Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
෴♥ ගල් කන්ද වලව්ව ♥෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදින වේලාසනින්ම පාසල් ගිය චේතිය හා කලන පාසල ආරම්භ වනතුරුම සාකච්ඡා කරමින් උන්නේ පොඩි හාමුදුරුවන් දුන් පොත් පත් වල තිබූ කරුණු ගැනය.. ඒ පොත් වලට අමතරව කල ඔහු සතුව තිබූ පොත් කිහිපයක්ද මිතුරන්ට කියවීමට ගෙනත් තිබුණි..

“මාත් ඊයෙ රෑ දෙක විතර වෙනකල් සාදු දීපු පොතක් කියෙව්වා.. ඒවයෙ තියෙන සමහර කතා මාරයි කලන.. ඒවා විශ්වාස කරන්නත් අමාරුයි..”

“ඊයෙ එළිවෙනකල් වමාත් කලේ ඕකම තමයි.. අපේ අම්මගෙ හිතේ විභාගෙ ළග නිසා මං පාඩම් කරනවා කියලා.. එයා මාර සැටිස්..”

චේතියට සිනා නැගුණේ තම මවද එසේ සිතූ හන්දාය..

ඔහු සාලයට වී පොත කියවද්දී ගුණවතීද දෙතුන් වරක්ම ඔය පාඩං කලා මැදැයි පුතේ දැන් ගිහින් නිදා ගන්න යැයි කීවාය..

“අපි දෙන්නා නං අමාරුවෙන් හරි නැගිටලා උදේ ආවා.. අරූ පොතක් බදාගෙන තාම නිදිද මංදා..”

රංග එනතුරු කිහිප විටක්ම පංතියේ දොර දෙස බැලූ කලන කීවේය..

“දැං කොහොමද සම්මානි..? කෙල්ල කතා කරනවද..?”

ඔහු නැවත විමසුවේ සම්මානි සමග පළමු දිනයේ වූ දුරකථන ඇමතුම චේතිය මිතුරන් සමග කියා තිබූ නිසාය..

“රෑට කතා කරන්න බෑනෙ බං.. අම්මත් ළග ඉන්නවනෙ.. ඉදලා හිටලා හවස් වරුවෙ කතා කලොත් තමයි ඉතිං..”

“කෙල්ලව ආපහු පංති එවන එකක් නැද්ද දන්නෙ නෑ.. සේනාධීර හිතනවා ඇති ළගදි බන්දලා දෙන්න ඉන්න කෙල්ල නිසා වැඩිය උගන්නන්න හොද නෑ කියලා..”

මැරයන් සම්මානි පසුපස සැරිසරන බව දන්නවා නම් සම්මානිගේ පියා නිසැකවම ඇයව පන්ති නොඑවනු ඇතැයි චේතියට සිතුනේය..

“කෙල්ල ඕලෙවල් වලදිත් සර්ලා ගෙදරට ගෙන්නලලු ඉගැන්නුවෙ.. ඒ ලෙවල් වලටත් එහෙම කරන්න හදද්දි සම්මානිගෙ උවමනාවට තමයි මේ පංතියට එවලා තියෙන්නෙ.. ඒකත් ඉතිං වෑන් එකේ නැගලා පංතියට. ආයෙ පංතියෙන් ගෙදරට..”

චේතිය සම්මානි පසුගිය දිනවල කියූ කරුණත් යළි සිහිපත් කලේ ඈ පිළිබද උපන් වේදනාවෙනි..

“මහ මිනිස්සු හිතනවා ඇති කන්න බොන්න දීලා යාන වාහන වල යැව්වම හැමදේම හරි කියලා.. ඔය කෙල්ල සමහර විට හිරකාරියක් වගේ ඇති චේති..”

“ඔය ටිකම සම්මානි මගෙත් එක්ක කිව්වා.. තාත්තා බිස්නස්ම විතරයිලු.. අම්මට රැස්වීඹ් සමිති සමාගම් ඉවරයක් නෑල්ලු.. කෙල්ල හැදෙන්නෙ අර සර්වන්ට්ලා එක්ක..”

“ඒකිගෙ අම්මත් සුපර් ලක්සර් ලයිෆ් එකක්නෙ ගෙවන්නෙ.. මං දවසක් තාත්තා එක්ක ටවුමට ගිය වෙලේ ටොයොටා ප්‍රිමියො එකක් ගියා දූවිලි පිඹගෙන.. තාත්තා කිව්වෙ ඒ ගියේ සේනාධීර නෝනා කියලා..”

“මමත් දැකලා තියෙනවා.. මෙරුන් කලර් කා එකක් නේද..?”

කලන එයට හිස සැලුවේ එහි සුපිරි බව දෙනෙතින් පෙන්වමිනි..

“තාත්තා ප්‍රාඩෝ එකේ.. අම්මා කා එකේ.. දුව ඩ්‍රයිවර් එක්ක වෑන් එකේ..”

“අපි නං සුපුරුදු විදියට බස් එකේ..”

චේතියගේ වාක්‍ය අවසන් කලේ කලනය.. එයට චේතියගේ මුවේ සිනාවක් ඇදුණි..

එදින දහවල් පාසල ඇරෙන වේලාවට රංගලාගේ වෑන් රිය පාසල් ගේට්ටුව ඉදිරිපිට නවතා තිබෙනු චේතිය දුටුවේය.. රංග පාසල් පැමිණෙන දිනවල්වලදී ඔහුව රැගෙන යාමට නොඑන වෑන් රිය අද පැමිණියේ මන්දැයි සිතමින් කලනත් චේතියත් එයට ළං විය..

“ආ.. මං මේ මල්ලිලා දෙන්නව හම්බවෙන්නම තමයි ආවෙ.. නංගින්නකො..”

“ඇයි සේන අයියෙ අද රංගයා ආවෙ නැත්තෙ..?”

“ඒක කියන්න තමයි මට මල්ලිලා දෙන්නව එහෙ එක්කගෙන එන්න කිව්වෙ..”

හරස් ප්‍රශ්න නෑසූ දෙමිතුරන් වෑන් රියට නැගුණේ දහසකුත් දේ සිහිපත් කරමිනි.. නමුත් රංගගේ නිවසට එනතුරුම ඔවුනට රියදුරුගෙන් කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකි වූයේ නැත..

“මල්ලිලා ගෙට යන්න.. යාළුවා ඇතුළෙ ඉන්නවා..”

රංගලාගේ මිදුලේ නැවැත්තූ රථයෙන් චේතියලාටත් පෙර බැස ගත්තේ රියදුරුය.. ඔහු ඉක්මනින් අඩි තබා නිවස පසුපසට යනු චේතිය හා කලන බලා උන්නේ පුදුමයෙනි..

“මෙතන මොකක් හරි හොරයක් තියෙනවා බං.. සේන අයියා වෙනදට ඔහොම නෑ.. ෆිට් එකේ කතා කරනවනේ.. අද මූ නිකං ලබු කිරිබත් කාපු නරියා වගේ..”

ඔවුන් දෙදෙනාගේ සිතේ ඇතිව තිබුණේ කුතුහලයකි.. එහෙත් කල හැකි කිසිවක් නොවූ මිතුරන් දෙදෙන රියෙන් බැස නිවසට පිවිසියේ කෙලින්ම රංගගේ කාමරයට යාමේ අටියෙනි..

“පුතාලා.. ඔහොම පොඩ්ඩක් ඉන්නවද..?”

සාලයේ කොණකින් ඇසුණු ඒ ගැඹුරු කටහඩට ඔවුන් ඉද්ද ගැසුවාක් මෙන් නතර විණි..

“ආ.. අන්කල්නෙ මේ..”

සෙටියේ ඉද උන් රංගගේ පියා දුටු කලන කීවේ මදක් චකිතයෙනි.. ඔහුගේ සිතට කුමක්දෝ වෙනසක් දැනෙමින් තිබුණේය..

“ඊයෙ හවස මොකද උනේ..? ඔයාලත් එතන හිටියනේ..?”

“අන්කල් මොනවා ගැනද මේ අහන්නෙ..?”

එය චේතිය සිතාමතා ඇසූවක් නොව ඔහුට ඉබේටම ඇසුණි.. කලනද ගල් ගැසී බලා උන්නේය..

“ඔයාල දෙන්නත් ඊයෙ පන්සලට ගියා නේද..? ඒ සිද්ධිය වෙද්දි ඔයාලා එතන හිටියෙ නැද්ද..?”

ඔහු මේ අසන්නේ කුමක් ගැනදෝ වටහා ගත නොහුණු කලන ප්‍රශ්ණාර්ථ රැදි දෑසින් චේතිය දෙස බැලුවේය..

“අපි පන්සලට ගියා තමයි.. ඒත් ඔය කියන සිද්ධියක් ගැන අපි දන්නෙ නෑ..”

චේතිය සෘජුව පිළිතුරු දුන්නෙය.. රංගගේ පියා නිහඩවම ඉස ඉහල පහල හෙළුවේ ඊට පිළිතුරු ලෙසිනි..

“සමාවෙන්න පුතා.. මං මේ ඔයාලා ගැන සැකේකින් ඇහුවා නෙමයි.. රංග කාමරේ ඇති..ගිහින් බලන්න..”

ඒ ඇසුණු අඩියට දෙකට ඔවුන් රංගගේ කාමරයට දිව ගියහ.. ඇදෙහි දිගා වී උන් රංගව දුටු ඔවුනට තම දෑස් අදහාගත නොහැකි විණි.. ඔහු උන්නේ තුවාල ලබාය..

ඔහුගේ එක් කකුලක දණහිසක් අනිත් කකුලේ වළලුකරත් එක් වැලමිටකුත් හිසත් සුදු බැන්ඩේජ් වලින් ඔතා තිබුණි.. ඇතැම් තුවාල වල ලේ පැල්ලම් බැන්ඩේජ් වලින් උඩට මතු වී ඇත.. මුහුණද තැනින් තැන ඉදිමිලාය..

“රංග.. මොකද මචං උනේ..?”

චේතිය රංගගේ ඇදේ පසෙකින් ඉදගත්තේ මෙය අදහා ගත නොහැකිවය.. මිතුරන් දෙදෙන දෙස බැලූ රංග සන්සුන් වන ලෙස ඔවුනට ඉගි කළේය..

“කියපං.. අරුන් ටිකද උඹට ගේම දුන්නෙ..?”

සිදුව ඇත්තේ කුමක්දැයි අනුමාන කල චේතිය නැවත වරක් ඇසුවේය.. රංග එයට හිස සැලුවේ බොහෝ අමාරුවෙනි..

“උඹ ඉස්කෝලෙ ආවෙ නැතුවට අපි හිතුවෙ නෑ බං මෙහෙම දෙයක්.. කොහෙදිද මේක උනේ..?”

කලන විමසුවේ චේතිය වලව් වත්තට හැරුණු පසු ඔහු රංග සමග හන්දියටම පයින් ආ හන්දාය..

“උඹ ගියාට පස්සෙ මං අපේ ගෙවල් පාරට හැරුණා විතරයි.. කළු ග්ලාස් දාපු වෑන් එකකින් කට්ටියක් ඇවිත් මාව ඇදලා දා ගත්තා.. ඊට පස්සෙ කෙලින්ම ගියේ පහල වෙල පැත්තට..”

කතාව මොහොතකට අතර මග නතර කල රංග හති ඇරියේය..

“එවලෙ කළුවරත් වැටිලනේ.. මාව බිමට ඇදලා ගත්තු සෙට් එක එකසිය ගානට නෙලුවා බං.. පාරෙ මිනිස්සු කට්ටියක් එනවා දැක්කා විතරයි උන් වෑන් එකට නැගලා ඉගිලිලා ගියා..”

මිතුරාට මෙම ඉරණම අත්වූයේ තමා නිසා බව දැන උන් චේතියගේ සිත බොහෝ නොසන්සුන් වී තිබිණි..

“ඊට පස්සෙ උඹ කොහොමද ගෙදර ආවෙ..?”

කලන විමසිය..

“මං ළග ෆෝන් එක තිබුණනෙ.. ඒකෙන් සේනට කෝල් එකක් දීලා කිව්වා වෑන් එක අරන් වෙල ළගට එන්න කියලා..”

“සේන අයියද උඹව බෙහෙත් දාන්න එක්කගෙන ගියේ..?”

“ඔව්.. අපි ගෙදර ආවෙ මගින්ම බෙහෙත් දාගෙන.. ගෙදර ආවා විතරයි අම්මයි තාත්තයි කුලප්පු වෙලා.. මෙතන එක ගෝරියයි.. එයාලගෙ/ හිතේ මේක වෙද්දි උඹලත් හිටියා කියලා.. එහෙම නැත්තං මං වගේම උඹලත් ගුටි කාලා කියලා..”

“ඉතිං..?”

මිතුරාට එක දිගටම කාතා කිරීමට අසීරු බව දැනුනද සිද්ධිය දැන ගැනීමේ කුතුහලය නිසාම කලන ඔහුව උනන්දු කළේය..

“අපේ තාත්තා රෑම වාහනේ අරගෙන උඹලගෙ ගෙවල් වලට එන්නයි ලෑස්තිය.. මං බොහොම අමාරුවෙන් ෂේප් කරලා අද උඹලව ගෙන්නන්නම් කිව්වා..”

“උඹ කවුරු ගැහුවා කියලද ගෙදරට කිව්වෙ..?”

“අශේනයගෙ බත් බැලයො ගැහුවා කියලා මට කියන්න තිබ්බා බං.. ඒත් එහෙම උනා නම් සම්මානිවයි, උඹවයි මේ කතාවට ගෑවෙනවා.. ඒ නිසා මං කිව්වෙ කවුරු ගැහුවද.. මොකට ගැහුවද දන්නෙ නෑ කියලා..”

තීක්ෂණ ඥාණයක් ඇති රංගගේ පියා එය විශ්වාස නොකිරීම පුදුමයක් නොවේ යැයි චේතියට සිතුණි..

“ඉතිං යකෝ උඹට තිබුණෙ නැද්ද අපි දෙන්නගෙන් කාට හරි කෝල් කරලා කියන්න..”

ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා සේ කලන ඔහුට බැන වැදුනේය.. නමුත් ඒ තරහකින් නම් නොවේ..

“කොහේ කෝල් කරන්නද බං.. ගෙදරට ආවා විතරයි තාත්තා ෆෝන් එක රාජ සන්තක කරා.. අනික ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එකක් දීලා මම ගෙදර ආවා විතරයි නින්ද ගියා.. ආපහු අහැරුනේ මහ රෑ.. එවලේ ඉදලා තාම නිදි නෑ බං.. මුළු ඇගම රිදෙනවා..”

රංග අසීරුවෙන් පවසද්දී චේතියගේ මුළු ඇගම වෙව්ළුම් කෑවේය.. අශේන්ගේ මිතුරන් ගැන ඔහුගේ සිතේ ඇති වූයේ අසීමිත තරහකි..

“ඒක නෙමෙයි චේති සීන් එක කියන්නෙ.. උන් මට ගහලා වෑන් එකට නගිද්දි කියපු දේ උඹ දන්නවද..?”

රංග කීවේ කටහඩ තරමක් බාල කරය..

“උන් කිව්වා උඹ සතියක් විතර ඇදට වෙලා හිටපං උඹගෙ අනිත් දෙන්නව මං හෙට ඉස්කෝලෙදි අල්ලගන්නම් කියලා..”

“උන්ට ගැහුවෙ උඹලා දෙන්නා නෙමෙයි මමනේ.. උන් මොකටද ඒකෙ රිටන් එක උඹලගෙන් ගන්නෙ.. මාත් ඒක්ක ෆේස් ටු ෆේස් හැප්පෙන්න එන්න එපැයි..”

චේතිය ඉහ වහා ගිය තරහකින් කියා දැම්මේය..

“ඒවා මං දන්නෙ නෑ.. කොහොමටත් උන්ගෙ ටාගට් එක උඹ විතරක් නෙමෙයි.. අපි දෙන්නටත් එක්කනෙ එදත් ගේම සෙට් කරලා තිබුණෙ..”

අශේන්ගේ උපන්දිනය දා සිදුවීම කලන නැවතත් සිහිපත් කළාය..

“ඊයෙ මට වෙච්ච දේ අද උඹලට වෙන්න තිබ්බා.. ඒයි මං මුකුත්ම නොකියා සේනව එව්වෙ ඉස්කෝලෙ ළගට.. උඹලා ඌ එක්කම ගෙදර පලයල්ලා.. තනියම යන්න එපා..”

චේතියගේ පළිය තමාගෙන් ගෙන තිබුණද අහිතක් නොසිතූ රංග තව දුරටත් මිතුරන්ව ප්‍රවේශම් කිරීමේ වගකීම කරට ගෙන උන්නේය..

“හරි.. උන් තුන්දෙනාව ආපහු මීට් වෙයිනෙ.. බලමුකො.. උන් මගේ යාළුවොන්ගෙනුත් පළි ගන්නවනං මං අශේන්ගෙනුත් පලි ගන්නවා..”

චේතිය සපථ කර කීවේය..

“මට තියෙන ලොකුම අවුල අපේ තාත්තව ෂේප් කරගන්න එක බං.. එයා හෙන අප්සට් එකේ ඉන්නෙ..”

තම එකම දරුවාට මෙවන් කරදරයක් වූ කල කලබල නොවන පියෙක් නැත.. රංගගේ පියාටද ඒ කැළඹීම නොඅඩුව දැනෙනු ඇතැයි කලනට සිතුණි..

“මූ මෙහෙම ඉ්දි අපට මේක ලේසියෙන් අතාරිනන්න බෑ තමයි චේති.. ඒත් මං උඹට කියන්නෙ උඹ මේකට ඩිරෙක්ට් මැදිහත් වෙන්න එපා.. මේ ප්‍රශ්නෙ එක කොනක සම්මානි ඉන්නවා.. කෙල්ල ගැන ලීක් වුණොත් අවුල් ගොඩයි.. අන්තිමට ඒකිටත් ගෙදර ඉන්න නැති වෙනවා.. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් පැත්තෙ.. මේක අනිත් කොණේ ඉන්නෙ අශේන්..”

“ඉතිං..”

කලන කුමක් කියන්නට අර අදින්නේදැයි නොදැනුන චේතිය විමසුවේය..

“අමතක කරන්න එපා උඹලගෙ අම්මා වැඩ කරන්නෙ ගල් කන්ද වලව්වෙ කියලා.. මේක දුර දිග ගියොත් උඹලගෙ අම්මට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නෙ වෙන්නෙ.. උඹලට උන් හිටි තැනුත් අහිමි වෙනවා..”

කලනගේ කතාව අනුමත කරන්නට මෙන් රංගද හිස සැලුවේය..

“මමත් ඕක රෑ එළිවෙනකල්ම හිතුවා බං.. සම්මානියි උඹලගෙ ගෙදරයි ගැන හිතලා තමයි මමත් මේක අතාරින්න තීරණය කළේ..”

රංග කී දෑ අදහා ගත නොහැකිව මෙන් චේතිය ඔහු දෙස බැලුවේ පුදුමයෙනි..

“අතාරින්න.. මෙච්චර දෙයක් වෙලත්.. උඹලා අතෑරියට මං නමං මේක ලේසියෙන් අතාරින්නෑ..”

ඔහු තරහින් කීවේය..

“අතාරින්න ඕනෙ කියලා මමත් කියන්නෑ.. ඒත් බං අපි ගේම දෙන්න ඕනෙ මොලෙන්.. මොකද අපි හිරවෙන තැන් වැඩියි.. අශේන්ලට තියෙන පිරිස් බලය කොහොමද කියලා මං අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනෙ.. දැක්කනේ එදා ඇවිත් හිටිය තදයො ටික..”

අනුන්ගේ දේකට ගුටි කෑ තම සගයා නිසා මෙය අතහැර දැමීමට නොහැක.. එසේම ආවේගයෙන් කටයුතු කරන චේතියව තවත් ප්රශ්නවල පැටලීමටයද නොහැක.. එහෙයින් කලන රංගගේ හා චේතියගේ අන්ත දෙක සමබර කරමින් උන්නේය..

“මං තාත්තට කියලා ෂේප් එකේ ෆෝන් එක ඉල්ල ගන්නං.. උඹලා දැන් ගෙදර පලයල්ලා.. අපි රෑ වෙලා කතා කරමු..”

රංග හැකි ඉක්මනින් ඔවුන්ව පිටත් කිරීමට උත්සාහ කරලේ කළුවර වැටෙන තුරු සිටියොත් ඔවුන්ගේ ජීවිතද අනතුරේ බව වැටහුණු නිසාය..

“උඹ ඕන වෙලාවක කතා කරපං.. අපි හෙටත් ඉස්කෝලෙ ඇරිලා මෙහෙ එන්නම්..”

කලන කීවේ රංගගේ පිටට තට්ටුවක් දමමිනි..

“උඹලා දෙන්නා තනියම මෙහෙ එන්න එපා..”

“නෑ.. නෑ.. අපි රත්නෙ අයියා එක්ක එන්නම්කො..”

රංගගේ සිත ඇස්වැසීම පිණිස චේතිය ත්‍රී රෝද රථ සගයාව සිහිපත් කළේය..

“ගෙදර ගිහින් කෝල් කරපං මචං..”

ඔවුන් දොරෙන් නොපෙනී යන මොහොතේත් රංග කියා සිටියේය.. එයට හිස් සැලූ මිතුරන් දෙදෙන කතාබහකින් තොරව නිවසින් පිටතට පැමිණියහ..

“මල්ලිලා නගින්න.. මං ගිහින් දාන්නම්..”

ඔවුන් දුටු සැනින් රියදුරු රථය පණ ගන්වා ගත්තේය..

“සේන අයියත් මාර මනුස්සයෙක් තමයි.. එක්කං එන්න කලින් අපිට සීන් එක කියන්න තිබුණනේ..”

රථය පාරට පිවිසි සැනින් කලන ඔහුට බැන වැදුනේ තරහිනි..

“කොහෙ කියන්නද මල්ලි.. ලොකු මහත්තයා මට තර්ජනේ කලා මොනවත් කියන්නෙ නැතුව එක්කගෙන එන්න කියලා.. එහෙම කියලා තිබුණොත් මාව රස්සාවෙනුත් අස් කරනවා කිව්වා..”

ගැමි තරුණයකු වූ සේන එය කී ආකාරයටම චේතියට සිනා නැගුණි.. නමුදු රංග කියා ඇති ආකාරයට සේන යනු එතරම් නෝන්ජලයෙකු නොවේ..

“ඒ කියන්නෙ සේන අයියා ජොබ් එක බේරගන්න ඕනවට අපිට කොලේ වැහුවා..”

“එහෙම කියන්න එපා මල්ලි.. මං මේ ප්‍රශ්නෙදි ඉන්නෙ ලොකු මහත්තයගෙ පැත්තෙ නෙමෙයි.. රංග මල්ලිගෙ පැත්තෙ.. එයා තමයි කිව්වෙ මල්ලිලා කලින් සිද්ධිය දැන ගත්තොත් ලොකු මහත්තයට මොනවා කියයිද දන්නෙ නැති නිසා මුකුත්ම නොකියා එක්ක එන්න කියලා.. ඒකයි මං එහෙම කලේ..”

ඔහු මිතරන් දෙදෙනාට කීවේ විශ්වාසවන්ත අයුරිනි..

“මල්ලිලා දන්නෙ නෑ ඊයෙ වෙල ළග රංග මල්ලි වැටිලා හිටපු හැටි.. නැගිට ගන්න බැරුව.. ලේ පෙරාගෙන.. මට දැක්කම හෝස් ගාලා ගියා.. හොද වෙලාවට ෆෝන් එකට මුකුත් වෙලා තිබුණෙ නෑ.. නැත්තං එතන ලේ ගිහිල්ලම මැරෙනවා..”

මෙම විස්තරය චේතියට අසා සිටීමට නොහැකි තරම් විය.. ඒ බව වැටහුණු කලන ඔහුව සන්සුන් කිරීමට උත්සාහ දැරුවේය..

“ඒ මදිවට බෙහෙත් දාපු ඩොක්ටර් කිව්වා මෙයාව ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා.. කොහෙද, මෙයා බෑම කියලා කිව්වනේ..”

එම සිදුවීම සවිස්තරව පවසන අතරතුර සේන ඔවුන් දෙදෙනාව ප්‍රවේශමෙන් නිවෙස් වලටම ඇරලූහ..

[QUOTE="crazybuddy, post: 12712433, member: 326070"] [SIZE=4][IMG]http://4.bp.blogspot.com/-GLnht3xAZYQ/T137KjyqS3I/AAAAAAAABf4/IJS47SAvyhk/s1600/10.png[/IMG] [B][COLOR=#783f04]එදින වේලාසනින්ම පාසල් ගිය චේතිය හා කලන පාසල ආරම්භ වනතුරුම සාකච්ඡා කරමින් උන්නේ පොඩි හාමුදුරුවන් දුන් පොත් පත් වල තිබූ කරුණු ගැනය.. ඒ පොත් වලට අමතරව කල ඔහු සතුව තිබූ පොත් කිහිපයක්ද මිතුරන්ට කියවීමට ගෙනත් තිබුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මාත් ඊයෙ රෑ දෙක විතර වෙනකල් සාදු දීපු පොතක් කියෙව්වා.. ඒවයෙ තියෙන සමහර කතා මාරයි කලන.. ඒවා විශ්වාස කරන්නත් අමාරුයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඊයෙ එළිවෙනකල් වමාත් කලේ ඕකම තමයි.. අපේ අම්මගෙ හිතේ විභාගෙ ළග නිසා මං පාඩම් කරනවා කියලා.. එයා මාර සැටිස්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියට සිනා නැගුණේ තම මවද එසේ සිතූ හන්දාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු සාලයට වී පොත කියවද්දී ගුණවතීද දෙතුන් වරක්ම ඔය පාඩං කලා මැදැයි පුතේ දැන් ගිහින් නිදා ගන්න යැයි කීවාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි දෙන්නා නං අමාරුවෙන් හරි නැගිටලා උදේ ආවා.. අරූ පොතක් බදාගෙන තාම නිදිද මංදා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග එනතුරු කිහිප විටක්ම පංතියේ දොර දෙස බැලූ කලන කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“දැං කොහොමද සම්මානි..? කෙල්ල කතා කරනවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු නැවත විමසුවේ සම්මානි සමග පළමු දිනයේ වූ දුරකථන ඇමතුම චේතිය මිතුරන් සමග කියා තිබූ නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“රෑට කතා කරන්න බෑනෙ බං.. අම්මත් ළග ඉන්නවනෙ.. ඉදලා හිටලා හවස් වරුවෙ කතා කලොත් තමයි ඉතිං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෙල්ලව ආපහු පංති එවන එකක් නැද්ද දන්නෙ නෑ.. සේනාධීර හිතනවා ඇති ළගදි බන්දලා දෙන්න ඉන්න කෙල්ල නිසා වැඩිය උගන්නන්න හොද නෑ කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මැරයන් සම්මානි පසුපස සැරිසරන බව දන්නවා නම් සම්මානිගේ පියා නිසැකවම ඇයව පන්ති නොඑවනු ඇතැයි චේතියට සිතුනේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කෙල්ල ඕලෙවල් වලදිත් සර්ලා ගෙදරට ගෙන්නලලු ඉගැන්නුවෙ.. ඒ ලෙවල් වලටත් එහෙම කරන්න හදද්දි සම්මානිගෙ උවමනාවට තමයි මේ පංතියට එවලා තියෙන්නෙ.. ඒකත් ඉතිං වෑන් එකේ නැගලා පංතියට. ආයෙ පංතියෙන් ගෙදරට..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය සම්මානි පසුගිය දිනවල කියූ කරුණත් යළි සිහිපත් කලේ ඈ පිළිබද උපන් වේදනාවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මහ මිනිස්සු හිතනවා ඇති කන්න බොන්න දීලා යාන වාහන වල යැව්වම හැමදේම හරි කියලා.. ඔය කෙල්ල සමහර විට හිරකාරියක් වගේ ඇති චේති..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔය ටිකම සම්මානි මගෙත් එක්ක කිව්වා.. තාත්තා බිස්නස්ම විතරයිලු.. අම්මට රැස්වීඹ් සමිති සමාගම් ඉවරයක් නෑල්ලු.. කෙල්ල හැදෙන්නෙ අර සර්වන්ට්ලා එක්ක..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒකිගෙ අම්මත් සුපර් ලක්සර් ලයිෆ් එකක්නෙ ගෙවන්නෙ.. මං දවසක් තාත්තා එක්ක ටවුමට ගිය වෙලේ ටොයොටා ප්‍රිමියො එකක් ගියා දූවිලි පිඹගෙන.. තාත්තා කිව්වෙ ඒ ගියේ සේනාධීර නෝනා කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මමත් දැකලා තියෙනවා.. මෙරුන් කලර් කා එකක් නේද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන එයට හිස සැලුවේ එහි සුපිරි බව දෙනෙතින් පෙන්වමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“තාත්තා ප්‍රාඩෝ එකේ.. අම්මා කා එකේ.. දුව ඩ්‍රයිවර් එක්ක වෑන් එකේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි නං සුපුරුදු විදියට බස් එකේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියගේ වාක්‍ය අවසන් කලේ කලනය.. එයට චේතියගේ මුවේ සිනාවක් ඇදුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] ***************************[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එදින දහවල් පාසල ඇරෙන වේලාවට රංගලාගේ වෑන් රිය පාසල් ගේට්ටුව ඉදිරිපිට නවතා තිබෙනු චේතිය දුටුවේය.. රංග පාසල් පැමිණෙන දිනවල්වලදී ඔහුව රැගෙන යාමට නොඑන වෑන් රිය අද පැමිණියේ මන්දැයි සිතමින් කලනත් චේතියත් එයට ළං විය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. මං මේ මල්ලිලා දෙන්නව හම්බවෙන්නම තමයි ආවෙ.. නංගින්නකො..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඇයි සේන අයියෙ අද රංගයා ආවෙ නැත්තෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒක කියන්න තමයි මට මල්ලිලා දෙන්නව එහෙ එක්කගෙන එන්න කිව්වෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]හරස් ප්‍රශ්න නෑසූ දෙමිතුරන් වෑන් රියට නැගුණේ දහසකුත් දේ සිහිපත් කරමිනි.. නමුත් රංගගේ නිවසට එනතුරුම ඔවුනට රියදුරුගෙන් කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකි වූයේ නැත..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මල්ලිලා ගෙට යන්න.. යාළුවා ඇතුළෙ ඉන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංගලාගේ මිදුලේ නැවැත්තූ රථයෙන් චේතියලාටත් පෙර බැස ගත්තේ රියදුරුය.. ඔහු ඉක්මනින් අඩි තබා නිවස පසුපසට යනු චේතිය හා කලන බලා උන්නේ පුදුමයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මෙතන මොකක් හරි හොරයක් තියෙනවා බං.. සේන අයියා වෙනදට ඔහොම නෑ.. ෆිට් එකේ කතා කරනවනේ.. අද මූ නිකං ලබු කිරිබත් කාපු නරියා වගේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔවුන් දෙදෙනාගේ සිතේ ඇතිව තිබුණේ කුතුහලයකි.. එහෙත් කල හැකි කිසිවක් නොවූ මිතුරන් දෙදෙන රියෙන් බැස නිවසට පිවිසියේ කෙලින්ම රංගගේ කාමරයට යාමේ අටියෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“පුතාලා.. ඔහොම පොඩ්ඩක් ඉන්නවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සාලයේ කොණකින් ඇසුණු ඒ ගැඹුරු කටහඩට ඔවුන් ඉද්ද ගැසුවාක් මෙන් නතර විණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ආ.. අන්කල්නෙ මේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සෙටියේ ඉද උන් රංගගේ පියා දුටු කලන කීවේ මදක් චකිතයෙනි.. ඔහුගේ සිතට කුමක්දෝ වෙනසක් දැනෙමින් තිබුණේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඊයෙ හවස මොකද උනේ..? ඔයාලත් එතන හිටියනේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අන්කල් මොනවා ගැනද මේ අහන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එය චේතිය සිතාමතා ඇසූවක් නොව ඔහුට ඉබේටම ඇසුණි.. කලනද ගල් ගැසී බලා උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔයාල දෙන්නත් ඊයෙ පන්සලට ගියා නේද..? ඒ සිද්ධිය වෙද්දි ඔයාලා එතන හිටියෙ නැද්ද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු මේ අසන්නේ කුමක් ගැනදෝ වටහා ගත නොහුණු කලන ප්‍රශ්ණාර්ථ රැදි දෑසින් චේතිය දෙස බැලුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපි පන්සලට ගියා තමයි.. ඒත් ඔය කියන සිද්ධියක් ගැන අපි දන්නෙ නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය සෘජුව පිළිතුරු දුන්නෙය.. රංගගේ පියා නිහඩවම ඉස ඉහල පහල හෙළුවේ ඊට පිළිතුරු ලෙසිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සමාවෙන්න පුතා.. මං මේ ඔයාලා ගැන සැකේකින් ඇහුවා නෙමයි.. රංග කාමරේ ඇති..ගිහින් බලන්න..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඒ ඇසුණු අඩියට දෙකට ඔවුන් රංගගේ කාමරයට දිව ගියහ.. ඇදෙහි දිගා වී උන් රංගව දුටු ඔවුනට තම දෑස් අදහාගත නොහැකි විණි.. ඔහු උන්නේ තුවාල ලබාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහුගේ එක් කකුලක දණහිසක් අනිත් කකුලේ වළලුකරත් එක් වැලමිටකුත් හිසත් සුදු බැන්ඩේජ් වලින් ඔතා තිබුණි.. ඇතැම් තුවාල වල ලේ පැල්ලම් බැන්ඩේජ් වලින් උඩට මතු වී ඇත.. මුහුණද තැනින් තැන ඉදිමිලාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“රංග.. මොකද මචං උනේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය රංගගේ ඇදේ පසෙකින් ඉදගත්තේ මෙය අදහා ගත නොහැකිවය.. මිතුරන් දෙදෙන දෙස බැලූ රංග සන්සුන් වන ලෙස ඔවුනට ඉගි කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කියපං.. අරුන් ටිකද උඹට ගේම දුන්නෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]සිදුව ඇත්තේ කුමක්දැයි අනුමාන කල චේතිය නැවත වරක් ඇසුවේය.. රංග එයට හිස සැලුවේ බොහෝ අමාරුවෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ ඉස්කෝලෙ ආවෙ නැතුවට අපි හිතුවෙ නෑ බං මෙහෙම දෙයක්.. කොහෙදිද මේක උනේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන විමසුවේ චේතිය වලව් වත්තට හැරුණු පසු ඔහු රංග සමග හන්දියටම පයින් ආ හන්දාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ ගියාට පස්සෙ මං අපේ ගෙවල් පාරට හැරුණා විතරයි.. කළු ග්ලාස් දාපු වෑන් එකකින් කට්ටියක් ඇවිත් මාව ඇදලා දා ගත්තා.. ඊට පස්සෙ කෙලින්ම ගියේ පහල වෙල පැත්තට..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කතාව මොහොතකට අතර මග නතර කල රංග හති ඇරියේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“එවලෙ කළුවරත් වැටිලනේ.. මාව බිමට ඇදලා ගත්තු සෙට් එක එකසිය ගානට නෙලුවා බං.. පාරෙ මිනිස්සු කට්ටියක් එනවා දැක්කා විතරයි උන් වෑන් එකට නැගලා ඉගිලිලා ගියා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරාට මෙම ඉරණම අත්වූයේ තමා නිසා බව දැන උන් චේතියගේ සිත බොහෝ නොසන්සුන් වී තිබිණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඊට පස්සෙ උඹ කොහොමද ගෙදර ආවෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන විමසිය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මං ළග ෆෝන් එක තිබුණනෙ.. ඒකෙන් සේනට කෝල් එකක් දීලා කිව්වා වෑන් එක අරන් වෙල ළගට එන්න කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සේන අයියද උඹව බෙහෙත් දාන්න එක්කගෙන ගියේ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඔව්.. අපි ගෙදර ආවෙ මගින්ම බෙහෙත් දාගෙන.. ගෙදර ආවා විතරයි අම්මයි තාත්තයි කුලප්පු වෙලා.. මෙතන එක ගෝරියයි.. එයාලගෙ/ හිතේ මේක වෙද්දි උඹලත් හිටියා කියලා.. එහෙම නැත්තං මං වගේම උඹලත් ගුටි කාලා කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මිතුරාට එක දිගටම කාතා කිරීමට අසීරු බව දැනුනද සිද්ධිය දැන ගැනීමේ කුතුහලය නිසාම කලන ඔහුව උනන්දු කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අපේ තාත්තා රෑම වාහනේ අරගෙන උඹලගෙ ගෙවල් වලට එන්නයි ලෑස්තිය.. මං බොහොම අමාරුවෙන් ෂේප් කරලා අද උඹලව ගෙන්නන්නම් කිව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹ කවුරු ගැහුවා කියලද ගෙදරට කිව්වෙ..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අශේනයගෙ බත් බැලයො ගැහුවා කියලා මට කියන්න තිබ්බා බං.. ඒත් එහෙම උනා නම් සම්මානිවයි, උඹවයි මේ කතාවට ගෑවෙනවා.. ඒ නිසා මං කිව්වෙ කවුරු ගැහුවද.. මොකට ගැහුවද දන්නෙ නෑ කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තීක්ෂණ ඥාණයක් ඇති රංගගේ පියා එය විශ්වාස නොකිරීම පුදුමයක් නොවේ යැයි චේතියට සිතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං යකෝ උඹට තිබුණෙ නැද්ද අපි දෙන්නගෙන් කාට හරි කෝල් කරලා කියන්න..” [/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා සේ කලන ඔහුට බැන වැදුනේය.. නමුත් ඒ තරහකින් නම් නොවේ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොහේ කෝල් කරන්නද බං.. ගෙදරට ආවා විතරයි තාත්තා ෆෝන් එක රාජ සන්තක කරා.. අනික ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එකක් දීලා මම ගෙදර ආවා විතරයි නින්ද ගියා.. ආපහු අහැරුනේ මහ රෑ.. එවලේ ඉදලා තාම නිදි නෑ බං.. මුළු ඇගම රිදෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග අසීරුවෙන් පවසද්දී චේතියගේ මුළු ඇගම වෙව්ළුම් කෑවේය.. අශේන්ගේ මිතුරන් ගැන ඔහුගේ සිතේ ඇති වූයේ අසීමිත තරහකි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒක නෙමෙයි චේති සීන් එක කියන්නෙ.. උන් මට ගහලා වෑන් එකට නගිද්දි කියපු දේ උඹ දන්නවද..?”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග කීවේ කටහඩ තරමක් බාල කරය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උන් කිව්වා උඹ සතියක් විතර ඇදට වෙලා හිටපං උඹගෙ අනිත් දෙන්නව මං හෙට ඉස්කෝලෙදි අල්ලගන්නම් කියලා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උන්ට ගැහුවෙ උඹලා දෙන්නා නෙමෙයි මමනේ.. උන් මොකටද ඒකෙ රිටන් එක උඹලගෙන් ගන්නෙ.. මාත් ඒක්ක ෆේස් ටු ෆේස් හැප්පෙන්න එන්න එපැයි..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය ඉහ වහා ගිය තරහකින් කියා දැම්මේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඒවා මං දන්නෙ නෑ.. කොහොමටත් උන්ගෙ ටාගට් එක උඹ විතරක් නෙමෙයි.. අපි දෙන්නටත් එක්කනෙ එදත් ගේම සෙට් කරලා තිබුණෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අශේන්ගේ උපන්දිනය දා සිදුවීම කලන නැවතත් සිහිපත් කළාය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඊයෙ මට වෙච්ච දේ අද උඹලට වෙන්න තිබ්බා.. ඒයි මං මුකුත්ම නොකියා සේනව එව්වෙ ඉස්කෝලෙ ළගට.. උඹලා ඌ එක්කම ගෙදර පලයල්ලා.. තනියම යන්න එපා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතියගේ පළිය තමාගෙන් ගෙන තිබුණද අහිතක් නොසිතූ රංග තව දුරටත් මිතුරන්ව ප්‍රවේශම් කිරීමේ වගකීම කරට ගෙන උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“හරි.. උන් තුන්දෙනාව ආපහු මීට් වෙයිනෙ.. බලමුකො.. උන් මගේ යාළුවොන්ගෙනුත් පළි ගන්නවනං මං අශේන්ගෙනුත් පලි ගන්නවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]චේතිය සපථ කර කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මට තියෙන ලොකුම අවුල අපේ තාත්තව ෂේප් කරගන්න එක බං.. එයා හෙන අප්සට් එකේ ඉන්නෙ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]තම එකම දරුවාට මෙවන් කරදරයක් වූ කල කලබල නොවන පියෙක් නැත.. රංගගේ පියාටද ඒ කැළඹීම නොඅඩුව දැනෙනු ඇතැයි කලනට සිතුණි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මූ මෙහෙම ඉ්දි අපට මේක ලේසියෙන් අතාරිනන්න බෑ තමයි චේති.. ඒත් මං උඹට කියන්නෙ උඹ මේකට ඩිරෙක්ට් මැදිහත් වෙන්න එපා.. මේ ප්‍රශ්නෙ එක කොනක සම්මානි ඉන්නවා.. කෙල්ල ගැන ලීක් වුණොත් අවුල් ගොඩයි.. අන්තිමට ඒකිටත් ගෙදර ඉන්න නැති වෙනවා.. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් පැත්තෙ.. මේක අනිත් කොණේ ඉන්නෙ අශේන්..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“ඉතිං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලන කුමක් කියන්නට අර අදින්නේදැයි නොදැනුන චේතිය විමසුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අමතක කරන්න එපා උඹලගෙ අම්මා වැඩ කරන්නෙ ගල් කන්ද වලව්වෙ කියලා.. මේක දුර දිග ගියොත් උඹලගෙ අම්මට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නෙ වෙන්නෙ.. උඹලට උන් හිටි තැනුත් අහිමි වෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]කලනගේ කතාව අනුමත කරන්නට මෙන් රංගද හිස සැලුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මමත් ඕක රෑ එළිවෙනකල්ම හිතුවා බං.. සම්මානියි උඹලගෙ ගෙදරයි ගැන හිතලා තමයි මමත් මේක අතාරින්න තීරණය කළේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]රංග කී දෑ අදහා ගත නොහැකිව මෙන් චේතිය ඔහු දෙස බැලුවේ පුදුමයෙනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අතාරින්න.. මෙච්චර දෙයක් වෙලත්.. උඹලා අතෑරියට මං නමං මේක ලේසියෙන් අතාරින්නෑ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔහු තරහින් කීවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“අතාරින්න ඕනෙ කියලා මමත් කියන්නෑ.. ඒත් බං අපි ගේම දෙන්න ඕනෙ මොලෙන්.. මොකද අපි හිරවෙන තැන් වැඩියි.. අශේන්ලට තියෙන පිරිස් බලය කොහොමද කියලා මං අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනෙ.. දැක්කනේ එදා ඇවිත් හිටිය තදයො ටික..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]අනුන්ගේ දේකට ගුටි කෑ තම සගයා නිසා මෙය අතහැර දැමීමට නොහැක.. එසේම ආවේගයෙන් කටයුතු කරන චේතියව තවත් ප්රශ්නවල පැටලීමටයද නොහැක.. එහෙයින් කලන රංගගේ හා චේතියගේ අන්ත දෙක සමබර කරමින් උන්නේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“මං තාත්තට කියලා ෂේප් එකේ ෆෝන් එක ඉල්ල ගන්නං.. උඹලා දැන් ගෙදර පලයල්ලා.. අපි රෑ වෙලා කතා කරමු..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]රංග හැකි ඉක්මනින් ඔවුන්ව පිටත් කිරීමට උත්සාහ කරලේ කළුවර වැටෙන තුරු සිටියොත් ඔවුන්ගේ ජීවිතද අනතුරේ බව වැටහුණු නිසාය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“උඹ ඕන වෙලාවක කතා කරපං.. අපි හෙටත් ඉස්කෝලෙ ඇරිලා මෙහෙ එන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]කලන කීවේ රංගගේ පිටට තට්ටුවක් දමමිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“උඹලා දෙන්නා තනියම මෙහෙ එන්න එපා..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“නෑ.. නෑ.. අපි රත්නෙ අයියා එක්ක එන්නම්කො..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]රංගගේ සිත ඇස්වැසීම පිණිස චේතිය ත්‍රී රෝද රථ සගයාව සිහිපත් කළේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ගෙදර ගිහින් කෝල් කරපං මචං..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ඔවුන් දොරෙන් නොපෙනී යන මොහොතේත් රංග කියා සිටියේය.. එයට හිස් සැලූ මිතුරන් දෙදෙන කතාබහකින් තොරව නිවසින් පිටතට පැමිණියහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මල්ලිලා නගින්න.. මං ගිහින් දාන්නම්..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඔවුන් දුටු සැනින් රියදුරු රථය පණ ගන්වා ගත්තේය..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“සේන අයියත් මාර මනුස්සයෙක් තමයි.. එක්කං එන්න කලින් අපිට සීන් එක කියන්න තිබුණනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]රථය පාරට පිවිසි සැනින් කලන ඔහුට බැන වැදුනේ තරහිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“කොහෙ කියන්නද මල්ලි.. ලොකු මහත්තයා මට තර්ජනේ කලා මොනවත් කියන්නෙ නැතුව එක්කගෙන එන්න කියලා.. එහෙම කියලා තිබුණොත් මාව රස්සාවෙනුත් අස් කරනවා කිව්වා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]ගැමි තරුණයකු වූ සේන එය කී ආකාරයටම චේතියට සිනා නැගුණි.. නමුදු රංග කියා ඇති ආකාරයට සේන යනු එතරම් නෝන්ජලයෙකු නොවේ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ඒ කියන්නෙ සේන අයියා ජොබ් එක බේරගන්න ඕනවට අපිට කොලේ වැහුවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“එහෙම කියන්න එපා මල්ලි.. මං මේ ප්‍රශ්නෙදි ඉන්නෙ ලොකු මහත්තයගෙ පැත්තෙ නෙමෙයි.. රංග මල්ලිගෙ පැත්තෙ.. එයා තමයි කිව්වෙ මල්ලිලා කලින් සිද්ධිය දැන ගත්තොත් ලොකු මහත්තයට මොනවා කියයිද දන්නෙ නැති නිසා මුකුත්ම නොකියා එක්ක එන්න කියලා.. ඒකයි මං එහෙම කලේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]ඔහු මිතරන් දෙදෙනාට කීවේ විශ්වාසවන්ත අයුරිනි..[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]“මල්ලිලා දන්නෙ නෑ ඊයෙ වෙල ළග රංග මල්ලි වැටිලා හිටපු හැටි.. නැගිට ගන්න බැරුව.. ලේ පෙරාගෙන.. මට දැක්කම හෝස් ගාලා ගියා.. හොද වෙලාවට ෆෝන් එකට මුකුත් වෙලා තිබුණෙ නෑ.. නැත්තං එතන ලේ ගිහිල්ලම මැරෙනවා..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]මෙම විස්තරය චේතියට අසා සිටීමට නොහැකි තරම් විය.. ඒ බව වැටහුණු කලන ඔහුව සන්සුන් කිරීමට උත්සාහ දැරුවේය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=#783f04] [/COLOR][/B] [B][COLOR=#783f04]“ඒ මදිවට බෙහෙත් දාපු ඩොක්ටර් කිව්වා මෙයාව ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා.. කොහෙද, මෙයා බෑම කියලා කිව්වනේ..”[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B][COLOR=#783f04]එම සිදුවීම සවිස්තරව පවසන අතරතුර සේන ඔවුන් දෙදෙනාව ප්‍රවේශමෙන් නිවෙස් වලටම ඇරලූහ..[/COLOR][/B][/SIZE] [SIZE=4] [B][COLOR=#783f04] [/COLOR][/B] [/SIZE] [CENTER] [SIZE=4][IMG]http://3.bp.blogspot.com/-uC5uAJNkGCQ/T15HIA-h0GI/AAAAAAAABhE/cc30sG3nEU8/s1600/Mathusambandai.gif[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom