගල් තලාව බැසීමට පටන් ගත්හ.. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom